මේ වනවිට ශිග්‍රයෙන් ඉහළ යන භාණ්ඩ මිල දැරිය නොහැකි මට්ටමට ලගා වී තිබේ. මෙම වර්ෂයේ පමණක් තෙල් මිල කිහිපවරක් ඉහළ දැමීය. ඒ සමග බේකරි නිෂ්පාදන වල මිල ඉහළ ගියේය. බස් ගාස්තු ඉසිලිය නොහැකි බරක්ව තිබේ. මීට සමගාමිව හාල් ,සීනි ,පරිප්පු ,තේකොළ , ලුණු ටික පවා මිල ඉහළ ගියේය.
දැන් ගන්නා පඩියෙන් කෑමට ගැනීමත් ප්‍රමාණවත් නොවේ.එසේම වතු කම්කරුවන් ගේ ජීවිත ඉටවඩා අගාධයකට වැටී ඇත. පසුගිය කාලයේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු700ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වුවත් එය කිසිසෙත්ම ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. ජීවත් වීමට සරිලන වැටුපක් ලබාදෙනතෙක් සිටියොත් එය කිසිදිනක නොලැබෙනු ඇත. පාලකයන් ඊට කිසිදිනක අනුමැතිය නොදෙනු ඇත.
දැන් ජිවත්වීමට සරිලන වැටුපක් දිනාගත යුතුය. ඊට අවශ්‍ය බලය ගොඩනැගීම ආරම්භ කළ යුතුය. මේ සදහා කම්කරු අරගල මධ්‍යස්ථානය පසුගිය කාලය පුරාවටම දැනුවත් කිරීම් ගණනාවක් සිදුකරන ලදි. එම වැඩපිළිවෙළට අනුව අද දින උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.










No comments:
Post a Comment