ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ආරම්භ වන්නේ වාමාන්ශික ව්‍යාපාරයේ නි. එය ස්වාධීනත්වය පිළිබදව කෑ මොර දෙන්නෝ කොතෙක් කෑ ගැසුවාද ශිෂ්‍ය ව්‍යාපාරයට ඉන් තොරව ගමන්ක් නැත. කෙනෙක්ට එහෙම කියන්නේ කුමක් නිසාද යන්න ප්‍රශ්නයක් නම් කරුණාකර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති කියවන ලෙස ආරාධනා කරමු. වම පෙනි සිටින්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම උදෙසාය. මෙය අමු දේශපාලනයකි. එය ස්වාධීන වන්නේ නැත.
ශිෂ්‍ය ව්‍යාපාරයට වමේ අවශ්‍යතාව පැමිණෙන්නේ පාලක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනය විකුණන නිසාවෙනි. නැත්නම් විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් එක පෙළට සෙට් වන්නේ පාලකයෝ සමග මිස වම සමග නොවේ. ලැජ්ජා විරහිත පාලකයෝ අදත් උත්සහ කරන්නේ අධ්‍යාපනය විකිණීම උදේසාය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරයට වමේ අවශ්‍යතාවෙන් මිදිය නොහැක. මහීල් මම අසන පළවෙනි ප්‍රශ්නය දැන් අධ්‍යාපනය විකිණීමට එරෙහිව සාටනක් කරන්නේනම් නුඹ සහය පතන්නේ වමේ ව්‍යාපාරයෙන්ද නැත්නම් ස්වාධීනව ව්‍යාපාරයකින්ද?
වසරක් පාසා අලුත් වන ප්‍රජාවක් වන ශිෂ්‍යයින් වසර හාතරක් එනි සුළු කාලයකින් සටන්කොට ආණ්ඩුව මට්ටු කිරීමාට තරම් අද්දැකීමක් ලැබෙන්නේ කෙසේද? එසේ ප්‍රාතිහාර්යක් පෑ හැකි අය විශ්වවිද්‍යල වලින් නිෂ්පාදනය වන්නේ නම් අන්තරේ හැරුණාම එසේ නිර්මණය කළ අනෙක් සංවිධාන කොයිද? එවැනි සාංවිධාන නිර්මාණය නොවුනේ කෙසේද ? එවැනි සංවිධාන නිර්මාණය කලානම් එවා නිර්මාණය කළේ ස්වාධීන නොව දේශපාලනය කල අයයි. එමනිසා වමේ දේශපාලන පක්ෂ පිටුපස ශිෂ්‍ය ව්‍යාපාරයට යාම අනිවාර්යක් වනවා හැරුණාම එය නැවතිය හැක්කේ අධ්‍යාපනය ව්කිණිම නවතා දැමිමෙන් පසුවය. විශ්වවිද්‍යාලයට දේශපාලනය ගෙන එන්නේ නිදහස් අධ්‍යාපනය අවශ්‍යවන අයයි. ඔවුන් දේශපාලන පක්ෂ මගින් දැනුමක් ලැබාගෙන සටනට ප්‍රවේෂ වේ. එය තවත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ වමේ ව්‍යාපාරය නිර්මාණය සිදුවිම අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය.. මගේ ඊලගා ප්‍රශ්නය මහීල්ට පෙසප අවශ්‍ය වුවේද නැද්ද යන්නයි. මහීල් නායකත්වය දුන් සටන් ඕපපාතිකව පහලවුවේ නැත. එවා නිර්මාණය කිරීමට මහීල් පෙසපේ සරණ පැතුවේය. එසේ නොවන්නට මහීල්ට කිරීමට ඇත්තේ පොඩි කැටපෝල් සෙල්ලමක් පමණි. එසේ නොවන්නට මහීල් මේ වනවිටත් ඉල්ලා අස්වනවා වෙනුවට ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනගා අවසන්ය. එසේම ඉල්ලා අස්වී නැවත බලය ඉල්ලා සිටියේද ස්වාධීනව නොවන බවද අවධාරණය කළ යුතුය. එයද කළේ තවත් දේශපාලන පක්ෂයක් සමගය. එය ස්වාධීනත්වය නම් මහීල් කියන සියලු දේ ස්වාධීන විය යුතුය. එමනිසා ස්වාධීනත්වය කියන්නේ පාවාදීම සුජාත කරන වචනයක් මිස ව්‍යාපාරයක් නොවේ.
