Monday, September 16, 2019
අධ්‍යාපනය විකිණීමට සියල්ල සුදානම්
QAAC පනත ඇවිත් ලොකු කාලයක් ගියේ නැත.දැනට දින කිහිපයකට උඩදි ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මෙහි බරපතලකම කොතෙක්ද කීවෝත් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන කටයුතු කරන අවසන් ශිෂ්‍ය ප්‍රජාව ලෙස දැනට විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාර්ථයින් ඉතිහාසයට එක්විමෙන් වටහා ගත හැකිය. මීට පෙර සටන් කළ මිනිසුන් නිසා අද අධ්‍යාපනය හදාරන්නෝ විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. එහෙත් ඉතිහාසයේ සිටි එකි මිනිසුන්ගේ සටන්වලට තවත් ඉදිරි පරම්පරාවකට ඉකී අවකාශය උදාකළ නිහැකිය.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ අර්ථය මින්පසු වෙනස් වීමට නියමිතය. එම සංශෝදයෙන් පසු නිදහස් අධ්‍යාපනය නාමික වන අතර රටේ ඉදිරි අධ්‍යාපනය මුදල මත පමණක් පදනම් වු ක්‍රියාවලියකට පැමිණෙනු ඇත.
ආණ්ඩුවේ කාලය අවසන් වීමට තිබෙන්නේ ඉතා කෙටි කාලයකි. දැන් ආණ්ඩුව එක්කෝ ගෙදර යාමට හෝ නැත්නම් එය තවත් ජයග්‍රහණයක් ලෙස සමරා ජන්දයට ඉදිරිපත්විමට සුදානම් වෙමින් සිටියි. එය මෙතෙක් හෝ ප්‍රමාදවුවේ අන්තරේ නිසාය. අන්තරේට බිය වු බොහෝ එජාප මන්ත්‍රීවරුන් මෙම පනත ජන්ද කටේ ගෙන එන්නේ කුමක් නිසාද? අපි නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතු නැද්ද? වැනි ප්‍රශ්න නායකත්වයෙන් විමසමින් සිටියේය. එහෙත් දැන් අන්තරේ සටන් බිමේ නැත. මේ නිසාම එජාප නායකත්වය වඩ වඩා වේගවත් වෙමින් සිටියි. ඔවුන් එජාප මන්ත්‍රීවරුන් ගේ බිය පහවයාම සදහා වන කරුණු කාරනා සවිස්තරව මන්ත්‍රීවරුන්ට පැහැදිළි කොට ඇත. ඔවුන්ට තිබෙන්නේ පොඩි ජොලි පාට් එකක් පමණක් බව එජාප නයකත්වය අවධාරණය කොට ඇත.
ශිෂ්‍ය ව්‍යාපාරය කෙදිනකවත් අත්නොදුටු අකාරයේ අද්දැකිමක් අත්විදිමින් සිටින මොහොතක එය විද දරාගැනීමින් ද සිටියි. ඊට කොතරම් කාලයක් ගතවනවාදැයි තවම නිශ්ච්‍යය කළ නොහැක.එහෙත් සතුරා පැමිණ බල්ටි ගසමින් ශිෂ්‍ය ව්‍යාපාරයට උසුළු විසුළු කරන්නේ මේ ඉඩ භාවිතා කරමින්ය.
සයිටම් සටන මෙන් බොහෝ කලක් සටන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුව මේ සදහා කල්ගන්නේ නැති නිසාම සියල්ල ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරනු ඇත. මෙම සිටලුම තත්වයන් ශිෂ්‍ය ව්‍යාපාරයට අවාසිසහගතය එහෙත් ආණ්ඩුවට ජයග්‍රහණය දී සිටිය හැකිද? ඊට එරෙහිව කවුරුත් හෝ සටන ආරම්භ කළ යුතුය. එය ශිෂ්‍ය ව්‍යාපාරය හෝ වෙන කවුරුන් විසින් කළද ආණ්ඩුවට වඩා වේගයෙන් සටන ප්‍රසාරණය කළ යුතු බව පමණක් අවධාරණය කරමු.
ලසන්ත රණවීර විසිනි.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment