Monday, July 30, 2018

රාජිතගේ සම්මානය හා අපේ තාත්තා





සතියක විතර සිට තා‍ත්තා ඉතා අමාරුවෙන් සිටියේය. කොහොමත්  තාත්තට කප්පරක් ලෙඩය. දැන් කකුළ තුවාල වී තිබේ. ගෙදර සිට විවිධ ගොඩවෙදකම් ද එක එක තුවාල බෙහෙත් ද ආලේපකර තිබිණි. එහෙත් අඩුවක් නැත. මේ නිසාම තාත්තා හන්දියේ දොස්තර නොනට පෙන්වීය. එක එක පාට බෙහෙත් වර්ග ගොඩකි. ඒ අතර තුවල වලට ආලේප කරන ක්‍රිම් වර්ගයක් ද විය. මේ බෙහෙත් ඉතා අගනා ඒවා සේ දිස්විය. මොකද ඊට රු 1200 ක මුදලක් පුජාකොට හමාරය. දින 3ක් ගතවිය. බෙහෙත් නිසිප්පරිදි ගත්තද? ඉන් ගුණයක් නම් නැත. මේ නිසාම හ්න්දියේ දොස්තර නොනව තාත්තා නිතරම සිහිපත් කළේය.

තාත්තට ඉවසුම් නොදෙන වේදනාව නසාම වෙනත් විකල්පයක් ගැන සිතන්නට අවශ්‍ය විය. මේ නිසාම තාතතා මවුන් එළිඓබෙත් රෝහල වෙතවත් ගෙන යා යුතු බව අපේ නිවසේ සියලුදෙනාගේ අදහස වුවේය.

ඒ අනුව ඊයේ දහවල් මා තාත්තා රැගෙන් රොහලට ගියෙමි. දවාල් 2.00 පමණ වනවිට අප රෝහලට පැමිණියේමු. රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරගොස් ඇත. තුන්ඩු ලබා ගැනිමට විශාල පිරිසකි. තවත් පිරිසාක් ඉදාගෙනය. තවත් අය සිටගෙනය. 2.30 පමණ වනවිට දොස්තර මහත්වරු නෝනලා පැමිණියෝය. අවසානයේ අපි 3.00 පමණ වනවිට බොහෙත් ගැනීමට ආසන්න විය. තාත්තට තාත්තා දොස්තර ලගට යැවු මම බෙහෙත් පෝලිමට එකතු උනෙමි.

දොස්තර ලියා දුන් බෙහෙත් දුන්ඩුව තාත්තා මා අතට දුන්නේය. එනි Pcm.pri ලෙස සදහන් බොහෙත් වර්ග දෙකක් ලියා තිබුණි. දැන් මට ප්‍රෙහෙලිකාවකි.කලින් ප්‍රති ජීවක දා ලබා දී හොදනොවු කකුල් දෙක පැනඩෝල් එක්ක පිරිටන්  බිවාම කෙසේනම් හොදවෙන්නද? මදක් කල්පනා කළ මා තාත්තාද  කැටුව දොස්තර ලගට ගියෙමු. මොකද මොකද ආයෙත් ඇටෙන්ඩන් මහතා  සැර කරන්නට  විය. ඒ කිසිත් ගණන් නොගෙන මා දොස්තර ලගටගියෙමි.

තාත්තාට කලින් ඇන්ටි බයෝටික් දිලත් හොද වුන්නේ නෑ. බොහෙත් වෙනස් කරන්නවත් වෙයිද  ඩොක්ටර්,

ඩොක්ටර් තුන්ඩුව ආතට ගෙන මේ මම තවත් තුණ්ඩුවක් දුන්නනේ කෝ ඒක. තාත්තා අතේ තවත් තුණ්ඩුවක් විය. එයද ගෙන මා ඩොක්ටර් ට දුනිමි.

හා මේක මෙහෙන් ගන්න, ඉස්පිරිතාලේ ප්‍රති ජීවක නෑ. ඒ නිසා ෆමසියෙන් මේක ගන්න පවසා නැවත තුණ්ඩු මා වෙතට දුන්නේය.



මේ රාජිතගේ කෙසේ ක්‍රියාවක්ද? මේ ආණ්ඩුවේ කෙසේ ක්‍රියාවක්ද? රාජිත නම් රූපවාහිනියේ මොරදෙන්නේ රජයේ රෝහල් සිගප්පූරු මවුන් එළිසෙබ්ට් රොහල ලෙස සිතා විය යුතුය. එහෙත් මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියකි. ජනතාවගේ සෞක්‍යට වෙන්කොට තිබෙන ප්‍රමාණය සිතාගත හැකිය. එහෙත් ඇමති රාජිත කියන්නේ නම් අපුරු කතාය. බෙහෙත් මිල අඩු කල බ්වත්  කිසිදු රෝහලක බෙහෙත් හිග නොවන බව හේ රූපවාහිනීයේ දහස් වතාවක් කියා ඇත. එහෙත් කිරිබත්ගොඩ රොහලේ බෙහෙත් නොතිබූ බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය. ගන්නා බෙත්වලට බිලක් දීමට කටයු කරන ආණ්ඩුවට කකුලේ අමාරුවට දෙන්නේ පැනඩෝල්‍ ය.අපට මවුන් එළිසෙබ්ට් යා නොහැක. අපගේ රැකවරණය තිබෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයේය. එහෙත් එහි බෙහෙත් නැත. පෞද්ගලික රොහල්වල බදූ අඩු කරන ආණ්ඩුව අපිට කියන්නේ ඒවාට යන් ලෙස නොවේද?

මම මෙන් මගේ තාත්තා දැන් අසරණය. මේ අනුව අප නැවත ලාභ ගැනීම්මට වෙන්වූ පෞද්ගලික රෝහලට යා යුතුය. නැත්නම් මේ ක්‍රමය හේතුවෙන්  ඉතා නුදුරේම මරණයට පත්වනු ඇත. ඉන් බේරී යාමටනම් රාජිත මෙන් මවුන් එළිසෙබ්ට් යාමට නොහැක. එමනිසා අපී හැකි පමණ කඹුරා ලෙඩ ගානේ දුක්විද මැරෙමු. අපට එසේ වනවිට රාජිත සම්මාන පිට සම්මාන ලැබෙන්නේය. ඇත්තෙන්ම රාජිත ට ලැබුණු සම්මානය යනු අපේ මරණයේ සංකේතය වන්නේය.

Friday, July 27, 2018

පේරාදෙණියට නිවාඩු දුන්නේ ඇයි?



පැවති ආණ්ඩු සියල්ලක්ම හැකි පමණ වෙරයොදා ගස් කපති,පස් කපති,ඉන් පසු දැවැන්ත තට්ටු ගොඩනැගිලි තනති. පාරවල් කාපට් කරති, වැඩි වේගයෙන් යාමට අදිවේගි මාර්ග තනති. ඉන් පසු අපි සංවර්ධනය වී ඇතැයි උන්ම කියති. එහෙත් ආපසු ණය කන්දක් ගැනත් කියන ගමන් ණය ගෙවීම සදහා බදු ගෙවීම අපේ යුතුකමක් බව ද කියති. දැන් මේ අපබ්‍රංශය තේරුම් ගත හැක්කේ කාටද? ආණ්ඩුවේ මේ කියුම් කෙරුම් රටේ ජනතාවගේ ඉල්ලීම් නොවන බව පැහැදිය. ජනතාව පත්කරනවා යැයි කියන ආණ්ඩු ජනතාව කියන දේ නොකරන්නේ ඇයි. ජනතාවට තමන්ට යමක් කරගැනීමට අවශ්‍ය වූ විට පාරට නොබැස උද්ඝෝෂණය නොකර දිනා ගතනොහැක.

ආණ්ඩුව නිර්ධනයින් මත පැටවිය නොහැකි බරද පටවා හමාරය. බදූ බර වැඩියි කියලා බදු ගහන ආණඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පුංච් ප්‍රශ්නයක් සමගත් කඹ අදිමින් සිටියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නොමැතිව වසා තිබේ. මෙතරම් දෙයක් කිරීමට ආණ්ඩුව පෙළඹෙන්නේ  ශිෂ්‍යයින් කුමක් ඉල්ලු නිසාද? ශිෂ්‍යයින් පාලකයන්ගෙන් අදීවේගි මාර්ගයක් ඉල්ලුවාවද්ද?  නැත්නම් පෝට්සිටියක් ඉල්ලා සිටියාද? නැත. එවැනි කිසිවෙක් මේ රටේ කිසිදු නිර්ධනයෙක් ඉල්ලා සිටිටියේ නැත. ශිෂ්‍යයින් ඉල්ලා තිබෙන්නේ එවා නොවේ.ශිෂ්‍යායෝ ඉතාම සුළු දේවල් පමණක් ඉල්ලති. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෝ තමන්ගේ අධ්‍යයන කටයුතු සදහා කාර්මික දෑනුම ලබාගැනීමට පහසුකම් ඉල්ලති. මේ සොච්චම් දේ වෙනුවට ලබාදෙන්නේ මර්දනය නම් මේ පාලනයෙන් ඇති වැඩේ කුමක්ද? මේ පාලනය උවමනා කාහටද? විශ්වවිද්‍යාලයක කප්පරක් සුබසාධන ගැටළු නිර්මාණය වනතෙක් බලා සිටින පාලනයක් උවමනා කාහටද?  මේ සෑම දේයක්ම විසදන ලෙස  ශිෂ්‍යයින්ම කිවයුතුනම් මේ පාලනය කුමටද ?

මෙවැනි කප්පරක් අඩුපාඩු සපිරි විශ්වවිද්‍යාලවල සිටින ශිෂ්‍යයින්ට ඉගෙන ගත හැකිද? නැත උද්ඝෝෂණ කිරීම හැර වෙනත් කිසිවක් කිරීමට ඉතිරිව නොමැත. විශ්වවිද්‍යාලයට තේරිම සදහා, උපාධිය ලබාගන්නාතෙක් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ සිට පහසුකම්  ලබාගැනීම සදහාද  උද්ඝෝෂණය කළ යුතුය. උපාධිය ලබාගත් පසුව රැකියා දෙන ලෙසද ඉල්ලා උද්ඝෝෂණය කළ යුතුය.

දැන් ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂණ උස්මුරුත්තාවකි. ආණ්ඩුව ප්‍රශ්න විසදනවා වෙනුවට උද්ඝෝෂණ ඇතුලෙද දේශපාලනය කරති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය කරමින් සිටින්නේ ද ආණ්ඩුවේ දේශපාලන උවමනාවයි. දැන් ආණ්ඩුව විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැත. විශ්වවිද්‍යාල තුලද තිබෙන මුදල් ලබාදීමට අනුමැතිය ලැබෙන්නේ නැත. දැන් විශ්වවිද්‍යාල වසා දමන්නේ නැතිව පවත්වාගෙන යා යුතු නිසා පවත්වාගෙන යයි. මෙයින් ශිෂ්‍යයින් ගෙ අධ්‍යාපන අවශ්‍යතාවය සම්පුර්ණ කළ නොහැක. තිබෙන ගොඩනැගිලි තුලට වී වලකජු ගැසීමට ශිෂ්‍යයින්ට අවශ්‍ය නැත. දැන් පාලකයන්ට අවශ්‍ය එවැනි ශිෂ්‍යයින්ය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ශිෂ්‍යයින්ට එසේ වන්නට ඉඩ තබන්නේ නැත.

සටන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් උවක් පමණක් නොවේය. එය රටේ සැවොම සම්බන්ධ විය යුතු සටනකි. හෙට පාරේ යන විට, මාර්ග අවහිර වනවිට කෑ ගැසීමෙන් තේරුමක් තිබේද? නැත. ප්‍රතිපාදන අහිමිවන විට ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ කෙසේද? එය නිවැරදි නොකොට කෑ ගැසීමෙන් පලක් නැත. දැන් ළමයින් ගෙදරය. දෙමාපියන් මීට මැදිහත් විය යුතු වන්නේ නැදද? ඒ වෙනුවට ආණ්ඩුව දැන් ගෙනයන දේශපාලනයට ගොදුරුවීමට ඉඩ ඇත. ශිෂ්‍යයින් ගේ මෙම ප්‍රශ්න නොහික්මුණු ක්‍රියා ගණයට ඇද දැමිය හැකිය.

විවිධ මතවාද නිර්මාණය කර ශිෂ්‍යයින් ගේ සටන් සාධාරණ යැයි කියනවා වෙනුවට ඒවා කාලගෝට්ටි බවට පත් කිරීමේ උවමනාවක් ඇත. දැන් ශිෂ්‍ය ව්‍යාපරයද නැවත විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කළ යුතු යැයි සිතන්නෝ මේ පිළිබඳව අවදානය යොමුකළ යුතුය. එසේ නොවන්නේ නම් විශ්වවිද්‍යාල මෙම වසරේම වසාදමා තැබීමට ආණ්ඩුව කැමතිය. එයින් ආණ්ඩුව මුදල් තව වෙන්කරනවා වෙනුවට ඒ හරහා තවත් කප්පාදුකට සැරසෙනු ඇත. එම නිසා විශ්වවිද්‍යාල යතාතත්වයේ පවත්වා ගැනීමේ අරගලයට පණ පෙවිය යුතුය.

Thursday, July 26, 2018

හිමිකම හිමි නැති, අපේ ළමයි














ව්













උපාධිධාරින් ගොනාට ඇන්දා පුහුණුව නැතිවම රැකියා දීම



ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින් නොමග යවමින් සිටියි. විවිධ අවස්ථා වල විවිධ දේ කියමින් මෙම ප්‍රශ්නයෙන් මගහැරයාම මිස ආණ්ඩුව වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. එසේ හෝ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට සිදුවන්නේ  වසර ගණනාවක උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ආණ්ඩුවට වදයක් වුවේ 1000 ක වැනි සුලු පිරිසකි. විටින් විට මොවුන් කොළඹ විත් තම ගැටළුව කීවේය. එයිනුත් එක් විටක පැමිණෙන්නේ 400 වැනි පිරිසකි. පසුගිය කාලයේ අරගල කර හෙම්බත්ව සිටි මොවුන් නිහඩ කිරීමට ආණ්ඩුවේ බණ කතා ප්‍රමාණවත් විය. දැනට මෙම ප්‍රශ්නයට අදාළව කිසිත් සිදුව නැත.

ආණ්ඩුව ලබාදෙන උපාධියට ආණ්ඩුවම විහිළු කරමින් සිටියි. උපාධිධාරින් ද ඒවා නරඹමින් සිටියි. මේ සියල්ල අතරේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩකිරීමට තෝරාගත් පිරිසට පත්වීම ලබාදීමට ආණ්ඩුව කටයුතු  කරයි. ඔවුන් බදවා ගන්නේ පුහුණු කිරීමට නොවේ. ඔවුන්ට නිසි පත්විම් ලැබීමට නියමිතය. මේවා රටටම පෙනෙන්න කිරීමට තරම් ආණ්ඩුව එඩිතර වී තිබේ. ඊට නැගීසිටිනේ කවුද? හැමදාම පාහේ පැමිණෙන පිරිස නැවත කොළඹවිත් යෑමෙන් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැත.  ආණ්ඩුවේ මනෝ විකාර ක්‍රියා ජනතාවට කොතරම් පිඩාවක්ද යන්න පෙන්නුම් කරන්නේ නැත. එම නිසා ඊඑඅ වඩා බලයක් ගොඩනැගිය යුතුය.

රැකියා විරහිත උපාධිධාරි සංගමය ආණ්ඩුවට නව යෝජනාවක් ඉදිරිපත් කර සිටියි. රැකියා ලබාදීමට මෙතෙක් ගත් ක්‍රියාවලියේ යම් සාදාරන භාවයක් තිබිණි. උපාධිය ලැබී වසර ගණනාවක් ගිය පසු හෝ කිසිවෙක් මග නොහැරෙන ලෙස උපාධිය ලබාගත් වර්ෂය මත පදනම්ව රැකියා ලබාදුනි. දැන් ඒ වෙනුවට හිතවතුන්ට එම අවස්ථාව ලැබෙනු ඇත. දහස් ගණනක් තවදුරටත් ගෙදර වී සිටින්නේ උපාධිය ලබා වර්ෂ 5 පමණ ගෙවා දමා තිබියදීය. ඒ අතර ආණ්ඩුව සියලුදෙනාට රැකියා ලබාදිය යුතු උවත් ඒ වෙනුවට තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තටමයි.

මේ නිසාම රැකියා විරහිතයින් නිහඩව සිටිමෙන් සිදුවන්නේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ඉදිරියට යාම පමණි. එය වෙනස් කිරීමට නම් විශාල බලයක් ස්ථාපිත කළයුතුය. එය කෙතරම් දුරට ජය ගැනීමට හැකිද යන්න තීරණය වන්නේ උපාධිධාරින්ගේ සක්‍රීය තාවය මතය.


Wednesday, July 25, 2018

සයිටම් සටනේ ඉතිහාසය 3 - අන්තරයෙන් ආණ්ඩුවට ලිපියක්


නිදහස් අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡාව වෙනුවට අධ්‍යාපනය විකීණීම සිදුකරන්නේ කෙසේද යන්න සාකච්ඡාවට පැමිණියේ ය. නිදහස් අධ්‍යාපනය තිබිය යුතුය යන්න ප්‍රකාශ කරන්නෝ ගල් යුගයේ මිනිසුන් බවට පත්කළේය. විශ්වවිද්‍යාල තුලද මෙම සාකච්ඡාවේ අඩුවක් නොවීය. සමහර දේශන ශාලාවට පැමිණි ආචාර්යවරු අන්තරය දෙකේ කොළයට දමා හෙට දවසේ නිර්මාණය වීමට නියමිත අද්විතීය අධ්‍යාපනය පිළිබඳව පාරම් බෑවේය. ඒවායේ වසගයට හසු වු ශිෂ්‍යයින් නෙවාසිකාගාර කාමරතුල, බාත් රූම් තුල තලු මරමින් සාකච්ඡා කළේය. ඉතිං සයිටම් යථාර්ථයක් වනවා සමග නිදහස් අධ්‍යාපනය මිත්‍යාවක් විය.

මේ අතර අන්තරයට ලැබුණු තොරතුරවලට අනුව සයිටම් යනු අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතිය විය. ඒ අනුව නිදහස් අධ්‍යාපනයට වැනසීමට රාජපක්ෂ ආණ්ඩුව ගෙනා ගැටය ලිහා දැමීම ලෙහෙසි නොවන බව ශිෂ්‍ය ව්‍යාපාරයට හොදින් අවබෝධ විය. මේ අනුව වහාම මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. ඊට 2008/05/20 දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. එහිදි එවකට අන්තරේ කැදවුම්කරු වු උදුල් ප්‍රෙමරත්න ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය රටට ප්‍රකාශ කළේය.එසේම මධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න යොමුවිය. එම ප්‍රශ්න ආණ්ඩුව නිර්මණය කළ මතයට අනුව නිර්මාණය විය. ලංකාවෙන් අධ්‍යාපනය ලැබීමට විදෙස් ගතවන ශිෂ්‍යයින්ගෙන් විශාල මුදලක් රට තුල ඉතිරිකර ගත හැකිව තිබියදි කුමක් නිසා අන්තරේ සයිටම් ආයතනයට විරුද්ධ වන්නේද? සියලුම දෙනාටම නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට ආණ්ඩුවට නොහැකි නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළයුතුයි නේද? මෙවැනි ප්‍රශ්න හා සැබෑවටම අන්තරය පවා නොසිතු ප්‍රශ්න විශාල ප්‍රමණයක් මධ්‍යවේදින්ගෙන් යොමුවිය. එයින් බොහෝමයක් ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත හැකිවුවද සමහර ප්‍රශ්න වලට අන්තරේට උත්‍තර දී ගත නොහැකි විය. ඉන් කොතරම් දුරට පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩපිළිවෙළ ඉදිරියට ගොස් ඇද්ද යන්න හා ආණ්ඩුව එය කොතරම් සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන්නේදැයි අවධාරණය විය.

මින් පසු මෙම සටනට අවශ්‍ය න්‍යායාත්මක මගපෙන්වීම නොමැතිව යා නොහැකි බව අත්තරය තේරුම් ගත්තේය. ඒ අනුව එවකට රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සබාපති සංජීව බණඩාරගේ ප්‍රධානත්වයෙන් එම  අධ්‍යන ක්‍රියාවලිය ආරම්භ කළේය. ආණ්ඩුව ගෙනෙන තර්කවලට ප්‍රතිතර්ක ඉතාම පහසුවෙන් ගොඩනැගුවේය. එසේම ඒවායේ දේශපාලනය අවශ්‍යතාවය මෙන්ම න්‍යායාත්මක පැතිකඩයන් හෙලිපෙහෙලි කරගත්තේය. දැන් ආණ්ඩුවේ බොරු සංඛ්‍යා ලේඛන විජ්ජා දැන් කළ නොහැක.

