Friday, March 20, 2020
අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය ඇමතීම පිළිබදව
අගමැති රාජපක්ෂ මේ මොහොතේ ජාතිය ඇමතීම හොද දෙයකි. එහෙත් ඔහුගේ කතාවෙන් ජනතාවට ගැනීමට තිබෙන්නේ කුමක්ද? ඔහු පුන පුනා ප්‍රකාශ කළේ මේ වනතෙක් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබදවය. ඔහුට වෙනයමක් කීමට තිබුනේද නැත. ඇත්තෙන්ම අගමැති රාජපක්ෂ ඇතුළු රජය ක්‍රියා කළේ මන්දගාමිවය. ඔවුන්ට මේ තත්ත්වය පිළිබදව නිවැරදි වැටහිමක් තිබු බවක් පෙනුනේ නැත. ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මේහි බැරැරුම්කම වැටහෙන ප්‍රමාණයටය. ඔවුන් ක්‍රියා කළෙත් එසේය. අඩුම තරමින් වෛරසය පිළිබදව වෛද්‍යවරුන්ගේ අදසහට ඉඩනොදි එය හමුදාවට භාරකිරීමට සිතීම පවා වැටෙහෙන්නට තවත් කල්ගත වනු ඇත. දැන් කළ යුතු දේ පස්සට දමා මේ තත්ත්වය සුළුකොට තකන්නට ජනතාව පෙළඹ්වේ ඔවුන්ය. එසේ තත්ත්වයකදිවත් අගමැතිවරයා ලෙස ජනතාවට විස්වාසය ගොඩනැගෙන ප්‍රකාශයක් කිරීමට අසමත්ය. ඔහු අනිවාර්ය ලෙස ප්‍රකාශ කළ යුතු දේ මගහැරියේය. දවස් වැඩ කරන දෛනික ජීවිතය ගැටගහගන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ, වෛද්‍යවරුන්ට ලැබෙන පහසුකම් පිළිබදව කිසිත් සදහන් කරන්නේ නැත. නිරෝධායනයට අවශ්‍ය පහසුකම් පිළිබදව කිසි සදහනක් නැත. රෝහල් වල තිබෙන ඉඩ ප්‍රමාණය ඊට වඩා දායක කරගත යුතු දේවල් පිළිබදව ඔහු කිසිත් ප්‍රකාශ කරන්නේ නැත. අගමැතිවරයාට මේ දේවල් සුළු දේවල් උවත් රටේ ජනතාවට එසේ නොවේ. ආණ්ඩුව මේ වසන්ගතය නිමාකිරීමට හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් වෙනුවට එදාවෙල ගහන ගේමක් ක්‍රියාත්මක කරයි. අගමැතිවරයා කියන කතාද ශක්තිමත් හා විස්වාස කළහැකි දේ නොවෙයි. ඔහු මේ මොහොතේ ජනතාවට තිබෙන දැඩි පිඩනයට පවා සහනයක් සැලසීමට අසමත්ය. ඔහු ජනතාවට යම් බලාපොරොතුවක් ලබාදීමට තිබිණි. එහෙත් ඔහුට එසේ කිරීමට තරම් හැකියාවක් නැත. අගමැතිවරයා යුද්ධය පිළිබදව කතාකලද එහි අද්දැකීම් මත සිට රටක සිටින සියලු ජනතාව එක අරමුණකට එකරාශි කිරීමට ඔහු උත්සහ නොකරයි. ඔහු ජනතාව මුලා කිරීමට උත්සහ කරයි. කන්න බොන්න දෙන්නම් වගේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ සැමන් පරිප්පු කතාව හා සමානය. ඔහුට මෙය ඡන්දයකි. ජනතාව මරබියෙන් පසුවෙද්දි අඩුම තරමින් වසන්ගතය තුරන් කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථක අසාර්ථක භාවය පිළිබදව ජනතාවට කිසිත් නොකියයි.
මේ අප මුහුණ දෙන අවධානමේ ස්වභාවයයි. අගමැතිවරයා කියන පරිදි කිසිත් නොවේ. ඊට වඩා සියදහස් ගුණයකින් තත්ත්වය භයානකය. ආණ්ඩුව කුමක් කීවත් කුමක් කළත් ඒවා අනුව කටයුතු කළොත් කිසිත් නොවේ. එමනිසා ජනතාව මීටවඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
අදින් පසු ලංකාවේ තත්ත්වය
මේ වන විට ලංකාවේ වාර්තා වන රෝගින් සංඛ්‍යාව 66 කි. මෙම ගණන වාර්තා වීමත් සමග ලංකාවේ තත්ත්වය වෙනස් අතකට හැරී තිබෙන බව පැහැදිලිය. මීට පෙර වාර්තා වු රෝගින් බොහෝ දෙනෙක් විදෙස් රටක සිට පැමිණි අයයි. එසේම ඔවුන්ගේන් බෝ වුවන්ය්යය. දැන් ඒ වෙනුවට ලංකාවේ ජීවත් වුවන් අතර ව්‍යාප්ත වු රෝගින් වාර්තා වීමට පටන්ගෙන තිබේ. එය ගණනින් මෙතෙකෑයි කියා කිව නොහැකිය. ඉදිරි සතිය පුරා එම ගණන වාර්තා වනු ඇත.
මෙම වෛරසය ආසාදනය වුවෙකුට රෝග ලක්ෂණ පහළ වීමට සති දෙකක කාලයක් ගතවන බැවින් එතෙක් ඔහු හෝ ඇය රෝගවාහකයෙකි. එසේ රෝගය ව්‍යාත්තවිමද මේ දිනවල ඕනෑවටත් වඩා සිදුවෙමින් තිබේ. සුපර්මාර්කට් වලට එක්රොක් වී භාණ්ඩ මිලට ගන්නා අය දහස් ගණනකි. සමහරු පොලේ ගොස් ඇත. එම ස්ථානවල තවත් දහසක් ගණනකි. වාහන වලට තෙල් ගැසීමට ගොස් සිටින තවත් දහස් ගණනක් සිටිති. මේ සමගම ආණ්ඩුවේ රු100 සැමන් ගැනීමට ගිස් සිටින පිරිසක් ද වේ. මේ සියල්ලටම වඩා අදික පිරිසක් නාම යෝජනා භාරදිමටත් ඡන්ද රැස්වීම් වලටත් සම්බන්ධ වී සිට්යි. මේ හා සමානව පන්සල්, පල්ලි ,කෝවිල් වලට එකතු වු පිරිසක් ද වේ. සමහර ආගමික ස්ථානවල එකතුව තිබෙන්නේ 50ක 60ක පිරිසක. සමහර ආගමික ස්ථාන සියගණන් එකතුකොට තිබේ. මෙසේ එකතු වී සිටින පිරිස සැලකිල්ලට ගත්විට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාව එය මර්දනය කරන මට්ටමට වඩා සියගුණයකින් වැඩි වී තිබේ. මෙම නිසා රටේ තත්ත්වය අයහපත් බව සැවෝම දන්නා නමුත් මෙම තත්ත්වය පියමන් කරන්නේ කෙසේද යන්න පවා සිතීමම භයංකාරය.
අද දින සිට දින තුනක් රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක ය. එය බලපැවැත්වෙන්නේ දින තුනකට වුවද හෙට දිනය වනවිට මෙම තත්ත්වය භයානක වන හෙයින් හදිසි නීතිය අවසන්වන දිනයක් පිළිබදව සිතාගත නිහැකිය. අනෙක් රටවල මෙන් ලංකාවද යම් දිනක මෙම රෝගයට පිළියම් කරන තෙක් මෙසේ පවතිනු ඇත. එනම් මෙම අසීමාන්තික භිය පහවයන කාලයට පෙර මිනිසුන් කොපාමණ සංඛාවකට ජීවිතය අහිමි වේවිද යන්න පිළිබදව කිසිවෙක් දන්නේ නැත. අද හමුවු කෙනෙක් නැවත දකින්නට ලැබේවිදැයි සැක සහිතය. වෛරසයෙන් මරණයට ලක්වුවන් සිහිපත් කිරීමටවත් අවසන් ගෞරව දැක්වීමට ඉඩක් ලැබෙන්නේ නැත. මරණය අත්වුවන් බොහෝ දුරට දැකගත හැකිවන්නේ මුද්‍රණය කරන ලද කඩදාසියකිනි. එය කිසිවෙක් තම අවසන් ගමන යාමට සීතන විදියක් නොවේ. එහෙත් කළ හැකි දේ අප සමාජයක් ලෙස අත්හළ පසු ඊට වැඩියමක් අත්විදිය නොහැකිය. එමනිසා අප මේ තත්ත්වය තුලත් ජීවත්වීමට වෙරදරමු. වසන්ගතය පරාජය කරමු. ඊට දැන්වත් සමාජයක් ලෙසට එකට එක්වී කටයුතු කරමු.
Wednesday, March 18, 2020
මන්ද බුද්ධික ආණ්ඩුවේ කොරෝනා ජොලියෙන් ප්‍රා/ලේ භීතියට
කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට ආණ්ඩුවට
රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශ සේවකයන්ට ඉතාම අපහසුවෙන් දින තුනක නිවාඩුවක් ලබා ගැනීමට දහස් ගණනක් මිනිසුන්ට වෙහෙසෙන්න සිදුවිය. එහෙත් මැතිවරණය ගැන පමණක් සිතන ආණ්ඩුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල වල වැඩ කරන පිරිස්වලට නිවාඩු දුන්නේ නැත.
ආණ්ඩුව මේ කරන්නේ කුමක්ද? මෙලෝ දෙයක් ගානකට නොගෙන මන්ද බිද්ධිකයෙක් සේ කටයුතු කිරීම කවුරුන් හෝ ආණ්ඩුවෙන් බලාපොරොතුවන්නේ නැත. සැමන් 100 දීම වැනි ගෝන ආතල් දී මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මැදිහත්වන බව ආණ්ඩුව පෙන්වන්න හැදුවට අවශ්‍ය දේ නොකීරීම හරහා සිදුවන විනාශය ගැන තබේකටවත් මායිම් කරන්නේ නැත. දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල හැර තිබෙන්නේ ආණ්ඩුවේ බල ලොබි අවශ්‍යතාව තෘප්තිමත් කිරීමට බව අපට සිතාගත හැකිය. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හැර තිබෙන්නේ කුමටද? පස් දෙනෙක්ටවත් එකතුවීම පවා එපා කියන සෞඛ්‍ය බලදාරින්ගේ වචන තුතුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතිව ආණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා කොරෝනා මර්දනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කළ යුතුය.
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලින් රු100 සැමන් බෙදන්නේ නැත. 65 පරිප්පු බෙදන්නේ නැත. මුඛ ආවරණ රටේ ඇත්තේ නැති නිසා එවා බෙදන්නේ නැත. අඩුම තරමේ ජනතාවට රෝගවැලැක්වීම පිළිබදව ප්‍රචාරන කටයුතු කරන්නේ නැත. එහෙත් රෝග ව්‍යාප්තියට අවශ්‍ය සාධක සම්පුර්ණ කරමින් සිටියි. එහෙත් එය ආණ්ඩුවට තේරෙන්නේ නැත. ආණ්ඩුව ඔහේ බලාගත් අත බලා සිටියි. ආණ්ඩුව මද නින්දකට ගොස් ඇත. මේ නිසාම ආණ්ඩුවට පයින් ගසා හෝ ඇගැරවිය යුතුය. කොරොනා මර්දනයට කිසීසේත්ම දායක නොවන ප්‍රාලේ රෝගය බෝ කරන ස්ථාන ලෙස වර්ධනය නොකර වහාම වසා දැමීමට බල කල යුතුය.
ගෝඨාගේ සිහිනය මහින්දගේ සිහිනය වන මැතිවරණ සදහා දිස්ත්‍රික් ලේකම්කාර්‍යාල ඇර තිබේ. එවානම් මොකා කීවත් වසන්නේ නැති බව එකාන්තය. එහෙත් නුඹලා ගේ සිහිනය වෙනුවෙන් නුඹලාගේ නරුම සිහිනය වෙනුවෙන් ජනතාව බිල්ලට දී කරන නාඩගමේ ප්‍රතිඵල මැතිවරණය පැවැත් වු වහාම ලබාගත හැකිය. එතෙක් මන්ධබුද්ධිකයෙක් සේ ඔහේ බලාගත් අත බලා සිටින්න.
