නෙළුම් කුළුණ ඇද 16 විවෘතකොට තිබේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදි ඔහු නෙළුම් කුළුණ පිළිබදවත් එහි ඓතිහාසික වංචාවන් පිළිබදව කතා කළේය. මහින්ද හොරෙක් යන්න තවුරු කිරීමට මොහුගේ මේ වචන හොදටම ප්‍රමාණවත්ය. ජනාධිපතිවරය කියන කොටි 200ක ගැහිල්ල ගැන කියන්නේ තවත් ඈයෝ සිරබාරයට ගන්නද නෑතනම් මැතිවරණ ප්‍රකාශයක් ලෙසද ? ඇත්තෙන්ම මෙවැනි පුවත් ජනතාවට අරුමයක් නොවන බව ජනාධිපතිවරයා නොදන්නවා විය හැකිය. එහෙත් ජනතාව එය හොදින් දනි. නමුත් ඊටත්වඩා දේවල් ජනතාව දන්නා බව ද ජනාධිපතිවරයා නොදන්නේය.
නෙළුම් කුළුණ ඉල්ලා පාරට බැහැපු ජනතාව අතර විදුලිය ජලය වැසිකිලි නැති පාසල් ශිෂ්‍යයින්නම් කීයක් සිට්න්නට ඇද්ද? කන්න නැතිව මිය ගිය ළමුන්ගේ අවසන් ඉල්ලම නෙළුම් කුළුණ විය හැකිද ? හැමදාමකොහේ හෝ උද්ඝොෂණයක් මතුවන්නේ තමන්ගේ ගමටයන පාර අලි ගාඅහන විට අලි වෑආට හදන්නට කියා නොවන්නට පුළුවනි ද? ඒවා ජනතාවට කියන්න ඉඩ නොතියා පාලකයෝ වෙලාවට නිම කරන්නේද ?. බඩු මිල අඩු කරමි පඩි වැඩිකරමින් යන නිසා නෙළුම් කුළුණ රටට අත්‍යවශ්‍ය බව කම්කරුවෝ වැඩවර්ජන කර කියා තිබේන්නේද? මෙම නිසා නෙළුම් කුළුණ තවත් උසට හදන්නට තිබුණේනම් හොද නැද්ද ?
දැන් කුළුණ නිම කිරීමට ප්‍රථම ලොක බැංකුවේ සිට සියලුම උන්ගේ ණය ගෙවා දැමා අහවර කර තිබිම කුඩා ජයග්‍රනයක් විය යුතුමද? . මින් මතු ජනතාවට වද විමින් බදු ගෙවන්නට අවශ්‍ය නැද්ද?. මෙතරම් දියුණු රටේ පාලකයන්ට කරන්න ඇත්තේ නෙළුම් කුළුණට නැග කවුරුන් හෝ නැවක යන බල්ලෙක් අපේ රටට කුණු බිදුවක් හෝ හලා පරිසරයට හානි කරනවාද යන්න සෙවිල්ලෙන් සිටිම වැන්නක් නොවේවිද? ඊට මේ කුළුණ බොහෝ ප්‍රයොජනවත් වන්නේ නැද්ද ?
එහෙත් ජනාධිපති පතිවරයාගේ මේ තගින් මහින්ද හොල්මන් වී ජනතාව ඉදිරියට පැමිණ සමාව ගැනිමට ඉඩ තිබේ ද?. එම මුදල් නැවත දෙනු ඇද්ද?. එවා අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට යොදවන්නට ඉඩක් ඇත්තෙම නැද්ද?. එවැනි නායකයින් සිටියොත් අපට අදර්ශයක් නොවන්න්නේදා?. ඔවුන් ඓතිහාසික වන්නේ නැද්ද ?
මෙවැනි සාමාජයක් මෙවැනි පාලනයක් සිතලුවක් පමණි. ඒ කිසිත් සිදුවන්නේ නැත. හැමදාම වගේ නිධනයිගේ බඩට ගසා ගොඩගසන මුදල් ධනපතියන්ගේ ආයෝනන සදහා යටිතල පහසුකම් තනනු ඇත. එයින් නිර්ධනයන්ගේ කිසිදු ප්‍රශ්නයක් විසදෙන්නේ නැත. කෝටි 200 කතාව මහින්ද ගේ නඩය මේච්චල් කිරීමට කරන කතාවකි. හෙට නැවත එවැනි කතාවක් ඇසෙනු ඇත. ඒවා නිකන් වද ගෑනිට කරන්න හදන වද සැක්කමක් වැනි ක්‍රියාවන්ය. කෙසේ වෙතත් මෙහිදි ජනාධිපතිවරයා, අගමැති රනිල් වාගෙම මහින්දත් නෙළුම් කුළුණේ පාර්ෂව කරුවෝය. මොවුන් නිර්ධන පාන්තික ජනතාවගේ ප්‍රශ්න වෙනුවට වෙන එක් ජන කොටසකගේ පමනක් අවශ්‍යතාවක් සම්පුර්ණකර තිබෙන බව දැක ගත හැකිය. කන්න නැතත්,පාසල්,සෞඛ්‍ය පහසුකම් නැතත්, රැකියා නැතත් නෙළුම් කුළුණ ඉදිවන්නේ මේ නිසාය. ඔවුන් නිර්ධන පන්තියේ තොපේ නායකයො නොවන බව පමණක් නොපෙනේනම් ඒ අප සමජයේ දියුණුවේ තරම පමණක් පෙන්වාදෙන නිර්ණායකයක් වනු ඇත. දැන් ජන්දය පැමිණෙමින් තිබේ. එහිදි නැවත ඔබ ජන්දය ලබා දි සැම ප්‍රශ්නයක්ම පුකේ ගසාගෙන වෙන උන් අවශ්‍යතාවන් සපුරන නායකයින් පතකර ගන්න. එවිට හැමදාම අපි මෙහමම ඉන්න ගමන් ගහන කුළුණුවල උස ගනිමින් සිටිය හැකිය.
ලසන්ත රණවීර විසිනි
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment