Friday, September 20, 2019

ලැජ්ජා විරහිත වෘත්තීය සමිති නායකයිනි,



දැන් වැඩ වර්ජනයක සුදානමක තිබෙන නිසාත් එහි ජයග්‍රහණය කොතනින් නිමාවේදැයි දැකගත හැකිනිසා මෙම සටහන තබා යා යුතුය.

උපාධිධාරීන් රස්සා ඉල්ලා මහ පාරේ අරගල කළේ ජීවිතයේ දහසක් ප්‍රශ්න විසදා ගැනීමට අන් ක්‍රමයක් නොමැති නිසාය. අරගලය කොතරම් කාලයක් ඇදගෙන ගියාද කියතොත් එක් ඡන්දයක සිට අනෙක් ඡන්දය දක්වා කාලය වු කාලය ඔහේ ගිල දැමුවේය. එහෙත්  සමහරුන්ට  තවමත් එසේද රැකියා නැත. එසේම ලැබු අයට ලැබුණේ රැකියාවක් ද යන ගැටළුවේ නිමක්නව සිටියි. මොකුත් නැතිව සිටි උන්ට ඕකත් මැදැයි කියා සිටින විට පරිපාලන සේවයේ නෝනා මහත්වරුන් දවස් දෙකක වැඩ වර්ජනයේ නියැලුණු ගමන් රු 50000ක  අමතර දිමනාවක් දිනාගෙන තිබේ. ඉන් අදහස් කරන්නේ අරගලය විසින් පාලකයින් ලවා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත හැකිබවය. එහෙත්  Do ලබාගත් පිරිස පිළිබදව  කිසිදු වෘත්තීය සමිතියක් කතා නොකරන්නේ කුමක් නිසාද? යන්න සොයා බැලිය යුතුය.

මොකද පරිපාලන සේවයේ නිලධාරින් ඉල්ලා සිටියේ තම වැටුප නොවන බව වෘත්තීය සමිතිමහත්වරුන්ට කියාදිය යුතු නැත. එහෙත් DO ලා පඩිරහිත පුහුණුවකට යටත්කොට රු 20000ක දීමනාවක් ලබාදී වසරක කාලයක් සිදුකරන සෙල්ලම කුමක්ද ?. මේ කිසිත් පිළිබදව හරිහැටි වැටහිමක් නොමැති Do පුතලාත් එය බාරගෙන උදේ හවා අතින් කා වැඩකරමින් සිටිති.අඩුම තරමින් මේ DO පුතාලා තමන් ගැන කතා කළයුතු මිනිස්සු කොට්ටාසයක් සිටින බවවත් නොදන්නේය. ඔවුන් පිළිබදව නොසොයන්නේය.  වෘත්තීය සමිති ද DO ලා හමුවීමට පැමිණෙන්නේ නැත. එසේ සිදුවිම අහඹුවක් නොවේ. මොකද පුහුණුවට ගත් Do ලා හමුවිමට වෘත්තීය සමිති නායකයන් පැමිණියහොත් තමන්ගේ ප්‍රශ්න කියන බව ඔවුන් දන්නේ ය. එමනිසා වෘත්තීය සමිති අයියලා ටික කිසිත් නොකිය කිසිත් නොවුණු ගානට සිටියි. ඔවුන්ගෙන් යම් විටෙකතොපි DO ලාගේ ප්‍රශ්න කතා කළේ නැති බව කී විට ඔවුන් ඒ සදහා පිළිතුරක් ද තබාගෙන සිටිති.  වෘත්තීය සමිති නායකයින් එම ප්‍රශ්නයට මෙසේ කියනු ඇත. DOකම්කරුවන අපිනුඹලාට රැකියා ලබා ගැනීමට බොහෝ වෙහෙසුනෙමු ඒත් නුඹලා කුමක් කළේද? නුඹලා. එසේම නුඹලා  අප සමග කතා කිරීමටවත් පමිණියේ නැත. එහෙත් අප නුඹලා ගේ ගැටළු ගැන විටින් විට කතා කළෙමු. දැන් අපිට මොකුත්  නොකියන්න වැනි වාක්‍ය වලින් වෘත්තීය සමිති නායකයින් DO ලාට ආමන්ත්‍රණය කරනු ඇත.

