මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා පිරිමසා ගැනීමට තාක්ෂණය අත්‍යාවශ්‍යය. ගෙදරක ගෑස් කුකර්,බ්ලෙන්ඩර්,ෆිරිජි,අයන්, වෙෂින් මැෂින් නැතුව්ම බැරි තැනට වැටි තිබේ. ඒ ධනවාදය අපට උරුමකර දී තිබෙන අවිවේකි ජීවිතයත් සමගය. දැන් ජීවත්වීම අරගලයකි. ඊට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේය. ආහාර,ඇදුම් පැලදුම් හා නිවාස පෙර ලෙස තනා ගැනීමට නොහැකිය. ඒවා පෙර පරිදි බුක්ති විදිය නොහැක. දැන් නිවසකට විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදි ගත යුතුය. එසේ නොවුවහොත් ජිවිතය තවත් දුෂ්කරවනු ඇත.මිනිස්සුන්ගේ මෙම ප්‍රශ්නයට ධනවාදය ආමන්ත්‍රණය කරනුයේ හැකිපමණ භාණ්ඩ ගොඩගසා ගන්නා ලෙසට ආරාධනා කිරීමෙනි. දැන් ඒ සදහා වෙලද පොළට සමාගම් රාශියක් පැමිණ තිබේ.abans,singer,samsun,LG,softligic,damro අදී ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ නොවන තවත් චීන හා ඉන්දියන් සමාගම් රාශියක් අපට භාණ්ඩ බෙදා හරිමින් සිටියි.
මෙම කිසුදු භාණ්ඩක ගුණාත්මක භාවය ඉතාම පහළ මට්ටමක පවති. සමාගම් තම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ දීර්ඝ කාලයක් සදහා නොවේ. එය ඔවුන්ට අවාසි සහගතය. ඉතාවේගයෙන් කැඩිබිදියන භාණ්ඩ තොගයක් ඉතා වෛවර්ණ ලෙස විදුරු කඩවල දමා තිබේ. ඒවා අතිශයින්ම අලංකාරය. දකින ඕනෑම කෙනෙක්ට ඒවා මිලට ගැනීමට සිතෙන පරිදි හොදින් සකසා ඇත. පරිබෝජන වදින් ලෙස ගොඩනා තිබෙන මිනිසුන් එවා ලබාගැනීමට වෙහෙසෙති. සමහරු තමන්ට අවශ්‍ය නොවන නමුත් එවා ලබාගන්නේ තමන්ගේ තත්වය උසස්කර ගැනීමටය. ඒ කෙසේ වෙතත් ඒ කිසිදු භාණ්ඩයක් වැඩුකල් නොපවතින බව පමණක් කිව යුතුය.
බොහෝ දෙනෙක් පැතලි තිර රූපවාහිනී රැල්ලට මිලදී ගත්තේය. එහෙත් ඉන් ප්‍රමාණයක් අවසන් ගමන්ගියේ සමාගම ලබාදෙන වගකීම් කාලයද ඉක්මවීමට ප්‍රතමය. අනෙක්වා වැඩිමනක් වගකීම් කාලය අවසන්ව මාසයක් හෝ දෙකක් ඇතුලත අවසන් ගමන් ගියේය. අප දැඩිලෙස වෙහෙසි සොයාගත් සොච්චම් මුදල ඔවුන් සොරාගෙන නිවසේ කිසිදු වැඩකට නැති කුණු ගොඩක් පමණක් ඉතිරිකර දැමුවේය. දැන් එවැනි කුණු සෑම නිවසකම ඉතිරිගොස්ය. වැඩිමණක් ඇත්තේ ජංගම දුරකතන කුණුය.එම භාණ්ඩ වලට හුරුවීම නිසා නැවත ඉතා අමාරුවෙන් තවත් භාණ්ඩයක් ගෙනවිත් වසරකින් දෙකකින් තවත් කුණු ගොඩක් එකතු කරනු ඇත.
සමාගම් මෙලස ඉතා බාල භාණ්ඩ විකිණීම හරහා දැවැන්ත ලාභයක් උපයාගනු ලබයි. මොවුන්ගේ මෙම ජාවරම නිසා මිනිසුන් ඉතා කෙටි කලදි භාණ්ඩ නැවත නැවත මිලදි ගැනීමට සිදුවී තිබේ. එමනිසා සමාගම්වල ප්‍රතිනිෂ්පාදනය ඉතාවේගයෙන් ඉහළ ගොස් ඇත. මෙම නිසාම සාමාගම් කිසිවිටත් ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ නිපදවන්නේ නැත. මේ දෙස බලා සිටින පාලකයන් ජාවරම හොදින් කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙයි.
මිට පෙර ලංකාවට ගෙන්වු රූපවාහිනියක් , ශීතකරණයක් වසර 20 පමණ පරිබෝජනය කලද දැන් එය එසේ නැත. එය වසර තුනක පමණ වනවිට අවසානය ලගාවන බවට වන සලකුණු පෙන්වනු ඇත. ඉන්පසු වරක් දෙවරක් රෙපයාර්කල පසු ඒවා කුණු ගොඩට දමනු ඇත. එමනිසා ඉතා කෙටි කලකදි නැවත නැවත අපේ නිවෙස්වල ගොඩ ගැසෙන කුණු ප්‍රමාණය අදික වනු ඇත. එක් පැත්තකින් පරිබෝජනවාදය අපව ගිලගන්නා ගමන් සමාගම්වල ජාවාරම හමුවේ තවතවත් අප සිරකරනු ලබයි. එමනිසා අප මෙම ප්‍රතිපත්තියට විරොධය පලකරනවා සමගම පරිබෝජනවාදයෙන් මිදීමට වෑයම් කළ යුතුය.


No comments:
Post a Comment