Tuesday, March 3, 2020
ආණ්ඩුව උපාධිධාරීන්ට මැකෝ හරහා දුන් ගේම
දින ගණනක් සති ගණනක් මාස ගණනක් අවුරුදු ගණනක් ඇගිලි ගැන ගැන හිටි රැකියාව ආණ්ඩුව මැකෝ හරහා උදුරාගෙන ඇත. මෙම ආණ්ඩුව පත්විමට පෙර ජනාධිපති ගෝඨාභය මැතිවරණ පොරොන්දුවක් ලෙස සියලූම උපාධිධාරීට රැකියා ලබාදෙන බවට ප්‍රකාශ කළේය. ඒ සමගම ඔහුව විස්වාස කළ උපාධිධාරීන් කතිරය කෙටුවේ ජනවාරි පළවෙනීදාට පත්විම් ලබාගැනීමේ ආෂාවෙනි. එම ආෂාව එකවර සන්තර්පණය කිරීමට ආණ්ඩුව කැමතිවුයේ නැත. ඒ වෙනුවට උපාධිධාරීන්ගේ ආෂාව පෙබරවාරි තෙක් දුර්ගකොට එය නැවත මාර්තු දක්වාම ඉදිරියට ගෙන ආවේය. මාර්තු පළවෙනිදා උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලැබුණේය. ඒත් අද නැවත ඒවා උදුරා ගෙන තිබේ.
පෙබරවාරියේ රැකියා ලබාදෙන බවට ආණ්ඩුව කී විට සංවර්ධන නිලධාරින් සේවා මධ්‍යස්ථානයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මේ පිළිබදව පැහැදිලි කිරීමක් කළේය. ඒ මීට මාසයකටත් පෙරය. ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ සුදානම් වන්නේ උපාධිධාරීන්‍ට රැකියා ලබාදීමට නොව ඔවුන්ව රැවටීමට බවය. මාර්තු මාසයේ 02 දින පාර්ලිමේන්තුව විසුරුවන බව කවුරුත් දැනන් සිටි කරුණකි. ඒ අනුව ආණ්ඩුව රැකියා ලබා දී මැකෝ හරහා එවා අත් හිටුවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඒ අනුවය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මීට මෙම ගැටළුව අත්විදීමට පෙර එය මගහරවා ගැනීමට විශාල බෙහෙසක් දැරූ බව හැමෝම දන්නා කරුණකි. නමුත් ජවිපේ මැදිහත්විම හා සමහර ආණ්ඩුවට හිතැති සංගම් හා පුද්ගලයන් ආණ්ඩුව පිළිබදව තිබෙන විස්වාසය තවුරු කරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට පහර ගැසුවේය. නමුත් අවසානයට සිදුව තිබෙනේ තැන්නේ හිමි හා ධම්මික මුණසිංහ ප්‍රකාශ කළ දෙයම නොවේද?
දැන් රැකියා අහිමි කළ උපාධිධාරීන් ගේ කතාවස්තුව මෙතනින් නිම වන්නේ නැත. ආණ්ඩුවේ මැතිවරණ අපේක්ෂකයින් රැකියා සිහිනය කොල්ලකමින් තමන්ගේ දේශපාලන කැම්පේන් එකට උපාධිධාරීන් යොදාගැනීමට නියමිතය. මෙය ආණ්ඩුව ගැසු ගේමකි. මේ ගේමට උපාධිධාරීන් හසුව තිබේ. ඒ ඔවුන් ආණ්ඩුව හා වෙනත් කණ්ඩායම් විස්වාස කළ නිසාවෙනි. දැන් අප උපාධිධාරීන්ට දැන්වත් එසේ නොකරන ලෙස කීමෙන් පලක් නැත. ඔවුන් ආණ්ඩුව පසුපස යාම නවත්වන්නේ නැත. එසේම සටන නවතින්නේ ද නැත. මොකද නැවත උපාධිධාරීන් රැකියා ලබාගත යුතු නිසාය. එමනිසා එය කෙතරම් ඉක්මනින් සිදුවනවාද යන්න තීරණය වන්නේ සටන ආරම්භ වීමට ගතවන කාලය අනුවය. දේශපාළුවන්ට කඩේ නොයා සටන් කිරීම තෝරා ගන්නේ නම් එය ඉක්මන්වනු ඇත. නැත්නම් උපාධිධාරීන්ගේ රැකියා සිහිනය තවත් කාලයක් මේ ආකාරයෙන් ඉදිරියට ඇදෙනු ඇත.
Subscribe to:
Posts (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...