එහෙත් නායකයිනි, ඔබලාගේ එම පිළිතුරට අපටද කීමට දෙයක් ඇත. එය දිනක අප කීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔබ  පුහුණුව අවසන් කළ Do ලා පවා ස්තිර කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේ නැත. වෘත්තීය සමිති වලට ඒවා වැදගත් නැත. එහෙත් අප ඔවුන්ට එවා මතක්කළ යුතුය. මහත්වරුණි නුඹලා වෘත්තීය සංගම් හදාගෙන තිබෙන්නේ කම්කරුවන්ගේ ප්‍රශ්න කත කිරීමට නම් කුමක් සදහානම් වැනෙන්නේද? අඩුම තරමින් වෘත්තීය අයින් ගැන නොදත් පිරිස දැනුවත් කිරීමට පවා නුඹලා කටයුතු නොකරයි. ඒ නුඹලා ගේ කපටිකමේ අනිසංසයක් මිස DO ලාගේ ගැටළුක් නොවන බව මතක් කළ යුතුය. මොකද වෘත්තීය සමිති අයියලා කිසිත් නොවුණු ගානට සිටින්නේ පුහුණුව අවසන්ව රැකියා ස්තීර වන තෙක්ය. එවිට ප්‍රශ්නය අවසන්ව ඇත. එම ප්‍රශ්නය නැවත උදාවෙන්නේ නැවත බදවාගන්නා පිරිසකටය. ඔවුන්ටද වසරක් යනතෙක් මෙසේ සිටිමිට ඉඩ තබනු ඇත. එමනිසා වැදගත්ම දේ අපි දනිමු. එය නුඹලා ද නොදන්න ගානට සිටින බවද අපි දනිමු.

Do නමින් පුහුණුවට ගත් පිරිස හැරුණාම රාජ්‍ය සේවයට වසරක පුහුණුවට වෙනත් කිසිවෙක් ගන්නේ නැත. එසේම මුලින් මෙම පුහුණුව ලබාදුන්නේ දින් 180 නැත්නම් මාස 6කි එහෙත් එය වසක් දක්වා දිර්ඝ කරනතෙක් නුඹලා කුමක් කළේද? දීමනාව ගැනවත් පුහුණුව ගැනවත් තනතුරට අදාළ කාර්‍යන් පිළිබදවවත් වෘත්තිය සංගම් කට අරින්නේ නැත. එහෙත් මුලික ප්‍රශ්න ඒසේ තිබියදි වෙනත් සරල හා ඉතා පහසු ප්‍රශන ගෙන අරගල මවා පාති. ඒ අන්කිසිවක් නිසා නොව වෘත්තීය සිතිවල සාමාජිකයන් යාවත්කාලින කිරීමටය. එසේ නොවන්නේනම් කම්කරුවන් වෘත්තීය සමිති අත්හැරගොස් බොහෝ කල්ය. එතැනින් නුඹලා ගේ පැවැත්මද අහෝසි වන බව නුඹලා හොදින් දනි. එමනිසා මුලික ප්‍රශ්න අත්හැර සරල ප්‍රශ්න අල්ලා ගැනීමේ නුඹලාගේ කලාව වෙනුවට  Do ලාගේ ඇත්ත ප්‍රශ්න කතාකළ යුතුය.

වෘත්තීය සමිති නායකයිනි. කම්කරුවන් චුන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත. අඩුම තරමින් පුහුණුව වෙනුවට රැකියාවක් ලෙස පත්විම ලබාගැනීමට කුමක් හෝ කළ යුතු නොවේද? ඊට නුඹලා ගේ මැදිහත්විම දැන් අවශ්‍යය. වසරක් ගෙවුණු පසු රැකියාව ගැන කතා කිරීමට නුඹලා අවශ්‍ය නැත. එහිදි තනතුරට  අදාළ වැඩ පැවරීම් හැරුණාම රැකියාවට අදාළ මුලික දේවල් සම්පුර්ණවන බව දනිමු. ඉන්පසු නුඹලා ගේ පැමිණීම  කුමක් සදහාද? එය තමන්ගේ සංගමයට පිරිස් බදවා ගැනීමට නම් වැඩක් නැත. මොකද Do ලාගේ මුලික ප්‍රශ්න  වෙනුවට  කුඩා ප්‍රශ්න ප්‍රශ්න සාකච්චා කරති.  බොරු රංගන ගෙන කම්කරුවන් ඉදිරියේ ආලවට්ටම් දමීමට නම් නුඹලා අවශ්‍ය නැත. රැගපෑමකින් පසුව වෘත්තීය සමිතියේ සාමාජිකයින් බදවා ගැනීමට පමණක් සිටින නුඹලා කෙසේනම් අප විස්වාස කරමුද?  එමනිසා වසරක් ගතවීමට ප්‍රථම Do ලාගේ ස්තීර කිරීමට ක්‍රියාමාර්ග ගතයුබව අප නුඹලාට සිහිපත්කොට සිටිමු.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...