Thursday, July 26, 2018

උපාධිධාරින් ගොනාට ඇන්දා පුහුණුව නැතිවම රැකියා දීම



ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින් නොමග යවමින් සිටියි. විවිධ අවස්ථා වල විවිධ දේ කියමින් මෙම ප්‍රශ්නයෙන් මගහැරයාම මිස ආණ්ඩුව වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. එසේ හෝ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට සිදුවන්නේ  වසර ගණනාවක උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ආණ්ඩුවට වදයක් වුවේ 1000 ක වැනි සුලු පිරිසකි. විටින් විට මොවුන් කොළඹ විත් තම ගැටළුව කීවේය. එයිනුත් එක් විටක පැමිණෙන්නේ 400 වැනි පිරිසකි. පසුගිය කාලයේ අරගල කර හෙම්බත්ව සිටි මොවුන් නිහඩ කිරීමට ආණ්ඩුවේ බණ කතා ප්‍රමාණවත් විය. දැනට මෙම ප්‍රශ්නයට අදාළව කිසිත් සිදුව නැත.

ආණ්ඩුව ලබාදෙන උපාධියට ආණ්ඩුවම විහිළු කරමින් සිටියි. උපාධිධාරින් ද ඒවා නරඹමින් සිටියි. මේ සියල්ල අතරේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩකිරීමට තෝරාගත් පිරිසට පත්වීම ලබාදීමට ආණ්ඩුව කටයුතු  කරයි. ඔවුන් බදවා ගන්නේ පුහුණු කිරීමට නොවේ. ඔවුන්ට නිසි පත්විම් ලැබීමට නියමිතය. මේවා රටටම පෙනෙන්න කිරීමට තරම් ආණ්ඩුව එඩිතර වී තිබේ. ඊට නැගීසිටිනේ කවුද? හැමදාම පාහේ පැමිණෙන පිරිස නැවත කොළඹවිත් යෑමෙන් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැත.  ආණ්ඩුවේ මනෝ විකාර ක්‍රියා ජනතාවට කොතරම් පිඩාවක්ද යන්න පෙන්නුම් කරන්නේ නැත. එම නිසා ඊඑඅ වඩා බලයක් ගොඩනැගිය යුතුය.

රැකියා විරහිත උපාධිධාරි සංගමය ආණ්ඩුවට නව යෝජනාවක් ඉදිරිපත් කර සිටියි. රැකියා ලබාදීමට මෙතෙක් ගත් ක්‍රියාවලියේ යම් සාදාරන භාවයක් තිබිණි. උපාධිය ලැබී වසර ගණනාවක් ගිය පසු හෝ කිසිවෙක් මග නොහැරෙන ලෙස උපාධිය ලබාගත් වර්ෂය මත පදනම්ව රැකියා ලබාදුනි. දැන් ඒ වෙනුවට හිතවතුන්ට එම අවස්ථාව ලැබෙනු ඇත. දහස් ගණනක් තවදුරටත් ගෙදර වී සිටින්නේ උපාධිය ලබා වර්ෂ 5 පමණ ගෙවා දමා තිබියදීය. ඒ අතර ආණ්ඩුව සියලුදෙනාට රැකියා ලබාදිය යුතු උවත් ඒ වෙනුවට තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තටමයි.

මේ නිසාම රැකියා විරහිතයින් නිහඩව සිටිමෙන් සිදුවන්නේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ඉදිරියට යාම පමණි. එය වෙනස් කිරීමට නම් විශාල බලයක් ස්ථාපිත කළයුතුය. එය කෙතරම් දුරට ජය ගැනීමට හැකිද යන්න තීරණය වන්නේ උපාධිධාරින්ගේ සක්‍රීය තාවය මතය.


No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...