Wednesday, July 25, 2018

සයිටම් සටනේ ඉතිහාසය 3 - අන්තරයෙන් ආණ්ඩුවට ලිපියක්


නිදහස් අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡාව වෙනුවට අධ්‍යාපනය විකීණීම සිදුකරන්නේ කෙසේද යන්න සාකච්ඡාවට පැමිණියේ ය. නිදහස් අධ්‍යාපනය තිබිය යුතුය යන්න ප්‍රකාශ කරන්නෝ ගල් යුගයේ මිනිසුන් බවට පත්කළේය. විශ්වවිද්‍යාල තුලද මෙම සාකච්ඡාවේ අඩුවක් නොවීය. සමහර දේශන ශාලාවට පැමිණි ආචාර්යවරු අන්තරය දෙකේ කොළයට දමා හෙට දවසේ නිර්මාණය වීමට නියමිත අද්විතීය අධ්‍යාපනය පිළිබඳව පාරම් බෑවේය. ඒවායේ වසගයට හසු වු ශිෂ්‍යයින් නෙවාසිකාගාර කාමරතුල, බාත් රූම් තුල තලු මරමින් සාකච්ඡා කළේය. ඉතිං සයිටම් යථාර්ථයක් වනවා සමග නිදහස් අධ්‍යාපනය මිත්‍යාවක් විය.

මේ අතර අන්තරයට ලැබුණු තොරතුරවලට අනුව සයිටම් යනු අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතිය විය. ඒ අනුව නිදහස් අධ්‍යාපනයට වැනසීමට රාජපක්ෂ ආණ්ඩුව ගෙනා ගැටය ලිහා දැමීම ලෙහෙසි නොවන බව ශිෂ්‍ය ව්‍යාපාරයට හොදින් අවබෝධ විය. මේ අනුව වහාම මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. ඊට 2008/05/20 දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. එහිදි එවකට අන්තරේ කැදවුම්කරු වු උදුල් ප්‍රෙමරත්න ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය රටට ප්‍රකාශ කළේය.එසේම මධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න යොමුවිය. එම ප්‍රශ්න ආණ්ඩුව නිර්මණය කළ මතයට අනුව නිර්මාණය විය. ලංකාවෙන් අධ්‍යාපනය ලැබීමට විදෙස් ගතවන ශිෂ්‍යයින්ගෙන් විශාල මුදලක් රට තුල ඉතිරිකර ගත හැකිව තිබියදි කුමක් නිසා අන්තරේ සයිටම් ආයතනයට විරුද්ධ වන්නේද? සියලුම දෙනාටම නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට ආණ්ඩුවට නොහැකි නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළයුතුයි නේද? මෙවැනි ප්‍රශ්න හා සැබෑවටම අන්තරය පවා නොසිතු ප්‍රශ්න විශාල ප්‍රමණයක් මධ්‍යවේදින්ගෙන් යොමුවිය. එයින් බොහෝමයක් ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත හැකිවුවද සමහර ප්‍රශ්න වලට අන්තරේට උත්‍තර දී ගත නොහැකි විය. ඉන් කොතරම් දුරට පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩපිළිවෙළ ඉදිරියට ගොස් ඇද්ද යන්න හා ආණ්ඩුව එය කොතරම් සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන්නේදැයි අවධාරණය විය.

මින් පසු මෙම සටනට අවශ්‍ය න්‍යායාත්මක මගපෙන්වීම නොමැතිව යා නොහැකි බව අත්තරය තේරුම් ගත්තේය. ඒ අනුව එවකට රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සබාපති සංජීව බණඩාරගේ ප්‍රධානත්වයෙන් එම  අධ්‍යන ක්‍රියාවලිය ආරම්භ කළේය. ආණ්ඩුව ගෙනෙන තර්කවලට ප්‍රතිතර්ක ඉතාම පහසුවෙන් ගොඩනැගුවේය. එසේම ඒවායේ දේශපාලනය අවශ්‍යතාවය මෙන්ම න්‍යායාත්මක පැතිකඩයන් හෙලිපෙහෙලි කරගත්තේය. දැන් ආණ්ඩුවේ බොරු සංඛ්‍යා ලේඛන විජ්ජා දැන් කළ නොහැක.

අන්තරය මින්පසු තම ඉදිරි පියවර තැබුවේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියොමු කළේය. ඒවා සවිස්තරාත්මක එවා විය. එසේම ආණ්ඩුවේ තර්ක වලට උත්තරද ලියා තැබීමට අන්තරේ අමතක කළේ නැත. ඒවාට අදවනතෙක් පිළිතුරු නොමැතිවුවත් ආණ්ඩුව එම ලිපි කුණු බක්කියට නොදැමු බවනම් සහතිකය. ඉන්පසු ආණ්ඩුව රූපවාහිනී රූපවාහිනී වැඩසටහන් රාශියක් සංවිධානය කළේය. සමහර ඒවා තර්ජනය කිරීමටය. සම්හර ඒවා අන්තරයට භය නැතැයි කීමටය. සමහර ඒව තම තර්ක නිවැරදියි කීමටය. එම කිසිම විකාශන කාලයක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රතිතර්ක ගොඩනැගීමට වෙන්නොවිය.

මින් පසු අන්තරය විශ්වවිද්‍යාල දෙසට හැරුණේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නව දැනුමක් දැක්මක් අවශ්‍ය විය. අධ්‍යාපන පෞද්ගලිකරණය පිළිබඳව ආණ්ඩුවේ තර්ක හා ඊට ප්‍රතිතර්ක නමින් සම්මන්ත්‍රණ විශ්වවිද්‍යාල මට්ටමින් සංවිධානය විය. ඒම දැනුවත් කිරීම් තුල පැය ගණන් සාකච්ඡා කොට අවසන්කළ නොහැකි වු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ශිෂ්‍යයින්ට විය. ඇත්තෙන්ම සයිටම් යාතාර්ථයක් වූ පසුබිමක සයිටම් පැරදවිය හැකි විස්වාසය ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්ක් නොවීය. ඊට අන්තරේ නායකයින් බොහෝ සේ වෙහෙසුනේය.

වෙහෙසීම අපතේ නොගියේය. දැන් ආණ්ඩුවේ මතය නියෝජනය කරන්නෝ සහ අන්තරේ මතය නියෝජනය කරන්නෝ දෙපිරිසක් වෙති. දැන් විශ්වවිද්‍යාල තුල සාකච්ඡාව ඒකපාර්ශික නැත. ආණ්ඩුවේ තර්කයට ප්‍රති තර්ක ඉදිපත් කරන්නෝ සක්‍රීය වී තිබේ.

මේ අතර වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවද තම ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වෙමින් සිටියේය. අන්තරේ ගොඩනගාගත් නව දැනුම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවටද ලැබිණි. නමුත් එහි ද තිබූ සාකච්ඡාව අන්තරේ තිබු සාකච්ඡාවට හාත්පසින්ම වෙනස්‍ ය.

වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට නිදහස් අධ්‍යාපනය මකබෑවි ගියත් කම් නැත. එහෙත් තම රැකියාවලට එල්ළවීමට නියමිත කරදරයෙන් කෙසේනම් බෙරෙන්නේදැන් ඔවුන් සිතමින් සිටියේය. ඔවුන්ගේ සටන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට නොව තමන්ව සුකිත මුදිත  කිරීමට තිබෙම රැකියාව සුරක්ෂිත කරගැනීම පමණක් විය. ඒ සදහා වෛද්‍ය පීඨවල සටන්පාඨය වුයේ No Private medical College යන්නය. ඉන් එහා යාමට ඔවුන් සුදානම් නොවිය. වෛද්‍ය පීඨ තුල PMC සටන්පාඨයෙන් ඔබ්බට ගිය මිනිසුන් සිටියේ කිහිපදෙනෙකි. ඔවුන් නිදහස් අධ්‍යාපනය දිනාගතයුතුය යන සටන්පාඨයෙන් තොරව සයිටම් අහෝසි කළ නොහැකි බව කීවේය. එය කී සැනින් කිපී සැහැසි වු වෛද්‍ය ශිෂ්‍යයින් එම මතය දරන්නන්ට පහර පිට පහර දුන්නේය. ඔවුන් ගෙනා ලොකුම සටන්පාඨය වුයේ එකි මතය නියෝජනය කරන්නන් දේශපාලනය කිරීම නම් සාපරාදි ක්‍රියාව සිදුකරන බවය. එහෙත් මොවුන්ද එකි ප්‍රහර දරාසිටිබව සැබෑය. නමුත් දේශපාලනය කිරීමට තරම් ධෛර්යයක් තිබුනේ නැත. ඊට හේතුව වන්නේ මොවුන් batch වල කොන්කර වටිනාකමින් හරණය වු පිරිසක් බවට හුවා දැක්විමයි. සෑම මොහොතකම මොවුන් ඉදිරියේ අවම සධාචාරය රැක ගත් අයෙක් සොයාගන්නට නොහැකිවිය. සමහරු පහරකෑමට ලක්වීය. සමහරු පොලිස් කූඩුවල දැමීය. එවන් වෛද්‍ය ශිෂ්‍යයින් කෙසේනම් සටනට කැදවන්නද? මොවුන් ගේ විරෝධය තමන්ගේ රැකියාව ඉළක්ක වු නිසාම එහිම ලැග එයම අනුබව කොට එහිම වසුරු කරමින් කල්ගේවීය. ඉන් ඔබ්බට යාම යනු කෙනෙකුට ලෙහෙසියෙන් දිනිය නොහැකි අභියෝගයක් නොවිය. කෙසේ වෙතත් මේ සියල්ල මෙසේ තිබියදී සටන ආරම්භ කළ යුතුමය.

