එම වැඩ පිළිවෙළ ජවිපෙට අදද ආගන්තුක නැත. සයිටම් සටනේ ආරම්භයේම එකී වැඩපිළිවෙළ ජවිපේ අභ්‍යන්තරයේ සාකච්චාවට ගත්තේය. මෙහිදී අධ්‍යාපනය ලබාදීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයට ඉඩදිය යුතුය යන අදහස ඉදිරිපත් විය. ඒ සදහා පෙමිසිටින්නන් බොහෝමයක් ඊට අදාළ තක තර්ක ගොඩනැගුවේය. එම තර්ක පසුව සයිටම් ආයතනය වෙනුවෙන් පෙනිසිටින්නන් විසින්ද රුප පෙට්ටියේ දි අදබාන ලදි. බොහෝ පිරිසක් නොවුණද සැලකිව යුතු චරිත කිහිපයක් මෙමෙ අදසට සමස්ත ජ්විපේම නම්වා ගැනීමට වෙරදෑරීය. එය කොපමණද කීවෝත් ඔවුන් සයිටම් මුදලාලිගේ ගෝලයන්ද යන සැකය මතුවන තෙක් ඔවුන් අපබ්‍රංශ දේඩූහ. එහෙත් ඔවුන්ට එය තහවුරු කිරීමට නොහැකි විය. මේ සියල්ලම වෙනස්විමට හේතු වුයේ එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයයි. ඔවුන් පාවාදෙන්නන්ට එරෙහිව අවිදරා සියෝය. එමනිසාම පාවාදෙන්නන් ද එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයට වෛරය කරන්නට විය.
ජවිපෙ මතවාදිව නිදහස් අධ්‍යාපනය රැකගත යුතුය කීවද එහි සිටි සමහර නායකයින්ට එම අදහස නොතිබිණි. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය සටනට ප්‍රවේෂ විය. 2008 නොවැම්බර් ගිනිසිළුව සයිටම් ආයතනය පිළබදව හෙලිදරව් කළේය. ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සටනට සුදානම් විය. එහෙත් එය තරමක දියාරු එකකි. පාවා දෙන්නන් විශ්වවිද්‍යාල මට්ටමට තමන්ගේ අදහස ගොඩනගා තිබිණි. එහිදී ශිෂ්‍ය ව්‍යාපාරයට මේ සටන කළ නොහැකි බව සමහර සහෝදර වරුන්ට තහවුරු කිරීමට විශාල වෙහෙසක් ගත්තේය. සමහරු ඊට හසුවිය. සමහරු අකර්මණ්‍ය විය. නමුත් සටන අත්නොහැර සටන්කළ යුතුය යන පිරිස සටන ඇරඹීය.
ජවිපේ සිදුවන මේ සියලු තතු ආණඩුවට එසැනින් වාර්තා විය. ජවිපෙට පවා හිලෑ නොවන ශිෂ්‍ය සංවිධානයක් තිබීම ආණ්ඩුවටද ප්‍රශ්නයකි. මේ අතර ජවිපෙ මැතිවරණ වලින් අන්ත පරාජය ලබම්න් වැපුරූ බීජ ව්ලට ලැබුණූ අස්වැන්න එකතුකරමින් සිටියේය. සමහර නායකයින්ගේ පාර්ලිමේන්තු සිහිනයට කණ කො හඩලනු දුටුවිට මහා කාලගෝට්ටියක් මෙන් තප්පුලන්නට වුයේය. සමහරු ඇමතිවරුන්ව සිටියවුන් ය සමහරු උප ඇමතිලාය. ඒ අතර මල පැනපු හිටපු ඇමතියෙක් සියලු දේ අතහැර නිවෙසට වැදී සිටියේය. සමහර ඇමතියෙක් මල පැන පුටුවලට ද පයින් ගසා රටයාමට සැරසෙන බව කිවේය. මේ කුමක් නිසාද? වැපුරූ බීජවල ඵල දාරා ගැනීමට නොහැකිව එහි වරද සටන් කළ යුතුයැයි සිතන්වුන්ගේ වරදක් බව හුවා දැක්වීම සදහාය. මේ සියල්ල හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරය සටනට ප්‍රවේෂ විය.
සහයට කිසිවෙක් නැත. රූපවාහිනී මාධ්‍ය පුදගලික විශ්වවිද්‍යාල හිමියන්ගේ දේපලක්ව තිබිණි. නමුත් 2009 පෙබරවාරි වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව පළමු පත්‍රිකාව මුද්‍රණය කළේය. වෛද්‍ය ශිෂ්‍යයෝ නගරවලට ගොස් දැනුවත් කිරීම් ආරම්භ කළේය. එහෙත් ලැබුණු පිළිතුර ශොචනීය විය. බොහෝ නිර්ධනයින් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීය යුතුබවට තර්ක කරති. ඒවා රූපවාහිනියෙන් පොම්ප කළ අදහස් ය. ශිෂ්‍යයන් අත් නොහැර අරගලය ඉදිරියට ගෙන ආවේය. ඒ සමගම මර්ධනයේ චණ්ඩමාරුතය හමන්නට විය. දඩයක්කරුවා එස්.බී දිසානායක ය. ඔහු හිස් ලූ ලූ අත දුවමින් ශිෂ්‍ය මර්දනයේ නියැලුණේය.
මේ අතර වෛද පීඨ ක්‍රියාකාරි කමිටුව පන්ති වර්ජනයක් කළ යුතු බවට සාකච්ඡා කෙරිණි. එහෙත් ඊට ශිෂ්‍යයින් සුදානම් නොවීය. එම නිසා අවශ්‍ය කාලය ලබාගනිමින් ශිෂ්‍යයන්ව දැනුවත් කිරිමට ශිෂ්‍ය නායකයින් කටයුතු කළේය. ඒ සමගම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කළේය. වෛද්‍ය සංගම් සමග සාකච්ඡා කළේය. එහෙත් සටනට අවශ්‍ය ජවය එහි නොවිය. පන්තිවර්ජනය යෝජනාවකට පමණක් සීමාවිය. ඒ සමගම සියලුම විශ්වවිද්‍යාලවල මර්දනය ක්‍රියාත්මක විය. නවක වද චෝදන, පොස්ටර් ගැසීම, උද්ඝෝෂණය කිරීම වැනි වැරදිවලට ශිෂ්‍යයින් හිරබත් කෑහ. සමහරුන්ගේ පන්ති තහනම් කළේය. සමහරු පැහැර ගත්තේය. සමහරු මැර ප්‍රහාරවලට ලක්විය.
සයිටම් සටනට මුල පිරීම අතිශ්‍යයෙන්ම අමාරු කටයුත්තක් විය. ජවිපේට සම්බන්ධ අනෙක් වෘත්තීය සමිතිවල සහය ලැබෙන්නේ නැත. ජවිපේට මෙම සටන් අදාළ වුයේ නැත. මෙය මිරිගුවක් පසුපස දිව යාමක් බව නිර්වචන කීරීම හැර වෙනත් උදව්වක් ජවිපෙන් නොලැබුණේය. එහෙත් දැවැන්ත මර්දනයත් සමගම සයිටම් වසාදැමිමේ සටන ටික ටික වර්ධනය විය.

No comments:
Post a Comment