ජවිපේ හා ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය පිරිස්සන විටදීද එය එසේමය. එය එසේ නොවන බව කියන්නෙක් සිටියිනම් ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී හදුනෙත්ති හමුවි ඔහුගේ දේශපාලන ආගමනය කෙසේ සිදුවුවේ දැයි අසා දෑන ගන්න. එය එසේ සිදු කරන්න එකග නොවන මහීල් ශිෂ්‍ය ව්‍යාපාරය පාවා දීමේ පලමු පියවර තබයි. එනම් ස්වාධීන විමේ මහර්ග ඵලයට යෑම හරාහාය. මෙම ඵලයට පැමිණි පසු වෙන්නේ කුමක් ද? මෙහි අරුත නොතේරෙන බබාලට ආතල් උවද එහි අරුත දන්න අයට ආතල් නැත. ස්වාධීන වූ පසු ශිෂ්‍ය ව්‍යාපාරයේ ඕනෑම බල්ල්ලෙකුට ලැගින්න හෑකිය. අධ්‍යාපනය විකිණීමට පක්ෂව හා විප්ක්ෂාව මාරාන්තික සටනක නියැලෙන ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ගෙනවිත් දමන්නට හැකිය. ශ්‍රි ලංකා නිදාහස් පක්ෂ ප්‍රාතිපත්ති වලට රින්ගාගත හැකිය. ඒ කියන්නේ වෙනුර, බාලේ නිෂ්මි, මාතලං,ටොක්කා ගේ රත්ත වර්ණයෙන් අධ්‍යාපනය විකිණිමේ වැඩපිළිවෙළ ඉදියට ගෙනයාම අන්තරේ පවරා ගන්නවා හැර වෙනත් අදහසක් එහි තිබේද? ඕනෑ එකෙක් ස්වාධීන වූවාට කම්නැත. එහෙත් අන්තරේ ස්වාධීන වීම කෙතරම් භයානකද යන්න තෙරුම් ගැනීමට මේ සිදුවන සිදුවීම් හොදම සාක්ෂිවනවා ඇත. එමනිසා අන්තරේ යනු වාම බහුජන ව්‍යාපාරයක් මිස ස්වාධීන ව්‍යාපාරයක් නොවන බව අවබෝධකර ගත යුතුය. මෙම නිසා මහීල් ස්වාධීන වීම මහීල්ට ප්‍රශනයක් නොවුනද එය නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ අරගලයට ප්‍රශ්නකි. මොකද එය අරගලයට දෝහි වීමකි. පාවාදීමකි. කෙලසීමකි. එම නිසා මහීල්ගේ පළමු පාවාදීම හදුන්වා දීමට සිදුවන්නේ අරගල්ලය පාවා දුන්නෙකු ලෙසය.
තවත් බොහෝ ශිෂ්‍ය ව්‍යාපාර බොහෝ දෙනෙක් නිර්මාණය කිරීමට උත්සහ කළේය. ඒවායේ නාමයද ස්වාධීන බව අප ඔබට මතක්කර සිටිමු. 2001 අන්තර් විශ්වවිද්‍යාලයීය ස්වාධීන ශිෂ්‍ය පෙරමුණ හැදුවේ රනිල්ය. එය නිර්මාණය කළේ ශිෂ්‍යයින්ට අධ්‍යාපනය දිනාදීම සදහා නොවේ. එහි කාරය වුයේ ශිෂ්‍ය ව්‍යාපාරය බේද කර දුර්වල කිරීමය. 2007 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය පැමිණෙන්නේ ස්වාධීන මුහුණ යොදාගෙනය. එය එස්.බී දිසානායක ගේ නිර්මාණයකි. ඉන් ශිෂ්‍ය ව්‍යාපාරයට ලැබුණු දේ මෙනෙහි කිරීම පවා කේදනීය වේ. මොකද මෙම ස්වාධීන කාරයෝ ශිෂ්‍යයෝ කී දෙනෙක් සිරගත කලාද යන්න සිහිපත් කරගන්නා ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටද ආරාධනා කරමු. මෙවැනි බොහෝ ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාර බුරුතුපිටින් විශ්ව විද්‍යාල තුල සිටුවන්න උත්සහ කලද එය පැක කරන්නට කිසිවෙකුට හැකි නොවුනේ එවා නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ සටනට ද්‍රෝහිවන නිසාය.
මහීල් ගේ ස්වාධීනවීම ඔහුව සුදනෙකු ලෙස පෙනුනද එහි සැගවුණු අරුත් සොයන්නට ඉතිහාසය පිරුස්සිය යුතුය. නැත්නම් මහීල් හරහා ශිෂ්‍ය ව්‍යාපාරය බේද බින්න කර ජය පැන් බී අධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලිය ඉදිරියට යන ආකාරය නැරඹීම හැකිය. එහෙමත් නැත්නම් සටන වෙර වීරිය යොදා සටන අල්ලාගෙන සිටින්නවුන්ගේ රුධිර ගන්ගා දෙස බලාසිටිය හැකිය.
දැන් සමහර සිදුවීම් වැලැක්වීමට නොහැක. ඒවා සිදුව හමාරය. නමුත් එවැනි සිදුවීම් තවත් අවශ්‍ය නොවේ. ශිෂ්‍ය ව්‍යාපාරය තව දුරටත් බෙදී වෙන්විය යුත්ද? කිසිදු වගකිමක් නැත්තෝ කිසිත් නොසිතා හැගීමට පමණක් තිරණ ගනු ඇත. ඉන් විය හැකි හානිය ඉතා බරපතලය. එමනිසා ස්වාධීන කාරයන්ගේ ඉතිහාසය කියාදුන් පාඩම් නැවත අත්විදීමට අවශ්‍යනම් එසේ කලාට කම් නැත. එය ශෝචනීය බව පමණක් අප ඔබට පසක්කර සිටිමු. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයට නව කැදවුම්කරුවෙක් ඇත. හේ ස්වාධීන නැත. කවුරුත් ඔහුගේ වර්ණය දන්නේය. එමනිසා තවත් ප්‍රශ්න දහසක් තිබියදි මෙම ප්‍රශ්නය ද ඇසිය යුතුය.
ඔහුට නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් පවා දෙන්නට හැකිද? නැත එසේ වන්නේ නැත. එසේ වන්නේ නම් ඔහුද ස්වාධීන වනවා යැයි කියනු ඇත. එවිට ඔහුගෙන් පරිසන් විමට වගබලා ගත යුතුය.
එමනිසා දහසක් අර්බුද ඇතුලේ නැවත අරගලයට පණ පෙවිය යුතුය. එවිට සැමට තිබෙන දහසක් ගැටළුවලට පිළිතුරු ලැබෙනු ඇත. සුදු කොකාට ද අපි අරගලයේ ඉගිලෙන්නට කියමු. එවිට කොකා සුදු නොවන බව අරගලය අපට කියාදෙනු ඇත.
ලසන්ත රණවීර විසිනි.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment