Monday, November 25, 2019

හමුදාවට බලතල දීම හා අමරවීර ගේ කතාව


රටේ ආරක්ෂාවට යැයි පවසා පසුගිය දා හමුදාවට පොලිස් බලතල ප්‍රධානය කරන ලදි. ඉන් අදහස්වන්නේ රට අනාරක්ෂිත බව නොවේද? එය එසේ වන්නේ පාස්කු ප්‍රහාරයේ භිතිය නිසාවෙනි. එසේම ආරක්ෂාව සම්බන්ධව වෙනත් අනතුරක් දැකගත හැකිද යන්න සුතා බැලිය යුතුය. නමුත් වාම දේශපාලන පක්ෂ හමුදාවට ප්‍රධානය කළ බල තල ගැන ප්‍රකාශ කළේ එය මර්දනය සදහා වු ක්‍රියාවලියකට අවතීර්ණ විමක් ලෙසය. වම එසේ ප්‍රකාශ කළත් මර්දනයක් ක්‍රියාත්මක වීමටනම් ඊට අවශ්‍ය වටපිටාවක් තිබිය යුතුය. බොහෝ දෙනා මේ නිසාම වමට දෙස් පරෝස් නගමින් සිටුයි. සමහරු කියන්නේ අලුත පත්වු ආණ්ඩුවට වැඩකරන්න ඉඩ නොදෙන වම හමුදාව යොදාගෙන හෝ මට්ටු කළ යුතු බවය. මේ සියල්ල මෙසේ තිබියදි අමාත්‍ය මහින්ද අමරවීර අගුණුකොල පැලැස්සේදි වෙනස් අදහසක් ඉදිරිපත් කොට තිබේ. එම අදහස සමගින් හමුදාව කැදවුවේ කුමක් නිසාද යන්න පිළිබදව යම් වැටහිමක් ලබා ගත හැකිය.
අමාත්‍ය අමරවීරට අනුව ජනාධිපති ගෝඨාභයට ඡන්දය දී තිබෙන්නේ සිංහල බෞද්ධයන් බහුතයක්ය. එසේම ඔවුන් කිසිවිටක ආර්ථිකයක ප්‍රතිලාභ, රැකියා,පඩි වැඩිවීම් හෝ බඩු මිල අඩු කිරීමක් බලා පොරොන්දු වී තැත. සිංහල බෞද්ධයෝ ඡන්දය දී තිබෙන්නේ වෙනත් අපේක්ෂාවකටය. එම තත්වයකදි ලබන වසරේ ගේවිමට තිබෙන ණය පොලි වාරිකය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි. එමනිසා ලබන වසර යනු ලාංකිකයන්ට පටි තදකර ගත යුතු කාලයක් බව ඔහු අවධාරණය කරයි. රැකියා ලබාදිම වෙනුවට රැකියා අපේක්ෂා කරන උදවියට ගෙදරට වී ගොවිතැන් කරන ලෙසට ඔහු ආරාධනා කරයි. කෙසේ වෙතත් එසේ නොවුනොත් ලාංකිකයන්ට බඩගින්නේ මියැදීමට සිදුවනු ඇතිබව ඔහු අනුමාන කරයි. 

අමරවිර මෙසේ කියන විටත් මේ පිළිබදව අවමට හොද වැටහිමක් තිබෙන බව අප දනිමු. වමේ අදහස වන්නේ මෙම ණය උගුල රටේ ජනතාව නිර්මාණය කළ එකක් නොවන බවත් එය ධනේෂ්වරය රැක ගැනීමට පාලකයන් ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් බවය. වම මෙම මතවාදයේ සිටින නිසාවෙන් අමරවීර කියන ලෙසට පටිතද කර ගැනීමට වම්මු සුදානම් නොවන බව අප දනිමු. එහි ප්‍රථිඵලය වමාංශිකයන් කම්කරුවන් ගොවියන් අවදිකරමින් සටන් වැදීමට පැමිණිමය. පාලකයන්ගේ හැසීම අනුව එය ඉතා දරුණු තත්වයක් බවනම් පැහැදිලිය. එමනිසා අණතුරට පෙර කල් ඇතිව හමුදා සුදානම්කර තිබිම පහුසු යැයි පාලකයන් සිතනවා විය හැකිය. එමනිසා ලබන වසර යනු වම සක්‍රිය වන හා සටන් ඇවිලෙන වසරක් බව ගෝඨාභය ජනාධිපතිවරයා ගේ හමුදා කැදවිමෙන්  හා අමාත්‍ය  අමරවීර ගේ පුරෝකතනයෙන් පැහැදිළි වේ. එම නිසා ඊට වම ද සුදානම් විය යුතුය.

Sunday, November 17, 2019

වම පැරදී නැත, දැන් ඉවසිමෙන් , කල්බැලීමින්, පහරදීය යුතු කාලයයි.

බොහෝ දෙනා වමට ලැබුණු ඡන්ද ගණන් කරති. ඒ පිළිබදව අමුතු ගණයේ විශ්ලේෂණ පවත්වති. අරුණෝදයට එම විශ්ලේෂණය පිළිබදව කීමට දෙයක් ඇත. පළමු
ව අපි මෙම ඡන්දය ධනේශ්වර දෘශ්‍ටිවාදයෙන් ඔබ්බට ගිය ගෝත්‍රික ඡන්දයක් බව ප්‍රකාශ කරමු. මෙහි අඩුම තරමින් ධනේශ්වර වටිනාකම් කිසිවක් අන්තර්ගතව නැත. ධනේශ්වරයේ පැවැත්මට අදාළ කිසිදු තර්කයක් මෙම මැතිවරණය තුල ස්ථාපිතව නැත. ඉන් එය යමෙක් වමේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට උත්සහා කරන්නේනම් අප එය කිසිලෙසක පිළිගන්නේ නැත. මෙම ඡන්ද ප්‍රකාශයෙන් කියවෙන්නේ ධනේශ්වරයේ පරාජයකි. ධනවාදය රකින ගෝඨාභය පැමිණියේ යල්පැනගිය ගෝත්‍රික මතවාදයන් වපුරාය. මේම ගෝත්‍රික මතවාද සමග ධනවාදය ඉදිරියට ගෙනයාමට පැම්ණි ගෝඨාභයට සමාජය එක් අඩියකින් හෝ ඉදියට ගැනීමට නොහැක. එසේම් ඇමෙරිකානු ගොඨාබයට අවශ්‍ය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ධනේශ්වර ජාතියක් නැත. ඔහුට මේ මොහොතේ පැවරුණු කාර්‍ය වන්නේ ජනතාව ගෝත්‍රවාදයේ පිහිටුවා ඉන් MCC ගිවිසුම අත්සන් කිරීමය, අධ්‍යාපනය විකිණීම වැනි ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමය. එහෙත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුලින්ම ඔහුට එරෙහි කැරැල්ල මතුවන බවට වන ඔහු දැන් ගණන් බැලිය යුතුය. එය ඡන්ද ව්‍යාපාරය දියත්කළ ආකාරයට සමානුපාතිකව ගොඩනැගෙනු ඇත.

ගෝඨාභය ගොඩනැගු ගෝත්‍රික වාදය යටකිරීමට ලිබරල් වාදයට පවා කළ හැක්කක් නොමැත. එසේ හැකියාවක් තිබුණේනම් ලිබරල් වාදය යම් ප්‍රමාණයකට හෝ ඉදිරියට එනු ඇත. ගෝත්‍රික වාදය ස්තාපිත වු කළ සිදුවන්නේ එයයි. එසේ නොමැතිවුවේනම් ජාතික ජන බලවේගය මීට වඩා ඉදිරියට පැමිණෙනු ඇත. එහෙත් සමාජ අවශ්‍යතාව පිළිබදව සිතුවිට ගෝඨාභය ගේ පැමිණිම කිසිසේත්ම  සිදුවිය යුත්තක් නොවේය. සමාජයට අවශ්‍ය ආර්ථික පීඩනයෙන් නිදහස් වීමටය, ජාතිවාදයෙන් නිදහස් වීමටය. ඒහෙත් පාස්කු ප්‍රහාරය හමුවේ මේ සියල්ල යටකොට ගෝත්‍රික වාදය ඉදිරියට පැමිණියේය. එහෙත් මෙම ගෝත්‍රික වාදය මින්මතු හිගමනට වැටෙන සැටි ඇස්මනාපිට සිදුවනු ඇත. නැවත වාමවාදි සටන්පාඨ කරලියට පැමිණෙනු ඇත. එය ගෝඨාභය වැලැක්විය හැක්කක් නොවේය.

ගෝඨාභයට හිට්ලර් මෙන් විය නොහැක. එහෙත් ඔහු නව උප්පරවැට්ටි යොදනවා ඇත.එහෙත් ඔහුට බොදුබල සේනා වැනි සංවිධානවල සරණ යාමට ඒකාන්තයෙන් සිදුවනු ඇත. ඒ වෙනකක් නිසා නොව වාමංශිකයින් කුඩුපට්ටම් කිරීම සදහාය. මෙම නිසා ගෝඨාභය කොතරම් ඉහළින් ජය ගත්තද වම ඉතාම ඉවසිමෙන් සමාජ අවශ්‍යතාවට ආමන්ත්‍රණය කරනුයේනම් වමේ ඉඩ පුළුල් වී ගෝත්‍රික වාදයත් දක්ෂිණාන්ශික දේශපාලනයට සැලකිය යුතු අභියෝගයක් එල්ළ කළ හැකිය. එම නිසා ගෝඨාභයගේ දිනුම තුල ධනවාදයේ පරාජය නිදන්ගතව තිබෙන ආකාරය හොදින් නිරීක්ෂණය කළ හැකිනම් ධනවාදය භියෙන් සලිත වීමටත් වම සක්‍රිය විමත් සිදුවනු ඇත. එම නිසා මෙම මැතිවරණය ධනවාදයේ මරණයට ඔවුන්ම අටවාගත් උගුල් රාශියකි. එම උගුල්වල වැටීම ඉබේ සිදුනොවන අතර ඊට වාම දායකත්වය නොවඩුව ලැබිය යුතුය. එසේ නොවන්නේනම් උගුල් වල වැටුනු පාලකයෝ ලේ හලමින් හති අරිනවා බැලීමට පමණක් වම අවශ්‍ය නොවේ. එම නිසා ඉවසිම මෙන්ම කල්බැලීම අවශ්‍යවනවා සේම සමාජ සංවර්ධනයේ ඊලග මායිම ලකුණු කිරීම වම වහ වහා කළ යුතුය. ඒ අනුව ඉදිරි දේශපාලනයේ  චලිතය තිරණය වනු ඇත.

Saturday, November 9, 2019

කොළඹ අහසට විෂ දුම ආවේ කොහෙන්ද?

කොළඹ හා එහි අවට වාතයේ ධුවිලි අංශු ප්‍රමාණය. ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවට පසුගිය සතිය පුරාවට මාධ්‍යයෙන් වාර්තා විය. ඉන් විය හැකි හානිය පිළිබදව ද සදහන්කර තිබිණි. ඉන් ස්වසන රෝගින්ට හානි සීදුවිය හැකි බවට අණතුරු හැගවීය. කුඩා ළමුන් එළි පහළියේ යාම ඒම සීමා කරන ලෙසත් හැකි පමණ ළමුන් නිවසේ රදවා තබා ගන්නා ලෙසට අණතුරු හැගවීය.
මේ සියල්ලම හේතුව ලෙස සදහන් වුයේ කොළඹ පිරිසිදු වාතයට ඉන්දියාවේ නවදිල්ලියෙන් පැමිණි විෂ වායුම් හේතු  වු බව සදහන් කොට තිබිණි. එය ඇමරුකන් තානාපති කාර්‍යාලය ද තහවුරු කොට තිබේ. ඇත්තෙන්ම කොළඹ වාතය අපිරිසිදුව තිබෙන්නේ ඉන්දියාවේ විෂ වාතය නිසාද එය කෙසේ සිදුවුයේද යන්න කිසිවෙක් අසන්නේ නැත. නමුත් එම මාධ්‍ය වාර්තා වලට අනුව ඇසිය යුතු  ප්‍රශ්න කිහිපයක් තිබේ. කොළඹ වාතය දුෂණය වී ඇතිබවට වු ප්‍රවෘත්තියේ සත්‍ය තාවය පිළිබදව ප්‍රශ්නයක් අපට නැත. නමුත් එය සිදුව තිබෙන්නේ නවදිල්ලියේ සිට පැමිණි. විෂවායු නිසාද නැත්නම් සත්‍ය වශයෙන්ම කොළඹ වාතය දුෂණය වී තිබේද? යන්න පිළිබදව නිවැරදිව දැනගත යුතුව ඇත.

