Saturday, September 14, 2019
අරගලයේ මාතලං ගේ වචන
සැරසෙන්නේ ස්වාධීන රැගුමකටනම් අනිවාර්යෙන් නායකත්වය අරගලයට පැමිණිය යුතුය.......( මාතලං - 2010 කිරිබත්ගොඩ දී )
මාතලං ටොක්කා උදුරාගෙන ගොස් වසර 9 ව තිබේ. වැසි වළා මැදින් සැප්තැම්බරය පැමිණෙන්නේ ශෝකි සුළග සැඩ සුළගක්වය. කැලණිය සිසාරා දිවෙන සීතල උණුසුම් කරමින් මාතලං ගේ මතකය විලාප දෙන්නේ වසර නවයක සිටය. අදත් මාතලං සමග ටොක්කා පැමිණ තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය ඔවුන්ගේ ජීවිතය දිග හැරීමටය. අප කම්මැලියන්ව සිටුනතාක් ඔවුන්ගේ මාවත අත්පත් කරගත නොහැක. ගිගුම් දෙන අහසයට සුරුවම් බාමින් ලෙහෙසි පහසු කාර්‍යවලට අතගසා සිටිය හැකිය. ඒවාට මහා දැවන්ත වැකි වචන යොදා සැරසිලි කරගත හැකිය. එහෙත් ඉන් කිසිත් නොවන වගනම් මාතලං ටොක්කාගෙන් ඉගෙනීම ආරම්භ කරනවිටම වටහාගත හැකිය.
අද පාවා දෙන්නන්ට රජ යහන් තැනෙන්නේ මාතලං ටොක්කා ගේ කතාව නොදන්නාකම නිසාවෙනි. කොතෙක් මිනිසුන් මහා යන වචනය ශබ්දයට කීවද එය කිසිදිනක මහා ලොකුවැඩ වන්නේ නැත. ආණ්ඩුවට ඒවා සරල ගණයේ හා පහසුවෙන් පාලනය කළ හැකි දේ බව මාතලං ගේ කතාව අපට කියාදෙනු ඇත.
මතලංගේ සටන පාවාදීමට එරෙහිව ගොඩනගන ලද්දකි. ටොක්කාට මාතලං අව්‍යාජ සටන් සගයෙක් වන්නේ ඒ නිසාය. උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිට් මාතලංට ජීවිතයේ ලිහා ගත යුතු මුලිකම සිද්ධාන්තයක් ලිහා දමා අවසන් කළේය. ඔහු මැඩුවම් පිදුරු හා වී කරල් හොදින් වෙන්කර ගැනිමට සමතෙක් වන්නේ ඒ කාලයේදීමය. ඔහුට ස්වාධීන වී පොරටොක් ගෝනි ගණන් පුරවා දැමිය හැකිබැව් දැනදැනත් ඔහු තොරා ගන්නේ ඉතා අපහසු වාමාංශික දේශපාලනයයි. අපිට දේශපාලනය එපා කියා නිද්‍රා ශීලිව කේවට්ටකම් කරන්නන් අතර මාත්ලං විශිෂ්ටයෙකු වන්නේ මේ නිසාය. මාතලං නම් අව්‍යාජ මිනිසාට පෙම් බදින්නේ මේ නිසාය. එසේම ආණ්ඩුව හා ධනේශ්වර අතකොලු වෛර කරන්නේද මේ නිසාය. එසේම මාතලංට ස්වාධීන උවානම් ටොක්කා හමුවන්නේ නැත. පීඩිතව දැවෙන මිනිසුන් හමුවන්නේ නැත. ඒ වෙනුවට පීඩාව දෙස බලා අසරණ යැයි සිතා පීඩිතයන් වෙනුවෙන් උදව් කරන්නෝ හමුවන්නට ඉඩ තිබුණි. එම නිසා වාමාංශික ව්‍යාපාර වල පවා දහසක් ප්‍රශ්න තිබියදි, වාමාංශික දේශපාලනය තෝරාගත් මාතලං, ප්‍රශ්නයේ මුලික හරය වෙන්කර පෙන්වා දී තිබේ.
තමන් තොරාගත් දේශපාලනය ඇද කුද වලින් පිරුණු එකකි. නමුත් ඔහු එහි කළ අරගලය සුළු පටු නොවේ. ඇදකුද නිසා තමන්ටද එහි බුල කෙළමින් පණ්ඩිත වචන තෙපලමින් සිටිය හැකිය. ඒ වෙනුවට අති දුෂ්කර දේශපාලන අවදියකට පැමිණි ඔහු දැන් සිට්න ජවිපේ ජනාධිපති අපෙක්ෂකයා සමග පවා සටන් කළේ නිවැරදි මතවාදය ගොඩනැගීමටය. ජවිපේ තුල අතෝරක් නොමැති මතවාද හැල හැප්පිලි වලදි කෙදිනකවත් ඔහු ස්වාධීන වීමට සිතුවේ නැත. ස්වාධීනව අරගලය අත්හිටුවේනම් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරගලය නැවති බොහෝ කල්ය. ඒ වෙනුවට තිබිය හැක්කේ අරගලය නොව ස්වාධීන වු මල් සංදර්ශන ව්‍යාපාරයකි.
මාතලං ගේ මුලික අරමුණ එලෙස ක්‍රියාත්මක වෙද්දි කිසිවිටෙකත් අරගල භූමිය අත්හරින්නට ඔහු සුදානම් නොවීය. කැලණියේ දී එල්ළවන මැර ප්‍රහාර කොපමණ උවද කළ යුතු කාර්‍ය නිමවා තැබීම ඔහු ගේ හැටිය. සමහරු දුරකතන විසංදිකොට රහසිගතව නිදා සිටින විට තනිව හෝ අදාළ කාර්‍ය නිමවාලීම ඔහුගේ සිරිතය. තනිව සටන් පාඨ ලිවීමටත් තනිව කටවුට් ගැසීමටත් ඔහු ඉගෙනගෙන සිටියේය. පාප්ප බාල්දිය වෙලි යාමට පෙර තවත් පාප්ප එකතුවුයේ අලුත් පොස්ටරය ඇලවීමටය. එහෙත් මාතලං දෙස බලන විට සමහර නායකයන්ට එලොව දෙල් පෙනෙනු ඇත. සමහරුන්ට දේශපාලන අදහසක් නැත. සමහරු පාවා දෙන්නේ තමන් මුදුනා මාර වැඩ්ඩා ලෙස පෙන්වාදීමටය. කිසිදිනක අරගල කරුවෙක්ට උචිත නොවන චින්තනයක් කරපින්නා ගන්නේ ඇගේ තිබෙන අලසකම නිසාය. අලසයා කෝපයෙන් වචන වැලක් තෙපළති. ඔහුට තමන්ව බේරා ගැනීමටත් තමන් ගතකරන අලස ජීවිතය වීර වික්‍රමාන්විත ජිවිතයක් ලෙස පෙන්වාදීමට ඉන් හැකියැයි සිතති. එහෙත් ඔවුන් කළ කිසිත් නැත. ඔවුන් වදය. ඔවුන්ට අලුත් නිර්මාණයක් කරනවා තියා පැරැන්නෝ ශිෂ්‍ය ව්‍යාපාරයට නිර්මාණය කළ දේ රැක ගැනීමටවත් බැරීය.
මාතලං අරගල භූමිය සරසන විට ජවිපේ න්‍යායිකව අධ්‍යාපනය විකිණීම උදෙසා ගෙන ආ තක්කඩි අදහස් වලට එරෙහිව අරගල කළේය. එසේම අන්තරේ තුල අරගලය පලල් කිරීමටත් නිදහස් අධ්‍යාපනය රැකගනිමු. යන සටන්පාඨයේ සිට නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම දක්වා වු සටන්පාඨය අන්තරේ තුල තහවුරු කිරීමට ඔහු නොමද දායකත්වයක් සැපයීය. එකළ ආණ්ඩුවේ මැර නියෝජිතයා ලෙස කැලණියේ මර්වින්ගේ යකඩ චේන් පහරවල් හෝ දැලි පිහි පහරවල් මාතලං නවතා දැමීමට සමත්වුයේ නැත. එසේ මිනිසෙක්ගේ ආ ගමනය ආණ්ඩුවකට අභියෝගයක් වනවා මෙන්ම රාජපක්ෂ රැස්වළලලට වූ හානියකි. එකින් එක පෙළ ගැසි පැමිණි විරෝධය සමනය කරන්නේ කෙළෙසද? බියට පත්වුවන් නැගි සිටින විට රාජපක්ෂ ආණ්ඩුව දරාගන්නේ කෙළෙසද? එකළ ආචාර්ය අරගලයේ දි ආචාර්යවරු මේච්චල් වෙද්දී ශිෂ්‍ය ව්‍යාපාරය මේච්චල් කරගත නොහැකි තැන එහි නොහැකියාව අවසන්කළේ මාතලං ගේ හා ටොක්කා ගේ ජිවිත උදුරා ගනිමිනි.
මාතලං තවමත් ශිෂ්‍ය ව්‍යාපාරය ඔබ පැතු ලෝකය ගොඩනැගීමට වෙහෙසෙති. විවිධ මොහොතකවල් වලදි සතුරන් විවිධ මුහුණු පැලද පැමිණි බවත් සැබෑව. එහෙත් තවමත් අන්තරේ ස්වාධීන වී නැත. එය මාතලං ටොක්කා ගේ රුධිරයෙන් මෙන්ම අතීත විරුවන්ගේ රුධිරයෙන් රක්තවර්ණව වාමාක්ශික ව්‍යාපාරයක්ව ඉදිරියට ඇදෙමින් ඇත. අන්තරේ අරගලය අත්හලේ නැත. එය මාතලං ටොක්කා ශිෂ්‍ය ව්‍යාපාරය තුල තබා ගිය සලකණු ඉදිරියටත් නොමැකෙන බවට වන සාක්ෂියයි. එමනිසා සෑම අරගලයකදීම මාතං ටොක්කා සටන් සගයිනි ඔබ අප සමග ධෛර්‍යෙන් අත්වැල් බැදගෙන සිටිනු ඇත.
ලසන්ත රණවීර විසිනි
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...







No comments:
Post a Comment