රුහුණු විශ්ව විද්‍යාලයට උපකුලපති ලෙස සුජී අමරසිංහ පැමිණියේ මර්දනය අතේ තබාගෙනය. ඉන් ආරම්භ වු කාලයේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ට දැවැන්ත මර්දනයකට මුහුණ දිමට සිදුව තිබේ. උප කුලපති සුජි අමරසිංහ අධ්‍යාපනය විකිණිමේ ඉලග අදියර ඉදිරියට ගෙනඒමට ඉදිපත් වු අයෙකි. ඔහු වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට සිහින දකින්නෙකි. ඔහුගේ ප්‍රධාන හතුරා ඊට එරෙහිව සිටින ශිෂ්‍ය ව්‍යාපාරයයි. එමනිසා ඔහු ශිෂ්‍යව්‍යාපාරයට එරෙහිව මර්දනය ආරම්භ කරන්නේය.
රුහුණු විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක කරන මර්දනය නවමු ආකාරයේ එකකි. එය ආණ්ඩුව විසින් මෑතකාලයේ සොයාගත් අලුත්ම ක්‍රමවේදයකි. මීට පෙර ශිෂ්‍යයින්ට මර්දනය ගෙන ඒමට උසාවි නියෝග, ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් , නිවෙස්වලට පොලිස් කණ්ඩායම් මැදිහත් කිරීම්,ශිෂ්‍යයින් ගේ නිවෙස්වලට තර්ජනය කිරීම්, විනය පරීක්ෂණ වලට සිට ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් යොදාගත්තේය. එහෙත් දැන් ඊටවඩා වෙනස් තත්වයක මර්දනය ක්‍රියාත්මක වෙමින් තිබේ. එය නවකවදයට මුවා වි සිදුකරමින් තිබේ. මීට පෙරද නවක වදය මර්දනයට යොදා ගත්තද දැන් එය ඉතා නිර්මාණශීලිව කරන ගොඩනැන්විමක්ව තිබේ. එය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ආලුත්ම නාටකයාවේ.
වැටමාර පොල්ලේ කතාව
වැටමාර පොල්ලේ කතාව පැමිණෙන්නේ ඒ අනුවය. ඉතාම දුර්වල ශිෂ්‍යයින් මේ සදහා තෝරා ගනු ලබයි. වැටමාර පොල්ලක් තමන්ගේ ශරීරයට බස්සනකන් සිටියා යැයි කියන ශිෂ්‍යයා ඊට උදාහරණයකි. ඔහුට රුහුණු වුශ්වවිද්‍යාලයීය පාලනය කරනු ලබන බලපෑම හා ඔහුට ලබාදෙන වරදාන නිසා මෙම කටයුත්ත සිදුකොට තිබේ. ඔහු පොලිසියේ ගොනුකල පැමිණිල්ල අනුව දැන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු පිරිසක් සිරගතකොට තිබේ. එය සරල සිදුවිමක් නොවන්නේ ආණ්ඩුවට ඕනෑම මොහොතක නවකවදයට මුවා වී ඕනෑම අයෙක් මාස තුනකට අදික කාලයක් සිරගෙට යැවිය හැකි නිසාය.
රුහුණු පාලනදිකාරියේ මර්දනය තවත් දෙයක් ප්‍රකාශ කරමින් සිටියි. ඔවුන්ගේ අරමුණකරා යාමේදි මේ ගන්නා ලද ක්‍රියාමාර්ග සුළු ඒවා වන බවය. මොකද තවමත් ආණ්ඩුව තමන් සිතන මර්දනය කැදවා නැත. උපකුලපති සුජි අමරසිංහ මේ සිදු කරනුයේ අත්හදා බැලීමක් පමණි. එහි සමහර දේවල් සාර්ථක වු බවනම් පැහැදිලිය. එහෙත් ඊලග අදියර මීටවඩා භයානක වනබවනම් කිව යුතුය. ශිෂ්‍යයින් භීතියෙන් ඇලලි ගන්නා ක්‍රියාමාර්ග තව ඉදිරියට පැමිණීමට නියමිතය. ඊට අදාළ වටපිටාව සකසා තිබෙන නිසා ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වල අවස්ථාවකි. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය ඉතාම බුද්ධීමත්ව කටයුතු කළයුතු අවස්තාවක් පසුකරමින් තිබේ.
රුහුණේ මර්දනය පිළිබදව සමාජයට කරුණු ඉදිරිපත් කිරීම සදහා සකස් කල මර්දන වාර්තාව එළි දැක්වීමට නියමිතය. එහි දී මර්දනයේ සැබෑ සතු සමාජගත කිරීම වැදගත්ය. එසේම මර්දනයට යොදාගන්නා නවකවදය පිළිබදව වඩා දේශපාලනික හෙලිදරව්වක් කරන්නේනම් හොදය. මර්දනයට නවක වදය යොදාගන්නා ව්‍යාපෘතියත් ඒහා සම්බන්දව සිටින පුද්ගලයන් ද මෙහිදි සමාජය ඉදිරියට ගෙන ආ යුතුය. නවකවද දේශපාලනයේ නිරත ආචාර්ය නිර්මාල් රංජිත් වැනි අය මෙහි සිදුකරන කාර්‍ය සොයා බැලිය යුතුය.
මීට පෙර විශ්වවිද්‍යාල තුල නිර්මාණය කල සුළු සිද්ධින් වලට මාධ්‍ය පැමිණි ආචාර්ය දේවසිරි වෙනුවට වෙනත් පිරිසක් ඊට ඉදිරිපත්ව සිටියේය. ඒත් නවකවදය වෙනුවෙන් අව්‍යාජවම ඉදිරිපත් වන ආචාර්ය දේවසිරි වැටමාර පොල්ල ඉදිරියේ නිහඩව සිටියේය. ඒ වෙනකක් නිසා නොව ඔහු මේ මොහොතේ ආණ්ඩුව ගොඩදැමිමේ ව්‍යාපෘතියේ නොසිටින නිසාය. එහෙත් ආචාර්ය නිර්මාල් මෙන් නවකවද දේශපාලනයට පැමිණීමට තවත් බොහො අය සිටියි. එම නිසා මර්දයට මෙම පිරිසගේ දායකත්වය හා එහි සම්බන්ධයද හෙළි කළ යුතුය. එසේ නොවන්නට සමාජය ඉදිරියේ මර්දනය සුජාත වෙමින් මර්දනය තිවුරව වැඩීමට දායකත්වයක් සපයනු ඇත. මෙම සුජාත භාවය ආණ්ඩුවේ ඇමඅතිවරයෙක් මාධ්‍යට පැමිණිමෙන් කැනෙන්නේ නැත. ඊට ආචාර්යවරු, මාධ්‍ය වේදින් කිහිප දෙනෙක්, සිවිල් සංවිධානවල කිහිපදෙනෙක් සිටීම හරහා ඉතා පහසුවෙන් නවකවදය නොදුන්නාත් දුන්නායන තරමට අදහසක් සමාජගත කළ හැකිය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදය යොදාගෙන කරන මර්දනය පිළිබදව වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුය. නවකවදය පිළිබදව ගොඩානගා තිබෙන මතය වෙනස් කිරීමට මැදිහත් විය යුතුය. එසේම නවකවද දේශපාලනය පිළිබදව හෙලිදරව්වක් සමාජය වෙත යොමුකළ යුතුය.
ලසන්ත රණවීර විසිනි .






No comments:
Post a Comment