අන්තරය මින්පසු තම ඉදිරි පියවර තැබුවේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියොමු කළේය. ඒවා සවිස්තරාත්මක එවා විය. එසේම ආණ්ඩුවේ තර්ක වලට උත්තරද ලියා තැබීමට අන්තරේ අමතක කළේ නැත. ඒවාට අදවනතෙක් පිළිතුරු නොමැතිවුවත් ආණ්ඩුව එම ලිපි කුණු බක්කියට නොදැමු බවනම් සහතිකය. ඉන්පසු ආණ්ඩුව රූපවාහිනී රූපවාහිනී වැඩසටහන් රාශියක් සංවිධානය කළේය. සමහර ඒවා තර්ජනය කිරීමටය. සම්හර ඒවා අන්තරයට භය නැතැයි කීමටය. සමහර ඒව තම තර්ක නිවැරදියි කීමටය. එම කිසිම විකාශන කාලයක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රතිතර්ක ගොඩනැගීමට වෙන්නොවිය.

මින් පසු අන්තරය විශ්වවිද්‍යාල දෙසට හැරුණේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නව දැනුමක් දැක්මක් අවශ්‍ය විය. අධ්‍යාපන පෞද්ගලිකරණය පිළිබඳව ආණ්ඩුවේ තර්ක හා ඊට ප්‍රතිතර්ක නමින් සම්මන්ත්‍රණ විශ්වවිද්‍යාල මට්ටමින් සංවිධානය විය. ඒම දැනුවත් කිරීම් තුල පැය ගණන් සාකච්ඡා කොට අවසන්කළ නොහැකි වු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ශිෂ්‍යයින්ට විය. ඇත්තෙන්ම සයිටම් යාතාර්ථයක් වූ පසුබිමක සයිටම් පැරදවිය හැකි විස්වාසය ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්ක් නොවීය. ඊට අන්තරේ නායකයින් බොහෝ සේ වෙහෙසුනේය.

වෙහෙසීම අපතේ නොගියේය. දැන් ආණ්ඩුවේ මතය නියෝජනය කරන්නෝ සහ අන්තරේ මතය නියෝජනය කරන්නෝ දෙපිරිසක් වෙති. දැන් විශ්වවිද්‍යාල තුල සාකච්ඡාව ඒකපාර්ශික නැත. ආණ්ඩුවේ තර්කයට ප්‍රති තර්ක ඉදිපත් කරන්නෝ සක්‍රීය වී තිබේ.

මේ අතර වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවද තම ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වෙමින් සිටියේය. අන්තරේ ගොඩනගාගත් නව දැනුම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවටද ලැබිණි. නමුත් එහි ද තිබූ සාකච්ඡාව අන්තරේ තිබු සාකච්ඡාවට හාත්පසින්ම වෙනස්‍ ය.

වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට නිදහස් අධ්‍යාපනය මකබෑවි ගියත් කම් නැත. එහෙත් තම රැකියාවලට එල්ළවීමට නියමිත කරදරයෙන් කෙසේනම් බෙරෙන්නේදැන් ඔවුන් සිතමින් සිටියේය. ඔවුන්ගේ සටන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට නොව තමන්ව සුකිත මුදිත  කිරීමට තිබෙම රැකියාව සුරක්ෂිත කරගැනීම පමණක් විය. ඒ සදහා වෛද්‍ය පීඨවල සටන්පාඨය වුයේ No Private medical College යන්නය. ඉන් එහා යාමට ඔවුන් සුදානම් නොවිය. වෛද්‍ය පීඨ තුල PMC සටන්පාඨයෙන් ඔබ්බට ගිය මිනිසුන් සිටියේ කිහිපදෙනෙකි. ඔවුන් නිදහස් අධ්‍යාපනය දිනාගතයුතුය යන සටන්පාඨයෙන් තොරව සයිටම් අහෝසි කළ නොහැකි බව කීවේය. එය කී සැනින් කිපී සැහැසි වු වෛද්‍ය ශිෂ්‍යයින් එම මතය දරන්නන්ට පහර පිට පහර දුන්නේය. ඔවුන් ගෙනා ලොකුම සටන්පාඨය වුයේ එකි මතය නියෝජනය කරන්නන් දේශපාලනය කිරීම නම් සාපරාදි ක්‍රියාව සිදුකරන බවය. එහෙත් මොවුන්ද එකි ප්‍රහර දරාසිටිබව සැබෑය. නමුත් දේශපාලනය කිරීමට තරම් ධෛර්යයක් තිබුනේ නැත. ඊට හේතුව වන්නේ මොවුන් batch වල කොන්කර වටිනාකමින් හරණය වු පිරිසක් බවට හුවා දැක්විමයි. සෑම මොහොතකම මොවුන් ඉදිරියේ අවම සධාචාරය රැක ගත් අයෙක් සොයාගන්නට නොහැකිවිය. සමහරු පහරකෑමට ලක්වීය. සමහරු පොලිස් කූඩුවල දැමීය. එවන් වෛද්‍ය ශිෂ්‍යයින් කෙසේනම් සටනට කැදවන්නද? මොවුන් ගේ විරෝධය තමන්ගේ රැකියාව ඉළක්ක වු නිසාම එහිම ලැග එයම අනුබව කොට එහිම වසුරු කරමින් කල්ගේවීය. ඉන් ඔබ්බට යාම යනු කෙනෙකුට ලෙහෙසියෙන් දිනිය නොහැකි අභියෝගයක් නොවිය. කෙසේ වෙතත් මේ සියල්ල මෙසේ තිබියදී සටන ආරම්භ කළ යුතුමය.

වෛද්‍ය පීඨවල ශිෂ්‍යයින් උද්ඝෝෂණ වලට කැදවීමේදි ශිෂ්‍ය නයකයින් ගේ කණ් දෙදරණ මරහඩ හැර කිසිත් ඇසුනේ නැත. ඔවුන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් වීය. එම ප්‍රශ්න පුද්ගලිකව කෙනෙක් තුල පමණක් තිබූ ඒවා නොවීය. ඒවා එම ප්‍රජාවගේම ප්‍රශ්නයන්‍ ය. උද්ඝෝෂණයක් කිරීම තමන් වැනි දොස්තර ශිෂ්‍යයින්ට මදි පුංචි කමකි. එයත් කරන්නේ තමන්ගේ කබා ඇගලාගෙනය. මහා ගිනිකාස්ටකේ පවා එම කාබා හැරීමට ඔවුන් සුදානම් නැත. මෙවන් පසුබිමක අන්තරේ සයිටම් ආයතනය පිළිබඳව කතාකිරීමද ඔවුන්ට ගැටළුවකි. අන්තරේ යනු දේශපාලන සංවිධානයක් ලෙස හැදින්වන වෛද්‍ය ශිෂ්‍යයින් එක්ව සටන් කිරීම තබා ලගින්‍ යාම පවා රුස්සන්නේ නැති බව කිවේය. මෙවැනි වටපිටාවක දී උව ශිෂ්‍ය ව්‍යාපාරය කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යයින් පන්ති වර්ජනයට කැදවිය යුතු බවය.

ඉතා අමාරුවෙන් අන්තරේ සොයාගත් දැනුම වෛද්‍ය ශිෂ්‍යයින් වෙත එන්නත් කිරීම ඇරඹුවේය. ඉන් සටනට යම් ආලෝකයක් ලැබිණි. 2008 අවසානය වනවිට නැගෙනහිර,යාපනය වෛද්‍ය පීඨ  හැරුණුකොට සියලුම වෛද්‍ය පිඨ තම පීඨය ඉදිරියේ උද්ඝෝෂණ වල නියැලුනේය. එසේම ජනතා දැනුවත් කිරීම් විශාල ප්‍රමාණයක් සංවිධානය කළේය.

රාජපක්ෂ ආණ්ඩුව ශිෂ්‍යයින් ගේ සක්‍රියතාවය මොට කිරීම සදහා මරදනය ක්‍රියාමක කරන්නට විය. එහෙත් මර්දනයේ සුලග වෛද්‍ය පීඨ දෙසට හැමුවේ නැත. ඒ වෙනුවට පෙරාදෙණිය,රුහුණ ,කැලණිය ජපුර දෙසට මර්දනය සිහින් සුලගක් මෙන් හැමීය. අන්තරේ කැදවුම්කරු උදුල් ප්‍රේම රත්න සිර කළේය. වැඩබලන කැදවුම්කරු වු සංජීවද විටින්විට සිරගත කළේය. ඒ වනවිට මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට පහරදීම ආරම්භ කළේය. ඒ අතර පොලිසියේ සිටිමට සිදුවීම අහම්භයක් නොව අනිවාර්ය කි. රාත්‍රි 8 පසු පාරක තොටකයාම දැලි පිහි පහරක් හෝ බයිසිකල් චේන් පහරක් කෑමට සුදුසුකමක් විය.

මේම මර්දනය පැමිණියත් සයිටම් ආයතනයට එරෙහිව දමන කටවුට් අඩුවුවේ නැත.  සෑම රාත්‍රියකම විශ්වවිද්‍යාලය ඉදිරියේ වූ ප්‍රචාරක පුවරු විනාශ කොට තිබිණි. එහෙත් පසුදා උදේ වනවිට ඒවා නැවත සැකසීම කර තිබුණේය. ඒ සමගම මර්දනය ක්‍රමානුකූලව  තිවුර විය. ශක්ති සම්පන්නන් ඉතිරිකොට අනෙක් සියල්ලෝම පළා ගියෝය. ඒ සමගම අන්තරේ කැදවුම්කරු මාරුවිය. අභියෝගය ඉතා විශාලය එහෙත් අවශ්‍ය ශක්තිය ඇත්තෝ කිහිපදෙනෙකි. එම නිසාම නව කැදවුම්කරු සංජීවට වැඩ ආරම්භ කිරීමට සිදුවුයේ මර්දනයට හසු වූ කිහිප දෙනෙකු සමගය. එය ඔවුන් නොපිරිහෙලා  ඉටුකළේය. එය කිසිවෙකුට නොපෙනුණත් සයිටම් සටනට මුලපිරීමේදි  එය සරල දෙයක් නොවන බව කිව යුතුය.

අග්නිදිග අරගලයට කැණහිලුන් කඩාවදියි


අග්නිදිග ශිෂ්‍යයින් පාලන අධිකාරියේ අන්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව සටන් කරමින් සිටියි. විශ්වවිද්‍යාලය පුරාවටම අධ්‍යයන සුබසාධන ගැටළු කප්පරක් පිරිවරාගෙන තිබේ. ඒවා විසදීමට සිටින්නේ රටේ පාලකයන්‍ ය. ඔවුන්ට ඒ පිළිබදව වගේ වගක් නැත. ඔවුන් උත්තර සොයන්න යන්නේ ශිෂ්‍යයින්ට කඩු ,පොළු,කතුරු වලින් පහරදීමට යමෙන්‍ ය. එය මොනතරම් හිතකර ක්‍රියාදාමයක්ද යන්න පිළිබඳව  නවක වදයට එරෙහි වීරයන්ද කතා කරන්නේ නැත.

අග්නිදිග ශිෂ්‍යයින්ට ප්‍රශ්න ඇසීම තහනම් ය. ඊට පිළිතුරු ලෙස ලැබෙන්නේ පන්ති තහනම්ය. එයට එරෙහිවයාම මොනතරම් නොහොබිනා වැඩක්ද? දින් 250 ආසන්න කාලයක් සත්‍යග්‍රහයක යෙදි සිටි ශිෂ්‍යයින් ට ඇහුම්කම් දීමට හැකි පාලකයෙක් නොවීය.එමනිසාම අග්නිදිග ශිෂ්‍යයින්ට ලිප්ටන් වටරවුමට පැමිණීමට සිදුවන්නේ බීරන්ට විශාල ශබ්දයක් අවශ්‍ය නිසාය. දැන් හැමෝම කලබල වී සිටියි.

අග්නිදිග ශිෂ්‍යයින් මර්දනයට බියවන්නෝ නොවෙති. එසේ බියවුවේනම් සිංහයාගේ දොරකඩට පැමිණෙන්නේ නැත. දැන් සිංහයාගේ කන්කෙදීරිය වැඩි වී තිබෙන බව පෙනෙන්නේ කැනහිලුන් ගේ විලාපහඩ නිසාය. සිංහයා ගුහාවේ බියෙන් සිටියි. නමුත් කැණහිලුන්ට මහා ශබ්ද දමා ෆෝම්කර එවන්නේ තමන්ට මාර හැකියාවක් තිබෙන බව පෙන්වීමටය. කැම්මැලි කෑදර සිංහයනි නුඹලා කැණහිලුන් එවන්නේ මිනිසුන් ලගට බව නොදන්නේද?

අගිනිදිග ගෞවරණීය මිනිසුන් තම විරෝදය පලකිරීම සදහා වීදී පුරා නට්‍යක් රග දක්වමින් සිටියි. එ ජුලි 24 වනදාය. මෙය කණ වැකුණු සිංහයින් භියට පත්නොවුවේනම් පොලිස් කැනහිලුන් එවන්නේ කුමටද? කමිසයෙන් ඇද මරණ තර්ජන කිරීම හැර මොවුන්ට වෙන කුමක් කරන්නට හැකිද ? කැණහිලුන්ගේ ගැම්ම එතනින් අවසන්‍ ය. මේම ප්‍රශ්න හරිම සරලය. මෛත්‍රී ජනාධිපතිගේ මෛත්‍රිය තරම්නම් සරල නැත. මෙම ප්‍රශ්න දිගු නැත. හැබැයි රනිල්ගේ දිගු උප්පර වැට්ටිවලට වඩා දිගුය. එමනිසා කාලය කා දැමීම ජනාධිපති ගේ මෙන්ම අගමැතිවරයාගේ ශරීර සෞක්‍ය ට සුබවාදි නැත. ඔබ ශිෂ්‍යයින්ගේ සරල ප්‍රශ්න අර්බුද දක්වා දික්ගස්සමින් සිටියි. රටට මොවුන් දෙන පණිවිඩය හොද එකක් නොවන බවද අමතකව ගොස් ඇත. දැන් තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැස්වළල්ල පෙන්වීමේ මහා අශ්චර්යමත් මොහොතය. එයට භිය වන්නෝ නැත. එම නිසා මෙම අරගලය නැවත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ දිසාවට ගමන්කරනු ඇත. එවිට අගමැති රනිල් ගේ හා ජනාධිපති මෛත්‍රී හෙළුවෙන් නටන නාටක අපට දැකගත හැකිය.

Tuesday, July 24, 2018

උපාධිධාරින් නිදි කරවා ආණ්ඩුව රැකියා දෙයි



උපාධිධාරින් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙළ නමින් ආණ්ඩුව සම්මුඛ පරීක්ෂණයක් කැදවීය. ඊට උපාධිධාරින් 57000ක් සහබාගිවිය. එම පරීක්ෂණයට අනුව එක් එක් උපාධිධාරියාට හිමි ලකුණු ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නැත. එසේම එම සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ ආකරය හා එහිදී සලකා බැලු සුදුසුකම් අනුව මෙම ක්‍රියාවලිය සැකසන්කා උපදවන්නක් විය. ඇත්තෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වුයේ උපාධිධාරින් ඇන්දීම සදහාය. ඉන් තෝරාගත් පිරිස් අවශ්‍ය ලකුණු ප්‍රමාණයට අදාළව සුදුසුකම් මොනවාදැයි කලින් දැන සිටියේය. ඒ අනුව සමහරුන් ඉහලින්ම ගොඩගියේය. සමහරු මොකුත් නොදැන ගොන්නුන් සේ පොලිම්වල කල්ගත කළේය.

ලැබුණු නිලනොලත් ආරංච් වලට අනුව සමහරුන්ට සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා තිබිණි. ඉන් පළමු පරීක්ෂණය සිදුකොටා තිබෙන්නේ යු.එන්.පී හා ශ්‍රිලනිප කාර්යාල තුලය. ඊට සම්බන්ධකරගත් පිරිස සීමිතය. එහිදී අනෙක් සම්මුඛ පරීක්ෂණයට අදාළ සුදුසුකම් පරකශකොට තිබිණි. ඒ අනුව අගමැති රනිල් 4000 කට රැකියා ලබාදෙන්නේ තමන්ගේ හිතවතුන්ට නොවේද? මීලග ඡන්දයට මොවුන් අවශ්‍යය. ඒ සදහා එක් පැත්තකින් දෙශපාලන පළිගැනීම් යැයි පවසා අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත.

එක් පැත්තකින් ආණ්ඩුව තමන්ට පොස්ටර් ගසන්නට,කැන්වසින් යන්නට පිරිසක් නිර්මාණය කර ගනියි. අනෙක් පැත්තෙන් ලොකු උත්සවයක් තියා ආණ්ඩුව රැකියා දුන් බව පවසා ලකුණු දමා ගනි.

පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය අසාර්ථක එකක් බව ආණ්ඩුව පිළිගෙන තිබෙද්දී ආණ්ඩුවම කීයූ ක්‍රියාවලියට අනුව රැකියා ලබාදිමට යයි. මෙම තීරණය ඉක්මනටම ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු වෘත්තිය සමිති නිසාය. ඔවුන් අධ්‍යාපන පරිපාලන සේවයට බදවාගැනීමට ගිය කැන්වසින් කල්ලිය බදවා ගැනීමට එරෙහිව සටන් කරති. එහෙත් උපාධිධාරින් ආණ්ඩුවේ බොරු විස්වාසකොට තවම නිදියමින් සිටියි. උද්ඝෝෂණ නැත. එමනිසා ආණ්ඩුව ක්‍රියාත්මක විය. නිදාගත් අය කුද්දනවා වෙනුවට සිහින දකිමින් නිදාගැනීමට සරල සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය. උපාධිධාරින් සිහිනෙන් රැකියා කරන අතර ආණ්ඩුව කැන්වසින් යාමය පිරිසක් නිර්මණය කර ගන්නේය.

ඉතිං උපාධිධාරිනි ඔබ අවදි නොවන්න. ආණ්ඩුවට බාදා නොකරන්න. සිහින පමණක් රසවිදිමින් සිටින්න. ඔබ නැගිටීමට සැරඩ්සෙන බව  ආණ්ඩුව දැනගත් සැනින් තවත් ටොෆියක් කා නිදාගත හැකිය. එම නිසා ඡන්දය ලංවන තෙක් ඔබ නිදන්න. එවිට මැතිවරණය පැමිණෙනු ඇත. රැකියා දිම නිතිවිරෝධියැයි, ඡන්ද කොමසාරිස් කියනතාක් ඔබ නිදා සිටින්න. ඉන්පසුව ඡන්ද තිබෙන නිසා ආණ්ඩුවට රැකියා දිය නොහැකි යැයි පවසා සිටිය හැකිය. එසේම ගිය ඡන්දේ කළ දෙයම නැවත ඡන්දක් එනතුරුම කරනු ඇත. එම නිසා රැකියා විරහිත උපාධිධාරිනනී ඔබ හොදින් නිදන්න. සිහින දැක දැක නිදන්න.

රුහුණේ සුසන්ත මැරුණද මැරුවාද?

ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මය ශිෂ්‍ය වීරයන්‍ ය. ඔවුන්ට නිශිචිත අරමුණක් තිබිණි. ශිෂ්‍ය ව්‍යාපාරය  නියෝජනය කරන්නෝ පාවා දෙන්නෝ නොවෙති. ඔවුන් නිවරදිව කියවා ගැනීම පවා අපහසු කාර්යකි. සමහරුන්ට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. කිසිම කොන්දේසියක් නොමැතිව ජීවිතය පුදකළ මිනිසුන් ගැන කොන්දේසි දමා වාසි පැත්තට හෝයියා කියන උන්ට කීමට හැක්කේ කුමක්ද? ඔවුන් ශිෂ්‍ය වීරයන් කොන්දේසි මත විග්‍රහා කරනු නියතය. සමහරු අලසයන්‍ ය. එවැන්නන්ට මාතලංගේ කැපකිරීම් අවශ්‍ය විය හැකිද? ඇත්තෙන්ම අවශ්‍යය. මොකද අලසයන් මතලංට මුවා වූ සැනින් මාර පොරවල්ලා වන බැවිණි. එහෙත් ශිෂ්‍ය වීරයන් තෙරුම් ගැනීමට අමුතු හැඩතල අවශ්‍ය නොවනු ඇත. ඊට තමන් කරන්නේ කුමක්ද යන්න පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. ශිෂ්‍ය වීරයන්ගේ පුළුල්තම අවකාශය ක්‍රියාවට නැගීම යම් කෙනෙක් කරන්නේ නම් ඔහු ශිෂ්‍ය වීරයන් ගැන සොයා බැලුවෙක් වේ. බාගෙට නැත්නම් අබ්බගාතව වැඩකර ඉතිරිය වචන හරඹින් නිමකරන්නන් ශිෂ්‍ය වීරයන් අසලට හෝ පැමිණියවුන් නොවේ. 

එම නිසා 2010 දී සුසන්ත බණ්ඩාරගේ මරණය ගැන නිර්වචන සැපයීමට රූපවාහිනීය බදුගත් එස්. බි දිසානායකට ශිෂ්‍යයින් එදා ප්‍රකාශ කළේ කෙලතොල්ලනට හූ මිටි දීමට වෙලාව මිඩංගු නොකළ යුතු බවයි. රුහුණු විශ්වවිද්‍යාලයට පොලිසිය යැවු එස්.බී ශිෂ්‍යයින්ට පහර දී සුසන්තව මරා දැමුවේය. එහෙත් එස්.බීට අනුව එය කළේ බස්සාය. බස්සා යනු සුසන්ත්ගේ රූමාය. රූමා අල්වා තබා අතපිසදා ගැනීමට පාලකයෝ සැරසුණත් ඊට සුසන්තගේ සැබෑ මිතුරන් ඉඩ ලබා දුන්නේ නැත. ඔවුන් ඇත්ත කීවේය. එම ඇත්ත කොතෙක්ද කීවෝත් ඔවුන්ගේ විරෝධය මරණයට අත වනන්නක් විය. එහෙත් ඔවුන් සත්‍යය කීම නවතා දැමුවේ නැත. 

සුසන්ත පහර කෑවේ නේවාසිකාගාරට පැමිණි මැර පොලිසියෙන ය. ඉන්පසු සුසන්ත ගෙදර ගියේය. දරාගත නොහැකි හිසේ කැක්කුම නිසා ඔහු බදුල්ල මහා රෝහලට ඇතුල් කළේය. වෛද්‍ය වාර්තාවට අනුව අහ්‍යාන්තර ලේ ගැලීමක් හේතුවෙන් සුසන්ත මියගොස් තිබිණි. එහෙත් මෙම පහරදීම දුටු අය සිටිති. ඉන් ප්‍රධාන සාක්ෂිකරු සුසන්ත්ගේ රූමාය. සාක්ෂිකරු මිනිමරුවා බවට පත්කළ ආණ්ඩුව පහරදීම ප්‍රතිෂෙප කර වෙනත් රංගනයක නිරිත විය. සුසන්තගේ මිතුරා වන බස්සා භියට පත්කළේය. එම දිනවල බස්සා සොයා පොලිසිය කරන සෝදිසි මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය වාර්තා කළේය. ඇත්තෙන්ම පොලිසිය කළේ බස්සා හරහා වචනයක් පිටනොවන ලෙසට වැඩකටයුතු සැලසීමය. මොකද මේ ප්‍රවෘත්තිය විකශනය වූ සැනින් බස්සා පොලිසියට ගියද ඔහුව අත්අඩංගුවට ගන්නවා වෙනුවට කළේ පරිසම් වෙයන් කියා තර්ජනයකොට පොලිසියෙන් පිටකිරීමය. බස්සා මැරුණු මිතුරා ගේ සෝකය දරා සිටියේ මරණ වරෙන්තුව සුරතේ තබාගෙනය. 

රුහුණේ ශිෂ්‍යයින් සුසන්ත  බැලීමට ඔහුගේ නිවස පිහිටි බදුල්ලට පැමිණියේය. එහි ශොකයෙන් තෙරපුණු නිවැසියන්ට,ගම්මුන්ට අමතරව ඇමති නිමල්ගේ හා ඇමති ඩිලාන්ගේ ගෝලයන් අරක්ගෙන සිටියේය. සියල්ල සිදුවුයේ සැලසුමකට අනුවය. මුලින් විශ්වවිද්‍යාලයෙන් පැමිණෙන ශිෂ්‍යයින්ට පහරදීමට සිටියද එය කාලගෝට්ටියකින් නිමාවුයේ නිවැසියන්ගේ මැදිහත්වීම මතය. 

නිවැසියන්ට මෙම මරණය පිළිබදව අර්ථකතනය කළේ ඇමතිවරුන්ගේ ගෝලයන්‍ ය. මුලින් එය පිළිගත්තත් සත්‍ය හෙළිවත්ම නිවැසියන්ද වෙනස්විය. ඊට පොලිසියේන් පහර කෑමට ලක්වු අනෙක් ශිෂ්‍යයින් ගේ තුවාල මහෝපකාරිවිය. එදින විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ආණ්ඩුවේන් නිරුක්තරවීමට එක් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ඇසුවේය. 

ආණ්ඩුව සුසන්ත මැරුවේ නැත්නම්
ඇමති ගෝලයෝ පැමිණියේ කුමටද?  එම ප්‍රශ්නයට එස්.බී හොඉ නිමල් හෝ ඩිලාන් ඇමතිවරු මෙතෙක් පිළිතුරු දි නැත. 

අනෙක් කාරණය එස්.බී ගේ මුවෙන් මිනිමරුවා ලෙස ප්‍රකශයට පත් වු බස්සා අත් අඩංගුවට නොගත්තේ ඇයි. ඊටද ආණ්ඩුව මුණිවත රැක්කේය.

කවුරුන් හෝ සුසන්ත ශිෂ්‍ය වීරයෙක් ද යන ප්‍රශ්නය නගන්නේ නිකන් නොවන බව කිවයුතුය. ඊට දුරදිග සිතා බලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළකි. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සාරය ඉවත්කළ යුතුය. ඒ වෙනුවට එහි දියාරු නිසරු පසක් නිර්මාණය කළ යුතුය. ඉන්පසු මහා දැවැන්ත මිනිසුන් වෙනුවට කෙඩෑරි වු හිපාටුවන් නිර්මාණය වීම ඉඹේම සිදුවනු ඇත. ඔවුන් කති ,බොති, සුකති සංස්කෘතිය විශ්වවිද්‍යාලය තුල රෝපණය කරනු ඇත. එවිට අරගල වෙනුවට බඩගෝස්තර වදය රජයනු ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය එසේ වනු දැකිමේ අවශ්‍යතාව තිබෙන්නේ කාටද යන්න අප දනිමු. ආණ්ඩුව නවකවද විරෝධි පෙරමුණක් විශ්වවිද්‍යාලය තුල නිර්මාණය කරමින් සිටිති. මෙහිදි කොතෙක්නම් බත්බැලයන් ආණ්ඩුවට හමුවෙනු ඇත. ඔවුන්ගෙන් කරගැනීමට අවශ්‍ය කාර්යන් අතර ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීම ප්‍රමුඛ උවත් ධීන සංකෘතියක් රෝපණය කිරීමට ගතහැකි සහය කුමක්නිසා හෝ අත්හරින්නේ නැත. දැන් හෙමින් හෙමින් එය සිදුවේ. හෙට ඊට වඩා තිවුර ලෙස එය ක්‍රියාත්මක කරනු ඇත.

Monday, July 23, 2018

පෙසපේ සමනල දේශපාලනය අවසන්වන්නේ කවදාද?

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ශිෂ්‍යයන්ට තිබෙන ලෙහෙසිම මාර්ගය පෙසප පමණය. එහෙත් පෙසප මේ කුමක් කරමින් සිටින්නේද? එය කිසිවෙක්ට මේ මොහොතේ ප්‍රශ්නයක් නොවුණද නිදහස් අධ්‍යාපනය මරාදමා එහි මිනිපෙට්ටියේ අවසාන ඇණය ගසන විට  සියලු පීඩිතයන් අදෝනා මැද පෙසමින් මෙසේ අසනු කිසිවෙකුට වැලැක්විය නොහැක. මේ දේවල් තේරිලත් ඇයි නුඹලා නිහඬව සිටියේ, දෙවන ප්‍රශ්නය භයානකය. අපිට ඒ වෙලාවේ මේ දේවල් උඹලා එහෙන් මෙහෙන් කීව්වා ඇත්ත, ඒත් ඒවා ජෝක් නොකර අපිට පැහැදිළි කරන්න තිබුණා නේද? ඒ සේරම අවසන් වූ පසු පෙසප තවත් ජෝක් එකක් කරනු ඇත. අපි නැවත නිදහස් අධ්‍යාපනය දිනා ගනිමු. ඒලට අපි සංවිධානය වෙමු. එවිට කැද  බී ලිපද නිවා සියල්ලෝම නින්දට ගොස් අවසන්‍ ය. දැන් නැවත සුප්බොන්න කතාකරාට වැඩක් නැත. අමාරුවෙන් එකෙක් දෙන්නෙක් නිදිගැට කඩමින් පැමිණියද අනෙක් උන් නින්දෙන් නොනගිටුණු ඇත. අවදිවන්නේ පාන්දරය එය කලින් දවස නොවේ. රාත්‍රියේ පිසු පිළිණු සුප් කිසිවෙක් බොන්නේ නැත. ඔවුන් නැවත කැද පිසිණු ඇත.

පෙසපෙහි දේශපාලනයට අප මෙසේ කියන්නේ ඇයි. පසුගිය දිනක නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නායකයන්ට අපූරු සංග්‍රහයක් ප්‍රධානය කොට තිබිණි. එම සංග්‍රහය පැවැත්වුයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපය පරිශ්‍රයේදීය. මෙම සංග්‍රහය සදහා පාදක වන්නේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ක්‍රියාත්මක වන අරගලයයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ තීරණයකට අනුව ත්‍රිකුණාමල මණඩපයේ සටන පිළිබඳව සාකච්ඡා කිරීමට යොදාගත්තේය. එහි වගකීම නැගෙනහිර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවරාග්ත්තේය. ඒ අනුව ඔවුන් ත්‍රිකුණාමල මණ්ඩපයට ගොස් ඇත. ඔවුන් එහි ගොස් තිබෙන්නේ රෑ බෝවී නිසා එදින රාත්‍රි එහි නේවාසිකාගාරයේ නවාතැන් ගත්තේය. කරීමට නියමිත සාකච්ඡා පසුදිනට කල්තැබීය. ඒ අතර නේවාසිකාගාරයේ ශිෂ්‍යයින්ගෙන් හොද ආදර සත්කාර සමග ආහාර පානද ලැබිණි. පසුදා තමන්ට පැවරුණු වගකීම ඉටුකිරීම සදහා ඔවුන් වේලාසනින් නින්දට ගියේය.

රාත්‍රිය භියකරුය යන්න සත්‍යකි. ඔවුන් ත්‍රිකුණාමල මණඩපයට පැමිණි බවට වූ පණිවිඩය කොළඹ මහතෙකුට දුරකතනයෙන් අසන්නට ලැබිණි.
 ඔහු මම පස්සේ ගන්නම් කියා දුරකතනය විසන්දි කරනු ලැබීය.
මහත්සේ කලබල වූ මේ මහතා තවත් කිහිපදෙනෙකුට දුරකතනයෙන් ඇමතීය. ඉන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මංත්‍රිවරුන්‍ ය.

ඉන් පසු ඔහු නැවත ත්‍රිකුණාමලයේ සිටින නියෝජිතයා ඇමතීය. මෙහෙමයි, එයාල ගැන ඇඩ්මීන් එකට කියන්න. අපි කිව්වා කියලා දැනගන්න තියන්න එපා වැඩේ චාටර් කරගන්න දෙන්න එපා, මම අනුර අයියටත් කතා කළා.

නියෝජිතයා සතුටින් ඉපිළ ගියේය. මෙය සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකගේ නියෝගයකි. දැන් භියවීමට කිසිත් නැත. සතුරා ගේ සතුරා මිතුරාය න්‍යායට අනුව දැන් තිබෙන්නේ සතුරා සතුරාට අල්ලා දීමය. ඊට නියෝජිතයාට වැයවුයේ එක් දුරකතන ඇමතුමක් පමණි.

පසුදින මාෂල් මත්වරු නේවාසිකාගාරයට පැමිණියේය. නැගෙනහිර මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් වටකර ගත්තේය. ඔවුන් ගැන තොරතුරු මාර්ෂල් මහත්වරු දැන සිටියේය. එවා කියමින් තර්ජනයකර භියවැද්දීමට ඔවුන් උත්සහ කළේය. මෙහි වරදක් සිදුව තිබෙන බව වටහගත් නැගෙනහිර මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් නිහඬව කියනා දේ අසාසිටියේය.රැකවරණයට කිසිවෙක් නොපැමිණියේය. ඉන් අනතුරුව ඔවුන් ත්‍රිකුණාමල මණඩපයේන් එළියට ඇද දැමීය.

ජවිපේ මේ කුමක් කළේද? 88/89 පාවාදෙන්නන්ට මරණය ලගාකළ ව්‍යාපාරය මේ කුමක් කරන්නේද? කිසිවෙක් එය ජවිපේ කලා යැයි දන්නේ නැත. ත්‍රිකුණාමල මණඩපයේ බලය ජවිපේ හසුරුව්න බව නොදැන මේවැනි පාවාදිම් කෙසේ දැනගත හැකිද? මේහි බලය ජවිපේ උවත් ඔවුන් පෙනී සිටින්නේ ස්වාධීන ලෙසය. මෙයට ශිෂ්‍යයන් ද කැමති නිසා ජවිපේද ඊට ගොඩාක් කැමතිය. එහෙත් එය නිදහස් අධ්‍යාපන මරුවන්ගේ සැගවිය හැකි තැනක් මිස වෙනකක් නොවේ. එය නිදහස් අධ්‍යාපනයේ මලගම අවසන්වනතුරු ශිෂ්‍යයින් දැනගන්නේ නැත.

එහෙත් මේ පවාදිම් නොදන්නා පිරිස පිළිබඳව ප්‍රශ්නයක් නැත. එහෙත් පෙසප මේ කුමක් කරන්නේද? සමනල දේශපාලනයට මේවා නොපෙනේද? පෙනුණත් නොදැක්කා සේ සිටින්නේද? මෙලෙස ජවිපේ සිදුකරන පළමු පාවාදිම මෙය නොවේ. දැන් එය සාමාන්‍ය කරණය වනතාක් වර්ධනය වි තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙසේ පාවා දෙනතෙක් නිහඩව සිටිය හැක්කේ කාටද? ඔවුන් සමනලුන් මිස වෙනකෙක්  නොවේ. මෙහිදී පෙසපේ මෙම තපස් රැකීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොව එය දියාරු භාවය ලෙස කිවයුතුය.

මීට පෙර ජවිපේ අග්නිදිග ඉන්ජිනේරු  පීඨයේ ශිෂ්‍යයන් සමග සෙල්ලම් කළේ ඔවුන්ගේ පීඨය කොළඹට ගෙනවිත් දෙනබවට වූ පොරොන්දුවට අනුවය. එහෙත් එම සටන පාවාදී බොහෝකල් ය. එහෙත් එවැන්නක් සිදුනොවුණුගානට සියල්ලෝම සිටිති. පෙසපද ඒවාට මුණුවත රකිති. මෙවැනි පවාදීම් සයිටම් සටනින් පමණ්ක් විශාල සංඛ්‍යාවක් සොයාගත හැක. එහෙත් ඒවා ශිෂ්‍යයෝ නොදනිති. එවා කළ ජවිපේ දන්නවාසේම පෙසපද හොදින් ඒ පිළිබදව දනි. ඉතිං මේම සමනල් දෙශපාලනය වෙනස්කර පවා දෙන්නන්ට එරෙහි සටන අරබන්නේ කවදාද ?

Sunday, July 22, 2018

සයිටම් සටනේ ඉතිහාසය -2 අසීරුම මොහොත

සෑම තැනකම අරගල පවති. අරගල විරයෝ මෙන්ම ද්‍රොහියෝ නිර්මාණය කරති. ඇත්ත්තෙන්ම සැබෑ ද්‍රොහියෝ කිසිවෙකුට දැක ගැනීමට නොහැක. පෙනෙන දේට වඩා නොපෙනේන දේවල් විශාලය. සයිටම් සටන ආරම්භ මොහොතේ සිට එය අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළ  ක්‍රියාත්මක විය. සටනකට වැඩගත්ම කාර්යන්ගෙන් මුලික දේ දේශපාලනය නායකත්වයයි. 2008-2009 කාලය සයිටම් සටනේ තීරණාත්මක ක්‍රියාවලියකි. ඒ අන්කිසිවක් නිසා නොව සයිටම් ආයතනයේ උත්පත්තිය සිදු වු නිසාය. එම තීරණාත්මක මොහොත මගහරි ගොස් හමාරය. එය ශිෂ්‍යයන් අතර කඹ ඇදිල්ලක් නිසා සිදුවුවක් නිසා නොව. එය සිදුවුයේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ නිශ්චිත නායකත්ව කාර්ය භාරයක්  කළ ජනතා විමුක්ති පෙරමුණ තුලය. එය ශිෂ්‍ය ව්‍යාපාරයේ ගමන පිළිබඳව ගන්නා නිශිචිත තිරණයකි. ඇටත්යතෙන්ම එය ශිෂ්‍ය ව්‍යාපාරය තුල ජවිපෙ වෙනුවෙන් පෙනිසිටින්නන් ඉදිරිපත් කිරිමට හා එය ජයග්‍රහණය කිරීමට යොදා ගැනීමට නියමිත වු වැඩපිළිවෙළ කි.

එම වැඩ පිළිවෙළ ජවිපෙට අදද ආගන්තුක නැත. සයිටම් සටනේ ආරම්භයේම එකී වැඩපිළිවෙළ ජවිපේ අභ්‍යන්තරයේ සාකච්චාවට ගත්තේය. මෙහිදී අධ්‍යාපනය ලබාදීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයට ඉඩදිය යුතුය යන අදහස ඉදිරිපත් විය. ඒ සදහා පෙමිසිටින්නන් බොහෝමයක් ඊට අදාළ තක තර්ක ගොඩනැගුවේය. එම තර්ක පසුව සයිටම් ආයතනය වෙනුවෙන් පෙනිසිටින්නන් විසින්ද රුප පෙට්ටියේ දි අදබාන ලදි. බොහෝ පිරිසක් නොවුණද සැලකිව යුතු චරිත කිහිපයක් මෙමෙ අදසට සමස්ත ජ්විපේම නම්වා ගැනීමට වෙරදෑරීය. එය කොපමණද කීවෝත් ඔවුන් සයිටම් මුදලාලිගේ ගෝලයන්ද යන සැකය මතුවන තෙක් ඔවුන් අපබ්‍රංශ දේඩූහ. එහෙත් ඔවුන්ට එය තහවුරු කිරීමට නොහැකි විය. මේ සියල්ලම වෙනස්විමට හේතු වුයේ එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයයි. ඔවුන් පාවාදෙන්නන්ට එරෙහිව අවිදරා සියෝය. එමනිසාම පාවාදෙන්නන් ද එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයට වෛරය කරන්නට විය.

ජවිපෙ මතවාදිව නිදහස් අධ්‍යාපනය රැකගත යුතුය කීවද එහි සිටි සමහර නායකයින්ට එම අදහස නොතිබිණි. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය සටනට ප්‍රවේෂ විය. 2008 නොවැම්බර් ගිනිසිළුව සයිටම් ආයතනය පිළබදව හෙලිදරව් කළේය. ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සටනට සුදානම් විය. එහෙත් එය තරමක දියාරු එකකි. පාවා දෙන්නන් විශ්වවිද්‍යාල මට්ටමට තමන්ගේ අදහස ගොඩනගා තිබිණි. එහිදී ශිෂ්‍ය ව්‍යාපාරයට මේ සටන කළ නොහැකි බව සමහර සහෝදර වරුන්ට තහවුරු කිරීමට විශාල වෙහෙසක් ගත්තේය. සමහරු ඊට හසුවිය. සමහරු අකර්මණ්‍ය විය. නමුත් සටන අත්නොහැර සටන්කළ යුතුය යන පිරිස සටන ඇරඹීය.

ජවිපේ සිදුවන මේ සියලු තතු ආණඩුවට එසැනින් වාර්තා විය. ජවිපෙට පවා හිලෑ නොවන ශිෂ්‍ය සංවිධානයක් තිබීම ආණ්ඩුවටද ප්‍රශ්නයකි. මේ අතර ජවිපෙ මැතිවරණ වලින් අන්ත පරාජය ලබම්න් වැපුරූ බීජ ව්ලට ලැබුණූ අස්වැන්න එකතුකරමින් සිටියේය. සමහර නායකයින්ගේ පාර්ලිමේන්තු සිහිනයට කණ කො හඩලනු දුටුවිට මහා කාලගෝට්ටියක් මෙන් තප්පුලන්නට වුයේය. සමහරු ඇමතිවරුන්ව සිටියවුන්‍ ය සමහරු උප ඇමතිලාය. ඒ අතර මල පැනපු හිටපු ඇමතියෙක් සියලු දේ අතහැර නිවෙසට වැදී සිටියේය. සමහර ඇමතියෙක් මල පැන පුටුවලට ද  පයින් ගසා රටයාමට සැරසෙන බව කිවේය. මේ කුමක් නිසාද? වැපුරූ බීජවල ඵල දාරා ගැනීමට නොහැකිව එහි වරද සටන් කළ යුතුයැයි සිතන්වුන්ගේ වරදක් බව හුවා දැක්වීම සදහාය. මේ සියල්ල හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරය සටනට ප්‍රවේෂ විය.

සහයට කිසිවෙක් නැත. රූපවාහිනී මාධ්‍ය පුදගලික විශ්වවිද්‍යාල හිමියන්ගේ දේපලක්ව තිබිණි. නමුත් 2009 පෙබරවාරි වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව පළමු පත්‍රිකාව මුද්‍රණය කළේය. වෛද්‍ය ශිෂ්‍යයෝ නගරවලට ගොස් දැනුවත් කිරීම් ආරම්භ කළේය. එහෙත් ලැබුණු පිළිතුර ශොචනීය විය. බොහෝ නිර්ධනයින් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීය යුතුබවට තර්ක කරති. ඒවා රූපවාහිනියෙන් පොම්ප කළ අදහස්‍ ය. ශිෂ්‍යයන් අත් නොහැර අරගලය ඉදිරියට ගෙන ආවේය. ඒ සමගම මර්ධනයේ චණ්ඩමාරුතය හමන්නට විය. දඩයක්කරුවා එස්.බී දිසානායක ය. ඔහු හිස් ලූ ලූ අත දුවමින් ශිෂ්‍ය මර්දනයේ නියැලුණේය.

මේ අතර වෛද පීඨ ක්‍රියාකාරි කමිටුව පන්ති වර්ජනයක් කළ යුතු බවට සාකච්ඡා කෙරිණි. එහෙත් ඊට ශිෂ්‍යයින් සුදානම් නොවීය. එම නිසා අවශ්‍ය කාලය ලබාගනිමින් ශිෂ්‍යයන්ව දැනුවත් කිරිමට ශිෂ්‍ය නායකයින් කටයුතු කළේය. ඒ සමගම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කළේය. වෛද්‍ය සංගම් සමග සාකච්ඡා කළේය. එහෙත් සටනට අවශ්‍ය ජවය එහි නොවිය. පන්තිවර්ජනය යෝජනාවකට පමණක් සීමාවිය. ඒ සමගම සියලුම විශ්වවිද්‍යාලවල මර්දනය ක්‍රියාත්මක විය. නවක වද චෝදන, පොස්ටර් ගැසීම, උද්ඝෝෂණය කිරීම වැනි වැරදිවලට ශිෂ්‍යයින් හිරබත් කෑහ. සමහරුන්ගේ පන්ති තහනම් කළේය. සමහරු පැහැර ගත්තේය. සමහරු මැර ප්‍රහාරවලට ලක්විය.

සයිටම් සටනට මුල පිරීම අතිශ්‍යයෙන්ම අමාරු කටයුත්තක් විය. ජවිපේට සම්බන්ධ අනෙක් වෘත්තීය සමිතිවල සහය ලැබෙන්නේ නැත.  ජවිපේට මෙම සටන් අදාළ වුයේ නැත. මෙය මිරිගුවක් පසුපස දිව යාමක් බව නිර්වචන කීරීම හැර වෙනත් උදව්වක් ජවිපෙන් නොලැබුණේය. එහෙත් දැවැන්ත මර්දනයත් සමගම සයිටම් වසාදැමිමේ සටන ටික ටික වර්ධනය විය.

Thursday, July 19, 2018

කම්කරු අරගල මධ්‍යස්ථානය කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනීමට අරගලයේ


මේ වනවිට ශිග්‍රයෙන් ඉහළ යන භාණ්ඩ මිල දැරිය නොහැකි මට්ටමට ලගා වී තිබේ. මෙම වර්ෂයේ පමණක් තෙල් මිල කිහිපවරක් ඉහළ දැමීය. ඒ සමග බේකරි නිෂ්පාදන වල මිල ඉහළ ගියේය. බස් ගාස්තු ඉසිලිය නොහැකි බරක්ව තිබේ. මීට සමගාමිව හාල් ,සීනි ,පරිප්පු ,තේකොළ , ලුණු ටික පවා මිල ඉහළ ගියේය.







දැන් ගන්නා පඩියෙන් කෑමට ගැනීමත් ප්‍රමාණවත් නොවේ.එසේම වතු කම්කරුවන් ගේ ජීවිත ඉටවඩා අගාධයකට වැටී ඇත. පසුගිය කාලයේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු700ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වුවත් එය කිසිසෙත්ම ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. ජීවත් වීමට සරිලන වැටුපක් ලබාදෙනතෙක් සිටියොත් එය කිසිදිනක නොලැබෙනු ඇත. පාලකයන් ඊට කිසිදිනක අනුමැතිය නොදෙනු ඇත.



දැන් ජිවත්වීමට සරිලන වැටුපක් දිනාගත යුතුය. ඊට අවශ්‍ය බලය ගොඩනැගීම ආරම්භ කළ යුතුය. මේ සදහා කම්කරු අරගල මධ්‍යස්ථානය පසුගිය කාලය පුරාවටම දැනුවත් කිරීම් ගණනාවක් සිදුකරන ලදි. එම වැඩපිළිවෙළට අනුව අද දින උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.







Wednesday, July 18, 2018

සයිටම් සටනේ ඉතිහාසය 1 - පාවා දෙන්නෝ සහ දෙබිඩ්ඩෝ


පළමු කොටස
අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහි මිනිසුන් මේ මහපොළවේ සිටිති. එය ගොඩනැගිවේ අද ඊයේ නොවේය. එහි ඉතිහාසය පිරික්සීමේදි අද්විතීය මිනිසුන් අපට හමුවනු ඇත. එහෙත් එවන් උරුමයක් සහිත ව්‍යාපාරයක් යම් යම් පසුබෑම් වලින් පැකිලෙන්නේ නැත.

ශිෂ්‍ය ව්‍යාපාරය අවසන් කිරීමට සිතන පාලකයන්ට ඊට ලෙහෙසි මාවතක් තිබේ. එනම් අධ්‍යාපනය මිල කිරීම වෙනුවට එය අයිතියක් කිරීම හරහාය. එහෙත් පැවති සෑම රජයක්ම අන්තරේ අවශ්‍යතාව රටට පෙන්වා දුන්නේය. 2005 වර්ෂය තුල සිලිට්,ඇක්වයිනාස්,සයිටම්,එන්,එස්,බි,ACBT, වැනි ආයතන තරගකාරීව ඉදිරියට පැමිණියේ ය. ඉන් කිසිවක් ලංකාවේ අධ්‍යාපන මනතට අනුව නිතියට වලංගු වූ ඒවා නොවීය. නාමුත් මුදල් පොදිගසා ගැනීම පමණක් අරමුණු කොටගත් ධනපතියන් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස ඔවුන්ගේ  රජයෙන් ඉල්ලා ස්ටියේය. ධනපතියන් ගේ අවශ්‍යතා සදහා සැදි පැහැදි සිටි රජය. ඒ සදහා අවස්ථාව සමාගම් පණත යට්තේ ක්‍රියාත්මක කලේය. එහෙත් එය නීති විරොධිය.

ශිෂ්‍ය ව්‍යාපාරය සටනට අවතීර්ණ විය. මේම කඩ වසා දැමිමට අවශ්‍ය බලය ගොඩනැගීම ඇරැඹුවේය. මේ අතර මහින්ද ජනාධිපති විය. ජවිපේ ප්‍රධාන උපාය මාර්ගික වැඩපිළිවෙලට අනුව රටේ ජාතික ගැටළුව ප්‍රධාන විය. රාජපක්ෂ මෙයින් භීතියට පත්වන තරමේ  සද්ධයක් ජවිපේ දැමීය. ඊට අධ්‍යාපන පෞද්ගලිකරණය යට කිරීමට ආණ්ඩුව මෙන්ම නොසිතා උවත් ජවිපේ අතින්ද සිදුවිය. ජවිපේ මේ යන්නේ රටේ බලය ලබා ගැනීමට බව සෑම දේශපාලන සාකච්ඡවකදීම අවධාරණය කෙරිණි. ඊට ශිෂ්‍ය ව්‍යාපාරය බාදාවක් නොවි ශක්තියක් වන ලෙස ජවිපේ සමාජවාදි ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලා සිටියේය.එහෙත් බොහෝ ගැටළු වලට ජවිපේ නායකයිනට මුහුණ දීමට සිදුවුයේ උද්ඝෝෂණ පවා මේ මොහොතේ සුදුසු නොවන වැනි වාක්‍ය භාවිතා කිරීම නිසාය. ඉතිහාසයෙත් සමාජවාදි ශිෂ්‍ය සංගමය ජවිපේ අදහස් සමග ගැටුණි. මෙහිදීද එක පොකුරට ජවිපේ නායකයින්ගේ අදහස් සමග ගැටුනේ එම වාක්‍ය ඉල්ලා අස්කර ගන්නා තෙක්‍ ය. එය එසේ විය. අන්තරේ සටනට ප්‍රවේෂ විය.

එහෙත් ආණ්ඩුවේ  පෞද්ගලිකරණ න්‍යාය පත්‍රය පැරදවීමට අන්තරේට තනිව නොහැක. ඊට අනෙක් බලවෙගයන්ගේ සහය හිමිවිය යුතුය. එහෙත් ජවිපේ ඊට හරස් කැපීය. 2007-2011 තෙක් ජවිපෙට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සදහා කිසිදු බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය නොවීය. අඩුම තරමින් පාර්ලිමේන්‍තුව තුල ඊට අදාළ කාර්යන්ද නිසිපරිදී ක්‍රියාත්මක නොකලේය.

මේ අතර මහින්ද එල්ටීටීඊය සමග සාම සාකච්ඡා යෙදී සිටියේය. ජවිපේ යාපනයේ සිංහකොඩිය එසවිමටත් ක්‍රියා කරමින් සිටියේය. ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ ඉදිරිපියවරට ප්‍රවේෂ විය. මහ පොළ මුදල් ගෙන ස්ලිට් ආයතනය ගොඩනැගුවේය. ඒ අතර සයිටම් ආයතනයේ ගොඩනැගිලි ඉදිකිරීම ඇරැඹුවේය. මේ පිළිබඳව තොරතුරු ශිෂ්‍ය ව්‍යාපාරයට දැන ගැනීමට ලැබෙන්නේ 2008 වර්ෂයේදීය. එම තොරතුරු ද නිශ්චිතව තහවුරු කරගත් ඒවා නොවීය. ඉන්පසු මේ පිළිබද සාකච්ඡාව වෛද්‍ය පීඨ තුල සාකච්ඡා කිරිම ආරම්භ කළේය.

මෙම අරගලයට මුල පිරීම සදහා එවකට සාමජවාදි ශිෂ්‍ය සංගමය යටතේ පල කළ ගිනිසිළුව පුවත්පතට හැකි විය. ඉන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වෙත සයිටම් ආයතනය පිළිබඳව තොරතුරු රැගෙන යා හැකිවිය. යුද්ධය ආරම්භ විය. සියලුම සටන් ඉන් වසාගත් අතර දෙමළාට එරෙහි සටන ප්‍රමුඛ විය.

මේ අතර ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාවය පැහැදිළි කරමින් රූපවාහිනී වැඩසටහන් රාශියක් සංවිධානය කරන්නට විය. එවාට පැමිණියේ ආචාර්ය මහාචාර්යවරු ශිෂ්‍ය ව්‍යාපාරය ගොත්‍රික සංවිධානයක් බවටපත් කළේය. ආණ්ඩුවේ එම වැඩසටහන් පෙළින් පසුව නිදහස් අධ්‍යාපනය රැකගත යුතුය යන අදහසේ ඉතිරිවූ අය විශ්වවිද්‍යාල තුලද වුයේ අතලෙස්සකි. දැන් උද්ඝෝෂණය කිරීම ජතිද්‍රොහි ක්‍රියාවකි. එම නිසාම අන්තරයට උත්ඝෝෂණ සංවිධානය තරම් අමාරු කාර්යක් තවත් නොවීය. උද්ඝෝෂණයට සියලුම විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයින් 1000ක් රැගෙන් ඒමටවත් නොහැකිවිය.

