Friday, July 27, 2018

පේරාදෙණියට නිවාඩු දුන්නේ ඇයි?



පැවති ආණ්ඩු සියල්ලක්ම හැකි පමණ වෙරයොදා ගස් කපති,පස් කපති,ඉන් පසු දැවැන්ත තට්ටු ගොඩනැගිලි තනති. පාරවල් කාපට් කරති, වැඩි වේගයෙන් යාමට අදිවේගි මාර්ග තනති. ඉන් පසු අපි සංවර්ධනය වී ඇතැයි උන්ම කියති. එහෙත් ආපසු ණය කන්දක් ගැනත් කියන ගමන් ණය ගෙවීම සදහා බදු ගෙවීම අපේ යුතුකමක් බව ද කියති. දැන් මේ අපබ්‍රංශය තේරුම් ගත හැක්කේ කාටද? ආණ්ඩුවේ මේ කියුම් කෙරුම් රටේ ජනතාවගේ ඉල්ලීම් නොවන බව පැහැදිය. ජනතාව පත්කරනවා යැයි කියන ආණ්ඩු ජනතාව කියන දේ නොකරන්නේ ඇයි. ජනතාවට තමන්ට යමක් කරගැනීමට අවශ්‍ය වූ විට පාරට නොබැස උද්ඝෝෂණය නොකර දිනා ගතනොහැක.

ආණ්ඩුව නිර්ධනයින් මත පැටවිය නොහැකි බරද පටවා හමාරය. බදූ බර වැඩියි කියලා බදු ගහන ආණඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පුංච් ප්‍රශ්නයක් සමගත් කඹ අදිමින් සිටියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නොමැතිව වසා තිබේ. මෙතරම් දෙයක් කිරීමට ආණ්ඩුව පෙළඹෙන්නේ  ශිෂ්‍යයින් කුමක් ඉල්ලු නිසාද? ශිෂ්‍යයින් පාලකයන්ගෙන් අදීවේගි මාර්ගයක් ඉල්ලුවාවද්ද?  නැත්නම් පෝට්සිටියක් ඉල්ලා සිටියාද? නැත. එවැනි කිසිවෙක් මේ රටේ කිසිදු නිර්ධනයෙක් ඉල්ලා සිටිටියේ නැත. ශිෂ්‍යයින් ඉල්ලා තිබෙන්නේ එවා නොවේ.ශිෂ්‍යායෝ ඉතාම සුළු දේවල් පමණක් ඉල්ලති. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෝ තමන්ගේ අධ්‍යයන කටයුතු සදහා කාර්මික දෑනුම ලබාගැනීමට පහසුකම් ඉල්ලති. මේ සොච්චම් දේ වෙනුවට ලබාදෙන්නේ මර්දනය නම් මේ පාලනයෙන් ඇති වැඩේ කුමක්ද? මේ පාලනය උවමනා කාහටද? විශ්වවිද්‍යාලයක කප්පරක් සුබසාධන ගැටළු නිර්මාණය වනතෙක් බලා සිටින පාලනයක් උවමනා කාහටද?  මේ සෑම දේයක්ම විසදන ලෙස  ශිෂ්‍යයින්ම කිවයුතුනම් මේ පාලනය කුමටද ?

මෙවැනි කප්පරක් අඩුපාඩු සපිරි විශ්වවිද්‍යාලවල සිටින ශිෂ්‍යයින්ට ඉගෙන ගත හැකිද? නැත උද්ඝෝෂණ කිරීම හැර වෙනත් කිසිවක් කිරීමට ඉතිරිව නොමැත. විශ්වවිද්‍යාලයට තේරිම සදහා, උපාධිය ලබාගන්නාතෙක් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ සිට පහසුකම්  ලබාගැනීම සදහාද  උද්ඝෝෂණය කළ යුතුය. උපාධිය ලබාගත් පසුව රැකියා දෙන ලෙසද ඉල්ලා උද්ඝෝෂණය කළ යුතුය.

දැන් ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂණ උස්මුරුත්තාවකි. ආණ්ඩුව ප්‍රශ්න විසදනවා වෙනුවට උද්ඝෝෂණ ඇතුලෙද දේශපාලනය කරති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය කරමින් සිටින්නේ ද ආණ්ඩුවේ දේශපාලන උවමනාවයි. දැන් ආණ්ඩුව විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැත. විශ්වවිද්‍යාල තුලද තිබෙන මුදල් ලබාදීමට අනුමැතිය ලැබෙන්නේ නැත. දැන් විශ්වවිද්‍යාල වසා දමන්නේ නැතිව පවත්වාගෙන යා යුතු නිසා පවත්වාගෙන යයි. මෙයින් ශිෂ්‍යයින් ගෙ අධ්‍යාපන අවශ්‍යතාවය සම්පුර්ණ කළ නොහැක. තිබෙන ගොඩනැගිලි තුලට වී වලකජු ගැසීමට ශිෂ්‍යයින්ට අවශ්‍ය නැත. දැන් පාලකයන්ට අවශ්‍ය එවැනි ශිෂ්‍යයින්ය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ශිෂ්‍යයින්ට එසේ වන්නට ඉඩ තබන්නේ නැත.

සටන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් උවක් පමණක් නොවේය. එය රටේ සැවොම සම්බන්ධ විය යුතු සටනකි. හෙට පාරේ යන විට, මාර්ග අවහිර වනවිට කෑ ගැසීමෙන් තේරුමක් තිබේද? නැත. ප්‍රතිපාදන අහිමිවන විට ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ කෙසේද? එය නිවැරදි නොකොට කෑ ගැසීමෙන් පලක් නැත. දැන් ළමයින් ගෙදරය. දෙමාපියන් මීට මැදිහත් විය යුතු වන්නේ නැදද? ඒ වෙනුවට ආණ්ඩුව දැන් ගෙනයන දේශපාලනයට ගොදුරුවීමට ඉඩ ඇත. ශිෂ්‍යයින් ගේ මෙම ප්‍රශ්න නොහික්මුණු ක්‍රියා ගණයට ඇද දැමිය හැකිය.

විවිධ මතවාද නිර්මාණය කර ශිෂ්‍යයින් ගේ සටන් සාධාරණ යැයි කියනවා වෙනුවට ඒවා කාලගෝට්ටි බවට පත් කිරීමේ උවමනාවක් ඇත. දැන් ශිෂ්‍ය ව්‍යාපරයද නැවත විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කළ යුතු යැයි සිතන්නෝ මේ පිළිබඳව අවදානය යොමුකළ යුතුය. එසේ නොවන්නේ නම් විශ්වවිද්‍යාල මෙම වසරේම වසාදමා තැබීමට ආණ්ඩුව කැමතිය. එයින් ආණ්ඩුව මුදල් තව වෙන්කරනවා වෙනුවට ඒ හරහා තවත් කප්පාදුකට සැරසෙනු ඇත. එම නිසා විශ්වවිද්‍යාල යතාතත්වයේ පවත්වා ගැනීමේ අරගලයට පණ පෙවිය යුතුය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...