Friday, January 31, 2020

උපාධිධාරීන්ගේ ඉවසීම


ආණ්ඩුවට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු  ප්‍රශ්නයක් වී තිබෙන්නේ දැන්ය. වසර ගණනාවක සිට උපාධිධාරීන් ඉල්ලා සිටියේ තමන්ගේ උපාධියට සරිලන රැකියාවක් ලබාදීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසය. එහිදි ලබාදෙන රැකියාව DO ද නැත්නම් වෙන තනතුරක්ද යන්න උපාධිධාරීන්ට අදාළ වුයේ නැත. එය ආණ්ඩුව විසින් නිර්මාණය කළ එකකි. කෙසේ වෙතත් උපාධිධාරීන්ට ජීවත් විය යුතුය. ඊට රැකියාවක් කරනවා හැරුණාම වෙනත් යමක් කරන්නට බැරිය. සමහරු බිස්නස් ගැන කියවති. එහෙත් ඒ කිසිම යෝජනාවක් විශ්වවිද්‍යාලකින් ලබාදෙන උපාධිය හා සම්බන්ධයක් නැත. ඊට අදාළ වටපිටාව ගොඩනැගිය යුත්තේ ආණ්ඩුව මිස උපාධිධාරීන් නොවන බව සිහිපත් කළ යුතුය. ආණ්ඩුව තමන්ගේ වගකිම දන්නේ නැත. ඉබාගාතේ ඇවිදින එකෙකුමෙන් උඋපාධිධාරීන්ගේ රැකියා වලටද පිළිතුරු සොයයි. එසේ ගොස් හත්පොලේ ගාගත් පසු උපාධිධාරීන්ට ආණ්ඩුවට සහය දෙන ම්ලෙසට ඉල්ලා සිටියි.

ආණ්ඩුව තමත් මේ ගැටළුවට පිළිතුරු දීමට සමත් නැත.  ආණ්ඩුවට අවශ්‍ය උපාධිධාරීන් ගේ දෙපා මුල වැටී හෝ රැකියා ලබා දීම කල්දැමීමය. එසේ කල් දමන්නේ මැතිවරණය අවසන්වන තෙක්ය. මැතිවරණයට පෙර උද්ඝොසණ සිදුවිම මැතිවරණයට අවාසිය. එමනිසා චාටු බස්කිය උපාධිධාරීන් නිහඩ කිරීමට ගන්නා උත්සහ පරාජය කළ යුතුය. මැතිවරණයෙන් පසු ආණ්ඩුව තමන්ට අවශ්‍ය බලය ලබාගෙන අවසන්ය. නැවත මහ මැතිවරණයක් එන්නේ වසර 5කිනි. එතෙක් ආණ්ඩුවට තමන්ට කැමති පරිදි ක්‍රියා කරනු ඇත. එහිදි ඔවුන්ට උපාධිධාරීන් අවශ්‍ය නැත.එහිදි සිදුවන්නේ  උපාධිධාරීන්ට උද්ඝෝෂණය කරමින් වසර 4ක් වත් සිටිමට සිදුවනු ඇත. මෙතෙක් ඉවසා සිටි උපාධිධාරීන්ට තවත් ඉවසා සිටීම පමණි. 
දැන් ආණ්ඩුව උද්ඝෝෂණය නොකර ඉවසාගෙන සිටින ලෙසට කියන්නේ ඊලග මහමැතිවරණය අවසන්වන තෙක්ය. එය පුදුම ඉවසිමකි. එම ඉවසිමේ ප්‍රතිපඵ්ලය වන්නේ  මැතිවරණය අවසන් වු සැනින් සියලු දෙනාට රැකියා ලැබීම වෙනුවට ගැලවිජාවට පමණක් පිරිසකට රැකියා ලැබෙනු ඇත.ඒ හැරුණාම උපාධිධාරීන්ට ලැබෙන කිසිත් නැත. එම නිසා උපාධිධාරීන්ට  ආණ්ඩුව කියන පරිදි සිටිම හැක්කේ උපාරින්ගේ ප්‍රශ්න විසදූ පසුව බව අවධාරණය කරමු

Wednesday, January 29, 2020

උපාධිධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු

           
2018 සහ 2019 වර්ෂ වලදි සංවර්ධන නිලධාරි තනතුර සදහා  උපාධිධාරීන්  වසරකට පුහුණුවට ගත්තේය. 2018 උපාධිධාරීන්ගේ පුහුණුව නිම වී වසරක් ගතවුයේ 2019 අගෝස්තු මාසයේදිය. එහෙත් ඔවුන් තවමත් ස්ථිර කොට නැත. ආණ්ඩුව  එසේ ස්ථිර නොකිරීම සදහා වන කරුණු දැක්විමේදි ප්‍රකාශ කර සිටින්නේ අමුතු කතාවකි. එනම් 2018  උපාධිධාරීන් බදවාගෙන තිබෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන ,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසිනි. මෙම අමාත්‍යාංශය මගින් රැකියා ලබාදීම හා එම රැකියා ලබාදුන් අයගේ පුද්ගලික ලිපිගොනු සකසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යැවිය තිබිණි. එහෙත් එම කටයුත්ත පසුගිය ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවද පැහැර හැරියේය. එම නිසා 2018 සංවර්ධන නිලධාරින් ලෙස සේවයට අනුයුක්ත කළ යුතුව තිබු කණ්ඩායම වසර එකහාමාරක් ඇවෑමෙන් ස්ථීර නොකළේය.

දැන් ලහි ලහියේ 2019 කණ්ඩායමේ පුද්ගලික ලිපිගොනු සකසමින් තිබේ. 2019 බදවාගත් බොහෝ  උපාධිධාරීන් සිතනුයේ එසේ කරනුයේ තම පුහුණුව මාස 6 ස්ථිර කොට සංවර්ධන නිලධාරි තනතුරට අනුයුක්ත කිරීම සදහා බවය. එහෙත් එය එසේ නොවේ. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ මාස 6න් ස්ථිර කිරීමට නොවේ. වර්තමාන මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මෙම ලිපිගොනු 2020 අගෝස්තු 01 දිනට ප්‍රතම  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත යැවිම සදහා මෙම ලිපිගොනු සැකසීම ආරම්භකර ඇත. නමුත් ආණ්ඩුව නිල වශයෙන් හෝ වෙනයම් ආකාරයකට මේ පිළිබදව කිසිත් නොකියයි. එහෙත් 2019 කණ්ඩායම ස්ථීර කරන ආකාරයේ රංගනයක් පමණක් ගෙන යමින් තිබේ. මොකද 2019 සංවර්ධන නිලධාරින් සේවය කරන කිසිදු ආයතනයකට එවනු ලැබු කිසිදු ලිපියක  පත්විම ස්ථිර කිරීම සම්බන්දව කිසිත් සදහන් කොට නැත. මෙම නිසා මෙම ක්‍රියාවලිය කිසිවිටෙජ මාස 6කින් 2019 කණ්ඩායම ස්ථීර කිරීමට ගන්නා ක්‍රියාවලියක් නොවේ.

එසේම මාස 6න් ස්ථිර කිරීමටනම් ඊට කලයුතු තවත් බොහෝ දේ ඇත. ඒවා කළයුත්තේ ආණ්ඩුව විසිනි. නමුත් ආණ්ඩුව එවා සිදු කරන්නේ නැත. එවා සිදු කර ගැනීමටනම් සංවර්ධන නිලධාරින් ලෙස පුහුණු වන උපාධිධාරීන් ක්‍රියාකළ යුතුය. එසේ නොවන්නට සේවය ස්ථීර කරන තෙක් තවත් කාලයක් බලා සිටිය යුතුය.

Saturday, January 25, 2020

පුහුණු සංවර්ධන නිලධාරි 2019 කණ්ඩායමේ අවධාණය පිණිසය

සංවර්ධන නිලධාරින් ලෙස බදවා ගැනීමේ ක්‍රමවේදය  අසාර්ථකය. උපාධිධාරීන්ට රැකියා ලබාදීමට ආණ්ඩුවට තිබෙන වගකීම කොතරම්ද යන්න ඉන් හොදින් පැහැදිලිය. උපාධිධාරීන් උද්ගෝෂණය නොකරන්න මේ ටිකවත් නැත. එහෙත් පුහුණුවට ගත් සියලු උපාධිධාරීන්ට පුහුණුවක් ලැබුණේ නැත. සිදුවුයේ රජයේ කාර්‍යාලවල කාලයක් සිට නොකෙරුනු හා අමාරු වැඩ කර ගැසීමටය. එසේ නොමැති ස්ථානවල කිරීමට සිදුවුයේ photo copies ගැසීමට, ලියුම් කවර කැඩීම, Type SSetting කිරීමටය. මේවා කිරීම වරදක් නොවුනත් උපාධිධාරීගේ පුහුණුව යනු එය නොවන බව අවධාරණය කළ යුතුය.
මේ තත්ත්වය උපාධිධාරියා ගේ ජීවිතයම අකර්මණ්‍ය කළේය. ඒ රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට මේ ආකාරයේ දඩුවමක් නොලැබෙන නිසාය. අනෙක් බදවාගැනීම් වලට ලැබෙන පුහුණුව ඔවුන් බදවාගන්නා විෂයට අනුව හොඩනගා තිබේ. ඊට අදාළ නෛතික රාමුවක්ද ඇත. එහෙත් උපාධිධාරීන් කරන්න නියමිත කාර්‍ය පිළිබදව හෝ සදහනක් නැත.ඊට තවමත් සේවාව්‍යවස්ථාවක් නැත. ලැබෙන්නේ දීමනාවකි. එය රු 20000 කි. එයද ලැබෙන්නේ නිෂ්චිත වේලාවකට හෝ දිනයකට නොවේ. මෙසේ වසරක අතිශ්‍යය දුෂ්කර කාලයක් පසුකළ 2018 බදවාගත් කණ්ඩායමට අත්ව තිබෙන ඉරණම කණගාටු දායකය. ඔවුන් වසරක් වැඩ කළත් තවම ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කොට නැත. ආණ්ඩුවට පාධිධාරීන් කෙළි බඩුවක් වු නිසාම අවසානයේ 2018 කණ්ඩායමට උද්ඝෝෂණය කිරීමට පවා සිදුවිය.
නව ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සැරසෙන්නේ පැරණි ක්‍රම වේදයටමය. එහෙත් පවතින විරෝධය නිසාම යම් යම් වෙනස්කම් කිරීමට සැරසී තිබේ. පුහුණුව මාස 6කට අඩුකොට තිබේ. දීමනාව රු 35000ක් කොට තිබේ. එහෙත් තවම සේවාව්‍යවස්ථාවක් නැත. උසස්වීම් පටිපාටියක් නැත. ඒවා දිනාගත යුතුය. එසේම දිනාගත් දේ සටන්කළ සියලු දෙනාගේ ශක්තිය හා කැකැපවිමේ ප්‍රතිඵලයන්ය. එහි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය.
එසේම 2019 බදවාගත් කණ්ඩායම තවම වහාම ස්ථිර කළ යුතුය. ආණ්ඩුව පැරණි ක්‍රමවේදය ආසාර්ථක  බව පිළිගෙන එහි වෙනස්කම් සිදකර ඇත. එහෙත් එම අසාර්ථක ක්‍රම වේදයේ 2019 කණ්ඩායම පවත්වාගෙන යාම අසාධාරණය. එය නිවැරදි වුවත් ඒ පිළිබදව කිසිත් නෑ සුනාක් මෙන් සිටිමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටියි. දැන් 2019 කණ්ඩායම මෙම තත්ත්වය වෙනස් කිරිමට මැදිහත් විය යුතුය. නැසෙන කං ඇරීමට කටයුතු නොකළොත් නැවත රැකියාව ස්ථිර වන දිනය කිසිවෙකුට කිව නොහැක. මන්ද ඒ වනවිට ආණ්ඩුව ඡන්ද ව්‍යාපාර නිම කොට තිබෙන නිසාය. එම නිසා 2019 කණ්ඩායම වහ වහා තම රැකියාව ස්ථිර කිරිමට අදාළ සටන ඇරැඹිය යුතුය.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...