Sunday, September 22, 2019
අරාබියේ ඉස්ලාම් ආගමික වර්ජනය ඉහළට
වැඩවසම් සමාජය අහවර වන්නේ තවත් දියුණු සමාජ ක්‍රමයකට ඉඩකඩ විවර කරමින්ය. ඒ ධනවාදි සමාජ ක්‍රමයයි. ධනවාදයේ ආරම්භයත් සමග වැඩවසම් සමාජයේ පැවති ආර්ථික රටාව වෙනුවට වෙළද පොළ ආර්ථිකය ස්ථාපිත විය. ශ්‍රමය පමණක් නොව සියල්ල මිල කෙරෙණි. එවැනි ලෝකයක ජාතිවාදය ඊට බාදාවකි. එම නිසාම 18 වන සියවසේ සිට බ්‍රිතාන්‍යට,ප්‍රංශයට,රුසියාවට,ඉතාලියට මෙන්ම මුලු යුරොපයටම ජාතිකත්වයෙන් දුරස්ව ජාතික මට්ටමට පැමිණීමට බල කලේය.
ඇත්තෙන්ම එය එසේ විය. නමුත් ධනවාදි ආර්ථිකයේ ප්‍රසාරණයේ සීමාව ඉක්මවා යද්දී එහි පැවැත්මද ඇනතුරට පත්වන්නට විය. 1848,1870,1929,1940,1972 වැනිකාල වලදි ධනවාදයේ අවසානයේ හෙවනැලි පතිත වන්නට විය. එහෙත් ධනවාදය තවදුරටත් මිහිපිටින් ඉවත්වයාමට සුදානම් නැත. ඒ නිසාම ධනවාදයේ පැවැත්ම උදෙසා නැවත පරණ වෑහැලිවලින් සැරසී සිටිමට වෑයම් කරති. එමනිසා ජාතිකත්වය මත පදනම් වු ජාතිවාදයටත් ආගම මත පදම්වු ආගම්වාදයටත් ජාතියමත මත පදම් වු ජාතිකවාදයටත් නැවත කරලියට පැමිණීමට ඉඩකඩ විවර විය.
ලෝකය පුරා මෙම ජාතිවදි ආගම්වාදි ව්‍යාපාර මිනිසුන් බේද කරමින් සමාජ සංවර්ධනයට බාදා පමුණුවමින් සිටියි. ඒ අනුව ලංකාව 30 අවුරුදු යුද්ධයකින් බැටකෑවේය. දැන් නැවත ඉස්ලාම් අන්තවාදය හා බෞද්ධ අන්තවාදින් අතර ගැටුම තිවුර වී තිබේ. නමුත් ධනවාදය මෙම ගැටුම තම පැවැත්මට දායකකර ගත්තද ඊට එරෙහි දේශපාලනයක් ආරම්භ වී හමාරය. ජාති වාදයෙන් බලයට පැමිණ ධනවාදයේ මලකඩ බැදුණු ලීවර ක්‍රියකිරීමට ගන්නා උත්සහයන් බොහෝ රටවලින් දැකගත හැකිය. බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,ඇමරිකාව,රුසියාව මෙන්ම බොහෝ රටවල ධනවාදි ලීවර ක්‍රියාමක කරනුයේ ජාතික හා ජාතිවාදින්ය. ලංකාවේ ද එය එසේමය. නමුත් මේයින් වන විනාශය අතිවිශාලය පිපෙරන බෝම්බ සමග වා තලයට මුසුවන මිනිස් විලාප මෙම පැරණි ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරමින් සිටියි. ඊට හොදම උදාහරණය ආරාබියෙන් සොයාගත හැකිය.
අරාබිය යනු මුස්ලිම් අන්තවාදයේ මුලස්ථානය බවට වන අදහස දෙදරා යමින් තිබේ. එම රටවල මිනිස්සුන් ආගමික හරණය තෝරාගෙන තිබෙන්නේ එහි පවතින නිතී රීතිවලට පවා අහියෝග කරමින්ය. කාන්තා අයිතිවාසිකම්,ලිංගිකත්වය,සංක්‍රමණිකයන් ගේ ගැටළු හා ආරක්ෂාව කෙරෙහි ඉස්ලාම් ආගමෙන් කිසි පිළිසරණක් නොමැතිවිම මෙම තත්ත්වය උදාවීමට හේතු වී තිබේ. 2013 වනවිට ආගමික හරණය වු පිරිස 8% ව පැවතියේය. දැන් එය 13% ක් දක්වා වර්ධනය වී තිබේ. එමනිසා මුස්ලිම් ලෝකය ඉස්ලාම් අන්තවාදයෙන් සැදුම්ලත් එකක්ම නොවේ. එය ඊට එරෙහි අනාගාමිත්වය සමග අරගලයක් සමග පවතින්නකි. (BBC අරාබි පුවත් සේවය හා අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) ඒකාබද්දව පලස්තීනය ආශ්‍රිත රටවල් 10ක පුද්ගලයන් 25.000කගේ පමණ සහභාගීත්වයෙන් මෙම මත විමසුම සිදුකර ඇත.)
පෙනුමෙන් ගැටුම තිබෙන්නේ ආගම් හා අනෙක් ආගම් අතර පැවැතියත් එවායේ අභ්‍යන්තර ගැටුම පෙනෙන ගැටුමට වඩා තිවුරය. එය ඉල්ලාම් ආගම තුල පමණක් නොව හින්දු, කතෝලික,ක්‍රිස්තියානි මෙන්ම බෞද්ධ ආගම් තුලද පවතින්නකි. ආගම් අතරේ ජාතින් අතර ගැටුමේ දේශපාලනය ධනවාදයේ සුරක්ෂිතතාවය උදේසා තවත් එතරම් කාලයක් භාවිතයට ගැනීමට නොහැකි බව පමණක් මෙම සිදුවිම් අපට පසක් කරනු ඇත. එසේම ජාතිවාදී දේශපාලනය එරෙහි දේශපානයට අවශ්‍ය අවකාශය පුළුල් වන බවද දැකගත හැකිය. එමනිසා ධනවාදය ජාතිවාදයේ රක්ෂණයෙන් ගිලිහියාමට නියමිතය. එමනිසා දැන් ධනවාදය නව රක්ෂණාවලියක් රචනා කළ යුතුව ඇත.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment