Wednesday, September 25, 2019

ශිෂ්‍ය ව්‍යාපාරය අනතුරක වහාම අවධානය යොමු කරන්න.


මේ මොහොතේ නවකවදය පිළිබදව පුවත් මවමින් තිබෙන මොහොතක්ය. පසුගිය දශක දෙක තුල නවකවදය විවිධාකාරයෙන් පුවත් මවමින් පැමිණ ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල ලෙස හානි සිදු කලේය.වැටමාර පොල්ලේ රංගනය අවසන් විමට ප්‍රථම නවතම මාතිලියේ රංගනයක් පැමිණ තිබේ. මේ පැමිණම සරලව සිතිය හැකි දෙයක් නොවන බව ආප අවධාරණය කරමු. එම නිසා මේ පිළිබදව වහ වාහා කරනු ගවේෂණය කිරීමත් එය සමාජයට හෙලි කිරීමත් කළ යුතුය.

නවකවදය පැමිණෙන ශිෂ්‍ය මර්දනය සදහාය. රුහුණු විශ්වවිද්‍යාලයේ සිදු වුණායැයි කියන මෙම සිදුවිම මහා අමානුෂික මෙන්ම පිළුකුල් සහගතය. එය සත්‍ය සිදුවිමක් නොවුනද එය ඇසෙන ඕනෑම කෙනෙක්ට දැනෙන්නේ එසේය. වැටමාර මල්ලී මාධ්‍යට ආ සැනින් රුහුණු විශ්වවිද්‍යාලයේ සභාපත් ඇතුලු 18 දෙනෙක් සිරගත කළේය. ඒ වටමාර පොල්ලේ කතාව සමාජය පිළිනොගන්නා විටත් ලැබුණු දඩුවම එය විය. එහෙත් එය ඊට වඩා දරුණු තත්ත්වයක තිබේ. දැන් සිදුවිය හැකි දේ බොහෝය. එසේම සිදුවිය නොහැක්කේ ආණ්ඩුව කරබාගෙන සිටීම පමණි. දැන් අමුතුම ගනයේ භාණ්ඩයක් ලැබුණු පසු ඉන් වැඩ ගැනීමට ආණ්ඩුව ආරම්භ කරනු ඇත.

ඇත්තටම විය හැකි දේ
2001 ජපුරේ සමන්ත ඝාතනය ඉබේ සිදුවුයේ නැත. එසේම 2002 නිකන්ම කැලණියේ ශිෂ්‍ය සංගමයට බෝම්බ වැටුණේද නැත. රුහුණේ තිළිණි කවුමිණි නිකන්ම්ම සිරගත කළේ නැත. රුහුණේ සුසන්ත නිකන්ම ඝාතනය වුයේ නැත. ඒ වගේම පේරාදෙණියේ ශිෂ්‍යයෙක් නිකන්ම මැරී සිට හමුවුයේද නැත. මේ සියල්ල සිදුවුයේ විටින් විට වුවත් ඒ සියල්ලගේම සමානකම් තිබෙන බව කිව යුතුය.

ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නට අවශ්‍ය ප්‍රමාණය කෙබදුද යන්න ශිෂ්‍ය ව්‍යාපාරයට කරන චොදනාවලින් දැක ගත හැකිය. 2001 ර්නිල් ආණ්ඩුව සමයේ මර්දනය ගෙන ආවේ නවකවදයට එරෙහි  නව  දේශපාලනයක් ගෙන එන බව කියමින්ය. සැබෑවටම එහි ඉතුරු වුයේ ඇණකොටා ගැනීම් බේදවීම මරා ගැනීම්ය.

2005 න් පසු විශ්වවිද්‍යාල මට්ටු කිරීමට පැමිණියේ එස්.දිසානායකය. ඔහු කීවේ නවකවදය විශ්වවිද්‍යාල තුලින් තුරන්කරන බවය. ඔහුට විශ්වවිද්‍යාල තුල සොයාගත හැකි වු නවකවදයක් නැත. එහෙත් 2000කට පමණ පන්ති තහනම් කොට සිරගෙට යැවුවේය.

යුද්ධය අවසන් වී සතියක් යාමටමත්තෙන් ගොටාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල මුදානොගත් ප්‍රදේශ බවයි. ඒ සමග පැමිණි මර්දන රැල්ල රුහුණේ සුසන්ත මාතලං ටොක්කා සහෝදරවරු ඩැහැගෙන ගියේය. සමහර අවස්ථාවල එවැනි මර්දනයන්ට ආණ්ඩුව පොර කෑවත් ශිෂ්‍ය ව්‍යාපාරය නිවැරදි ස්ථානයක සිටිය නිසාවෙන් එම අන්තුරු මගහරවා ගත හැකිවිය.

දැන් මේ සැරසෙන්නේ මීට පෙර නොඇසු ප්‍රවෘත්තියකටය. එයින් පෙනෙන්නේ මර්දනය ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට පැමිණ තිබෙන බවය. එසේම මීට පෙර නොවුවිරු තරමේ මර්දනයකට ආණ්ඩුව කැස කවන බව වටහාගත හැකිය. සෑම අස්සක් මුල්ලක් නෑරම සතුරන්ය. නමුත් ඔවුන් බලවත් නැත. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල වනවිට සතුරෝ බලවත්ය. මෙම අවතාව ඉතිහාසයේ නැවත ආණ්ඩුවකට නොලැබෙනු ඇත. එමනිසා මර්දනය ගිනිදැල්ලක් මෙන් පැමිණෙමින් තිබේ. එම නිසා වහ වහා සංවිධානය වන්න සාමහික වන්න ශක්තිමත්ව මුහුණ දීමට සුදානම් වන්න.

Monday, September 23, 2019

දිවයිනට තව දුරටත් වැසි

රට පුරා කාලගුණය අයහපත් තත්වයක පවති. මේ වනවිටත් ප්‍රදේශ කිහිපයකම ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ. ගාල්ල,මාතර, දිස්ත්‍රිකවලට ඉන් දැඩිහානියක් සිදුව තිබේ. බදුල්ල ,නුවර එළිය, මාතලේ ,රත්නපුර ,මාතරා

ප්‍රදේශවල නායයාමේ අවදානමක් පවති. එසේම රන්දෙනිගල වික්ටෝරියා ජලාශවල ජල මට්ටම ඉහළ අගයක පැවතිම නිසා එවායේ වාන් දොරටු විවෘත කිරීමේ ඉඩකඩක් තිබේ. එම නිසා එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවදානයකින් පසු විය යුතුය.

කැලණි,ගිං,නිල්වලා  ගංගාවල ජල මට්ටම වැඩිවිමත්  සමග එහි දෙපස ගංවාතුර තත්වයක් වර්ධනය වෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 පුරාවට පැවතිමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සදහන් කරයි. එමනිසා අවධානයෙන් කටයුතු කරන ලෙසට අප ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Sunday, September 22, 2019

අරාබියේ ඉස්ලාම් ආගමික වර්ජනය ඉහළට



වැඩවසම් සමාජය අහවර වන්නේ තවත් දියුණු සමාජ ක්‍රමයකට ඉඩකඩ විවර කරමින්ය. ඒ ධනවාදි සමාජ ක්‍රමයයි. ධනවාදයේ ආරම්භයත් සමග වැඩවසම් සමාජයේ පැවති ආර්ථික රටාව වෙනුවට වෙළද පොළ ආර්ථිකය ස්ථාපිත විය. ශ්‍රමය පමණක් නොව සියල්ල මිල කෙරෙණි. එවැනි ලෝකයක ජාතිවාදය ඊට බාදාවකි. එම නිසාම 18 වන සියවසේ සිට බ්‍රිතාන්‍යට,ප්‍රංශයට,රුසියාවට,ඉතාලියට මෙන්ම මුලු යුරොපයටම ජාතිකත්වයෙන් දුරස්ව ජාතික මට්ටමට පැමිණීමට බල කලේය.
ඇත්තෙන්ම එය එසේ විය. නමුත් ධනවාදි ආර්ථිකයේ ප්‍රසාරණයේ සීමාව ඉක්මවා යද්දී එහි පැවැත්මද ඇනතුරට පත්වන්නට විය. 1848,1870,1929,1940,1972 වැනිකාල වලදි ධනවාදයේ අවසානයේ හෙවනැලි පතිත වන්නට විය. එහෙත් ධනවාදය තවදුරටත් මිහිපිටින් ඉවත්වයාමට සුදානම් නැත. ඒ නිසාම ධනවාදයේ පැවැත්ම උදෙසා නැවත පරණ වෑහැලිවලින් සැරසී සිටිමට වෑයම් කරති. එමනිසා ජාතිකත්වය මත පදනම් වු ජාතිවාදයටත් ආගම මත පදම්වු ආගම්වාදයටත් ජාතියමත මත පදම් වු ජාතිකවාදයටත් නැවත කරලියට පැමිණීමට ඉඩකඩ විවර විය.

ලෝකය පුරා මෙම ජාතිවදි ආගම්වාදි ව්‍යාපාර මිනිසුන් බේද කරමින් සමාජ සංවර්ධනයට බාදා පමුණුවමින් සිටියි. ඒ අනුව ලංකාව 30 අවුරුදු යුද්ධයකින් බැටකෑවේය. දැන් නැවත ඉස්ලාම් අන්තවාදය හා බෞද්ධ අන්තවාදින් අතර ගැටුම තිවුර වී තිබේ. නමුත් ධනවාදය මෙම ගැටුම තම පැවැත්මට දායකකර ගත්තද ඊට එරෙහි දේශපාලනයක් ආරම්භ වී හමාරය. ජාති වාදයෙන් බලයට පැමිණ ධනවාදයේ මලකඩ බැදුණු ලීවර ක්‍රියකිරීමට ගන්නා උත්සහයන් බොහෝ රටවලින් දැකගත හැකිය. බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,ඇමරිකාව,රුසියාව මෙන්ම බොහෝ රටවල ධනවාදි ලීවර ක්‍රියාමක කරනුයේ ජාතික හා ජාතිවාදින්ය. ලංකාවේ ද එය එසේමය. නමුත් මේයින් වන විනාශය අතිවිශාලය පිපෙරන බෝම්බ සමග වා තලයට මුසුවන මිනිස් විලාප මෙම පැරණි ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් සිටියි. ඊට හොදම උදාහරණය ආරාබියෙන් සොයාගත හැකිය.

අරාබිය යනු මුස්ලිම් අන්තවාදයේ මුලස්ථානය බවට  වන අදහස දෙදරා යමින් තිබේ. එම රටවල මිනිස්සුන් ආගමික හරණය තෝරාගෙන තිබෙන්නේ එහි පවතින නිතී රීතිවලට පවා අහියෝග කරමින්ය. කාන්තා අයිතිවාසිකම්,ලිංගිකත්වය,සංක්‍රමණිකයන් ගේ ගැටළු හා ආරක්ෂාව කෙරෙහි ඉස්ලාම් ආගමෙන් කිසි පිළිසරණක් නොමැතිවිම මෙම තත්ත්වය උදාවීමට හේතු වී තිබේ. 2013 වනවිට ආගමික හරණය වු පිරිස 8% ව පැවතියේය. දැන් එය 13% ක් දක්වා වර්ධනය වී තිබේ. එමනිසා මුස්ලිම් ලෝකය ඉස්ලාම් අන්තවාදයෙන් සැදුම්ලත් එකක්ම නොවේ. එය ඊට එරෙහි අනාගාමිත්වය සමග අරගලයක් සමග පවතින්නකි. (BBC අරාබි පුවත් සේවය හා අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) ඒකාබද්දව පලස්තීනය ආශ්‍රිත රටවල් 10ක පුද්ගලයන් 25.000කගේ පමණ සහභාගීත්වයෙන් මෙම මත විමසුම සිදුකර ඇත.)

පෙනුමෙන් ගැටුම තිබෙන්නේ ආගම් හා අනෙක් ආගම් අතර පැවැතියත් එවායේ අභ්‍යන්තර ගැටුම පෙනෙන ගැටුමට වඩා තිවුරය. එය ඉල්ලාම් ආගම තුල පමණක් නොව හින්දු, කතෝලික,ක්‍රිස්තියානි මෙන්ම බෞද්ධ ආගම් තුලද පවතින්නකි. ආගම් අතරේ ජාතින් අතර ගැටුමේ දේශපාලනය ධනවාදයේ සුරක්ෂිතතාවය උදේසා තවත් එතරම් කාලයක් භාවිතයට ගැනීමට නොහැකි බව පමණක් මෙම සිදුවිම් අපට පසක් කරනු ඇත. එසේම ජාතිවාදී දේශපාලනය එරෙහි දේශපානයට අවශ්‍ය අවකාශය පුළුල් වන බවද දැකගත හැකිය. එමනිසා ධනවාදය ජාතිවාදයේ රක්ෂණයෙන් ගිලිහියාමට නියමිතය. එමනිසා දැන් ධනවාදය නව රක්ෂණාවලියක් රචනා කළ යුතුව ඇත.

හෙට වර්ජනයට සියල්ල සුදානම්

රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි සදහා පමණක් රැ 50000 ක දීමනාව ලබා දීමට ආණ්ඩුව එකකගතාව පලකර සිටියේ පසුගිය සතියේය. එම දීමනාවට සමානුපාතිකව රාජ්‍ය සේවයේ නියුතු අනෙකුත් නිලධාරින්ටද එම දීමනාව ලබාදෙන ලෙසට ඉල්ලා (සැප් 23 සදුදා )  හෙට දින දීප ව්‍යාප්තව වැඩවර්ජනයේ නියුතු වීමට සුදානමින් සිටියි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති 18ක් නායකත්වය සපයනු ලබයි. එසේම හෙට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථක වනබවත් ඊට ආණ්ඩුව යහපතක් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන්ට දැඩි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව ද වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව හෙටදින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල,දිසාපති කාර්‍යාල, අමාත්‍යාංශ හා දේපාර්තමේන්තුවලට අදාළ ප්‍රධාන කර්‍යාල හා ප්‍රාදේශීය කාර්‍යාල, හා පළාත් සභාවන්ට අදාළ සියලුම කාර්‍යාල ලෙඩ නිවාඩු දැමීමට නියමිතය.

Saturday, September 21, 2019

අන්තරේ නව කැදවුම්කරු ජිනරතන හිමිගේ ඓතිහාසික උරුමය

අන්තරේ කැදවුම්කරු මාරු විය. දැන් අන්තරේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන්ය. එහෙත් අන්තරේ තුල පැන නැගි ප්‍රශ්නය තවම නිරාකරණය වී නොමැත. එය එකවර නිමාකළ හැක්කේ ද නැත. නමුත් අන්තරේ මහිල් ගේ වෙන්වීයාමෙන් විශාල පාඩම් තොගයක් ඉගෙන ගන්නට ඇත. එය එසේ විය යුතුය.

බොහෝ දෙනා කැදවුම්කරු ජිනරතන හිමියන්ගෙන් ඇසීමට විශාල ප්‍රශ්න තොගයක් තබාගෙන සිටිති. මේ වනවිටත්  සමහරු බොහෝ ප්‍රශ්න අසා තිබේ. සමහර ප්‍රශ්න ඉතාම  සංකීර්ණ ඒවා බවට පත්ව ඇත. ඒවා බේරුම් කිරීම සරල නැත. බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් වන්නේ ජිනරතන හිමි ගේ පත්වීම සිදුවුයේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම ඊට ජිනරතන හිමි පිළිතුරු දෙනවා වෙනුවට අන්තරේ අනෙක් නායකයින් පිළිතුරු දිය යුත්තකි. මොකද ජිනරතන හිමිගේ යෝජනාව ගෙන එන්නේ අන්තරේට සම්බන්ධ මහා ශිෂ්‍ය සංගම් වන නිසාය. ඇත්තෙන්ම එම පත්විම අන්තරේ බහුතරයක් අනුමත කරතිබේ. එසේම ජිනරතන හිමි නුසුදුසු යැයි කිසිවෙක් කියන්නේ නැතිවුවද මහීල්ගේ වෙන්විමේ දෙගිඩියාව නිසා සමහරු අන්දමන්දව සිටිති. එමනිසාම සමහර ශිෂ්‍ය සංගම් කිසිත් නොකියා සිටින්නේය. එය එසේ නොවුනානම් පුදුම විය යුතුය. එවැනි මොහොතක සමහරු අසන පැනය සාදාරණය. එය එතරම්ම  ව්‍යාකූලත්වයකි. සමහරු මහිල්ගේ වෙන්වීම ගැටළුක් ලෙස සිතති. එසේම එම ගැටළු විසදාගැන්මට වෑයම් කරති. සමහරු බොරදියේ මාළු බාන්නේය. එවන් මොහොතක මෙම ව්යවුල දරා සිටිමට ජිනරතන හිමි බර ගැනීමම සාධනීය ලක්ෂණයක් බව කිව යුතුය.

 සමහරු  ප්‍රශ්න අසති. ඒවාට කිසිවෙක් උත්තරේ නොදුන්නත් අසන්නෝම ප්‍රශ්නයට  උත්තර දනිති. එහෙත් ඔවුන්ට අවශ්‍ය  ප්‍රශ්න අවුල් කිරීමටත් ඒවා වර්ගඵලයෙන් ගුණකිරීමටත් පමණි. එයද වටහා ගැනීමට අපහසු නැත. වියවුලක් යනු දේශපාලන දඩයක්කාරයන්ට රජ දහනකි. එහිදි ඔවුන් කරනුයේ බා ගත හැකි සියලුම මාළුන් එක දැලකට කොටු කිරීමය. එහෙත් ජිනරතන හිමි බොහෝ දෙනා පිළිතුරු නොදෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමට සුදානම්ය. එය අන්තරේ වැනි සංවිධානයක නායකයෙක් උපයාගතයුතු හා සම කළ නොහැකි ගුණයකි. එය එක් පැත්තකින් පත්ව පැමිණි කැදවුම්කරු පරීක්ෂාවට ලක්කිරීමකි. මහා දැවැන්ත අර්බුදවලට මුහුණ දෙන නිසා කැදවුම්කරු හිමි ද  එම අර්බුද තරමටම ගුණාත්මකව වර්ධනය වේ. එමනිසා නව කැදවුම්කරු හිමි මේ මොහොතේ ගොඩනගා ගන්නා පෞරුෂය ඉතිහාසයේ කිසිවෙකු විසින් අත්පත්කර නොගන්නවා ඇත.

මහිල් අන්තරෙන් නික්මි නිදහස් අධ්‍යාපනත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ සටනට සුබපතන ආකාරයක් පෙනෙන්නේ නැත. ඔහු සමහරුන්ගේ දේශපාලන ඉක්තෙක්ව සිටියි. නමුත් ඔහු ස්වාධීන යැයි හගවමින් ශිෂ්‍ය ව්‍යාපාරය බේද කීරීමට වෙහෙසෙති. ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය මෙතරම් තිවුරතාවක් මීට පෙර පැවතියේ නම් ඒ 88/89 කාලයේදිය. එම කාලය තුල ශිෂ්‍ය ව්‍යාපාරයට වීරයින් මෙන්ම දෝහියෝ මුණ ගැසිණි. එය එතරම්ම සංකීර්ණ වු වටපිටාවකි. එසේම අද ශිෂ්‍ය ව්‍යාපාරය එවැනි දේශපාලන තිවුරතාවකට මුහුණ දෙමින් සිටියි. අර්බුද තිවුරව පැවතියත් කැදවුම්කරු හිමි අරගලය අත්නොහැර සිටිම සතුටට කරුණකි. ඇත්තෙම මේ මොහොතේ  ශිෂ්‍ය ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ ද   නැවත අරගලයට පණ පෙවීමට වෙහෙසෙන්නෝය. සමහර දේශපාලන අපරාංග නිදහස් අධ්‍යාපනයට අධ්‍යාපනයේ නිදහස සදහා වු අරගලයට කුමක් වුවත් තමන්ගේ පංගුවේ වෙනුවෙන් කෙළ හලති. එහෙත් අන්තරේ නැවත අරගලයට ජීවය දීමට වෙහෙසෙති. දැන් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අවසන්ය. එමනිසා අරගලයට ජීවය ලැබෙද්දී ආණ්ඩුවේ න්‍යාය පත්‍ර කැමති කැමති ලෙස දිගහැරීමට ඉඩ නොලැබෙන බව දන්නේය. එමනිසා බුද්ධි අංශ කලබල වී සිටියි. මෙම නිසා මර්දනයේ අදුරු සෙවනැලි ශිෂ්‍ය ව්‍යාපාරයට පතිත කිරීමට ප්‍රතම ශිෂ්‍ය ව්‍යාපාරය තවත් බේද කිරීමට හැකි සෑම උත්සහයක්ම ගනු ඇත. එහි ශොචනීය කරුණනම් එහි ගොදුර ලෙස මහීල් යොදාගැනීමට ඉඩත් තිබීමයි.

QAAC පනත  හැකිවිගස ගෙනවිත් සමමත කර ගැනීමට සිතූ ආණ්ඩුව  එය පහසු නොවන බව පමණක් අවබෝධ වී තිබේ. QAAC පනතට අනුමැතිය  දුන් ඇමතිවරුන්ගේ දෙකං රත්වීමට පටන්ගෙන තිබේ. එමනිසාම බුද්ධි අංශ නිලධාරින්ට වැඩ අදික කරමින් අන්තරේ සටන මන්දගාමි කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාවට නංවමින් තිබේ.  ආණ්ඩුව අන්තරේ බේද විම තම වාසියට යොදාගැනීමට සිතුවත් එය එපරිද්දෙන්ම සිදුනොවීම ආණ්ඩුවේ නව ව්‍යාපෘතිය දියත්වීමට හේතුවී තිබේ.  මේ සියල්ල මෙසේ සිදුවෙද්දී  ශිෂ්‍ය ව්‍යාපාරය තවත් වටයකින් කොටුවීමට  නියමිතය. එය එසේ සිදුවනවාද නැද්ද යන්න තීරණය වන්නේ නව කැදවුම්කරු හිමි මේ සියලු අර්බුද භාරගැන්නවාද නැද්ද යන්න මතය.

  දැන් විශ්වවිද්‍යාල තුලට පුළුල් දේශපාලන කතිකාවතක් අවශ්‍යය.  එසේම මේම තත්වය විශ්වවිද්‍යාල  තුල සංවාද දහසක් නිර්මාණය කරනු ඇත. එය ශිෂ්‍ය ව්‍යාපාරයට නව මාවතක් පෙන්වනු ඇත.එසේම එය නැවත ශිෂ්‍ය ව්‍යාපාරය පෝෂණය වීමට බලපානවා නොවනු මානය. ශිෂ්‍යයින්ගෙන්  හැංගිහෝරා  කීරීමට කිසිත් නැත. සියලු  ප්‍රශ්න  නිරාවරණය කරමින් ඒවායේ තිබෙන දේශපාලනය එළියට පැමිණෙමින් තිබේ. දේශපාලන පක්ෂවල හරය හා ඒවායේ අරමුණු පිළිබද සංවාදය සෑම විශ්වවිද්‍යාලකම පාහේම තිවුරව සංවාදයට බදුන්වෙමින් තිබේ. ඉන් ශිෂ්‍ය ව්‍යාපාරය සමග දේශපාලනය කිරීමට සිතන සෑම දේශපාලන පක්ෂයකටම ගැලවීයාමට නොහැක. එමනිසා සියලු දේශපාලන ක්‍රියාවලිය නිරාවරණය වීම ශිෂ්‍ය ව්‍යාපාරයට වාගෙම රටේ දේශපාලනයත් නැවත සාධනීය ලෙස බලපානු ඇත.

ශිෂ්‍ය ව්‍යාපාරය සමග වාමාංශික දේශපාලනයේ තිබෙන සමබන්දය වල දමමින් බොරු  බේගල් ඇද බෑමට කිසිවෙකුට නොහැක. ස්වාධීන අප්සාරාවන් සොයන්නට යන්නන්ට එවැන්නෝ නොමැති බවත් වැටහිමට මේම සිදුවීම් පෙළ ඉවහල්වනු ඇත. එහෙත් ඒ සමගම අනතුරු දායක මතවාදි කඩාවැදිමක් ශිෂ්‍ය ව්‍යාපාරය පුරාවට සිදුවෙමින් තිබේ. එය එතරම් හොද හෝ සුදුසු දෙයක් නොවේ. රටේ දේශපාලන ආදර්ශ නොමැති උවත් ශිෂ්‍ය ව්‍යාපාරය තුල රටටම අවශ්‍ය තරම් ආදර්ශ තිබෙන බව සැබෑය. එහෙත් එවැනි ආදර්ශයන් තිබෙන බිමක මහීල්ගේ නික්මීම සිදුවු ආකාරය කිසිවෙක් අනුමත නොකරයි. එමනිසාම විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක දේශපාලනය පිළිබදව මතුව තිබෙන අවිස්වාසය නැවත ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි අසීරුතාවට ඇද දමනු ඇත. ඇත්තෙම එය පෙර තිබු තත්ත්වයට නොපැමිණෙනු ඇත. නමුත් ධෛර්යය වන්ත කැපකිරීම් වඩ වඩා ශිෂ්‍ය ව්‍යාපාරයට මුදාහරින්නේනම් තිබු තත්ත්වයට වඩා ඉදිරියට පැමිණෙනු ඇත. එසේම මෙම  දේශපාලනික අවිස්වාසයෙන් සිදුවන හානිය අවම කිරීම ජිනරතන හිමිගේ නායකත්වයට තිබෙන ප්‍රබල අභියෝගයක් ද වනු ඇත.

ආණ්ඩුවේ සැටකපට බේදබින්න ව්‍යාපෘති වලට මුහුණදුන් පසු ශිෂ්‍ය ව්‍යාපාරයේ අසීරුතා අවසන්නොවේ. සටනට ජවය සපයනවිට ආණ්ඩුව මර්දනය මුදාහැරීමට සුදාහරිනු ඇත. එය ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල හානියක් සිදු කරනු ඇත. ඇත්තෙන්ම නව කැදවුම්කරු ශක්තිමත්ව සිටින්නේනම්  ඊට මුහුණ  දීමට අවශ්‍ය තරම් ශක්තිය ශිෂ්‍ය ව්‍යාපාරයට ඇත. එකි ශක්තිය උරාගා බැලීමට ආණ්ඩුව ලක ලැස්තිවෙමින් සිටියි. ආණ්ඩුව කෙසේ හෝ ජිනරතන හිමි ද හොදින් හෝ නරකින් මේච්චල් කළ යුතුය. එසේ වුවහොත්  ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වලව අබල දුබල විය හැකිය.  එහෙත් එය එසේ කිසිදා නොවිය යුත්තකි . නමුත් ආණ්ඩුව  ඊට උත්සහ දරමින් සිටියි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ආදර්ශය එය නොවේ. එමනිසා ජිනරතන හිමිද කඩා නොවැටී සටන් වදිනු ඇතැයි අපගේ විස්වාසයයි. මිනිසෙකුට ඉසිලිය නොහැකි බරක් ඔසවමින් සිටියත් අප ජිනරතන හිමිගේන් එසේ බලාපොරොත්තු වෙමු.

අබල දුබල වන්නේ දුබලයන් සිටින විටය. ඒහෙත් මෙම මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල දුබලයන්ට කිරීමට කිසිත් නැත. ඔවුන් පැන දුවනු ඇත. නමුත් දුබලයන් දහසක් වෙනුවට ශක්තිමත්  මිනිසුන් කිහිපදෙනෙක් නිර්මාණය වනු ඇත. ඔවුන් නැවත ශක්තිමත් මිනිස්සුන් නිර්මාණය කරනු ඇත. ඔවුන් පෙරට වඩා ජවයෙන් අදික බව දැක ගැනීමට ආණ්ඩුවේ මෙම නව ව්‍යාපෘතිය  ඉඩ සලසා දෙනු ඇත. එය ජිනරතන හිමි ද දන්නා කරුණක් යැයි අපි සිතමු. ජිනරතන හිමිගේ ආගමනය සිදුවුයේ ප්‍රීතිමත් සැදෑ සාදයක නොවේ. එය සිදුවන්නේ මංමුලාව අතරම්න්වු කාන්තාරක දීය. එමනිසා එම ආගමනයම ශක්තිසම්පන්න විය යුතුය. අන්තරේ නව කැදවුම්කරු ජිනරතන හිමි නමින් බොහෝ දෑ ලීයවීමට නියමිතය.කැදවුම්කරු හිමිට කිසිවෙක්  අතරමග දමායාමට ඔබට ඉතිහාසය අවසර නොදෙනු ඇත. එසේම කුමන හෝ තත්වයකදී වත් ඔබට සටන අතහැර යා නොහැක. බොහෝ දෙනෙක් ඔබ තනිකර දමායාමට නියමිතය. මර්දනය ඔබව සිර කුටිවල බහාලීමට නියමිතය . එයින් ද ඔබ යටත් නොවන තැන මැරයන් සොයා  ඒමට නියමිතය . තාඩන පීඩන ගර්ජන ඉහවහා යනු ඇත. ප්‍රසාංසා වෙනුවට දිනපතා බැනවදින්නන් හමුවනු ඇත. එසේම අදික වැඩ කන්දක් කිරීමසිදුවනු ඇත. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් මේ සියල්ල ජිනරතන හිමිට දරාගැනීමට සිදුවනු ඇත.එසේම  ඊට කැදවුම්කරු හිමි කොතරම්  සුදානම්ද යන්න මත සිට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

Friday, September 20, 2019

ලැජ්ජා විරහිත වෘත්තීය සමිති නායකයිනි,



දැන් වැඩ වර්ජනයක සුදානමක තිබෙන නිසාත් එහි ජයග්‍රහණය කොතනින් නිමාවේදැයි දැකගත හැකිනිසා මෙම සටහන තබා යා යුතුය.

උපාධිධාරීන් රස්සා ඉල්ලා මහ පාරේ අරගල කළේ ජීවිතයේ දහසක් ප්‍රශ්න විසදා ගැනීමට අන් ක්‍රමයක් නොමැති නිසාය. අරගලය කොතරම් කාලයක් ඇදගෙන ගියාද කියතොත් එක් ඡන්දයක සිට අනෙක් ඡන්දය දක්වා කාලය වු කාලය ඔහේ ගිල දැමුවේය. එහෙත්  සමහරුන්ට  තවමත් එසේද රැකියා නැත. එසේම ලැබු අයට ලැබුණේ රැකියාවක් ද යන ගැටළුවේ නිමක්නව සිටියි. මොකුත් නැතිව සිටි උන්ට ඕකත් මැදැයි කියා සිටින විට පරිපාලන සේවයේ නෝනා මහත්වරුන් දවස් දෙකක වැඩ වර්ජනයේ නියැලුණු ගමන් රු 50000ක  අමතර දිමනාවක් දිනාගෙන තිබේ. ඉන් අදහස් කරන්නේ අරගලය විසින් පාලකයින් ලවා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත හැකිබවය. එහෙත්  Do ලබාගත් පිරිස පිළිබදව  කිසිදු වෘත්තීය සමිතියක් කතා නොකරන්නේ කුමක් නිසාද? යන්න සොයා බැලිය යුතුය.

මොකද පරිපාලන සේවයේ නිලධාරින් ඉල්ලා සිටියේ තම වැටුප නොවන බව වෘත්තීය සමිතිමහත්වරුන්ට කියාදිය යුතු නැත. එහෙත් DO ලා පඩිරහිත පුහුණුවකට යටත්කොට රු 20000ක දීමනාවක් ලබාදී වසරක කාලයක් සිදුකරන සෙල්ලම කුමක්ද ?. මේ කිසිත් පිළිබදව හරිහැටි වැටහිමක් නොමැති Do පුතලාත් එය බාරගෙන උදේ හවා අතින් කා වැඩකරමින් සිටිති.අඩුම තරමින් මේ DO පුතාලා තමන් ගැන කතා කළයුතු මිනිස්සු කොට්ටාසයක් සිටින බවවත් නොදන්නේය. ඔවුන් පිළිබදව නොසොයන්නේය.  වෘත්තීය සමිති ද DO ලා හමුවීමට පැමිණෙන්නේ නැත. එසේ සිදුවිම අහඹුවක් නොවේ. මොකද පුහුණුවට ගත් Do ලා හමුවිමට වෘත්තීය සමිති නායකයන් පැමිණියහොත් තමන්ගේ ප්‍රශ්න කියන බව ඔවුන් දන්නේ ය. එමනිසා වෘත්තීය සමිති අයියලා ටික කිසිත් නොකිය කිසිත් නොවුණු ගානට සිටියි. ඔවුන්ගෙන් යම් විටෙකතොපි DO ලාගේ ප්‍රශ්න කතා කළේ නැති බව කී විට ඔවුන් ඒ සදහා පිළිතුරක් ද තබාගෙන සිටිති.  වෘත්තීය සමිති නායකයින් එම ප්‍රශ්නයට මෙසේ කියනු ඇත. DOකම්කරුවන අපිනුඹලාට රැකියා ලබා ගැනීමට බොහෝ වෙහෙසුනෙමු ඒත් නුඹලා කුමක් කළේද? නුඹලා. එසේම නුඹලා  අප සමග කතා කිරීමටවත් පමිණියේ නැත. එහෙත් අප නුඹලා ගේ ගැටළු ගැන විටින් විට කතා කළෙමු. දැන් අපිට මොකුත්  නොකියන්න වැනි වාක්‍ය වලින් වෘත්තීය සමිති නායකයින් DO ලාට ආමන්ත්‍රණය කරනු ඇත.