නවදිල්ලියෙන් පැමිණෙන විෂවායු පැමිණිය යුත්තේ සුළං මාර්ගයෙනි. නවදිල්ලිය හරහා පැමිණෙන සුළං කොළඹට නොපැමිණෙ
න බව අප ප්‍රකාශ කරන්නේ නැත. නමුත් එම සුළං පැමිණෙන්නේ කොළඹට පමණක්ද යන ගැටළුව අපට තිබේ. එසේ පැමිණෙන සුළං වල පවතින ධුවිලි කොළඹ පමණක් නැංගුරම් දමන්නේ කෙසේද යන්න ගැටළුවකි. එසේම මෙහි බලපෑම ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වෙත ගමන්කොට නැද්ද? මේ ප්‍රකාශය සත්‍ය නම් එවාද කොළඹ වාතය මෙන් දුෂණය වි තිබිය යුතුය. නිරිතදිග හෝ ඊසාන දිග මෝසම් සුළං හමා යන්නේ කොළඹ හරහා පමණක් නොවේය. විශේෂයෙන් ඊසාන දිග මෝසම  උතුර නැගෙනහිර වැනි පාළාත් හරහා හමායයි. එසේම එහි බලපෑමට කදුකරය දක්වා වූ බොහෝ ප්‍රදේශ ද ලක්විය යුතුය. එහෙත් මේ වාර්තා අනුව එහි බලපෑම තිබෙන්නේ කොළඹට පමණක්වීම පිළිගත හැකිද?

එසේම නිරිතදි මෝසම් සුළං ද කොළඹට පමණක් නොව තවත් ප්‍රදේශ ගණනාවකට බලපෑම් කරයි. නමුත් නවදීල්ලී දූෂණ වාතය නතර වී තිබෙන්නේ කොළඹ පමණක් වීම විශේෂත්වයක් නොවේද? මෙම නිසා මෙම ප්‍රවෘත්තියේ සදහන්වන කොළඹ වාතය දුෂණය වී තිබිම සත්‍යයක් වුවද එම ප්‍රවෘත්තියෙන් ප්‍රකාශ නොවන තවත් දේ තිබිය හැකි බවට උපකල්පනය කළ හැකිය.

එම ප්‍රවෘත්තියට අනුව කොළඹ වාතය දුෂණය වී ඇත්නම් එය සිදුව තිබෙන්නේ න්ව දිල්ලි විෂදුම නිසාම පමණක් නොවන බව අවධාරණය කළ හැකිය. එසේම නවදිල්ලි සුළගෙන් ගසාගෙන පැමිණි විෂට වඩා විෂ කොළඹ තිබෙන බව සත්‍යක් විය යුතුය. අප එය ප්‍රකාශ කරන්නේ නවදිල්ලියෙන් පැමිණි සුළගේ විෂ කොළඹ පමණක් නොව ලංකාවේම වාතය දුෂණය වීය යුතුය. එසේම කොළඹ වාතය දුෂණය වී නොමැතිනම් අනෙක් ප්‍රදේශ වල වාතයට ද දිල්ලි විෂ ඇතුළු නොවුනේ කුමක් නිසාද යන්න සිතිය යුතුය. එසේම කොළඹ වාතය සුළු වශයෙන් පමණක් දුෂණය වී තියදී දිල්ලී වාතය පැමිණ කොළඹ වාතය දැඩි දුෂණයකට ලක් ලලේද? එය එසේ වනවානම් ලංකාවේ අනෙක් ප්‍රදේශවල වාතය කොළඹ මෙන් නොවුනත් දැඩි දුෂණයකට ලක්ව තිබිය යුතුය. මේ කරුණුකාරනා මෙසේ තිබියදි අවසාන නිගමනය ලෙස  කොළඹ වාතය දැඩි ලෙස දුෂණය වී තිබිය යුතුය. ඊට දිල්ලි වාතයෙන් යම් ප්‍රමාණයක බලපෑමක් පැවතියද එය කොළඹ වාතය දුෂණය වී තෙබෙන තරම් වු ප්‍රමාණයක් නොවන බවය. එසේ නැත්නම් මේ සියල්ල සිදුවන්නේ දිල්ලි වාතයෙන්නම් ලංකාවේම වාතය දුෂණය විය යුතුය. ඒ කෙසේ වෙතත් ලක්කාවේ ජනතාවට හුස්ම ගැනීමටවත් සුදුසු වටපිටාවක්වත් නිර්මාණය වී නොමැති බව අවධාරණය වේ.




ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි මහා පාවාදීම අවසන් කළ යුතුව ඇත.

Iඅන්තරේ හිටපු කැදවුම්කරු ජනාධිපති අපේක්ෂක සජිත් සමග එකතු වී ඇත. මෙම පිම්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිදු දිනක නොවුණු කෙදවාචකයෙකි. ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සතුරන්ගේ ඔඩොක්කුවේ රංගනයේ යෙදෙනවා කිසිවෙක් සිතුවේ නැත. එමනිසා සතුරාගේ තුරුලට ගිය ඔහු ද්‍රොහියෙකි, පවාදෙන්නෙකි. නමුත්  මේ මොහොතේ පාවාදෙන්නා බෙහෝ සේ ජනප්‍රිය කරවීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ බොහෝ දෙනා වෙහෙසෙති. මෙය පාවාදෙන්නාට අතිරේකව සපයන ඉන්ධනයකි. සමහරවිට මේ සිදුවන්නේ  විශ්වවිද්‍යාලවල ඡන්ද ඉළක්කකරගත් කැම්පේන් එකෙම කොටසක් විය හැකිය. එය බෙහෙවින් ජනප්‍රිය වී ඇතිබවනම් කිව යුතුය. එහෙත් මේ ලිපිය අරමුණු කරන්නේ පාවාදෙන්නාගේ ඡන්ද ව්‍යායාමයේ සාර්ථකත්වය පිළිබදව කතා කිරීමට නොවේය. එහෙත් ඊට වඩා සැහැසී ව්‍යායාමයක් ඉදිරීයේදි සිදුවීමට නියමිතය. එම නිසා ඒ පිළිබදව කිසිවෙක් අවධානය යොමු නොකරන නිසාවෙන් අප ඒ පිළිබදව ශිෂ්‍ය ව්‍යාපාරයට අණතුරු හැගවීය යුතුය.

පාවාදෙන්නා ශිෂ්‍ය ව්‍යාපාරයේ සියලුම දේ දන්නෙකි. පාවාදෙන්නා වැඩිමනක් ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වලතා පිළිබදව හොදින් දන්නේය. දුර්වල පුද්ගලයන් ගැන දන්නේය. මේ නිසා දැන්  ඒ සියල්ල ආණ්ඩුව හා බුද්ධි අංශ දන්නේය. මෙම තත්ත්වය මත සිදුවිය හැකි සිදුවීම් බෝහෝය. දැන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන එන්නේ මේ සියල්ල සමගය. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව  ආණ්ඩුවේ ප්‍රධාන මෙවලම වන මර්දනය පමණක් හෙටදින වෙනස් තත්වයකට ගෙන එනු ඇත. බොහෝ විට ශිෂ්‍ය නායකයන්ගේ පුද්ගලික ජීවිත වලට ආණ්ඩුව කරන මැදිහත්විම වර්ධනය විය හෑකිය. සමහර නායකයින් ගෙඩි පිටින් ආණ්ඩුව අවශ්‍ය පරිදි හැසිරවීමට අවශ්‍ය මැදිහත්විම සිදුවුවහොත් පුදුමයක් නොවනු ඇත. බිය වැද්දවීම් පමණක් මර්දනයේ උපාය නොවී ඉතාම ලග යහළුකම් වලින් ශිෂ්‍ය ව්‍යාපාරය මේච්චල් කරනු ඇත. පාවාදෙන්නාගේ රංගනයේ ස්වභාවය අනුව දැනටමත් ඔවු එහි කප්ගසා ඇති ආකාරය දැකගත හැකිය.
අධ්‍යාපනය විකිණීමට එරෙහි සටන්ද ඉදිරියේ නිර්මාණය වනවා නොවනු මානය. නමුත් එවා හැසිරෙන්නේ අන්තරේට උවමානා පරිදිනම් එය ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් එහි හැසීමට පවාදෙන්නා මැදිහත් නොවී සිටින්නේ නැත. ඔහු විශ්වවිද්‍යාල පරිපාලනය,ආචාර්ය මහාචාර්ය වරු ,පොලිසි,බුද්ධි අංශ කැටුව බලපෑම් කිරීම අරඹනු ඇත. දැන් ඉදිරියේ දි ඉබාගාතේ හැසිරෙන බුද්ධි ආංශය වෙනුවට නිවරදි ඉළක්කයට යන බුද්ධි අංශයක් නිර්මාණය වනු ඇත. එහි අදහස සෑම පුද්ලයෙක් ම ලුහු බදිනවා වෙනුවට අවශ්‍ය පුද්ගලයාවෙත පහසුවෙන් ලගාවෙනු ඇත. මෙම නිසා පාවාදෙන්නා අධ්‍යාපනය විකිණිමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට බොහෝ සේ පහසුකම් සපයා දෙනු ඇත. එසේම ශිෂ්‍ය ව්‍යාපාරය සිටින දුෂ්කර තත්වයේ සිට හදුනාගැනීමටවත් නොහැකි නව දුෂ්කරතා ලැහිස්තුවකට හිමිකම් කියනු ඇත.
දැන් පවාදෙන්නා ගේ මෙහෙයුම අවසානයැයි සිතා සහනයක් පතා බුකියේ රගන්නේනම් එය තාවකාලික සහනයක් පමණක් බව සිහිපත් කරන්නෙමු. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරක්ෂාවට නව ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව එම වටිනා කලය වැයකරන්නේනම් ඉදිරියේ දි මතුවන අවධානම පිළිබදව කලින් දැන ගැනීමට හැකිය. ඊට සුදානම් විය හැකිය. අවම වශයෙන් ශිෂ්‍ය ක්‍රියාකාරින් ඊට ගොදුවීම නවතා දැමීමට හැකිය. එසේම මහා පවාදීමේ කෙළවර කළයුතුය. ඊට තව පිරිස් එකතු කිරීම එය වර්ධනය කිරීම නවතා දැමිය යුතුය.
මෙම තත්ත්වය හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරය නව තත්ත්වයකට පැමිණ ඇත. ඉන් ජයගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරයට ඕනෑවට වඩා ශක්තිය ඇත. නමුත් පවාදෙන්නාගේ අවශ්‍යතාව කුමක්ද යන්න වැටහෙන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය නිරාපරාදේ වැය නොකොට පවාදෙන්නාගේ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කළ යුතුය.

Wednesday, November 6, 2019

විශ්වවිද්‍යාවල හෙන්චයියන්ගේ බලය පරාජය කළ යුතුය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරතිබු ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමග සංවාදය අවසන්ව තිබේ. එම සංවාදය නිර්මාණය කළ යුතුව තිබෙන්නේ ජනමාධ්‍ය හෝ දේශපාලනය මැතිවරණ සම්බන්ධ මැතිවරණ කොමසම හෝ මැතිවරණ නිරීක්ෂණ ආයතන විසිනි. එය වඩාත් සාධාරණව මත ජනතාවට ගෙනයන ක්‍රමයකි. එහෙත් ඒ සියලු ආයතන එයින් වැලකී සාධාරණ මැතිවරණයක් පිළිබදව පුස් වෙඩි පත්තු කරමින් තිබේ. 
මේ තත්ත්වය මෙසේ තිබියදි අන්තරේ මෙම දේශපාලන සංවාදය නිර්මාණය කිරීම සාධනීය වේ. එහෙත් එය පැවැත්මට සිදුව තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවවීම කෙදනීය නොවන්නේද? කැලණිය විශ්වවිද්‍යාලයේ ලෙනින් ශාලාව,කළමනාකරණ පීඨයේ මෙන්ම කලා පීඨවල ශාලා වලට කුමක් වීද යන්න ගැටළුවකි. කැලණිය විශ්වවිද්‍යාලයේ අමන පරිපාලනය ශිෂ්‍යයින්ට විවිධ දේශනා තියමින් ප්‍රකාශ කරන අතිපන්ඩිත කතා කොහිද යන්න ඇසිය යුතු නොවන්නේ ද? 
ශිෂ්‍යයින් විසින් සිදුකරන මෙවැනි කාර්‍යකට සහය නොදක්වන්නේනම් විශ්වවිද්‍යාල පරිපාලනය කුමක් සදහා සිටින්නේද යන්න ඇසිය යුතු නොවන්නේද ?  විශ්වවිද්‍යාල පරිපාලනයේ කාර්‍ය වී තිබෙන්නේ  ශිෂ්‍යයින්ට බොරු චොදනා කිරීමටත් ඔවුන්ගේ පංති තනම් කිරීමටත් ඔවුන් හිරේ යැවීමට පමණක් ද යන්න ඇසිය යුතු නැද්ද? එසේම මේවා දෑහින් බලා නිහඩව සිටින ආචාර්යවරු කොහිද? නුඹලා කුමක් කරන්නේද? නුඹලා සිටින්නේ ශිෂ්‍යයින් ගේ නිවෙස්වලට දුරකතනයෙන් කතා කොට දෙමාපියන් භිය වැද්දීමටත් මාධ්‍ය ඉස්සරහාට ගොස් අති පණ්ඩිත කතා කීමට පමණක්ද? යන්න ඇසිය යුතු නොවන්නේද?

