Sunday, September 16, 2018

ද්‍රොහියා ගේ නවකවදය හා පිටිපස්සෙන් පිහියෙන් ඇනීම

නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බොහො අය නවක වදයට අදාළව එක් පැත්තක් වසන් කරති. ඒ කුමක් නිසාද යන්න පැහැදිළි නැත. එමනිසා නවක වදය කියනවාට වඩා ඉතිහාසයේ එම සිදුවිම් ගෙන සාකච්ඡා කිරිම හොදය. එම සිදුවිම් කිසිවක් ඕපපාතිකව පහල නොවු බව අවධාරණය කරමි. එමනිසා මා අත්විදි සිදුවිමක් වාර්තා කරමි. එකි සිදුවිම් සත්‍ය සිදුවිම්ය. ඒවා එසේ නොවේ යැයි ඕනෑම කෙනෙකුට අභියොග කල හැකිය. එසේම මෙම ක්‍රියාවලියට සහභාගි වු ශිෂ්‍යයින් කිහිප දෙනෙකුගේ ආචාර්ය වරයෙක්ගේ හා තවත් කිහිපදෙනෙකුගේ නම් සදහන් නොකර සිටින්නෙමි.

මෙම සිදුවිම ඉතාම සැලසුම් සහගතව සිදුකළ එකකි. එය ජනතා විමුක්ති පෙරමුණ කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබා අල්ලා ගැනීම සදහා  ගැසු ගේම් වල එක් ප්‍රතිඵලයකි. 2015 වර්ෂයේදි ජවිපේ කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට සිතුවේ ප්‍රදීප් ශිෂ්‍යයා නොහොත් ජෝන් හරහාය. ඔහු තනිව මේ සියල්ල සැලසුම් කළේ නැත. එහෙත් ඔහු ජවිපේ නායකයන් කියන පරිදි කටයුතු කළේය. ඊට කැලණිය වෙත සංවිධායකයින් පස්  දෙනෙක් යොදවා තිබිණි. දේශපාලනය කිරිමේදී එය ප්‍රශංසනීය වුවත් ගේම් ගැසීමේදි නම් සොචනීය වේ. ඔවුන් ජෝන්ව මෙහෙයවීය. ජෝන්ව එක් පැත්තකින් මෙහෙයුම දියත් කරන අතරතුර මහාචාර්ය චන්දන අබේරත්නට කලින්ම ශිෂ්‍ය සංගම් නිලවරණය කැදවිමට මාන බැලුවේය. වෙනත් වර්ෂ වලදි මෙන් නොව 2015 වර්ෂයේ මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා තේරිම 2014 අගදි සිදු කිරීමට තීරණය විය. එහෙත් ඒ කිසිවක් කලත් ජෝන්ට සභාපති විමට නොහැකිවිය. ඒ නිසාම එම මොහොතේ  ඔවුන් වෙනත් පොදු ශිෂ්‍යයෙක් යෝජනා කළේය. එම ශිෂ්‍යයා ඉල්ලා අස්වු විය. එම නිසා නිතරගයෙන් නන්දන සුදේශ් සභාපතිවරයා විය. එහෙත් ජවිපේ ඉන් නොනැවතුනේය. ඔවුන් සභාපති නන්දනට මහා ශිෂ්‍ය සංගමය පවත්වාගෙන යාමට ඉඩනොතැබිම ජවිපේ අරමුණ විය. ඒ සදහා එවකට කැලණියේ ආචාර්ය සංගමයේ සභාපතිවරයාව සිටි ආචාර්‍යවරයා යොදාගත්තේය. ඊට කැලණිය විශ්වවිද්‍යාලයේ සමජිය විද්‍යාපිඨයේ පීඨාධිපති චන්දන අබේරත්න හැකි පමණ සහය ලබාදුන්නේය.මෙම සහය සමග ආණ්ඩුවේ අවශ්‍යතා හා එවකට උපකුලපතිවරයාව සිටි මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාරගේ අවශ්‍යතාවයද එකට එකතුවිය. මෙම සියල්ලන්ගේ අවශ්‍යතා එකට ගොනුකළ තැනැත්තා වුවේ. මහාචාර්ය චන්දන අබේරත්නය. උපකුලපතිවරයා 2015 වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත විය. ඔහුට තවත් වරක් උපකුලපති තනතුරට පත්විමට අවශ්‍ය විය. ඒ සදහා නව මෛත්‍රී රනිල් ආණ්ඩුවේ හිත දිනාගතයුතුය. මුලින්ම එම ව්‍යාපෘතියට අදාළව ආචාර්‍ය සංගමය ලීෆ්ලට් එකක් බෙදා හැරියේය. එය සිදුවන්නේ 2014 වර්ෂයේදීය. එහි සදහන්වුයේ ශිෂ්‍ය නායකයින් ආචාර්‍යවරුන්ට අනිසි බලපෑම් කරන බවය. ඒ සදහා උදාහරණ කිහිපයක් දක්වා තිබුණේය. එක් උදාහරණයක් වුයේ ආචාර්ය සංගමයට මුදල් ඉපයිමට දැමු කඩයක් විශ්වවිද්‍යාලයට උචිත නොවන බව ශිෂ්‍ය නායකයින් ප්‍රකශ කිරීමය. එසේම ආචාර්ය වරු ඉදිරියේ නොහොබිනා ලෙස තර්ක කිරීම වැනි දේ එහි සදහන්ව තිබිණි. මෙවැනි තවත් උදාහරණ කිහිපයක් දක්වා තිබුණි. ඉන්පසු ආචාර්ය සංගමය ශිෂ්‍යයින්ට එරෙහිව වැඩවර්ජනයක නිරත විය. මින්පසු මහා ශිෂ්‍ය සංගමයට දැඩි විරෝධයක් නිර්මාණය කිරීමට හැකිවිය. එහිදි ඔවුන් මහා ශිෂ්‍ය  සංගමයේන් ආචාර්ය වරු දුරස් කිරීමට හැකිවිය.

මේම තත්වය තිබියදී නව සභාපති සමගම 2015 වර්ෂයට නවක ශිෂ්‍යයින් ඇතුලත්කර ගත්තේය. ඔවුන් පැමිණිමටත් ප්‍රථම නවක වදය පිළිබඳව විශාල සාකච්චාවක් නිර්මාණය විය. එය මහා ශිෂ්‍ය සංගමය දෙසට පැමිණි මර්දනයක් බව ඒ මොහොතේ කිසිවෙක් නොසිතුවේය. එහෙත් සිදුවිම් ගලගෙන යන ආකාරයත් සමග ආණ්ඩුව මර්දනයට සුදානම් වන බව තෙරුම්ගත හැකිවිය. එහෙත් තමන් සමග එක නේවාසිකාගාරයේ සිටි පිරිසක් මහාචාර්යවර්‍යෙක් හා පරිපාලනය සමග ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට තල්ලු කරන බව කවුරුන් කෙසේනම් සිතන්නද? එහෙත් අවසානයේ පාපොච්චාරණය කළවු සියල්ල වමාරද්දි එය සත්‍ය බව අපටද පිළි ගැනිමට සිදුවිය.ඊට ජවිපේ සිරගතකළවුන් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කී දේවල් පවා අප දැන් දැන සිටින්නෙමු. එම සිදුවිම් සියල්ල එකම අරමුණකට ගොනුව තිබිණි. සැලසුම් කරුවෝ ශිෂ්‍යයින් අතර බව ආණ්ඩුව දැන සිටිනමුත් ශිෂ්‍යයින් හා දැන නොසිටියේය. එමනිසාම සැලසුම් සියල්ල සැදුවේ සතුරා ඉදිරියේය. එසේ කළද ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපරය පරාජය කළ නොහැක. පිහිපහර වැදුණේ පිටට බව සැබෑය. ඉන් ශිෂ්‍ය ව්‍යාපාරය තුවාල ලැබු බවද සැබෑය. එසේම සතුරන්ට එවැනි පහරක් එල්ළ කළද ශිෂ්‍ය ව්‍යාපරයට දරාගැනිමට ශක්තිය තිබෙන බව ඒත්තු ගැන්වීය.

2015/මාර්තු 11 වන දින ප්‍රථම වසර ශිෂ්‍යයින්ට දෙවන වසර ශිෂ්‍යයින් කතාකිරීමට නියමිත වු දිනයයි. එහි නවකවදයක් හෝ වෙනයම් සිදුවිමක් නොවිය. එහෙත් එදින තෙල් බැම්මට පැමිණි ආචාර්ය පැට්ට්‍ර්ක් රත්නායකට හූ හඩ දීමට ශිෂ්‍යයින් කිහිපදෙනෙකුට අවශ්‍යව තිබුණේය. අනෙකුත් ශිෂ්‍යයින් නිසොල්මන්ව සිටින අතර ශිෂ්‍යයින් දෙදෙනෙක් දිගින් දිගට හූ හඩ තැලීය. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ය. ආචාර්‍ය පැට්ට්‍ර්ක් යනු පහසුවෙන් කලබල කළ හැකි අයෙකි. හු හඩ ඇසිමත් සමග ආචාර්ය පැට්ට්‍ර්ක් වලං කඩේට පැන්න ගොනා වගේ ශිෂ්‍යයින්ට ඇණගෙන ඇනගෙන ගියේය. මේ පිළිබඳව හූ කියු ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලය පසුපස තිබෙන් භික්ෂු නේවාසිකාගාර නැත්නම් වැඩ අංශය අසලදි සාකච්චා කරමින් සිටින විට තවත් ශිෂ්‍යයින් දෙදෙනෙකුට ඇසි තිබේ. එහිදි මොකක්ද උඹලා කරන්න යන්නේ කියා ඇසුවිට ඔවුන් කියා තිබෙන්නේ අපි පැට්ට්‍ර්ක්ට ගේමක් දුන්නා කොහොමද වැඩේ කියා පවසා තිබේ. එය සැලසුමකි. ඉන්පසු ආචාර්‍ය සංගමය මහා ශිෂ්‍ය සංගමයට තවත් චොදනාවක් ගොනුකළේය. මහා ශිෂ්‍ය සංගමය සැලසුම් සහගතව ආචාර්ය වරයෙකුට හු කියා පහරදීමට තැත්කළ බව නව චෝදනව විය. ඒ සදහා මහා ශිෂ්‍ය සංගමය උපදෙස් දුන් බවට සාක්ෂි ද තමන් සතු බව ආචාර්ය සංගමයේ සභාපති ප්‍රකාශ කළේය. එය නිවැරදිය. සාක්ෂි ඔවුන්ට ඇත. සාක්ෂි ලැබෙන්නේ ජවිපේ ශිෂ්‍යයින්ගෙනි. සාක්ෂි මෙහෙයවන්නේ ජවිපේ ආචාර්ය සංගමයේ සභාපතිවරයාය.  ආචාර්ය සංගමයට මේ වනතෙක් පැහැදිළි චොදනාවක් ඉදිරිපත් කළ නොහැකිව සිටියේය. එල්ළ කළ චොදනා ආචාර්ය වරුන් අතර ඒකමතික එකගතාවක් ලද ඒවා නොවිය. නමුත් දැන් හොද උදාහරණක් ලැබි තිබේ. එය නිර්මාණය කළේ ජවිපේ විසිණි.

මෙම නවකවද චොදනා ගලා එන්නට ප්‍රථම සිදුවිම් අතිශ්‍ය  වැදගත්විය. ඒ වෙනකක් නිසා නොව. ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම යොදා ගත්තේය. සමහර ඒවා නිශ්චිත සැලසුමකට අදාළය. සමහර ඒවා සාමාන්‍ය සිදුවිම් තමන්ට අවශ්‍ය පරිදි යොදා ගත්තේය. මෙය එවැනි සිදුවිමකි. වානිජ හා කළමණා කරණ පීඨයේ අළෙවි කරණ අධ්‍යයන අංශය සංවිධානය කළ විනෝද සැනකෙලියක දි හැටුමක් සිදුවිය. එහි මූලාරම්භකයා ද ජවිපේ සාමාජිකයෙකි. ඔහු මේ වනවිට උපාධිය ගෙන විශ්වවිද්‍යාලයෙන් නික්ම ගොස් ඇත. අවසන එම ගැටුම නවතා ගත නොහැකි තැන මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්විමෙන් නවතා දැමිය. අවසන මේ පිළිබඳව දැනුවත් කිරිමට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ආචාර්ය සංගමයේ සභාපති තුමාට දුර කතන ඇමතුමක් දුන්නේය. එදින රාත්‍රි ඔහුද මහා ශිෂ්‍ය සංගමයේ අදහසට එකගවිය. නමුත් ඔහු පසුදා එය මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාවක් බව මාධ්‍ය හමුවක් තියා ප්‍රකාශ කළේය. එය මහා ශිෂ්‍ය සංගමයේ සැලසුමක් බව ප්‍රකාශ කළේය. දැන් මහා ශිෂ්‍ය සංගමයට චොදනා බොහොය. ඒවා නිර්මාණය කරන්නේ ජවිපේ ය. චොදනා ඉදිරිපත් කරන්නේ ජවිපෙන්ය.
මේ අතර ප්‍රථම වසර ශිෂ්‍යයාවක් බ්ලේඩ් එකකින් අතකපාගෙන තිබේ. ඇයගේ යහළුවන්  ඇයව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගිය පසු එතනට පරිපාලන නිලධාරින් පැමිණ එය නවක වදයක් නිසා සිදුකරගත් එකක් බව කියන ලෙසට බලපෑම් කළේය. එහෙත් ඊට ඇය එකග නොවිය. එමනිසා ඇයට පමණක් නොව ඇයගේ දෙමාපියන්ටද බලපෑම් එල්ළ විය. අවසන ඊට එකග නොවිමේ වරදට ඇය ප්‍රථම වසර වුවද නවකවද පනත යටතේ නෙත්මා ශිෂ්‍යාවට ලිංගික බලහත්කාරකම් කිරීම හා පහරදීමේ චොදනාව ගොනුකර සිර ගත කළේය.

නේත්මා ශිෂ්‍යාවට ලිංගික බලහාත්කාරකම් සිදුකිරීම හා පහරදීම

මෙම සිදුවිම සිදුවන්නේ අවසාන අංගය ලෙස නොවේ. එය  ඉතාම සුක්ෂම ලෙස සැලසුම් කළ දෙයකි. මෙය ජවිපෙට හැර කිසිවෙක්ට සැලසුම් කළ නොහැක. එසේම ඊට අදාළ පුදගලයින්ද තොරාගෙන තිබෙන්නේ ඉතා හොද අධ්‍යනයකින් පසුවය. ඊට අවශ්‍ය වු පුද්ගලයින් මෙසේය.

01. නවක වදයට ලක්කිරීමට සුදුසු යුවතියක්
02. ජවිපෙට හිතවත් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයෙක් සිටිය යුතුය.
03. ජවිපේ සාමාජික පීඨාධිපතිවරයෙක්  සිටිය යුතුය.
04. නවකවදය ලබාදිමට එකග හා එය කිරීමට එකග ජවිපේ හොද සාමජිකයෙක් විය යුතුය.
05. ජවිපෙට හිතවත් ආචාර්ය සංගමයේ සභාපතිවරයෙක් සිටිය යුතුය.
නවක වදයට ලක්වු තැනැත්තිය නෙත්මාය. ඇය කොළඹ ප්‍රදේශයේ යුවතියකි. ඇය විශ්වවිද්‍යාලයට පැමිණියේ ඩෙනිම ඇදගෙනය. ඊට දෙවන වසර ශිෂ්‍යයින් එරෙහි වු බව සැබෑය. ඒ සමගම ඇය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වරයාට මෙය වාර්තා කළේය. ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක මෙය ජවිපේ සාමාජික පීඨාධිපති චන්දන අබේරත්නට දැන්විය. ඔහු හොද සැලසුමක් නිර්මණය කොට ඊට ජවිපේන් උදව් ඉල්ලුවේය. ඒ අනුව ඔහුට අවශ්‍ය වු සහය ලැබිණි. මේ වනවිට ජවිපේ කාර්‍යාලයක නැවති සිට උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට පැමිණි දෙවන වසර ඉගෙනුම ලබන ජවිපේ සාලාජිකයෙක්ට මෙම කොන්ත්‍රත්තුව පැවරුවේය. එවකට ඔහු දෙවන වසරේය. ඔහු කෙලින්ම ගොස් නෙත්මාට පහර දි තිබේ. ඒ  සමගම නෙත්මා ශිෂ්‍යයාව ශිෂ්‍ය  කටයුතු අධ්‍යෂ්කට කතාකොට විස්තරය කිවේය. ඇය ප්‍රකාශ කළ දෑ සියල්ල ඔහු දුරකතනයේ පටිගතකොට තිබෙන බව පසුව පොලිසිය කිවේය. එම දුර කතන සංවාදය නවකවද නඩුවේ ප්‍රධානම සාක්ෂිය විය. ඒ අනුව ඇය ශිෂ්‍යකටයුතු අධ්‍යක්ෂක වරයා සමග කිරිබත්ගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමිය. එම පැමිණිල්ල නවක වද පනතට අනුව ගොනුකොට නොතිබුණේය. සති දෙකකට පමණ පසුව එය නවකවද පනතට අදාලව චොදනවක් ලෙස සංශොදනය කළේය. ඒ සමගාම ආචාර්‍ය සංගමයේ සභාපති මධ්‍ය සාකච්චා පවත්වා මෙය මහා ශිෂ්‍ය සංගමය සැලසුම් සහගතව කළ බව කීවේය. ඊට ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයා ද සම්බන්ධ විය. ඒ සමගම කිසිත් සොයා නොබලා ආචාර්ය නිර්මාල් දෙරණට පැමිණ නවක වද විරෝදි හඩ අවදි කළේය. මෙය නවක වදයක් ද? ඔව් එය නවක වදයකි. එහෙත් එහි සිදුව තිබෙන්නේ එපමණද? ආචාර්ය නිර්මාල්ට අනුවනම් එසේය. නමුත් ජවිපේ පාපොච්චාරණ කළ සාමාජිකයන්ට අනුව ආචාර්ය නිර්මාල්  කියන්නේ අර්ධ සත්‍යකි. නමුත් එම අර්ධ සත්‍යය මර්දනයට බෙහෙවින් උපකාර කළේය. අවසානයේ 11දෙනෙක් දින 88 හිරබත් කෑවේය. නවක වදය නවතා දැමිමට ශිෂ්‍ය ව්‍යාපාරය ගන්නා උත්සය ගැන කිසිවෙකුට වැඩක් නැත. එහෙත් ඊට වඩා අන්තරේ මර්දනයට නතු කිරීමට අවශ්‍ය මතය සැකසීම ඊට වඩා වැදගත්ය.

විශ්වවිද්‍යාල නවක වදය ඉබේ සිදුවන්නක් නොවේ. එය පිටුපස අනිවාරයෙන් සැසුම් සහගත ක්‍රියාවලියක් ඇත. එය තෙරුම් ගැනිමටනම් ITN එකේ ජවිපේ සාමාජික මහාචාර්ය චන්දන අබේරතනගේ කතා ඇසිමෙන් පැහැදිළි කරගත හැකිය. හෙටද මෙවැනි දේ සිදුවිය හැකිය. ඊට ජවිපේ එක් සාමාජිකයෙක් හෝ විශ්වද්‍යාලයේ සිටියේනම් ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කිරිමට ඔහුව පාවිච්චි කරනු ඇත. ඊට තවත් උදාහරණ රජරට විශ්වවිද්‍යාලයෙන්, රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයින් මෙන්ම ශිෂ්‍යයින් ද මෙම සිදුවිම එක් කතාවක් ලෙස නොගන්නවා ඇතැයි සිතමි. දැන් නැවත ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයේ අතලගය. ඊට ජනාධිපතිවරයාගේ සිට ඕඩර් ලැබෙන්නේය. එය නවක වදය නමින් ක්‍රියාත්මක වීමට මියමිතය. එය සුපූරුදු අත්දැකිමය. ආණ්ඩුවේ මර්දනය ගැන සියලුදෙනා දන්නේය. එහෙත් ද්‍රොහියා ඔබ ලගම සිට පිටට  පිහියෙන් ඇණිම නුපුරුදුය. පිහියෙන් ඇනිම කෙසේවෙතත් අඩුම තරමින් ද්‍රොහියෝ කවුද කියා හදුනාගත යුතුය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...