ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මය ශිෂ්‍ය වීරයන් ය. ඔවුන්ට නිශිචිත අරමුණක් තිබිණි. ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරන්නෝ පාවා දෙන්නෝ නොවෙති. ඔවුන් නිවරදිව කියවා ගැනීම පවා අපහසු කාර්යකි. සමහරුන්ට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. කිසිම කොන්දේසියක් නොමැතිව ජීවිතය පුදකළ මිනිසුන් ගැන කොන්දේසි දමා වාසි පැත්තට හෝයියා කියන උන්ට කීමට හැක්කේ කුමක්ද? ඔවුන් ශිෂ්‍ය වීරයන් කොන්දේසි මත විග්‍රහා කරනු නියතය. සමහරු අලසයන් ය. එවැන්නන්ට මාතලංගේ කැපකිරීම් අවශ්‍ය විය හැකිද? ඇත්තෙන්ම අවශ්‍යය. මොකද අලසයන් මතලංට මුවා වූ සැනින් මාර පොරවල්ලා වන බැවිණි. එහෙත් ශිෂ්‍ය වීරයන් තෙරුම් ගැනීමට අමුතු හැඩතල අවශ්‍ය නොවනු ඇත. ඊට තමන් කරන්නේ කුමක්ද යන්න පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. ශිෂ්‍ය වීරයන්ගේ පුළුල්තම අවකාශය ක්‍රියාවට නැගීම යම් කෙනෙක් කරන්නේ නම් ඔහු ශිෂ්‍ය වීරයන් ගැන සොයා බැලුවෙක් වේ. බාගෙට නැත්නම් අබ්බගාතව වැඩකර ඉතිරිය වචන හරඹින් නිමකරන්නන් ශිෂ්‍ය වීරයන් අසලට හෝ පැමිණියවුන් නොවේ.
එම නිසා 2010 දී සුසන්ත බණ්ඩාරගේ මරණය ගැන නිර්වචන සැපයීමට රූපවාහිනීය බදුගත් එස්. බි දිසානායකට ශිෂ්‍යයින් එදා ප්‍රකාශ කළේ කෙලතොල්ලනට හූ මිටි දීමට වෙලාව මිඩංගු නොකළ යුතු බවයි. රුහුණු විශ්වවිද්‍යාලයට පොලිසිය යැවු එස්.බී ශිෂ්‍යයින්ට පහර දී සුසන්තව මරා දැමුවේය. එහෙත් එස්.බීට අනුව එය කළේ බස්සාය. බස්සා යනු සුසන්ත්ගේ රූමාය. රූමා අල්වා තබා අතපිසදා ගැනීමට පාලකයෝ සැරසුණත් ඊට සුසන්තගේ සැබෑ මිතුරන් ඉඩ ලබා දුන්නේ නැත. ඔවුන් ඇත්ත කීවේය. එම ඇත්ත කොතෙක්ද කීවෝත් ඔවුන්ගේ විරෝධය මරණයට අත වනන්නක් විය. එහෙත් ඔවුන් සත්‍යය කීම නවතා දැමුවේ නැත.
සුසන්ත පහර කෑවේ නේවාසිකාගාරට පැමිණි මැර පොලිසියෙන ය. ඉන්පසු සුසන්ත ගෙදර ගියේය. දරාගත නොහැකි හිසේ කැක්කුම නිසා ඔහු බදුල්ල මහා රෝහලට ඇතුල් කළේය. වෛද්‍ය වාර්තාවට අනුව අහ්‍යාන්තර ලේ ගැලීමක් හේතුවෙන් සුසන්ත මියගොස් තිබිණි. එහෙත් මෙම පහරදීම දුටු අය සිටිති. ඉන් ප්‍රධාන සාක්ෂිකරු සුසන්ත්ගේ රූමාය. සාක්ෂිකරු මිනිමරුවා බවට පත්කළ ආණ්ඩුව පහරදීම ප්‍රතිෂෙප කර වෙනත් රංගනයක නිරිත විය. සුසන්තගේ මිතුරා වන බස්සා භියට පත්කළේය. එම දිනවල බස්සා සොයා පොලිසිය කරන සෝදිසි මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය වාර්තා කළේය. ඇත්තෙන්ම පොලිසිය කළේ බස්සා හරහා වචනයක් පිටනොවන ලෙසට වැඩකටයුතු සැලසීමය. මොකද මේ ප්‍රවෘත්තිය විකශනය වූ සැනින් බස්සා පොලිසියට ගියද ඔහුව අත්අඩංගුවට ගන්නවා වෙනුවට කළේ පරිසම් වෙයන් කියා තර්ජනයකොට පොලිසියෙන් පිටකිරීමය. බස්සා මැරුණු මිතුරා ගේ සෝකය දරා සිටියේ මරණ වරෙන්තුව සුරතේ තබාගෙනය.
රුහුණේ ශිෂ්‍යයින් සුසන්ත බැලීමට ඔහුගේ නිවස පිහිටි බදුල්ලට පැමිණියේය. එහි ශොකයෙන් තෙරපුණු නිවැසියන්ට,ගම්මුන්ට අමතරව ඇමති නිමල්ගේ හා ඇමති ඩිලාන්ගේ ගෝලයන් අරක්ගෙන සිටියේය. සියල්ල සිදුවුයේ සැලසුමකට අනුවය. මුලින් විශ්වවිද්‍යාලයෙන් පැමිණෙන ශිෂ්‍යයින්ට පහරදීමට සිටියද එය කාලගෝට්ටියකින් නිමාවුයේ නිවැසියන්ගේ මැදිහත්වීම මතය.
නිවැසියන්ට මෙම මරණය පිළිබදව අර්ථකතනය කළේ ඇමතිවරුන්ගේ ගෝලයන් ය. මුලින් එය පිළිගත්තත් සත්‍ය හෙළිවත්ම නිවැසියන්ද වෙනස්විය. ඊට පොලිසියේන් පහර කෑමට ලක්වු අනෙක් ශිෂ්‍යයින් ගේ තුවාල මහෝපකාරිවිය. එදින විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ආණ්ඩුවේන් නිරුක්තරවීමට එක් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ඇසුවේය.
ආණ්ඩුව සුසන්ත මැරුවේ නැත්නම්
ඇමති ගෝලයෝ පැමිණියේ කුමටද? එම ප්‍රශ්නයට එස්.බී හොඉ නිමල් හෝ ඩිලාන් ඇමතිවරු මෙතෙක් පිළිතුරු දි නැත.
අනෙක් කාරණය එස්.බී ගේ මුවෙන් මිනිමරුවා ලෙස ප්‍රකශයට පත් වු බස්සා අත් අඩංගුවට නොගත්තේ ඇයි. ඊටද ආණ්ඩුව මුණිවත රැක්කේය.
කවුරුන් හෝ සුසන්ත ශිෂ්‍ය වීරයෙක් ද යන ප්‍රශ්නය නගන්නේ නිකන් නොවන බව කිවයුතුය. ඊට දුරදිග සිතා බලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළකි. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සාරය ඉවත්කළ යුතුය. ඒ වෙනුවට එහි දියාරු නිසරු පසක් නිර්මාණය කළ යුතුය. ඉන්පසු මහා දැවැන්ත මිනිසුන් වෙනුවට කෙඩෑරි වු හිපාටුවන් නිර්මාණය වීම ඉඹේම සිදුවනු ඇත. ඔවුන් කති ,බොති, සුකති සංස්කෘතිය විශ්වවිද්‍යාලය තුල රෝපණය කරනු ඇත. එවිට අරගල වෙනුවට බඩගෝස්තර වදය රජයනු ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය එසේ වනු දැකිමේ අවශ්‍යතාව තිබෙන්නේ කාටද යන්න අප දනිමු. ආණ්ඩුව නවකවද විරෝධි පෙරමුණක් විශ්වවිද්‍යාලය තුල නිර්මාණය කරමින් සිටිති. මෙහිදි කොතෙක්නම් බත්බැලයන් ආණ්ඩුවට හමුවෙනු ඇත. ඔවුන්ගෙන් කරගැනීමට අවශ්‍ය කාර්යන් අතර ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීම ප්‍රමුඛ උවත් ධීන සංකෘතියක් රෝපණය කිරීමට ගතහැකි සහය කුමක්නිසා හෝ අත්හරින්නේ නැත. දැන් හෙමින් හෙමින් එය සිදුවේ. හෙට ඊට වඩා තිවුර ලෙස එය ක්‍රියාත්මක කරනු ඇත.

No comments:
Post a Comment