ලංකාවේ විශ්වවිද්‍යාල තිබෙන්නේ මෙවැනි තත්වයකය. මෙම නිසා පළමුව රටට විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කළ යුතුය. මෙම නිසා ස්වාධීනව සිතන නිර්මාණශීලිව සිතන නව චින්තනයට පාර සොයන විශ්වවිද්‍යාය නිර්මාණය කළ යුතුය. එමනිසා අමන පාලකයින්ගේ අඩිපාරේ යන මාහාචාර්‍ය පට්ටම් ලාභින් තවදුරටත් කිසිවෙකුට අවශ්‍ය නැත. නුඹලා පාලකයන්ගේ හෙන්චයියන් වෙනතරමට අනාගතය අදුරුය. එමනිසා මෙම හෙන්චයියන්ගේ බලය පරාජය කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය කළ යුතුම කාර්යක්ව තිබේ. 

Saturday, November 2, 2019

වෘත්තීය සමිති වාදයට ගියා ජවිපේ අදෝනාව


වෘත්තීය සමිති නිර්මාණය ගොඩනැගීම තරගයක් ලෙස සිදුවෙමින් ඇත. මේ තරගය තිබෙන්නේ ලැබෙන වාසි හෙතුවෙනි. එහෙත් එය සෑම වෘත්තීය සමිතියකටම අදාළ නැත. සමහර වෘත්තීය සමිති නායකයින් වෘත්තීය සමිතිවල අවශ්‍යතාව හෝ වෘත්තීය සමිති ගොඩනැගුණු ආකාරය නොදන්නේය. ඔවුන් එහි වාඩිගත් පසු සිදුකරන පවදම හමුවේ ලැබෙන  රුපියල් ගැනීම හැර වෙනත් දෙයක් පිළිබදව ඔවුන් සිතන්නේ නැත.
 ලාංකිය ඉතිහාසයේ ඒ.ඊ ගුණසිංහ මහතා ගොඩනැගූ වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකාවේ කම්කරුවන්ගේ අයීතීන් දිනාගැනීමට හා ඒවා අරක්ෂා කිරීමේ පදනම විය. පසුව ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය වෘත්තීය සමිති ගොඩනැගීමට දායක වන්නේ වෙනත් අර්ථයකිනි. ඒ සමාජවාදය උදෙසාය. ලංකාවේ වමාංශික ව්‍යාපාරය වෘත්තීය සමිති නිර්මාණය කොට සිදුකර තිබෙන්නේ  ලෙනින් වෘත්තීය සමිති පිළිබදව කළ ප්‍රකාශ ශත්‍ය බව තහවුරු කිරීමය.
වෘත්තීය සමිති යනු ධනේශ්වර දේශපාලන ලෙස හැදින්වු ලෙනින් එහි දේශපාලනය කිරීමට ගිය පසු වෘත්තීය සමිති වාදය නොවැටි සිටින ලෙසට අණතුරු හැගවීය. ලාංකිය ඉතිහාසයේ මෙතෙක් තිබු සියල්ලු වෘත්තීය සමිති සමාජවාදය උදෙසා ක්‍රියා කළේ නැත. ඔවුන් වෘත්තීය සමිති වාදයේ ගොදුරට වැටිගියේය.

වාමාංශිකයන්ට වෘත්තීය සමිති අවශ්‍ය වන්නේ කම්කරුවන්ට වැටුප් වැඩිකර දීම සදහා නෙවන බව සමාජවිප්ලවයක් කිරීමට බලාපොරොත්තුව වන ඕනෑම අයෙකුට අවධාරණය කළ යුතුය. ධනවාදය තුලදී වැටුප් වැඩිකර ගැනීම  ආයතනයේ ප්‍රධානියා පන්නා දැමීමට හෝ වංචා දුෂණ වලට එරෙහිවීමට වාමාංශිකයන් අවශ්‍ය නොව්න බවද අවධාරණය කළ යුතුය. ඒවා ඕනෑම අයෙක්ට හෝ තවත් ධනපති දේශපාලන පක්ෂයකට කළ හැකිය. එහෙත් වාමාංශිකයින් කළ යුතු හා ඉදිරි සමාජ සංවර්ධන උදේසා අත්‍යවශ්‍යම දේ නිර්ධනයින්ට තම පන්තිය ගැනත් එහි බලය ගැනත්, සමාජය ධනවාදී කෙදවාචකයෙන් ගලවා ගැනීමට හැකි එකම බලවේගය කම්කරුවන් බව අවබෝධ කළ යුතුය. එය නොකර වෙනයමක් කරන්නේ නාම් හේ වෘත්තීය සමිතිවාදියෙකු මිස සමාජවාදියෙක්කු නොවේ.

සමහර වාමාංශිකයන් වෘත්තීය සමීතිවලට ගියපසූ ඔය කියන විදියට කොහොමද කරන්නේ කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අරගල නොකර වෘත්තීය සමිති වලට ඇවිත් මොකද කරන්නේ වැනි ළදරු ප්‍රශ්න අසනු ඇත. එවිට අපටනම් කිරීමට ඇත්තේ ඔබ වාමාංශිකයෙක් නොවන බව පමණය. එහෙත් වාමාංශිකයන් වැටුප් සටන් කාරන්නේ නැද්ද යනුවෙන්  කෙනෙක් ඇසුවෝත් අපි කියන්නේ වාමාශිකයෝද වැටුප් සටන් කරති. ඒත් ඒ අවස්ථාවාදීව නොවේ. වැටුප් සටන් කිරීමට පෙර  යුතු බොහෝ දේ ඇත. ඇයි කම්කරුවන් සමග වැටුප් වැඩිකළ පසු ධනපති ආණ්ඩුව භාණ්ඩ මිල වැඩිකරන බව සාකච්චා කළ යුතු නොවන්නේද?. එය සාකච්චා කළ යුතය. එවිට කම්කරුවන් දේශපාලනිකව වෑටුප් ප්‍රශ්නය හා පංති ප්‍රශ්නය පිළිබදව සාකච්චාවට ගෙන ආ හැකිය. එසේම සටන් පාඨ හුදු වැටුප් වැඩීකිරීම පමණක් නොවනු ඇත. එසේම  මේහා සමාන නොවන නමූත් තවත් ප්‍රශ්න විශාල ප්‍රාමාණයක් කම්කරුවන්ට තිබේ. ඒවා ගැනද වාමාංශිකයන්ට සාකච්චා ගොඩානගා ගත හැකිය. එහෙත් ඒ වෘත්තීය සමිති හරහා නිර්ධන පන්තියට දේශපාලනය ගෙනයන ආකාරයයි. එසේ නොකොට තම දේශපාලන උවමානාවන්ට කම්කරුවන් භාවිතාකර ලෙහෙසියෙන් වෘත්තීය සමිති කිරම හරහා අවසානයේ ජවිපේ සමාජිකයන් ගෙනෙන අදේනා හැරුණාම වෙනදෙයක්ස් ඉතිරි නොවේ.

ලංකාවේ සාමාජ විප්ලවය පිළිබදව සිතන පිරිස් වෘත්තීය සමිති වලට රිංගාන්නේනම් අඩුම තරමේ වාමාංශික සංවාදයක් හෝ ගොඩනගන්නේ නැත්නම් ඔවුන්ගෙන් පලක් නැත. එසේම මේම සංවාදය රාජ්‍ය අංශයේ සිදු කලාට කම් නැත. එහෙත් සැබෑ නිර්ධනයන් සිටින කටුනායක, බියගම වේළදා කලාප මගහරින්නේනම් එයද තම පහසුව සදහා මෙන්ම අවස්ථාවාදි  දේශපාලන ගේම් එකක් වනවා ඇත. එමනිසා  හෙට දවසේ ජවිපේ මෙන් ආදෝනා  නගන්නට ඉඩනොදි සැබෑ කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...