Tuesday, September 10, 2019
මහීල් සමග ජවිපේ රමණයේ දරුවා
මහීල්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ වැදගත් කාර්‍ය භාරයන් රැසක් පැවරී තිබිණි. එය සුළු පටු නොවේ. නමුත් මහීල් වැනි අපරිණතයෙකුට එවැනි දේ කළ නොහැක්කකි. ඔහු ඒ සදහා සුදුපාටේ සරණ ගියේ ජවිපේ උපදෙස් පිටය. මහිල් ට පෙසප සමග ගෝරනාඩු දමා ගැනීමටද අවශ්‍ය නොවීය. නමුත් ඔහු රමණයට පිවිසියේ ජවිපේ සමග නිසා එය නොකර බැරී තැනට වැඩ සිදුවුවේය. මොකද නැත්නම් මහීගේ සහ ජවිපේ දීගය කඩා බිද වැටෙන්නේය. මහීල් අන්තරේ කැදවුම්කරු කමෙන් ඉල්ලා අස්විමට තීරණය කරන්නේ ද මේ අවදියේය. එහෙත් ඊට ඉඩ නොදුන්නේ ජවිපේ විසිණි. ජවිපේ ඔහුට කීවේ ´සහෝදරයා තව මාස දෙකක් අල්ලගෙන ඉන්නා ´ලෙසය. එහෙත් මෙවන් අවස්ථාවක ශිෂ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටින සටනට මහීල් නායකත්වය දෙන්නේ කෙසේද?
මහීල් මෙම නිසාම ජවිපේ වේසා ගෑනි ගණනට දමා විකල්ප සොයා යන්නට විය. මහාචාර්ය වරු ඔහුට උපදෙස් දුන්නේය. කලා කරුවන් කිහිපදෙනෙක් ද මේ අතරට එකතු කර ගත්තේය. ඔවුන් ප්‍රකාශ කරන දේ මහපොළවේ පැල කරනු තියා තවකෙකුට කියා ගන්නටවත් බැරිය. නමුත් ඉන් කිහිපයක් ගෙන අන්තරේ සාකච්චාවට ගෙනාවේය. මහීල් ගේ මෙම නාඩගම් උපේක්ෂාවෙන් ඉවසා සිටි අන්තරේ අනෙක් නායකයින් මහීල්ට ඔහේ කියන්නට දී කර බා සිටියේ මහීල් නිවැරදි පීල්ලට ගෙන ඒමටය. එහෙත් මහීල්ට ඒවා තේරෙන්නේ නැත. ඔහු අතට ගත් පිහියෙන් සැවෝම කපා දමන්නට විය. අන්තරේ ගොඩනගාගත් විනය කීතු කීතු කළ ඔහු සැමට අනින්නට පටන් ගත්තේය. දැන් මොහු අන්තරේ තනිව බලාපරාක්ක්‍රම විහිදුවමින් පිම්මේ දුවන්නට විය. එහෙත් ඔහුට තනිව කළ හැකි දේ බොහෝ අල්පය. එය ඔහු තවත් වෙහෙසට පත් කළේය.
ඉන්පසු මහීල් නැවත වේසා ගෑනී වෙත ගියේය. ඔහු උද්ව් ඉල්ලා සිටියේය. ජවිපේ එක් කොන්දේසියක් මත මහීල් ගේ පිහිටට පැමිණියේය. ´ඔයා තව මාස දෙකක් ඉන්න ඕන ඊට පස්සේ අපි අපේ කෙනෙක් ගේනවා. එතකොට ඔයා අන්තරේ එයාට බාරදිලා අයින්වෙලා යන්න ඕන. මහීල් තක්බීරි වී ගීයේය. එහෙත් ඔහුට කරන්නට දෙයක් නැත. ඔහු මොකුත් නොකියා ඔළුව වැනුවා පමණි. ඊලග අන්තරේට ජවිපේ සාමාජිකයින් දෙදෙනෙක් වාඩි වන්නේ මේම එකග තාවය සමගය. මහිල් ඔවුන් සමග ජවිපේ හුදකලාව පවත්වාගෙන යන ආයතන කිහිපයක් අන්තරේට ගෙන ආවේ තමන්ගේ බලය වැඩිකර ගැනීමටය. දැන් මහිල් අන්තරේ සිටින්නේ තනිව නොවේ. ජවිපේ කිහිපදෙනෙක් ඔහුගේ සහයට පැමිණ තිබේ. එය ඔහුට සහනයක් උවද අන්තරේ සාමාජිකයන්ට එය එතරම් හොද ක්‍රියාවක් නොවුනේ සම්ප්‍රදායිකව නව ආයතන අන්තරේට ගෙන්වාගැනීමේදි අනුගමනය කරන කිසිවක් මහීල් අනුගමනය නොකරන නිසාවෙනි.
පෙසප ද මහීල්ට කතා කර ශිෂ්‍ය ව්‍යාපාරයේ තොරතුරු අසන්නේය. මහීල් එය ජවිපේ කනේ තිබු සැනින් එම දුරකතන පණිවිඩ පටිගත කරන ලෙස ඔවදන් දුන්නේය. එම උපදේශය සමග මහීල් පෙසප නායකයන් ඇමතුවේය. ඔහු ඒව පටිගත කලා පමණක් නොව ජවිපෙට ගෙනගොස් දුන්නේය. මෙම සිදුවීම් මෙසේ සිදුවෙද්දී අධ්‍යාපන පෞගලීකරණයට එරෙහි සටන ඇලී මෑලි වන්නට විය. මෙම නිසාම අන්තරේ සමහර නායකයෝ කෙලින්ම මහීල් සමග ගැටෙන්නට පටන්ගත්තේය. මෙහිදී මහීල් ගේ තග ගණනට වඩා වැඩිවිය. එමනිසාම අන්තරේන් ඉවත්වන ලෙසට මහීල්ට ප්‍රකාශ කළේය.
කිසිවෙක් මල්වැස්සේ තෙමෙන්නට කැමති උවත් මෙම වැස්සේ තෙමීම ඇගට හොද මදි බවට ඉගී පහළ වන්නට විය. බොහෝ විශ්වවිද්‍යාලවල සබාපතිවරු පෙර කැදවුම්කරු ළහිරු වීරසේකරට කතා කළේය. මෙම උගුලේන් බේරීමට උපදෙස් පැතීය. ළ්හිරුද මහීල්ට කතා කළේය. එහෙත් පලක්වුවේ නැත. මිට පෙර සිටි කැදවුම්කරුවන් ද මේම වකවානුවේ මහිල්ව හමුවී හා දුරකතනයෙන් කතා කළේ මේ පිළිබදවය. නමුත් මහීල්ට ජවිපේ ඉල්ලීම තියා කිසිවෙකුගේ ඉල්ලීම් වලට ඇහුම්කං දීමට වේලාවක් නොවිය. අන්තරේ තුල ඔහුගේ නමින් ලියැවුණු චොදනා මිටියක් ඔහු මතට ඇත හැරීයේය. ඔහු නොසන්සුන්ව එහෙ මෙහේ දුවන්නට විය. අවසනදි මෙම වේදනාවට ඔරොත්තු නොදුන් මිනිසා අන්තරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ජවිපෙට ද නොකියාමය.
ජවිපේ කැදවුම්කරු මාරුව දන්නේ අන්තරේ සාකච්චාව යන අතරවාරේය. එය ජවිපේ ද නොසන්සුන් කරන්නක් වුවේය. එහෙත් එය සිදුවී හමාරය. කැදවුම්කරු මාරුවිම ප්‍රකාශ කළ මහීල් පෙරාදෙනියට ගොස් ඉස්පාසුවේ සිටින්නට විය. එහෙත් ඒ දින දෙකක් පමණි. ජවිපේ ශිෂ්‍ය අංශයේ දේවා පේරාදේණියට ගොස් සිටියේය. ඔහු සමග කතා කිරීමට එන ලෙසට මහීල්ට පණිවිඩ පිට පණිවිඩ ලැබුණේය. එහෙත් මහිල් එහි ගියේ කැමැත්තෙන් නොවේ. නමුත් මහීල් අදසහස දේවා හමුබ්වු පසු වෙනස් විය. දැන් නැවත මහීල් මාස දෙකක් කැදවුම්කරු වීමට කැමැත්ත පල කළේය. ඒ අනුව කැදවුම්කරු සම්බන්ධය පේරාදෙණියේ තීරණය වෙනස්විය. මහීල් කැදවුම්කරු ලෙස සිටිය යුතු බවට පේරාණිය තීරණය කළේය. ඒ මහීල් පෙරාදෙණියේ දී කළ කැම්පේන් එකට අනුවය. සබරගමුවේ ද එම අදහසට ගෙන ඒමට මහීල් අවශ්‍ය තොරතුරු ලබාදුන්නේය. එහෙත් අනෙක් විශ්වවිද්‍යාල තුල එම අදහස කියන්නට කෙනෙක් සිටියේ නැත. එම නිසා මහීල් පේරා සහ සබරේ සමග සටනට ප්‍රවේෂ වුවේ ජවිපේ මග පෙන්වීම යටතේය.
මහීල් නැවත දේවා සොයා පැමිණියේ. සැප් 7 රාතියේය. ඒ කොට්ටාවේ ජවිපේ ශිෂ්‍ය අංශ කාර්‍යාලයටය. එහෙත් දේවා එහි නොවීය. මහීල්ට දේවා එනතෙක් එහි රැදී සීටීමට සිදුවිය. දේවා සෙනසුරාදා 10ට පමණ මහීල්ව හමුවිය. එදිනම ජවිපේ ශිෂ්‍ය අංශ සාමාජිකයන් කෝට්ටාවට කැදවා තිබිණි. දැන් ඔවුන්ගේ සාකච්චාව තිබෙන්නේ කෙසේ හෝ මහීල්ව කැදවුම්කරු ලෙස තබාගන්නේ කෙසේද යන්නය. ඊට පෙසපට එරෙහිව මහිල් ගෙනා උදාහරණ තොගයට ජවිපේ න් තවත් උදාහරණ සැපයුවේය. එහෙත් ඒවා වර්ගකර හොදින් සකසා ගන්නට කාලය ප්‍රමාණවත් නොවන නිසා සෙනසුරාදා අන්තරය ඉරිදාට කල් දමන ලෙස මහීල්ට ජවිපේන් උපදෙස් ලැබුණේය. ඒ සමගම අන්තරේට යා හැකි සියලු දෙනා සෙනසුරාදා කෝට්ටාවට කැදවිය. ඔවුන් එහිදී හොදින් සුදානම් වුවේය. එකිනෙකාට හැම කරුණක්ම හිදින් අවධාරණය කළේය. අවසානයේ දී ජවිපේ දේශපාලන මණ්ඩල සභිකයන් කිහිපදෙනෙක් ගේ ද අධික්ෂණයෙන් පසු සියලු දෙනා අන්තරේ වෙත ගියේ මහීල් තව දුරටත් කැදවුම්කරුකමේ තබා ගැනීම සදහාය.
ජවිපේන් පැමිණි අය පෙනි සිටියේ ස්වාධීන පුද්ගලයන් ලෙසය. එහෙත් මහීල් ගෙනා කොළ කැබලි රෙකෝඩ් පරයා මහීල් ගොඩනගාගෙන තිබු කුණු කන්දල් විශාල විය. ඒවා පරයා යාමට කිසිදු කරුණකට හැකියාව නොලැබුණි. සමහර චෝදන ඇසු විට හිරිකිතේ වෙව්ලා යන්නේය. එවා එතරම්ම සෝචනීය දේවල්ය. අවසන ජවිපේ සුදානම ව්‍යර්ථව ගිය පසු මහීල් නැගිට යන්නේ ජවිපේ කාර්‍යාලයටය. එහි සුදානම් කර දිබු කැමරාව වෙත ගොස් අන්තරේට යාමට පෙර සකසාගත් සියල්ල දිග හරින්නේ මහා පවාදීමේ සංකේතය ලෙසය. මේ සියල්ල මහීල් තනිව ක්‍රියාවේ යෙදවුවද ඇත්තටම සිදුවුවේ ජවිපේ කළ නිර්මාණය මහිල් හරහා එළියට දැමීමය.
මහීල් ජවිපේ සමග රමණයෙන් දරුවෙක් පිළිසිද ගත්තද එම දරුවා බිහි කිරීමට තරම් හයියක් නොවීය. මහීල් එම දරුවා ගබ්සා කර දැමුවේ ඉපදීමට මාස දෙකකට පෙරය. දැන් ජවිපේ සමග රමණයෙන් මහීල්ට ඉතිරු වු කිසිවක් නැත. එහෙත් කිසිවෙකුට පියවිය නොහැකි හානියක් කර හමාරය. මෙම හානියට වේසා කමේ ගිය කිසිවෙක් වගකියනේ ද නැත. ඔවුන් එසේ කිසිත් නොකළ ගානට සිටින්නේය. එහෙත් ඊට වන්දි ගෙවන්නට ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවනු ඇත. මහීල් එය පමණක් ශිෂ්‍ය ව්‍යාපාරය වෙත උරුමකර දී තිබේ. නමුත් ඊට ශක්තිය ශිෂ්‍ය ව්‍යාපාරය තුල තිබේ. එය නැවත දිනකදි සියලු දෙනාට දැකගත හැකිවනු ඇත. එමනිසා සමනලුන්ගේ අත්තටු කඩලා දැම්මට උකුස්සන්ගේ ගලවන්න පුළුවන් වෙන්නේ පිහාටු පමණක් බව ඔවුන්ම ප්‍රකාශ කරනු ඇත.
ලසන්ත රණවීර විසිනි.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...


No comments:
Post a Comment