Friday, August 31, 2018

නවක වදයට එරෙහි ආණ්ඩුවේ ඊලග මෙහෙයුම

පසුගිය දා නවක වදය පිළිබඳව අන්තරේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී සම්මන්ත්‍රණයක් පවැත්වීය. මෙහිදි කතා කල විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්ය දිලිප ගේ කතාවේදී වැදගත් කරුණක් සදහන් කර සිටියේය. ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී විශ්වවිද්‍යාල නේවාසිකාගාර පුදිගලික අංශ හා එක්ව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දැන් මේක කරන්නේ කෙසේද? ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දක්වන ප්‍රතිචාරය කෙබඳවේද? මේ ප්‍රශ්න දෙක විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් ඇසුවෝත් මෙම ප්‍රශ්න වලට සිනාසි ඒවා කොහොමද කරන්නේ අපිත් එක්ක වැනි වචන කිහිපයක් නිදහස් කරනු ඇත. ඒ මෝඩකමට වඩා නොදන්නා කමය. ආචාර්ය දිළිප ට අනුව ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයන් ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝගයක් වනවා නොවනුමානය.

එය ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝගයක් වන්නේ නවකවදය නිසාවෙනි. එය දැන් වසන්කිරීමට හෝ එසේ කරන්නේ නැතැයි කියා යාමට කිසිවෙකුට නොහැක. එමනිසාම සමාජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කෘර අමානුෂික වදකයන් ලෙසත් විශ්වවිද්‍යාල නේවාසිකාගාර වදකාගාර ලෙසත් අර්ථකතනය කොටගෙන හමාරය. මෙම මතය නිර්මාණය කිරීමට පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ කෝටිගණනක් මුදල් වැයකොට තිබේ. එම නිසාම එම අදහස සමාජයේ ගණිභවනය වු අදසක්ව තිබේ. සයිටම් සටනේදි වුවත් මේම අදහස බොහෝ බාදා ගෙනදුන්නේය. එහෙත් ගත් වෙහෙස කටෝර අත්දැකිම් නිසාම ඒය අතික්‍රමණය කළ හැකිවිය. නමුත් මේ පැමිණෙන්නේ සයිටම් සටන නොවේ. අනික ශිෂ්‍ය සටන් ජයග්‍රහණය කරන්නේ සමාජයේ සියලු දෙනාගේ අවදානාය ඊට යොමුකර ගනිමින්‍ ය. එහෙත් නේවාසිකාගාර ගැටළුවේදී එසේ නොවේ. ඊට සමාජය ආණ්ඩුවේ පාර්ශ්වය ගන්නවා නොවනුමානය. ඊට එරෙහි සියලු උද්ඝෝෂණ වලදී ශිෂ්‍යයින් කුදලගෙන යනවිට සමාජය අත්පොඩි ගසනවා හැරෙන්න වෙනත් දෙයක් නොකරනු ඇත. දැන් එහි මුලික ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන ඇමති විජේදාස ක්‍රියාවට නගමින් සිටියි. නවක වදයට එරෙහි යැයි කියමින් ශිෂ්‍යයින් මර්දනයට නව පනතක් ස්ථාපිත වනු ඇත. ඒ සමග ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන වෙනතකට ගෙනමින් තිබේ. එහිදී සමාජය ඉදිරියේ හැකී පමණ ශිෂ්‍ය ව්‍යාපාරයේ තිබේන වටිනාකම් නැතිකර දමනු ඇත.

ශිෂ්‍යයින් ගේ පැත්තෙන් නේවාසිකාගාර ඉල්ලන විට ආණ්ඩුව ප්‍රථම වසර ශිෂ්‍යයින්  නවකවදයෙන් බේරා ගැනිමට නේවාසිකාගාර පුද්ගලික අංශයට දෙන බව ප්‍රකාශ කරනු ඇත. මෙහිදී තවත් බොහෝ රංගන ඉදිරිපත් කරනු ඇත. ශිෂ්‍යයින් උද්ඝෝෂණ කර එය සත්‍යක් බව සමාජය ඒත්තු ගන්වනු ඇත. ඉන්පසු නේවාසිකාගාර පමණක් නොව අධ්‍යාපනය ද පෞද්ගලිකරණය කරනු ඇත.

දැන් මෙය වෙනස් කිරීමට අවශ්‍ය කවුරුත් හෝ සිටිනවානම් නවකවදය නවතා දැමීමට කටයුතු කළ යුතුය. විශ්වවිද්‍යාල තුලට නවකවදය අවශ්‍ය නම් ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන ආකාරය හෝ අධ්‍යාපනය පෞද්ගලිකරණයෙන් වලක්වා ගන්නා ආකාරය පෙන්වාදිය යුතුය.

Monday, August 20, 2018

කාන්තා රැදවියන් අමනුෂ්‍යයෝ කළ මුදලට සීමා වු මාධ්‍ය සදාචාරය

පසුගිය දිනක කාන්තා රැදවියන් බන්ධනාගාරයේ වහලට නැග සිටියේය. මාධ්‍යට අනුව මොවුන් මෙසේ විරෝධය පළ කළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රැදවියෙක් තවත් බන්ධනාගාරයකට මාරු කිරීම හේතුවෙනි. මෙය සත්‍යය ද? සියලුම සිරකරුවෝ මනුෂ්‍යයෝය කියන රාජ්‍යක කටයුතු කරන මාධ්‍ය මෙසේ ප්‍රකාශ කිරීම නිවැරදිද? මාධ්‍ය හිතාමතාම මේ රැදවියන් අමනුෂ්‍යයෝ කර ඇත. ඇත්තෙන්ම සොයා බලද්දි අමානුෂිකව කටයුතු කර තිබෙන්නේ රැදවියන් නොවේ.

ඇත්තෙන්ම රැදවියන් ප්‍රකාශකර සිටියේ කුමක්ද? රැදවියන් විරෝධය පළකළේ කුමටද? බබා පාට්දමන හිගන මාධ්‍ය මෙය නොදෙන සිටියා නොවේ. රැදවියන්ට වසර ගණනාවක සිට නොවිසිදෙන ගැටළු කිහිපයක් තිබිණි. ඒවා කල්ල කඩත්ත මාධ්‍ය මුදලාලිලා ද හොදින් දනි.

01. තමන් ගේ නඩු ඉකමණට ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

කල්ල කඩත්ත මධ්‍ය මුදලාලි අමානුෂිකයිනි. මෙසේ ඉල්ලිමේ වරද කුමක්ද? නුඹලා නොදන්න කතාවක් මොවුන් ප්‍රකාශ කලාද? ඔවුන් නුඹලාගේ සරණසොයා පැමිණියෝය. අමානුෂික නුඹලා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්කොට සමාජයෙන් කොන්කර දැමුවේය. එසේම නුඹලා ඔවුන් සමාජ වෛරකරුවන් බවට පත්කළේය. මෙසේ කිරීමට නුඹලාගේ අවම සදාචාරය පවා මුදලට විකුණා දමමින් නොවේද? ඉතිං සමාජයට මෙවැනි මාධ්‍ය කුමටද? ආණ්ඩුවේ මතය පොම්ප කරීමට නම් නුඹලාගේ ආයතන කුමටද?

02. රැදවියන් ඉල්ලු දෙවැනි කාරණය වන්නේ ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපයා දෙන ලෙසටය.

මේවා කුමන මාධ්‍යක හෝ ප්‍රචාරය කළේද? නැත. මාධ්‍යට පෙනෙන්නේ නාමල් සිරගත කළ විටය, ගල්බොඩඅත්තේ හිමි සිරගත කළ විටය, වීරවංශ සිරකළ විටය, ෆොන්සේකා සිරකළ විටය. ඒත් මේ කිසිවෙක් සිරකදවුරේ ගතකළ ජීවිතය අපහසු එකක් නොවිය. උදාහරණයක් ලෙස කීවොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන්  ප්‍රනන්දු සිරගත වී සිටියදී ඔහු කැමති පරිදි බන්ධනාගාරය පුරා සැරි සැරිය. ඔහු සෑම දිනකම රැදවියන් බැලීමට පැමිණෙන පිරිස බැලීමට ඔහු ගියේය. එමනිසා අනෙක් උන් ගැන කතාකොට වැඩක් නැත.

මේවා සියල්ල මාධ්‍ය මුදලාලිලා හොදින් දන්නවා සේම ඊට හිද සහයක් ලබදෙමින් සිටියි. එහෙත් රැදවියන්ගේ වැසිකිලි, කැසිකිලි පහසුකම් පවා නොමැත. නිදන්නට සිදුවන්නේ එක් ඇලයකට පමණි. කෑම කන්න හැකිද? මේවා බලන්න යාමට මාධ්‍ය මුදලාලිලා අවශ්‍ය නැත. මේවා සමාජගත කරනවා වෙනුවට විකුණන්කෑම කොතරම් මානුෂික ද?

මේවා පමණක් නොව රැදවියන්ට සිදුවන අනේක වදහිංසා වසන්කොට තිබේ. බොහෝ වෙලාවට අයෙක් ලේ පෙරෙන තෙක් පහර දෙන බව රැදවියන් ප්‍රකාශ කරති. දැන් මේ මාධ්‍ය ආයතන මේවා නිදැන කටයුතු කරන්නේ ද?  නැත. මොවුන්ට අවශ්‍ය මුදල්‍ පමණක්මය. ඔවුන් ගේ සධාචාරය එයයි.

සමාජයේ මෙම රැදවියන් වෙනුවෙන් පෙනී සිටින්නෝ අවමය. එමනිසා මාධ්‍ය මුදලාලිලා රැදවියන් ගේ පැත්ත ගැනීමෙන් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැත. රැදවියන් ගේ ආරක්ෂාව හෝ ඔවුන් ගේ අවශ්‍යතා ගැන මතයක් නිර්මාණය කරන්නේ නැත. බන්ධනාගාරයේ ජීවත් වන සමහරු තවමත් වැරදි කරුවෝ නොවෙති. සමහරු නඩුවෙන් වැරදිකරුවන් උවත් දඩුවමට හිමිවිය යුතු සිර දඩුවමට වඩා කාලයක් සිරවි සිටින්නෝය. ඒ ගැන මාධ්‍ය කට අරින්නේ නැත. ඒ ඔවුන්ට මුදල් නොලැබෙන නිසාය. එසේම කිසිවෙක් හෝ ඒ සදහා මුදල් යොදවන්නේ නැත. එය කිවෙක්ගේ දේශපාලන ව්‍යාපෘතියකට බදුන්වන්නේ නැත. එමනිසා කිසිදිනක රැදවියන් මේ සමාජයට මනුෂ්‍යයන් වන්නේ නැත. ඔවුන් සමාජයේ කොන්කළ පිරිසකි.

මෙම තත්ත්වය පීඩිතයන් ගේ අනෙක් ගැටළු වල්දීද එසේය. එමනිසා බොහෝ සේ වෙහෙසිමෙන් පසු මාධ්‍ය පීඩ්තයන්ගේ පැත්තට හරවා ගත යුතුය. එසේ නොවනතාක් පීඩිතයන්ගේ ගැටළු විකෘතිකර ප්‍රචාරය කිරීම පමණක් මාධ්‍ය තම කටයුත්ත කර ගනියි. මෙම නිසා මුදලට යටවු ලාභය සොයන කල්ල කඩත්ත මාධ්‍ය ක්‍රියාවලිය හෙලි කිරීම අනිවාර්ය වේ.

Sunday, August 5, 2018

විප්ලවය සදහා වමේ ව්‍යාපාරයට නිෂ්චිත හැරවුමක් අවශ්‍යයි

වාමාංශිකයෝ ජාත්‍යන්තර වාදීයෝය. ඉන් අදහස් වන්නේ සමාජවාදය තනි රටකින් ඔබ්බට ගොස් මුළු ලෝකයම ඒකාබද්ධ කරගන්නා බවයි. වාමාංශිකයින්ට විප්ලවය අතලග  යෑයි නිතර සිතුනත් එය ඉබේ සිදුවන්නේ නැත. දෑනට සිදුවු විප්ලව සියල්ල ඉතිහාසයට එක්වි හමාරය. රුසියන්,චීන,කියුබන් විප්ලව නැවත  මේ මහ පොළොවේ සිදු නොවනු ඇත. ඒවා රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය නොහොත්  කෙන්සියානු ධනවාදය අතික්‍රාමනය  කිරීමට සමත් වුවද ඉන් නව ලිබරල් ධනවාදය ධනවාදය පැරදවිය නොහැක. මෙම නිසාම විප්ලවය උදෙසා වමේ ව්‍යාපාරය ආනීවාර්ය හැරවුකට පැමිණිය යුතුය.

මෙම හැරවුම සරලව කළ හැක්කක් නොවේ. එසේම මෙය ජයග්‍රාහී මාවත ද නොවේ. එය ජයග්‍රාහී මාවත හෙලි පෙහෙලි කීරීමට ගන්නා ආරම්භයක්  පමණි. එය ආන් කිසිවක් නොව ජාත්‍යන්තරවාදය ක්‍රියාවට නැගීමයි. ජාත්‍යන්තර වමේ ව්‍යාපාර ගොඩ නැගීමට ගන්නා උත්සහයන් නැවත ඒවා කඩා බිද  වැටීමටද හේතුවක් විය හෑකිය. ජාතික රාජ්‍ය තුල කප්පරක් වමේ පක්ෂ තිබුණත් විප්ලවය කිරීමට බැරිනම් ඒවා ධනවාදය රෑකීමට මිස වෙනකකට අවශ්‍ය නොවේ. එම නිසා වාමාංශික පක්ෂ තම දෙශපාලන ව්‍යාපාර ජාතික රාජ්‍යයන්ගෙන් ඔබ්බට ගෙන යා යුතුය.

මාක්ස් පළමු ජාත්‍යන්තරය ගොඩනැගු වට පිටාවට වඩා පහසුකම් අද ධනවාදය විසින්ම නිර්මාණය කොට දී ආවසන්‍ ය.  ඊට අවශ්‍ය බොහෝ මෙවලම් අප  අතරේම පවතින බැවින් ජාතික රාජ්‍ය තුල පවත්වාගෙන යන දේශපාලනය මදකින් හෝ අඩු නොකොට ඊට ප්‍රවේෂ විය හැකිය.

ප්‍රවේෂය මහා පරිමාණ ව්‍යාපාරයක් විය යුතු යැයි සිතීම ඉතා යහපත් උවත් ලංකාව වැනි  රටක පවතින වමේ ව්‍යාපාරයන්ට එය සැමදා සිතළුවක් පමණක් වනු ඇත. එම නිසා පළමුව ලෝක නිර්ධන පාන්තිකයන් ආමන්ත්‍රණය කළ හැකි කුඩාම මෙවලමින් මෙම  හැරවුමට ගත යුතුය. කප්පරක් වැරදිම් කළ අපට තවත් එක් කුඩා වරදිකින් කලබල වීමට හෝ ඉන් පැකිලීමට හෝ අවශ්‍ය නැත. කුඩා වරදකින්  හෝ ප්‍රරවේෂයක් ගත හැකිනම් එය විප්ලවය සිදුකරන මොහොත  මෙන් වැදගත් වනු ඇත.

දැන් තිබෙන්නේ ලෝක නිර්ධනයින්  ආමන්ත්‍රණය කිරීමයි. ලාංකාවේ අධ්‍යාපනය විකිණීම, සෞක්‍ය විකිණිම,විශ්‍රාම වැටුප කප්පාදුව, ශ්‍රම කොල්ලය, පරිසර විනාශය,මරදනය අනෙක් රටවලද ඒ ආකාරයෙන්ම සිදුවේ. ඒවා ඕනෑතරම් අන්තර් ජාලය හරහා දැක ගත හැකිය. එහෙත් ඒ කිසිවක් වෙනස් නොවන්නේ ප්‍රාග්ධනය සංසරණයේදි මුළු ලෝකයම ඒ වටා සංවිධානය කාරන බැවින්‍ ය. අප ආමන්ත්‍රණය කළ යුත්තේ එසේ නිර්මිත බලයට අභියෝග කළ හැකි වාම බලයක් ගොඩනැගීම සදහාය. එම බලය නැවත පෙරලා ජාතික රාජ්‍යයන් තුලද වර්ධනය වනු  ඇත.

මේ සදහා අවශ්‍යනම් එම රටවලට යා හැකිනම් හොදය. නැත්නම් සමාජ ජාලා ඔස්සේ හෝ එය ආරම්භ කළ යුතුය. එසේම එය බහුජන ව්‍යාපාර හෝ තනි පුද්ගලයන් විසින් කිරීමෙන් පලක් නොවනු ඇත. ඊට දේශපාලන පක්ෂයක් අත්‍යාවශ්‍ය ය. එසේ  නොවෙන්නේ නම් ඉන් ලැබෙන සාධනීය ලක්ෂණ අත්පත් කරගත නොහැකි වනු ඇත. මෙම ක්‍රියාවලිය සාම්ප්‍රදායික  දේශපාලන පක්ෂව අතික්‍රමණය කරමින් ඊට නව ගුණයක් අත්පත් වනු නොවනු මානය. එසේම ධනවායට දියවන වමේ පක්ෂ ද මේ හරහා නව ජවයක් ගෙන නැවත විප්ලවයේ දිසානතියට යොමුකරගත හැකිය. එම නිසා විප්ලවය උදෙසා ලෝක වමේ  ව්‍යාපාරයට මෙන්ම ලාංකිය වමේ ව්‍යාපාරයටද මෙම හැරවූම ආනිවාර්ය වනු ඇත.

Saturday, August 4, 2018

ලැජ්ජා විරහිත උපාධිධාරින්ට ආණ්ඩුව තුන්වන වරටත් පුක පෙන්නයි

උපාධිධාරින්ට හෝ ගෑවිල්ලේ වැඩ ලු, මොකද කියනවානම් ආණ්ඩුව කියන කියන පදයට නැටීම තමයි මෙයාලගේ වැඩේ වෙලා තියෙන්නේ, ඉතිං මේක හරිම රසවත් ජෝගියක්, මං හිතන්නේ ලෝක ඉතිහාසයේ 57000 ක් එක්ක කරපු ලොකුම ජෝක් එක මේක තමයි. මේකේ විකටයෝ වැහිවැහැලා බලංන වටිනවා, හිරියට වදුරු නැටුම් වගේ, ආණ්ඩුව තමයි වදුරෝ ටික නටවන්නේ, වදුරන්ට ඉන්නේ ලැජ්ජා විරහිත උපාධිධාරින්, මේ ගොන් හැත්‍තට ආණ්ඩුව ඉස්සෙල්ලාම interview කියලා කෙහෙල් මලක් තිබ්බා. මේකට කට්ටියම ගියෙ නැතැයි හරි හරියට පිනුම් ගහන්න. මෙයාලා interview bord එක ඉස්සරහා නානාක්ප්‍රකාරයේ පිනුම් ගැහුවා. මේවා බලන් ඉන්නත් හිරිකිතයි සමහරු පිනුම් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ, අනේ හපොයි. උනේ යට ඇදුම් පෙන්න පෙන්න නටපු එක විතරයි. නාකි කොල්ලෝ පිනුම් ගහන්න ගිහිල්ලා කලිසම් ඉරාගෙන තමයි ගෙදර ගියේ, මේ පිනුම් ගහපු අය දන්නවා ආණ්ඩුව හොර වැඩක් තමයි කරන්නේ කියලා. ඒත් ඉතිං මුන් ලැජ්ජා විරහිත නිසා දෙන ඕනම ජරා ගොඩක් කලා ඔහේ හිටියා.

දෙවැනි නාටකයටත් මෙයාලා යනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට, ගිහින් ආයෙත් පිනුම් ගහන්න හැදුවට එතන හිටි අය ඒකට ඉඩ නොදි පොඩි ජෝක් එකක් කරන්න කියලා මෙයාල පිටත්කරා. මෙහෙම පිනුම් ගහන වෙලාවේ අරගලයක් කරානම් මෙලහකට හැමෝටම රැකියා අරගෙන අවසන්‍ ය. එහෙත් එය කෙසේ වෙන්නද ලැජ්ජා විරහිත වන්නට වන්නට ආතම ශක්තිය බිදවැටි ගණිකා වන්නේ  ඉබේටමය.

මේ අතරේ මේ ජෝගිය ගැන රටේම ඇත්තෝ බලාගෙන ඉන්නවා. ඒ අතර ආණ්ඩුව කියනවා මුන්ට ලැජ්ජා නැති නිසා ඉස්සෙල්ලාම 5000කට ජොබ් දෙමුකියලා. අනේ අනේ 200, 300 හැරුණාම අනික් උන්ට මේ කියන දේ තේරෙන්නේ නෑ කියහන්කෝ, මුන් ගුලිකාලා වගේ ඔහේ ඇඹරෙනවා. සිහි බුද්ධියෙන් සිටු අය මේවට එරෙහිව උද්ඝෝෂණ කරා, හැබැයි ගොඩාක් අය පාන් කියාගන්න බැරි ලයින් එකේ උන්ගෙන් ගොඩයන්න බලන් හිටියා.ඒ මදිවට හරි අපූරු ටොක්ද ඉෂු කරන්න අමතක කළේ නෑ. අපි මොකටද දේශපාලනය කරන්නේ වගේ ගොන් ප්‍රශ්නත් මෙයාල ඇහුවා. හැබැයි ජොබ් ගන්න නම් අරගලකාරි වෙනස් දේශපාලනයක් නොකර කරගන්න බැරිබව පමණක් නොතේරීම පුදුමයක්, ඒත් මොකද කරන්නේ මෙයාලා නොතේරෙනවා වාගේ ඉන්නවානම්

මේ සියල්ල අස්සේ ආණ්ඩුව ලැජ්ජා විරහිතයින්ට තුන්වන වරටත් පුක පෙන්නුවා. ඇමතිලා,මන්ත්‍රී ලා නම් කල ලිස්ට් එක එළියට දැම්මේය. සමහරුන්ගේ රංගනයට අලි බෙට්ටකින් දමා ගසා තිබේ. දැන් මුහුණු පොතේ ඈයෝ මේ අලි බෙට්ට දැකලා ප්‍රශ්න අහන්න පටන් අරගෙන

2017 out වුණු අයගේ ලිස්ට් එකකට දැම්ම ජොබ් දැන්නේ නෑ කීව ආණ්ඩුව 2017 අයටත් ජොබ්දීලා තිබුණා. ඒක උනේ කොහොමද එයාල ඇමති වරුන්ගේ ලිස්ට් එකෙන් ආව අය මිස වෙන අය නොවේ. එයාලට රැකියා දිම වරදක් නොවේ. නමුත් කෙසේනම් අනෙක් අයට සාධාරණයක් විය හැකිද? ඒ වගේම interview එකට ගියාම 2017  උපාධිය ලබාගත අය පලවා හැර තිබ්බ බවත් අමතක කරලා එහෙම උනාම ඉතිරි උපාධිධාරින්ට   වගකියන්නේ කවුද?

නුවර ලිස්ට් එකේ අංක ද 196-218 යනකම් නම් නැතිවුණේ කොහොමද ? ආණ්ඩුව මේ කිසිවකට උත්තර දෙන්නේ නැත. හැබැයි රජයේ රැකියා කරන අයට අර්ධ රැකියා කරන අයගේ නම් නාම ලේඛනයට ඇතුලත් කර තිබ්බා. ඒවා හොද වැඩ හැබැයි ගොට්ට ඇල්ලුවාම ලැබෙන ඒවා නිසයි ප්‍රශ්න්
ආණ්ඩුව කෑගල්ලේ ත් ඒ වගේ අපුරු වැඩක් කරලා තිබ්බා.අංක 132 -134 දක්වා කාගෙවත් නමක් නොවීය.ඒම ඉළක්කම් වලට තවත් හිතවතුන්  බදවා ගැනිමට තබා තිබෙන්නට ඇත.
 ඇත්තටම දැන් වල් වැදුණු දෙශපාලනය පිටුපස රූටන්න ගියාම මෙහෙම වෙනවා. උපාධිය ගත් සැනින් මුලින්ම මන්ත්‍රී හමුදුරුවෝ බැහැදකින්න යන්නේ තාත්තාය. අවම හිරිකිතයක් නැතිව දෙකට නැමීගෙන ගොස් කළ හැකි සියල්ල මන්ත්‍රියා වෙනුවෙන් කරති. මේ මොවුන්ගේ අසරණ කමට වඩා දීන කමය. මන්තිරියා මීටින් තියන්න කීවම අම්මා,නංගි,මල්ලි,පාප්පා,පුංච් අම්මා ආදි නොයෙක් නෑ පරපුර නිවසට ගෙන්වා සත්කාරද කරති. ඉන් පසු මන්තිරි කෙළතොල්ලන්ගේ කතා අසති. අවසනදී කතිරේ ද ගසති. හනුවරේටම ලැජ්ජා නැති කොට උපාධිධාරින්ට ද එම ඉරණම අත්වනවා නොවනු මානය. මේ කට්ටිය ඇතුලේ එහෙව් ලැජ්ජා විරහිතයින් බොහෝය. ඔවුන් දැන් ප්‍රිතිවුවත් අමතක නොකරන්න මේ ආණ්ඩුවට දිය හැකි උපරිමය දී ගත් රස්සාව බව අමතක නොකරන්න.

මේ කෙලි අස්සේ ලිස්ට් එක ගැන හොයලා බැලුවම කඩයිම් ලකුණු 20  වුවෝ සිටියත් ලකුණු 30ක් ගත්තවුන් අතුරුදහන් වුණේ කොහොමද ? හැබැයි මාතර ඉන්නවා නල්ල මලේ බඩුවක් නම තිළිණ අනුෂ්ක හේ පිරිමියෙකි. එහෙත් ලිස්‍ට් එකේ ගැහැණියක් කර ඇත. එය වැරදිමකින් සිදුවුවක් නොව. එසේ කියනවුන් රැකියා ලබාදෙන ආකාරය හැනවත් දන්නේ නැත. පත්වීමකදි එසේ පැටලෙන්නේ නැත. අනික මේ සියල්ල ආණ්ඩුවට ලැබෙන්නේ interview කල මහත්වරුද නැරඹිමෙන් පසුවය.

කෙසේ වෙතත් තව දුරටත් නරි නාවනවාද යන්න සිතා බැලිය යුතුය. ලැජ්ජා විරහිතන්ට මේ කෝකත් එකය. කිසි ගාණක් නැත. ආණ්ඩුව පුක පෙන්නා තිබේ. ඒ ඔබේ කොන්ද පණනැති බව කීමට මිස එය ඔබේ වින්දනයට නොවෙව්. එමනිසා තවත් මෙවැනිම ජෝක් ඇසිමට දැකීමට හැකිද. මොකද ආණ්ඩුව 4වන ජෝගියට සුදානම් දෙමින් තිබේ. ඒ නැවත ලැජ්ජා විරහිතයන්ට පුක පෙන්විමටද යන්න තිරණය කළ යුත්තේ ලැජ්ජා විරහිත උපාධිධාරින්මය.
ව පුක පෙන්නයි.

සයිටම් සටනේ ඉතිහාසය -04 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සටනට කැදවීම

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහසක් නොමැති නාමකරණයක් පමණක් විය. ගෙවීගිය කාලය ශිෂ්‍ය ව්‍යාපාරයට බොහෝ අවදානම් සහගත කාලයක් විය. එහෙත් සටන නොනැවති ඉදිරියට පැමිණියේ ය. බොහෝ අය පාලකයන් සමග අත්වැල් පටලාවා ගණිමින් ශිෂ්‍ය ව්‍යාපාරයට කෝචෝක් දමද්දී පවා එයින් තම ගමන අබමල් රේණුවකින් ආපස්සට හැරුවුවේ නැත.

දැන් වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් සයිටම් සටනේ තීරණාත්මක කොටසකට උරදියයුතු කාලයකට පැමිණ තිබිණි. ඒ සමගම 2009 වර්ෂය ගෙවීයමින් තිබිණි. වෛද්‍යවරුන් වැඩවර්ජනයකට පැමිණේ යැයි සීතීමටවත් නොහැක. රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය එතරම් ගණනකට ගන්නේ නැත. සෑම විටම ඔවුන් වෛද්‍ය ශිෂ්‍යයින්ව පොළඹවනු ලබන්නේ ක්‍රියාමාර්ග ආපස්සට හැරවීමටය. එම නිසාම වෛද්‍ය ශිෂ්‍යයින් සටනට කැදවීම සරල හා පහසු කාර්යක් නොවීය. එහෙත් වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව අභීයෝග හමුවේ පන්තිවර්ජනයට දින තීරණය කළේය. එම තීරණය  සෑම පීඨයකම දැනුවත් කිරීම ආරම්භ කළේය. ඊට වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවේ  කැදවුම්කරු අසංක වික්‍රමසිංහ  යටතේය. එහෙත් එකී ක්‍රියාවලිය සාර්ථක නොවුනේ වෛද්‍ය  ශිෂ්‍යයින් සූදානම් නොවීම නිසාය. එහෙත් එම ක්‍රියා මාර්ගය ආරම්භ නොවුණත් එය අත්හල ක්‍රියාමාර්ගයක් නොවීය.

මේ පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබුණු සැනින් විශාල විනෝදයක් ලබාගත්තේ ඔවුන්ගේ ව්‍යාපෘතියට මින් ඉදිරියට අනතුරක් නොවනු ඇතැයි සිතමින්‍ ය. එසේම S.B කොක් හඩලා සිනාසෙමින් අන්දරේ චරිතය රගන්නට විය. මේ අතර 2009 අගෝස්තු අන්තරේ දේශපාලන පකෂ දැනුවත් කිරීම සදහා ක්‍රියාකළේය. සෑම වාමාංශික පකෂයක් හා එක්සත් ජාතික පක්ෂය හා අනේකුත් ධනේශ්වර පකෂ දැනුවත් කළේය. එහෙත් ශ්‍රි ලංක නිදහස් පක්ෂය හා එකසත් ජනතා නිදහස් සංවිධානය සමග සිටි පකෂ ඊට අනුමැතිය නොදීය.  එහිදි ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ළ වන මරදනයත් ආණ්ඩුව ගෙනයන අධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරන ලදි.

