මේ මොහොතේ නවකවදය පිළිබදව පුවත් මවමින් තිබෙන මොහොතක්ය. පසුගිය දශක දෙක තුල නවකවදය විවිධාකාරයෙන් පුවත් මවමින් පැමිණ ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල ලෙස හානි සිදු කලේය.වැටමාර පොල්ලේ රංගනය අවසන් විමට ප්‍රථම නවතම මාතිලියේ රංගනයක් පැමිණ තිබේ. මේ පැමිණම සරලව සිතිය හැකි දෙයක් නොවන බව ආප අවධාරණය කරමු. එම නිසා මේ පිළිබදව වහ වාහා කරනු ගවේෂණය කිරීමත් එය සමාජයට හෙලි කිරීමත් කළ යුතුය.
නවකවදය පැමිණෙන ශිෂ්‍ය මර්දනය සදහාය. රුහුණු විශ්වවිද්‍යාලයේ සිදු වුණායැයි කියන මෙම සිදුවිම මහා අමානුෂික මෙන්ම පිළුකුල් සහගතය. එය සත්‍ය සිදුවිමක් නොවුනද එය ඇසෙන ඕනෑම කෙනෙක්ට දැනෙන්නේ එසේය. වැටමාර මල්ලී මාධ්‍යට ආ සැනින් රුහුණු විශ්වවිද්‍යාලයේ සභාපත් ඇතුලු 18 දෙනෙක් සිරගත කළේය. ඒ වටමාර පොල්ලේ කතාව සමාජය පිළිනොගන්නා විටත් ලැබුණු දඩුවම එය විය. එහෙත් එය ඊට වඩා දරුණු තත්ත්වයක තිබේ. දැන් සිදුවිය හැකි දේ බොහෝය. එසේම සිදුවිය නොහැක්කේ ආණ්ඩුව කරබාගෙන සිටීම පමණි. දැන් අමුතුම ගනයේ භාණ්ඩයක් ලැබුණු පසු ඉන් වැඩ ගැනීමට ආණ්ඩුව ආරම්භ කරනු ඇත.
ඇත්තටම විය හැකි දේ
2001 ජපුරේ සමන්ත ඝාතනය ඉබේ සිදුවුයේ නැත. එසේම 2002 නිකන්ම කැලණියේ ශිෂ්‍ය සංගමයට බෝම්බ වැටුණේද නැත. රුහුණේ තිළිණි කවුමිණි නිකන්ම්ම සිරගත කළේ නැත. රුහුණේ සුසන්ත නිකන්ම ඝාතනය වුයේ නැත. ඒ වගේම පේරාදෙණියේ ශිෂ්‍යයෙක් නිකන්ම මැරී සිට හමුවුයේද නැත. මේ සියල්ල සිදුවුයේ විටින් විට වුවත් ඒ සියල්ලගේම සමානකම් තිබෙන බව කිව යුතුය.
ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නට අවශ්‍ය ප්‍රමාණය කෙබදුද යන්න ශිෂ්‍ය ව්‍යාපාරයට කරන චොදනාවලින් දැක ගත හැකිය. 2001 ර්නිල් ආණ්ඩුව සමයේ මර්දනය ගෙන ආවේ නවකවදයට එරෙහි නව දේශපාලනයක් ගෙන එන බව කියමින්ය. සැබෑවටම එහි ඉතුරු වුයේ ඇණකොටා ගැනීම් බේදවීම මරා ගැනීම්ය.
2005 න් පසු විශ්වවිද්‍යාල මට්ටු කිරීමට පැමිණියේ එස්.දිසානායකය. ඔහු කීවේ නවකවදය විශ්වවිද්‍යාල තුලින් තුරන්කරන බවය. ඔහුට විශ්වවිද්‍යාල තුල සොයාගත හැකි වු නවකවදයක් නැත. එහෙත් 2000කට පමණ පන්ති තහනම් කොට සිරගෙට යැවුවේය.
යුද්ධය අවසන් වී සතියක් යාමටමත්තෙන් ගොටාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල මුදානොගත් ප්‍රදේශ බවයි. ඒ සමග පැමිණි මර්දන රැල්ල රුහුණේ සුසන්ත මාතලං ටොක්කා සහෝදරවරු ඩැහැගෙන ගියේය. සමහර අවස්ථාවල එවැනි මර්දනයන්ට ආණ්ඩුව පොර කෑවත් ශිෂ්‍ය ව්‍යාපාරය නිවැරදි ස්ථානයක සිටිය නිසාවෙන් එම අන්තුරු මගහරවා ගත හැකිවිය.
දැන් මේ සැරසෙන්නේ මීට පෙර නොඇසු ප්‍රවෘත්තියකටය. එයින් පෙනෙන්නේ මර්දනය ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට පැමිණ තිබෙන බවය. එසේම මීට පෙර නොවුවිරු තරමේ මර්දනයකට ආණ්ඩුව කැස කවන බව වටහාගත හැකිය. සෑම අස්සක් මුල්ලක් නෑරම සතුරන්ය. නමුත් ඔවුන් බලවත් නැත. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල වනවිට සතුරෝ බලවත්ය. මෙම අවතාව ඉතිහාසයේ නැවත ආණ්ඩුවකට නොලැබෙනු ඇත. එමනිසා මර්දනය ගිනිදැල්ලක් මෙන් පැමිණෙමින් තිබේ. එම නිසා වහ වහා සංවිධානය වන්න සාමහික වන්න ශක්තිමත්ව මුහුණ දීමට සුදානම් වන්න.

No comments:
Post a Comment