රැකියා විරහිත උපාධිධාරීන් කාලයක සිට උද්ඝෝෂණයේ නියැලුනේ රැකියා ලබා ගැනීම අරමුණුකර ගනිමින්ය. පසුගිය අගෝස්තු 01 වනදා ඉන් උපාධිධාරීන් ප්‍රමාණයක් වසරක පුහුණුවකට බදවා ගන්නා ලදි. ඉන් ප්සු බාහිර උපාධිධාරීන් ප්‍රමාණයක් ද පුහුණුවට බදවා ගන්නා ලදි. එසේම පළාත් සභා මගින් ගුරුවරුන් පිරිසක් ද බදවාගෙන තිබේ.
උපාධිධාරීන්ගේ මෙම රැකියා ගැටළුවට එකාබද්ද රැකියා විරහිත උපාධිධාරී සංගමය දිගින් දිගමටම පෙනී සිටියේය. එහෙත් රැකියා විරහිත අරගලය විටක ශක්තිමත්ව ඉදිරියට ගමන්කළ අතර පසුව එය යම් පසුබෑම්වලට ලක්විය. එහිදි මතු වු ප්‍රධානම ගැටළුව වුයේ උපාධිධාරීන් වෙන්වෙන්ව බෙදී වෙන්වීමය. විටක අරගලය බාහිර හා අභ්‍යන්තර ලෙසත් බෙදිවෙන්විය. සමහර විට පාඨමාලා, විශේෂවේදි, සාමාන්‍යවේදි ලෙසද බෙදි වෙන්වනවා දැක ගත හැකිවිය. මෙවන් තත්වයකදි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ක්‍රියාකළ ආකාරය ප්‍රශංසනීය වේ.
රැකියා ලබාගැනීමේ අරගලය යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කළ බැව් සැබෑය. එහෙත් සංවර්ධන නිලධාරින් ලෙස බදවාගත් උපාධිධාරීන්ට එම තනතුර හිමිනෙවීම පිළිබදව කිසිවෙක් මේතෙක් ප්‍රශ්න නොකරති. ඇත්තෙන්ම උපාධිධාරීන් බදවාගෙන තිබෙන්නේ සංවර්ධන නිලධාරින් ලෙස නොවේය. උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව කීවද ලබා දී තිබෙන්නේ උපාධිධාරී අභ්‍යස ලාභාන් ලෙසය. එය රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමක් නෙව, එය රැකියා ලබාදීමක් නොව. රැකියා ලබාගැනීමට නම් උපාධිධාරී අභ්‍යාස ලාභින්ට වසරක් බලා සිටිය යුතුය. ලැබෙන රු20000 යේ දිමනාවෙන් වසරක් ගතවනතෙක් කෙසේ හෝ ජීවිතය ගැටගසාගෙන සිටිය යුතුය. එහෙත් එය එසේ වන්නේ අහ්‍යාස ලාබින් නිහඩව සියෝත් පමණි. එමනිසා සත්‍ය ලෙසම රැකියා ලබා ගැනීමට නම් නැවත අරගලයට ප්‍රවේෂ විය යුතුය. එසේම සංවර්ධන නිලධාරින්ට තවත් බෝහෝ ගැටළු ප්‍රමාණයක් ඇත. ඊටද පිළිතුරු සෙවිය යුතුය. ඊටද උපාධිධාරී අභ්‍යස ලාභින් අරගලයට පැමිණීම අනිවාර්ය වේ.
පාලකයින් උපාධිධාරීන්ට රැකියා ලබාදුන් බව කීවද එය සැබෑවක් වීමටනම් තවත් බොහෝ දේ සිදුවිය යුතුය. මේ වනවිට සංවර්ධන නිලධාරින් වෙනුවෙන් පෙනී සිටින සංගම් රාශියක් තිබුණද එවා නිහඩව සිටීම පුදුම සහගතය. අහ්‍යස ලාභින්ට හා සංවර්ධන නිලධාරින්ට විශාල ගැටළු ප්‍රමාණයක් තිබුණද එවා පිළිබදව මෙම වෘත්තිය සමිති කටක් හොල්ලන්නේ නැත. එමනිසා මෙම ගැටළුවේ සැබෑ තත්වය අවබෝධ කරගත් වෘත්තීය සමිතියක අවශ්‍යතාව සංවර්ධන නිලධාරින්ට ප්වතින්නේය. එමනිසාම නැවත අරගලයක් ආරම්භ කිරීමට පෙර සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්න ගැටළු සාකක්ජ්ක්ජා කරන වෘත්තීය ඉතියක් ගොඩනැගීම සියලු දෙනාගේම අවකීම වනු ඇත.
විශ්ව රන්දිම විසිනි.

No comments:
Post a Comment