පෙසපෙහි දේශපාලනයට අප මෙසේ කියන්නේ ඇයි. පසුගිය දිනක නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නායකයන්ට අපූරු සංග්‍රහයක් ප්‍රධානය කොට තිබිණි. එම සංග්‍රහය පැවැත්වුයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපය පරිශ්‍රයේදීය. මෙම සංග්‍රහය සදහා පාදක වන්නේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ක්‍රියාත්මක වන අරගලයයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ තීරණයකට අනුව ත්‍රිකුණාමල මණඩපයේ සටන පිළිබඳව සාකච්ඡා කිරීමට යොදාගත්තේය. එහි වගකීම නැගෙනහිර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවරාග්ත්තේය. ඒ අනුව ඔවුන් ත්‍රිකුණාමල මණ්ඩපයට ගොස් ඇත. ඔවුන් එහි ගොස් තිබෙන්නේ රෑ බෝවී නිසා එදින රාත්‍රි එහි නේවාසිකාගාරයේ නවාතැන් ගත්තේය. කරීමට නියමිත සාකච්ඡා පසුදිනට කල්තැබීය. ඒ අතර නේවාසිකාගාරයේ ශිෂ්‍යයින්ගෙන් හොද ආදර සත්කාර සමග ආහාර පානද ලැබිණි. පසුදා තමන්ට පැවරුණු වගකීම ඉටුකිරීම සදහා ඔවුන් වේලාසනින් නින්දට ගියේය.
රාත්‍රිය භියකරුය යන්න සත්‍යකි. ඔවුන් ත්‍රිකුණාමල මණඩපයට පැමිණි බවට වූ පණිවිඩය කොළඹ මහතෙකුට දුරකතනයෙන් අසන්නට ලැබිණි.
ඔහු මම පස්සේ ගන්නම් කියා දුරකතනය විසන්දි කරනු ලැබීය.
මහත්සේ කලබල වූ මේ මහතා තවත් කිහිපදෙනෙකුට දුරකතනයෙන් ඇමතීය. ඉන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මංත්‍රිවරුන් ය.
ඉන් පසු ඔහු නැවත ත්‍රිකුණාමලයේ සිටින නියෝජිතයා ඇමතීය. මෙහෙමයි, එයාල ගැන ඇඩ්මීන් එකට කියන්න. අපි කිව්වා කියලා දැනගන්න තියන්න එපා වැඩේ චාටර් කරගන්න දෙන්න එපා, මම අනුර අයියටත් කතා කළා.
නියෝජිතයා සතුටින් ඉපිළ ගියේය. මෙය සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකගේ නියෝගයකි. දැන් භියවීමට කිසිත් නැත. සතුරා ගේ සතුරා මිතුරාය න්‍යායට අනුව දැන් තිබෙන්නේ සතුරා සතුරාට අල්ලා දීමය. ඊට නියෝජිතයාට වැයවුයේ එක් දුරකතන ඇමතුමක් පමණි.
පසුදින මාෂල් මත්වරු නේවාසිකාගාරයට පැමිණියේය. නැගෙනහිර මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් වටකර ගත්තේය. ඔවුන් ගැන තොරතුරු මාර්ෂල් මහත්වරු දැන සිටියේය. එවා කියමින් තර්ජනයකර භියවැද්දීමට ඔවුන් උත්සහ කළේය. මෙහි වරදක් සිදුව තිබෙන බව වටහගත් නැගෙනහිර මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් නිහඬව කියනා දේ අසාසිටියේය.රැකවරණයට කිසිවෙක් නොපැමිණියේය. ඉන් අනතුරුව ඔවුන් ත්‍රිකුණාමල මණඩපයේන් එළියට ඇද දැමීය.
ජවිපේ මේ කුමක් කළේද? 88/89 පාවාදෙන්නන්ට මරණය ලගාකළ ව්‍යාපාරය මේ කුමක් කරන්නේද? කිසිවෙක් එය ජවිපේ කලා යැයි දන්නේ නැත. ත්‍රිකුණාමල මණඩපයේ බලය ජවිපේ හසුරුව්න බව නොදැන මේවැනි පාවාදිම් කෙසේ දැනගත හැකිද? මේහි බලය ජවිපේ උවත් ඔවුන් පෙනී සිටින්නේ ස්වාධීන ලෙසය. මෙයට ශිෂ්‍යයන් ද කැමති නිසා ජවිපේද ඊට ගොඩාක් කැමතිය. එහෙත් එය නිදහස් අධ්‍යාපන මරුවන්ගේ සැගවිය හැකි තැනක් මිස වෙනකක් නොවේ. එය නිදහස් අධ්‍යාපනයේ මලගම අවසන්වනතුරු ශිෂ්‍යයින් දැනගන්නේ නැත.
එහෙත් මේ පවාදිම් නොදන්නා පිරිස පිළිබඳව ප්‍රශ්නයක් නැත. එහෙත් පෙසප මේ කුමක් කරන්නේද? සමනල දේශපාලනයට මේවා නොපෙනේද? පෙනුණත් නොදැක්කා සේ සිටින්නේද? මෙලෙස ජවිපේ සිදුකරන පළමු පාවාදිම මෙය නොවේ. දැන් එය සාමාන්‍ය කරණය වනතාක් වර්ධනය වි තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙසේ පාවා දෙනතෙක් නිහඩව සිටිය හැක්කේ කාටද? ඔවුන් සමනලුන් මිස වෙනකෙක් නොවේ. මෙහිදී පෙසපේ මෙම තපස් රැකීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොව එය දියාරු භාවය ලෙස කිවයුතුය.
මීට පෙර ජවිපේ අග්නිදිග ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයන් සමග සෙල්ලම් කළේ ඔවුන්ගේ පීඨය කොළඹට ගෙනවිත් දෙනබවට වූ පොරොන්දුවට අනුවය. එහෙත් එම සටන පාවාදී බොහෝකල් ය. එහෙත් එවැන්නක් සිදුනොවුණුගානට සියල්ලෝම සිටිති. පෙසපද ඒවාට මුණුවත රකිති. මෙවැනි පවාදීම් සයිටම් සටනින් පමණ්ක් විශාල සංඛ්‍යාවක් සොයාගත හැක. එහෙත් ඒවා ශිෂ්‍යයෝ නොදනිති. එවා කළ ජවිපේ දන්නවාසේම පෙසපද හොදින් ඒ පිළිබදව දනි. ඉතිං මේම සමනල් දෙශපාලනය වෙනස්කර පවා දෙන්නන්ට එරෙහි සටන අරබන්නේ කවදාද ?
No comments:
Post a Comment