එහෙත් නායකයිනි, ඔබලාගේ එම පිළිතුරට අපටද කීමට දෙයක් ඇත. එය දිනක අප කීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔබ  පුහුණුව අවසන් කළ Do ලා පවා ස්තිර කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේ නැත. වෘත්තීය සමිති වලට ඒවා වැදගත් නැත. එහෙත් අප ඔවුන්ට එවා මතක්කළ යුතුය. මහත්වරුණි නුඹලා වෘත්තීය සංගම් හදාගෙන තිබෙන්නේ කම්කරුවන්ගේ ප්‍රශ්න කත කිරීමට නම් කුමක් සදහානම් වැනෙන්නේද? අඩුම තරමින් වෘත්තීය අයින් ගැන නොදත් පිරිස දැනුවත් කිරීමට පවා නුඹලා කටයුතු නොකරයි. ඒ නුඹලා ගේ කපටිකමේ අනිසංසයක් මිස DO ලාගේ ගැටළුක් නොවන බව මතක් කළ යුතුය. මොකද වෘත්තීය සමිති අයියලා කිසිත් නොවුණු ගානට සිටින්නේ පුහුණුව අවසන්ව රැකියා ස්තීර වන තෙක්ය. එවිට ප්‍රශ්නය අවසන්ව ඇත. එම ප්‍රශ්නය නැවත උදාවෙන්නේ නැවත බදවාගන්නා පිරිසකටය. ඔවුන්ටද වසරක් යනතෙක් මෙසේ සිටිමිට ඉඩ තබනු ඇත. එමනිසා වැදගත්ම දේ අපි දනිමු. එය නුඹලා ද නොදන්න ගානට සිටින බවද අපි දනිමු.

Do නමින් පුහුණුවට ගත් පිරිස හැරුණාම රාජ්‍ය සේවයට වසරක පුහුණුවට වෙනත් කිසිවෙක් ගන්නේ නැත. එසේම මුලින් මෙම පුහුණුව ලබාදුන්නේ දින් 180 නැත්නම් මාස 6කි එහෙත් එය වසක් දක්වා දිර්ඝ කරනතෙක් නුඹලා කුමක් කළේද? දීමනාව ගැනවත් පුහුණුව ගැනවත් තනතුරට අදාළ කාර්‍යන් පිළිබදවවත් වෘත්තිය සංගම් කට අරින්නේ නැත. එහෙත් මුලික ප්‍රශ්න ඒසේ තිබියදි වෙනත් සරල හා ඉතා පහසු ප්‍රශන ගෙන අරගල මවා පාති. ඒ අන්කිසිවක් නිසා නොව වෘත්තීය සිතිවල සාමාජිකයන් යාවත්කාලින කිරීමටය. එසේ නොවන්නේනම් කම්කරුවන් වෘත්තීය සමිති අත්හැරගොස් බොහෝ කල්ය. එතැනින් නුඹලා ගේ පැවැත්මද අහෝසි වන බව නුඹලා හොදින් දනි. එමනිසා මුලික ප්‍රශ්න අත්හැර සරල ප්‍රශ්න අල්ලා ගැනීමේ නුඹලාගේ කලාව වෙනුවට  Do ලාගේ ඇත්ත ප්‍රශ්න කතාකළ යුතුය.

වෘත්තීය සමිති නායකයිනි. කම්කරුවන් චුන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත. අඩුම තරමින් පුහුණුව වෙනුවට රැකියාවක් ලෙස පත්විම ලබාගැනීමට කුමක් හෝ කළ යුතු නොවේද? ඊට නුඹලා ගේ මැදිහත්විම දැන් අවශ්‍යය. වසරක් ගෙවුණු පසු රැකියාව ගැන කතා කිරීමට නුඹලා අවශ්‍ය නැත. එහිදි තනතුරට  අදාළ වැඩ පැවරීම් හැරුණාම රැකියාවට අදාළ මුලික දේවල් සම්පුර්ණවන බව දනිමු. ඉන්පසු නුඹලා ගේ පැමිණීම  කුමක් සදහාද? එය තමන්ගේ සංගමයට පිරිස් බදවා ගැනීමට නම් වැඩක් නැත. මොකද Do ලාගේ මුලික ප්‍රශ්න  වෙනුවට  කුඩා ප්‍රශ්න ප්‍රශ්න සාකච්චා කරති.  බොරු රංගන ගෙන කම්කරුවන් ඉදිරියේ ආලවට්ටම් දමීමට නම් නුඹලා අවශ්‍ය නැත. රැගපෑමකින් පසුව වෘත්තීය සමිතියේ සාමාජිකයින් බදවා ගැනීමට පමණක් සිටින නුඹලා කෙසේනම් අප විස්වාස කරමුද?  එමනිසා වසරක් ගතවීමට ප්‍රථම Do ලාගේ ස්තීර කිරීමට ක්‍රියාමාර්ග ගතයුබව අප නුඹලාට සිහිපත්කොට සිටිමු.

ජනාධිපතිවරණය සමග ගලා එන අරගල රැල්ල සදුදා තවත් වැඩ වර්ජනයක්



විධායක ශ්‍රේණි සදහා රු 50000 ක දිමනාවක් ලබාදීමට නියමිතය. ඊට අදාළ යෝජනාව 2019.09.24 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතියට කටයුතු කරන බවට අපදා කළමනාකරණය හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකශ කර තිබේ. ඒ සමගම රාජ්‍ය සේවයේ සිටින අනෙකුත් ශ්‍රේණින්ද එම දීමනාව වැටුප් තලයන්ට අනුව ලබාදෙන ලෙස ප්‍රකාශකර සිටියි. නමුත් බොහෝ අය විධායක ශ්‍රේණි සදහා මෙම දීමනාව ලබාදුන් නිසාවෙන් තමන්ටද එසේ දීමනාවක් ලබාදෙන ලෙස ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය සටනට එතරම් උචිත නොවන බව කිව යුතුය. එයින් ශ්‍රේණි බේදය පවත්වාගෙන යාමට කටයුතු සිදුවන නිසා එය අරගලය බේදවීමට හා එක් කොටසක් ආණ්ඩුවේ සහයට යාමට හැකිවිම අනතුරක් ලෙස තිබේ. කෙසේ වෙතත් විශාල සංගම් ප්‍රමාණයක් අරගලයට ප්‍රවේෂවිම වැදගත්ය. එහිද අරගලය ජයග්‍රහණය කරාරැගෙන යන්නෝ සහ අරගලය දියාරුකර පවා දෙන්නෝ සිටින බවද කිව යුතුය.

 කෙසේ වෙතත් මේ සදහා 2019.09.23 දින අසනීප නිවාඩු වාර්තාකර වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වන ලෙස වෘත්තිය සමිති 18 ක් සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් 23 දින වෘත්තීය ක්‍රියාමාර්ගයට පැමිණීමට නියමිතය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව
01. සමස්ත ලංකා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
02. සමස්ත ලංකා කළමනාකරණ සහකාර සංගමය
03. රජයේ කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
04. රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා සංගමය
05.රාජ්‍ය සේවා ජාතික කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
06.ශ්‍රි ලංකා නිදහස් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා සංගමය
07. සමස්ත ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය
08. රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය
09. ශ්‍රි ලංකා රජයේ ඒකාබද්ධ කළමනාකරණ සහකාර සේවා සංගමය
10. පළාත් කළමනාකරණ සහකාර සේවා නිලධාරින්ගේ සංගමය
11. එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ
12. ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවා නිලධාරි සංගමය
13. ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය
14. ශ්‍රි ලංකා කෘෂිකර්ම පර්‍යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සංගමය
15.සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය
16. ලංකා ගුරු සංගමය
17. ලංකා ප්‍රගති ගුරු සංගමය
18. රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය

ජනාධිපතිවරණය සමග පැමිණෙන අරගල රැල්ල අද දුම්රිය අකුරට වැඩ






අද දින දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවීය. බොහෝ දුම්රිය ධාවණය කලත් එවා සාමාන්‍ය පරිදි නොවේය. උදේ කාර්‍යාල වේලාවට පැමිණි දුම්රිය බොහෝමයක් ඉවාට අවශ්‍ය සිග්නල් නොලැබිම නිසා අතර මග බොහෝ වේලාවක් නවත තිබිණි. එම නිසා කාර්‍යාල සදහා යන කම්කරුවන් අපහසුතාවට පත්විය.

සවස කාර්‍යාල වෙලාවන් හි ධාවනය වන දුම්රිය කිහිපයක් ධාවනය නොවීය. ඉන් නිවෙස්බලා යන කම්කරු මගීන් දැඩි අපහසුතාවයට පත්විය. ටිකට්පත් කවුන්ටර් සියල්ලම වසා දමා තිබු අතර ඒ වෙනුවට ඒවා ඉදිරිපිටට හමුදාව කැදවා තිබිණි.

ආණ්ඩුව තවමත් දුම්රිය කම්කරුවන්ගේ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදී නැත. දුම්රිය ධවනයේදි සිදුවන අලාභ හානි දුම්රිය රියදුරන්ගෙන් අයකර ගැනිමට වු තීරණය තවමත් එසේමය. තවදුරටත් එම ගැටළුව විසදිමට පාලකයින් අසමත්වන්නේනම් ඉදිරියේදි දුම්රිය වැඩවර්ජනයක් දක්වා වර්දනය විමට හැකිය.












Thursday, September 19, 2019

පරිබෝජනවාදය හා ජාවාරම් සමාගම්

මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා පිරිමසා ගැනීමට තාක්ෂණය අත්‍යාවශ්‍යය. ගෙදරක ගෑස් කුකර්,බ්ලෙන්ඩර්,ෆිරිජි,අයන්, වෙෂින් මැෂින් නැතුව්ම බැරි තැනට වැටි තිබේ. ඒ ධනවාදය අපට උරුමකර දී තිබෙන අවිවේකි ජීවිතයත් සමගය. දැන් ජීවත්වීම අරගලයකි. ඊට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේය. ආහාර,ඇදුම් පැලදුම් හා නිවාස පෙර ලෙස තනා ගැනීමට නොහැකිය. ඒවා පෙර පරිදි බුක්ති විදිය නොහැක. දැන් නිවසකට විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදි ගත යුතුය. එසේ නොවුවහොත් ජිවිතය තවත් දුෂ්කරවනු ඇත.

මිනිස්සුන්ගේ මෙම ප්‍රශ්නයට ධනවාදය ආමන්ත්‍රණය කරනුයේ හැකිපමණ භාණ්ඩ ගොඩගසා ගන්නා ලෙසට ආරාධනා කිරීමෙනි. දැන් ඒ සදහා වෙලද පොළට සමාගම් රාශියක් පැමිණ තිබේ.abans,singer,samsun,LG,softligic,damro අදී ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ නොවන තවත් චීන හා ඉන්දියන් සමාගම් රාශියක් අපට භාණ්ඩ බෙදා හරිමින් සිටියි.


මෙම කිසුදු භාණ්ඩක ගුණාත්මක භාවය ඉතාම පහළ මට්ටමක පවති. සමාගම් තම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ දීර්ඝ කාලයක් සදහා නොවේ. එය ඔවුන්ට අවාසි සහගතය.   ඉතාවේගයෙන් කැඩිබිදියන භාණ්ඩ තොගයක් ඉතා වෛවර්ණ ලෙස විදුරු කඩවල දමා තිබේ. ඒවා අතිශයින්ම අලංකාරය. දකින ඕනෑම කෙනෙක්ට ඒවා මිලට ගැනීමට සිතෙන පරිදි හොදින් සකසා ඇත. පරිබෝජන වදින් ලෙස ගොඩනා තිබෙන මිනිසුන් එවා ලබාගැනීමට වෙහෙසෙති. සමහරු තමන්ට අවශ්‍ය නොවන නමුත් එවා ලබාගන්නේ තමන්ගේ තත්වය උසස්කර ගැනීමටය. ඒ කෙසේ වෙතත් ඒ කිසිදු භාණ්ඩයක් වැඩුකල් නොපවතින බව පමණක් කිව යුතුය.

බොහෝ දෙනෙක් පැතලි තිර රූපවාහිනී රැල්ලට මිලදී ගත්තේය. එහෙත් ඉන් ප්‍රමාණයක් අවසන් ගමන්ගියේ සමාගම ලබාදෙන වගකීම් කාලයද ඉක්මවීමට ප්‍රතමය. අනෙක්වා වැඩිමනක් වගකීම් කාලය අවසන්ව මාසයක් හෝ දෙකක් ඇතුලත අවසන් ගමන් ගියේය. අප දැඩිලෙස වෙහෙසි සොයාගත් සොච්චම් මුදල ඔවුන් සොරාගෙන නිවසේ කිසිදු වැඩකට නැති කුණු ගොඩක් පමණක් ඉතිරිකර දැමුවේය. දැන් එවැනි කුණු සෑම නිවසකම ඉතිරිගොස්ය. වැඩිමණක් ඇත්තේ ජංගම දුරකතන කුණුය.එම භාණ්ඩ වලට හුරුවීම නිසා නැවත ඉතා අමාරුවෙන් තවත් භාණ්ඩයක් ගෙනවිත් වසරකින් දෙකකින් තවත් කුණු ගොඩක් එකතු කරනු ඇත.

සමාගම් මෙලස ඉතා බාල භාණ්ඩ විකිණීම හරහා දැවැන්ත ලාභයක් උපයාගනු ලබයි. මොවුන්ගේ මෙම ජාවරම නිසා මිනිසුන් ඉතා කෙටි කලදි භාණ්ඩ නැවත නැවත මිලදි ගැනීමට සිදුවී තිබේ. එමනිසා සමාගම්වල ප්‍රතිනිෂ්පාදනය ඉතාවේගයෙන් ඉහළ ගොස් ඇත. මෙම නිසාම සාමාගම් කිසිවිටත් ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ නිපදවන්නේ නැත. මේ දෙස බලා සිටින පාලකයන්  ජාවරම හොදින්  කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙයි.

මිට පෙර ලංකාවට ගෙන්වු රූපවාහිනියක්  , ශීතකරණයක්  වසර 20 පමණ පරිබෝජනය කලද දැන් එය එසේ නැත. එය වසර තුනක පමණ වනවිට අවසානය ලගාවන බවට වන සලකුණු පෙන්වනු ඇත. ඉන්පසු වරක් දෙවරක් රෙපයාර්කල පසු ඒවා කුණු ගොඩට දමනු ඇත. එමනිසා ඉතා කෙටි   කලකදි නැවත නැවත අපේ නිවෙස්වල ගොඩ ගැසෙන කුණු ප්‍රමාණය අදික වනු ඇත. එක් පැත්තකින් පරිබෝජනවාදය අපව ගිලගන්නා ගමන් සමාගම්වල ජාවාරම හමුවේ  තවතවත් අප සිරකරනු ලබයි. එමනිසා අප මෙම ප්‍රතිපත්තියට විරොධය පලකරනවා සමගම පරිබෝජනවාදයෙන් මිදීමට වෑයම් කළ යුතුය.

ජනාධිපතිවරණය සමග ගලා යන අරගල රැල්ල





දැන් ජනාධිපතිවරණය ගැසට්කර අවසන්ය. දැන් ගෙවිගිය කාලය පිළිබදව කම්කරු ජනතාව හැරි බලා තමන්ගේ ප්‍රශ්න විසදීම සදහා සුදුසා ජනාධිපතිවරයෙක් තෝරාපත්කර ගනිතැයි සිතීම විහිළුවකි. කිසිදිනක එවැන්නක් සිදුවන්නේ නැත. එහෙත් මෙවර ජනාධිපතිවරණය පැවැවීම පිළිබදව ආණ්ඩුව ද සිටින්නේ දෙගිඩියාවකය. එයින් ප්‍රකාශ  වන්නේ ජනතාවගේ බලා පොරොන්දු කඩකල මෛත්‍රී ගේ හා රනිගේ ආණ්ඩුවට ලැබීමට තිබෙන කම්කරු  ජනතාවගේ  ප්‍රසාදය මැන ගැනීමටවත් තිබෙන අකමැත්තේ තරමය. එහෙත කම්කරු ජනතාව ඊලගල ගනු ලබන තීරණය පිළිබදව ද සිතාගත හැකිය. එයද එතරම් සතුටු දායක එකක් නොවේ. එමනිසා කම්කරු ජනතාව මැතිවරණ සමයේ නිදි වර්ජිත ජරවීමට වඩා තම අයිතින් වෙනුවෙන් පාරට බැසීම වඩා සාධනීය වේ.