වෛද්‍ය පීඨවල ශිෂ්‍යයින් උද්ඝෝෂණ වලට කැදවීමේදි ශිෂ්‍ය නයකයින් ගේ කණ් දෙදරණ මරහඩ හැර කිසිත් ඇසුනේ නැත. ඔවුන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් වීය. එම ප්‍රශ්න පුද්ගලිකව කෙනෙක් තුල පමණක් තිබූ ඒවා නොවීය. ඒවා එම ප්‍රජාවගේම ප්‍රශ්නයන්‍ ය. උද්ඝෝෂණයක් කිරීම තමන් වැනි දොස්තර ශිෂ්‍යයින්ට මදි පුංචි කමකි. එයත් කරන්නේ තමන්ගේ කබා ඇගලාගෙනය. මහා ගිනිකාස්ටකේ පවා එම කාබා හැරීමට ඔවුන් සුදානම් නැත. මෙවන් පසුබිමක අන්තරේ සයිටම් ආයතනය පිළිබඳව කතාකිරීමද ඔවුන්ට ගැටළුවකි. අන්තරේ යනු දේශපාලන සංවිධානයක් ලෙස හැදින්වන වෛද්‍ය ශිෂ්‍යයින් එක්ව සටන් කිරීම තබා ලගින්‍ යාම පවා රුස්සන්නේ නැති බව කිවේය. මෙවැනි වටපිටාවක දී උව ශිෂ්‍ය ව්‍යාපාරය කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යයින් පන්ති වර්ජනයට කැදවිය යුතු බවය.

ඉතා අමාරුවෙන් අන්තරේ සොයාගත් දැනුම වෛද්‍ය ශිෂ්‍යයින් වෙත එන්නත් කිරීම ඇරඹුවේය. ඉන් සටනට යම් ආලෝකයක් ලැබිණි. 2008 අවසානය වනවිට නැගෙනහිර,යාපනය වෛද්‍ය පීඨ  හැරුණුකොට සියලුම වෛද්‍ය පිඨ තම පීඨය ඉදිරියේ උද්ඝෝෂණ වල නියැලුනේය. එසේම ජනතා දැනුවත් කිරීම් විශාල ප්‍රමාණයක් සංවිධානය කළේය.

රාජපක්ෂ ආණ්ඩුව ශිෂ්‍යයින් ගේ සක්‍රියතාවය මොට කිරීම සදහා මරදනය ක්‍රියාමක කරන්නට විය. එහෙත් මර්දනයේ සුලග වෛද්‍ය පීඨ දෙසට හැමුවේ නැත. ඒ වෙනුවට පෙරාදෙණිය,රුහුණ ,කැලණිය ජපුර දෙසට මර්දනය සිහින් සුලගක් මෙන් හැමීය. අන්තරේ කැදවුම්කරු උදුල් ප්‍රේම රත්න සිර කළේය. වැඩබලන කැදවුම්කරු වු සංජීවද විටින්විට සිරගත කළේය. ඒ වනවිට මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට පහරදීම ආරම්භ කළේය. ඒ අතර පොලිසියේ සිටිමට සිදුවීම අහම්භයක් නොව අනිවාර්ය කි. රාත්‍රි 8 පසු පාරක තොටකයාම දැලි පිහි පහරක් හෝ බයිසිකල් චේන් පහරක් කෑමට සුදුසුකමක් විය.

මේම මර්දනය පැමිණියත් සයිටම් ආයතනයට එරෙහිව දමන කටවුට් අඩුවුවේ නැත.  සෑම රාත්‍රියකම විශ්වවිද්‍යාලය ඉදිරියේ වූ ප්‍රචාරක පුවරු විනාශ කොට තිබිණි. එහෙත් පසුදා උදේ වනවිට ඒවා නැවත සැකසීම කර තිබුණේය. ඒ සමගම මර්දනය ක්‍රමානුකූලව  තිවුර විය. ශක්ති සම්පන්නන් ඉතිරිකොට අනෙක් සියල්ලෝම පළා ගියෝය. ඒ සමගම අන්තරේ කැදවුම්කරු මාරුවිය. අභියෝගය ඉතා විශාලය එහෙත් අවශ්‍ය ශක්තිය ඇත්තෝ කිහිපදෙනෙකි. එම නිසාම නව කැදවුම්කරු සංජීවට වැඩ ආරම්භ කිරීමට සිදුවුයේ මර්දනයට හසු වූ කිහිප දෙනෙකු සමගය. එය ඔවුන් නොපිරිහෙලා  ඉටුකළේය. එය කිසිවෙකුට නොපෙනුණත් සයිටම් සටනට මුලපිරීමේදි  එය සරල දෙයක් නොවන බව කිව යුතුය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...