Monday, September 17, 2018

අල ගොවි අරගලයට ජය

වැලිමඩ ඌවපරණගම අලගොවියෝ පසුගිය දා තම අස්වැන්නට මිලක් ඉල්ලා උද්ඝෝෂණයක නිරතවිය. ඔවුහු තම ගැටළුව අවස්ථා ගණනාවකදි බලධාරීන් ඉදිරියට ගෙන ගියත් ඉන් පලක් වුවෙ නැත. අවසානයෙදි වැලිමඩ නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා නගරය තම ග්‍රහණයට නතුකර ගැනමට ගොවියන්ට සිදුවිය.

බිහිරන්ට බිශාල ශබ්දයක් අවශ්‍යය. එම නිසා ලොකු පුටු පොඩි පොඩි උත්ඝෝෂණකර රත්කළ නොහැක. රත් කිරීමට විශාල බලයක් අදශ්‍යය. එය වැලිමඩ ඌවපරණගම ගොවියෝ මනාව පෙන්වා දී තිබේ. ඒ අනුව ආණ්ඩුව අර්තාපල් කිලෝවක් රු 90-95 අතර ගණනකට මිලදි ගන්නා බවට පොරොන්දු වි තිබේ. මේ මිලදි ගැනම කරන්නේ රජය විසිනි. ඒ සතොස හරහාය. ඒ අනුව දිනකට අර්තාපල් කිලෝ ලක්ෂ දෙකක් මිලදි ගැනිමට නියමිතය.

Sunday, September 16, 2018

ද්‍රොහියා ගේ නවකවදය හා පිටිපස්සෙන් පිහියෙන් ඇනීම

නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බොහො අය නවක වදයට අදාළව එක් පැත්තක් වසන් කරති. ඒ කුමක් නිසාද යන්න පැහැදිළි නැත. එමනිසා නවක වදය කියනවාට වඩා ඉතිහාසයේ එම සිදුවිම් ගෙන සාකච්ඡා කිරිම හොදය. එම සිදුවිම් කිසිවක් ඕපපාතිකව පහල නොවු බව අවධාරණය කරමි. එමනිසා මා අත්විදි සිදුවිමක් වාර්තා කරමි. එකි සිදුවිම් සත්‍ය සිදුවිම්ය. ඒවා එසේ නොවේ යැයි ඕනෑම කෙනෙකුට අභියොග කල හැකිය. එසේම මෙම ක්‍රියාවලියට සහභාගි වු ශිෂ්‍යයින් කිහිප දෙනෙකුගේ ආචාර්ය වරයෙක්ගේ හා තවත් කිහිපදෙනෙකුගේ නම් සදහන් නොකර සිටින්නෙමි.

මෙම සිදුවිම ඉතාම සැලසුම් සහගතව සිදුකළ එකකි. එය ජනතා විමුක්ති පෙරමුණ කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබා අල්ලා ගැනීම සදහා  ගැසු ගේම් වල එක් ප්‍රතිඵලයකි. 2015 වර්ෂයේදි ජවිපේ කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට සිතුවේ ප්‍රදීප් ශිෂ්‍යයා නොහොත් ජෝන් හරහාය. ඔහු තනිව මේ සියල්ල සැලසුම් කළේ නැත. එහෙත් ඔහු ජවිපේ නායකයන් කියන පරිදි කටයුතු කළේය. ඊට කැලණිය වෙත සංවිධායකයින් පස්  දෙනෙක් යොදවා තිබිණි. දේශපාලනය කිරිමේදී එය ප්‍රශංසනීය වුවත් ගේම් ගැසීමේදි නම් සොචනීය වේ. ඔවුන් ජෝන්ව මෙහෙයවීය. ජෝන්ව එක් පැත්තකින් මෙහෙයුම දියත් කරන අතරතුර මහාචාර්ය චන්දන අබේරත්නට කලින්ම ශිෂ්‍ය සංගම් නිලවරණය කැදවිමට මාන බැලුවේය. වෙනත් වර්ෂ වලදි මෙන් නොව 2015 වර්ෂයේ මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා තේරිම 2014 අගදි සිදු කිරීමට තීරණය විය. එහෙත් ඒ කිසිවක් කලත් ජෝන්ට සභාපති විමට නොහැකිවිය. ඒ නිසාම එම මොහොතේ  ඔවුන් වෙනත් පොදු ශිෂ්‍යයෙක් යෝජනා කළේය. එම ශිෂ්‍යයා ඉල්ලා අස්වු විය. එම නිසා නිතරගයෙන් නන්දන සුදේශ් සභාපතිවරයා විය. එහෙත් ජවිපේ ඉන් නොනැවතුනේය. ඔවුන් සභාපති නන්දනට මහා ශිෂ්‍ය සංගමය පවත්වාගෙන යාමට ඉඩනොතැබිම ජවිපේ අරමුණ විය. ඒ සදහා එවකට කැලණියේ ආචාර්ය සංගමයේ සභාපතිවරයාව සිටි ආචාර්‍යවරයා යොදාගත්තේය. ඊට කැලණිය විශ්වවිද්‍යාලයේ සමජිය විද්‍යාපිඨයේ පීඨාධිපති චන්දන අබේරත්න හැකි පමණ සහය ලබාදුන්නේය.මෙම සහය සමග ආණ්ඩුවේ අවශ්‍යතා හා එවකට උපකුලපතිවරයාව සිටි මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාරගේ අවශ්‍යතාවයද එකට එකතුවිය. මෙම සියල්ලන්ගේ අවශ්‍යතා එකට ගොනුකළ තැනැත්තා වුවේ. මහාචාර්ය චන්දන අබේරත්නය. උපකුලපතිවරයා 2015 වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත විය. ඔහුට තවත් වරක් උපකුලපති තනතුරට පත්විමට අවශ්‍ය විය. ඒ සදහා නව මෛත්‍රී රනිල් ආණ්ඩුවේ හිත දිනාගතයුතුය. මුලින්ම එම ව්‍යාපෘතියට අදාළව ආචාර්‍ය සංගමය ලීෆ්ලට් එකක් බෙදා හැරියේය. එය සිදුවන්නේ 2014 වර්ෂයේදීය. එහි සදහන්වුයේ ශිෂ්‍ය නායකයින් ආචාර්‍යවරුන්ට අනිසි බලපෑම් කරන බවය. ඒ සදහා උදාහරණ කිහිපයක් දක්වා තිබුණේය. එක් උදාහරණයක් වුයේ ආචාර්ය සංගමයට මුදල් ඉපයිමට දැමු කඩයක් විශ්වවිද්‍යාලයට උචිත නොවන බව ශිෂ්‍ය නායකයින් ප්‍රකශ කිරීමය. එසේම ආචාර්ය වරු ඉදිරියේ නොහොබිනා ලෙස තර්ක කිරීම වැනි දේ එහි සදහන්ව තිබිණි. මෙවැනි තවත් උදාහරණ කිහිපයක් දක්වා තිබුණි. ඉන්පසු ආචාර්ය සංගමය ශිෂ්‍යයින්ට එරෙහිව වැඩවර්ජනයක නිරත විය. මින්පසු මහා ශිෂ්‍ය සංගමයට දැඩි විරෝධයක් නිර්මාණය කිරීමට හැකිවිය. එහිදි ඔවුන් මහා ශිෂ්‍ය  සංගමයේන් ආචාර්ය වරු දුරස් කිරීමට හැකිවිය.

මේම තත්වය තිබියදී නව සභාපති සමගම 2015 වර්ෂයට නවක ශිෂ්‍යයින් ඇතුලත්කර ගත්තේය. ඔවුන් පැමිණිමටත් ප්‍රථම නවක වදය පිළිබඳව විශාල සාකච්චාවක් නිර්මාණය විය. එය මහා ශිෂ්‍ය සංගමය දෙසට පැමිණි මර්දනයක් බව ඒ මොහොතේ කිසිවෙක් නොසිතුවේය. එහෙත් සිදුවිම් ගලගෙන යන ආකාරයත් සමග ආණ්ඩුව මර්දනයට සුදානම් වන බව තෙරුම්ගත හැකිවිය. එහෙත් තමන් සමග එක නේවාසිකාගාරයේ සිටි පිරිසක් මහාචාර්යවර්‍යෙක් හා පරිපාලනය සමග ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට තල්ලු කරන බව කවුරුන් කෙසේනම් සිතන්නද? එහෙත් අවසානයේ පාපොච්චාරණය කළවු සියල්ල වමාරද්දි එය සත්‍ය බව අපටද පිළි ගැනිමට සිදුවිය.ඊට ජවිපේ සිරගතකළවුන් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කී දේවල් පවා අප දැන් දැන සිටින්නෙමු. එම සිදුවිම් සියල්ල එකම අරමුණකට ගොනුව තිබිණි. සැලසුම් කරුවෝ ශිෂ්‍යයින් අතර බව ආණ්ඩුව දැන සිටිනමුත් ශිෂ්‍යයින් හා දැන නොසිටියේය. එමනිසාම සැලසුම් සියල්ල සැදුවේ සතුරා ඉදිරියේය. එසේ කළද ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපරය පරාජය කළ නොහැක. පිහිපහර වැදුණේ පිටට බව සැබෑය. ඉන් ශිෂ්‍ය ව්‍යාපාරය තුවාල ලැබු බවද සැබෑය. එසේම සතුරන්ට එවැනි පහරක් එල්ළ කළද ශිෂ්‍ය ව්‍යාපරයට දරාගැනිමට ශක්තිය තිබෙන බව ඒත්තු ගැන්වීය.

2015/මාර්තු 11 වන දින ප්‍රථම වසර ශිෂ්‍යයින්ට දෙවන වසර ශිෂ්‍යයින් කතාකිරීමට නියමිත වු දිනයයි. එහි නවකවදයක් හෝ වෙනයම් සිදුවිමක් නොවිය. එහෙත් එදින තෙල් බැම්මට පැමිණි ආචාර්ය පැට්ට්‍ර්ක් රත්නායකට හූ හඩ දීමට ශිෂ්‍යයින් කිහිපදෙනෙකුට අවශ්‍යව තිබුණේය. අනෙකුත් ශිෂ්‍යයින් නිසොල්මන්ව සිටින අතර ශිෂ්‍යයින් දෙදෙනෙක් දිගින් දිගට හූ හඩ තැලීය. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ය. ආචාර්‍ය පැට්ට්‍ර්ක් යනු පහසුවෙන් කලබල කළ හැකි අයෙකි. හු හඩ ඇසිමත් සමග ආචාර්ය පැට්ට්‍ර්ක් වලං කඩේට පැන්න ගොනා වගේ ශිෂ්‍යයින්ට ඇණගෙන ඇනගෙන ගියේය. මේ පිළිබඳව හූ කියු ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලය පසුපස තිබෙන් භික්ෂු නේවාසිකාගාර නැත්නම් වැඩ අංශය අසලදි සාකච්චා කරමින් සිටින විට තවත් ශිෂ්‍යයින් දෙදෙනෙකුට ඇසි තිබේ. එහිදි මොකක්ද උඹලා කරන්න යන්නේ කියා ඇසුවිට ඔවුන් කියා තිබෙන්නේ අපි පැට්ට්‍ර්ක්ට ගේමක් දුන්නා කොහොමද වැඩේ කියා පවසා තිබේ. එය සැලසුමකි. ඉන්පසු ආචාර්‍ය සංගමය මහා ශිෂ්‍ය සංගමයට තවත් චොදනාවක් ගොනුකළේය. මහා ශිෂ්‍ය සංගමය සැලසුම් සහගතව ආචාර්ය වරයෙකුට හු කියා පහරදීමට තැත්කළ බව නව චෝදනව විය. ඒ සදහා මහා ශිෂ්‍ය සංගමය උපදෙස් දුන් බවට සාක්ෂි ද තමන් සතු බව ආචාර්ය සංගමයේ සභාපති ප්‍රකාශ කළේය. එය නිවැරදිය. සාක්ෂි ඔවුන්ට ඇත. සාක්ෂි ලැබෙන්නේ ජවිපේ ශිෂ්‍යයින්ගෙනි. සාක්ෂි මෙහෙයවන්නේ ජවිපේ ආචාර්ය සංගමයේ සභාපතිවරයාය.  ආචාර්ය සංගමයට මේ වනතෙක් පැහැදිළි චොදනාවක් ඉදිරිපත් කළ නොහැකිව සිටියේය. එල්ළ කළ චොදනා ආචාර්ය වරුන් අතර ඒකමතික එකගතාවක් ලද ඒවා නොවිය. නමුත් දැන් හොද උදාහරණක් ලැබි තිබේ. එය නිර්මාණය කළේ ජවිපේ විසිණි.

මෙම නවකවද චොදනා ගලා එන්නට ප්‍රථම සිදුවිම් අතිශ්‍ය  වැදගත්විය. ඒ වෙනකක් නිසා නොව. ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම යොදා ගත්තේය. සමහර ඒවා නිශ්චිත සැලසුමකට අදාළය. සමහර ඒවා සාමාන්‍ය සිදුවිම් තමන්ට අවශ්‍ය පරිදි යොදා ගත්තේය. මෙය එවැනි සිදුවිමකි. වානිජ හා කළමණා කරණ පීඨයේ අළෙවි කරණ අධ්‍යයන අංශය සංවිධානය කළ විනෝද සැනකෙලියක දි හැටුමක් සිදුවිය. එහි මූලාරම්භකයා ද ජවිපේ සාමාජිකයෙකි. ඔහු මේ වනවිට උපාධිය ගෙන විශ්වවිද්‍යාලයෙන් නික්ම ගොස් ඇත. අවසන එම ගැටුම නවතා ගත නොහැකි තැන මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්විමෙන් නවතා දැමිය. අවසන මේ පිළිබඳව දැනුවත් කිරිමට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ආචාර්ය සංගමයේ සභාපති තුමාට දුර කතන ඇමතුමක් දුන්නේය. එදින රාත්‍රි ඔහුද මහා ශිෂ්‍ය සංගමයේ අදහසට එකගවිය. නමුත් ඔහු පසුදා එය මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාවක් බව මාධ්‍ය හමුවක් තියා ප්‍රකාශ කළේය. එය මහා ශිෂ්‍ය සංගමයේ සැලසුමක් බව ප්‍රකාශ කළේය. දැන් මහා ශිෂ්‍ය සංගමයට චොදනා බොහොය. ඒවා නිර්මාණය කරන්නේ ජවිපේ ය. චොදනා ඉදිරිපත් කරන්නේ ජවිපෙන්ය.
මේ අතර ප්‍රථම වසර ශිෂ්‍යයාවක් බ්ලේඩ් එකකින් අතකපාගෙන තිබේ. ඇයගේ යහළුවන්  ඇයව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගිය පසු එතනට පරිපාලන නිලධාරින් පැමිණ එය නවක වදයක් නිසා සිදුකරගත් එකක් බව කියන ලෙසට බලපෑම් කළේය. එහෙත් ඊට ඇය එකග නොවිය. එමනිසා ඇයට පමණක් නොව ඇයගේ දෙමාපියන්ටද බලපෑම් එල්ළ විය. අවසන ඊට එකග නොවිමේ වරදට ඇය ප්‍රථම වසර වුවද නවකවද පනත යටතේ නෙත්මා ශිෂ්‍යාවට ලිංගික බලහත්කාරකම් කිරීම හා පහරදීමේ චොදනාව ගොනුකර සිර ගත කළේය.

නේත්මා ශිෂ්‍යාවට ලිංගික බලහාත්කාරකම් සිදුකිරීම හා පහරදීම

මෙම සිදුවිම සිදුවන්නේ අවසාන අංගය ලෙස නොවේ. එය  ඉතාම සුක්ෂම ලෙස සැලසුම් කළ දෙයකි. මෙය ජවිපෙට හැර කිසිවෙක්ට සැලසුම් කළ නොහැක. එසේම ඊට අදාළ පුදගලයින්ද තොරාගෙන තිබෙන්නේ ඉතා හොද අධ්‍යනයකින් පසුවය. ඊට අවශ්‍ය වු පුද්ගලයින් මෙසේය.

01. නවක වදයට ලක්කිරීමට සුදුසු යුවතියක්
02. ජවිපෙට හිතවත් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයෙක් සිටිය යුතුය.
03. ජවිපේ සාමාජික පීඨාධිපතිවරයෙක්  සිටිය යුතුය.
04. නවකවදය ලබාදිමට එකග හා එය කිරීමට එකග ජවිපේ හොද සාමජිකයෙක් විය යුතුය.
05. ජවිපෙට හිතවත් ආචාර්ය සංගමයේ සභාපතිවරයෙක් සිටිය යුතුය.
නවක වදයට ලක්වු තැනැත්තිය නෙත්මාය. ඇය කොළඹ ප්‍රදේශයේ යුවතියකි. ඇය විශ්වවිද්‍යාලයට පැමිණියේ ඩෙනිම ඇදගෙනය. ඊට දෙවන වසර ශිෂ්‍යයින් එරෙහි වු බව සැබෑය. ඒ සමගම ඇය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වරයාට මෙය වාර්තා කළේය. ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක මෙය ජවිපේ සාමාජික පීඨාධිපති චන්දන අබේරත්නට දැන්විය. ඔහු හොද සැලසුමක් නිර්මණය කොට ඊට ජවිපේන් උදව් ඉල්ලුවේය. ඒ අනුව ඔහුට අවශ්‍ය වු සහය ලැබිණි. මේ වනවිට ජවිපේ කාර්‍යාලයක නැවති සිට උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට පැමිණි දෙවන වසර ඉගෙනුම ලබන ජවිපේ සාලාජිකයෙක්ට මෙම කොන්ත්‍රත්තුව පැවරුවේය. එවකට ඔහු දෙවන වසරේය. ඔහු කෙලින්ම ගොස් නෙත්මාට පහර දි තිබේ. ඒ  සමගම නෙත්මා ශිෂ්‍යයාව ශිෂ්‍ය  කටයුතු අධ්‍යෂ්කට කතාකොට විස්තරය කිවේය. ඇය ප්‍රකාශ කළ දෑ සියල්ල ඔහු දුරකතනයේ පටිගතකොට තිබෙන බව පසුව පොලිසිය කිවේය. එම දුර කතන සංවාදය නවකවද නඩුවේ ප්‍රධානම සාක්ෂිය විය. ඒ අනුව ඇය ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂක වරයා සමග කිරිබත්ගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමිය. එම පැමිණිල්ල නවක වද පනතට අනුව ගොනුකොට නොතිබුණේය. සති දෙකකට පමණ පසුව එය නවකවද පනතට අදාලව චොදනවක් ලෙස සංශොදනය කළේය. ඒ සමගාම ආචාර්‍ය සංගමයේ සභාපති මධ්‍ය සාකච්චා පවත්වා මෙය මහා ශිෂ්‍ය සංගමය සැලසුම් සහගතව කළ බව කීවේය. ඊට ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයා ද සම්බන්ධ විය. ඒ සමගම කිසිත් සොයා නොබලා ආචාර්ය නිර්මාල් දෙරණට පැමිණ නවක වද විරෝදි හඩ අවදි කළේය. මෙය නවක වදයක් ද? ඔව් එය නවක වදයකි. එහෙත් එහි සිදුව තිබෙන්නේ එපමණද? ආචාර්ය නිර්මාල්ට අනුවනම් එසේය. නමුත් ජවිපේ පාපොච්චාරණ කළ සාමාජිකයන්ට අනුව ආචාර්ය නිර්මාල්  කියන්නේ අර්ධ සත්‍යකි. නමුත් එම අර්ධ සත්‍යය මර්දනයට බෙහෙවින් උපකාර කළේය. අවසානයේ 11දෙනෙක් දින 88 හිරබත් කෑවේය. නවක වදය නවතා දැමිමට ශිෂ්‍ය ව්‍යාපාරය ගන්නා උත්සය ගැන කිසිවෙකුට වැඩක් නැත. එහෙත් ඊට වඩා අන්තරේ මර්දනයට නතු කිරීමට අවශ්‍ය මතය සැකසීම ඊට වඩා වැදගත්ය.

විශ්වවිද්‍යාල නවක වදය ඉබේ සිදුවන්නක් නොවේ. එය පිටුපස අනිවාරයෙන් සැසුම් සහගත ක්‍රියාවලියක් ඇත. එය තෙරුම් ගැනිමටනම් ITN එකේ ජවිපේ සාමාජික මහාචාර්ය චන්දන අබේරතනගේ කතා ඇසිමෙන් පැහැදිළි කරගත හැකිය. හෙටද මෙවැනි දේ සිදුවිය හැකිය. ඊට ජවිපේ එක් සාමාජිකයෙක් හෝ විශ්වද්‍යාලයේ සිටියේනම් ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කිරිමට ඔහුව පාවිච්චි කරනු ඇත. ඊට තවත් උදාහරණ රජරට විශ්වවිද්‍යාලයෙන්, රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් මෙන්ම ශිෂ්‍යයින් ද මෙම සිදුවිම එක් කතාවක් ලෙස නොගන්නවා ඇතැයි සිතමි. දැන් නැවත ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයේ අතලගය. ඊට ජනාධිපතිවරයාගේ සිට ඕඩර් ලැබෙන්නේය. එය නවක වදය නමින් ක්‍රියාත්මක වීමට මියමිතය. එය සුපූරුදු අත්දැකිමය. ආණ්ඩුවේ මර්දනය ගැන සියලුදෙනා දන්නේය. එහෙත් ද්‍රොහියා ඔබ ලගම සිට පිටට  පිහියෙන් ඇණිම නුපුරුදුය. පිහියෙන් ඇනිම කෙසේවෙතත් අඩුම තරමින් ද්‍රොහියෝ කවුද කියා හදුනාගත යුතුය.

Friday, September 14, 2018

මාතලං ජවිපෙට එරෙහිවුයේ ඇයි?

මාතලං අරගල කරුවෙක් වන්නේ බැරියර් ඉදිරියේ පමණක් නොවේ. ඔහු තමන් විස්වාස කරන මතවාදයට එරෙහිවන සෑම මොහොතකම අරගලයට ප්‍රවේෂ වේ.2009 වර්ෂයේදී සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ට දේශපාලන සාකච්චාවක් පවත්වන ලදි. ඊට පැමිණියේ ජවිපේ දේශපාලන මණ්ඩලයේ  නායකයකයෙකි. ඔහු තම කරුණු පැහැදිළි කිරීමේදි නිදහස් අධ්‍යාපනයත් පුද්ගලික අධ්‍යාපනත් එකට පැවතිය හැකිය යන අදහස ඉදිරිපත් කරන ලදී. ඊට එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් දැඩි ලෙස විරෝධය පල කරන ලදි. එම විරෝධය පල කිරීමේ පුරෝගාමියෙක් ලෙස මාතලං කැපීපෙනෙන කර්ය භාරයක් ඉටු කළේය. එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තෙක් මාතලං තම සටන මෙහෙයවුවේය. අවසන එය ඉල්ලා අස්කර ගත්තේය. ජවිපේ ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ අවස්ථාවල මාතලං ගැටුනේය. එසේම තමාට පැවරුණු කාර්යන් නොපිරිහෙලා ඉටුකළේය.

රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනය දැඩිවන්නට විය. බොහෝ ශිෂ්‍යයින් පලාගොස් හමාරය. ඉතිරි වුයේ කිහිපදෙනෙකි. කලයුතු වැඩකොටස තවත් වැඩිවිය. එහෙත් අතේ මුදල් නැත. පෝස්ටරයක් ගැසීමට කිසිවෙක් පැමිණෙන්නේ නැත. එහෙත් සමහර දිනවල ඒ සියල්ල තනිව නිම කිරීමට මාතලංට සිදුවිය. එහෙත් පලා ගියවුන් ගැන අමනාපයක් ඔහුතුල නොවිය. ඔහු තම විස්වාසය අනුව වැඩ කළේය.

2009 වර්ෂයෙන් පසු අන්තරේ ක්‍රියාදරයන් පවා අඩුවිය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ කුමටදැයි අප සියලුදෙනා හොදාකාරවම දැන සිටියෙය. එදා අප අතර සිටියවුන් ගෙන් කවරෙකුට හෝ නැත්නම් කිහිප දෙනෙකුට ජීවත්වීම හමාර කිරීමට සිදුවන බව දැන සිටියේය. ඒ පිළිබඳව අන්තරේ ද විවිධ අදස්ථාවල සාකච්ඡා කළේය. එහෙත් සටන අතහැරිය නොහැක. ඒ මොහොතේ අපගේ ආරක්ෂාව ද ජවිපෙට සම්පුර්ණ කළ නොහැකි බව දැන සිටියෙමු. අඩුම තරමින් අන්තරේ කැදවුම්කරු සංජීවගේ ආරක්ෂාව සැපයිම පවා කළ නොහැක්කක් විය. එමනිසා ඒ මොහොතේ අපගේ ආරක්ෂාව ස්වයං ආරක්ෂාව බවට පත්විය. ස්වයං ආරක්ෂාව යනු ආරක්ෂාවක් නොව අනාරක්ෂිත තාත්වායකදි කටයුතු කරන ආකාරයක් පමණි. මේ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරිත් සියදෙනෙකුට අදික ප්‍රමාණයක නිවෙස්වෙත බුද්ධි අංශයෙන් ගොස් හමාරය. එය ත්‍රස්තයෙන් පිරි කාලයකි. එකී කාලය නිමා කිරීමට මාතලං වැනි මිනිසෙකුට හැර වෙනෙකෙකුට කළ හැක්කක් නොවේ. හොදම සොල්දාදුවෝ හමුවන්නේ යුද්ධයකදීය. එමනිසා මාතලං ගේ ධෛර්යය කටමත දෙඩවීමට වඩා බෙහෙවින් අසීරු බව සිහිපත් කළ යුතුය.

අසීරු කාලය ආරම්භ වී වසරක් යන්නටත් මත්තෙන් එය සාමාන්‍ය කරණය විය. සෑම දිනකම පහරකෑම්ය, සිරගත කිරම් ය.  එක පංති තහනමක් ඉවර වන්නට මත්තෙන් තවත් එකක්‍ ය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සෑම ක්‍රියාකාරකමකටම පසු නඩු තුන හතරක් තැගි ලෙස ලැබෙන්නේය. එක් පුද්ගලයෙකුට  මාසයේ  දින 10 වඩා උසාවියට යාමට සිදුවිය. සමහර නඩු කුමක් නිසා දමන්නේද යන්න පවා දන්නේ නැත. සමහර නඩුවල සිටින්නේ කවුද යන්න පවා දන්නේ නැත. එම නිසාම මාසෙකට තිබෙන නඩු සංඛ්‍යාව පැටල්ලැවි අනිවාර්යෙන්ම එකක් දෙකක් මග හැරීම අනිවාර්ය විය. මගහැරුණු නඩුවලට නැවත වරෙන්තු කිරීම කුඩුකාරයන්ට විනොදයක් විය. ඒ අනුව පොලිසිය ආයුධ සංනද්ධව ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිවෙස් වටකරනු ලබයි. මව,පියා දණ ගස්වා ප්‍රශ්න කරනු ලබයි. ඒ සමගම කුණුකතා,කුණු හරුප විමානයකට කැදවාගෙන යයි. ඊට පෙර පන්සලේ හාමුදුරුවෝ ග්‍රාම සේවක මහතා හමුවි මෙම අපරාධකාරි ශිෂ්‍ය ක්‍රියාකරීන්ගේ නිවෙස් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනිසාත් ගමේ ප්‍රභූ මහතුන් හමුවී ශිෂ්‍යයින් ගේ දඩබ්බරකම් කියා තිබීම නිසා මෙම අපරාධ ලෙහෙසියෙන් කළ හැකිව තිබිණි. ශිෂ්‍ය ක්‍රියාකාරින් කුදලාගෙන යාමට හැකිවු අවස්ථාද විය. එහිදී ගම මැදින් ප්‍රසිද්ධියේ රැගෙන ගොස් ජීප් රථයට නන්වා ගෙනයාම පොලිසියේ මහතුනට අනුගමනය කිරීමට දුන් උපදේශයකි. මේ සියල්ලු වද වේදනාවන්ට මාතලං සහෝදරයා ට මුහුණදීමට සිදුවිය. එහෙත් අද කයිවාරු ගහන මාතලං ගේ සතුරෝ එදා මේ සියලු අපරාද ඉවසා සිටිමින් මුණුවත රැක්කේය. ඇත්තෙන්ම මෙම මර්දනයට හසුවීමට ඔවුන් කැමතිවුයේ නැත. එමනිසා ඔවුන් සුව යහනේ සැතපෙද්දී මාතලං කෙනෙකුට සිතාගත නොහැකි වදවේදනා වින්දේය.

2010 මැද භාගය වන්විට සයිටම් ආයතනයට එරෙහි අරගලය අඩපණ විය. බොහෝ වෛද්‍ය ශිෂ්‍යයෝ මර්දනය හමුවේ පන්තිවර්ජනය නවතා දැමීය. ඊට එරෙහිව කතා කිරීමට සිටි මිනිසුන් ගණන අල්ප විය. එහෙත් සටන අත්හල නොහැක. මෙමෙ නිසාම ඉතිරි වු සටන් සගයෝ සයිටම් විරෝධි අරගලයේ  කාර්යන් තමන් සතුකර ගත්තේය. මේ පිරිස 14ක් පමණ විය. ඒ අතර මාතලං ද විය. දැන් ලොකු උද්ඝෝෂණ කළ නොහැක. කළයුත්තේ ජනතාව දැනුවත් කිරීමය. ඒ සදහා කැටයක් ගෙන බස් රථයට ගොඩ විය. ජනතාව ඉදිරියේ අධ්‍යාපනය විකිණීමට සැරසෙන ආකාරය කීවේය. ආරම්භය අමිහිරි විය. බොහෝ බස් රථවලින් පන්නා දැමීය.බස් රථයට ගොඩවීම අපහසු උවත් ගොඩ වු බස්‍ රථ වල්දී බොහෝ කාලගොට්ටිවලට මුහුණ දීමට සිදුවිය. එහි ප්‍රතිඵලය නැවත බස් රථයෙන් එළියට ඇද දැමීය. උදේ සිට වෙහෙස නොබලා උගුර ලේ රහ වෙනකම් කෑ ගැසුවත් ආධාර වශයෙන් කැටයට රු 50 ක් වත් නොවැටුණු තරම්ය .මෙම මුදල් අවශ්‍ය පත්ත්‍රිකා, පෝස්ටර් මුද්‍රණයටවත් ප්‍රමාණවත් නොවීය. එම නිසාම කිහිප දෙනෙක්  මාරුවෙන් මාරුවට කැලණියේ පිහිටි තේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක වැඩකරන්නට සිදුවිය.  ඔවුන් සමහර  කේටරින් සර්විස්වල වේටර්වරු විය. ඒ ජීවත් වීම සදහා නොව අරගලය සදහාය.


ඉන් අනතුරුව ගම්වල හන්දීගානේ ජනතාවට කතා කිරිම ඇරැඹුවේය. නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට හැකියැයි සිතන්නෝ සිටියේ අල්පයකි. සමහර සාකච්ඡා වලට එකතුවුයේ දෙදෙනෙකි. බොහෝ කලාතුරකින් පස්දෙනකු පැමිණ සිටියේය. පොළවල්වල පත්ත්‍රිකා බෙදා හැරියේය. සමහර විට ඉතා කුඩා කණ්ඩායම් එකතුකොට ඉතා කෙටියෙන් දැනුවත් කිරීම්  කළේය. මේ සියල්ල කළේ ගල් ගැසුණු පොළොවක් සමගය. අස්වැන්න නේලීමට තව බොහෝ කල් තිබේ. දැන් බිම පෙරාළා බීජ වපුරිය යුතුය. එය  මාතලං ඈතුළු ක්‍රියාකාරින් තම උපරිම ශාක්තියෙන් ඉටු කළේය. ඊට මුහුණ දීමට සිදුවු දුක් කම්කටොළු අපමනය.

මේ  වනවිට කළු ගග ව්‍යාපෘතියේ තවත් අදියරක් ආරම්භ කර තිබිණි. ඒ මොරගහකන්ද ජලාශ ජලාශ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආරම්භයේම ප්‍රශ්න රාශියක් නිර්මාණය කොට තිබිණි. මාතලේ දිස්ත්‍රික්කයට  අයත් මේම ප්‍රදේශය යටින් හුණු ගල් තීරුවක් පවතින බව භූ විද්‍යා සමීක්ෂකයින් කරුණු දක්වා තිබිණි. එහෙත් පාලකයෝ ඊට සවන්නොදී ව්‍යාපෘතිය ඇරුඹීය. දැන් එම ව්‍යාපෘතිය නිමවී තිබේ.මාතලංගේ සිරුර සමග මාතලං  ගේ කඹරව ගම ජලයට යටකෝට තිබේ. නමුත් එම ව්‍යාපෘතියේ දෙවන ගැටළුව වුයේ වර්ෂ ගණනාවක් පාදිංචිව සිටි උරුමකරුවන් පන්නා දෑමීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටියේය. එමනිසා මාතලං මෙම ව්‍යාපෘතියේ අසමත්කම් ගැන , එහි අරමුණු ගැන  හා ඉන් පිඩාවට පත්වන ගම්වාසින් ගැන කාතා කිරීම ඇරඹුවේය. ඒ අනුව මොරගාහ කන්ද ව්‍යාපාරයේන් පිඩාදට පත්වුවන් ලෙස  සංවිධානයක් ගොඩනැගිය. මාතලං එහි කැපීපෙනෙන කර්යක් සිදු කළේය. ඔහු මහපොලොවේ තවත් සටන් කරන සංවිධානයක් ගොඩනැගිය. ඊට එරෙහිව ඔහු තනිව පොස්ටර් ගැසුවාර අනන්තය.බෙදු පත්ත්‍රිකා ප්‍රමාණය අති විශාලය. පෙත්සම් දහයකට වඩා අත්සන් කිරීමට ගම් ගානේ දහ දොළොස් වතාවක් ඇවිද්දේය. එහෙත් ව්‍යාපෘතිය නතර නොවුණත් ජනතාවට වන්දි මුදලක් ලබා ගැනීමට එම සංවිධානයට හැකිවිය. එසේම මාතලං සටන්කළේ කුමක් සදහාද යන්න තව වැඩිකල් නොගොස් අප සැම ඉදිරියේ නිරාවරණය වනු ඇත.

මාතලං ගේ ශිෂ්‍ය භාවය වසර තුන දක්වා දීර්ඝ කොට තිබිණි. එහෙත් ඔහු මර්දනයට හිස නොනමීය. නමුත් සැහැසි මර්දනය ඉදිරියේ වැඩි දෙනෙක් හිස්ලූ ලූ අත පලාගියේය. අඩුම තරමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වගකිමට කිසිවෙක් ඉදිරිපත් නොවිය. අදන්ම් ඊට තරග කරුවෝ බොහෝය. එහෙත් එදා වෙඩිකෑමට බියෙන් පලා ගියෝය. අද එක් එක් ජයග්‍රහණ ලබන විට සමහරුන්ට කිවෙක් නොමැතිව සටන්කර සටන අත් නොහැර සිටි ආකාරය අමතකව ඇත. එම නිසා ඔවුන්  මාතලං ටොක්කා හිතුවක්කාරයින්ගේ ගොඩට ඇද දැමනු ලැබේ. ඉන් සටනේ අයිතිය සොරා ගැනිමට ගියද? සැබෑ සටන කිසිවේක්ට අත් හැරිය නොහැක. මොකද තවමත් මේ සෑම ස්ථානයම මාතලං ටොක්කා තම සලකුණු නොකැමෙන සේ ලියා තබා තිබේ.

රටේම හාවෝ කාපු ESOFT කැරට් වල රස

පසුගිය  සැප් 11දී ගම්පහ Esoft ආයතනය ඉදිරපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. එම උද්ඝෝෂය සංවිධානය කර තිබුණේ නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරය විසිනි. ඒ esoft ආයතනය එහි ඉගෙන ගැනීමට ගිය ශිෂ්‍යාවන් දෙදෙනාගේ ජීවිතය කාලකණ්නි කළ නිසාවෙනි. Esoft ආයතනය මෙම ශිෂ්‍යාවන්ට මුලින්ම සුරපුරයක් පෙන්වා තම ආයතනයට බදවාගෙන තිබේ. එහෙත් ශිෂ්‍යවන්ට කියා තිබෙන්නේ බොරුය. බිස්නස් තිබෙන්නේ බොරුව මතය. Esoft යනු බිස්නස් එකකි. ඉතිං ඔවුන්ට අවශ්‍ය මුදල් පමණි. ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය විකිණීමට ඔවුන් මහන්සි ගන්නේය. ඔවුන් දඩයමේ යන බල්ලන් සේ ළමයින් ලුහු බදින්නේය. ළමයින් ගේ අනාගතය බිල්ලට දී ළමයින් බිය ගන්වා සල්ලි හම්බකරති. Esoft ආයතනය බදවාගත් අසාධාරණයට පත් ශිෂ්‍යවන් ඉදිරියේ කළ රංගනයෙන් තේරුම් ගත හැකිය.
 මොවුන් ගේ රංගනය මොන වාග්ද? මුලින්ම මෙම කඩ කරනුයේ හොද ප්‍රචාරණයක් ලබා දිමයි. ඊට අත් පත්ත්‍රිකා වල සිට පොස්ටර් ,කටවුට් හැකි පමණ භාවිතා කරයි. රැපවාහිනියේ හැකි පමණ ඇඩ් දැමා ශිෂ්‍යයින් හා ඔවුන්ගේ දෙමාපියන්ට මාර ජිවිතයක් පෙන්වයි. අවුරුදු 13ක පාසල් ගොස් ජිවිතේ අනාතව රට හාවුන්ට ඇද සිටින ශිෂ්‍යයෝ හා ඔවුන්ගේ දෙමාපියන් esoft වගේ කඩ වලට බිලිවනවා හැර වෙන කුමක් කරන්නද? දෙමාපියන් තම ළමයාගේ අනාගතය ගැන සිතමින් ඇති හැකි ඈයෝ අත දිගහැර වියදම් කරති. එහෙත් නැත්තෝ කරන්නේ කුමක්ද? ඔවුන් ලෝකයාට ණය වෙති. ඔවුන්  ගෙවල් දොරවල් උකස් කරති. විකුණති. Esoft වැනි උපාධි කඩ තලු මර මරා ගිල දමනනේ මෙම මුදල්ය.

ශිෂ්‍යයින්ට උපාධි කඩයට මුදල් ලබා දෙන තෙක් සුරනගනා ලොකයේ සිටිය හැක. ඉන පසු කඩේ මුදලාලිලාගේ ගෙම්බර් බැලිය යුතුය. අවසානයේ බොහෝ දුර ලබා දෙනවා කියු උපාධිය වෙනුවට කොහෙවත් නැති ඩිප්ලෝමාවක් කරේ එල්ලා දමයි. උපාධි කඩ මෙලෙස ශිෂ්‍යයින් ගේ ජිවිත භකෂණයකොට උසස් පෙළ අවසන් වු සැනින් නැවත ප්‍රචාරණ කටයුතු පටන්ගෙන අහිංසකයන් පිරිසක් ගොදුරු කර ගනියි.

මේ සියල්ල මෙසේ තිබියදි රාජ්‍ය ඇසුකං නොමැතිව සිටියි. ඒපමණක් නොව ආණ්ඩුව ඊට හරකි පමණ සහය. මා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව මෙ මංකොල්ල කරයෝ අාරක්ෂා කරන බවයි. මෙහෙම වනවිට ජනතාව කිසිදු අරගලයකින් තොරව  රට හාවුන් සේ ගොදුරු වේ. ගම්පහ esoft ආයතනයෙන් එළි බැස්සේ එක් උදාහරණයක් පමණි. තවත් එවැනි බොහෝ අය මි⁣ට ගොදුරුව ඇත. ඔවුන් නිහඩය.

අධ්‍යාපනය විකිණිම බෙහෙවින බරපතලය. එය මාෆියාවකි. ඊට අරක්ගත් බොහෝ ඈයෝ මුදලට යටවි මාෆියාව රකිති. සෑම අතින්ම බොරුවෙන් වටවු ලෝකයේ ඇත්ත හමුවන්නේ කෙළවාගත් පසුවය. කෙළවාගත්වුන් දහස් ගණනක් නිර්මාණය වි සටනට පැමිණෙනතාක් සිටි⁣ය හැකිද? එසේ බලා සිටියහෝත් ශිෂටාචාරයක් වැළෙලෙනු ඇත. එම නිසා හැකි පමණ වෙර යොදා අධ්‍යාපනය විකිණිමට එරෙහි සටන පෙරට ගතයුතුය.

Wednesday, September 12, 2018

ටොක්කා ගේ ලෝකය



ටොක්කා අපුරූ මිනිසෙකි. ඔහු නමින් සිසිත ප්‍රියංකරය ඔහු ජීවත්වුයේ මෝදරය.. ඔහුට මාස 6 වනවිට තම දෙමාපියන් අත් හැරිමට සිදුවිය.ඔහු හැදී වැඩුණේ  ආච්චි ලගය. නැන්දා ලගය. ආච්චි ලිලියන් ෆොන්සේකාය, නැන්දා ධම්මිකා ප්‍රියදර්ශනීය. ආච්චි මෙන්ම නැන්දා  ඔහුට බෙහෙවින් ආදරය  කළේය. ඔහු හැදි වැඩුණු පරිසරය කිසිදිනෙක අලුත් ලොකයක් ගැන සිතීමට බලකරන්නක් නොවේ. නමුත් ඔහු එම ලෝකයට නව ලෝකයක් තිබෙන බවට බල කළේය. ඔහු පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ මෝදර ඩිලාෂාන් මධ්‍ය විද්‍යායෙනි. ඔහු වානිජ අංශයෙන්  2011 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ප්‍රවේෂය හිමිකර ගත්තේය. ඔහුගේ පළමු විශ්වවිද්‍යාලය වුයේ කැලණිය විශ්වවිද්‍යාලයයි. පසුව ඔහුට රුහුණු විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයට ඇතුලත් විය.

සාධාරණ සමාජයක් අවශ්‍ය නොවන්නේ කාහටද? ඇත්තෙන්ම එවැන්නෝ සිටින්නේ  ධනපති පන්තියේය. සාධාරණය අවශ්‍ය නිර්ධනයින්ටය. තමන්ගේ වටපිටාව නිරවුල් කිරීමට ටොක්කා වෙහෙසෙන්නේ එහෙයිනි. ඔහු වටාසිටින කොල්ලෝ කුරුට්ටෝ එකතු කළේය. ඒ තමන්‍ට සිතෙන දේ කීමටය. ඔහුගේ සිතේ ඇදි බොහෝ දේ යහළුවන්ට කීවේය. යහළුවෝ සියල්ල අනුමත කළ නමුත් මේ සමාජය නිවැරදි කරන්නේ කෙසේද යන්න ඔවුන් නොදත්තේය. එහෙත් ඔවුන් ක්‍රියාත්මක නොවි සිටියේ නැත. ඒ ඔවුන් දන්නා ආකාරයටය. ඔවුන් දන්සල් සංවිධානය කළේය. ඔවුන් ක්‍රිඩා උත්සව සංවිධානය කළෝය. ආගමික උත්සව සංවිධානය කළෝය. මේ ටොක්කාගේ ලෝකයයි. ඔහු අසීමාන්තික ලෙස සමාජයට ප්‍රේම කළ අයෙකි. එමනිසාම ඔහු වටා විශාල යහළුවන් පිරිසක් එක්රොක් වන්නට විය.

මෝදරට නව නායකයෙක් ගොඩනැගෙන බව සියලුම දෙනාටම දැනෙමින් තිබුණේය. මල ගෙදරක මගුලක හෝ පොදු වැඩක දි ටොක්කා පෙරමුණේ සිටියේය. බොහෝ දෙනා ක්‍රියාත්මක වීමට පෙර ඔහු සමග සාකච්ඡා කළේය. ඒ ඔහුගේ ක්‍රියාවලිය සමාජය පිළිගත් ආකාරයයි. ඔහුගේ මෙම ක්‍රියාකාරිත්වයට විශ්වවිද්‍යාල ප්‍රවේෂය සමග වැඩි වටිනාකමක් එකවන්නට විය. මෙය සැඩපහරට එරෙහිව ගමන් ගන්නෙක් බවට පත්විය. එහෙත් ඔහු වඩා වැඩි ගුණාත්මක ක්‍රියාකාරිත්වයක් අත්පත් කරගන්නේ විශ්වවිද්‍යාලයේදීය.

මුලුන්ම ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයට ප්‍රවේෂ වුවේය. කැලණියේ ඔහුට ලැබුණු අද්දැකිම් එතරම් සුවපහසු නොවීය.සාමාන්‍යයෙන් අනෙකුත් ශිෂ්‍යයින්ගෙන් ඔහු වෙනස්ය. ඔහුගේ භාෂා විලාසය. ආගන්තුකය. ඔහු කිසිවෙක්ට බියක් දැක්වුවේ නැත. ඔහුට රැගින් යනු විගඩමකි. ඔහු විගඩමට එරෙහි විය. ඔහු ඉදිරියේ දෙවන වසර ශිෂ්‍යයින් හොදින් නාගෙන ගියේය. නාගත් උදවිය තමන්ගේ බින්න පෞර්ෂය ගොඩදා ගැනීමට අනෙකුන්ගේ සහය පැතීය. සහයට ආ උන් ද එසේ අයය. එහෙත් බොරු තර්ජන හා බැන වැදීම් තුලින් ටොක්කා බිය ගැන්වීමට නොගත් උත්සහයක් නැත. එහෙත් ටොක්කා එක් වචන ප්‍රහාරයකින් සියල්ල සුණු විසුණුකර දැමිය. 'උඹලට පොරක් වෙන්න ඕනනම් මෙහෙම ගොන්පාට් නොවි ඉන්නවත් හිතපල්ලා' මෙම උපදෙසය අද කැලණියේ ශිෂ්‍යයින්ට ද වලංගුය. මෙම කාලය තුල අප්ප්‍රමාණව තමන් විසින් තමන්වම ගොනාට ඇන්දවීම නිරන්තරයෙන් සිදුවේ.එසේ ගොනෙක් නොවීමට සිතන ඈයන්ට ටොක්කාගේ ප්‍රකාශය සිහිකර ගැනීම යෝග්‍ය වේ.

කැලණියේ දී ටොක්කාගේ නොහික්මුණුකම් වලට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ බැට දෙන්න සුදානම් විය. ඒ වනවිට ටොක්කාට රුහුණු විශ්වවිද්‍යාලයට යාමට අදස්ථාව ලැබුණේය. ඔහු කැලණියට සමුදුන්නේය.

ඔහු කැලණියෙන් ගිය පසු  මාහට ලග සබදතාවයක් නොවිය. විටෙන් විට අන්තරේ උද්ඝෝෂණ වලදි ඔහු මට මුණ ගැසෙන්නේය. එහිදී අප අතරේ කෙටි පිළිසදරක් ගොඩනැගෙන්නේය. එහිදි ඔහු ප්‍රකාශ කළ දේ අනුවත් ඔහු මරාදැමු පසු රුහුණු විශ්වවිද්‍යාලය යේ ඔහුගේ සටන් සගයන්ගේ ප්‍රකාශ අනුව මින්පසු මෙම ලිපිය පෙළ ගස්වා තිබේ.

ඔහු දැන් රුහුණු විශ්ද්‍යාලයීය කලමණාකරණ පීඨයේ ශිෂ්‍යයෙකි. එහිදී ද කැලණියේ මෙන් ගොන්පාට් රශියකට මුහුණ දීමට සිදුවිය. ඔහු ඒවා එතරම් ගණන්ගත්තේ නැත. ඔහු ඒ වනවිටත් එහි කලාව හදුනාගෙන සිටියේය. දෙවන වසර වීරයන්ගේ වීරකම් රදා පවතින්නේ මාසයක් පමණ කාලයක් බව දැන සිටියේය. ඉන්පසු වීරයෝ ගොබ්බයෝ වන්නේය. එතෙක් ඔහු තමන්ගේ බැජ් එකේ විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට සමත්විය. ඔහු කිසිවකට තනිව මුහුණ දෙනවා වෙනුවට සංවිධානාත්මකව අරගල කළයුතු බව දැන සිටියේය.

ඒ සමගම ඔහුගේ ජීවිතයේ විමුක්තිය රදා පවතිනේ කුමක් මතද යන්නට පිළිතුරු ලැබෙන්නට විය. පිළිතුරු එකවර අංග සම්පුර්ණ නොවුණු නිසා නිතැතින්ම ඔහු තුල ප්‍රශ්න දහස් ගණනක් නිර්මාණය විය. ඒ අතර අන්තරේ කැදවුම්කරු පැමිණ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය පිළබදව කතා කළේය. ඒ සමග අරගලකාරි ටොක්කාගේ අරගලයට පණ ලැබෙන්නට විය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයට සවන්දීමෙන් පසු ඔහු ශිෂ්‍ය සංගමයට ගොඩවැදුනේ ඔහුගේ ප්‍රශ්න සදහා පිළිතුරු සොයා ගැනීමටය. ඔහු දැන් වෙනදාට වඩා මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් වලට මැදිහත් වේ. නිතරම ඔහු ප්‍රශ්න නගමින් බොහෝ දේවල් අහුලා ගනිමින් සිටියේය. ඔහුගේ අධි ක්‍රියාකාරත්වය පැමිණෙන්නේ මින් අනතුරුවය. එය ඔහුගේ ජීවිත මාර්ගයේ තැබු අමාරුතම හා සතුටුදායකම තීරණය විය.

ටොක්කා නව ගමනට පය තබන්නේ සියලු විශ්වවිද්‍යාල වටකොට මර්දනය ක්‍රියාමක වන මොහොතකය. මර්දනය ඔහුට අදාළ වුවක් නොවීය. ඔහු හති දම දමා බලා සිටින්නෙක් නොවේ. ජලයේ ගැඹුර කොතෙක් උවත් ඔහු පිහිනිමට දැන්නේය. ජලයේ ගිලෙන බව හැමෝම දන්නේය. නමුත් ජලයට බිය වි පිහිනවාද නැද්ද ජලයේ ගිලෙයිද නැද්ද යන්න ගැන ඕනෑම අයෙකුට සිත සිතා සිටිය හැකිය. ටොක්කා එසේ නොවේ. ඔහු පිහිනිමට උගත්තේය. එම නිසා ඔහු ලැබෙන අනතුර කුමක් උවත් ඊට එරෙහිවද සටන් කිරීමට ඔහු තීරණය කොට තිබිණි.

මර්දනය හමුවේ. පලා යන්නෝ බොහෝ විය. ටොක්කා පලා නොගියේය. ඔහු සක්‍රිය විය. නෑසුකන් ඇත්තවුන්ට ඇසෙන්නට හඩ නැගුවේය. මෙසේ සිටින විට කැලණියේදී හමුවු ආදරණිය මිත්‍රයා, සහෘදයා, ආරක්ෂකයා රුහුණට පැමිණ සිටියේය. ඔහු වෙනෙකෙකු නොව මාතලං ය. මතලං රුහුණු විශ්වවිද්‍යාලයේ අන්තරේ සංවිධාන කටයුතු සදහා මාතලං පත්කොට තිබිණි. ටොක්කාට මෙම පුවත සතුට දනවන්නක් විය. සහෝදරයා යනු සටනේදි අත්නොහැර එක්ව ලගින්ම සිටින්නාය. ටොක්කාගේ සතුට අපිරිමිත වුයේ ඒ අර්ථයෙනි. දැන් රුහුණේ නයකත්වය මාතලං අතය. ඔහු කැලණියෙන් ලද අද්දැකීම් මත රුහුණ කෙලින් සිටුවිම ආරම්භ කළේය. මර්දනය සියලු තැන් අරක්ගෙනය. නවකවදය නමින් පැමිණ තිළිණි කව්මිණි මාස 6කට සිරකළ විට බොහෝ ඇයෝ සටන අත්හැරීයේය. තවත් පිරිසක් පැහැර ගැනිමට තැත්කළ අවස්ථාවලදි මරණ බියෙන් පැන දිව්වේය. අවසනයේදි එකළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වු ----පැහැර ගැනීමත් සමග  ඉතිරිව සිටියේ කවුද? ඒ කිසිවෙකුට යටත් නොවන මිනිසුන්ය. ඔවුන් ඉතාම පොඩි ප්‍රමාණයකි. ඒ අතර මාතලං සහ ටොක්කා ප්‍රමුඛත්වයන් විය. පාලකයෝ තමන්ව කොයිමොහොතක හෝ මරා දමන බව දැන සිටියේය. එවැනි මොහොතක සටන අත්නොහැර සිටියවුන් හදුන්වන්නේ කුමන නමකින්ද? මා හට නම් ඒ නම ශිෂ්‍ය වීරයන් ලෙස හැදින්විම ප්‍රමාණවත් වන්නේ නැත. ඔවුන් හෙට දවසේ පීඩිතයන්ට මග කියන සැබෑ මිනිසුන් ය.

Monday, September 10, 2018

මර්දනයට බිය නොවු කැලණියේ මාතලං



මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ ගමේ පාසල වු කඹරව ප්‍රාථමික විද්‍යාලයෙනි. මාතලං 4 වන ශ්‍රෙණියේන් පසු  අලගමුව මහා විද්‍යාලයට ගියේය.  ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වු පසු උසස් පෙළ හැදෑරීමට මාතලේ සෙන් තෝමස් විද්‍යාලයට පිවිසියේය. ඔහු කලා අංශයෙන් උසස් පෙළ හැදෑරු අතර ඉන් සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයට ප්‍රවේෂ විය. ඔහුගේ පාසල් ජිවිතයේදි ද දේශපාලනය සම්බන්දව සක්‍රියව සිටියේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමග ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වඩා වර්ධනීය ස්ථානයකට පැමිණියේය.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. එසේම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාදරයෙකි. ඔහුට තිබු සුවිශේෂ ලක්ෂණය වුයේ තමන් විස්වාස කරන මතවාදයට එරෙහි කිසිදු කොන්දේසියකට එකග නොවීමය. ඒ නිසාම ඔහු පෙනුමෙන් අහිංසකයෙක් වුවද ක්‍රියාවෙන් මහා හිතුවක්කාරයෙකි. තර්කයට ප්‍රතිතර්ක ගොඩනැගීමේ වේගය නිසාම ඔහු සමග සිටි සැවෝම වේගයෙන් ඔහුගෙන් බොහෝ දේ ග්‍රහනය කරගත්තේය. සමහරු භියේ පැන දුවන්නට විය. 2007 මාර්තු එවකට සිටි සමජවාදි ශිෂ්‍ය සංගමය පැවැත්වු ප්‍රසිද්ධ සාකච්ඡාවක් විය. මෙය සාකච්ඡාව කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු විවේකාගාරයේ සංවිධානය කොට තිබිණි. එහිදි ජාත්‍යන්තර දේශපාලනය ගැන සාකච්ඡා කිරීමට ප්‍රියන්ත වර්ණකුලසූරිය සහෝදරයා සහභාගි විය. පැමිණ සිටි පිරිස අතර මාතලං ද විය. ඔහු තමන්ගේ ප්‍රථම වසර පවා ගේවාදමා නොතිබු නමුත් සාකච්ඡාවට අවතිර්ණ වුයේ ජාත්‍යන්තර දේශපාලනය ගැන අනෙක් සහෝදරවරු නොදත් බොහෝ කරුණු එකතු කරමින්‍ ය. ඔහුට ලෝකයේ බොහෝ රටවල් ගැන අවබෝයක් තිබුණි. එවායේ ඉතිහාසය මෙන්ම වර්තමාන පාලනය පිළිබඳව හේ කරුණු දැක්වුවේය. එය ඔහුගේ හැකියාව මෙන්ම දේශපාලන දැක්මේ නිරවුල් භාවය හොදින් ප්‍රදර්ශනය කළේය.

ඔහු ටික කළකින් තමන්ගේ batch එකේ සභාපතිවරයා විය. එසේම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ ද විශාල වැඩකොටසක් පවරාගෙන ක්‍රියාකළේය. ඔහුගේ කැපකිරීම පුදුම සහගතය. සෑම වැඩක්ම සාර්ථක කිරීම ඔහුට හැකිවුයේ එහෙයිනි. සියලුදෙනා නිදාගැනිමට ගොස් සිටියදී පවා ඔහු තමන්ගේ වැඩකොටස අවසන් නොකර නින්දට නොගියේය.

ඔහු පෝස්ටර් අකුරු ඇදීමට පුරුදු විය. ඔහු කිසිවෙක් නොමැති දිනවල ඉන් හොදින් ප්‍රොයෝජන ගත්තේය. තනිවම cut out ගෙනවිත් තනිවම කොළ ඉරා ,තනිවම අකුරු ලියා, cut out එක තනිවම කර තබාගෙන ගොස් ප්‍රදර්ශනයට තබුවේය.

ඔහු හොද පරිගණක ක්‍රියා කරුවෙකි. සමහර වෙලාවට design කර තිබෙන පොස්ටර් ගුණාත්මක භාවයෙන් පහත නම් ඔහු ඒවා වැඩිදියුණු කරන්නේය.

මාතලං සහෝදරයා හොද කතිකයෙකි. ඔහු කතාකරන බොහෝ දේවල් ගැඹුරුය එහෙත් සරලය. ඒ වගේම වේගවත්ය. උද්වේගකාරීය. එම නිසාම ඔහු වටා ආණ්ඩුවේ බුද්ධි ආංශ කරක් ගාසන්නට විය. එය ඔහු මනාව දැන සිටියේය.

සතුරා සතුරාමය උන්ගේ කිසිත් ගුණයහපතක්  නෑත. ලේ පිපාසයට ලේ  සුවදා සොයනවා මිස එහි වෙනත් හැඩ අලංකාර නොමැත. කැලණිය විශ්වවිද්‍යාලයීය පාරීපාලනයේ උකුසූ ඇසද යොමු වුයේ මාතලං දෙසටය. ඔහුගේ අවංකකම චොදනවට දමා ඔහු ඈතුලු පිරිසක්  පන්ති තහනම් කළේය.පසුව මාතලං ගේ පන්ති තහනම වසරකට දීර්ඝ කර අනෙක් සහෝදරවරුන් ගේ පාංති තහනම ඉවත් කරන ලදි. පසුව මාතලං සහෝදරයාගේ පංති තහනම වසර දෙකක් දක්වා දීර්ඝ කරන ලදි. මාතලං ගේ ක්‍රියාකාරිත්වය පාලකයන්ට වදයකි. ඔහුට උපාධිය අහිමි කර තිබියදීත් පෙරට වඩා ශක්තිමත්ව ක්‍රියාකාරි විය. ඔහුට තිබු ධෛර්යය නිසාම පාලකයන් ඔහුව මර්දනය කිරීමට තවත් බොහෝ උපක්‍රම යෙදිය. ඒ අනුව පොස්ටර් ගැසීමේ වරදට මාතලං සමග එවකට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයෙක් වු දයාන් විරක්කොඩි සහෝදරයා සිරගත කළේය. එවකට කැලණියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක වු මර්වින් සිල්වා විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදි පහර දෙන ලදි. තවත් දිනක කැලණිය විශ්ව විද්‍යාලයේ පිටුපස වේවැල්දූව නම් ස්ථානයේදී මර්වින්ගේ මැරයන් මාතලං සහෝදරා අල්ලා ඔවුන් පැමිණි  ජිප් රථයේ ගැටගසා තබාගන්නා ලදි. එහිදි පැයක් පමණ තබාගෙන විටින් විට මාතං සහෝදරයාට පහර දී තිබේ. අවසානයේ ගැටගසා සිටි මාතලං සහෝදරයා සමගම ජීප් රථය විශ්වවිද්‍යාලය දෙසට ධාදනය කොට තිබේ. ඉන්පසු විශ්වවිද්‍යාලය පිටුපස මාතලං දමා ගොස් තිබිණි. එහිදී මාතලං දරුණු ලෙස තුවාල ලැබීය. ඔහුගේ කොන්ද දැඩි ලෙස අභාධයට ලක්ව තිබිණි.

මේ සියල්ල මෙසේ වෙද්දී මාතලං තම අරමුණු අතැරියේ නැත. ඔහු ගෙදර ගියේ නැත. වැඩිකාලයක් විවේක ගත්තේ නැත. ඔහු නැවත වැඩට පැමිණියේය.

ඔහුට රාජ්‍ය මර්දනය පැමිණියේ කැලණියේදි පමණක් නොව. තම නිවස පිහිටි කඹරවට සතියට දින කිහිපයක් දඹුල්ල නියෝජනය කරන මුද්ධි අංශ නිලධාරියා පැමිණෙන්නේය. විටක ඔහුගේ පියාගේ රැකියාවටද කණකොකා හඩන්නට පටන්ගතේය. ඔහු කුඹුරු වපුරන කාලයට නිවසට බලා යන්නේ ඒ සදහා පියාට උදව් කිරීමටය. ඒ සමගම බුද්ධි අංශ නිලධාරියාද පැමිණෙන්නේය. ඔහු ගැන ඇස ගසා සිටින්නට මෙතරම් පිරිසක් කුමටද? එතරම් රාජ්‍යය මතලංට බියවුවේය.

මාතලං ගේ චරිත ලක්ෂණ ගත්විට ඔහු වීරයෙක් ද නැද්ද යන්න කිරා මැන බැලීමට ඕනෑම කෙනෙකුට හැකිය. නමුත් එක් ප්‍රශ්නයක් තිබේ ඔහුගේ ක්‍රියාකාරිත්වය ඔබට කළ හැකිද? එය පහසුද? මරණය දැක දැක ඔහු සටන් කළේය. එසේ කරන්නේ කවුරුන්ද ? බොහෝ අය තමන්ගේ පුද්ගලික ජීවිතය වෙනුවෙන් වෙහෙසෙන විට ඔහු සමාජයක් වෙනුවෙන් වෙහෙසුනේය. එසේ කරන්නෙකුට පූර්ණ හදවතක් තිබිය යුතුය. එය මරණින් කෙළවර කර නොහැකි අමරණීය සිතුවිලි වලින් පිරුණු හදවත් බව අප අවධාරණය කරමු.

Saturday, September 8, 2018

සයිටම් සටනේ ඉතිහාසය -5 සියලු රාජ්‍ය බලය හා මැර බලය



සයිටම් ආයතනය සම්බන්ධව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මෙන්ම ඊට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාමාර්ග ද අඩු වැඩි වශයෙන්  ඉදිරියට පැමිණියේය.  ශිෂ්‍ය ව්‍යාපාරය 2010 වර්ෂයට ප්‍රවේෂවුයේම සයිටම් ආයතනය වසා දැමිමේ ආරමුණ සහ ධනපති ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්වීම සදහාය. මේ සදහා වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව 2010 පෙබරවාරි පන්තිවර්ජනය ආරම්භ කළේය. එහෙත් එය ක්‍රියාත්මක වුයේ සියලු දෙනාගේ කැමැත්ත මත නොවේ. ඊට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය එක් නොවීය. මේ වනවිට අග්නිදිග වෛද්‍ය පීඨය එක්ව සිටියේ නැත. එසේම රජරට වෛද්‍ය පීඨය ද ඊට දායක නොවීය. එසේම අනෙක් වෛද්‍ය පීඨ තුල සිටි ශිෂ්‍යයින්ගෙන් බොහෝමයක් මෙම ක්‍රියාමාර්ගයට සම්පුර්ණ ලෙස එකගව නොසිටියේය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතිය පරාජය කිරීම ඊටවඩා ප්‍රමුඛ විය. ඒ නිසාම 2010 පෙබරවාරි 10 පන්තිවර්ජනය ආරම්භ විය.

මෙම ක්‍රියාමාර්ග සමග සැබෑ ලෙසම බැදී සිටියේ ශිෂ්‍ය නායකයින් හා ශිෂ්‍යයින් පිරිසක් පමණි. එම නිසාම මෙම ක්‍රියාමාර්ගය කොතෙක් අවශ්‍ය උවත් ඊට ශිෂ්‍යයින් ගේ  දායකත්වය නොමැතිව ක්‍රියාත්මක නොවීම පුදුම විය යුතු නැත. මෙහිදි ශිෂ්‍යයින්ට දහසක් ප්‍රශ්න තිබිණි. ශිෂ්‍යයින් ට වු ප්‍රධනම ප්‍රශ්නය වන්නේ තම ජීවිතය රැකගත හැකිද යන්නයි.  දෙවැන්න ඔවුන්ට සයිටම් කෙසේවෙතත් තමන්ගේ වෛද්‍ය සිහිනය පුර්ණය කිරීමට හැකිවේදැයි යන්න දෙවන කාරණය විය. තුන්වන  කාරණය ඉතා වැදගත්‍ ය. වෛද්‍ය වරුන් වීමට සිටින ශිෂ්‍යයින් කෙසේනම් පෝස්ටර් ගසන්නද? ලීෆ්ලට් බෙදන්නද? අට්ටාල ගානේ කෙසේනම් සිටින්නද? මිනිසුන් නෝණ්ඩි දමනවිට ඒවා කෙසේ ඉවසා සිටින්නද? මේයට යම් කැප කිරීමක් අවශ්‍ය ය. එහෙත් එවා කෙසේ කරන්නද? මේ වෛද්‍ය ශිෂ්‍යයින් හරිම ලැජ්ජා සහගත මිනිසුන් ය. එවැනි මිනිසුන්ට මෙවැනි දේ කිරීම නොහොබිනාය. මෙම නිසාම ප්‍රජාවක් ලෙසම ආණ්ඩුවට එරෙහි අරගලයෙන් කරහැරියේය.

දැන් වරද ශිෂ්‍ය නායකයින් ගේය. දැන් වරද එකි ව්‍යාපාරයට නායකත්වය දෙන දේශපාලන පක්ෂයේ බව මොවුන් විටින් විට ප්‍රකාශ කරන්නට විය. එහි සත්‍යතාවයක් ද තිබේ. මොකද වෛද්‍ය ශිෂ්‍යයින්ට අරගලයට අදාළව ලැබිය යුතු දැනුම අවශ්‍ය පමණට නොලැබීම පිළිගතහැකි සත්‍යකි. එහිදි අවධාරණය කළ යුතු කරුණවන්නේ අඩුම තරමින් 82 උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේ අද්දැකිම් පවා සාකච්ඡා නොකළේය. එසේම මෙම අරගලයට අවශ්‍ය බහුජන වටපිටාව නිර්මාණය නොකිරීම ස්යං විවේචනත්මකව දැකිය යුතුය. මේ සියල්ල සම්ප්පුර්ණ වුයේ නම් ශිෂ්‍යයින් ගේ ප්‍රතිචාරය මිටවඩා වෙනස්ය. එහෙත් ඒ කිසිත් එසේ නොවි ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් හුදකලාව අරගලයේ නිරත විය.

පන්ති වර්ජනය ආරම්භ වනවිටම එහි තිබෙන ශක්තිය පිළිබඳව ආණ්ඩුවට වැටහිමක් තිබිණි. එම නිසාම මෙම ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට විශාල පරිශ්‍රමයක් අවශ්‍ය නොවීය. S.B මාධ්‍ය සාකච්ඡා කිහිපයක් ගත්තේය. එහිදි ඔහු මෙම ක්‍රියාමාර්ගය හෑල්ලු කරමින් කතාකොට ශිෂ්‍යයින් බංකොලොත් දේශපාලන ව්‍යාපාරයක උවමනාව මත ක්‍රියා කරන බව පැවසීය. ඊට සමගාමීව වෛද්‍ය පීඨවල  පීඨාධිපතිවරුන්  සහ ආචාර්යවරු කිහිපදෙනෙක් ශිෂ්‍යයින් ගේ පන්ති තහනම් කරන බව පැවසීය. ඒ සමගම කිහිප දෙනෙක් ලෙච්චර් ගිය අතර පසුව සියල්ලෝම වර්ජනය අත්හලේය.

මේ අතර SB උන්නැහේ වෛද්‍ය  පීඨ වෙනුවට අනෙක් පීඨ  වලට දැඩි මර්දයක් ක්‍රියාත්මක කලේය. මෙම මර්දනය කුමක් සදහාද යන්න තෙරුම් ගත යුතුය. ඒ වෙනකක් නිසා නොවේ. අධ්‍යාපනය විකිණීමට අවශ්‍ය ඉඩ සකසා ගැනීම සදහාය. දැන් වෛද්‍ය පීඨ සියල්ල අකර්මන්‍ය වී තිබේ. ඒවා නැවත ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔවුන්ට ඍජු මර්දනයක් අවශ්‍ය නොවේ. සක්‍රියව සිටින අනෙකුත් විශ්වවිද්‍යාලය නැවත වෛද්‍ය පීඨ වලට ද පණ පෙවීමට ඉඩ තිබේ. එම නිසා ප්‍රධාන සටන් කරුවා තැතිකොට දැමිය යුතුය. අන්තරේ පොඩිකර චප්පකර දැමීය යුතුය. එය වෛද්‍ය පීඨ නිහඩ කරන ආකාරයෙන් කළ හැක්කක් නොවේ. ඊට විශාල බලයක් අවශ්‍යය. දැන් අමු අමුවේ අධිකරණය කඩේ යැවීමට ආණ්ඩුව කටයුතු කළේය. පොලිසි සියල්ල ඒ සදහා පෙළ හැස්වීය. හිරගෙවල් සුදානම්‍ ය. මත හැදීමට ආචාර්ය මහාචාර්යවරු මිලට ගත්තේය. රූපවහිනි නාලිකාවල ගුවන් කාලය ඕනෑවටත් වඩා වෙන්කර තැබුවේය මැර කණ්ඩායම් සීරුවෙන් තැබීය. රාජ්‍ය බලය සහ රාජ්‍ය නොවන මැර බලය අන්තරේට එරෙහිව භාවිතා වන්නට විය. මි පසු සිදුවු කිසිවක් ධනේශ්වර බලහකාරකම් වලට එහා ගිය රජුගේ අණ සකට යටත් වු නියෝග පමණක් විය. කිසිවිටෙක නීති පොත මොවුන්ට අදාළ නොවීය. ඒවා අවශ්‍ය ධනේෂ්වර බලහාත්කාරකම් වලටය. මෙහිදි අවශ්‍ය වුයේ පාලකයාගේ නියෝග පමණි. මේ සෑම මර්දන යාන්ත්‍රණයක් යෝදාගත්තද රාජපක්ෂ සහ රාජපක්ෂ නඩය සෑම විටම අන්තරේට භිය විය. එම නිසාම මර්දනය වර්දනය වුවා මිස අඩු වුවේ නැත. ඔවුන් එකෙක් මර්දනය කීරීමට යන විට තවත් පිරිසක් නිර්මාණය වී නැවත සටනට පැමිණීම සිතාගත නොහැකි කාරණයක් විය. එම නිසම අන්තරේ මර්දනයට ගෝඨාභයගේ ආයුධ ප්‍රමාණවත් නොවීය. අන්තරේ උද්ඝෝෂණ වල පිරිස අඩු වූ බව සැබෑය. නමුත් ඉතිරි වු පිරිස මර්දනයට භිය වුවෝ නොවිය. එම නිසාම රාජපක්ෂ ආණ්ඩුව මර්දනයට ගත හැකි සෑම උපක්‍රමයක්ම ගත්තේය. ඒ සියල්ලෙන්ම ආණ්ඩුවට වාසි අත්වුවා මෙන්ම අන්තරේ වටා ඉතා ඉහළ ගුණාත්භායයෙන් යුත් පිරිසක්  එක්වීමද සිදුවිය. එමනිසා සටන පැවතියේ සරල වටපිටාවක නොවේ. එහෙත් එකල අන්තරේ වටා සිටි පිරිස යටත්නොවි නිදහස්  අධ්‍යාපනය බේරා ගැනීම සදහා වු අරගලය ඉදිඉදිරි ගෙන ආවේය.

Friday, September 7, 2018

මේ මාතලං ටොක්කා මරා දැමු මාසයයි....නැවත මරා දැමීමට ඉඩ නොදෙමු




මාතලං සිසිත කියන්නේ කවුද? ඔබ ඔවුන් ගැන දන්නේ කුමක්ද ? මාතලං ටොක්කා වීරයන් වෙන්නේ කොහොමද ? මේ ප්‍රශ්න ගැන නොසිතා මාතලං සිසිත එක එක පැතිවලට හරවා හරවා එක එක කතා කියති. සමහරු නොදන්න කතා කියති. සමහරු හිතාමතාම විකෘති මත හදති. මාතලං ටොක්කාට තම ජීවිතය කැපකල පසුත් ඔවුන්ට මිතුරන් සිටීම පුදුමයක් නොවේ. එහෙත් ඔවුන්ට සතුරන් ද සිටිති. විශ්වවිද්‍යාලය ජීවිතයේදි සෑම උපකුලපතිවරයෙක් පාහේ විරු සිසු ගීතයට නැගී සිටින්නේ නිකන් නොවේ. ඊට ජාති, ආගම් , බේද නොතිබුණි. සැවෝම නැගී සිටිති. ඒ අතර ඔවුන් සොයා ගිය මාවත පියමනින්නෝද බොහෝය. එහෙත් මාතලංට හා ටොක්කාට පමණක් සතුරන් පිරිසක් නිර්මාණය වුයේ කෙසේද? ඇත්තෙන්ම ඒ මාතලං ගේ ටොක්කාගේ සතුරන් ද? නැත්නම් මෙය මාතලං ටොක්කා විනාශ කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මය කෙලෙසීමේ ව්‍යාපාරයේ කොටසක්ද? එසේනම් මාතලං හා ටොක්කා  ගේ  සතුරෝ කවුද? ඔවුන් මෙසේ කරන්නේ මාතලං ටොක්කා ගැන නොදන්නා නිසාද? නැත්නම් ජීවත්ව නොසිටින සහෝදරවරුන් ඔවුන්ට සිදුකරන බලපෑම කුමක්ද? මාතලං ටොක්කා ජීවත් වු කෙටිකාලය තුල ඔවුන් පෙන්වු මානුෂීයත්වය අමනුෂ්‍යයන් බිය ගැන්වීමට තරම් ප්‍රබල වී තිබේ. එමනසා ඔවුන්ගේ ජීවිත ගැන දන්නා දේ ලියා තැබිය යුතු හොදම  කාලය මෙය වේ. මෙය නොදන්නා අයට දැන ගැනීමටවත් ඔවුන් විශ්ව කර්මයන් කිරීමටවත් ඔවුන් සුරුවම් කිරීමටවත් නොවේ. මේ ඔවුන් ගේ ජීවිත භාවිතාව උකහා ගැනීම සදහා පමණක්‍ ය. එයින් සතුරන්ට අභියෝගයක් වනවා ඇත. මින් මතු ඔවුන්ගේ ව්‍යාපෘතියට උඩ හුලගේ පාවෙන කොළ රොඩු වලට කළ නොහැක. අඩුම තරමේ මාතලං ටොක්කාගේ ජීවිත බාවිතාවේ වාටියකට ආවෙක් හෝ ඊට පැමිණිය යුතුය. පාවා දෙන්නෝ බොහෝය. එම නිසාම මාතලං ටොක්කා ගේ ජීවිතය උන්ට වඩා ඉහළින් තිබේන බව ඔවුන්ටම දැක ගත හැකිය.

මාතලං හා ටොක්කා ඇස ගැටුණු, ඔවුන් සමග ජීවත් වු පිරිස බොහෝය. එම පිරිස  මාතලං ටොක්කා හදබැදගත්තේ නිකන්ම නොවේ.  අප දැක තිබෙන්නේ මිනිසුන් දෙදෙනකු ගැන නොව අසීමාන්තික වටිනාකම් අනාගතයට උරුම කළ මිනිසුන් දෙදෙනෙක් පිළිබඳවය. එමනිසාම ඔවුන් ගැන මානුෂීයත්වය හරණය වු සමාජයට කියා දිය යුතු නොවේද? මේ ඊට හොදම මොහොත ලෙස අප සිතමු. මොකද මේ මාතලං ටොක්කා මරා දැමු මාසයයි. අප ඔවුන් ගැන වැඩුමනක් කතා බහට ලක්වන කාලය තුලදි මාතලං ටොක්කා ගේ ජීවිත පිළිබඳව ඇත්ත කතාව ප්‍රකාශ කලයුතුය. මේ වනවිටත් සතුරන් වැඩ පටන්ගෙන ඇත. අප බෙහෝ සේ ප්‍රමාද වුවත් අවසන සත්‍යය හෙලි කිරීමට වෙහෙසෙමු.එම නිසාම මේ කතාවට ඕනෑම කෙනෙකුට අභියෝග කල හැකිය. එම අභියෝග අපි බාර ගන්නෙමු. මාතලං ටොක්කා නැවත මරා දමනවාට එරෙහිව ඔවුන්ගේ  මානුෂීයත්වය  මිනිස් ඉතිහාසයට එකතු කරන්නේමු.



Tuesday, September 4, 2018

රාජපක්ෂ කෝළමේ රාජපක්ෂ නොදුටු පැති




හෙට දින කොළඹ පමණක් නොව රටම හෙල්ලීමට රාජපක්ෂ නඩය සූදානමින් සිටියි. මෙම හෙල්ලීමට හේතුව රනිල් මෛත්‍රී දෙබෑයන්ගේ අමන පාලනය බව ඔවුන් සදහන් කරති. පාලකයන් ගැන රාජපක්ෂ  එසේ කීවත් පාලනය ක්‍රමය ද එසේම බව අප කිව යුතුය. ඉන් රාජපක්ෂ ගේ ආශ්චර්ය බිද වැටි ඇද වැටෙනු ඇත. ජනතාව පාලනය වන්නේ නව ලිබර්ල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය මතය. එය රනිල් මෙන්ම රාජපක්ෂ ද ජනතාව අසීමාන්තිකව පීඩාවට පත්කළේය. එම නිසාම 2015 දී රාජපක්ෂ ජනතාවගේ වෛරයට  පාත්‍රවිය. එදිනම ආදර සත්කාරයෙන් පිදුම් ලැබු මෛත්‍රී උන්නැහේ හා රනිල් උන්නැහේ ආද ජනතාවගේ වෛරයට පාත්‍රව තිබේ. මේ වෙන කුමක් නිසාවත් නොව පවත්වාගෙන යන නව ලිබරල් ප්‍රතිපත්තිය නිසාය. එහෙත් අද මහින්ද සතුටින් හුරේ දමමින් සිටියි. එය රාජපක්ෂගේ මොකක් හරි අමුතු මැජික් එකක් නිසා සිදුවන්නක් නොව. එය වාමාංශික ව්‍යාපාරයේ අසමත්කම හේතුවෙන් ගොඩනැගුනකි.

2008 පසු ඇරැඹි ආර්ථික අර්බුදය තවම නිමාවට පත්ව නැත. එහි ගැඹුරුම හා කුමකින් කුමක් සිදුවේදැයි බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි සිදුවීම් ජාලයක් සිදුවෙමින් පවති. එය පාලනයේ මෛත්‍රී,රනිල්, නොව මහින්ද සිටියත් සිදුවන්නේ එයයි. මේ කිසිවෙක්ට ඊට විකල්පයක් නොමැත. ඇත්තේ පරණ හම්පඩ නවලිබරල් බෙරේට තඩි බෑම පමණි.

මහින්ද හැකි පමණ ජනයා අවුස්සා දැමිය යුතුය. ඊට බිය වන්නෝ පලා ගිස් සැගව සිටීම හොදය. එහෙත් සැබෑ වාමාංශිකයින් සැගවෙන්නේ නැති බව රාජපක්ෂගේ දේශපාලන ලෝකයට හසුවන්නේ නැත. එසේම රාජපක්ෂ ඉතාම කුඩා කාරණාවලට ජනතාව පළෙඹුවද එය ඉන් නොනවතින බව තවම ඔහු සිතාවත් නැත.

මෙම කොළම රාජපක්ෂ කෝළම ලෙස අවසන් වුවත් ඉන් සැනසීමක් ලැබෙන්නේ රාජපක්ෂ කල්ලියට පමණි. ඉන් එහා කිසිවෙක් තෘප්තිමත් නොවන බව රාජපක්ෂ තවම දන්නේ නැත.

ලංකාවේ ප්‍රබල වමක් නිර්මාණය වී නැත. එසේම එය හතුපිපෙන්නා සේ නිර්මාණය නොවන බවද රාජපක්ෂ නොදැනීම මෙම කෝළම නිර්මාණයට තවත් හේතුවකි. ලංකාවේ වම නැගීසිටින්නේ තනිවම නොවේ. එය ලංකාව තුල පමණක් සිදුවන්නක් නොව. එය ජාත්‍යන්තර පෙළ ගැස්මකි.එහි හැඩහුරුව නොදන්නා රාජපක්ෂ කල්ලිය. මේ සිදු කරමින් සිටින්නේ එවැනි පෙළ ගැස්මකට අවශ්‍ය වටපිටාව සැකසීමය. කිසිදු රටක තනි තනිව හුදකලාව සමාජවාදය නිර්මාණය කළ කාලය අවසන්‍ ය. එවා අතීත සිදුවීම් වලින් සොයාගත හැකිය. නමුත් අද සැබෑ වාමාංශිකයින්ට ජාත්‍යන්තරව පෙළ ගැසීමට බල කෙරී අවසන්‍ ය. ඊට අදාළ ක්‍රියාවලිය. ගොඩනැගෙමින් තිබේ. එතෙක් විනෝදයක් ගැනීමට හෝ ජනතාව අරගලයට කැදවීම හොදය. එමනිසා සැප් 05 කෝළමක් වුව එය රගමඩලක් දක්වා වර්ධනය වීමේ සක්‍යතාවයක් පවතින බව රාජපක්ෂ නඩය නොදැනේ.

ඉතිහාසය පිරිස්සීමේදී මෙම තතු වඩා හොද අවධාරණයකින් යුක්තව වටහා ගත හැකිය. ලංකාවේ, 71 අරගලය ආරම්භ වීම විමසා බලන්න. සිරිමා මැතිනිය අගමැතිනිය වුයේ 3/2 බලයක් සමගය. එහෙත් සමගි පෙරමුණේ බලය කඩා වැටි 71 අරගලයට වැඩිකාලයක් ගියේ නැත. එම අරගලය පරාජය වුවත් කවුරු කවුරුත් නැටූ නර්තනවල.අවසාන ප්‍රතිඵලය එය විය. මේ කිසිවක් ගැන රාජපක්ෂ නඩය සිතන්නේ නැත. ඔවුන් ද කෝළම ආරම්භ කොට තිබේ. එහි අවසානය ගැන ප්‍රධාන නැට්ටුවාට හා අනෙක් කිසිදු නැට්ටුවෙකුට සිතාගතවත් නොහැක. එම නිසා රාජපක්ෂ කෝළම ඉදිරියට ඇදෙනු ඇත.

88/89 අරගලය ද මෙවැනි වටපිටාවක් ගත්තේය. උදාහරණ සාමාන නොවුණත් කොටුවේ බෝ ගහලග සත්‍යාග්‍රහයට වාඩිලාගත් සෝභිත හිමි මෙන්ම සීරීම මැතිනියද එය හොදින් දනී. එහෙත් ඔවුන් කිසිවෙක් ආද රාජපක්ෂට කියාදීමට නැත. එම නිසා රාජපක්ෂ කෝළම නොනවතිනු ඇත.

ලංකාවේ පමණක් නොව ඉන්දීය නිදහස් අරගලය ද එසේය. ප්‍රංශ විප්ලවය ,රුසියන් විප්ලවය පිළිබඳව සොයා බලන්නේ නම් රාජපක්ෂ කල්ලිය තමන්ගේ හිස තමන්ම කපා ගන්නා ක්‍රියාමාර්ග වලට නොපැමිණෙනු ඇත.

එම නිසා රාජපක්ෂ කෝළමට හැකිපමණ ජනයා ගෙන ඒමට හැකියාව ලැබිය යුතුය. එසේම කොළඹ වටලා අඩුම තරමින් සතියක් හෝ සිටීමේ හැකියාව ලැබේවා. එසේ කිරීමෙන් ඊට පැමිණෙන ජනයාට තිරනාටකයේ නොමැති තවත් බොහෝ දේ දැකගත හැකිවනු ඇත. එය ජනයා ලබන වටීනාම සම්පතවන අතර කිසිදු විටෙක එය අරක්කු බෝතලයට යටකොට දැම්ය නොහැකි අධ්‍යාපනයක් වනු ඇත.කෙසේවෙතත් රාජපක්ෂ කෝළම රජපකෂ කල්ලියට වඩා වටින්නේ වමාංශික දේශපාලනයටය. එම නිසා මින් පසු හොදින් ඇස්කන් හැර සීරුමාරුවට කළ යුතු දේශපාලනයක් කිරීමට තිබේ. එහි ප්‍රතිඵලය අත්කර ගැනීමට නම් සතුරාගේ හැඩ හුරුව වෙනස්කරමින් සතුරාටම එරෙහිව භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගත යුතුය. ඊට මීටත් වඩා අවස්ථාවක් නැවත හමු නොවනු ඇත.

Saturday, September 1, 2018

ඇමති රාජිත රගන විට ඇමරිකන් පිටි ඉහළට




ප්‍රිමා අයතනය විසින් ඇමරිකන් පිටි නොහොත් තිරිගු පිටිවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමේදී ප්‍රිමා ආයතනය ආණ්ඩුවෙන් පවා විමසිමක් කොට නැති බව සදහන් කරයි. මේ අනුව ප්‍රිමා අයතනය පවත්වාගෙන යනු ලබන ඒකාධිකාරිත්වයට බලපෑම් කිරීමට ආණ්ඩුවට පවා නොහැක. මෙම නිසා හෙට දින සිට ඇමරිකන් පිටි ඉහළ යනු ඇත.

මේ සමගම රාජිත ඇමතිවරයා තවත් සංදර්ශනයක් ආරම්භ කොට   තිබේ. මෙම සංදර්ශන කොතරම් ද කීවොත් ප්‍රීමා සමාගමේන් වැඩිකළ  පිිටි මිල වැඩිය ගණන්  ගත යුතු නැත. රාජීත ඇමතිවරයාට අනුව ඔහු මහා හපනෙකි. ඔහු ඖෂධ මිල පහළ හෙලීමට කටයුතු කරමින් තිබේ. මොහු මෙසේ සිදු කරන්නේ  දෙවන වතාවටය. එහෙත් පළමුවර අඩුකළ ඖෂධ ලබාගත හැකි තැනක් සොයා ගැනීමට නොමැති බව පමණක් ඔහු සදහන් නොකරයි. එහෙත් ඔහු ගේ පුරාජේරුව සමග එක් දෙයක්නම් පැහැදිළිවේ. දැන් ජනතාව තිරිගු පිටි වැඩිවීමේ වෙදනාව සමනය කර ගැනීමට රාජිත ඇමතිගේ නර්තනයෙන් සහයක් ලැබෙනු ඇත.මෙමෙ නිසා මාධ්‍ය මගින් එකම දවසේ මෙම තොරතුරු මුදාහැරිමේ සම්බන්ධය කුමටදැයි යන්න තේරුම් ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු නැත.

මේ සියල්ලගෙන්ම රටේ මිනිසුන් ගේ බඩ ගින්න  හා ජීවිතය එකවර විකුණා ගැනීමට මෙම දෙශපාලන ක්‍රියාවලිය සමත්ව තිබෙන බව සිහිපත් කළ යුතුය.

පුහුණුවට ගත් රැකියා විරහිතයින්ට ආණ්ඩුව ලබා දෙන දඩුවම්

රාජපක්ෂ ආණ්ඩුව රැකියා විරහිතයින්ට රැකියා ලබාදීමේදී වසරක පුහුණු කාලයකට යටත් කළේය. එසේම ඔවුන් උපාධිධාරින් හැකිපමණ තම ඡන්ද ව්‍යාපාරයට යෝදා ගත්තේය. මේම අසාධාරණය දුටු රනිල් උන්නැහේ මෙන්ම ජවිපේ මහත්වරුද එය තම දේශපාලන ව්‍යාපෘතියට යොදා ගත්තේය. රනිල් ඒ වෙලාවේ උපාධිධාරින් ගේ වටිනාකම මෙන්ම උපාධිධාරින් ගේ ගැටළු මහා පඩිවරයෙක් මෙන් විග්‍රහ කළේය. එහෙත් අද ඔහු බලයට පැමිණ රාජපක්ෂ මෙන් වෙනත් ආකාරයකට උපාධිධාරින්ට වද දෙමින් සිටියි. එකළ ජවිපේ අනුර මහා විප්ලවවාදියෙක් මෙන් දිගින් දිගටම වාග් ප්‍රහාර නිකුත්කර අද රනිල් සදාචාරය පවා කෙලෙසද්දි කිසිදු සද්ධ බද්ධයක් නොමැතිව ඇසු කංනැතිවුන් සේ බලා සිටියි. මොවුන් උපාධිධාරින් පුහුණුවක් නොමැතිව බදවාගත යුතුයැයි කිසිම මොහොතක සදහන් කරන්නේ නැත.

උපාධිධාරින්ට එරෙහිව රාජපක්ෂ මෙන්ම රනිල් මෛත්‍රී කරන්නේ කුමක්ද? පසුගියදා පුහුණුවට ගත් උපාධිධාරින්ට ලබාදුන් ලිපියෙහි කොන්දේසි කිහිපයක් ඇතුලත් කොට ඇත.

01.නිවාඩු නැත.

 පුහුණු ආරම්භ වු මොහොතේ සිට වසරක් යන්තෙක් කිසිදු නිවාඩුවක් ගත නොහැක. අසනීප උවහොත් පමණක් නිවාඩු දෙකක් පමණක් ගතහැකිය. එයද වෛද්‍යවාර්තාවක් නොමැතිව ගත නොහැක.

02.ආයතන ප්‍රධානියා ගේ නිර්දේශය මත රැකියාව අහිමි විය හැක.
පුහුණුවේදි කිසිවෙකුට කිසිදු නීතියක් හෝ කිසිදු ක්‍රම වේදයක් නැත. තිබෙන එකම ක්‍රම වේදය ආයතන ප්‍රධානියාගේ කැමැත්ත හා අකමැත්ත පමණි. ඔහුට පුහුණුවන්නන් නැවත රැකියා විරහිතයින් කළහැකිය.

03. ශෝට් ලිව් නැත. වැඩ පමණි.

මෙම පුහුණුවේදී පැය 8ම වැඩ කළ යුතුය. කිසිවෙක් එසේ නොකරන්නේනම් ඔහුට හෝ ඇයට රැකියාව අත්හැර යා හැකිය.

04. ප්‍රසූත නිවාඩු නැත.

කිසීම කාන්තාවකට  මෙම කාලය තුල දරුවෙකු හැදීම තහනම්‍ ය. එය එසේ වන්නේ යම් කාන්තාවක් ගැබිණියක් වුවේ නම්, ඇය අනිවාර්යෙන් රැකියාව අත් හළ යුතුය.

එවැනි තවත් කොන්දේසි රාශියකි. ආණ්ඩුව මේ කොන්දේසි දමා තිබෙන්නේ අධ්‍යාපනයේ උපරිමයට ගිය උපාධිධාරින්ට ය. දැන් සමාජයම නිහඩය. එහෙත්  මෙම නිහැඩියාවෙන් ආණඩුව ජනතාව තවත් පිඩාවට පත්කරන ක්‍රියාමාර්ග ගනු ඇත. ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය අනුව ආණ්ඩුව මෙවැනි ලැජ්ජා නැතිව කටයුතු කිරීම පිළිබදව දෙපාරක් සිතනු ඇත.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...