Tuesday, July 24, 2018

උපාධිධාරින් නිදි කරවා ආණ්ඩුව රැකියා දෙයි



උපාධිධාරින් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙළ නමින් ආණ්ඩුව සම්මුඛ පරීක්ෂණයක් කැදවීය. ඊට උපාධිධාරින් 57000ක් සහබාගිවිය. එම පරීක්ෂණයට අනුව එක් එක් උපාධිධාරියාට හිමි ලකුණු ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නැත. එසේම එම සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ ආකරය හා එහිදී සලකා බැලු සුදුසුකම් අනුව මෙම ක්‍රියාවලිය සැකසන්කා උපදවන්නක් විය. ඇත්තෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වුයේ උපාධිධාරින් ඇන්දීම සදහාය. ඉන් තෝරාගත් පිරිස් අවශ්‍ය ලකුණු ප්‍රමාණයට අදාළව සුදුසුකම් මොනවාදැයි කලින් දැන සිටියේය. ඒ අනුව සමහරුන් ඉහලින්ම ගොඩගියේය. සමහරු මොකුත් නොදැන ගොන්නුන් සේ පොලිම්වල කල්ගත කළේය.

ලැබුණු නිලනොලත් ආරංච් වලට අනුව සමහරුන්ට සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා තිබිණි. ඉන් පළමු පරීක්ෂණය සිදුකොටා තිබෙන්නේ යු.එන්.පී හා ශ්‍රිලනිප කාර්යාල තුලය. ඊට සම්බන්ධකරගත් පිරිස සීමිතය. එහිදී අනෙක් සම්මුඛ පරීක්ෂණයට අදාළ සුදුසුකම් පරකශකොට තිබිණි. ඒ අනුව අගමැති රනිල් 4000 කට රැකියා ලබාදෙන්නේ තමන්ගේ හිතවතුන්ට නොවේද? මීලග ඡන්දයට මොවුන් අවශ්‍යය. ඒ සදහා එක් පැත්තකින් දෙශපාලන පළිගැනීම් යැයි පවසා අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත.

එක් පැත්තකින් ආණ්ඩුව තමන්ට පොස්ටර් ගසන්නට,කැන්වසින් යන්නට පිරිසක් නිර්මාණය කර ගනියි. අනෙක් පැත්තෙන් ලොකු උත්සවයක් තියා ආණ්ඩුව රැකියා දුන් බව පවසා ලකුණු දමා ගනි.

පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය අසාර්ථක එකක් බව ආණ්ඩුව පිළිගෙන තිබෙද්දී ආණ්ඩුවම කීයූ ක්‍රියාවලියට අනුව රැකියා ලබාදිමට යයි. මෙම තීරණය ඉක්මනටම ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු වෘත්තිය සමිති නිසාය. ඔවුන් අධ්‍යාපන පරිපාලන සේවයට බදවාගැනීමට ගිය කැන්වසින් කල්ලිය බදවා ගැනීමට එරෙහිව සටන් කරති. එහෙත් උපාධිධාරින් ආණ්ඩුවේ බොරු විස්වාසකොට තවම නිදියමින් සිටියි. උද්ඝෝෂණ නැත. එමනිසා ආණ්ඩුව ක්‍රියාත්මක විය. නිදාගත් අය කුද්දනවා වෙනුවට සිහින දකිමින් නිදාගැනීමට සරල සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය. උපාධිධාරින් සිහිනෙන් රැකියා කරන අතර ආණ්ඩුව කැන්වසින් යාමය පිරිසක් නිර්මණය කර ගන්නේය.

ඉතිං උපාධිධාරිනි ඔබ අවදි නොවන්න. ආණ්ඩුවට බාදා නොකරන්න. සිහින පමණක් රසවිදිමින් සිටින්න. ඔබ නැගිටීමට සැරඩ්සෙන බව  ආණ්ඩුව දැනගත් සැනින් තවත් ටොෆියක් කා නිදාගත හැකිය. එම නිසා ඡන්දය ලංවන තෙක් ඔබ නිදන්න. එවිට මැතිවරණය පැමිණෙනු ඇත. රැකියා දිම නිතිවිරෝධියැයි, ඡන්ද කොමසාරිස් කියනතාක් ඔබ නිදා සිටින්න. ඉන්පසුව ඡන්ද තිබෙන නිසා ආණ්ඩුවට රැකියා දිය නොහැකි යැයි පවසා සිටිය හැකිය. එසේම ගිය ඡන්දේ කළ දෙයම නැවත ඡන්දක් එනතුරුම කරනු ඇත. එම නිසා රැකියා විරහිත උපාධිධාරිනනී ඔබ හොදින් නිදන්න. සිහින දැක දැක නිදන්න.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...