Sunday, October 27, 2019

විප්ලවයේ නාමයෙන් එකත්පසව

           
 එකස්පසව සිනාමුසුව බලන්න. කුමන වේදනාවක් හිත ඇතුලේ තිබුණත් එළියට නොදමන්න. විප්ලවය ගැන පමණක් සිතන්න. ආත්මය කුමනා කාරයෙන් හෝ යුක්තිය ඉල්ලා සිටියද ඔබ එකත් පසව සිටින්න. ඉන් ඔබ කරදරවලින් තොර කරනු ඇත. රාත්‍රිය ගොරහැඩි බව සැබෑව නුඹේ දෙනෙත් නින්ද ප්‍රතික්ෂේප කරමින් හදවතේ ඉරුණු තැන්වලින් ගලන රුධිර නොයෙක්වර වේදනා පුදින්නට ඉඩහරිණු ඇත. ඔබ නොනිදා සිටින්න නමුත් තිබෙන වැඩ රාත්‍රියේම නිම කරන්න. එවිට නිදිවර්ජිත දෙනෙක් හදවතේ ඉරුණු තැන් මෙනෙහි නොකරනු ඇත. එසේම ඔබ තව තව වැඩ කිරීඉමෙන්  විප්ලවය තවත් ලන්වනවා නොවනුමානය. වෙහෙස අකීකරු දෙනෙත් වසන්නට දෙපාරක් නොසිතනු ඇත. ඔබ නිදන්න. ඔබට කිසිත් නොදෙනෙනු ඇත. මරණය වැලදගත්තෙකුමෙන් නිදන්න. මිහිරි සංගීතය හෝ කිසිවෙක් ගේ විලාප ඔබට නොඇසෙනු ඇත. 

ඔබ අවදිවන්නේ කීයටද ඔබ අවදිවන්න. එය ඔබට මරණයේ වේදනාව සිහි ගන්වනු ඇත. කකුල්  අත්  හිරිවැටි කිසිවක් නොදැනෙන තරමට ඔබට ඕනෑවෙලාවක් සිටින්නට හැකිය. එහෙත් අතපය සෙලවීමෙන් ඔබ දරුණු වේදනාවකට ඇද දමනු ඇත. ඇගිලි ඇඹරිගොස් වේදනාව තිවුර කරනු ඇත. එහෙත් ඔබ කෑ ගැසීමෙන් වලකින්න. අතපය පැමිණෙන වේදනාව උණුවතුරෙන් පිළිස්සෙන වේදනාවට වඩා දරුණුමුත් ඔබ කෙදිගෑමෙන් වැලකි සිනාමුසුව සිටින්න. ඔබ වැඩ කළේ විප්ලවය උදේසානම් ඔබේ වේදනාව විප්ලවය උදෙසා ආයෝජනයකි.ඉන් ඔබ සතුටු වන්න. 

අමාරුව වේදනාව පසෙකලා ඔබ කෙසේ හෝ නැගි සිටින්න මොකද ඔබට තව වැඩගොඩාක් කිරීමට තිබේ. උදේ ආහාර කුමක් උවද එය අවශ්‍ය වුවද එසේ ආහාරයක් නොමැති වුවද ඔබ වැඩ ආරම්භ කරන්න. ආහාරයක් තිබුණද එහි මිහිර නුඹට අදාළ නැත. ආහාරයේ වැදගත්කම තිබෙන්නේ එය කෙසේ හෝ බඩට දමාගැනීමේ උවමානාව මතය. ඒ විප්ලවය සදහාය. නුඹට පෝෂදායි ආහාර නොලැබෙන බව සැබෑය. ඒවා නුඹට අවශ්‍ය ද නැත. අවශ්‍ය වන්නේ විප්ලවය වෙනුවෙන් වැඩකිරීමට ජීවත් වීමය. එමනිසා ඔබ වැඩ කටයුතු අරඹන්න. එසේම අමතක නොකර එකත්පසව සිටින්න.

මේ ජීවිතය වසර පහක් හයක් ගෙවා දැමිමෙන් පසු ඔබ නාකි හම්පඩයෙකු සේ ලොවට දිස්වෙනු ඇත. එහෙත් ඔබ එම කාලය ගෙවා දැමුවේ විප්ලවය වෙනුවෙන් බව මතක්කර එහි මිහිර විදින්න. ඔබ කළ කී දෑ අනෙක් අයට කීමෙන් ඔබට ලැබෙන සතුට ඔබම විදගන්න. දැන් ඔබ රෝගියෙකි. ඔබට කලින් මෙන් වැඩ කිරීමට නොහැකිය. ඔබ වේදනාවේ රජ දහනේ වහලෙකි. ඔබ වේදනාව විදීම හා එය තළු මරමින් නැවත නැවත විදීම  නුඹට විප්ලවය  වෙනුවෙන් පැවරුණු නවතම රාජ්ජකාරිය වේ. වේදනාව සමග නැගී සිටීම නුඹේ රාජකාරියකි. මොකද විප්ලවයට නුඹ ආලය කරන්නේනම් ඊට නුඹ නැගීසිට වැඩකළ යුතුය. ඊට නිවාඩු නැත. ඇත්තටම විප්ලවය වෙනුවෙන් වැඩකරන්නවුනට අසනීම නිවාඩු නැත. ඉතිං නුඹ වැඩ කරන්න. බැරිනම් නුඹට එකත්පසව සිටින්නට බැරිය. එමනිසා නුඹ වැඩකළ යුතුය.

නුමට මුක්තිය නැතිබව දනිමු. එසේම නුඹට යුක්තියද නැත. නඹ වැඩ කළේ විප්ලවයටය. එය තවම ප්‍රමාද වුයේ නුඹේ මන්ද උත්සහය නිසාය. අනික නුඹට යුක්තිය දෙන්නේ විප්ලවයයි විප්ලවය ප්‍රමාදනිසා නුඹේ යුක්තිය ද ප්‍රමාදය. එමනිසා  තෝ දැන් තොගෙ කසඩ ජීවිතය කිසිවෙක්ට වදයක් නොවන ලෙස විසිකර දමන්න. අනෙකුන්ට විප්ලවය කිරීමට ඉඩදෙන්න. බාදා කිරීමෙන් වලකින්න. අඩුම තරමීන් තොගේ ඔය අවලස්සන අසික්කිත මුහුණ විප්ලවය වෙනුවෙන් වෙහෙසෙන්නන්ට නොපෙන්වා සිටින්න. තොගේ තොරතෝංචියක් වූ විලාප සමග වේදිකාව ලගින් ඈතට යන්න. අමතක නොකරන්න. දැන් නුඹ රෝගියෙකු මිස විප්ලවවාදියෙකු නොවන වග. විප්ලවවාදි තෝ වගේ නොවේය. ඔහු අයෝමය සද්දන්තයෙකි. වැටෙන වැටෙන පාරක් ගානේ විප්ලවවාදියා නැගි සිටින්නේය. තෝ මර ලතෝනියකි. ඇවිදගන්නට බැරි මර ලතෝනියකි. තෝ අපට ලැජ්ජා කරන්නෙකි. එමනිසා තෝ කොතරම් එකත්පසව සිටගත්තද තෝ පන්නා දමමි. එසේම තෝ දැනගන් එය සිදු කරන්නේ විලවයේ නාමයෙන් බව, තෝ දැනගන්...............





Saturday, October 26, 2019

ජවිපේ රතු තරුව සජිත් සමග එක්වේ.

Add caption
Add caption

             ජවිපේ රතු තරුව යනු අපාදා අවස්තාවකදි විපතට පත්වු මිනිසුන්ට උපකාර කිරීම සදහා ගොඩනැගු සංවිධානයකි. මේම සංවිධානය ලංකාවට සුනාමි පැමිණි වේලාවේදි හා අනෙකුත් විපත්වලදි  සැලකිය යුතු කාරයභාරයක් ඉටුකළේය. එය අනුර ජවිපේ නායකයා වු පසුවද ක්‍රියාත්මක වුවේය.
එහෙත් මේ වනවිට මෙම රතු තරුව සජිත් වෙතගොස් හමාරය. රතු තරුව ඉතිහාසයේ කළ සියලු කාර්‍ය භාරයේ නාමය සජිත්ට දන්දි හමාරය. ජවිපේ එඩි වැඩුවේ මෙවැනි සංවිධාන රාශියකිනි. එහෙත් ඒවා එකින් එක ධනපති විය ගහට ගැටගසෙමින් පවති. ඇත්තෙන්ම වෙළද පොළ ප්‍රාග්ධනයේ නොවිකෙන යම් දෙයක් තිබුණේනම් ඒ ජවිපේ තිබු මෙවැනි සංවිධානයන්ය. දැන් ඒවා කුණුකොල්ලයට පාදඩ ධනපතින්ගේ උවමනාවට භාවිතා වෙමින් තිබේ.

දැන් සමහරු අපට විචිකිච්චාවට කිව හැකි කාරණා දෙකකි. පළමු දෙයනම් ජවිපේ සින්නක්කරව ධනවාදයේ ගිලෙනකොට රතු තරුව ගැනමොන කතාද? යනුවෙන් ඇසිය හැකිය. දෙවෙනි විචිකිච්චාවෙන් අසන ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ ජවිපෙට පුන පුනා කීම ජවිපෙට ගසන මඩක් නේද යන්නයි.

මෙම නිසා මේ වැකි ජවිපේ උදෙසා නොවන්නේය. එය සමාජවාදය උදෙසාය. ඊට ජවිපේ උදාහරණයක් කරගැනීම පමණක් අප සිදු කරනු ලබන්නේය. මොකද ජවිපේ නැවත වමට එන්නේ නැත. දැන් අප නව ගිඩනැන්වීමට අවශ්‍ය කරුණු පෙළ ගැස්විය යුතුය.

රතු තරුව නිවි ගිය විට නැවත එසේ නොවීමට අප මේ කරුණු අවධාරණය කළ යුතුය. වාමාංශික නැත්නම් සමාජවාදය ගොඩනැගීම උදේසා වු ව්‍යාපාරයක් කිනම් හෝ අවස්ථාවක ධනවාදි පක්ෂයක් සමග පංති සහයෝගිතාවයට යන්නේනම් ඉන් සමාජවාදය ගොඩනැගීම කෙසේවෙතත් එම පක්ෂය ධනවාදයට ගොදුරුවිම වැලැක්විය නොහැක. එමනිසා හෙටදින සමාජවාදි පක්ෂ නායකයෝ  කරන කියන දේ ගැන එහි සාමාජිකයෝ අවදියෙන් සිටිය යුතුය. බොහෝ පක්ෂවල සාමාජිකයින් බලගන්වා නැත සමහරු එය නාමිකව සිදුකර ඇත. එහි ප්‍රජාතන්ත්‍රවාදය නැත ඇත්තේ අවස්තාවාදය හා කල්ලීවාදය පමණි. ඔවුන් ද අවසානයේ මේ ගමන යනු ඇත. එමනිසා උවමනාව සමාජවාදය නම් ජවිපෙට මඩ පුදා තම්න්ද එකී ගමන යන්නේනම් එහි කිසි අර්ථයක් නැත.

දැන් රතු තරුව සජිත්ගේය. සජිත් එය ජනාධිපතිවරණයට භාවිතාකර විසිකළ විට ජවිපේ නැවත රතු තරුව හදනු ඇත. ඉන්පසු ඊලග මැතිවරණයේදි ඔවුන්ද අළෙවි වනු ඇත. එම නිසා වාමාංශිකයෝ නිර්ධන පන්තියට ගොඩනගන පක්ෂය එවැනි කඩතොලු වලින් තොර පක්ෂයක් විය යුතුය. එසේ නොවන්නට ලංකාවේ විප්ලවය කිරීම සිහිනයක් පමණක් වනු ඇත.

Friday, October 25, 2019

ජයම්පති ආපසු හැරෙයි

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වු වහාම උණුසුම්ව තිබු දෙශපාලන පිටිය තවත් උණුසුම් විය. එක් පැත්තකින් ගෝඨාභය පොදුජන පෙරමුණ අපෙක්ෂකත්වය ලැබිණි. ඉන් මහින්ද සහ ඔහු වටා ගොඩනැගි සිටි පිරිසගේ අභිලාෂ තෘප්තිමත් කරවීය. අනුර ගෝල්ෆේස් ගොස් විශාල රැලියක් පවත්වා ඔවුන්ගේ අභිලාෂය එළි දැක්වීය. එහෙත් ඒ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ හා සජිත් ගේ කණ්ඩායම් වල අභිලාෂයන්ගේ ගැටුම වර්ධනය වී තිබිණි. එහෙත් එය නිමාවකට පැමිණ තිබුණේ නැත. එසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට තම අභිලාෂයන් තිබුණද එවා සාකච්චා කිරීමට හෝ එවා රටට ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක් නොවුණු බැවින් ඔවුන්ගේ මීලග දේශපාලන අභිලාෂය අවසන්වීය.

අනුර ගේම්කාරයෙක් කියන්නේ නිකමට නොවන බව තවුරු කරමින් ගෝල්ෆේස් රැලිය පැවැත්වුයේ එජාප පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් ඊට එකතුකර ගනිමින්ය. එය රනිල්ගේ වෑයම හා සජිත්  ගේ ප්‍රමාදය නිසා වර්ධනය විය. රනිල් තම අභිලාෂය ඉටුකර ගැනීමට වලිකද්දී එජාප හිතවාදී නායකයින් අනුර සමග සිටගත්තේ අනුරගේ ප්‍රතිපත්ති හොද නිසා හෝ එවා වැලදගනිමින් නොවේ. ඒ වනවිට අනුරගේ දොර සැලුං දොරක් වී තිබුණු නිසා ඕනෑම කසඩයෙක්ට ඊට රිංගාගත හැකිවිය. ඒ අනුව ලාල් විජේනායක හා ජයම්පති වික්‍රමරත්න රනිල් ,සජිත් අත්හැර අනුරගේ වේදිකාවට ගොඩවිය. එසේම එවැනි එජාපයේ තවත් පිරිසක් අන්නුරගේ කරට අත්දා ගතේය්ය අනුර ජනපති කරවීම සදහාය. එහෙත් අද එම තත්ත්වය වෙනස්ව ගොස් ඇත සමහරුන් අනුර අත්හැර නැවත සජිත් ලගට දුවමින් සිටියි.

රනිල්ගේ සජිත්ගේ අභිලාෂ අතර ගැටුම නිමා කරන්නේ ඔවුන්ගේ එකගතා මතය. එහිදි සජිත් ජනාධිපති වී  රනිල් අගමැති විම එම එකගතාව වන්නට ඇත. එමනිසා සජිත්ගේ හා රනිල්ගේ අභිලාෂ වල එකගතාවය නැවත එජාප පාක්ෂිකයන් සටනට කැදවන ක්‍රියාවලියේ ඇරඹුම විය. දැන් එම ක්‍රියාවලිය ඉදිරියට ඇදෙමින් ඇත. එහිදි රනිල් සජිත් දමාගොස් අනුරට එක්වු පිරිස් නැවත සජිත් වෙත පැමිණෙමින් තිබේ.ඒ අනුව අනුර එජාපය මිතුරු කරන් යාමට හැදු ඔහුගේ අභිලාෂ දුර්වල වෙමින් පවති. එහෙත් අනුර ලබන ඡන්ද ප්‍රමාණය ඊට පෙර ජවිපේ ලැබු ඡන්ද ප්‍රමාණයට  වඩා වැඩි උවත් අනුරට ජයගැනීමට නොහැක. එසේම අනුරට ලැබෙන ඡන්ද ප්‍රමාණය තුල සජිත්ට දෙවැනි මනාපය ගසන ප්‍රමාණය ඉතා ඉහළ ම්ට්ටමක් ගනු ඇත. යම් හෙයකින් දෙවැනි මනාපය ගැනීමක් සිදුවුවහොත් අනුරගේ අභිලාෂය සජිත්ගේ අභිලාෂයට එක්කෝ යට විය යුතුය. නැත්නම්  අනුරගේ අභිලාෂය සාමපාත විය යුතුය . ඒ කිසිවක් නැතත් අනුරගේ අභිලාෂය මහ මැතිවරණයකින් වැඩි ආසාන ප්‍රමාණයක් ජයගැනිම විය යුතුය.

දැන් ජයම්පති සජිත් දෙසට ආපසු හැරී ඇත. ජයම්පති යනු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදක වරයාය. ඔහු අනුරගෙන් ඉවත්ව සජිත් කරායාම දේශපාලන කරලියේ සිදුකළ කුඩා ක්‍රිඩාවක් වැන්න. මෙම ක්‍රිඩාව ජනතාව නොදැන සිටියත් අනුර සජිත් හා ජයම්පති හොදින්ම දැන සිටි ක්‍රිඩාවකි. එහි අවසානය රනිල්,සජිත් මෙන්ම අනුරගේ අභිලාෂය විය හැකිය. එය එසේ වීමට බොහෝ ඉඩකඩ තිබියදින් අප ඔවුන්ගේ ක්‍රිඩාව දෙස බලා සිටිමු.

Thursday, October 24, 2019

ආණ්ඩුව ගෙන්වන්නේ කදුළු ගෑස් විතරද?



මේ වනවිට රටේ ගෑස් හිගයක් නිර්මාණය වි තිබේ. ඒ ලකාවේ පරිබෝජනවාදයට අදාළ ගෙන්විය යුතු ප්‍රමාණය ප්‍රමාදවීම හේතුවෙනි. මේ වනවිට ලංකාවට පැමිණිය යුතු ගෑස් පිරවු නවුකාව ප්‍රමාද වී ඇතිබව අදාළ සමාගම් ප්‍රකාශ කරයි. ලාෆ් හා ලිට්රෝ ගෑස් මේ වනවිට වෙලදපොළේ මිලට ගැනීමට නොතිබෙන බව ජනතාව මැසිවිලි නගති. එඅය කොතරම් ද කියතොත් සමහර ප්‍රදේශවල ගෑස් ගැනීමට පොලිමේ සිටිමට සිදුව තිබේ. අද හැටන් නගරය වෙත ගිය ගෑස් පටවා ගත් ලොරියේ ගෑස් බැරල් 300ක් පමණ තිබි ඇත. එය ව්‍යාපාරික ස්ථාන වෙත ලබාදීමට ප්‍රථම ලොරිය තුලදීම අළෙවි කිරීමට සිදුව තිබේ.

මෙම ගෑස් හිගය ඉදිරි සති දෙක තුල ලංකීය සමාජයට දරුණු තත්වයක් උදා කරණු ඇත. එසේම මෙම තත්වය තුල ගෑස් මිල 170%කින් මිල ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ. මෙම තත්ත්වය දෙස බලන විට ලංකාව පාලනය කරනුයේ සමාගම් විසින් බව තහවුරු වේ. මීට ආණ්ඩුවට කිසිදු මැදිහත් විමක් කළ නොහැක. කළ හැකි එකම දේ සමාගම් කෙදිනක හෝ ගෑස් ගෙනවිත් දෙනතෙක් බලා සිටීමය.
සියල්ල පුද්ගලික අංශයට පැවරීමට සිතන ආණ්ඩුව පුද්ගලික අංශයට ලබා දී තිබෙන මෙම අත්‍යාවශ්‍ය සේවාව හරිහැටි ඉටු නොකරන ආකාරය දැක බලා ගත හැක. කොතරම් ධනය ඉපැවුවත් ආණ්ඩුව කොතරම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් හා නීති රෙගුලාසි අණ පනත් සම්මත කර දුන්නද පෞද්ගලික අංශය එය නිවැරදිව සිදු කරන්නේ නැත. පුද්ගලික අංස්ශයට සේවාව සපයනවාට වඩා තම ලාභය වැදගත්‍ය. එම නිසා රටක් පිඩාවට පත්වුවද ඔවුන් ඔවුන්ගේ කාර්‍ය කරනුයේ ලාභ සදහ පමණය. මීට පෙර ඛනිජ තෙල් සදහාද මෙම අර්බුදය මෙලෙම ජනතාවට දරාගැනීමට සිදුවිය. එමනිසා මෙම පීඩාව පාලකයන්ට දැනෙන්නේ නැත. එමනිසා ඉදිරි දින කිහිපය තුල ජනතාව තවත් මෙම ගැටළු විදදරා ගත යුතුය.

ම්
කෙසේවෙතත් නැවත වරක් මෙවැනිම පාලනයක් අත්කර දීමට සමහරු වෙහෙසෙති. එවැනි පාලනයක් ලබා ගැනීම ඉතා අසීරු එකක් යැයි සිතා බොහෝ අය වෙහෙසී වැඩ කරති. එමනිසා නැවත වරක් මෙම පාලනයම පැමිණෙනු ඇත. එම නිසා අපි හරි බරි ගැසී මෙවැනිම පාලනයකට සුදානම් වෙමු.

මහපොළ ඉල්ලු අන්තරේට කදුළු ගෑස්




ජීවන වියදම ශිඝරයෙන් ඉහළ යමින් තිබේ. කම්කරුවන්ට,ගොවියන්ට,ශිෂ්‍යයින්ට ජීවත්වීම යනු අතිශ්‍යයෙන් අසීරු කටයුත්තකි. මිලදි ගැනීමේ හැකියාව ශිඝරයෙන් පහත වැටෙමින් ඇත. මෙම තත්වය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මහපොළ වැඩිකරලීම කලයුතුව ඇත. මහපොළ වාරිකය රු5000ක් හා ශිෂ්‍යාධාර වාරිකය රු 4000ක් ලෙස ශිෂ්‍යයින්ට හිමි විය. එයද හිමි නොවන ශිෂ්‍යයින් ද විශාල ප්‍රමාණයක් සිටියි. මෙම මුදල ශිෂ්‍යයින්ට තමන්ගේ ආහාර වියදම හෝ පිඅයවා ගත නොහැක.  සමහරුන්ට හොස්ටල් හිමිවි නැත. ඔවුන්ට තම බෝඩින් කුලිය ගේවා දැමු පසු ආහාර හා අනෙකුත් කටයුතු කිරීමට මුදල් ඉතිරිවන්නේ නැත. අනෙක් සියලු වියදම් සදහා ශිෂ්‍යයින් දුෂ්කර රැකියා වල නියුතු වීමට සිදුව තිබේ.

මෙම තත්ත්වය තුල මහපොළ වාරිකය වැඩිකිරීම හෝ ශිෂ්‍යයින් ගේ සුබසාධනය වෙනුවෙන් මැදිහත් වීමක් කළ යුතුය. මෙම මැදිහත්විම ආණ්ඩුව විසින් පැහැරහරින විට ශිෂ්‍ය සංගම් ඊට මැදිහව තිබේ. ඇත්තෙන්ම ඊට ශිෂ්‍ය සංගම් මැදිහත් විය යුතු කාර්‍යක් නොවේ. නමුත් ආණ්ඩුව ඊට පිළිතුරු නොදෙනවිට ශිෂ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවට ලිපි මගින් දැනුවත්කර වහා ඊට මැදිහත් වන ලෙස කියා සිටියද පලක් වී නැත. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය අද දින ටෙක්නිකල් මංසන්දියේ සිට පාගමනින් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කර තිබේ. එහෙත් ආණ්ඩුව අදත් ඊට පිළිතුරු දී තිබෙන්නේ කදුළු ගෑස් හා ජල ප්‍රහාර දියත් කර්මිනය.