මේ අතර ජවිපේ අරගල  පාවාදෙන්නන් හා දෙබිඩ්ඩෝ අධ්‍යාපනය වෙනුවට පුද්ගලික අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනය දෙකම ලංකාවේ ක්‍රියාත්මක විය යුතු බවට වු මතය ඉදිරියට ගෙනාවේය. එම මතයට ජවිපේ පිරිස් දිනා ගැනීමට සමහර නායකයින් ක්‍රියාත්මක විය. ඉන්පසු එය සමාජවාදි ශිෂ්‍ය සංගමය වෙත බලෙන් පැටවීමට ප්‍රයත්න දැරුවේය. එහෙත් ඉන් පලක් නොවිය. සයිටම් සටන ඉදිරියට ගෙනයාමට ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා වෙහෙසක් දැරූවේය. එහි ඵලය වුයේ ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි මර්දනය ලක්විමය. ජවිපේ ඉන් බෙරී පලාගියද ශිෂ්‍ය ව්‍යාපාරය නොභියව සටන්කළේය. එම සටනින් සිර මැදිරි දහසකට කොටු කළත් සටන අත්නොහැර ආරක්ෂාකළ අද්විතීය මිනිසෙකු නිර්මාණය කළේය. ඔහු සමග උරනුර ගැටුනු මාතලං සිසිත අද නැත.ඔවුන් ඝාතනය වුයේ ඔහු බව සිතාවිය යුතුය. විටෙක ආයුධ සන්නද්ධ කල්ලී ඇස්බැදන් නිවෙස් වටකොට ඔහු සොයා පැමිණියේය. පාරක යෑම පවා ඔහුට කළ නොහැකි විය. පිරිවරා පැමිණි මැරයන් පහර දෙන්නට විය. එහෙත් ඔහු සටන් අත්නොහැරියේය. එම මොහොතේ එසේ නොකළේනම් අද සයිටම් සටනේ දිනීමට කිසිත් ඉතුරු නොවනු ඇත. එම නිසා එවකට සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගේ වගකීම නිවැරදිව ඉටුකළ බව කිව යුතුය. එය ජයග්‍රනයෙන් පසුව උවද සිහිපත් කළ යුතු කැපකිරීමකි.

උසය් අධ්‍යාපනයට මුදල් කපා කදුළු උණ්ඩ දසදහසකට මුදල් වෙන්කළ ආණ්ඩුව



විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට බසිති.ශිෂ්‍යයින් එසේ කරන්නේ ඇයි. මෙය තෙරුම්ගැනීමට නොහැකි අයද සිටිති. එසේ තේරුම් ගැනීමට නොහැකි උවන්ට තේරුම්කර දීම උදෙසාත් ශිෂ්‍යයින්ට ඉගෙනිම අතහැර පාරට බැසීමටත් ආණ්ඩුව අවස්ථාව ලබාදි තිබේ. මෙය සිදුකරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු විශ්වවිද්‍යාලයක ඉදිකිරීම් කටයුතු සිදු නොකරන ලෙසට වු චක්‍ර ලේඛනය පසුගිය දා විශ්වවිද්‍යාල වලට එවා තිබිණි.

මේ අනුව 2020 වනතෙක් විශ්වවිද්‍යාල තුල කිසිදු නේවාසිකාගාරයක්,කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇත. එසේම විශ්වවිද්‍යාල තුල පවතින කිසිදු සංචිතයක් භාවිතයට  නොගන්නා ලෙස දැඩි ලෙස අවදාරණය කර ඇත.

එයින් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කුමක්ද? හොස්ටල් නැත්නම් එවා ලබා ගැනීමට උද්ඝෝෂණය කළයුතු බව නොවේද? දැනටමත් විශ්වවිද්‍යාල තුල නේවාසිකාගාර අහිමිවුවෝ විශාල ප්‍රමාණයකි. ඔවුන් නේවාසිකාගාර ලබාගන්නේ කෙසේද? අධ්‍යයන ශාලා නොමැතිව ඉගෙනිමට තැන්තැන්වල ඇවිදින ශිෂ්‍යයින්ට ආණ්ඩුවේන් දෙන මෙම පණිවිඩයෙන් සැනසීමක් අත්වනු ඇත්ද? සමහර තාක්ෂණ පීඨවල අධ්‍යයන කටයුතු ඇරැඹුවත් එවා අර්ධ වශයෙන් හෝ ඉදිකොට නොමැත. මේ අනුව 2020 වනතෙක් විශ්වවිද්‍යාලයට බදවාගන්නා ප්‍රමාණය අඩුවනු ඇත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට බදවාගන්නා ප්‍රමාණය උසස් පෙළ විභාගයට සමත්වුවන්ගෙන් 16%ක් විය යුතුය. එහෙත් දැනට බදවාගන්නා ප්‍රමාණය 11% කි. එයද 9% දකවා අඩුවනු ඇත. එය කොපමණ කප්පාදුවක් වනු ඇත්ද යන්න මොහොතක් සිතිය යුතුය. දැන් අන්තරය පාරට බැස්සීම සිදුකරන්නේ කවරෙක්ද? එය ආණ්ඩුවේ අවශ්‍යතාවයකී. එම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කප්පාදු කිරිමට පෙර කදුළු ගැස් උණ්ඩ 10000ක් ගෙන ඒමට ආණ්ඩුව ප්‍රතිපාදන වෙන්කළේ පෙර සැලසුමකට අනුවය. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට බසින්නේ ආණ්ඩුවේ සැලසුමකට අනුවය. ඊට කදුළු උණ්ඩ සාක්කි දෙනු ඇත.

සිංගප්පූරු ගිවිසුමට එරෙහි පෙරටුගාමී විරෝධය




මේ වනවිට ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම අත්සන්කොට මාස තුනක කාලයක් ගතව තිබේ. එහෙත් ඒ පිළිබඳව අගමැති රනිල්,ආමාත්‍ය මලික් හා ජනාධිපතිවරයා හැරුණුකොට  රටේ වෙනත් කිසිවෙක් දැන නොසිටියේය. ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව එජාපයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට රහස හෙලි කළේය. ඊට එරෙහිවුවෝද විය. ඔවුන් එරෙහි වුයේ ගිවිසුමේ අන්තර් ගතයට නොව ඔවුන්ට නොකියා ගිවිසුම ගැසු නිසාය. එම නිසා උරනවුවෝ වහාම ක්‍රියාත්මක වනපරිදි ජවිපෙට මෙය දැනුම්දෙන ලදි. ඒ රනිල්ට පාඩමක් ඉගැන්විම සදහාය. එහෙත් ජවිපේ නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් කල් මැරීය. එසේම රනිල්ට තොරතුරු දුන් අයගේ නම්ගම් ආරන්ච්වුයේ සැනකිණි. වැඩි වර්ප්‍රසාද ගැනීමට ගිය උන්ගේ වැඩේ වැරදිනි. ඔවුන් නිහඩය. ජවිපේ කිසිත් නොකර සිටින නිසා එහි සියලු තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය වෙත ලබාදුන්නේ එහි වෘත්තීය සමිති නායකයෙකි. රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සගමයේ විරෝධය මාධ්‍ය සාකච්ඡාවකට සීමා විය. දැන් දේශපාලනය ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය සාකච්ඡා තුලිණි. කිසිවෙක් ජනතාව අවදි කිරීමට නොයෙති. එය නවපන්නයේ දේශපාලනය කි.


මේ අතර පෙසප මේ සටන තමන් යටතට ගන්නේ කිසිවෙක් ඊට එරෙහිව සටන්ක් කිරීමට ඉදිරිපත් නොවන විටය. ඔවුන් සිංගප්පූරු ගිවිසුම ලෙඩක්ද බේහෙතක්ද මැයෙන් සම්මන්ත්‍රණයක් ආරම්භ කළේය. ඒ රාගම රෝහලේදීය. ඉන් ඔබ්බට තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනුණි.

මේ පිළිබඳව සාකච්ඡාව ජනතාව වෙතට ගෙන යා යුතුය. එහෙත් එය පෙසපට තනිව කළ හැක්කක්ද යන්න ගැටළුවකි. මෙයට පෙසපේ නායකත්වය වැදගත්වන්නේ සයිටම් සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට හැකිවූ නිසාය. එම සටන පෙසප තමන්ගේ බුදලයක් කොටගත්තේ නැත. එකතුකර ගැනීමට හැකි සියල්ලෝම ඊට එකතුකොට මෙතෙක් ලංකාවේ නිර්මාණය කළ විශාලතම වේදිකාව නිර්මාණය කළේය. දැන් මෙම ගිවිසුම පරාජය කිරීමට නම් ඊට වඩා විශාල බලයක් අවශ්‍ය වනු ඇත. ජවිපෙට මගහැර යා නොහැකි බලයක් අවශ්‍ය වනු ඇත. මහින්ද පාර්ෂවයට විකට රංගනයේ යෙදී පලා යාමට ඉඩ නොදිය යුතුය.


ඇත්තෙන්ම මෙයින් පීඩාවට පත්වන පිරිස බොහෝය.ඔවුන් අවදිකළ යුතුය. දැන් සටන තිබෙන්නේ එහිය. එය කරන්නේ කෙසේද? ඊට ගොඩනැගිය යුතු බලය ගොඩ නැගිය යුතුය. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවරු මෙම ගිවිසුමෙන් පසු තම රැකියාව සම්බන්ධව අර්බුදයකට මුහුණ දෙනු ලබයි. අනෙක් ජනතාවට ති




බෙන්නේ තමන්ගේ ජීවිතය හා සම්බන්ධ ගැටළුවකි. විශාල රසායනික කදු ලංකාවේ ගොඩගැසීමට නියමිතය. එය පරම්පරා ගණනක උපදින නූපදින දරුවන් මියයාමට නියමිතය. කිසිවෙක් ඊට මුල්නොවුවත් එය ලාංකිකයන්ට බරපතල  හානි ගෙනදෙන්නකි. එමනිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය. ජවිපේ මහින්ද පාර්ශ්වයේ ඇතැම් කොටසක්  ද මේ වටා එකතුකරගත යුතුය. එන් ජයග්‍රහණය වෙතට යාමට හැකි මාවතක් නිර්මාණය කළ හැකිය.


පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...