මේ වනවිට කම්කරුවන්ගේ විසදුම් නොලද ප්‍රශ්න රාශියක් ගොඩගැසී ඇත. ඒවා පිළිබදව   පැවති සියලුම පාලකයන් කල්බලමින් ඉතාම සුක්ෂමව මගහැර ගියේය. කම්කරු වෘත්තීය සමිතිද කම්කරුවන් ගේ සටන්පාට තමන්ගේ අවශ්‍යතාවන්ට පමණක් භාවිතා කළේය. ඒවා මැතිවරණ සදහා හොද පොරොන්දු බවට පත්කළේය. එසේම ඒවා මැතිවරණ පොරොන්දු වූ පසු අකුලා දමා පාලකයින්ට තමන් කැමති ලෙස මැතිවරණ පිටිය සකසා දුන්නේය. එහෙත් මෙවර ඊට වඩා වෙනස් අවතීරණයක් දැක ගත හැකිය. එහි නැවතිම තිබෙන්නේ කොතනදැයි තවම කිව නොහැකි වුවත් අරගල රැල්ලක් ආරම්භ වී තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අකුරට වැඩ කිරීම ආරම්භ කරනබවට නිවේදනය කලේය. ඒ දුම්රිය රියදුරන්ගෙන් දුම්රියට සිදුවන අලාභහානි අයකර ගැනීමට පාලනාධිකාරිය ගත් තීරණයට එරෙහිවය.

ගුරු  වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් වැඩ වර්ජනයේ නිරතවන බව ප්‍රකාශ කර තිබේ. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම, ගුරුවරු දුෂ්කරතාවයට පත්කරන කොළ පිරවිල්ලට එරෙහිවත් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස බලකරමින් සැප් 26/27 සියලු ගුරුවරු වැඩවර්ජනයේ නියැලීමට නියමිතය.

නැවතත් වතුකම්කරුවන් වැඩවර්ජනය කිරීමට සුදානම පසුවෙයි. පසුගිය කේදනීය බෝම්බ ප්‍රහාරයට පෙර වතු කම්කරුවන් දැවැන්ත අරගලයකට ප්‍රවේෂව සිටියේ තම දෛනික වැටුප රු 1000ක් දක්වා ඉහළ දමන ලෙස බලකරමින්ය. බෝම්බ ප්‍රහරයෙන් පසු එම සටන නැවතුණු අතර වතු කම්කරුවන්ට ඉතාම සුළු වැටුප් වැඩිවිමක් පමණක් සිදුවිය. එහෙත් 1000 යේ ව්‍යාපාරයේ මැදිහත් විම මත නැවත අරගලය ඉදිටියට ගෙනඒමේ සුදානමක් පවති.

විශ්වවිද්‍යාල අනද්‍යන සේවක අරගලය. මෙම කණ්ඩායම ද මේ වනවිට වැඩවර්ජනයේ නිරත වේ. ඒ ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බල කරමින්ය. එය දැනට ක්‍රියාත්මක උවද ආණ්ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.



මස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය. මොවුන්ගේ ප්‍රශ්නයද කාලයක් සිට නොයිවසදන ගැටළුවක්ව තිබේ. මේ වන විටත් රෝහල් මට්ටමින් උද්ඝොෂණ ක්‍රියාත්මක කර තිබේ. ඒ අතිකාල දීමනා ලබා ගැනීම සදහාය. සෞඛ්‍ය සේවාවේ සැලකිය යුතු වැඩකොටසක් ක්‍රියාත්මක කරන මෙම කම්කරු පිරිසට සාධාරණ ලෙස අතිකාල දීමනා ලැබෙන්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ අමතර පැය 8ට වැටුපෙන් 30/1 කොටසක් ගෙවන ලෙසය. මේ වනවිටත් ඊට ආණ්ඩුව සුබදායි ප්‍රතිචාර දක්වන්නේ නැත. එම නිසාම මෙම අරගලය තවදුරටත් ඉදිරියට ඇදෙනු ඇත.

අන්තරේ අරගලයට ප්‍රවේෂ වේ. QAAC පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ශිග්‍රයෙන් අරගලයට පැමිණ තිබේ. එහි මුලාරම්භය ලෙස සැප් 19 දින සිට විරෝධතා බැනර් අත්සන් කිරීම ආරම්භ කළේය. එය ඉදිරි කාලයේදි රටපුරා ක්‍රියාත්මක වනු ඇත.

කටුපොල් වගාව . මෙම කටුපොල් වගාව ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන්නේ  Arpico නොහොත් ඩේවිට් පීරිස් පුද්ගලික සමාගම විසිනි. ඊට පසුගිය කාලය පුරාවට විරොධතා  ක්‍රියාත්මක උවද එම වගාව නවතා දැමීමට අවශ්‍ය මැදිහත්විම පාලකයින් විසින් සිදුකරන්නේ නැත. එම නිසාම කටුපොල් වගාවට එරෙහි ව්‍යාපාරයද තවදුරටත් අරගල කරනු ඇත.

මුතුරාජවෙල, අරුක්කාලු කසල වලට විරොධය. මේ වනවිට කුණු පාලකයින් පමනක් නොව රටම ගද ගස්සමින් තිබේ. ධනපති ආණ්ඩු රටේ තියෙන කුණු ප්‍රතිචක්‍රිකරණය කරගත නොහැකිවුවත් විදෙස් රටවල කුණු ගෙන ඒමට අවසර ලබා දී තීබේ. එවා පිරවිමට ආරුකාලු හා මුතුරාජවෙල තොරාගෙන තිබිම නිසා එහි ජනතාව දිගින් දිගටම විරෝධතා දක්වමින් සිටියි. එම විරෝධතා ද ඉදිරියේදි තවත් වර්ධනය වීමට නියමිතය.

මීට අමතරව මොනරාගල, පොළොන්නරුව,කුරුණැගල ගොවියන් තම ගැලළු වලට විසදුම් නොලැබිම හේතුවෙන් අරගලයට ප්‍රවේෂ වීමට නියමිතය.

මේ මොහොත මැතිවරණයක් කැදවු මොහොතක් වුවත්කම්කරු , ගොවි ජනතාව තම අවශ්‍යතා වෙනුවෙන් අරගල රැල්ලක් නිර්මාණය කරමින් තිබේ. කෙසේ වෙතත් මෙම අරගල ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට හැකිවේවායි අපේ ප්‍රාර්ථනයයි. එය කෙසේ වෙතත් මැතිවරණයට ඉඩ දි කම්කරු ,ගොවි ගැටළු යටගැසීමට ඉඩ නොදි එවා වෙනුවෙන් අරගලයේ මාවත තෝරා ගැනීම දේශපාලනයේ වඩා සාධනීය පීයවරක් බව සහිපත් කළයුතුය.

Wednesday, September 18, 2019

උපාධිධාරීන් පුහුණුවට බදවා ගැනේ



රැකියා විරහිත උපාධිධාරීන් කාලයක සිට උද්ඝෝෂණයේ නියැලුනේ රැකියා ලබා ගැනීම අරමුණුකර ගනිමින්ය. පසුගිය අගෝස්තු 01 වනදා ඉන් උපාධිධාරීන් ප්‍රමාණයක් වසරක පුහුණුවකට බදවා ගන්නා ලදි. ඉන් ප්සු බාහිර උපාධිධාරීන් ප්‍රමාණයක් ද පුහුණුවට බදවා ගන්නා ලදි. එසේම පළාත් සභා මගින් ගුරුවරුන් පිරිසක් ද බදවාගෙන තිබේ.

උපාධිධාරීන්ගේ මෙම රැකියා ගැටළුවට එකාබද්ද රැකියා විරහිත උපාධිධාරී සංගමය දිගින් දිගමටම පෙනී සිටියේය. එහෙත් රැකියා විරහිත අරගලය විටක ශක්තිමත්ව ඉදිරියට ගමන්කළ අතර පසුව එය යම් පසුබෑම්වලට ලක්විය. එහිදි මතු වු ප්‍රධානම ගැටළුව වුයේ උපාධිධාරීන් වෙන්වෙන්ව බෙදී වෙන්වීමය. විටක අරගලය බාහිර හා අභ්‍යන්තර ලෙසත් බෙදිවෙන්විය. සමහර විට පාඨමාලා, විශේෂවේදි, සාමාන්‍යවේදි ලෙසද බෙදි වෙන්වනවා දැක ගත හැකිවිය. මෙවන් තත්වයකදි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ක්‍රියාකළ ආකාරය ප්‍රශංසනීය වේ.

රැකියා ලබාගැනීමේ අරගලය යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කළ බැව් සැබෑය. එහෙත් සංවර්ධන නිලධාරින් ලෙස බදවාගත් උපාධිධාරීන්ට එම තනතුර හිමිනෙවීම පිළිබදව  කිසිවෙක් මේතෙක් ප්‍රශ්න නොකරති. ඇත්තෙන්ම උපාධිධාරීන් බදවාගෙන තිබෙන්නේ සංවර්ධන නිලධාරින් ලෙස නොවේය. උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව කීවද ලබා දී තිබෙන්නේ උපාධිධාරී අභ්‍යස ලාභාන් ලෙසය. එය රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමක් නෙව, එය රැකියා ලබාදීමක් නොව. රැකියා ලබාගැනීමට නම් උපාධිධාරී අභ්‍යාස ලාභින්ට වසරක් බලා සිටිය යුතුය. ලැබෙන රු20000 යේ දිමනාවෙන් වසරක් ගතවනතෙක් කෙසේ හෝ ජීවිතය ගැටගසාගෙන සිටිය යුතුය. එහෙත් එය එසේ වන්නේ අහ්‍යාස ලාබින් නිහඩව සියෝත් පමණි. එමනිසා සත්‍ය ලෙසම රැකියා ලබා ගැනීමට නම් නැවත අරගලයට ප්‍රවේෂ විය යුතුය. එසේම සංවර්ධන නිලධාරින්ට තවත් බෝහෝ ගැටළු ප්‍රමාණයක් ඇත. ඊටද පිළිතුරු සෙවිය යුතුය. ඊටද උපාධිධාරී අභ්‍යස ලාභින් අරගලයට පැමිණීම අනිවාර්ය වේ.

පාලකයින් උපාධිධාරීන්ට රැකියා ලබාදුන් බව කීවද එය සැබෑවක් වීමටනම් තවත් බොහෝ දේ සිදුවිය යුතුය. මේ වනවිට සංවර්ධන නිලධාරින් වෙනුවෙන් පෙනී සිටින සංගම් රාශියක් තිබුණද එවා නිහඩව සිටීම පුදුම සහගතය. අහ්‍යස ලාභින්ට හා සංවර්ධන නිලධාරින්ට විශාල ගැටළු ප්‍රමාණයක් තිබුණද එවා පිළිබදව මෙම වෘත්තිය සමිති කටක් හොල්ලන්නේ නැත. එමනිසා මෙම ගැටළුවේ සැබෑ  තත්වය අවබෝධ කරගත් වෘත්තීය සමිතියක අවශ්‍යතාව සංවර්ධන නිලධාරින්ට ප්වතින්නේය. එමනිසාම නැවත අරගලයක් ආරම්භ කිරීමට පෙර සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්න ගැටළු සාකක්ජ්ක්ජා කරන වෘත්තීය ඉතියක් ගොඩනැගීම සියලු දෙනාගේම අවකීම වනු ඇත.

විශ්ව රන්දිම විසිනි.

Tuesday, September 17, 2019

මර්දනය වැටමාර පොල්ල හා නවකවද දේශපාලනය


රුහුණු විශ්ව විද්‍යාලයට   උපකුලපති ලෙස සුජී අමරසිංහ පැමිණියේ මර්දනය අතේ තබාගෙනය. ඉන් ආරම්භ වු කාලයේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ට දැවැන්ත මර්දනයකට මුහුණ දිමට සිදුව තිබේ.   උප කුලපති සුජි අමරසිංහ අධ්‍යාපනය විකිණිමේ ඉලග අදියර ඉදිරියට ගෙනඒමට ඉදිපත් වු අයෙකි. ඔහු වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට  සිහින දකින්නෙකි. ඔහුගේ ප්‍රධාන හතුරා ඊට එරෙහිව සිටින ශිෂ්‍ය ව්‍යාපාරයයි. එමනිසා ඔහු ශිෂ්‍යව්‍යාපාරයට එරෙහිව මර්දනය ආරම්භ කරන්නේය.

රුහුණු විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක කරන මර්දනය නවමු ආකාරයේ එකකි. එය ආණ්ඩුව විසින් මෑතකාලයේ සොයාගත් අලුත්ම ක්‍රමවේදයකි. මීට පෙර ශිෂ්‍යයින්ට මර්දනය ගෙන ඒමට උසාවි නියෝග, ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් , නිවෙස්වලට පොලිස් කණ්ඩායම් මැදිහත් කිරීම්,ශිෂ්‍යයින් ගේ නිවෙස්වලට තර්ජනය කිරීම්, විනය පරීක්ෂණ වලට සිට ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් යොදාගත්තේය. එහෙත් දැන් ඊටවඩා වෙනස් තත්වයක මර්දනය ක්‍රියාත්මක වෙමින් තිබේ.  එය නවකවදයට මුවා වි සිදුකරමින් තිබේ. මීට පෙරද නවක වදය මර්දනයට යොදා ගත්තද දැන් එය ඉතා නිර්මාණශීලිව කරන ගොඩනැන්විමක්ව තිබේ. එය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ආලුත්ම  නාටකයාවේ.

වැටමාර පොල්ලේ කතාව   
වැටමාර පොල්ලේ කතාව  පැමිණෙන්නේ ඒ අනුවය. ඉතාම දුර්වල ශිෂ්‍යයින් මේ සදහා තෝරා ගනු ලබයි. වැටමාර පොල්ලක් තමන්ගේ ශරීරයට බස්සනකන් සිටියා යැයි කියන ශිෂ්‍යයා ඊට උදාහරණයකි. ඔහුට රුහුණු වුශ්වවිද්‍යාලයීය පාලනය කරනු ලබන බලපෑම හා ඔහුට ලබාදෙන වරදාන නිසා මෙම කටයුත්ත සිදුකොට තිබේ. ඔහු පොලිසියේ ගොනුකල පැමිණිල්ල  අනුව දැන් මහා ශිෂ්‍ය සංගමයේ  සභාපති ඇතුලු පිරිසක් සිරගතකොට තිබේ. එය සරල සිදුවිමක් නොවන්නේ ආණ්ඩුවට ඕනෑම මොහොතක නවකවදයට මුවා වී ඕනෑම අයෙක් මාස තුනකට අදික කාලයක් සිරගෙට යැවිය හැකි නිසාය.

රුහුණු පාලනදිකාරියේ මර්දනය තවත් දෙයක් ප්‍රකාශ කරමින් සිටියි. ඔවුන්ගේ අරමුණකරා යාමේදි මේ ගන්නා ලද ක්‍රියාමාර්ග සුළු ඒවා වන බවය. මොකද තවමත් ආණ්ඩුව තමන් සිතන මර්දනය කැදවා නැත. උපකුලපති සුජි අමරසිංහ මේ සිදු කරනුයේ අත්හදා බැලීමක් පමණි. එහි සමහර දේවල් සාර්ථක වු බවනම් පැහැදිලිය. එහෙත් ඊලග අදියර මීටවඩා භයානක වනබවනම් කිව යුතුය. ශිෂ්‍යයින් භීතියෙන් ඇලලි ගන්නා ක්‍රියාමාර්ග තව ඉදිරියට පැමිණීමට නියමිතය. ඊට අදාළ වටපිටාව සකසා තිබෙන නිසා ආණ්ඩුවට අවශ්‍ය  වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වල අවස්ථාවකි. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය ඉතාම බුද්ධීමත්ව කටයුතු කළයුතු අවස්තාවක් පසුකරමින් තිබේ.


රුහුණේ මර්දනය පිළිබදව සමාජයට කරුණු ඉදිරිපත් කිරීම සදහා සකස් කල මර්දන වාර්තාව එළි දැක්වීමට නියමිතය. එහි දී මර්දනයේ සැබෑ සතු සමාජගත කිරීම වැදගත්ය. එසේම මර්දනයට යොදාගන්නා නවකවදය පිළිබදව වඩා දේශපාලනික හෙලිදරව්වක් කරන්නේනම් හොදය. මර්දනයට නවක වදය යොදාගන්නා ව්‍යාපෘතියත් ඒහා සම්බන්දව සිටින පුද්ගලයන් ද මෙහිදි සමාජය ඉදිරියට ගෙන ආ යුතුය. නවකවද දේශපාලනයේ නිරත ආචාර්ය  නිර්මාල් රංජිත්  වැනි අය මෙහි සිදුකරන කාර්‍ය සොයා බැලිය යුතුය.

මීට පෙර විශ්වවිද්‍යාල තුල නිර්මාණය කල සුළු සිද්ධින් වලට මාධ්‍ය පැමිණි          ආචාර්ය දේවසිරි වෙනුවට වෙනත් පිරිසක් ඊට ඉදිරිපත්ව සිටියේය. ඒත් නවකවදය වෙනුවෙන් අව්‍යාජවම ඉදිරිපත් වන ආචාර්ය දේවසිරි වැටමාර පොල්ල ඉදිරියේ නිහඩව සිටියේය. ඒ වෙනකක් නිසා නොව ඔහු මේ මොහොතේ ආණ්ඩුව ගොඩදැමිමේ ව්‍යාපෘතියේ නොසිටින නිසාය. එහෙත් ආචාර්ය නිර්මාල් මෙන් නවකවද දේශපාලනයට පැමිණීමට තවත් බොහො අය සිටියි. එම නිසා මර්දයට මෙම පිරිසගේ දායකත්වය හා එහි සම්බන්ධයද හෙළි කළ යුතුය. එසේ නොවන්නට සමාජය ඉදිරියේ මර්දනය සුජාත  වෙමින් මර්දනය තිවුරව වැඩීමට දායකත්වයක් සපයනු ඇත. මෙම සුජාත භාවය ආණ්ඩුවේ ඇමඅතිවරයෙක් මාධ්‍යට පැමිණිමෙන් කැනෙන්නේ නැත. ඊට ආචාර්යවරු, මාධ්‍ය වේදින් කිහිප දෙනෙක්, සිවිල් සංවිධානවල කිහිපදෙනෙක් සිටීම හරහා ඉතා පහසුවෙන් නවකවදය නොදුන්නාත් දුන්නායන තරමට අදහසක් සමාජගත කළ හැකිය.  එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදය යොදාගෙන කරන මර්දනය පිළිබදව වඩා වැඩි අවධානයක්  යොමුකළ යුතුය. නවකවදය පිළිබදව ගොඩානගා තිබෙන මතය වෙනස් කිරීමට මැදිහත් විය  යුතුය. එසේම නවකවද දේශපාලනය පිළිබදව හෙලිදරව්වක්  සමාජය වෙත යොමුකළ යුතුය.

ලසන්ත රණවීර විසිනි .

ආණ්ඩුව කිරිපිටි තහනම් කරයිද?

මීට පෙර ලංකාවට ගෙන්වන කිරිපිටිවල විෂ රසායනික ද්‍රව්‍ය ඇති බවට වෛද්‍යවරු අනාවරණය කළේය. මේ පිළිිබදව කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය  ගිශාන්ත දසනායක විසින් නොයෙක්වර ආණ්ඩුවට මේ පිළිබදව අවධාරණය කළේය. ඒ සෑම විටම ආණ්ඩුව මෙම චොදනා ප්‍රතික්ෂේප කළේය. විටෙක සමහර කිරිපිටි පමණක් තහනම් කර නැවත ඒවා චොදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එහෙත් ප්‍රාග්ධනය හමුවේ ආණ්ඩුව කොතෙක් දණ ගැසුවත් එහි සත්‍ය වසන්කළ නොහැක.

ඒ අනුව ලංකාවට ගෙන්වන කිරිපිටි වල ඩී.සී.ඩී. හෙවත් ඩයිසයන්ඩයිඒමයිඩ් විෂ රසායනිකය අඩංගුවන බවට පරමාණු බලශක්ති අධිකාරිය විසින් අනාවරණය කරගෙන ඇත. මේ පිළිබදව ආණ්ඩුවට ,රෙගුවට, පාරිබෝගික අධිකාරියට හා සෞඛ්‍ය අමාත්‍යාංශන්ශයට දන්වා යවා ඇත.

දැන් ආණ්ඩුව මෙම අනාවරණය අනුව නැවත ලංකාවේ කිරිපිටි තහනම් කළ යුතුය. එහෙත් එය සිදුවේදැයි සැක සහිතය. තහනම් කළත් එය කොතෙක් කල් පවතිදැයි සැක සහිතය. කුමක් වුවත් සමාගම් මෙම චොදනාවෙන් නිදහස් කිරීමට ආණ්ඩුව කුමක් හෝ කරනු ඇත. මොකද ආණ්ඩුව සිටින්නේ ආණ්ඩුව පත්කරගත් පිරිසගේ උවමනාවන් සදහාය. කිරිපිටි සමාගම් ජනතාවට වස විකීමට අවසර ලබාගත්තේ ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් පාලනයේ සිටි නිසාය. ඉන් අතිවිශාල මුදලක් ලාභ ලබා අවසන්ය. එසේම ජාවාරම දසක ගණනාවක් ක්‍රියාත්මක කොට තිබේ. දැන් ලංකාවේ ආහාර සංකෘතිය පවා විකෘති කොට ඇත. එම නිසා කිරිපිටි ජාවරම අවසන් කිරීමට කටයුතු කල යුතුය.

ආණ්ඩුව කරනුයේ තමන් නියෝජනය කරන පන්තිය ආරක්ෂා කිරීමය. එහෙත් ඉන් බැටකන්නේ නිර්ධනයින්ය. ආණ්ඩුව කිසිදු විටෙක නිර්ධනයන්ගේ පැත්ත ගන්නේ නැත. එමනිසා කිරීපිටි ජාවරම අවසන් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ නිර්ධන පන්තියටය. ආණ්ඩුව නිර්ධනයන්ගේ අවශ්‍යතාව නියොජනය නොකරන නිසා තමන්ගේ අවශ්‍යතාව ඉටුකරවා ගැනීමට නිර්ධන්ට තමන්ගේ බලය බාවිතා කිරීමට සිදුවේ. එමනිසා කිරිපිටිවල විෂ අපට පෙවු ආණ්ඩුව, කිරිපිටි විෂ අපේ දරුවන්ට පෙවු ධනපති ආණ්ඩුවට එරෙහිව ඉදිරියට පැමිණිය යුතුය. එතෙක් කෙසේ හෝ නිර්ධනයින්ට විෂ කිරි පිටි පෙවීමට ධනපති ආණ්ඩුව කටයුතු කරනු ඇත.

Monday, September 16, 2019

නෙළුම් කුළුණේ වද සැත්කම්

නෙළුම් කුළුණ ඇද 16 විවෘතකොට තිබේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදි ඔහු නෙළුම් කුළුණ පිළිබදවත් එහි ඓතිහාසික වංචාවන් පිළිබදව කතා කළේය. මහින්ද හොරෙක් යන්න තවුරු කිරීමට මොහුගේ මේ වචන හොදටම ප්‍රමාණවත්ය. ජනාධිපතිවරය කියන   කොටි 200ක ගැහිල්ල ගැන කියන්නේ තවත් ඈයෝ සිරබාරයට ගන්නද නෑතනම් මැතිවරණ ප්‍රකාශයක් ලෙසද ? ඇත්තෙන්ම මෙවැනි පුවත් ජනතාවට අරුමයක් නොවන බව ජනාධිපතිවරයා නොදන්නවා විය හැකිය. එහෙත් ජනතාව එය හොදින් දනි. නමුත් ඊටත්වඩා දේවල් ජනතාව දන්නා බව ද ජනාධිපතිවරයා නොදන්නේය.

නෙළුම් කුළුණ ඉල්ලා පාරට බැහැපු ජනතාව අතර විදුලිය ජලය වැසිකිලි නැති පාසල් ශිෂ්‍යයින්නම් කීයක් සිට්න්නට ඇද්ද? කන්න නැතිව මිය ගිය ළමුන්ගේ අවසන්  ඉල්ලම  නෙළුම් කුළුණ විය හැකිද ? හැමදාමකොහේ හෝ උද්ඝොෂණයක් මතුවන්නේ තමන්ගේ ගමටයන පාර අලි ගාඅහන විට අලි වෑආට  හදන්නට කියා නොවන්නට පුළුවනි ද? ඒවා ජනතාවට කියන්න ඉඩ නොතියා පාලකයෝ වෙලාවට නිම කරන්නේද ?. බඩු මිල අඩු කරමි පඩි වැඩිකරමින් යන නිසා නෙළුම් කුළුණ රටට අත්‍යවශ්‍ය බව කම්කරුවෝ වැඩවර්ජන කර කියා තිබේන්නේද? මෙම නිසා නෙළුම් කුළුණ තවත් උසට හදන්නට තිබුණේනම් හොද නැද්ද ?

දැන් කුළුණ නිම කිරීමට ප්‍රථම ලොක බැංකුවේ සිට සියලුම උන්ගේ ණය ගෙවා දැමා අහවර කර තිබිම කුඩා ජයග්‍රනයක් විය යුතුමද? . මින් මතු ජනතාවට වද විමින් බදු ගෙවන්නට අවශ්‍ය නැද්ද?. මෙතරම් දියුණු රටේ පාලකයන්ට කරන්න ඇත්තේ නෙළුම් කුළුණට නැග කවුරුන් හෝ නැවක යන බල්ලෙක් අපේ රටට කුණු බිදුවක් හෝ හලා පරිසරයට හානි කරනවාද යන්න සෙවිල්ලෙන් සිටිම වැන්නක් නොවේවිද? ඊට මේ කුළුණ බොහෝ ප්‍රයොජනවත් වන්නේ නැද්ද ?

එහෙත් ජනාධිපති පතිවරයාගේ මේ තගින් මහින්ද හොල්මන් වී ජනතාව ඉදිරියට පැමිණ සමාව ගැනිමට ඉඩ තිබේ ද?. එම මුදල් නැවත දෙනු  ඇද්ද?. එවා අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට යොදවන්නට ඉඩක් ඇත්තෙම නැද්ද?. එවැනි නායකයින් සිටියොත්  අපට අදර්ශයක් නොවන්න්නේදා?. ඔවුන් ඓතිහාසික වන්නේ නැද්ද ?

මෙවැනි සාමාජයක් මෙවැනි පාලනයක් සිතලුවක් පමණි. ඒ කිසිත් සිදුවන්නේ නැත. හැමදාම වගේ නිධනයිගේ බඩට ගසා ගොඩගසන මුදල් ධනපතියන්ගේ ආයෝනන සදහා යටිතල පහසුකම් තනනු ඇත. එයින් නිර්ධනයන්ගේ කිසිදු ප්‍රශ්නයක් විසදෙන්නේ නැත. කෝටි 200 කතාව මහින්ද ගේ නඩය මේච්චල් කිරීමට කරන කතාවකි. හෙට නැවත එවැනි කතාවක් ඇසෙනු ඇත. ඒවා නිකන් වද ගෑනිට කරන්න හදන වද සැක්කමක් වැනි ක්‍රියාවන්ය. කෙසේ වෙතත් මෙහිදි ජනාධිපතිවරයා, අගමැති රනිල් වාගෙම මහින්දත් නෙළුම් කුළුණේ පාර්ෂව කරුවෝය. මොවුන් නිර්ධන පාන්තික ජනතාවගේ ප්‍රශ්න  වෙනුවට වෙන එක් ජන කොටසකගේ  පමනක්  අවශ්‍යතාවක් සම්පුර්ණකර තිබෙන බව දැක ගත හැකිය. කන්න නැතත්,පාසල්,සෞඛ්‍ය පහසුකම් නැතත්, රැකියා නැතත් නෙළුම් කුළුණ ඉදිවන්නේ මේ නිසාය. ඔවුන් නිර්ධන පන්තියේ තොපේ නායකයො නොවන බව පමණක් නොපෙනේනම් ඒ අප සමජයේ දියුණුවේ තරම පමණක් පෙන්වාදෙන නිර්ණායකයක් වනු ඇත. දැන් ජන්දය පැමිණෙමින් තිබේ. එහිදි නැවත ඔබ ජන්දය ලබා දි සැම ප්‍රශ්නයක්ම පුකේ ගසාගෙන වෙන උන් අවශ්‍යතාවන් සපුරන නායකයින් පතකර ගන්න. එවිට හැමදාම අපි මෙහමම ඉන්න ගමන් ගහන කුළුණුවල උස ගනිමින් සිටිය හැකිය.

ලසන්ත රණවීර විසිනි

අධ්‍යාපනය විකිණීමට සියල්ල සුදානම්


QAAC පනත ඇවිත් ලොකු කාලයක් ගියේ නැත.දැනට දින කිහිපයකට උඩදි ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මෙහි බරපතලකම කොතෙක්ද කීවෝත් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන කටයුතු කරන අවසන් ශිෂ්‍ය ප්‍රජාව ලෙස දැනට විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාර්ථයින් ඉතිහාසයට එක්විමෙන් වටහා ගත හැකිය. මීට පෙර සටන් කළ මිනිසුන් නිසා අද අධ්‍යාපනය හදාරන්නෝ විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. එහෙත් ඉතිහාසයේ සිටි එකි මිනිසුන්ගේ සටන්වලට තවත් ඉදිරි පරම්පරාවකට ඉකී අවකාශය උදාකළ නිහැකිය.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ අර්ථය මින්පසු වෙනස් වීමට නියමිතය. එම සංශෝදයෙන් පසු නිදහස් අධ්‍යාපනය නාමික වන අතර රටේ ඉදිරි අධ්‍යාපනය මුදල මත පමණක් පදනම් වු ක්‍රියාවලියකට පැමිණෙනු ඇත.
ආණ්ඩුවේ කාලය අවසන් වීමට තිබෙන්නේ  ඉතා කෙටි කාලයකි. දැන් ආණ්ඩුව එක්කෝ ගෙදර යාමට හෝ නැත්නම් එය තවත් ජයග්‍රහණයක් ලෙස සමරා ජන්දයට ඉදිරිපත්විමට සුදානම් වෙමින් සිටියි. එය මෙතෙක් හෝ ප්‍රමාදවුවේ අන්තරේ නිසාය. අන්තරේට බිය වු බොහෝ එජාප මන්ත්‍රීවරුන් මෙම පනත ජන්ද කටේ ගෙන එන්නේ කුමක් නිසාද? අපි නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතු නැද්ද? වැනි ප්‍රශ්න නායකත්වයෙන් විමසමින් සිටියේය. එහෙත් දැන් අන්තරේ සටන් බිමේ නැත. මේ නිසාම එජාප නායකත්වය වඩ වඩා වේගවත් වෙමින් සිටියි. ඔවුන්  එජාප මන්ත්‍රීවරුන් ගේ බිය පහවයාම සදහා වන කරුණු කාරනා සවිස්තරව මන්ත්‍රීවරුන්ට පැහැදිළි කොට ඇත. ඔවුන්ට තිබෙන්නේ පොඩි ජොලි පාට් එකක් පමණක් බව එජාප නයකත්වය අවධාරණය කොට ඇත.

ශිෂ්‍ය ව්‍යාපාරය කෙදිනකවත් අත්නොදුටු අකාරයේ අද්දැකිමක් අත්විදිමින් සිටින මොහොතක එය විද දරාගැනීමින් ද සිටියි. ඊට කොතරම් කාලයක් ගතවනවාදැයි තවම නිශ්ච්‍යය කළ නොහැක.එහෙත් සතුරා පැමිණ බල්ටි ගසමින් ශිෂ්‍ය ව්‍යාපාරයට උසුළු විසුළු කරන්නේ මේ ඉඩ භාවිතා කරමින්ය.

සයිටම් සටන මෙන් බොහෝ කලක් සටන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුව මේ සදහා කල්ගන්නේ නැති නිසාම සියල්ල ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරනු ඇත. මෙම සිටලුම තත්වයන් ශිෂ්‍ය ව්‍යාපාරයට අවාසිසහගතය එහෙත් ආණ්ඩුවට ජයග්‍රහණය දී සිටිය හැකිද? ඊට එරෙහිව කවුරුත් හෝ සටන ආරම්භ කළ යුතුය. එය ශිෂ්‍ය ව්‍යාපාරය හෝ වෙන කවුරුන් විසින් කළද ආණ්ඩුවට වඩා වේගයෙන් සටන ප්‍රසාරණය කළ යුතු බව පමණක් අවධාරණය කරමු.

ලසන්ත රණවීර විසිනි.

Sunday, September 15, 2019

ජනාධිපති අපේක්ෂක අනුරට ප්‍රශ්නයක්


අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපති වරණයට ඉදිරිපත්විමට නියමිතය. ඔහු දැනටම තමන්ගේ ජන්ද ව්‍යාපාරය ආරම්භකර ඇත. එය ඔහුගේ අනුගාමිකයන් විසින් ගෙනයන අතර ඊට අතිවිශාල මුදලක් වැය කරමින් සිටියි. සමහරු අනුර දිසානායකගේ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා වු සංවාදයේ මුලසිටම සිටි අයයි. සමහරි ඊට මැදින් සම්බන්ධ වු අයයි. අවසානයේ සම්බන්ධ වන්නෝ කලින් සාකච්චාවට ගතයුතු කිසිවක් දන්නේ නැත. අනුර අපේක්ෂකයා ජනාධිපතිවරණයට පැමිණීමට පෙර දසකුත් සාකච්චා විවිධ තැන්වල සිදුකර තිබේ. ඊට සම්බන්ධවු අය අතර ජවිපේ සාමාජිකයන් කිහිපදෙනෙක්  හැරුණාම අනෙක් සියලුදෙනා ජවිපේන් පරිභාහිර වුවෝ විය. ජවිපේ සාමාජිකයන් මෙම තිරය පිටුපස සාකච්චා දන්නේ නැත. ඔවුන්ට එය අදළ නොවන බවද ඔවුන් කියා සිටියි. එම නිසාම මොහොතේ එකී සාකච්චා ජවිපේ සාමාජිකයන්ට අදාළ නැත. නමුත් එය අදාළවන අවස්ථාව මතුවට උදාවන බව අපි හොදින් දන්නෙමු.

ජවිපේ නායකයා ඉබේ ජනාධිපති අපෙක්ෂකත්වය ලබා ගන්නේ නැත. ඔහු වාමාංශික පක්ෂයක නායකයෙක් උවද ඔහු කරක්ගැසුවේ වමේ සාමුහිකයක් වටේ නොව. ධනවාදයේ එල්ළී සිටි කුඩැල්ලන් වටේය. ඔවුන් අනුර තමන්වෙතට අකාර්ශනය වනබව දුටු සැනින් සතුටට පත්ව ඊට අදාළ වැඩපිළිවෙලක් නිර්මාණය කරගනියි. එම වැඩපිළිවෙල කිසිවිට වාමාංශික එකක් නොවේ. එය දැනට ධනපති පන්තියට ඇතුල්වීමට නොහැකිව විදවමින් සිටින්නගේ වේදනාවේ වැඩපිළිවෙළකි. එහි ඇත්තේ  ධනපති පක්ෂ දෙකට වඩා වෙනස් වැඩ පිළිවෙළකි. එය නවලිබරල් ධනවාදයේ ගමනේ කැත වසා දමා ලස්සන කරන වැඩ පිළිවෙළකි. එහෙත් ජවිපේ නායකයාට හො ඊට මැදිහත් වු ඉහළ මධ්‍යම පාන්තික අති පණ්ඩිතයන් පවා බියෙන් පත්ව ඉදිරිපත් නොකළ සමහර දේවල් ද ඒ අතර වේ. ඒවා බොහෝ දුරට ගෙන එන්නේ නොතේරෙන භාෂාවෙන්ය. උදාහරණයක් ලෙස ඔවුන් කෙහෙවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනි නොසිටියි. එසේම මොවුන් අධ්‍යාපනය විකිණීම සදහා ද ඍජව පෙනි නොසිටියි.  ජවිපේ අලුතින් අත්පත් කරගනිමින් යන ප්‍රජාවගේ අදහස පවා කීමට බිය උපදවා සිටින්නේ  ඇයි. ඉහළ මධ්‍යම පාන්තික කෑදරයන්ට තම අධ්‍යාපනය අවශ්‍යතාව පවා තම නියෝජිතයා හරහා කියා ගැනීමට නොහැකිව තටමයි. මධ්‍යම පන්තියේ ඉල්ලිම් ලෙස වංචාව, දුෂණය, මැරකම්,ජාවාරම් හා කුඩු ජාවාරම ගැන මහ ඉහළින් කතා කරන්නට හැකි උවත්, ජනාධිපති අපේක්ෂක අනුර තම ප්‍රජාවගේ නියෝජිතයා ලෙස අධ්‍යාපනය විකිණීම කළ යුතුය යන අදහස කීමට පැකිලෙමින් තිබේ. එය මෙම ව්‍යාපාරයේ තිබෙන ශක්තිමත්කම මැන බැලීමට ඇති නිර්ණායකයක් වනවා ඇත.

නිර්ධනයන්ගේ අවශ්‍යතා පිළිබදව කිසිදු සාකච්චාවක් නැත. වංචාව ලෙස ජවිපේ නාකයා කතා කරන්නේ නිර්ධනයාට සිදු කරන වංචාවක් ගැන නොවේ. මෙහි වංචාව යනු අනුර නියොජනය කරන්නගේ  ප්‍රශ්නයකි. කම්කරුවා කම්හළේ වෙලද පොළේ දැවැන්ත වංචාවකට හසුව තිබේ. මෑන්පවර් වහල් සේවය එවැන්නකි. නමුත් එවැනි සාකච්චාවක් ජාතික ජන් බලවේගය සාකච්චා කරන්නේ නැත. නමුත් අනුර අධ්‍යාපනය සම්බන්ධව තම ප්‍රතිපත්තිය හෙළි නොකරයාමට ක්‍රියා කරන්නේද එපරිද්දෙන්මය. ජවිපේ  සාමාජිකයින් සිතන්නේ ජවිපේ සිටින්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් බවය. ඒ සමග පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති ජනාධිපති අපෙක්ෂක අනුර ලෙනින් වාදියෙක් නොවන බව කියා සිටියි. මේහිදි අනුර වංචාවක් සිදුකරමින් සිටියි. එක් පැත්තකින් ජවිපෙට වෙහෙසෙන ජවිපේ සාමාජිකයින් වෙනත් බලා පොරොන්දුවක තබාගනිමින් සිටියි. ඒ සමගම අනුර ජනාධිපති අපෙක්ෂකත්වයට ගෙන ආ පිරිස සමග වෙනත් සාකච්චාවක් පවත්වාගෙන යනු ලබයි. එහෙත් මෙහි සිදුවන්නට නියමිත සත්‍ය කුමක්ද යන්න සිහිබොද්ධියක් ඇත්තෝ දනියි. අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයේදි අනුර පිළිතුරු නොදිමග හරියි. එමනිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානයක හැකිනම් මීට පිළිතුරු ලබාදිය යුතු බවට අප අභියෝග කරමු. එසේම ඊට අද පිළිතුරු නොදි මගහරින අනුර දිසානායකගෙන් දිනක ජවිපේ සාමාජිකයන්ද ප්‍රශන කරනු ඇත. නමුත් ඒ වනවිට ජවිපේ සාමාජිකයන් බොහෝ ප්‍රමාද බැව් පමණක් සිහිපත් කළ යුතුය.

ලසන්ත රණවීර විසිනි .

Saturday, September 14, 2019

අරගලයේ මාතලං ගේ වචන


සැරසෙන්නේ ස්වාධීන රැගුමකටනම් අනිවාර්යෙන්  නායකත්වය අරගලයට පැමිණිය යුතුය.......( මාතලං - 2010 කිරිබත්ගොඩ දී )

මාතලං ටොක්කා උදුරාගෙන ගොස් වසර 9 ව තිබේ. වැසි වළා මැදින් සැප්තැම්බරය පැමිණෙන්නේ ශෝකි සුළග සැඩ සුළගක්වය. කැලණිය සිසාරා දිවෙන සීතල උණුසුම් කරමින් මාතලං ගේ මතකය විලාප දෙන්නේ වසර නවයක සිටය. අදත් මාතලං සමග ටොක්කා පැමිණ තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය ඔවුන්ගේ ජීවිතය දිග හැරීමටය. අප කම්මැලියන්ව සිටුනතාක් ඔවුන්ගේ මාවත අත්පත් කරගත නොහැක. ගිගුම් දෙන අහසයට සුරුවම් බාමින් ලෙහෙසි පහසු කාර්‍යවලට අතගසා සිටිය හැකිය. ඒවාට මහා දැවන්ත වැකි වචන යොදා සැරසිලි කරගත හැකිය. එහෙත් ඉන් කිසිත් නොවන වගනම් මාතලං ටොක්කාගෙන් ඉගෙනීම  ආරම්භ කරනවිටම වටහාගත හැකිය.

අද පාවා දෙන්නන්ට රජ යහන් තැනෙන්නේ මාතලං ටොක්කා ගේ කතාව නොදන්නාකම නිසාවෙනි. කොතෙක් මිනිසුන්   මහා  යන වචනය ශබ්දයට කීවද එය කිසිදිනක මහා ලොකුවැඩ වන්නේ නැත. ආණ්ඩුවට ඒවා සරල ගණයේ හා පහසුවෙන් පාලනය කළ හැකි දේ බව මාතලං ගේ කතාව අපට කියාදෙනු ඇත.

මතලංගේ සටන පාවාදීමට එරෙහිව  ගොඩනගන ලද්දකි. ටොක්කාට මාතලං අව්‍යාජ සටන් සගයෙක් වන්නේ ඒ නිසාය. උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිට් මාතලංට ජීවිතයේ ලිහා ගත යුතු මුලිකම සිද්ධාන්තයක් ලිහා  දමා අවසන් කළේය. ඔහු මැඩුවම් පිදුරු හා වී කරල් හොදින් වෙන්කර ගැනිමට සමතෙක් වන්නේ ඒ කාලයේදීමය. ඔහුට ස්වාධීන වී පොරටොක් ගෝනි ගණන් පුරවා දැමිය හැකිබැව් දැනදැනත් ඔහු තොරා ගන්නේ ඉතා අපහසු වාමාංශික දේශපාලනයයි. අපිට දේශපාලනය එපා කියා නිද්‍රා ශීලිව කේවට්ටකම් කරන්නන් අතර මාත්ලං විශිෂ්ටයෙකු වන්නේ මේ නිසාය. මාතලං නම් අව්‍යාජ මිනිසාට පෙම් බදින්නේ මේ නිසාය. එසේම ආණ්ඩුව හා ධනේශ්වර අතකොලු වෛර කරන්නේද මේ නිසාය. එසේම මාතලංට ස්වාධීන උවානම් ටොක්කා හමුවන්නේ නැත. පීඩිතව දැවෙන මිනිසුන් හමුවන්නේ නැත. ඒ වෙනුවට පීඩාව දෙස බලා අසරණ යැයි සිතා පීඩිතයන් වෙනුවෙන් උදව් කරන්නෝ හමුවන්නට ඉඩ තිබුණි. එම නිසා වාමාංශික ව්‍යාපාර වල පවා දහසක් ප්‍රශ්න තිබියදි, වාමාංශික දේශපාලනය තෝරාගත් මාතලං, ප්‍රශ්නයේ මුලික හරය වෙන්කර පෙන්වා දී තිබේ.



තමන් තොරාගත් දේශපාලනය ඇද කුද වලින් පිරුණු එකකි. නමුත් ඔහු එහි කළ අරගලය සුළු පටු නොවේ. ඇදකුද නිසා තමන්ටද එහි බුල කෙළමින් පණ්ඩිත වචන තෙපලමින් සිටිය හැකිය. ඒ වෙනුවට අති දුෂ්කර දේශපාලන අවදියකට පැමිණි ඔහු දැන් සිට්න ජවිපේ  ජනාධිපති අපෙක්ෂකයා සමග පවා සටන් කළේ නිවැරදි මතවාදය ගොඩනැගීමටය. ජවිපේ තුල අතෝරක් නොමැති මතවාද හැල හැප්පිලි වලදි කෙදිනකවත් ඔහු ස්වාධීන වීමට සිතුවේ නැත. ස්වාධීනව අරගලය අත්හිටුවේනම් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත්  දිනාගැනීමේ අරගලය නැවති බොහෝ කල්ය. ඒ වෙනුවට තිබිය හැක්කේ අරගලය නොව ස්වාධීන වු මල් සංදර්ශන ව්‍යාපාරයකි.

මාතලං ගේ මුලික අරමුණ  එලෙස ක්‍රියාත්මක වෙද්දි කිසිවිටෙකත් අරගල භූමිය අත්හරින්නට ඔහු සුදානම් නොවීය. කැලණියේ දී එල්ළවන මැර ප්‍රහාර කොපමණ උවද කළ යුතු කාර්‍ය නිමවා තැබීම ඔහු ගේ හැටිය.  සමහරු  දුරකතන විසංදිකොට රහසිගතව නිදා සිටින විට තනිව හෝ අදාළ කාර්‍ය නිමවාලීම ඔහුගේ සිරිතය. තනිව සටන් පාඨ ලිවීමටත් තනිව කටවුට් ගැසීමටත් ඔහු ඉගෙනගෙන සිටියේය. පාප්ප බාල්දිය වෙලි යාමට පෙර තවත් පාප්ප එකතුවුයේ අලුත් පොස්ටරය ඇලවීමටය. එහෙත් මාතලං දෙස බලන විට සමහර නායකයන්ට එලොව දෙල් පෙනෙනු ඇත. සමහරුන්ට දේශපාලන අදහසක් නැත. සමහරු පාවා දෙන්නේ තමන් මුදුනා මාර වැඩ්ඩා ලෙස පෙන්වාදීමටය. කිසිදිනක අරගල කරුවෙක්ට උචිත නොවන චින්තනයක් කරපින්නා ගන්නේ ඇගේ තිබෙන අලසකම නිසාය. අලසයා කෝපයෙන් වචන වැලක් තෙපළති. ඔහුට තමන්ව බේරා ගැනීමටත් තමන් ගතකරන අලස ජීවිතය  වීර වික්‍රමාන්විත ජිවිතයක් ලෙස පෙන්වාදීමට ඉන් හැකියැයි සිතති. එහෙත් ඔවුන් කළ කිසිත් නැත. ඔවුන් වදය. ඔවුන්ට අලුත් නිර්මාණයක් කරනවා තියා පැරැන්නෝ ශිෂ්‍ය ව්‍යාපාරයට නිර්මාණය කළ දේ රැක ගැනීමටවත් බැරීය.

මාතලං අරගල භූමිය සරසන විට ජවිපේ න්‍යායිකව අධ්‍යාපනය විකිණීම උදෙසා ගෙන ආ තක්කඩි අදහස් වලට එරෙහිව අරගල කළේය. එසේම අන්තරේ තුල අරගලය පලල් කිරීමටත් නිදහස් අධ්‍යාපනය රැකගනිමු. යන සටන්පාඨයේ සිට නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම දක්වා වු සටන්පාඨය අන්තරේ තුල තහවුරු කිරීමට ඔහු නොමද දායකත්වයක් සැපයීය. එකළ ආණ්ඩුවේ මැර නියෝජිතයා ලෙස කැලණියේ මර්වින්ගේ යකඩ චේන් පහරවල් හෝ දැලි පිහි පහරවල් මාතලං නවතා දැමීමට සමත්වුයේ නැත.  එසේ මිනිසෙක්ගේ ආ ගමනය ආණ්ඩුවකට අභියෝගයක් වනවා මෙන්ම රාජපක්ෂ රැස්වළලලට වූ හානියකි. එකින් එක පෙළ ගැසි පැමිණි විරෝධය සමනය කරන්නේ කෙළෙසද? බියට පත්වුවන් නැගි සිටින විට රාජපක්ෂ ආණ්ඩුව දරාගන්නේ කෙළෙසද? එකළ ආචාර්ය අරගලයේ දි  ආචාර්යවරු මේච්චල් වෙද්දී ශිෂ්‍ය ව්‍යාපාරය මේච්චල් කරගත නොහැකි තැන එහි නොහැකියාව අවසන්කළේ මාතලං ගේ හා ටොක්කා ගේ ජිවිත උදුරා ගනිමිනි.

මාතලං තවමත් ශිෂ්‍ය ව්‍යාපාරය ඔබ පැතු ලෝකය ගොඩනැගීමට වෙහෙසෙති. විවිධ මොහොතකවල් වලදි සතුරන් විවිධ මුහුණු පැලද පැමිණි බවත් සැබෑව. එහෙත් තවමත් අන්තරේ ස්වාධීන වී නැත. එය මාතලං ටොක්කා ගේ රුධිරයෙන් මෙන්ම අතීත විරුවන්ගේ රුධිරයෙන් රක්තවර්ණව වාමාක්ශික ව්‍යාපාරයක්ව ඉදිරියට ඇදෙමින් ඇත. අන්තරේ  අරගලය අත්හලේ නැත. එය මාතලං ටොක්කා ශිෂ්‍ය ව්‍යාපාරය තුල තබා ගිය සලකණු ඉදිරියටත් නොමැකෙන බවට වන සාක්ෂියයි. එමනිසා සෑම අරගලයකදීම මාතං ටොක්කා සටන් සගයිනි ඔබ අප සමග ධෛර්‍යෙන් අත්වැල් බැදගෙන සිටිනු ඇත.


ලසන්ත රණවීර විසිනි


Wednesday, September 11, 2019

මහීල් පවා දෙන්නෙක් වන්නේ කෙසේද?

ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ආරම්භ වන්නේ වාමාන්ශික ව්‍යාපාරයේ නි. එය ස්වාධීනත්වය පිළිබදව කෑ මොර දෙන්නෝ කොතෙක් කෑ ගැසුවාද ශිෂ්‍ය ව්‍යාපාරයට ඉන් තොරව ගමන්ක් නැත. කෙනෙක්ට එහෙම කියන්නේ කුමක් නිසාද යන්න ප්‍රශ්නයක් නම් කරුණාකර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති කියවන ලෙස ආරාධනා කරමු. වම පෙනි සිටින්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම උදෙසාය. මෙය අමු දේශපාලනයකි. එය ස්වාධීන වන්නේ නැත.

ශිෂ්‍ය ව්‍යාපාරයට වමේ අවශ්‍යතාව පැමිණෙන්නේ පාලක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනය විකුණන නිසාවෙනි. නැත්නම් විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් එක පෙළට සෙට් වන්නේ පාලකයෝ සමග මිස වම සමග නොවේ. ලැජ්ජා විරහිත පාලකයෝ අදත් උත්සහ කරන්නේ අධ්‍යාපනය විකිණීම උදේසාය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරයට වමේ අවශ්‍යතාවෙන් මිදිය නොහැක. මහීල් මම අසන පළවෙනි ප්‍රශ්නය දැන් අධ්‍යාපනය විකිණීමට එරෙහිව සාටනක් කරන්නේනම් නුඹ සහය පතන්නේ වමේ ව්‍යාපාරයෙන්ද නැත්නම් ස්වාධීනව ව්‍යාපාරයකින්ද?
වසරක් පාසා අලුත් වන ප්‍රජාවක් වන ශිෂ්‍යයින් වසර හාතරක් එනි සුළු කාලයකින් සටන්කොට ආණ්ඩුව මට්ටු කිරීමාට තරම් අද්දැකීමක් ලැබෙන්නේ කෙසේද? එසේ ප්‍රාතිහාර්යක් පෑ හැකි අය විශ්වවිද්‍යල වලින් නිෂ්පාදනය වන්නේ නම් අන්තරේ හැරුණාම එසේ නිර්මණය කළ අනෙක් සංවිධාන කොයිද? එවැනි සාංවිධාන නිර්මාණය නොවුනේ කෙසේද ? එවැනි සංවිධාන නිර්මාණය කලානම් එවා නිර්මාණය කළේ ස්වාධීන නොව දේශපාලනය කල අයයි. එමනිසා වමේ දේශපාලන පක්ෂ පිටුපස ශිෂ්‍ය ව්‍යාපාරයට යාම අනිවාර්යක් වනවා හැරුණාම එය නැවතිය හැක්කේ අධ්‍යාපනය ව්කිණිම නවතා දැමිමෙන් පසුවය. විශ්වවිද්‍යාලයට දේශපාලනය ගෙන එන්නේ නිදහස් අධ්‍යාපනය අවශ්‍යවන අයයි. ඔවුන්  දේශපාලන පක්ෂ මගින් දැනුමක් ලැබාගෙන සටනට ප්‍රවේෂ වේ. එය තවත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ වමේ ව්‍යාපාරය නිර්මාණය සිදුවිම අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය.. මගේ ඊලගා ප්‍රශ්නය මහීල්ට පෙසප අවශ්‍ය වුවේද නැද්ද යන්නයි.  මහීල් නායකත්වය දුන් සටන් ඕපපාතිකව  පහලවුවේ නැත. එවා නිර්මාණය කිරීමට මහීල් පෙසපේ සරණ පැතුවේය. එසේ නොවන්නට මහීල්ට කිරීමට ඇත්තේ පොඩි කැටපෝල් සෙල්ලමක් පමණි. එසේ නොවන්නට මහීල් මේ වනවිටත් ඉල්ලා අස්වනවා වෙනුවට ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනගා අවසන්ය. එසේම ඉල්ලා අස්වී නැවත බලය ඉල්ලා සිටියේද ස්වාධීනව නොවන බවද අවධාරණය කළ යුතුය. එයද කළේ තවත් දේශපාලන පක්ෂයක් සමගය. එය ස්වාධීනත්වය නම් මහීල් කියන සියලු දේ ස්වාධීන විය යුතුය. එමනිසා ස්වාධීනත්වය කියන්නේ පාවාදීම සුජාත කරන වචනයක් මිස ව්‍යාපාරයක් නොවේ.

ජවිපේ හා ශිෂ්‍ය ව්‍යාපාරයේ  ඉතිහාසය පිරිස්සන විටදීද එය එසේමය. එය එසේ නොවන බව කියන්නෙක් සිටියිනම් ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී හදුනෙත්ති හමුවි ඔහුගේ දේශපාලන ආගමනය කෙසේ සිදුවුවේ දැයි අසා දෑන ගන්න. එය එසේ සිදු කරන්න එකග නොවන මහීල් ශිෂ්‍ය ව්‍යාපාරය පාවා දීමේ පලමු පියවර තබයි. එනම් ස්වාධීන විමේ මහර්ග ඵලයට යෑම හරාහාය. මෙම ඵලයට පැමිණි පසු  වෙන්නේ කුමක් ද? මෙහි අරුත නොතේරෙන බබාලට ආතල් උවද එහි අරුත දන්න අයට ආතල් නැත. ස්වාධීන වූ පසු ශිෂ්‍ය ව්‍යාපාරයේ ඕනෑම බල්ල්ලෙකුට ලැගින්න හෑකිය. අධ්‍යාපනය විකිණීමට පක්ෂව හා විප්ක්ෂාව මාරාන්තික සටනක නියැලෙන ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ගෙනවිත් දමන්නට හැකිය. ශ්‍රි ලංකා නිදාහස් පක්ෂ ප්‍රාතිපත්ති වලට රින්ගාගත හැකිය. ඒ කියන්නේ වෙනුර, බාලේ නිෂ්මි, මාතලං,ටොක්කා ගේ රත්ත වර්ණයෙන් අධ්‍යාපනය විකිණිමේ වැඩපිළිවෙළ ඉදියට ගෙනයාම අන්තරේ පවරා ගන්නවා හැර වෙනත් අදහසක් එහි තිබේද? ඕනෑ එකෙක් ස්වාධීන වූවාට කම්නැත. එහෙත් අන්තරේ ස්වාධීන වීම කෙතරම් භයානකද යන්න තෙරුම් ගැනීමට මේ සිදුවන සිදුවීම් හොදම සාක්ෂිවනවා ඇත. එමනිසා අන්තරේ යනු වාම බහුජන ව්‍යාපාරයක් මිස ස්වාධීන ව්‍යාපාරයක් නොවන බව අවබෝධකර ගත යුතුය. මෙම නිසා මහීල් ස්වාධීන වීම මහීල්ට ප්‍රශනයක් නොවුනද එය නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ අරගලයට  ප්‍රශ්නකි. මොකද එය අරගලයට දෝහි වීමකි. පාවාදීමකි.  කෙලසීමකි. එම නිසා මහීල්ගේ පළමු පාවාදීම හදුන්වා දීමට සිදුවන්නේ අරගල්ලය පාවා දුන්නෙකු ලෙසය.

තවත් බොහෝ ශිෂ්‍ය ව්‍යාපාර බොහෝ දෙනෙක් නිර්මාණය කිරීමට උත්සහ කළේය. ඒවායේ නාමයද ස්වාධීන බව අප ඔබට මතක්කර සිටිමු. 2001 අන්තර් විශ්වවිද්‍යාලයීය ස්වාධීන ශිෂ්‍ය පෙරමුණ හැදුවේ රනිල්ය. එය නිර්මාණය කළේ  ශිෂ්‍යයින්ට අධ්‍යාපනය දිනාදීම සදහා නොවේ. එහි කාරය වුයේ ශිෂ්‍ය ව්‍යාපාරය බේද කර දුර්වල කිරීමය. 2007 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය පැමිණෙන්නේ ස්වාධීන මුහුණ යොදාගෙනය. එය එස්.බී දිසානායක ගේ නිර්මාණයකි. ඉන් ශිෂ්‍ය ව්‍යාපාරයට ලැබුණු දේ මෙනෙහි කිරීම පවා කේදනීය වේ. මොකද මෙම ස්වාධීන කාරයෝ ශිෂ්‍යයෝ කී දෙනෙක් සිරගත කලාද යන්න සිහිපත් කරගන්නා ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටද ආරාධනා කරමු. මෙවැනි බොහෝ ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාර බුරුතුපිටින් විශ්ව විද්‍යාල තුල සිටුවන්න උත්සහ කලද එය පැක කරන්නට කිසිවෙකුට හැකි නොවුනේ එවා නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ සටනට ද්‍රෝහිවන නිසාය.

මහීල් ගේ ස්වාධීනවීම ඔහුව සුදනෙකු ලෙස පෙනුනද එහි  සැගවුණු අරුත් සොයන්නට ඉතිහාසය පිරුස්සිය යුතුය. නැත්නම් මහීල් හරහා ශිෂ්‍ය ව්‍යාපාරය බේද බින්න කර ජය පැන් බී අධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලිය ඉදිරියට යන ආකාරය නැරඹීම හැකිය. එහෙමත් නැත්නම් සටන වෙර වීරිය යොදා සටන අල්ලාගෙන සිටින්නවුන්ගේ රුධිර ගන්ගා දෙස බලාසිටිය හැකිය.

දැන් සමහර සිදුවීම් වැලැක්වීමට නොහැක. ඒවා සිදුව හමාරය. නමුත් එවැනි සිදුවීම් තවත් අවශ්‍ය නොවේ. ශිෂ්‍ය ව්‍යාපාරය තව දුරටත් බෙදී වෙන්විය යුත්ද? කිසිදු වගකිමක් නැත්තෝ කිසිත් නොසිතා හැගීමට පමණක් තිරණ ගනු ඇත. ඉන් විය හැකි හානිය ඉතා බරපතලය. එමනිසා ස්වාධීන කාරයන්ගේ ඉතිහාසය කියාදුන් පාඩම් නැවත අත්විදීමට අවශ්‍යනම් එසේ කලාට කම් නැත. එය ශෝචනීය බව පමණක් අප ඔබට පසක්කර සිටිමු. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයට නව කැදවුම්කරුවෙක් ඇත. හේ ස්වාධීන නැත. කවුරුත් ඔහුගේ වර්ණය දන්නේය. එමනිසා තවත් ප්‍රශ්න දහසක් තිබියදි මෙම ප්‍රශ්නය ද ඇසිය යුතුය.
ඔහුට නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් පවා දෙන්නට හැකිද? නැත එසේ වන්නේ නැත. එසේ වන්නේ නම් ඔහුද ස්වාධීන වනවා යැයි කියනු ඇත. එවිට ඔහුගෙන් පරිසන් විමට වගබලා ගත යුතුය.

එමනිසා දහසක් අර්බුද ඇතුලේ  නැවත අරගලයට පණ පෙවිය යුතුය. එවිට සැමට තිබෙන දහසක් ගැටළුවලට පිළිතුරු ලැබෙනු ඇත. සුදු කොකාට ද අපි අරගලයේ ඉගිලෙන්නට කියමු. එවිට කොකා සුදු නොවන බව අරගලය අපට කියාදෙනු ඇත.


ලසන්ත රණවීර විසිනි.

Tuesday, September 10, 2019

මහීල් සමග ජවිපේ රමණයේ දරුවා


මහීල්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ වැදගත් කාර්‍ය භාරයන් රැසක් පැවරී තිබිණි. එය සුළු පටු නොවේ. නමුත් මහීල් වැනි අපරිණතයෙකුට එවැනි දේ කළ නොහැක්කකි. ඔහු ඒ සදහා සුදුපාටේ සරණ ගියේ ජවිපේ උපදෙස් පිටය. මහිල්‍ ට පෙසප සමග ගෝරනාඩු දමා ගැනීමටද අවශ්‍ය නොවීය. නමුත් ඔහු රමණයට පිවිසියේ ජවිපේ සමග නිසා එය නොකර බැරී තැනට වැඩ සිදුවුවේය. මොකද නැත්නම් මහීගේ සහ ජවිපේ දීගය කඩා බිද වැටෙන්නේය. මහීල් අන්තරේ කැදවුම්කරු කමෙන් ඉල්ලා අස්විමට තීරණය කරන්නේ ද මේ අවදියේය. එහෙත් ඊට ඉඩ නොදුන්නේ ජවිපේ විසිණි. ජවිපේ ඔහුට කීවේ ´සහෝදරයා තව මාස දෙකක් අල්ලගෙන ඉන්නා ´ලෙසය. එහෙත් මෙවන් අවස්ථාවක ශිෂ්‍ය  ව්‍යාපාරය ඉල්ලා සිටින සටනට මහීල් නායකත්වය දෙන්නේ කෙසේද?

මහීල් මෙම නිසාම ජවිපේ වේසා ගෑනි ගණනට දමා විකල්ප සොයා යන්නට විය. මහාචාර්ය වරු ඔහුට උපදෙස් දුන්නේය. කලා කරුවන් කිහිපදෙනෙක් ද මේ අතරට එකතු කර ගත්තේය. ඔවුන් ප්‍රකාශ කරන දේ මහපොළවේ පැල කරනු තියා තවකෙකුට කියා ගන්නටවත් බැරිය. නමුත් ඉන් කිහිපයක් ගෙන අන්තරේ සාකච්චාවට ගෙනාවේය. මහීල් ගේ මෙම නාඩගම් උපේක්ෂාවෙන් ඉවසා සිටි අන්තරේ අනෙක් නායකයින් මහීල්ට ඔහේ කියන්නට දී කර බා සිටියේ මහීල් නිවැරදි පීල්ලට ගෙන ඒමටය. එහෙත් මහීල්ට ඒවා තේරෙන්නේ නැත. ඔහු අතට ගත් පිහියෙන් සැවෝම කපා දමන්නට විය. අන්තරේ ගොඩනගාගත් විනය කීතු කීතු කළ ඔහු සැමට අනින්නට පටන් ගත්තේය. දැන් මොහු අන්තරේ තනිව බලාපරාක්ක්‍රම විහිදුවමින් පිම්මේ දුවන්නට විය. එහෙත් ඔහුට තනිව කළ හැකි දේ බොහෝ අල්පය. එය ඔහු තවත් වෙහෙසට පත් කළේය.

ඉන්පසු මහීල් නැවත වේසා ගෑනී වෙත ගියේය. ඔහු උද්ව් ඉල්ලා සිටියේය.  ජවිපේ එක් කොන්දේසියක් මත මහීල් ගේ පිහිටට පැමිණියේය. ´ඔයා  තව මාස දෙකක් ඉන්න ඕන ඊට පස්සේ අපි අපේ කෙනෙක් ගේනවා. එතකොට ඔයා අන්තරේ එයාට බාරදිලා අයින්වෙලා යන්න ඕන. මහීල් තක්බීරි වී ගීයේය. එහෙත් ඔහුට කරන්නට දෙයක් නැත. ඔහු මොකුත් නොකියා ඔළුව වැනුවා පමණි. ඊලග අන්තරේට ජවිපේ සාමාජිකයින් දෙදෙනෙක් වාඩි වන්නේ මේම එකග තාවය සමගය. මහිල් ඔවුන් සමග ජවිපේ හුදකලාව පවත්වාගෙන යන ආයතන කිහිපයක් අන්තරේට ගෙන ආවේ තමන්ගේ බලය වැඩිකර ගැනීමටය. දැන් මහිල් අන්තරේ සිටින්නේ තනිව නොවේ. ජවිපේ කිහිපදෙනෙක් ඔහුගේ සහයට පැමිණ තිබේ. එය ඔහුට සහනයක් උවද අන්තරේ සාමාජිකයන්ට එය එතරම් හොද ක්‍රියාවක් නොවුනේ සම්ප්‍රදායිකව නව ආයතන අන්තරේට ගෙන්වාගැනීමේදි අනුගමනය කරන කිසිවක් මහීල් අනුගමනය නොකරන නිසාවෙනි.

පෙසප ද මහීල්ට කතා කර ශිෂ්‍ය ව්‍යාපාරයේ තොරතුරු අසන්නේය. මහීල් එය ජවිපේ කනේ තිබු සැනින් එම දුරකතන පණිවිඩ පටිගත කරන ලෙස ඔවදන් දුන්නේය. එම උපදේශය සමග මහීල් පෙසප නායකයන් ඇමතුවේය. ඔහු ඒව පටිගත කලා පමණක් නොව ජවිපෙට ගෙනගොස් දුන්නේය. මෙම සිදුවීම් මෙසේ සිදුවෙද්දී අධ්‍යාපන පෞගලීකරණයට එරෙහි සටන ඇලී මෑලි වන්නට විය. මෙම නිසාම අන්තරේ සමහර නායකයෝ කෙලින්ම මහීල් සමග ගැටෙන්නට පටන්ගත්තේය. මෙහිදී මහීල් ගේ තග ගණනට වඩා වැඩිවිය. එමනිසාම අන්තරේන් ඉවත්වන ලෙසට මහීල්ට ප්‍රකාශ කළේය.

කිසිවෙක් මල්වැස්සේ තෙමෙන්නට කැමති උවත් මෙම වැස්සේ තෙමීම ඇගට හොද මදි බවට ඉගී පහළ වන්නට විය. බොහෝ විශ්වවිද්‍යාලවල සබාපතිවරු පෙර කැදවුම්කරු ළහිරු වීරසේකරට කතා කළේය. මෙම උගුලේන් බේරීමට උපදෙස් පැතීය. ළ්හිරුද මහීල්ට කතා කළේය. එහෙත් පලක්වුවේ නැත. මිට පෙර සිටි කැදවුම්කරුවන් ද මේම වකවානුවේ මහිල්ව හමුවී හා දුරකතනයෙන් කතා කළේ මේ පිළිබදවය. නමුත් මහීල්ට ජවිපේ ඉල්ලීම තියා කිසිවෙකුගේ ඉල්ලීම් වලට ඇහුම්කං දීමට වේලාවක් නොවිය. අන්තරේ තුල ඔහුගේ නමින් ලියැවුණු චොදනා මිටියක් ඔහු මතට ඇත හැරීයේය. ඔහු නොසන්සුන්ව එහෙ මෙහේ දුවන්නට විය. අවසනදි මෙම වේදනාවට ඔරොත්තු නොදුන් මිනිසා අන්තරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ජවිපෙට ද නොකියාමය.

ජවිපේ කැදවුම්කරු මාරුව දන්නේ අන්තරේ සාකච්චාව යන අතරවාරේය. එය ජවිපේ ද නොසන්සුන් කරන්නක් වුවේය. එහෙත් එය සිදුවී හමාරය. කැදවුම්කරු මාරුවිම ප්‍රකාශ කළ මහීල් පෙරාදෙනියට ගොස් ඉස්පාසුවේ සිටින්නට විය. එහෙත් ඒ දින දෙකක් පමණි. ජවිපේ ශිෂ්‍ය අංශයේ දේවා පේරාදේණියට ගොස් සිටියේය. ඔහු සමග කතා කිරීමට එන ලෙසට මහීල්ට පණිවිඩ පිට පණිවිඩ ලැබුණේය. එහෙත් මහිල් එහි ගියේ කැමැත්තෙන් නොවේ. නමුත් මහීල් අදසහස දේවා හමුබ්වු පසු වෙනස් විය. දැන් නැවත මහීල් මාස දෙකක් කැදවුම්කරු වීමට කැමැත්ත පල කළේය. ඒ අනුව කැදවුම්කරු සම්බන්ධය පේරාදෙණියේ  තීරණය වෙනස්විය. මහීල් කැදවුම්කරු ලෙස සිටිය යුතු බවට පේරාණිය තීරණය කළේය. ඒ මහීල් පෙරාදෙණියේ දී කළ කැම්පේන් එකට අනුවය. සබරගමුවේ ද එම අදහසට ගෙන ඒමට මහීල් අවශ්‍ය තොරතුරු ලබාදුන්නේය. එහෙත් අනෙක් විශ්වවිද්‍යාල තුල එම අදහස කියන්නට කෙනෙක් සිටියේ නැත. එම නිසා මහීල් පේරා සහ සබරේ සමග සටනට ප්‍රවේෂ වුවේ ජවිපේ මග පෙන්වීම යටතේය.

මහීල් නැවත දේවා සොයා පැමිණියේ. සැප් 7 රාතියේය. ඒ කොට්ටාවේ ජවිපේ ශිෂ්‍ය අංශ කාර්‍යාලයටය. එහෙත් දේවා එහි නොවීය. මහීල්ට දේවා එනතෙක් එහි රැදී සීටීමට සිදුවිය. දේවා සෙනසුරාදා  10ට පමණ මහීල්ව හමුවිය. එදිනම ජවිපේ ශිෂ්‍ය අංශ සාමාජිකයන් කෝට්ටාවට කැදවා තිබිණි. දැන් ඔවුන්ගේ සාකච්චාව තිබෙන්නේ කෙසේ හෝ මහීල්ව කැදවුම්කරු ලෙස තබාගන්නේ කෙසේද යන්නය. ඊට පෙසපට එරෙහිව මහිල් ගෙනා උදාහරණ තොගයට ජවිපේ න් තවත් උදාහරණ සැපයුවේය. එහෙත් ඒවා වර්ගකර හොදින් සකසා ගන්නට කාලය ප්‍රමාණවත් නොවන නිසා සෙනසුරාදා අන්තරය ඉරිදාට කල් දමන ලෙස මහීල්ට ජවිපේන් උපදෙස් ලැබුණේය. ඒ සමගම අන්තරේට යා හැකි සියලු දෙනා සෙනසුරාදා කෝට්ටාවට කැදවිය. ඔවුන් එහිදී හොදින් සුදානම් වුවේය. එකිනෙකාට හැම කරුණක්ම හිදින් අවධාරණය කළේය. අවසානයේ දී ජවිපේ දේශපාලන මණ්ඩල සභිකයන් කිහිපදෙනෙක් ගේ ද අධික්ෂණයෙන් පසු සියලු දෙනා අන්තරේ වෙත ගියේ මහීල් තව දුරටත් කැදවුම්කරුකමේ තබා ගැනීම සදහාය.

ජවිපේන් පැමිණි අය පෙනි සිටියේ ස්වාධීන පුද්ගලයන් ලෙසය. එහෙත් මහීල් ගෙනා කොළ කැබලි  රෙකෝඩ් පරයා මහීල් ගොඩනගාගෙන තිබු කුණු කන්දල් විශාල විය. ඒවා පරයා යාමට කිසිදු කරුණකට හැකියාව නොලැබුණි. සමහර චෝදන ඇසු විට හිරිකිතේ වෙව්ලා යන්නේය. එවා එතරම්ම සෝචනීය දේවල්ය. අවසන ජවිපේ සුදානම ව්‍යර්ථව ගිය පසු මහීල් නැගිට යන්නේ ජවිපේ කාර්‍යාලයටය. එහි සුදානම් කර දිබු කැමරාව වෙත ගොස් අන්තරේට යාමට පෙර සකසාගත් සියල්ල දිග හරින්නේ මහා පවාදීමේ සංකේතය ලෙසය. මේ සියල්ල මහීල් තනිව ක්‍රියාවේ යෙදවුවද  ඇත්තටම සිදුවුවේ ජවිපේ කළ නිර්මාණය මහිල්  හරහා එළියට දැමීමය.

මහීල් ජවිපේ සමග රමණයෙන් දරුවෙක් පිළිසිද ගත්තද එම දරුවා බිහි කිරීමට තරම් හයියක් නොවීය. මහීල් එම දරුවා ගබ්සා කර දැමුවේ ඉපදීමට මාස දෙකකට පෙරය. දැන් ජවිපේ සමග රමණයෙන් මහීල්ට ඉතිරු වු කිසිවක් නැත. එහෙත් කිසිවෙකුට පියවිය නොහැකි හානියක් කර හමාරය. මෙම හානියට වේසා කමේ ගිය කිසිවෙක් වගකියනේ ද නැත. ඔවුන් එසේ කිසිත් නොකළ ගානට සිටින්නේය. එහෙත් ඊට වන්දි ගෙවන්නට ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවනු ඇත. මහීල් එය පමණක් ශිෂ්‍ය ව්‍යාපාරය වෙත උරුමකර දී තිබේ. නමුත් ඊට ශක්තිය ශිෂ්‍ය ව්‍යාපාරය තුල තිබේ. එය නැවත දිනකදි සියලු දෙනාට දැකගත හැකිවනු ඇත. එමනිසා සමනලුන්ගේ අත්තටු කඩලා දැම්මට උකුස්සන්ගේ ගලවන්න පුළුවන් වෙන්නේ පිහාටු පමණක් බව ඔවුන්ම ප්‍රකාශ කරනු ඇත.


ලසන්ත රණවීර විසිනි.

Monday, September 9, 2019

පෙසපේ ගොන්කං සහ මහිල්ගේ පාවා දීම


විශ්වවිද්‍යාලයට දේශපාලනය අලුත් දෙයක් නොවේ. එය මහීල්ට අලුත් දෙයක් වීම කේදනීයවේ. දේශපානයෙන් විතැන් සමාජයක් ප්‍රාර්ථනා කරන උන් කපටියෝය. බොරදියේ මාළු බාන්නෝය. තමන් නියෝජනය කරන අදසක් කෙලින් කියාගන්න බැරිව සුදු පසු බිමට හිද කපටි කමින් බලයට පැමිණෙන්න කස කවන්නෝය. මහිල් එවැන්නෙකි. නොම්බර එකේ කපටියෙකි. පෙසප ගොනාට ඇන්දීමට හැකි කපටියෙකි. ඔහු ඉතිහාසයේ ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හැකි විශාලතම පාවාදිම කර ඇත.

සයිටම් අරගලය ඉදිටියට ඇදුනේ බොහෝ අර්බුද ඇතුලේය. එම අර්බුද වලට වෙට්ටු දමා ගිය පෙසප සැබෑ ප්‍රශ්නයට සැබෑ පිළිතුරු ලබා දුන්නේ නැත. කොටින්ම පෙසප තම ශිෂ්‍ය සංගමය වු විප්ලවවාදි ශිෂ්‍ය සංගමය පළල් කිරීමටවත් සිතුවේ නැත. වෙනත් වචනයකින් කියතොත් අරගල කරුවන් නිර්මාණය කළේ නැත. ඒ වෙනුවට සයිටම් අරගලයේදි සැරසිලි දේශපාලනය කළ අවස්ථාවාදින් වටකර ගත්තේය. හොදම සටන් කරුවෝ දහදිය තෙමිගිය රෙදිපිළි උනා දමා නැවත උපාධියට පුහුණු කළේය. එහිදි අමාරුව වැඩියෙන් හිටි කිහිපදෙනෙක් පමණක් පෙසපේ බලෙන් ඉල්ලී ගත්තේය. ඔවුන් වටිනා කමින් කම්කරුවන්‍ ය. ඔවුන්ට සමාජවාදය  අවුලා ගැනීමට ඉඩ හැරියා මිස ඔවුන්ව ගොඩනැගීමට අවශ්‍ය මැදිහත්විම නොකළේය. ඔස්ති නොහොත් මහීල් පැරෂුට් කරුවෙක් වන්නේ මෙවැනි වටපිටාවකය. ඇත්තෙන්ම සතුරාට අඩගසා ආරක්ෂාකළ යුතුම දේ බාර කේළේය. එයට ගොන්කම හැරුණාම කීමට වෙනත් වචනයක් තිබේනම් එය ඊට වඩා ඉහළ එකක් මිස පහළ එකක් නොවේ.

මහීල් පෙසපේ දේශපාලනයට පැමිණ වගකීම් සහගත ලෙස වැඩකළ අයෙක් නොවේ. ඔහුට අන්තරේ බාරකෙරුමට පෙර පරීක්ෂාවට ලක්විය යුතු අවම මට්ටමක්වත් පසුකළේ නැත. සැරසිලි වලට පමණක් වසග වු මහීල්ට කළ හැක්කේ කුමක්ද යන්න පවා පෙසපට අදහසක් නොතිබෙන්නේ මේ නිසාය. එම නිසා පවා දෙන්නාට බැනවැදි වැඩක් නැති වන්නේ මේ නිසාය. එහෙත් පෙසප කළ මෙම ක්‍රිඩාව අදේශපාලනිය. සහිමද ගතියෙන් ගත් තීරණයක්‍ ය. මෙම නිසාම නැවත හැරවිය නොහැකි දේශපාලන ප්‍රපාතයකට ශිෂ්‍ය ව්‍යාපාරය ඇද දැමුවේය.

මහීල්ගේ ජීවිතය කැපකීරීම් වලට සුදානම් වු එකක් නොවීය. ඔවු ආතල් වලට ලොල්ව එහි පිහිනායමින් සිටි පිහිණුම් සූරයකි. ඔවුගේ මෙම පසුබිම වමේ දේශපාලනය දරන්නට හැකි එකක් නොවීය. අදික වැඩ තෙහෙට්ටුව ඔවුව පිනවනවා වෙනුවට ඔවුව අසරණ කළේය. තම්න්ගේ අතෝරක් නැති අතල් ජීවිතයේ අහිමිවීමත් තමන් අකමැති කර්කශ වටපිටාව පලවා හරින්නට ඔවුට සිතෙන්නේ එබැවිණි. අතෝරක් නොමැති නිදි වර්ජිත කමිටු ඔවුට හිතකර නොවුවේය. පෙසප ඊට කෝප වී යස්ටිය අතට ගෙන අහිංසකයාට අතල් ජීවිතය කැපකරන්නට කීවද එඅය ඔවු කෙසේ කරන්නද? අඩුම තරමින් ඔහුට ශක්තිමත් මතවාදයක් තිබුනේනම් ඉන් සිත හදා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් ඔහුට අපරණිත එහෙන් මෙහෙන් අහුලාගත් වචන කිහිපයකින් කැදවුම්කරු කම කීරීමට බැරීය. අන්තරේ යොදාගත් වැඩ මග හැරීම ඒවා නොතකා ෆොන් off කර මුල්ලකට වී නිදා ගැනීම හැර වෙන කුමක් කරන්නද? මෙම නිසාම මතු වු වෙවේඡන කන්ද මහීල්ටත් වඩා උසට වැඩෙද්දි ඔහුට කුමක් සිතෙන්න් ඇදද? මහීල් නුඹ දැක පැමිණි සැරසිල්ල පිටිපස දැවැන්ත කැපකීරීම් තිබෙන බව දැකගත්විට ඒවාට තමන් ද හවුල්විය යුතු බව දැක්කාම, ඒවා නිමාවක් නොවන බව දැක්කාම මූත්‍රා අඩස්සි වනවා හැර වෙන කුමක් සිදුවන්නේ ද? එහෙන් මෙහෙන් පැන දුවලා බෙරෙන්න හැදුවත් නැවත පැමිණෙන විට තත්වය  තවත් බරපතල වී හමාරය.

මෙය මහීල්ට කොතරම් සංකීර්ණ අවස්ථාවක් වුවේද? එමනිසා ඉන් මිදීමේ මාවතට යාම හැර ඔහුට ඉතිරිව වෙනත් මාවතක් නෝවීය. කප්පරක් විවේඡන් සමග තමන් ගැනම ඇතිවන ආත්ම අනුකම්පාව කෙළවර කළේ ජවිපේ ඔඩොක්කුව වෙත ගෙනයාමය. ජවිපේ මහීල්ව සම්පූර්ණයෙන් බාරගත්තේද නැත. මහීල්ට උදව් කිරීමට ජවීපේට ද අවශ්‍ය වූවේ නැත. ඒ වෙනුවට මහීල් ඉදියට දමා ගනිමින් ජවිපේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග වෙනත් සෙල්ලමකට අවතීර්ණ විය. මහීල්ට එය හොද මදිවිය. ඔහු උගත් බුද්ධිමතුන්  සොයා ගියේය. ඉන් ඔහු තවත් පිරිසක් හවුල්කරගෙන ව්‍යංජනයක් තනාගත්තේය. එහි වැඩ පිළිවෙල සිහින මයාවක ගිලිගිය මානසික සහනයක්ම විය. එය කොහෙත්ම ආණ්ඩුවේ අධ්‍යාපන විකිමේ වැඩපිළිවෙළ පරාජය කිරීමට නොහැක්කකි. රගර් ගසා QAAC පනත පරාජය කළ හැකිනම් මීට පෙර ශිෂ්‍ය් ව්‍යාපාරය එහි කප් ගසනු ඇත.

මහීල් වේදිකාවෙන් බැස යා යුතු අවදියට පැමිණියේය.තනාගත් ව්‍යංජනය රසවත් යැයි පෙනුනත් එහි ඇත්තේ මොළ විරේකයකි. එය දන්නා කවුරුත් මහීල්ට වේදිකාවෙන් බැසයන ලෙස කියනවා හැරුනාම වෙන කුමක් කරන්නද? ඊට එකග වු මහීල් ජවිපේ ගුංඩු ගිලීම නිසා ඔහු කළ යම් කාර්‍යක් තිබුණේනම් එයද ඔහු සමග කුණු බක්කියට වැටුණේය. පෙසප මහිල් ඉවත් කිරීමට සැරසෙදිදී ජවිපේ මහිල් ආරක්ෂා කීරීමට කොට්ටාවේ දි රැස් විය. එහිදි කළ සැලසුම් සියල්ල මහිල් යූ ටියුබ් හරහා එළියට දමා තිබේ. එය හෙට දින ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා පවාදීම ලෙස සමාජය සාකච්චා කරනු ඇත.

දැන් නව කැදවුම්කරු ලෙස ජිනරතන හිමි පත්ව හමාරය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇද වැටි තිබෙන තත්වය ජිනරතන හිමිව මහා අසීරුතා ගොන්නක් වෙත ගෙන යනු ඇත. මේ සමග එන මර්දනය මහීල් ගේ පවාදීමේ බිල්ල ගනු ඇත. ඒ කවුරුත් උවත් ඔහු හෝ ඔවුන් නැවත නිදහස් අධ්‍යාපනය මෙම භූමියේ පිඩිතයන්ගේ අවශ්‍යතාවක් බවත් ඊට ශිෂ්‍ය ව්‍යාපාරය නොසැලී නායක්ත්වය දුන් බවත් කියනු ඇත. එමනිසාඅනිවාර්‍යෙන්  පවාදෙන්නන් සිටින විට වීරයන් නිර්මාණය වීම වැලැක්විය නොහැක.

ලසන්ත රණවීර

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...