මේ වනවිට ශිෂ්‍යයින් 25 දෙනෙක් අතඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. ආණ්ඩුව ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන්නේ ඒ ආකාරයෙනි. ආණ්ඩුවේ මෙම ක්‍රියා කලාපය දැඩිලෙස හෙල දැකිය යුතු අතරම ශිෂ්‍යයින් ගේ සාදාරණ ප්‍රශ්න මැතිවරණයට භාවිතා නොකර පිළිතුරු දිය යුතු බව අරුණෝදය ලංකා අවධාරණය කරමු.






























Wednesday, October 23, 2019

උපාධිධාරීන් කඩේ යවන පුහුණු එපා, ස්ථීර පත්විම් දියව්.

අද දින ඔක් 23 දින රැකියා විරහිත උපාධිධාරීන් නැවත අරගලයට ඔඇමිණ තිබේ. ඒ ජනාධිපතිවරණය අතරතුරය. ආණ්ඩුව දිගින් දිගටම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න මග හරිමින් සිටියේය. මේ මැතිවරණය භාවිතා කරමින් නැවත වරක් උපාධිධාරීන්ට ලබාදුන් පොරොන්දු කඩ කිරීමට උත්සහ කරන්නේය. එහෙත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිසම හමුව මේ පිළිබදව සාකච්චා කිරීමෙන් අනතුරුව මැතිවරණය රැකියා ලාබාදිමට බාදාවක් නොවන බව අනාවරණය කළේය. ඒ අනුව නැවත රැකියා ඉල්ලා පාලකයන් හමුවිමට උපාධිධාරීන් කටයුතු කොට ඇත.

ඒ කෙසේවෙතත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලට ආණ්ඩුවට පිළිතුරු දීම මගහරිමට හේතුවක් ඇත. එහිදී ආණ්ඩුව ලබන වසරේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණාය ගෙවීම සදහා උපාධිධාරීන්ගේ පුහුණුවට වෙන්කළ මුදල යොදාගැනීමට සුදානම්ක් පවති. ධන කුවේරයන්ට බදු ගැසීමට  හෝ ජනාධිපති හෝ මංත්‍රි වැටුප් වලට අත නොතබන ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට වෙන්කළ මුදල ද ලබා ගැනීමට වෑයම් කරයි.

මෙම නිසා වහාම අරගලය උත්සන්න නොකළහොත් උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සිහිනයක් වනවා ඇත. එම නිසා රටට දැනෙන පාලකයන්ට මග නොහැරිය හැකි ගැටළුවක් බවට මෙය පත්කළ යුතුය. ඒ සමගම උපාධිධාරීන්ට මෙම සටනින් පසු රැකියා ලැබෙන්නේ නැත. ලැබෙන්නේ පුහුණුවට අනුයුක්ත විමකි. මෙම පුහුණුව පුහුණුවක් නොවන බව ද අවධාරණය කළ යුතුය. එය පුහුණුවට යොමුකරන ආයතන ප්‍රධානියා ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට උපාධිධාරීන් ලබාදිමකි. එය පුහුණුවක් නොව නවක වදයකි. රැකියාව ස්ථිර නොවන නිසා ඊට සම්බන්ධ වන සියලු දෙනා කටපුක වසා ගෙන සිටියි.

මෙම තත්ත්වය නැවත බදවාගන්නා උපාධිධාරීන්ට හිමිවිය යුතු නැත. එම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සටන ක්‍රියාත්මක විය යුත්තේ ස්තීර පත්විම ලබා ගැනීම සදහාය.



Tuesday, October 22, 2019

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ගෝඨා දායාන් ජයතිලක ගේ හෙලිදරව්ව

දයාන් ජයතිලක බොහෝ කාලයක් නිහඩව සිටිමින් ජනාධිපති මැතිවරණය ආසන්නයේ දී තම මුහුණු පොතේ ආන්දොලනාත්මක සටහන්ක තබා ඇත. ඒ පසුගිය පාස්කු ප්‍රහාර සම්බන්ධවයි. මෙම ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ විසින් සැලසිය කරන ලද්දක් බව ඔහු සටහන් කරයි.

පාස්කු ප්‍රහාරය යනු මිලේඡත්වයේ සංකේතයකි. දයාන් ජයතිලක මේ ප්‍රකාශ කරන්නේ ගෝඨාභය මිලේච්ඡයෙක් බවද? කුඩා දරුවන්, ගැහැණු,පිරිමි එකා පිට දමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ  මිලේච්ඡයෙක් බ්වද? මේම සටහන අවතසේරු කළ යුතු නැත. ප්‍රෙමදාසගේ දාසගේ උරුමය ඉදිරියට ගෙනයන බව කියන විට ඇග කිලි පොලා යන අතරම දැන් ගෝඨාභය සිහිවිමෙන් ද එසේ ව්ම වැලැක්විය නොහැක. හෙට දවසේ ලංකාවේ පාලකයා කුමන ආකාරයේ එකෙක්ද යන්න අමුතුවෙන් සිතිය යුතු නැත. එය වෙනස්වනවා නම් වෙනස්වන්නේ එකවර ඡන්ද දායකයින් සංවිධානය වී පැමිණිමෙන්ය.  එහෙත් කිසිවෙක් ලග මැජික් බලයක් නැත. එමනිසා හෙට දවසේ ගෝඨාභය හෝ ප්‍රෙමදාසගේ උරුමය රටේ බලය ඩැහැගනු ඇත. එසේම තවත් එවැනිම ම්ලේච්ඡ ක්‍රියා අප ඉදිරියේ සිදුවනු ඇත.  

මෙම නිසා ඡන්ද දායක හපන්නු ඡන්දය දී කට පුක වසාගෙන සිටිනු ඇත. නමුත් එසේ සිටිය නොහැකිවුන් ඉදිරියේ දී පත්වන අපේ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් කෝටුමස් වනු ඇත. එසේම එය සිහිපත් කළ දයාන් ජයතිලක මහාතාට ස්තුතියි
ළමයින්ට හොදම දේ දෙන්න පොරොන්දු දෙන පාලකයෝ අපේ ළමයින්ට කන්න තියෙන දේත් විෂ කරලා. වසර ගණනාවක සිට ලාංකිය භූමිය ලාභාය උදෙසා වු දේශපාලනය රජ කළේය. එහි ප්‍රතිඵල අපට මෙන්ම  ළමයින්ට ද හිදින් භුක්ති විදිමට ලැබේ. ලාභය උදෙසා වු දේශපාලනය අඩුම තරමින් ළමයින් පවා ඉතුරු නොකරන්නේය.
දැන් ලංකාවේ හරියකට කෑමක් බිමක්වත් ගන්න බෑ. මහා ලොකුවට වේදිකා උඩ බෙරිහන් දෙන ආයො හා ඔවුන්ව අනුගමනය කරන ජනතාවට අවසානයේ අත්වෙන ඉරණම ඇස් ඉදිරියේ පෙනෙමින් තිබේ. දෙමාපියන් හැම දේම කරන්නේ දැරුවන්ටය. ඒත් දරුවන් ලෙඩ කරමින් මරාදමන වැඩපිළිවෙලක් දිනවන්න මහන්සුවෙන මහන්සිවිල්ල්ල කොතරම්ද? දැන්වත් මෙයින් වෙනස් දේශපාලනයකට ජනතාව සුදානම් විය යුතුය. නැත්නම් එම දේශපාලනය ළමයින් ලෙඩ වු පසු බෙහෙත් විකිණීමට පොලිමේ පැමිණෙන ජොලිය අත්විදීමු . අපි ළමයින් බේරා ගැනීමටත් සමාගම් වලට ලාභය උපදවාලීමටත් බස්වල, නගරවල,ගම්වල ලවුස්පීකර් බැදගෙන හිගා කමු.

Saturday, October 19, 2019

පුහුණු උපාධිධාරීන්ගේ රැකියා අනතුරේ

රටේ ආර්ථිකයක යහපතක් නැත. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 2.4% දක්වා පහත වැටි ඇත. එසේම ලබන වසර තුල ගෙවීමට තිබෙන ණය වාරිකය මෙම වසරට වඩා වැඩිය. ණය ගෙවිමට තිබෙන ප්‍රමාණය ගිය වසරට සාපේක්ෂව 12%ක් වැඩිවිමකි.මේම තත්ත්වය නිසාත් පසුගිය කාලය පුරාවට පැවති වැඩවර්ජන වලට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කලහොත් රටේ තත්ත්වය තවත් භයානක වනු ඇත.

දැනටමත් ආණ්ඩුව රජ්‍ය ආයතනවල වියදම් 10%කින් කපාහරින ලෙසට නියෝග කොට තිබේ. මේ තත්වය ඇතුලේ ඉදිරියේදි සීග්‍රයෙන්  භාණ්ඩ මිල ඉහල යාම වැලැක්විය නොහැක. සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන්වන මුදල්තව තවත් කපා දම්නු ඇත.

එසේම දැනටමත් ස්ථිර කළයුතු එහෙත් එය එසේ නොකොට කල්මරමින් සිටින ප්‍රශ්නක් ඇත. ඊට එහි වගකිව යුත්තෝ හා ගොදුරු වන්නෝද පෙනි නොසිටියි.  ඒ පුහුණුවට බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රශ්නයයි. ඔවුන් ත්වමත් ඉථිර කර නැත. ආණ්ඩුව ඊට කල්මරමින් නොයෙක් හේතු ප්‍රකාශ කරයි. ඇත්තෙන්ම සත්‍ය හේතුව වන්නේ ඔවුන් අභ්‍යාසලාභීන් ලෙස තවදුරටත් ප්වත්වා ගැනීමේ උවමාවයි. අභ්‍යාසලාභහීන් ස්ථිර නොවන නිසා ඔවුන් උද්ඝොසණ වල නියැලෙන්නෙ නැති බව ආණ්ඩුව දනි. එසේම බොහො වෘත්තීය සමිති මේ ප්‍රශ්නයෙන් කර ඇර සිටින බව ද ආණ්ඩුව දනි. එම නිසාම 2018 බදවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට නොයේක් හේතු කියම්න් කල් අරිම විලාසිතාවන් කරගෙන තිබේ. මොකද ආණ්ඩුවට මේ වෙලාවේ ස්ථිර කිරීමට තිබෙන ලොකුම බදවා ලෙස දක්වන්නේ කාර්‍ය මණ්ඩල හිග කමය.එය බොරුවකි.මොකද ආණ්ඩුව ඊට වඩා දේවල් කරන ආකාරය අප දැක තිබේ. නමුත් උපාධිධාරීන් ගේ රැකියා ගැටළුවලට පමණක් ළමා කතා කියමින් තිබේ. 2019 අභ්‍යාසලාභීන් ස්තීර කාරනුයේ ඔවුන්ගේ පුහුණුකාලය වසර එකහමාරක් හෝ ඊට වැඩිකාලයක් ගිය පසුවය. මෙය 2019 බදවා ගත් පිරිස ස්තීර කිරීම හෝ නොකිරීම කෙසේ සිදුකරයිද යන්න ගැටළුවක්ව තිබේ.

ආණ්ඩුව ඡන්දෙට පෙර 16800ක් පුහුණුවට ගත්බව සැබෑය. ඒ ඡන්දයට පෙර උද්ඝොසණ අඩුකර ගැනිමටත් ඡන්ද වැඩිකර ගැනීම සදහාය. එහෙත් එය ලබන වසර වනවිට රැකියා ලබාදීම වෙනුවට පුහුණුවට ගත් පිරිසට එයද අහිමි කිරීමට ඉඩ තිබෙන බව කිව යුතුය. ආණ්ඩුවේ ගණන්බැලීම අනුව  2019 බදවාගත් පිරිස අවම වශයෙන් වසර දෙකක් හෝ ස්ථිර නොකොට තබාගත යුතුය. ඊට අවශ්‍ය මුලික වැඩ කටයුතු ආණ්ඩුව සිදුර තිබේ. එමනිසා තමන්ගේ රැකියාව ස්තීරකර ගැනීමට පුහුණුවේ සිටින උපාධිධාරීන් මහන්සි විය යුතුය.එසේ නොවනකල්හි උපාධිධාරීන්ට නැවත මහපාරේ සිටීමට සිදුවනු ඇත.ඒ නිසම  කල්වෙලා ඇතුව සංවර්ධන නිලධාරි තනතුර ස්තීර කර ගැනමට වැර වෑයම් කළයුතුය.

දැන් ආණ්ඩුව ආර්ථික අර්බුදය පහත මාලයේ කම්කරුවන්ගේ  ගොවියන්ගේ ධිවරයන්ගේ පිට පැටවීමට තිරණය කර ඇත. මෙම තිරණය අනුව උපාධිධාරීන් අභ්‍යාසලාභීන් පමණක් නොව පහත මාලයේ සෑම අයෙක්ම පිඩාවට පත්වනු ඇත. එහෙත් ඊට වෙනත් විකල්පයක්ද ඇත. ආර්ථිකයේ වැඩි පංගුවක් අත්පත් කරගෙන සිටින්නෝ මේ සදහා වගකිව යුතුය. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව කළ කී දෑ බොහෝය. ඒ නිර්ධනයන්ගේ බදු මුදලින්ය. ගත් ණය වැය කළේ ඔවුන් සදහාය. පෝට්සිටි,නෙළුම් කුළුණ,අධිවේගී මාර්ග තැනුවේ ඔවුන් සදහාය. එහෙත් ආණ්ඩුව බර දරන්නට කියන්නේ පහත මාලයේ පීඩිතයන්ටය. ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්තියට එරෙහිවි විමට අභ්‍යාසලාභීන් මෙන්ම අනෙකුත් බලවේගයෙන් මැදිහත් විය යුතුය. එසේ නොවුණොත් පහත මාලයේ සියලු බලවේගවල අධ්‍යාපන ,සෞඛ්‍ය ,ප්‍රවාහන හා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහිමිවීම කිරීමද කරනු ඇත. එම නිසා ඊට වහා මැදිහත්ව කඅරගලයට පණ පෙවිම අත්ත්‍යව්‍යවනු ඇත.
                   

සිංහල මහා ජාතිය ඒ තරමට අවිස්වාසය.


                         
  සිංහල ජනතාව යනු ලංකා භූමියේ ජීවත්වන මහ ජාතියයි. දෙමළ මුස්ලිම්,බර්ගර් හා අනෙකුත්  ජාතින් මෙහි වෙසෙන සුළු ජාතින්ය. දැන් මහා ජාතියේ නියෝජිතයන් ලෙස රට පාලනය කළ දේශපාලන පක්ෂ රටේ ජාතික සමගිය නැති කිරීමට වගකිව යුතුය. ශ්‍රි ලනිපය, එජාපය හා විටෙන් විට ඔවුන් හා සමගිය දීග කෑ අනෙකුත් පක්ෂ මීට වගකිව යුතුය.
 නමුත් සිංහල මහා ජාතිය ජාතියක් ලෙස තමන් ඉදිරියේ පාලකයින් සිදු කළ මහා අපරාධ සාධාරණීය කරමින් සිටියි. ඒ උතුරේ දෙමළ පක්ෂ ජනාධිපති වරණයට ගෙන එන ලද යොජනා නිසාය. උතුරේ දෙමළ ජනතාවගේ නියෝජිනය කරන පක්ෂ ස්වං නිර්ණ ඉල්ලා සිටියි. ඊට සිංහල මහා ජාතිය පුක උඩදමා ගනිමින් කෑ ගසයි. එහෙත් සිංහල මහා ජනතාව අමතක කරන දේවල් බොහොය. ඉතිහාසයේ දී ඩීස් සේනානායක ආණ්ඩුව, ඩග්ලිගේ ආණ්ඩුව ,බණ්ඩාරනායක ආණ්ඩුව සීරීමා ආණ්ඩුව ,ජේ.ආර්ගේ, පෙමදාස, චන්ද්‍රිකා ආණ්ඩුව රනිල්ගේ හා මහිදගේ ආණ්ඩු දෙමළ හා අනෙකුත් සුළු ජාතින්ට කළ අපරාද ගැන වගේ වගක් නොමැතිව කටපියා ගෙන ඒවා අනුමත කළ බව අමත කළ බව සිංහල ජාතිය අමතක කරයි. 
 
 
කසාද බැද සිටුන යුවලක එක් අයෙක් දික් කසාදය ඉල්ලා සිටින්නේ අනෙකා සමග ජීවත් වීමට නොහැකි නිසාය. අනෙකා අප්‍රසන්න වන තරමට සිදුවිම් සිදුව තිබෙන නිසා වෙන්විම හැරුණාම ඉතිරිව තිබෙන්නේ අනෙකාගේ කල්ලකඩත්තකම් ඉවසා සිටීමය. ජාතින් අතර විරසකය ඊට වඩා භායානකය. ලංකාවේදි දෙමළ ජනතාව අතර ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කිරීම තරම් ඒවා බරපතලය සැහැසිය. අමන පාලකයෝ ජාතිවාදය අවුස්සන අවුස්සන ගානේ මහා ජාතිය ගොන් රැලක් ලෙස ඇවිස්සී දෙමළ ජනතාවට කළ අපරාධ මෙයට හේතු වී තිබේ. එහිදි එකට ජීවත්වීම ප්‍රතික්ෂේප කිරීමට තරම්  ඒවා සැහැසි බව අමතක නොකරන්න.  එසේ සැහසිකම් කළ අපරාධ කළ ඇයෝම උතුරේ දෙශපාලන පක්ෂ එය දඩබිමා කරගනිමින් ගෙනේන යොජනා වලදි අසන ප්‍රශ්න ඉතාම භයානකය. 

සමහර දේශපාලන පක්ෂ අහන්නේ සංහල මිනිස්සුන්ට යාපනේ ගෙවල් හැදිය හැකිද එහි කඩයක් දාගන්න පුළුවන් ද වාගේ ගොන් ප්‍රශ්නය. ඒවා තම්න් කළ වැරදී සාධරණීකරණය කිරීමත් ජාත්වාදයම වපුරා දෙශපාලනය කිරීමට යොදාගනියි.                  
කාගෙ හරි එකෙක්ගේ අම්මව දුෂණය කළ පසු දුෂකයට අල්ලපු ගෙදර වාඩිලාගන්න කවුරුත්  ඉඩ දෙනවද? තෙරුම් ගත යුත්තේ 1948 පස්සේ හිටිය ලංකාව පාලනය කළ කල්ල කඩත්තොයෝ දෙමල මිනිසුන්ගේ ඔළුවේ සිහලයො මාර හොද මිනිස්සු විදියටද රෙජිස්ටර් කරල ද තියෙන්නේ, නෑ, දෙමළ මිනිස්සුන්ගේ හින්දු ආගමේ ශ්‍රි අකුර ගෙනල්ලා වාහනේ ගැහුවා, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා, ඉගෙන ගන්න විදියක් නැති කලා, පොලියේ පැමිණිල්ලක්වත් දාන්න ඉඩ දුන්නේ නෑ. බස්වල බෝඩ්,කෝච්චිවල බෝඩ් සිංහල උනාම උන්ට මොකක් හිතෙන්න ඇද්ද? සිංහලයෝ කවදාවත් හිතුවද තමන්ට ඔයටික උනානම් මොනතරම් අසරණ වෙනවද කියලා.







අන්තිමේදි කලු ජුලිය හරහා දෙමළ මිනිස්සු අමු අමුවේ පිළිස්සුවේ මහා මිලෙච්චයන් වගේ, යාපනේ පුස්තකාලයට ගිනි තියලා අතල් ගත්තා. මේ කිසිම වෙලාවක සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනි හිටියද නෑ. L.T.T.E ය නිර්මාණය කිරීමට අවශ්‍ය මැදිහත්විම කලා. ඒවාගෙම ඊට අවශ්‍ය අධාර දුන්නා. එහෙම කරලා ඇනකොටාගන්න ඉඩ හදලා තමන්ගේ දේශපාලන බලය රැක ගත්තා.

මේ සේරම මෙහෙම වෙද්දි දැන් කියනවා සිංහලයන්ට යාපනේ පදිංචියට  යන්න පුළුවන් ද වගේ  ගොන් කතා අහනවා. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් ගැන අබමල් රේණුවක විවාසයක් නෑ. කවුරුත් විස්වාසය ඇතිවෙන වැඩකරන්නේ නෑ හැම වෙලේම රවට්ටනවා. එහෙම උනාම වෙනම ඉන්න හිතෙනවා ඇරුණාම එකට ලගින්න හිතෙන එකෙක් ඉන්නවානම් ඌ පිස්සෙක්. 2015 ජනාධිපති වරණයේදි මෛත්‍රී දෙමළ ජන්ද ඩැහගන්න දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව කීවා, හමුදා කදවුරු ඉවත් කරලා දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් නැවත දෙනවා කීවා කෝ දුන්නද මෛත්‍රීපාල දෙමළ මිනිස්සු රැවැටුවේ නැද්ද දුන්නු පොරොන්දු කඩකරලාම සිංහල මහා ජාතිය කිසිවෙක් මෛත්‍රීගේ මේ වංචාව ගැන කට ඇරියද? නෑ. කවුරුත් දෙමළ මිනිස්සු මිතුරු කරගන්න දෙශපාලනයක් කරනවද? නෑ. කරන්නේ ඒ ප්‍රශ්න දඩමීමා කරගෙන බලයට එන්න දගලන එක විතරයි. මේ අප්‍රසංන සතුරුකම මිතුරුකමක් ලෙස ගොඩ නැගීමේ වගකිම තියෙන්නේ සිංහල මහජාතියට මිස සුළු ජාතින්ට නෙවෙයි. ඒ නිසා  දෙමළ ජනතව වෙනුවෙන්  ඔවුන්ගේ ප්‍රශ්න කතා කිරීමේ වගකිම සිංහල මහා ජාතිය පවරාගත යුතුයි. 

 සිංහලයන්ට අප කිව යුත්තේ දැන්වත් දෙමළ මිනිස්සුන්ගේ විවාසය දිනාගන්න වැඩකරපල්ලා එහෙම නැත්නම් උන් හැමදාම බෙදිවෙන්වෙලා යන්න ඉල්ලනවා හැරුණාම වෙන ඉල්ලීමක් ගේන එකක් නෑ . මොකද සිංහලයන් ඒ තරමට අවිස්වාස ජාතියක් යැයි දෙමළ ජනතාව සිතන නිසාය.      







