විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට බසිති.ශිෂ්‍යයින් එසේ කරන්නේ ඇයි. මෙය තෙරුම්ගැනීමට නොහැකි අයද සිටිති. එසේ තේරුම් ගැනීමට නොහැකි උවන්ට තේරුම්කර දීම උදෙසාත් ශිෂ්‍යයින්ට ඉගෙනිම අතහැර පාරට බැසීමටත් ආණ්ඩුව අවස්ථාව ලබාදි තිබේ. මෙය සිදුකරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු විශ්වවිද්‍යාලයක ඉදිකිරීම් කටයුතු සිදු නොකරන ලෙසට වු චක්‍ර ලේඛනය පසුගිය දා විශ්වවිද්‍යාල වලට එවා තිබිණි.
මේ අනුව 2020 වනතෙක් විශ්වවිද්‍යාල තුල කිසිදු නේවාසිකාගාරයක්,කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇත. එසේම විශ්වවිද්‍යාල තුල පවතින කිසිදු සංචිතයක් භාවිතයට නොගන්නා ලෙස දැඩි ලෙස අවදාරණය කර ඇත.
එයින් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කුමක්ද? හොස්ටල් නැත්නම් එවා ලබා ගැනීමට උද්ඝෝෂණය කළයුතු බව නොවේද? දැනටමත් විශ්වවිද්‍යාල තුල නේවාසිකාගාර අහිමිවුවෝ විශාල ප්‍රමාණයකි. ඔවුන් නේවාසිකාගාර ලබාගන්නේ කෙසේද? අධ්‍යයන ශාලා නොමැතිව ඉගෙනිමට තැන්තැන්වල ඇවිදින ශිෂ්‍යයින්ට ආණ්ඩුවේන් දෙන මෙම පණිවිඩයෙන් සැනසීමක් අත්වනු ඇත්ද? සමහර තාක්ෂණ පීඨවල අධ්‍යයන කටයුතු ඇරැඹුවත් එවා අර්ධ වශයෙන් හෝ ඉදිකොට නොමැත. මේ අනුව 2020 වනතෙක් විශ්වවිද්‍යාලයට බදවාගන්නා ප්‍රමාණය අඩුවනු ඇත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට බදවාගන්නා ප්‍රමාණය උසස් පෙළ විභාගයට සමත්වුවන්ගෙන් 16%ක් විය යුතුය. එහෙත් දැනට බදවාගන්නා ප්‍රමාණය 11% කි. එයද 9% දකවා අඩුවනු ඇත. එය කොපමණ කප්පාදුවක් වනු ඇත්ද යන්න මොහොතක් සිතිය යුතුය. දැන් අන්තරය පාරට බැස්සීම සිදුකරන්නේ කවරෙක්ද? එය ආණ්ඩුවේ අවශ්‍යතාවයකී. එම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කප්පාදු කිරිමට පෙර කදුළු ගැස් උණ්ඩ 10000ක් ගෙන ඒමට ආණ්ඩුව ප්‍රතිපාදන වෙන්කළේ පෙර සැලසුමකට අනුවය. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට බසින්නේ ආණ්ඩුවේ සැලසුමකට අනුවය. ඊට කදුළු උණ්ඩ සාක්කි දෙනු ඇත.

No comments:
Post a Comment