සටනට අවශ්‍යම හා එහි තීරණාත්මක සාධකයක් වූ වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද අන්තරේ හමුවිය. ඔහු නිදහස් අධ්‍යාපනයට එකග මිනිසෙකි. නමුත් සයිටම් ආයතනයටද ඔහු එකග බවක් නොපෙන්වීය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට පමණක් සයිටම් ආයතනය වසා දැමිය නොහැකි බව ඔහුගේ අදහස විය. සයිටම් විරෝදී අරගලයට වෛද්‍ය නිලධාරින් ගේ සංගමය කැදවීමට ක්‍රියාකළයුතු බව මහාචාර්ය වරයා අවධාරණය කළේය. එසේ නොවන්නේ නම් සටනේදී ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා වී විනාශවිය හැකි බව ප්‍රකාශ කළේය. එසේම ආණ්ඩුව මෙම සයිටම් අරගලයට භිය නොවි සිටින්නේ තවම වෛද්‍ය නිලධාරි සංගමය නොපැණිම නිසා බව ද උදාහරණ සහිතව පැහැදිළි කළේය. එයින් ශිෂ්‍යයින්ට අවධාරණය වුයේ රාජපක්ෂ ආණ්ඩුව සමග යම් සම්බන්ධයක් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ නායකයින් සමග ඇති බවයි. දැන් අතික්ක්‍රමණය කිරීමේ අභියෝගය පවතින්නේ ද ශිෂ්‍ය ව්‍යාපාරය තුලය.

මේ තොරතුරු සමග නැවත නව ජවයක් ලබාගතයුතු බව ශිෂ්‍ය ව්‍යාපාරයට අවධාරණය විය. මේ නිසාම දීරඝ සාකච්ඡාවක් ශිෂ්‍ය නායකයින් විසින් ආරම්භ කළේය. එය දින කිහිපයක් දක්වා ඇදි ගියේය. කොතෙක් සාකච්ඡා කලත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රාශියක් ඉතුරු විය. එහෙත් ඉදිරි ක්‍රියාමාර්ග නිශ්චිත විය. සයිටම් විරෝධී  අරගලයට වෛද්‍ය සංගම් කැදවිම අනිවාර්ය බවත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ලෙස වෛද්‍ය සංගම් හමුවීමට අන්තරේ තීරණය කළේය. එම ක්‍රියාමර්ගය වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවට පැවරුවේය. මෙහිදි බොහෝ වෛද්‍ය සංගම් සාකච්ඡා කළ අතර රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් ඊට වේලාව සොයාගත නොහැකිවිය.

පසුව මෙම තත්වය හමුවේ ගතයුතු ඊලග ක්‍රියාමාර්ගය වූයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ දිස්ත්‍රික් සාඛා හමුවීමට තීරණය විය. එම තිරණය සමග දිස්ත්‍රික් ශාඛා හමුවිය. එම සංගම් බොහෝමයක් සයිටම්  වරෝධ් සටනට සහය දැක්වීය. සටනට සහය ලබාගැනීමට ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයට බලපෑම් කරනබවද ප්‍රකාශ කළේය.

මේ සමගම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව නැවත පන්ති වර්ජනයට සුදානම් විය. නැවත ශිෂ්‍යයින් දැනුවත් කිරීමට වෙහෙසුනේය. ඊට පොස්ටර්,කටවුට්,අත් පත්ත්‍රිකා බෙදා හැරියේය. අවසානයේ හොස්ටල් රැස්විම් ද ගත්තේය. ඒ සමගම 2009 වර්ෂය ගෙවී ගියේය.
2010 ආරම්භයත් සමග වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවට අභියෝග දෙකක් විය. මුලිකම දේ වෛද්‍ය පීඨ පන්ති වර්ජනයට කැදවීමය. දෙවන කාරණය නව කැදවුම් කරුවෙක් තෝරා ගැනීමය.
අද මෙම කටයුතු දෙක කිරීම ඉතා සරල විය හැක. එහෙත් එදා එය සරල කාර්යක් නොවු බව අවධාරණය කළ යුතුය. එම නිසාම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු අසංක වික්‍රමසිංහට නව කැදවුම්කරුවෙක් පැමිණෙන තෙක් අරගලයට නායකත්වය දීමට සිදුවිය. ඔහු පළමු පන්ති වර්ජනයට අවශ්‍ය මුලික ගොඩනැන්වීම් කළ පසු නග්ට්‍ය්‍ර්ට්ට්ොබසින උත්සහවතයෙක් බවත් කිවයුතුය. එසේම නව කැදවුම්කරුවෙක් පැමිණෙන තෙක් කැදවුම්කරු අසංකට තම පුද්ගලික ජිවිතයේ අවශ්‍යතා පසකට තබන්නට විය. කෙසේ වෙතත් මෙය සයිටම් සටනට මුල පිරිමට ගන්නා උත්සහයක එක් අවස්ථාවකි. මෙම සටනේ එවැනි මිනිසුන්  බොහෝමයක් හමුවිය. එසේම සමහර වීරයන් පාවාදෙන්නන් බවට පත්විය.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...