        

Friday, October 18, 2019

මම ඉන්න ඕන, සර් කියන විදියට තමයි.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පුහුණුවට බදවා ගෙන ඇත. එක් පිරිසක් වර්ෂයක් ගෙවි ගියද තවම ස්තීර කරන බවක් පෙනෙන්නට නැත. තවත් පිරිසක් මහජන සේවය පිණිස කන්තෝරු වල පුහුණුව නමින් මොකක්දෝ අමුතු මගුලක් කිරීමට සුදුව තිබේ. ඔවුන්ගේ ආද්දැකීම් අමිහිරිය. ඒවා කතා කළ විට රැකියා ලබා ගන්නවා වෙනුවට රැකියා එපා කරවීම නම් සිදුවවේ.

උපාධිධාරීන් පුහුණුවට ගත්ත ද ලබාදෙන පුහුණුව කුමක් දා යන්නා තවම නිශ්චිත නැත. ඒ වෙනුවට පුහුණුවට ආනුයුක්ත කළ ආයතනයේ ප්‍රධානියා කියන ආකාරයට සිටීමට සිදුවේ. මේ නිසා පුහුණුව වෙනුවට උපාධිධාරීන්ට කිරීමට සිදුව තිබෙන්නේ ආයතන ප්‍රධානින්ට වන්දිබට්ටකම් කිරීමටය. එක් ආයතනයක අභ්‍යාසලාභී උපාධිධාරීයෙකුට චු බරක් හැදි එය සන්සිදුවා ගැනීමට ගොස් සිටිනවිට ආයතන ප්‍රධානියා කතාකර ඇත. ඒ වනවිට සිටිය යුතු තැන ඔහු නොමැති නිසා ආයතන ප්‍රධානියා ගේ කෝපය ඉහවහා ගොස් එම කෝපය පුපුරා හැරීමට උපාධාරියා එනතෙක් බලා සිටින්නට විය.

කොහෙද ඕයි තමුසේ ගියේ උපාධිධාරීය ගේ පිළිතුරු වුයේ,  වොස් රූම් එකට ඉතිං තම්සේ යනතැන මට කියලා යන්න එපැයි. උපාධිධාරීයා නිහඩය. මේ මතක තියා ගන්නවා, ඔහේ ඉන්නේ ට්‍රේනින් එකක කියලා, ඉන්නවානම් ඉන්න ඕන මම කියන විදියට. නැත්නම් ට්‍රේනින් ඉවර වෙන්නත් කලින් ගෙදර යවන්න මට පුළුවන් ,එහෙම පැය බාගයක් පමණ බැනුම් ඇසීමත් ට්‍රේනින් එකේම කෙටසක් වී තිබේ.

රැකියාවට ගිය බොහෝ උපාධිධාරීන්ට එහි සේවය කරන අය කිවේ ඕකෙන් අයින් වෙන්න ඕය ජොබ් එකේ ඇති දෙයක් නෑ. එතකොට උපාධිධාරීයා අහනවා ඇයි එහෙම කියන්නේ කියලා.එතකොට එයාලා කියනවා ඔය DOඅයට නිශ්චිතවම රාජකාරි පවරන්නේ නැති බවත් පවරන රාජකාරි සේවා ව්‍යවස්ථාවේ තිබෙන එකක්වත් නොවන බව ඔව්න් ප්‍රකාශ කරන්නේය. එහෙම කියන අය මෙහෙමත් කියනවා ඔය දිලා තියෙන්නේ ජොබ් දෙන්න ඕන නිසා මිස හරියට හොයලා බලලා දෙන ඒවා නම්නෙමෙයි ඕක කරා කියලා ඔයාලාට ඉදිරියක් තියෙනවද හැමදාම ලොක්කෝ කියන එවා විතරක් කර කර ඉන්න පුළුවන් ඊට වැඩි දෙයක් මේරැකියාවේ නෑ. අඩුම තරමේ ඔයාලා පුහුණුවට දැම්මට පුහුණුව කරන්න තියෙන්නේ ලොක්කා කියන එකක්  ඕය ජොබ් එකෙන් උපාධිධාරීන්ට තියෙන වටිනාකම නැතිවෙන එක විතරයි වෙන්නේ.

මේ සේරම අහගෙන ඉදලා කරන්න පුළුවන් හැම  කරලා ඉන්න තියෙන්නේ මොන්ටිසෝරි ළමයි වගේ තමයි. මේ නිසා වහාම අඩුම තරමේ පුහුණුව   එක මාස 6 න් පසු  ස්තීර් පත්විම්  ලබා දිය යුතුය.  එහෙත් එය එසේ සිදු නොවන නිසා පුහුණු අපට අනිවාර්යයෙන් අරගලය කළ යුතුය. එසේ නොවන තාක්කල්  ඊට උපාධිධාරී මෙම ත්වත්වයේ පසුවෙනු ඇත. එසේම එම කාලයේදි උපාධිධාරීන්ම මම ඉන්නේ සර් කියන විදියට තමයි සර් කියනු ඇත.

Saturday, October 5, 2019

සංවර්ධන නිලධාරින් ලෙස බදවාගත් උපාධිධාරීන්ටත් වෘත්තීය සමිතියක්



උපාධිධාරීන් රැකියා ඉල්ලා හඩ නැගූවාර අනන්තය. අවසානයේ ආණ්ඩුව උපාධිධාරීන් කොටසක් පුහුණුවට බදවා ගනු ලැබිය. 2018 වර්ෂයේදී 3600 පමණ හා 2019 වර්ෂයේදී පළමුව 16800 ක් හා එම බදවා ගැනිමේ පුරප්පාඩු සදහා 6000ක ප්‍රමාණයක් පුහුණුවට බදවා ගනු ලැබීය. එහෙත් එම බදවා ගැනීම උපාධිධාරීන් ගේ ගැටළුවලට සහනයක් වනවා වෙනුවට වේදනාවක් අත්පත් කර දුන්නේය.

වේදනාවට පිළියම් සෙවු උපාධිධාරීන්


පුහුණුවට ගත් උපාධිධාරීන්ට නිශ්චිත පුහුණුවක් නොවීය. උපාධිධාරීන්ට සිදුවුයේ අනුයුක්ත කළ ආයතනවල කලක් සිට කරගැනීමට  නොහැකිි වු වැඩ භාරදිමය. තවත් තැන්වල ලියුම් කැඩීම, ඇමිණීම, ඩේස්ටෑම් ගැසීම වැනි දේ බාර දී තිබිණි. මෙම පුහුණුව පුහුණුවක් නොව කඩේ යැවීමකි. පුහුණුවට අදාළව නිශ්චිත ක්‍රියාපටිපාටියක් නැත. කළ යුතු නොකළ යුතු කිසිත් නැත. පුහුණුවට අදාළව කිසිදු උපදේශයක් ආයතන ප්‍රධානින්ට ලැබි නැත. ආයතන ප්‍රධානින් කරනුයේ තමන්ගේ කටයුතු පහසුකර ගැනීමට පුහුණුවට ගත් උපාධිධාරීන් යොදවා ගැනීම පමණය.
මේ පිළිබදව ඇහුම්කං දීමට  කිසිවෙක් සිටියේ නැත. සංවර්ධන නිලධාරි තනතුරට අදාළ වෘත්තීය සමිති ද මේ පිළිබදව කිසිදු වචනයක් පිට නොකරන්නේය. ඒවැනි අවස්ථාවක උපාධිධාරීන් එම වෘත්තීය සමිති සොයා ගොස් මෙම ගැටළුවලට කරන්නේ කුමක්දැයි අසා සිටියේය. ඔවුන් ඊට සිනා සුනා මිස පිළිතුරක් සේවීමට ඉදිරිපත් නොවීය.

සේවය ස්ථීර කර ගැනීම අර්බුදයක.

වසරක පුහුණු කාලයක් සදහා බදවාගත් උපාධිධාරීන් වසර අවසානයේ ස්ථීර කළ යුතුය. එහෙත් 2018 බදවාගත් උපාධිධාරීන් තවමත් ස්ථිර කොට නැත. ඊට ද වෘත්තීය සමිති කිසිත් නොකියා ඔහේ බලා සිටින්නේය. නමුත් කෙසේ හෝ මෙම ගැටළුවට පිළිතුරු සොයාගත යුතු නිසා උපාධිධාරීන් හැකි සෑම උත්සහයකම නිරත විය. ඒ අනුව

සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයට බදවා ගන්නා ඕනෑම අයෙක් දින 180ක් ගතවු පසු ස්ථීර කළ යුතුය යන්න අප දැන ගතිමු. මේ පිළිබදවත් වෘත්තීය සමිති දැනුවත් කළ ද පලක් වුයේ නැත.


ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය

අවසානයේ දි අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට ඇහුම්කම් දෙන වෘත්තීය සමිතියක් හමුවිය. එය උපාධිධාරීන්ට තමන්ගේ ගැටළු කතා කිරීමට කැබුණු මහගු අවස්ථාවක් විය. අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනෙක් හා ඒකාබද්ද සංවර්ධන නිලධාරින්ගේ සංගමය අතර පැවති සාකච්චාවට අනුව දැනට බදවා ගෙන සිටින උපාධිධාරීන් සමග සාකච්චා කිරීමට තීරණය වන්නේ ඒ අනුවය.

ආයතන කිහිපයක අභ්‍යාසලාභී උපාධිධාරීන් සමග කල සාකචාවේදි ඉතාම සෝචනීය තත්වයකට උපාධිධාරීන් පත්ව තිබෙන බව අනාවරණය විය. එය මීට පෙර රාජ්‍ය සේවයට බදවාගත් කිසිදු වෘත්තීයක් අත්නොවිදින අන්දමේ කේදනීය ඉරනමකට මුහුණ දෙමින් සිටින බව දැකගත හැකිවිය. ඒ අනුව ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය අභ්‍යාසලාභී උපාධිධාරීන් සමග අමාත්‍යාංශය සමග සාකච්චා කිරීමට තීරණය කෙරීණි.

අමාත්‍යාංශය සමග කළ සාකච්චාව

2019 සැප් 04  දින ආර්ථිකය කටයුතු  අමාත්‍යාංශ්‍ය ලේකම්  සමග එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය සාකච්චාවක් සිදු කළේය. ඊට එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ සහොදරයා හා අභ්‍යාසලාභී උපාධිධාරීන් හය දෙනෙක් ඊට  සහභාගි විය.

මෙම සාකච්චාවේදී  ඉල්ලු ඉල්ලීම්  සමහර ආයතනවල ක්‍රියාත්මක විය. එසේම සමහර ආයතන වල අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය. සමහර ආයතන කිසිත් කිරීමට එකගව සිටියේ නැත. එවැනි වටපිටාවක බොහෝ ඉල්ලීම්  සාකච්චාවට ගැනුනි. ඉන් කිහිපයක් දිනා ගැනීමටද හැකිවිය.

01. 2018 බදවාගත් හා දැනට ස්තීර නොකළ සියළුම අභ්‍යාසලාභීන් සැප් 01 දිනට ඉථිර කිරීමටත් ඊට අදාළ ලිපිය   මාස දෙකක් යාමට පෙර ලබාදීමට එකග විය.

02. 2018 දි බදවාගත් උපාධිධාරීනියන්ට ප්‍රසූත නිවාඩු ලබා ගත හැකිවිය.

03. මාස 9ක් සේවය සිටි අයට දුම්රිය ගමන් ප්‍රවේශපත්‍ර හිමිකම ලබා ගැනීම.

04. කිරිපැය ලබාගත හැකිය.

05. අතිකාල දීමනා හිමිය.

06. දුම්රිය ප්‍රමාදන් හිමිය.

2019 බදවා ගනු ලැබුවන්ට  අදාළව

01. මෙහිදි ප්‍රධාන වශයෙන් සාකච්චා කළේ මාස 06 නොහොත් දින 180න් ස්ථිර කිරීම සම්බන්ධවය. එහිදී එකාබද්ධ උපාධිධාරී සංගමය අවධාරණය කලේ, පළමු හා දෙවෙනි සංවර්ධන නිලධාරින් බදවා ගනු ලැබුවේ දින 180 කට උවත් දැන් එය වසරකට බදවා ගැනීම නිවරදි නොවන බවය. ඊට අමාත්‍යාංශය කියා සිටියේ විවිධ අවස්තාවල ආණ්ඩුව ප්‍රතිපත්තිමය ලෙස එවැනි තීරණ ගනු ලබන බවත් එහිදි මෙම ගැටළුව සාකච්චා කළ යුතුව තිබු බවය.

ඊට පිළිතුරු ලෙස එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය ප්‍රකාශකර සිටියේ, ආණ්ඩුව එවැනි තීරණ ගත්තද එම අවස්ථාවේ දී සංවර්ධන නිලධාරින් නියෝජනය කළ වෘත්තීය සමිති ඒ ගැන කතා නොකලද  සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය අංශයට බදවා ගනු ලැබුවන් දින 180කට පසු ස්ථීර කළ යුතු නිසා වසරක් ගතවන තෙක් නොසිට 2019 බදවා ගත් සියලු උපාධිධාරීන් ස්ථිර කරන ලෙසය.

ඊට අමාත්‍යාංශය කියා සිටියේ, එය ආණ්ඩුව ගත යුතු තිරණයක් වන නිසා ඊට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවය. කෙසේ වෙතත් එය ආණ්ඩුවේ අවධාරණයට යොමු කරන බවට පොරොන්දු විය.

02. බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ගේ නිවාඩු පිළිබදව සාකච්චා කළ විට බොහො ආයතන නිවාඩු නොදි සිටිමටත් සමහර ආයතන මෙඩිකල් ඉල්ලා සිටින බවත් එසේ නොමැතිව මාසයට ලබාදෙන නිවාඩු දෙක ලබාදිය යුතු බව අවධාරණය කළ පසු  අමාත්‍යාංශය ඊට එකග විය.


සමහර වෘත්තීය සමිති මෙවැනි ගැටළු සදහා වෘත්තීය ක්‍රියාමාර්ග ගනි. එහෙත් සංවර්ධන නිලධාරින් වෙනිවෙන් පෙනි සිටින වෘත්තීය සමිති කිසිත් නොකරයි. නමුත් කිසිවෙක් මෙම ගැටළු වලට ඉදිරිපත් නොවන විට ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය ඉදිරිපත්වීම ඉතා වැදගත්ය. දැන් සටනට මුල පිරීමේදි ඉල්ලිම් කිහිපයක් දිනා අවසන්ය. සමහර දේ නාමිකව තිබු හා ක්‍රියාත්මක නොවු ඒවාය. නමුත් එහි ජයග්‍රහණයක් ඇත. නමුත් අවශ්‍ය ජයග්‍රහණය එය නොවේය. යා යුතු තැන තවම එතැනය. අඩුම තරමින් දින 180 ක් ඇවෑමෙන් සේවය ස්ථිර කරවා ගත යුතුය. එමනිසා සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම ලැබීමට සිටින සියලුම දෙනා වහ වහා සක්‍රිය විය යුතුය. ඊට අවශ්‍ය සහය දැක්විය යුතුය. සෑම දෙනාම දැනුවත් විය යුතුවා සේම දැනුවත් කළ යුතුය.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...