Monday, September 9, 2019

පෙසපේ ගොන්කං සහ මහිල්ගේ පාවා දීම


විශ්වවිද්‍යාලයට දේශපාලනය අලුත් දෙයක් නොවේ. එය මහීල්ට අලුත් දෙයක් වීම කේදනීයවේ. දේශපානයෙන් විතැන් සමාජයක් ප්‍රාර්ථනා කරන උන් කපටියෝය. බොරදියේ මාළු බාන්නෝය. තමන් නියෝජනය කරන අදසක් කෙලින් කියාගන්න බැරිව සුදු පසු බිමට හිද කපටි කමින් බලයට පැමිණෙන්න කස කවන්නෝය. මහිල් එවැන්නෙකි. නොම්බර එකේ කපටියෙකි. පෙසප ගොනාට ඇන්දීමට හැකි කපටියෙකි. ඔහු ඉතිහාසයේ ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හැකි විශාලතම පාවාදිම කර ඇත.

සයිටම් අරගලය ඉදිටියට ඇදුනේ බොහෝ අර්බුද ඇතුලේය. එම අර්බුද වලට වෙට්ටු දමා ගිය පෙසප සැබෑ ප්‍රශ්නයට සැබෑ පිළිතුරු ලබා දුන්නේ නැත. කොටින්ම පෙසප තම ශිෂ්‍ය සංගමය වු විප්ලවවාදි ශිෂ්‍ය සංගමය පළල් කිරීමටවත් සිතුවේ නැත. වෙනත් වචනයකින් කියතොත් අරගල කරුවන් නිර්මාණය කළේ නැත. ඒ වෙනුවට සයිටම් අරගලයේදි සැරසිලි දේශපාලනය කළ අවස්ථාවාදින් වටකර ගත්තේය. හොදම සටන් කරුවෝ දහදිය තෙමිගිය රෙදිපිළි උනා දමා නැවත උපාධියට පුහුණු කළේය. එහිදි අමාරුව වැඩියෙන් හිටි කිහිපදෙනෙක් පමණක් පෙසපේ බලෙන් ඉල්ලී ගත්තේය. ඔවුන් වටිනා කමින් කම්කරුවන්‍ ය. ඔවුන්ට සමාජවාදය  අවුලා ගැනීමට ඉඩ හැරියා මිස ඔවුන්ව ගොඩනැගීමට අවශ්‍ය මැදිහත්විම නොකළේය. ඔස්ති නොහොත් මහීල් පැරෂුට් කරුවෙක් වන්නේ මෙවැනි වටපිටාවකය. ඇත්තෙන්ම සතුරාට අඩගසා ආරක්ෂාකළ යුතුම දේ බාර කේළේය. එයට ගොන්කම හැරුණාම කීමට වෙනත් වචනයක් තිබේනම් එය ඊට වඩා ඉහළ එකක් මිස පහළ එකක් නොවේ.

මහීල් පෙසපේ දේශපාලනයට පැමිණ වගකීම් සහගත ලෙස වැඩකළ අයෙක් නොවේ. ඔහුට අන්තරේ බාරකෙරුමට පෙර පරීක්ෂාවට ලක්විය යුතු අවම මට්ටමක්වත් පසුකළේ නැත. සැරසිලි වලට පමණක් වසග වු මහීල්ට කළ හැක්කේ කුමක්ද යන්න පවා පෙසපට අදහසක් නොතිබෙන්නේ මේ නිසාය. එම නිසා පවා දෙන්නාට බැනවැදි වැඩක් නැති වන්නේ මේ නිසාය. එහෙත් පෙසප කළ මෙම ක්‍රිඩාව අදේශපාලනිය. සහිමද ගතියෙන් ගත් තීරණයක්‍ ය. මෙම නිසාම නැවත හැරවිය නොහැකි දේශපාලන ප්‍රපාතයකට ශිෂ්‍ය ව්‍යාපාරය ඇද දැමුවේය.

මහීල්ගේ ජීවිතය කැපකීරීම් වලට සුදානම් වු එකක් නොවීය. ඔවු ආතල් වලට ලොල්ව එහි පිහිනායමින් සිටි පිහිණුම් සූරයකි. ඔවුගේ මෙම පසුබිම වමේ දේශපාලනය දරන්නට හැකි එකක් නොවීය. අදික වැඩ තෙහෙට්ටුව ඔවුව පිනවනවා වෙනුවට ඔවුව අසරණ කළේය. තම්න්ගේ අතෝරක් නැති අතල් ජීවිතයේ අහිමිවීමත් තමන් අකමැති කර්කශ වටපිටාව පලවා හරින්නට ඔවුට සිතෙන්නේ එබැවිණි. අතෝරක් නොමැති නිදි වර්ජිත කමිටු ඔවුට හිතකර නොවුවේය. පෙසප ඊට කෝප වී යස්ටිය අතට ගෙන අහිංසකයාට අතල් ජීවිතය කැපකරන්නට කීවද එඅය ඔවු කෙසේ කරන්නද? අඩුම තරමින් ඔහුට ශක්තිමත් මතවාදයක් තිබුනේනම් ඉන් සිත හදා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් ඔහුට අපරණිත එහෙන් මෙහෙන් අහුලාගත් වචන කිහිපයකින් කැදවුම්කරු කම කීරීමට බැරීය. අන්තරේ යොදාගත් වැඩ මග හැරීම ඒවා නොතකා ෆොන් off කර මුල්ලකට වී නිදා ගැනීම හැර වෙන කුමක් කරන්නද? මෙම නිසාම මතු වු වෙවේඡන කන්ද මහීල්ටත් වඩා උසට වැඩෙද්දි ඔහුට කුමක් සිතෙන්න් ඇදද? මහීල් නුඹ දැක පැමිණි සැරසිල්ල පිටිපස දැවැන්ත කැපකීරීම් තිබෙන බව දැකගත්විට ඒවාට තමන් ද හවුල්විය යුතු බව දැක්කාම, ඒවා නිමාවක් නොවන බව දැක්කාම මූත්‍රා අඩස්සි වනවා හැර වෙන කුමක් සිදුවන්නේ ද? එහෙන් මෙහෙන් පැන දුවලා බෙරෙන්න හැදුවත් නැවත පැමිණෙන විට තත්වය  තවත් බරපතල වී හමාරය.

මෙය මහීල්ට කොතරම් සංකීර්ණ අවස්ථාවක් වුවේද? එමනිසා ඉන් මිදීමේ මාවතට යාම හැර ඔහුට ඉතිරිව වෙනත් මාවතක් නෝවීය. කප්පරක් විවේඡන් සමග තමන් ගැනම ඇතිවන ආත්ම අනුකම්පාව කෙළවර කළේ ජවිපේ ඔඩොක්කුව වෙත ගෙනයාමය. ජවිපේ මහීල්ව සම්පූර්ණයෙන් බාරගත්තේද නැත. මහීල්ට උදව් කිරීමට ජවීපේට ද අවශ්‍ය වූවේ නැත. ඒ වෙනුවට මහීල් ඉදියට දමා ගනිමින් ජවිපේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග වෙනත් සෙල්ලමකට අවතීර්ණ විය. මහීල්ට එය හොද මදිවිය. ඔහු උගත් බුද්ධිමතුන්  සොයා ගියේය. ඉන් ඔහු තවත් පිරිසක් හවුල්කරගෙන ව්‍යංජනයක් තනාගත්තේය. එහි වැඩ පිළිවෙල සිහින මයාවක ගිලිගිය මානසික සහනයක්ම විය. එය කොහෙත්ම ආණ්ඩුවේ අධ්‍යාපන විකිමේ වැඩපිළිවෙළ පරාජය කිරීමට නොහැක්කකි. රගර් ගසා QAAC පනත පරාජය කළ හැකිනම් මීට පෙර ශිෂ්‍ය් ව්‍යාපාරය එහි කප් ගසනු ඇත.

මහීල් වේදිකාවෙන් බැස යා යුතු අවදියට පැමිණියේය.තනාගත් ව්‍යංජනය රසවත් යැයි පෙනුනත් එහි ඇත්තේ මොළ විරේකයකි. එය දන්නා කවුරුත් මහීල්ට වේදිකාවෙන් බැසයන ලෙස කියනවා හැරුනාම වෙන කුමක් කරන්නද? ඊට එකග වු මහීල් ජවිපේ ගුංඩු ගිලීම නිසා ඔහු කළ යම් කාර්‍යක් තිබුණේනම් එයද ඔහු සමග කුණු බක්කියට වැටුණේය. පෙසප මහිල් ඉවත් කිරීමට සැරසෙදිදී ජවිපේ මහිල් ආරක්ෂා කීරීමට කොට්ටාවේ දි රැස් විය. එහිදි කළ සැලසුම් සියල්ල මහිල් යූ ටියුබ් හරහා එළියට දමා තිබේ. එය හෙට දින ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා පවාදීම ලෙස සමාජය සාකච්චා කරනු ඇත.

දැන් නව කැදවුම්කරු ලෙස ජිනරතන හිමි පත්ව හමාරය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇද වැටි තිබෙන තත්වය ජිනරතන හිමිව මහා අසීරුතා ගොන්නක් වෙත ගෙන යනු ඇත. මේ සමග එන මර්දනය මහීල් ගේ පවාදීමේ බිල්ල ගනු ඇත. ඒ කවුරුත් උවත් ඔහු හෝ ඔවුන් නැවත නිදහස් අධ්‍යාපනය මෙම භූමියේ පිඩිතයන්ගේ අවශ්‍යතාවක් බවත් ඊට ශිෂ්‍ය ව්‍යාපාරය නොසැලී නායක්ත්වය දුන් බවත් කියනු ඇත. එමනිසාඅනිවාර්‍යෙන්  පවාදෙන්නන් සිටින විට වීරයන් නිර්මාණය වීම වැලැක්විය නොහැක.

ලසන්ත රණවීර

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...