සතියක විතර සිට තාත්තා ඉතා අමාරුවෙන් සිටියේය. කොහොමත් තාත්තට කප්පරක් ලෙඩය. දැන් කකුළ තුවාල වී තිබේ. ගෙදර සිට විවිධ ගොඩවෙදකම් ද එක එක තුවාල බෙහෙත් ද ආලේපකර තිබිණි. එහෙත් අඩුවක් නැත. මේ නිසාම තාත්තා හන්දියේ දොස්තර නොනට පෙන්වීය. එක එක පාට බෙහෙත් වර්ග ගොඩකි. ඒ අතර තුවල වලට ආලේප කරන ක්‍රිම් වර්ගයක් ද විය. මේ බෙහෙත් ඉතා අගනා ඒවා සේ දිස්විය. මොකද ඊට රු 1200 ක මුදලක් පුජාකොට හමාරය. දින 3ක් ගතවිය. බෙහෙත් නිසිප්පරිදි ගත්තද? ඉන් ගුණයක් නම් නැත. මේ නිසාම හ්න්දියේ දොස්තර නොනව තාත්තා නිතරම සිහිපත් කළේය.
තාත්තට ඉවසුම් නොදෙන වේදනාව නසාම වෙනත් විකල්පයක් ගැන සිතන්නට අවශ්‍ය විය. මේ නිසාම තාතතා මවුන් එළිඓබෙත් රෝහල වෙතවත් ගෙන යා යුතු බව අපේ නිවසේ සියලුදෙනාගේ අදහස වුවේය.
ඒ අනුව ඊයේ දහවල් මා තාත්තා රැගෙන් රොහලට ගියෙමි. දවාල් 2.00 පමණ වනවිට අප රෝහලට පැමිණියේමු. රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරගොස් ඇත. තුන්ඩු ලබා ගැනිමට විශාල පිරිසකි. තවත් පිරිසාක් ඉදාගෙනය. තවත් අය සිටගෙනය. 2.30 පමණ වනවිට දොස්තර මහත්වරු නෝනලා පැමිණියෝය. අවසානයේ අපි 3.00 පමණ වනවිට බොහෙත් ගැනීමට ආසන්න විය. තාත්තට තාත්තා දොස්තර ලගට යැවු මම බෙහෙත් පෝලිමට එකතු උනෙමි.
දොස්තර ලියා දුන් බෙහෙත් දුන්ඩුව තාත්තා මා අතට දුන්නේය. එනි Pcm.pri ලෙස සදහන් බොහෙත් වර්ග දෙකක් ලියා තිබුණි. දැන් මට ප්‍රෙහෙලිකාවකි.කලින් ප්‍රති ජීවක දා ලබා දී හොදනොවු කකුල් දෙක පැනඩෝල් එක්ක පිරිටන් බිවාම කෙසේනම් හොදවෙන්නද? මදක් කල්පනා කළ මා තාත්තාද කැටුව දොස්තර ලගට ගියෙමු. මොකද මොකද ආයෙත් ඇටෙන්ඩන් මහතා සැර කරන්නට විය. ඒ කිසිත් ගණන් නොගෙන මා දොස්තර ලගටගියෙමි.
තාත්තාට කලින් ඇන්ටි බයෝටික් දිලත් හොද වුන්නේ නෑ. බොහෙත් වෙනස් කරන්නවත් වෙයිද ඩොක්ටර්,
ඩොක්ටර් තුන්ඩුව ආතට ගෙන මේ මම තවත් තුණ්ඩුවක් දුන්නනේ කෝ ඒක. තාත්තා අතේ තවත් තුණ්ඩුවක් විය. එයද ගෙන මා ඩොක්ටර් ට දුනිමි.
හා මේක මෙහෙන් ගන්න, ඉස්පිරිතාලේ ප්‍රති ජීවක නෑ. ඒ නිසා ෆමසියෙන් මේක ගන්න පවසා නැවත තුණ්ඩු මා වෙතට දුන්නේය.
මේ රාජිතගේ කෙසේ ක්‍රියාවක්ද? මේ ආණ්ඩුවේ කෙසේ ක්‍රියාවක්ද? රාජිත නම් රූපවාහිනියේ මොරදෙන්නේ රජයේ රෝහල් සිගප්පූරු මවුන් එළිසෙබ්ට් රොහල ලෙස සිතා විය යුතුය. එහෙත් මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියකි. ජනතාවගේ සෞක්‍යට වෙන්කොට තිබෙන ප්‍රමාණය සිතාගත හැකිය. එහෙත් ඇමති රාජිත කියන්නේ නම් අපුරු කතාය. බෙහෙත් මිල අඩු කල බ්වත් කිසිදු රෝහලක බෙහෙත් හිග නොවන බව හේ රූපවාහිනීයේ දහස් වතාවක් කියා ඇත. එහෙත් කිරිබත්ගොඩ රොහලේ බෙහෙත් නොතිබූ බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය. ගන්නා බෙත්වලට බිලක් දීමට කටයු කරන ආණ්ඩුවට කකුලේ අමාරුවට දෙන්නේ පැනඩෝල් ය.අපට මවුන් එළිසෙබ්ට් යා නොහැක. අපගේ රැකවරණය තිබෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයේය. එහෙත් එහි බෙහෙත් නැත. පෞද්ගලික රොහල්වල බදූ අඩු කරන ආණ්ඩුව අපිට කියන්නේ ඒවාට යන් ලෙස නොවේද?
මම මෙන් මගේ තාත්තා දැන් අසරණය. මේ අනුව අප නැවත ලාභ ගැනීම්මට වෙන්වූ පෞද්ගලික රෝහලට යා යුතුය. නැත්නම් මේ ක්‍රමය හේතුවෙන් ඉතා නුදුරේම මරණයට පත්වනු ඇත. ඉන් බේරී යාමටනම් රාජිත මෙන් මවුන් එළිසෙබ්ට් යාමට නොහැක. එමනිසා අපී හැකි පමණ කඹුරා ලෙඩ ගානේ දුක්විද මැරෙමු. අපට එසේ වනවිට රාජිත සම්මාන පිට සම්මාන ලැබෙන්නේය. ඇත්තෙන්ම රාජිත ට ලැබුණු සම්මානය යනු අපේ මරණයේ සංකේතය වන්නේය.


No comments:
Post a Comment