Friday, September 20, 2019
ජනාධිපතිවරණය සමග ගලා එන අරගල රැල්ල සදුදා තවත් වැඩ වර්ජනයක්
විධායක ශ්‍රේණි සදහා රු 50000 ක දිමනාවක් ලබාදීමට නියමිතය. ඊට අදාළ යෝජනාව 2019.09.24 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතියට කටයුතු කරන බවට අපදා කළමනාකරණය හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකශ කර තිබේ. ඒ සමගම රාජ්‍ය සේවයේ සිටින අනෙකුත් ශ්‍රේණින්ද එම දීමනාව වැටුප් තලයන්ට අනුව ලබාදෙන ලෙස ප්‍රකාශකර සිටියි. නමුත් බොහෝ අය විධායක ශ්‍රේණි සදහා මෙම දීමනාව ලබාදුන් නිසාවෙන් තමන්ටද එසේ දීමනාවක් ලබාදෙන ලෙස ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය සටනට එතරම් උචිත නොවන බව කිව යුතුය. එයින් ශ්‍රේණි බේදය පවත්වාගෙන යාමට කටයුතු සිදුවන නිසා එය අරගලය බේදවීමට හා එක් කොටසක් ආණ්ඩුවේ සහයට යාමට හැකිවිම අනතුරක් ලෙස තිබේ. කෙසේ වෙතත් විශාල සංගම් ප්‍රමාණයක් අරගලයට ප්‍රවේෂවිම වැදගත්ය. එහිද අරගලය ජයග්‍රහණය කරාරැගෙන යන්නෝ සහ අරගලය දියාරුකර පවා දෙන්නෝ සිටින බවද කිව යුතුය.
කෙසේ වෙතත් මේ සදහා 2019.09.23 දින අසනීප නිවාඩු වාර්තාකර වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වන ලෙස වෘත්තිය සමිති 18 ක් සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් 23 දින වෘත්තීය ක්‍රියාමාර්ගයට පැමිණීමට නියමිතය.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව
01. සමස්ත ලංකා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
02. සමස්ත ලංකා කළමනාකරණ සහකාර සංගමය
03. රජයේ කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
04. රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා සංගමය
05.රාජ්‍ය සේවා ජාතික කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
06.ශ්‍රි ලංකා නිදහස් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා සංගමය
07. සමස්ත ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය
08. රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය
09. ශ්‍රි ලංකා රජයේ ඒකාබද්ධ කළමනාකරණ සහකාර සේවා සංගමය
10. පළාත් කළමනාකරණ සහකාර සේවා නිලධාරින්ගේ සංගමය
11. එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ
12. ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවා නිලධාරි සංගමය
13. ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය
14. ශ්‍රි ලංකා කෘෂිකර්ම පර්‍යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ සංගමය
15.සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය
16. ලංකා ගුරු සංගමය
17. ලංකා ප්‍රගති ගුරු සංගමය
18. රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment