Friday, February 28, 2020

දුර්වල සංවර්ධන නිලධාරියාගේ සිට ශක්තිවන්තයා දක්වා.

පසුගිය ඉතිහාසය පුරාවට උපාධිධාරීන්ව්වව ඇද දැමුවේ ශක්තිමත් පදනමේ සිට දුර්වල ස්ථානයකටය. පැවති ආණ්ඩු හා දැන් තියන ආණ්ඩු එසේ කළේ උපාධිධාරීන් ගේ කොදු කඩා තමන්ට අවශ්‍ය පරිදි තම්න්ගේ උවමානවන්ට නම්මවා ගැනීම සදහාය. එම නිසා සංවර්ධන නිලධාරින් බබදවා ගැනීමේ සිට ඔවුන්ට සකසන ලද සේවා ව්‍යවස්ථාව පවා සකස් කළේ උපාධිධාරීන් දෙකේ කොලේට දමමින්ය. එසේම ඊට පැවති වෘත්තීය සමිති වල ආශිර්වාදය නොවඩුව ලැබුණු නිසාවෙන් පැවති ආණ්ඩු උපාධිධාරීන් හැකි පමණ කඩේ යවා අවසන්ය. බොහෝ සංවර්ධන නිලධාරි වෘත්තීය සංගම් පාලකයෝ ඉදිරියේ නිවට නියාලු සේ හැසිරීමේ ප්‍රතිථලය අද සංවර්ධන නිලධාරින් බුක්ති විදිමින් ඇත. එය කොතරම් සෝචනීය ද යත් රාජ්‍ය සේවයේ සිටින කිසිදු වෘත්තීයක් මේ ආකාරයට පත්ව නොමැත. අඩුම තරමින් කිසිදු රාජ්‍ය ආයතනයක කිසිවෙකුට උපාධියට සරිලන රැකියාවක් ලැබී නැත. ඔවුන්ට කිසිදු උසස් වීම් පටිපාටියක් නැත.  

උපාධිධාරීන් රාජ්‍ය සේවයට පැමිණෙන පළමු වසර හදුන්වන්නේ පුහුණු කාලයක් ලෙසය. එය කුමක් නිසා ඇටවුවක්ද?උපාධිධාරීන් හැරුණු කොට රාජ්‍ය සේවයට පැමිණෙන කිසිදු සේවයෙකු මෙම උප්පර වැට්ටියට හසුවි නැත. එහෙත් උපාධිය අතේ තියන් නිවට නියාලු ලෙස වසරක කාලයක් රු 20000.00කට කඹුරන්න සිදුවන්නේ උපාධිය විහිළුවක් කරමිය. අඩුම තරමේ ප්‍රසුත නිවාඩු ලබාගැනීමට බලා සිටින මවක් උපාධිධාරිනියක් වු සැනින් ඇයට ඒ සියල්ල අහිමිවන්නේ කෙසේද? උපාධියක් තීබීම ගෞරවනීය දෙයක් වනවා වෙනුවට  මාතෘත්වය කෙලේසීමට උපාධිය  යොදාගැනීම මොනතරම් නරුමද? 

මේ සියල්ල මෙසේ සිදුවාන්නේ පැවති සංවර්ධන නිලධාරි  වෘත්තී සමිති  වල නිවට නියාලු  ප්‍රතිපත්ති නිසාවෙනි. මේ නිසාම ඒකාබද්ධ සාංවර්ධන නිලධාරි සංගමය හැරූණාම මේ පිළිබදව වචනයක් කතා කිරීමට ඉදිරිපත් වුයේ නැත. සමාජයේ බොහෝ දේශපාලන පක්ෂ හා සංගම් මව්වරුන්ගේ දිනය සමරන්නේ මහ ඉහලිනි. ඔවුන් මහා ලොකු කතා කිය කියා මේ පිළිබදව කිසිත් නොකියා සිටින්නේ ඔවුන් ගේ මානුෂිය හැගීම් මේ ප්‍රශ්නයේදි යටපත්වන නිසා නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ඊට අසමත් නිසාවෙන්ය. මේ නිසා සංවර්ධන නිලධාරි පත්විම් ලද ඉතිහාසයේ පළමු වරට තම සේවය ව්‍යාජ පුහුණු කාලය මාස 6 දක්වා අඩු කරන ලෙසට සටනක් ආරම්භකොට ඇත. අහිමිකළ අයිතිය දිනා ගැනීමටනම් සටන් කිරීම හැර පාලකයින් ඉදිරියේ පුරු පුරු ගෑමෙන් පලක් නොවන  බව අද සංවර්ධන නිලධාරින් බොහෝමයක් ප්‍රකාශ කර සිටියි. මෙම නිසා කවුරුන් හෝ එම සටන ආරම්භ කළ යුතුය. එය දුර්වල තත්වයේ සිට ශක්තිවන්තයෙක් විමේ ගමනේ ආරම්භය වනු ඇත.

මෙම සටන 2019 වදවාගත් කණ්ඩායමට පමණක් අදාළ වුවක් පමණක් නොවන බව අවධාරණය කළ යුතුය. මන්ද ඉතිහාසය පිරික්සීමේදී තම පත්විමේ දිනය රාජ්‍ය සේවයට පැමිණ දින 180 ස්තිර කරකරගැනීමට යන පළමු කණ්ඩායම මෙය නොවන නිසාවෙනි. සේවයට පැමිණ ස්තීර ලිපිද ලැබ බොහෝ කාලයක් රාජ්‍ය සේවය  හිද පසුව තම සේවා කාලය ආපස්සට දීර්ඝ කරගත් පිරිස් ද සිටිති. ඔවුන් එය ලබාගත්තේ සටන් කිරීමෙන් මිස නිවට නියාලු ලෙස පාලකයෝ ඉඉදිරියේ පූස් පැටවුන් සේ හැසිරීමෙන් නොවන බව සිහිපත් කළ යුතුය. අද රාජ්‍ය සේවයේ පවතින සියලු සේවා කණ්ඩායම් තමන්ට අනන්‍ය පෞරුෂය ගොඩනගා ගත්තේ සටන් කිරීමෙනි. කිසිවෙකුට එම අයිතින් බන්දේසිය මත තබා පුජා කළේ නැත. ඊට මහා දැවැන්ත පිරිසක් දහඩිය වැපිරු අතර ඔවුන්ට අප ආචාරය පුද කළ යුතුය. 

මේ වනවිට රාජ්‍ය සේවයට සංවර්ධන නිලධාරින් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් බදවාගෙන ඇත. මේ පිරිස කිසිදු වෘත්තීයකට දෙවනි නොවන මහා දැවැන්ත බලයක් බව පමණක් ආණ්ඩුව ද දන්නා කරුණකි. එහෙත් බොහෝ අය සිටින්නේ නිවට නියාලු වෘත්තීය සමිතිවල චාටු කතාවලට හා තමන්ට මහා දැවැන්ත බලයක් තිබෙන බව නොදැනය. එම නිසා මෙම  මොහොත ධෛර්යය වන්තන්යින් නැගි සිටින මොහොතකි. නිවටයන් ඔවුන්ගේ කකුළෙන්  අදින මොහොතකි. කෙසේ වෙතත් ධෛර්යය වන්තයින්ගේ නැගී සිටීම නිවටය නිවටයන් වලක්වන්නේ කෙසේද? මොකද ඊටද  ඔවුන්ට ශක්තියක් නැති නිසාවෙනි. එමනිසා නිවටයන්ට හැක්කේ ධෛර්ය වන්තයින්ගේ ගමනට කොළරොඩු වලින් පහර දීමය උසුළු විසුළු කිරීම හෝ නාහෙන් ඇඩීම පමණි. කෙසේ වෙතත් පුහුණුවට ගත් සංවර්ධන නිලධාරින් මාස 6 න් ස්තිර කිරිමට ආණ්ඩුවට බලකරන අරගලය මාර්තු 02 දින දියත් කරනු ඇත. මෙම බදවාගත් සංවර්ධන නිලධාරින්ගේ ඉතිහාසයට තවත් එක් දිනයක් පමණක් නොවනු ඇත. මාර්තු 02  එම ඉතිහාසය නව දිසාවකට ගෙනයන දිනයක් වනු ඇත. එය කිසිවෙක් ඔළු ගෙඩිවලින් මනින්නට යන්නේ නම් හේ ජීරණය නොවු අහාරගත් විකටයෙක් වැන්නෙකි. එමනිසා මෙම සටන ඓතිහාසික ඇරැඹුමකි. ඊට ධෛර්යය වන්තයින් පෙල ගැසෙනු ඇත. එසේම ධෛර්ය පතන්නෝ සුබපතනු ඇත. ජය පතනු ඇත. 



Tuesday, February 25, 2020

රුහුණේ වැටමාර පොල්ලෙන් පසු කැලණියේ CCTV කැමරා

''කියන දේ අහගෙන හිටපල්ලා, මේක තියෙන්න ඕන ගෝඨා පාලනය' මිස තොපේ පාලනය නෙවෙයි - ,,මර්ෂල්,, කැලණිය විශ්වවිද්‍යාලයීය'

දින කිහිපයකට ප්‍රතම කැලණිය විශ්වවිද්‍යාලය තුල CCTV  කැමරා ස්ථාපිත කර ඇත. ඊට ශිෂ්‍යයින් දැඩි විරෝදය පල කළේය. මෙසේ අවස්ථා කිහිපයකදීම ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත්කර කියා සිටියේ ශිෂ්‍යයින් මර්දනය සදහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ නවත්වන ලෙසය. ඊට ප්‍රතිචාරය ලෙස මාර්ෂල් මහතෙකු කියා තිබෙන්නේ '' කියන දේ අහගෙන ඉදපල්ලා, මේකේ තියෙන්න ඕන ගෝඨා පාලනය මිස තෝපේ පාලනය නෙමෙයි. තොපි ගෝඨාභය මහත්තයට බයවෙන්න ඕන නැත්නම් තොපිට හොද ගේමක් සෙට් වෙනවා බලාගෙන ඉදපල්ලා''

මේය කිකන් කී කතාවක් නොව තර්ජනය කිරීමකි.මේ කැලණිය වෙලාගෙන යාමට සුදානම් වන මර්දනයේ ස්වභාවයයි. එය අතිශ්‍යයෙන්ම භයන්කර වන්නේ ආණ්ඩුවේ අරමුණ ශිෂ්‍යයින් ජනාධිපති ගෝඨාභයගේ නම ඇසු සැනින් භියෙන් සලිතවා දැකීමනම් මින් ඉදිරියට කේදනීය කාලයකට සමාජයට මුහුණ දීමට සිදුවනු ඇත.

CCTV කැමරා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයින්ගේ විරෝධයට කන් නොදී පාලකයන් තම උගුල සකස් කිරීමට කටයුතු කළේය. ඒ අනුව අවසානයේ ශිෂ්‍යයින්ට කියා තිබෙන්නේ අපිට ඕවා ගලවන්න බෑ. මේක ඉහලින් ආව ඕඩර් එකක් ඒ නිසා ඔයාලා බැහැලා ගලවලා දාන්න. මෙහෙම පරිපාලන නිලධාරින් ශිෂ්‍යයින්ට උත්තර දෙනකොට ඔයාලට මේ දේවල් කරන්න බැරීනම් අපි ගලවලා දෙන්නම් යැයි ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව ශිෂ්‍යයින් පිරිසක් සමග කැමරා ගැලවීමට පරිපාලන නිලධාරින් කිහිපදෙනෙක් ද පැමිණ ඇත. ශිෂ්‍යයින් කැමරා ගැලවන විට එක්වරම එක්  පරිපාලන නිලධාරියෙක් ආවේෂයෙන් මෙන් විරෝධය පලකරමින් කෑකෝ ගසා ඔවුන්ම ගලවාගන්න යැයි කී කැමරා ගලවන විට ඊට එරෙහිව මොර දෙන්නට පටන්ගෙන ඇත. අවසානයේ ශිෂ්‍යයින් සියලුම CCTV කැමරා ගැලවා පරිපාලනය වෙත බාරදීමට ගොස් ඇත. එහෙත් කලින් කී ලෙස පරිපාලනය කැමරා භාරගෙන නැත. ඒ අනුව ශිෂ්‍යයින් ඒවා ආරක්ෂක අංශ වෙත භාර දී ඇත. මෙම සිදුවිම කිරීමට පෙර මේ පිළිබදව විශ්වවිද්‍යාල පරිපාලනය දන්නේය. නමුත් දැන් මේ පිළිබදව  මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන විකෘති කරන ලද තොරතුරුය. මාධ්‍යට අනුව කැමරා ගලවා තිබෙන්නේ හොරුන් පිරිසකි. එසේම එවා සෝරාගෙන තිබෙන්නේ පරිපාලන නිලධාරින් ඒවා ඔයාලට ඕනෑනම් ගලාවා ගන්න යැයි කී පිරිස නොවේ. දැන් ඒවා ගලවාගෙන තිබෙන්නේ සැකකාර ශිෂ්‍යයින්ය.

දැන් කැලණිය විශ්වවිද්‍යාලයට මර්දනය පැමිණීමට නියමිතය. එය පැමිණෙන්නේ ඉතාම සංවිධානාත්මකවය. ඊට මාධ්‍ය තමන්ට රිසි ලෙස එවා යොදා ගනිමින් සිටියි. දැන් මෙම සිදුවිමේ සත්‍ය කිසිවක් ජනතාවට දැන ගැනීමට නොහැකිවනු ඇත. එසේම ශිෂ්‍යයින් ලබා දෙන අදහස් කපාකොටා ආණ්ඩුවට වාසිවන ලෙසට විකාශනය කරනු ඇත. මෙම මර්දනය සරල නොවන්නේ එබැවිණි. විශ්වවිද්‍යාල තුල පවත්වන මංජුසාව, බිහිදොර කලා උළේලවල් වලට කිසිම මාධ්‍යක් පැමිණෙන්නේ නැත. එහෙත් මෙම සිදුවිම සිදුවී විනාඩි කිහිපයක් තුල දෙරණ නාලිකාව පැමිණ ඇත. සමහර විට මෙම සිදුවිම සිදුවන තෙක් ඔවුන් පාරට වී බලා සිටියාක් මෙන් දෙරණින් ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇත.

කෙසේ වෙතත් මේය  ආණ්ඩුවේ ක්‍රියාන්විතයක් වී අවසන් බවනම් පැහැදිලිය. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය මෙම මර්දනය හා එහි ස්වරූවය රටතුලට ගෙනයාමට වෙහෙසිය යුතුය.


Friday, February 21, 2020

මර්දනය නවකවදය යොදාගන්නා ආකාරය

නවකවදය පිළිබදව සමාජයේ තිබෙන්නේ පිළිකුල් සහගත හැගීමකි. එය එසේ විය යුතුය. අපද නවක වදයට එරෙහි වන්නෙමු. එසේම මේ තත්ත්වය ආණ්ඩුව තම දේශපාලන අරමුණු වලට භාවිතා කරන ආකාරය පැහැදිළි කරගත යුතුය. මීට ඕනෑ තරම් උදාහරණ තිබේ. නමුත් මේ පිළිබදව සමාජයට හොද වැටහිමක් නැත. එසේම එම අවබෝධය සමාජගත කීකීරීමට කිසිවෙක් වෙහෙසෙන්නේ ද නැත. එම නිසා ආණ්ඩුව නවකවදය යෝදාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි මර්දනයකට ගෙන යමින් තිබේ. එහි ඊලග අදියර ලගදීම කළ එළි බසිනු ඇත. ඒ 2020 වර්ෂය සදහා නවක කණ්ඩායම් බදවා ගැනීමෙන් අනතුරුවය.

2008 වර්ෂයේ දී පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වුවේ එස්.බී දිසානයක ය. ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හානිය අති මහත්ය. එම වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට මර්දනයේ සැහැසිකම බුක්ති විදීමට සිදුවිය. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ජිම් කැන්ටින් එකේ කෑම ගැනීමට පොලීමේ සිටි ශිෂ්‍යාවක් කලන්තේ දැමු පසු ඇය රොහල් ගත කිරීම නිසාය. මෙම සිදුවිම පසුව නවක වද සිදුවිමක් බවට පරිවර්තනය කෙරිණි. ඒ විශ්වවිද්‍යාල පරිපාලනය මැදිහත් වි රෝගි වු ශිෂ්‍යාව බිය ගන්වා ඇගෙන් කට උත්තර ලබා ගනිමින්ය. ඒ අනුව නවකවද චෝදනාව යටතේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට දින 68ක් සිරබත් කෑමට සිදුවිය. එම කාලයේ එය විශ්වවිද්‍යාල පද්ධතිය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර මාධ්‍ය මෙම සිදුවීම නවකවදය නිසා සිදුවිමක් බවට තහවුරු කළේය. සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ මර්දන අවශ්‍යතාවට මෙහෙය වූ මාධ්‍යයේ බොරුව අවසන්වන්නේ දැමු නඩුවෙන් කිසිවෙක් වරද කරුවන් නොවීම හරහාය. එය ඒ මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව සදහා ගෙන ගිය දේශපාලන ව්‍යාපෘතියක් පමණි .
 
මේ කාලය තුල මෙවැනි සිදුවිම් දහසක් පමණ සිදුවිය. ඒ හරහා පන්ති තහනම් කිරීම් ශිෂ්‍ය භාවය අහෝසිකිරීම් නිවෙස්වලට පැමිණ බිය වැද්දවීම් 1178 වාර්තා විය. එහි ඊලග සිදුවීම සිදුවුයේ 2014 වර්ෂයේදීය. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට නව්කවදය ලබාදුන් බවට චෝදනාකර ශිෂ්‍යයින් 11 දෙනෙක් හා ශිෂ්‍යාවන් 4 දෙනෙක් දින් 84 සිරගත කිරීම හරහාය.
මෙම සිදුවීම නියමිත පරිදි සැලසුම් කරන ලද එකකි. නවකවදයට ලක්වුවායැයි කියන ශිෂ්‍යාව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග සමීපව කටයුතු කළ අයෙකි. ඇයට නනවකවදය ලබාදෙන විටත් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග දුරකතන සංවාදයක යෙදී සිටියාය. එම සිදුවීම සමග ඇය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වෙත දිව යන්නේය.ඉන්ප්සු පසු කැලණිය විශ්වවිද්‍යාලයේ පරීපාලනයේ අවශ්‍යතාව මත ඇය කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළාය. සතියකට පසු එම පැමිණිල්ල නැවත සංශෝදනය කරන්නේ විශ්වවිද්‍යාල පරිපාලනයේ අවශ්‍යතාවට අනුවය. නැත්නම් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුවය. ඒ සමගම ඇය විශ්වවිද්‍යාලයේ සිටි එසේම පරිපාලනයෙන් ලබාදුන් නාම ලෙඛනයට අනුව පැමිණිල්ල අලුත් කරන්නේය.

දැන් නවකවද චෝදනාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දින 84 සිරබත් කා අවසන්ය. එහෙත් දැන් පැමිණිල්ල දැමු ශිෂ්‍යාව හෝ පරිපලනයට එම නඩුව පිළිබදව වගේ වගක් නැත. එය අවස්න්ය. ඒ එම මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළ ආකාරයයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ වැටමාර පොල්ලේ කතාවද එසේය. එහි කිදු සත්‍යතාවක් නොමැත. නමුත් ආණ්ඩුව තම දේශපාලන උවමනාවන් ඉටුකරගෙන අවසන්ය. ඉදිරියේදි මෙම තත්ත්වය තවත් තිවුරවනු ඇත. විශ්වවිද්‍යාල මට්ටමින් ඊට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස්කොට අවසන්ය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්ත්වයට මුහුණ දීමට සුදානම් විය යුතුය. මේ පිළිබදව සමාජයට හෙලි කල යුතුය. නැත්නම් නවකවදය නමින් ගොඩනැගෙන මර්දනයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට දැඩි හානි සිදුවනු ඇත.

Tuesday, February 11, 2020

2018 -2019 අභ්‍යාසලාභී උපාධිධාරීන්ට තවම ජනවාරි දීමනාව දීලා නෑ

උපාධිධාරීන් 50000 කට රැකියා ලබාදීමට ආණ්ඩුව සැරසී සිටින බව මාධ්‍ය දෙවනක් කරමින් සිටියි. අප ඔවුන් බදවා ගැනීමේ ක්‍රමවේදය නිතර ප්‍රශ්න කරමින් සිටියේ හේතුවක් ඇතිවය. එය රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට ද නොතේරෙන ගැටළුවකි. රාජ්‍ය සේවයට බදවා ගන්නා කිසීම තනතුරකට අදාළ නොවන කොන්දේසි ගණනාවක් උපාධිධාරීන්ට පමණක් පනවා තිබේ. පළවෙනි කාරණය වන්නේ වසරක පුහුණුව යනුවෙන් කරන නොමග යැවීමයි. දෙවැනි කාරණය එම පුහුණුකාලය තුල දී ලබාදෙන දීමනාවයි. මෙය විහිළුවකි. සෑම රාජ්‍ය සේවකයෙකුටම සෑම මසකම 25 වන දිනට තමන්ට අදාළ පඩිය ලැබුණත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට එම අයිතිය හිමිවන්නේ නැත. එ අනුව ආණ්ඩුව උපාධිධාරීන් හා කරන මේ සෙල්ලම කුමක්ද යන්න තේරුම් ගත යුතුය.

උපාධිධාරීන්ට ලබාදෙන රැකියා වැඩපිළිවෙළ යනු ඔවුන්ගේ ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරක් නොවන අතර ඉන් උපාධිධාරීන් අසරණ කිරීම හාඅ අකර්මණ්‍ය කිරීම පමණක් සිදු කරයි. රැකියාවට තිබෙන අෂාව අවසන්කර රැකියාව එපා කරවන මෙම ක්‍රියාවලිය වහාම වෙනස්කළ යුතුය. නමුත් කිසිවෙක් ඊට අත ගසන්නේ නැත.

මේ වනවිට 2018 හා 2019 බදවාගත් කණ්ඩායම් වලට හිවිය යුතු ජනවාරි  දීමනාව මෙතෙක් ලබා දී නැත. සමහරුන්ට දෙසැම්බර්  දීමනාවද තවම ලැබී නැත. එය කෙනෙක්ට සරල දෙයක් වුවද එය සරල නැත. සමහරු රැකියාව කරනුයේ තම නිවසින් බොහෝ දුර බැහැරය. ඔවුන්ට බෝඩිමක සිට රැකියාවේ නිරත වේ. ඊට ඔවුන් රු 6000 ක් පමණ වැය කරයි. කෑමට බීමට මුදලක් වැයකළ පසු අත ඉතිරිවන්නේ රු 2000ක් වැනි සුළු මුද්ලකි. මෙසේ ජීවත්වන උන්ට ලබාදිය යුතු දීමනාව ලබා නොදී සිටීම හේතුවෙන් සිදුවන්නේ ප්‍රියජනක දෙයක් නොවේ. සමහරුන් ගේ තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය. සමහරු දරු පවුලක් සමග ජීවත් වන්නෝය. ඔවුන් ගේ වියදම රු20000න් සීමා කිරීමට නොහැකිය. එහෙත් ලබා දිය යුතු එම 20000 නොලැබුණු තැන ඔවුන් පත්වන තැන සිතා ගත නොහැකි වන්නේ මන්ද මානසිකයෙකුට පමණි. එමනිසා මෙම බදවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට ස්ථීර රැකියා ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුය. නැත්තම් ආණ්ඩුව රැකියා  ලබාදීමට නියමිත උපාධිධාරීන් ද මෙම ඉරණම අත්වනවා නොවනු මානය. එසේම මීට හැරුණාම තිබෙන ගැටළු තවත් සෝචනීයවේ. එවා ද සමගින් මෙම තත්ත්වය ද සමග අභ්‍යාසලාභී උපාධිධාරීන් ගේවා දමන කාලය නව පන්නයේ නවක වදයකි.

Monday, February 10, 2020

ගෝඨාභය UNP එක්ක යනවද? දයා ගමගේ ගෝඨ එක්ක යනවද?


දේශපාලනය තෙරුම් ගැනීමට ප්‍රෙහෙළිකා විසදිය යුතුය. පසුගිය 69 ලක්ෂයේ ප්‍රතිඵලය ලෙස ඝෝඨාභාය රාජපක්ෂ ජනාධිපති විය. මහින්ද රාජපක්ෂ අගමැති විය. එහෙත් මේ අයියා මලෝ දෙන්නා එකට එක්ව යන ගමනක් පෙනෙන්නට නැත. එක් අයෙක් තවකෙකුට කපන්නෙය අනෙකාද ඉවසන්නේ නැත. එයා ආපස්සට පෙරලා පහර දේ, මේ රංඩුව දැන් එළිපිටට පැමිණ තිබේ. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද කියන එක කාටත් ප්‍රශ්නයක් වී තිබේ.

ඇත්තටම හිටපු ජනාධිපති  මහින්ද ගෝඨාභයට ජනාධිපතිවරණය සදහා නාමයෝජනා දීමට ආරාධනා කළ තැනැත්තාය. ඔහු තමන්ගේ මල්ලි ජනාධිපති වීම ගැන සතුටු වන්නට ඇතැයි බොහෝ දෙනා සිතිවේය. එහෙත් ගෝඨාභයට මහින්ද නාමයෝජනා ලබාදුන්නේ සත්‍ය ප්‍රේමයෙන් නොවේ. එය දේශපාලන ගේමක ආරම්භයකි. නමුත් මෙම ගේම ගෝඨාභය දැනගැනීම සමග ගේමට ගේම දීමට ගෝඨාභය පටන්ගත්තේය. අයියාගේ කීමට හෝ අයියාගේ මග පෙන්වීම එකසිතින් පිළිගන්නවා සේ පෙන්වු ගෝඨාභය වෙනත් ක්‍රියාවලියක් ආරම්භ කළේය. ඊට U.N.P එකේ සජිත්ගේ ආගමය හරහා හොදින් පාර තැනී තිබුණේය. මේ තත්ත්වය හමුවේ ගෝඨාභය මහිදගේ වලේ වැටෙනවා වෙනුවට U.N.P යේ පිරිසකගේ සහය ඇතිව තම කැම්පේන් එක ගෙන ගියේ රහසිගතවය. මහින්ද හා ගෝඨාභය ගේ එම විරැසකය දැන් තවත් ලියලා වැඩි තිබේ. මහින්ද හා සජිත් සිතු දේ සිදු නොවුනත් රනිල් ඇතුළු කණ්ඩායම සිතු දේ සිදුව හමාරය.

මෙම ගේමේ සිටි U.N.P මහත්තුරු ගෝඨාභයට සුබපැතුම් ගෙන එමින් තිබේ. පළමු සිදුවීම වුයේ නිදහස් උත්සවය අවසන්ව ජනාධිපති ගෝඨාභය කළ කතාවට මංගල සමරවීර ප්‍රශන්සාත්මකව එකතුකළ සුබපැතුම හරහාය. මෙම සුබපැතුම බොහෝ අයට ජෝක් එකක් වුවත් එඅය ඇසූ මහිදටනම් ජෝක් එකක් නොවෙන්නට ඇත. එසේම දැන් දයාගමගේ ප්‍රකාශ කරමින් සිටින දේ ගත්විට 69 ලක්ෂය චුං වෙනවා නොවනු මානය.මංත්‍රි දයාගමගේ කියන්නේ පක්ෂය කුමක් කීවත් ගොඨාභායට සහය දෙන බවය. පොහොට්ටු ඇත්තෝ සිතනුයේ දයා පොහොට්ටුවට සෙට්වෙන්න එනවා වගේ එකක්නම් උන් සිටින්නේ මංමුලාවකය. නෑ දයාගමගේ මේ කියන්නේ ගෝඨාභය දයාගමගේ ඉන්න පැත්තේ සිටින බවයි. ඒ කියන්නේ ගෝඨාභය මහිදට වඩා U.N.P යට කිට්ටු වී සිටින බවය.

අහෝ 69 ලක්ෂය නුඹලාට මේ සිදුව තිබෙන්නේ කුමක්ද? බොහෝ අය මේ කතාව දැනගත් සැනින් සිනාසෙන නුඹලාට සිනාසෙනු ඇත. එහෙත් මේ කතාව මෙතනින් නිමවන්නක් නොවේ. අතුරලියේ රතන හිමිට නාම යෝජනා නොලැබේවි, ගලබඩ අත්තේ හිමි සද්දේ වසා සිටිමට සිදුවේවි, ඒ සමගම මහින්ද සමග ගෝඨාභය මහමැතිවරණයට ප්‍රවේෂ වේවි, ගෝඨාභය පොරකා කෙසේ හෝ තමන්ගේ වැඩිපිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පොරකන අතර මහින්දද තම බලය රැක ගැනීමට වේර දරනු ඇත. අවසන සිදුවන දේ දැන්ම උපකල්පනය කිරීමට අපහසු උවත් මෙසේ සිදුවීමට ඉඩ තිබේ. ගෝඨාභය තම පිළේ  පිරිස සමග U.N.P යට යා හැක. එක තරමක් අසීරු එකකි. මන්ද කුමක් උවත් ගෝඨාභය තම ඡන්ද දායකයන් අත් හරිනේ නැති නිසාවෙනි. ඊට අමතරව මහිදගේ පිලේ අය සිටිද්දිම මහින්දගේ බලය අඩු කිරීම සදහා U.N.P පිරිසක් පෙදුජන පෙරමුණ වෙත ගෙන ආ හැකිය. එවිම එම ආණ්ඩුව පෙනුමින් පොදුජන පෙරමුණේ උවත් සත්‍ය ලෙසම එය U.N.P ආණ්ඩුවකි. නමුත් මෙහි තිබෙන වෙනස මහින්දට තමන්ට අවශ්‍ය සෙල්ලම් දැමිම සීමා වී යාමය. එසේම තව දෙයක් සිදුවිය හැකිය එනම් මහින්ද ගෝඨාභය ඉදිරියේ දණ නමා බලයට සදහා වන තම ගේම අතහැර දැමීමය. එයට එතරම් පහසු එකක් නොවේය. නමුත් එය සිදුවුවහොත් මීලග මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුව මහින්ද ගේ නොව එය UNP නොවන ගෝඨාභය ගේ ආණ්ඩුව වනු ඇත.

මේ අතර සජිත් විපක්ෂ නායක ලෙස සිටීම UNP යට අදාළ නොවන ප්‍රශ්නයකි. මොකද UNP යට ආණ්ඩුව කිරීමට තිබෙන නිසාවෙනි. එහෙත් සජිත්ට  UNP නායකත්වය හිමි නොවනු ඇත. සජිත්ව අදාළ වෙලාවට  විපක්ෂ නායක කමින් පන්නා දැමීම පමණක් සිදුවනු ඇත. කෙසේ වෙතත් මෙම ගේම් කැපිලි කෙටිලි තුල වෙනසක් බලාපොරොත්තු විමම අමු ගොන්කමකි. එහෙත් අන්දන ඇන්දිල්ල ඒ සමග පෙන්නෙ දේශපාලනය හා එහි ප්‍රතිඵල අප සැමට අමු අමුවේ භුක්ති විදීමට සිදුවේ. එම නිසා කඩතුරාව ඉරාදමා බලවේග සැබෑ වාම ජයග්‍රහණයක් වටා එකතු කිරීමට උත්සුක විය යුතුය. MCC පැමිණිමට නියමිතය. තවත් මර උගුල් කට්ටලක් ආණ්ඩුව ජනතාවට එරෙහිව එළමිත් තබේ. එම නිසා ජනතව ආමන්ත්‍රණය කළ යුත්තේ වෙනස් ආකාරයකටය. ඒ පාලකයන්ගේ ඇස් අන්ධ කරන ගේම ඇතුලේ නිලංකාරව තරු බලන උන් පිරිසක් ලෙසය. එහි වේදනාව වමේ පක්ෂ දරා ගන්නට යාමෙන් නොව එසේ නැත්නම් උන්ව සැනසීමට යාමෙන්නොව. වම කළ යුත්තේ ඇස්නිලන්කාර වු ජනතාව ඔක්කාරයට ඇදදැමීමෙන්ය. ජනාතාවට වේදනාව භාර කළ යුතුය. වේදනාවට පිළිතුර අප දෙනවා වෙනුවට ජනයාගෙන්ම ලබා ගත යුතුය. පිළිතුරු සේවිම වම භාරගත්විට නායකත්වද වම භාර ගත්විට ජනයාට කිරීමට ඇති කෙන්ගෙඩියක් නැත. එම නිසා ජනතවට ප්‍රශ්නය හා පිළිතුරු ද ජනයාටම ලබාදෙන ලෙසට බල කළ යුතුය. නමුත් නායකත්වය වම ලබා දිය යුතුය. සමහර පිළිතුරු අමන එවාය නමුත් ගමන යනවිට එවා හල හප්පා හොදම පිළිතුර අත්පත් කර ගැනීමට හැකිය. එමනිසා මේ උදාවන කාලය වමට හා දකුණට තීරණාත්මක වනු ඇත. වම තිවුර සටනකට පිවිසුවොත් දකුණ හා කරන තවත් ඓතිහාසික සටනක් දැක ගත හැකිවනු ඇත. එමනිසා ගෝඨාගමනය  වමට අසුබ නැත.

Thursday, February 6, 2020

උපාධිය බල්ලට දමන රැකියා දීමේ ක්‍රමවේදය නැවතත්


ආණ්ඩුව පරණ ක්‍රමවේදයටම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙන බව ප්‍රකාශ කළේය.

රැකියාවක් නොමැති වුවෙකුට රැකියාවක් ලැබීම හොදය. එය සතුටට කරුණකි.ඒත්  මෙම ක්‍රියාවලිය තුල උපාධිධාරීන්ට රැකියා වෙනුවට පුහුණුවක් ලබාදෙන බව පවසා ඉතා අඩු වැටුපකින් වැඩකරවා ගැනීම සිදු කරයි. පුහුණුවක තිබිය යුතු කිසිදු ගුණයක් මෙම ක්‍රියාවලියේ නැත. අඩුම තරමින් පුහුණු වන්නේ කුමක් ද යන්න පවා සදහන් නොකරයි. ඒ වෙනුවට රජයේ කාර්‍යාල වල වසර ගණන් පල් වු මෙතෙක් කරගත නොහැකි සියලුම කාර්‍යන් උපාධිධාරීන් පිට පටවයි. මෙය රැකියාවක් හෝ පුහුණුවක් නොව ඉහළ නිලධාරින්ගේ මනදොළ පිරවීමට අවශ්‍ය සුරතෙලෙකු සම්පාදනය කිරීම පමණක් සිදුවේ.

1995 හා 1998 බදවාගත් සංවර්ධන නිලධාරි කණ්ඩායම් මේ වනවිට වසර 20 සම්පුර්ණ කොට ඇත. මෙම වසර 20 තුල ඔවුන් විදි දුක් ගැහැට නිමක් නොවන බව කිව යුතුය. මොවුන්ට කිරීමට නිස්චිත කාර්‍යක් නොවීය. 2005 පසු බදවාගත් උපාධිධාරීන්ට ද අත්වුව තිබෙන ඉරණම එයයි. උපාධිධාරීන් සේවයට බදවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් නැත. එසේම සේවා ව්‍යවස්ථාවක් නැත. උසස් වීම් ක්‍රම වේදයක් නැත. තිබෙන ඒවා ඵලක් ඇති ඒවා නොවේය. එවා ගැලවිජ්ජාවට කරන ලද ඒවාය. නමුත් ඒ වෙනුවට ආයතන ප්‍රධානියා කියන කියන ආකාරයට ක්‍රියා කළ යුතුය. එය පමණක් උපාධිධාරීන්ට උරුමකර දී තිබේ.

1998 බදවාගත් උපාධිධාරියෙකුට ඔහුගේ ආයතන ප්‍රධානියා පවරා තිබු රාජකාරිය වුයේ ,එම ආයතනයේ වාහනය දවස තුල ධාවනය කරන ලද දුර වාර්තා කිරීමය. ඒ හැරුණාම ඔහුට වෙනත් රාජකාරියක් නැත. මේහා සමාන අද්දැකීම් තිබෙන දහස් ගණනක් උපාධිධාරීන් තවමත් සේවයේ යෙදෙති. එහෙත් ඔවුන් කිසිදු තෘප්තියක් නොමැතිව ආයතන ප්‍රධානියා දෙන වැඩක් කරමින් සිටියි. ලියුම් කැඩීම් ,කටු ගැසීම්, බිල් කැඩීම්, ෆොටෝ කොපි ගැසීම  ද උපාධිධාරීන්ට පවරා ඇති වැඩ වලට අයත්ය.

මෙම ක්‍රමවේදය යම් වෙනසකට භාජනය වේ යැයි බොහෝ දෙනා සිතුවද ඝෝඨාභාය රාජපක්ෂ රජයත් එම ක්‍රියාවලිය එලසම ක්‍රියාත්මක කරමින් සිටියි. එය කේදවාචකයකි. දැන් රැකියාවක් ලැබෙන සිගිනයේ සිටින උපාධිධාරීන්ට ලැබෙන්නේ රැකියාවක් නොවන බව සේවයට වාර්තා කළ පසු පසක්වෙනු ඇත. අනෙක් සියලුම රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාද තමන්ට නොමැති බව දැනගන්නට ලැබෙනු ඇත. එවිට උපාධි‍ය බල්ලට දමා ඇතිබව පමණක් වැටහෙනු ඇත.

උපාධිය බල්ලට දමන්නේ ඇයි.

උපාධිධාරීන් රටේ සංවර්ධනයට හෝ ජනතාව ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට යොදාගත හැකි ක්‍රමවේද දහසක් තිබියදි ආණ්ඩුව මේ ගෙනයන්නේ උපාධිධාරීන් හෑල්ලුවට ලක්කර උපාධියට තිබෙන වටිනාකම නැත්තටම නැතිකර දැමීමය. නැවත ඉගෙන ගන්නෙකුට උපාධිය එපා කරවන තරමටම මෙම ක්‍රියාවලිය නිර්මාණය වි ඇත. එය නැවත ආණ්ඩුව උත්සහ කරන ආධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලියත් සමග කදිමට ගැට ගැසෙන්නේය. එම නිසාම කිසි විටෙක උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කිසිදු ආණ්ඩුවකට වැඩපිළිවෙලක් තිබුණේ නැත. ආණ්ඩු රැකියා ලබාදෙන්නේ උපාධිධාරීන් උද්ඝෝෂණය කරන නිසාවෙනි. උද්ඝෝෂණ ද එකක් දෙකක් කිරීම ප්‍රමාණවත් නැත. ඊට වසර ගණනාවක උද්ඝෝෂණය අවශ්‍ය වන්නේය. අවසානයේ තකතීරු කපටි ආණ්ඩු මැතිවරණයක් කිට්ටු වී උපාධිධාරීන් තම දේශපාලන උවමානාවන් සදහා පාවිච්චි කර ගනිති. එහි කේදවාචකය මීට පෙර බදවාගත් සියලු දෙනා බුක්ති විදිමින් සිටියි. 

උපාධිධාරීන් ඡන්ද වැඩවලට යෝදාගන්නා ක්‍රම කිහිපයක් තිබේ. පළවෙනි ක්‍රමය උපාධිධාරීන් ගේ ගැටළුව  රටේ කතා බහට ලක්වූ පසු එම ප්‍රශ්නය විසුදු ආණ්ඩුව ලෙස ලකුණු දමා ගැනීමය. දෙවන ක්‍රම වේදය. ඔවුනව යොදාගනිමින් රටම ආවණය වන ලෙස ජනතාව කැන්වසින් කිරීම හා ඒවාට මාධ්‍ය ආවණ ලබාදීමය. ඊට ආණ්ඩුව ව්‍යාපෘතියක් නිර්මාණය කරන්නේය. එම ව්‍යාපෘතියේ ගොදුරු බවට උපාධිධාරීන් පත්වන්නේ කේදනීය ලෙසය. අවසානයේ ඔවුන්ව ඔහේ අතහැර දමන ආණ්ඩුව ඔවුන්ගේ කිසිදු ප්‍රශ්නයකට වග නොකියයි. 

අඩුම තරමින් ආණ්ඩුව උපාධිධාරීන් බදවාගන්නා නිශ්චිත ක්‍රමවේදයක් සැකසිය යුතුය. පුහුණුව නමින් නාටාමි සේවය පැවරීම වෙනුවට අවශ්‍ය පුහුණුව ලබාදෙන ක්‍රමවේදයක් සැකසිය යුතුය. වසරක පුහුණුව කුමටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුය. දැනට පුහුණුවට ගත් උපාධිධාරීන්ට ලබාදුන් පුහුණුව කුමක් ද යන්න පිළිබදව ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කළ යුතුය. අඩුම තරමින් පුපුහුණුවේදි උපාධිධාරීන්ට අත්කරගත නිපුණතාවයන් පිළිබදවත් ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුය. පුහුණු වසර යනු පුහුණුවට ගත්වසරක් නොවේය. එය බැලමෙහෙවර කිරීමේ හා පහත් තත්ත්වයට ඇදදමන වසරකි. අඩුම තරමින් වැඩකර මාසයේ අවසානයේ ලැබෙන දීමනාව ලබාදෙන දිනයක් හෝ සැකසීමට ආණ්ඩුව අපොහෝසය. සමහරුන්ට දීමනාව මාස ගණනකින් ලැබී නැත. ඊට බොහෝ හේතු කියන්නේය. එම නිසා මෙම පුහුණු වසර  උපාධිධාරීන්ගේ කොදු කඩන වසරකි. රැකියාව අප්‍රසන්න කිරීමේ වසරකි. ලබීමට තිබෙන රැකියාව එපා කරවන වසරකි. මේ හැරුණාම ආණ්ඩුව ලබාදෙන පුහුණුවෙන් උපාධිධාරීන්ට ලැබෙන දෙයක් නැත. එත් එක් දෙයක් ඉගෙන ගනු ඇත. රු 20000 කින් ජිවත්වෙන්නේ කෙසේද යන්න  ඉගෙන ගත හැකිය. මාර්තු බදවාගන්නා උපාධිධාරීන්ට 22500න් ජීවත් වන ආකාරය ඉගෙන ගත හැකිය. එම නිසා උපාධිය බල්ලට දමන මෙම ක්‍රියාවලිය දැන්වත් නතරකර නිශ්චිත ක්‍රමවේදයකට උපාධිධාරීන් රැකියා වලට අනුයුක්ත කිරීමට බල කල යුතුය.

මෙම තත්ත්වය තුල උපාධිධාරීන් සියලු දෙනාටම ශක්තිමත් වෘත්තීය සමිතියක් අවශ්‍යය. ඉන් තොරව උපාධිධාරීන්ට ගමනක් නැත. පුහුණුව අවසන් කළ  සංවර්ධන  නිලධාරින් ලෙස සිටින , පුහුණු වන පිරිස් හා අලුතෙන් බදවා ගැනීමට නියමිත උපාධිධාරීන් මේ පිළිබදව 
 දැඩි අවධාරණයකින් වැඩ නොකළෝත් 95,98 බදවාගත් උපාධිධාරීන්ට අත්වු ඉරණමට වඩා යමක් අත් නොවනු ඇත.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...