Tuesday, July 17, 2018
අග්නිදිග ගැටළු විසදනු අන්තරේන් ආණ්ඩුවට දැඩි අවවාද
මේවන විට අග්නිදිග විශ්ව විද්‍යාලය දැඩි මර්දනයකට මුහුණ දෙමින් සිටියි. ශිෂ්‍යයින් ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට මර්දනය ක්‍රියාත්මක කිරිම දැන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වී තිබේ. එම නිසා අග්නිදිග පරිපාලනය පොලු කතුරු ගෙන ශිෂ්‍යයින් ට පහර දීමට යයි. එය ඉදිරියේදි තවත් තිවුරවිමට නියමිතය. එමනිසා කිසිත් නොවන ගානට ආණ්ඩුව ක්‍රියානොකළත් එගිවගකීම ආණ්ඩුව භාරගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල අවධාරණය කරයි.
මේ වනවිට ශිෂ්‍යයින් ගේ ජීවිත අනාරක්ෂිත ව තිබේ. ඊට ආණ්ඩුව වග නොකියන හෙයින් මෙම තත්වය වර්ධනය වී තිබේ. එම නිසා ආණ්ඩුව වහාම ශිෂ්‍යයින් ගේ ගැටළු වලට වහා පිළිතුරු ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමර්ග වලට එළබෙන බව අන්තරේ කියා සිටියි.
මුර්ගයාගේ මාසය කළු ජුලිය
මේ වනවිට උතුරේ එල්ටිටීයිය නිර්මණය වී වසර 5 පමණ ගතවී තිබිණි. එහෙත් එය කල්ලි කණ්ඩායමක් මිස ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් හෝ උතුරේ ජනතාවගේ සිත දිනාගත් දේශපාලන සංවිධානයක් නොවේ. ඔවුන් ඊපීඩීපී,ෆ්ලොට්,චෙලෝ වැනි සංවිධාන උතුරෙන් ඉවත්කර දැමිමේ කටයුතු ආරම්භකර තිබිණි. එළියට නොපෙනුණත් ඊට ආණ්ඩුව ද සහය විය. එකිනෙක තුවක්කු වැඩිවිය. මරණ ප්‍රමාණය ද වැඩිවිය. යාපනේ නගරාධිපති දොරේ අප්පාද ඊට ගොදුරුවිය. ඝතනයට ලක්වුවෝ යාපනයේ පදිංචි කරුවෝය. ඉන් අනතුරුව හමුදා සොල්දාදුවෝ 13 ක් මරා දමන් ලදි. එය උතුරට මිලිටරි බලයක් වුවද දකුණ එය හදුනා ගත්තේ කෙලෙසද? ඇත්තෙන්ම දකුණේ මිනිසුන් ට එය හදුන්වා දුන්නේ පාලකයන් විසිනි. එය ක්‍රියාවලියකි. මියගිය සෙබළුන්ගේ ජාතිකත්වය මේ සදහා යොදා ගත්තෙය. සෙබළුන්ගේ දේහ ප්‍රදශනයට තැබීය. එහිදී ඔවුන් පාලකයන්ගේ අවශ්‍යතා සදහා මියගිය පසුද ගොදුරු කරගත්තේය. එහි වු අර්ථකතනය වුයේ තවත් ජාතිකත්වයක් විසින් මහා ජාතිකත්වයට එල්ළ කළ මරු පහරක් ලෙසය. එය සජීවි උදාහරණකි. ලතෝනි මැද කඩා වැටුණු සිත් වෛරයේ ගිනි දැල්ලෙන් පුරවාලීය.
පොලිසියට නිවාඩුය. හමුදාව සංසුන් ය. බොරැල්ලට පැමිණි මන්ත්‍රවරයෙක්ගේ මැරයන් සතුරන්ගේ කඩසාප්පු ගිනි තැබීය. මැරීය. ගැහැණු දුෂණය කළෝය. කිරි දරුවන් පොළොවේ ගැසීය. පසුදින එය මුළු රටේම ව්‍යාප්ත විය. කොළඹ සිදුවූ දේ එහිද අඩුවක් නැතිව සිදුවිය.
දැන් එල්ටීටීඊය පණ ලැබුණා සේය. උතුරේ ගැලවුම් කරුවා එල්ටීටීඊය හැර වෙනකක් නොවීය. මරබිය ගෙනා පාලකයෝ තම දේශපාලන ගේම උතුරේ ජනයා එල්ටීටීඊය තුරුලට භාරකර මදකට නවතා දැමීය. ජේ.ආර්,ප්‍රෙමදාස,චන්ද්‍රිකා,රනිල්,මහින්ද මෙන්ම මෛත්‍රී ද මෙම ගේම වරින්වර රන් කරන්නේය. එහි නවතම මුහුණ ගලබඩඅත්තේ හාමුදුරුවෝ හරහා ක්‍රියාවට නගයි. ඊට නිර්ධනයින් දෙකට තුනට බෙදි ලේ රස සොයද්දී පාලකයෝ ඉන් තම අමාරුකම් පිරිමසා ගනිමින් සිටිති.
කළු ජුලියට වසර 33 ක් ඇවෑමෙන් අප ඉගෙනගත යුතු දෑ බොහෝය. යුද්ධය වසර 30කට වැඩිය. එය පාලකයන්ගේ කැමැත්ත හා උවමනාව මත ප්‍රධානය කළ බව සැබෑය. නමුත් නිර්ධනයින් ද තවත් එවැනිම නිර්ධනයින්ට එරෙහිවිමට අනුමැතිය පල කර ඇත. කිසීසේත්ම පාලකයන් මෙම ක්‍රීඩාව නවතා දමන්නේ නැත. එමනිසා ජාතිවාදයට එරෙහිව මහ ජාතිය පෙරමුණ ගත යුතුය. ඉන් සුළු ජාතින්ගේ බිද වැටුණු විස්වාසය ගොඩනැගීමට මාවතක් වනු ඇත.
Monday, July 16, 2018
අග්නිදිග වදකාගාරය සරසවියක් කරනු
බොහෝ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් දේශපාලනය කරනවා යැයි බැනවදිම හැකිය. නමුත් ඔවුන් ශිෂ්‍යයින් වුවාට වයස අවුරුදු 18 සම්පුර්ණ ව් ඇති බව අමතක කරති. දේශපාලනය කිරීම අයිතියක් වන්නේ සියලු මිනිසුන් ගේ සමස්ත ක්‍රියා එහි අන්තර්ගත වන නිසාය. දේශපාලනය අහිමි වු කළ පාලකයන්ගේ පාවහන් වලට පෑගෙන වහලුන් වන්නේ ඉබේටමය. අග්නිදිග විශ්වවිද්‍යාලය කාලයක් සිට පැවතියේ එසේය. එය පාලන අධිකාරියේ දැඩි නීතී රීතිවලට යටත් ය. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. එසේ ප්‍රශ්න කරන්නන් ආයුධ පෙන්විමට රැගෙන යනවා වැනි හැගීමක් නිරායාසයෙන් ජනිත වන්නේය. ඇයි එහෙම කරන්නේ යනුවෙන් කිසිවෙකු ප්‍රශ්න කළ විට කණ හරහා ගැසීමේ ක්‍රිඩාවට පුහුණු පරිපාලන නිලධාරින්ට ඊට කදිම අවස්ථාවක් උදාකර දෙනු ඇත.
එහෙත් මෙම රිද්මය බිද වැටෙන්නේ අග්නිදිග තාක්ෂණ පීඨය ස්ථාපිත කිරමෙන් අනතුරුව ය. මෙහි පීඨාධිපතිතුමා පත්කරන්නේද සැලසුමකට අනුවය. ඔහු කිසි සුදුසුකමක් නොමැති තැරැව්කරුවෙකි. ඔහු තාක්ෂණ විෂය පිළිබදව හෝ විශ්වවිද්‍යාලයක් පිළිබඳවවත් මෙලෝ හසරක් නැති අයෙකි. ඔහු හොද දඩයක් කරුවෙකි. එය ඔහුට නම්බුවකි. අහිංසක මුවපොවුවන් පසු පස පන්නන්නාක් සේ ශිෂ්‍යයින් පසු පස ලුහු බදින්නට විය. පීඨය තුල අවශ්‍ය ආචාර්යවරු නැත. පහසුකම් නැත්තටම නැතිතරම් ය. ප්‍රායෝගික පරීක්ෂණ වලට අවශ්‍ය ඉඩ නැත. ඒ පිළිබඳව ශිෂ්‍යයින් ප්‍රශ්න කළ විට
තෝ කව්ද එහෙම අහන්න.
"ඒක අපේ වැඩක් දෙන දවසක ඒවා අපි දෙන්නම් තොපි කටවහගෙන ඉදපියව්"
මෙවන් සැර සර් කෙනෙක් කාට මට්ටු කළ හැකිද? අපොයි දෙයියනේ ශිෂ්‍යයෝ මොකද කරන්නේ, දැන් උත්තර නෑ. කීවට වැඩක් නෑ මිනිසුන්ගේ සිතිමේ නිදහස විශ්වවිද්‍යාලයට අදාළ නැත. ප්‍රජාතන්ත්‍රවාදය විශ්ව විද්‍යාලයට අදාළ දෙයක් නොවන බව කියති. ඒවා මිනිසුන් ලෙස නාමිකව හෝ දිනාගෙන ඇති දේවල් ය. එහෙත් මෙහි එයද නැත. එය රජෙකුගේ වෙනම පාලනයකි. ශිෂ්‍යයෝ යටත් වැසියන් ය.
මෙම තත්වය යටතේ ශිෂ්‍යයින් 50 දෙනෙක් දෙශපාලනයට අවතීර්ණ වන්නේය. ඒ අනුව මීට දින 250 පෙර මොවුන් සත්‍යග්‍රහයකට ඉදගන්නේය. ඒ පනවා ඇති පන්ති තහනම් ඉවත්කරන ලෙස ඉල්ලාය. පිරිස අඩුය. එම නිසා ඔවුන් මට්ටු කිරීමට හැකියැයි ආණ්ඩුව සිතති. එමනිසා පිළිතුරු නැත. මර්දනය ඇත. එහෙත් සටන නිමා නැත.
ඒ සමගම අග්නිදිග පරිපාලනය පොලු මුගුරුගෙන පිරිමි නේවාසිකාගාරයෙහි දඩයම ආරම්භ කළේය. එහි යම් ත්‍රස්තවාදී කල්ලියක් සිටින්නා සේ නේවාසිකාගාරයට ඇතුල්වේ. නම් ලකුණු කරයි. බැන වදියි. තර්ජනය කරයි. එකිනෙකා වෙන වෙනම විඩීයෝ ගතකරයි. වෙන වෙනම අධ්‍යනය කර සිටි නොසන්ඩාල ශිෂ්‍යයින්ගේ නම් සටහන්කර ගනියි. ඔවුන් 21 දෙනෙකි. ඔවුන් පන්ති තහනමට ලක්වුවෝය. මේ කරන්නේ කුමක්ද? වියරුව ශිෂ්‍යයින් ගේ ජීවිත බිලිගනිමින් සිටියි. ඔවුන් ගේ හෙට දවස කාලකණ්ණිකර ඔවුන්ගෙන් පළිගත යුතුය. කළ වරද වාද කිරීමය. ප්‍රශ්න කිරීමය.මේවා නොහික්මුණු ක්‍රියාය. නමුත් ඊට ඉඩදී බලා සිටිමට සමාජයට හැකිද? කිසිවෙකුගේ උදව් නොමැතිව 50 දෙනෙක් සටනක නියැලී සිටියි. ඔවුන් සටන් කරන්නේ නිදහස උදේසාය. බියෙන් තොරව ජීවත් විමට අධ්‍යයන කටයුතු කිරීමට අවශ්‍ය නිදහසය. ඊට අප සහය විය යුතුද නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරවාසම් දොඩන්නෝ මෙයට කතා නොකලත් අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඊට සහය දිය යුතුය. එසේ නොමැතිනම් අග්නිදිග වදගාරයක් මිස සරස්වියක් නොවනු ඇත.
වාම දේශපාලනයේ කොටුවට නිර්ධනයින් කොටු කිරීම
ධනවාදය අතිශයෙන් අසාර්ථකය.මේ වනවිට ලෝකයේ සෑම රාජ්‍යයක්ම පාහේ ආර්ථික අර්බුදයකින් වෙලී පවති. එහේත් එය මෙතෙක් සමනය කිරීමට ධනවාදය ද අසමත්ව ඇත. ඊට විකල්පයක් ලෙස සමාජවාදය ද ගොඩනැගෙන ආකාරයක් දැකගත නොහැක. මේ වෙද්දී ජාතික රාජ්‍ය සංකල්පය ප්‍රායෝගික වශයෙන් ඉන් ඔබ්බට ගොස් ඇත. ජාතික රාජ්‍යයන් තුල පමණක් පවතින ආර්ථික ක්‍රියාවලියක් නැත. ආර්ථිකය ක්‍රියාවට නැගෙන්නේ ජාත්‍යන්තර දේශපාලනයට අනුවය. ලංකාවේ ආර්ථිකය හැසිරෙන්නේ ලාංකිය සමාජයේ අවශ්‍යතාවයට අනුව පමණක් නොවේ. ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව, චිනය මෙන්ම ඉන්දියාව,ඇමරිකාව ද ඊට බලපෑම් කරයි. ජාතික රාජ්‍ය තුල පවතින ආර්ථිකය එහිම වූ ක්‍රියාවලියක් නොවේ. දැන් ඊට තනිව කළ හැක්කක් නැත.
මේවැනි වටපිටාවක එහි පවතින දේශපාලනයද ජාතික රාජ්‍ය තුල පවතින්නක් නොවේ. ජාතික රාජ්‍ය පවතින්නේ එහි වූ නිර්ධන පාන්තිකයන් ගේ චින්තනය තුලය. නිර්ධන පන්තිය සිරවී සිටින උගුලද එයයි. නිර්ධනයන්ගේ චින්තනය තවමත් ජාතික රාජ්‍ය මට්ටමට හෝ වර්ධනය වී නැත.ඊට හේතුව ධනේෂ්වර දේශපාලනය ජාතිවාදය දක්වා පසු බැස තිබීමය. නිර්ධනයින් ඊට කොටුවී ඇත. නිර්ධනයින් තමන්ගේ දේශපාලනය වෙනුවට අනෙකක් කරමින් සිටියි. ඔවුන්ගේ ස්ථානය ජාතික රාජ්‍ය තුල නොව ජාත්‍යන්තරය තුල පවති. එම නිසම නිර්ධනයින් තම දේශපාලනය ජාත්‍යන්තරය දක්වා අත්පත් කර ගත යුතුමය. ජාතික රාජ්‍ය තුල පමණක් වු දේශපාලනයට කළ හැකි කාර්යන් අතිශ්‍යයෙන්ම සීමා සහිතය. එහි හැසීරීම පවා තේරුම් ගැනිමට නොහැකිය. වාමාංශික දේශපාලන ප්‍රකාශයන් ජාතික රාජ්‍යට කොටුවනවිට නිර්ධනයින්ට කෙසේනම් නිර්ධන පාන්තික දේශපාලනය හදුනාගත හැකිද?
ධනපති දේශපාලනය විසින් නිර්ධනපන්තිය ජාතිවාදය සමග පැටලවා ඇත. නිර්ධන පන්තියට එම පැටලිල්ල ලිහා දීමට සිටින වාමාංශිකයෝ එය ජාතික රාජ්‍යට කොටුකර දමයි. එය ධනපතින් විසින් නිර්මාණය කරන ජාතිවාදයෙන් හෝ වාමාංශය නිර්මාණය කරන ජාතික චින්තනයේ සීමාව අතික්ක්‍රමණය කිරිමට නිර්ධනයිට නොහැක. මෙය නිර්ධන පන්තිය ඇදවැටුණු උගුලකි. සමාජවාදය විස්වාස කරන දේශපාලනය ව්‍යාපාර බොහෝමයක් කරනුයේ ජාතික චින්තනය පොෂණය කිරීම මිස සමාජවාදයට පාර කැපීම නොවේ. එමනිසා නිර්ධන පාන්තික දේශපාලන ක්‍රියාවලියට බලයක් අත්පත් කර ගැනීමට නම් ජාතික රාජ්‍යට සිමාවේ වු දේශපාලනයෙන් අත්මිදිය යුතුය.
එසේ කිරීම සරල නොවන බව සැබෑය. ලංකාවේ පවතින වාම දෙශපාලනට එසේ හැකියාවක් තිබේද? කවුරුත් හෝ එසේ කළොත් ලෝකයේ අනෙකුත් වාමවාදින් කුමන ප්‍රතිචාරයක් දක්වාවිද? අනෙක් ප්‍රශ්නය එසේ ගනුදෙනු කරන්නේ කුමන ව්‍යාපාරයක් සමගද යන්නයි. එහෙත් එකී දේශපාලනය නොකර යා හැකි වෙනත් මාවතක්ද නැත.
මෙය අනිවාර්ය ලෙස මුල පිරිය යුතු දේශපාලනයකි. එය මාක්ස් ආරම්භ කළ පළවෙනි ජාත්‍යන්තර , එංගල් හෝ ලෙනින් විසින් ගොඩනැගු දෙවන තෙවන ජාත්‍යන්තර නොවිය යුතුය. එසේම ඊට මග පෑදූ න්‍යායික ස්ථාවරන් ද වර්ධනය කළ යුතුය. ආරම්භය කිසීසෙත්ම ක්‍රියාකාරි මට්ටමට ගෙන ආ නොහැක. නමුත් එහි මුලික ආරම්භය න්‍යායික වර්ධනයන් ගොඩනගා ගැනීමට භාවිතා කළ හැකිය. මේ වනවිට බොහෝ පුද්ගලයින් සංවිධාන ජාතික මට්ටමින් හුදකලාව මෙය සිදුකරමින් පවති. බොහෝ අයට වර්තමාන නව ලිබරල් ආර්ථික සැකැස්ම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබද හොද වැටහීමක් ඇත. නමුත් ඊට ප්‍රතිප්‍රහාර දියත්වන්නේ ජතික රාජ්‍ය සීමාව තුල පමණක් නිසාවෙන් පෙරලා එම දේශපාලනය අක්‍රිය මට්ටමට පත්වේ. නව ලිබරල් ආර්ථිකය ලංකාවේ සේම ලෝකයේ බොහෝ රටවලද සමාන ලක්ෂණ පෙන්නුන් කරයි. යම් යම් අසමාන තා පැවතියද පංතියක් ලෙස මුහුණ දෙන්නේ එකම ගැටළු වලට ය. එම නිසා ආරම්භයක් ලෙස අනෙක් රටවල වාමාංශික දේශපාලන පක්ෂ සමග සංවාදයක් ආරම්භ කළ යුතුය.
අධ්‍යාපනය ,සෞක්‍ය , පරිසරය , සංස්කෘතිය ,ආර්ථිකය හා දේශපාලනය පකෂවල සංවිධාන කර්යේ සීමාවන් පිළිබඳව වු ගැඹුරු සංවාදයක් අවශ්‍යව තිබේ. එවැනි සංවාදයක් ලෝක වාම ව්‍යාපාරය නව ගුණයක් අත්පත් කරනු නොවනු මානය. එයින් නව දේශපාලන මාවතක් විවර වනු ඇත. එය පවතින සාම්ප්‍රධායික දෙශපාලන පක්ෂ වලට පවා නව අරුතක් ලගාවනු ඇත. එයින් ජාතික රාජ්‍යයට හුදකලා නොවු සංවිධනය වීමේ නව හා වඩා දියුණු ක්‍රමයක් අත්පත් කර ගැනීමට හැකිය.
මේවා එක්සත් ක්‍රියාමාර්ගයන් බව අමතක නොකළ යුතුය.එසේම ඉන් ජාතික රාජ්‍ය සීමාවේ වාම දේශපාලන පක්ෂයකට පවතින කාර්ය අවතක්සේරු කිරීමක් හෝ එවායේ කාර්ය අහෝසි වී ඇතැයි ප්‍රකාශ කරනවා නොව. මේම අවධාරණය විප්ලවය සදහා එය ප්‍රමාණවත් නොවන බව පමණි. දැනට තිබෙන සංවිධාන ආකෘති ඉක්මවා ගිය සංවිධාන ව්‍යුහකට අප ඇතුල්විය යුතුය. එහි පක්ෂ මෙන්ම සංවිධාන රාශියක් අන්තර්ගතවිය හැකිය. එමනිසා එය එක්සත් ක්‍රියාමාර්ගයක් වනු ඇත. එසේම ඊට ස්වාධින පැවැත්මක් හා විප්ලවීය මාවතක් ගොඩනැගිය යුතුය.
මෙය අද දවසේ විප්ලවය සදහා වන වාමාංශික ව්‍යාපාරයන් හි කාර්ය භාරය වනු ඇත.

Wednesday, July 11, 2018
ප්‍රබාකරන් ,හිට්ලර් වෙනුවට මෛත්‍රි අළුගගොසුවා ට අදියි.
සෑම නාලිකාවකම පාහේ මිනි මැරුම් මංකොල්ලා කෑම් හෝ වෙනත් අපරාධයන් විකුණති. අද දිනයට පමණක් එවැනි මරණ 7ක් දැකගත හැකිවිය. පුවත්පත් වාර්තා කරන පරිදි ගතවු දින 30 තුල පුද්ගල ඝාතන 25 සිදුව තිබේ. එය ගත වු වර්ෂයේ 224 කි. එයට මරණ දඩුවමට ලක්වුවෝ ගණනය කළහොත් බර ගණනකි.දැන් අසන දකින්නන් භීතියට පත්වනු ඇත.
පාතාලය සිවු දෙස අරක්ගෙන සිටින බව හිටපු ජනාධිපති රාජපක්ෂ පවසයි. ඔහු එසේ කියන්නේ ඔහුගේ පාලන කාලය තුල එසේ කිසිවක් සිදු නොවු පරිද්දෙනි. මීට මේ ආණ්ඩුව වගකිවයුතු බව ඔහු ප්‍රකාශ කරයි. ඒය වැරදි නොවුණත් එසේ ප්‍රකාශ කරන්නේ ඔහුට බලයට ඒම සදහාය. එහෙත් මෙම ප්‍රශ්නය එසේ සරල අරථයකින් ගැනීමට හැකිනම් සියලුදෙනාට සතුටුවිය හැකිය. එහෙත් මිනිස්සු එකිනෙකා මරාගැනීම සාමන්‍ය දෙයක්ව තිබේ.
වන්චාව දුෂණය,මිනී මැරීම,මත් ද්‍රව්‍ය වළදාම ඔබ අප ජීවත් වන සමාජයේ නිසැක ලක්ෂණයක් ය. නැත්නම් අනිවාර්‍යය අංගයන් ය. ඉතාම කෙටි කාලයකින් පොහොසතෙක් වීමට නම් ස්විප් එකක් ඇදීම හැරුණාම ඉහත ක්‍රම ක්‍රියාවට නැන්විය හැකිය. එවා ස්විප් ඇදිනවාට වඩා සුවර්‍ය. ඉන් පසු දියුණුවේ මාර්ගයට ප්‍රවේෂ විය හැකිය.මේ සමාජයේ මිනිස්සුන්ට උගන්වන්නේ අනෙකා පාගා තමන්ගේ මාර්ගය සකසා ගන්නා ආකාරයයි. එය මහින්දගේ ක්‍රමය,මෛත්‍රී ගේ ක්‍රමය,රනිල්ගේ ක්‍රමය යනුවෙන් ක්‍රම කිහිපයක් භාවිතාකර නැත භාවිතකර තිබෙන්නේ එක ක්‍රමයකි. ඔවුන් සියල්ලම ධනවාදයේ නායකයන් ය. අනුගාමිකයන්ය. මේ කිසිදු පාලකයෙකුට තමන්‍ට අවශ්‍ය වුවත් ධනවාදයෙහි වෙනස්කළ හැකි කිසිවක් නැත. නමුත් මේ සියලු දෙනා බලය ලබා ගැනීම සදහා පාතාලය ප්‍රරමුඛ මත්වෙළදාම් කරුවන් ඇති සැටියට යොදා ගන්නේය. එය ධනවාදයේ තිබෙන අංගයක් පාලකයා තමන් අවශ්‍යතාවයට භාවිතයට ගැනීමකි.මොකද එසේ නොකර කිසිවෙකුට පාලකයෙක් විය නොහැකි නිසාවෙනි.
සමාජයේ මේ සදහා ඇතිපදම් උදාහරණ ඇත.සයිටම් සමීරගේ මෝටර් රථයට වෙඩි තැබුවේ එවැනි කල්ලියකිනි.ගෝනවල සුනිල්,සොත්‍ති උපාලි යනු එවැනිම මැරයන් ය. ජේ.ආර් ක්‍රිස්ටෝපර් ගෙන් වැඩ ගත්තේය. මිනිස්සුන් මොවුන් වෙනමත් පාලකයන් වෙනමත් සිටිනවා කියා සිතන තරම් සුරංගනා සිහිනයක් තවත් නැත. මේ සිදුවීම් සියල්ල එක දම්වැලේ පුරුක්මෙන් එකට ගැටගැසී ඇත. පාතාලයෙන් දැන් ඉවත්කළ යුත්තේ කවුද නැත්තේ කවුද පාලකයා ගේ තිරණය අනුව සිදුවේ. එහෙත් එය පුද්ගල ඝාතනයක් පමණි .ඒ වෙනුවට තවකෙකු ඒ සදහා පැමිණේ. පස හොදට තිබෙනකම් මේ ගස් හොදින් හැදෙනු ඇත. ගස කපා දැමුවද නැවත ලියලා වැඩෙනු ඇත. කළ යුත්තේ පස වෙනස් කිරීමය. නැවුම් පසක් නිර්මාණය කිරීමය.
දැන් සිරගතව සිටින නමගිය අපරාධ කරුවෝ පාලකයන්ට කඩේ ගිය පිරිස් ය. දුමින්ද සිල්වාගේ සිට වෙලේ සුදා දක්වා කරමින් සිටියේ එයයි. එක්කෝ මොවුන් පාලකයෙක්ගේ වෛරයට පත්‍ර විය. නැත්නම් හත්පොළේ ගාගෙන කොලේ ඉරාගත් අයය. දැන් නිදැල්ලේ සිටින්නෝ පාලකයන්ගේ සුවච කීකරු කණ්ඩායම ය. ඔවුන් සිත්සේ රජ කරති. මරති,භියගන්වති,පැහැර ගනිති. ඒත් පාලකයෝ නිහඩය නීතිය අන්ධය. හරියට නීතියෙහි වචන හිස් ය. කිසිවෙක් ඒවා තක්න්නේ නැත.
මේ අතර ජනාධිපති මෛත්‍රී හතර හිනා කතාවක් පැවසුවේය. ඔහු වැරදි කාරුවන් එල්ලා මැරීමට තීරණය කර ඇත. හිනා වී කොර වී සිටින්නන්ට පසුව සිනා සිය හැකිය. ටියුබ් ලයිට් කරුවන්ට ඔනෑ වෙලාවක සිනාසීමට හැකිය. උතුරට ප්‍රබාකරන් ඉල්ලන කොට, දකුණට හිට්ලර් ඉල්ලනකොට මෛත්‍රී අළුගෝසුවාට අදින්න උත්සහ කරමින් සිටියි. මේකට හිනාවෙන්න කීවට මුන්දැ දගලන දැගලිල්ලට වලිගේ පිච්චිලා කියලා තේරෙනවා. ඒ නිසා වඩා පරිස්සන් සහගත භාවය නුවණට හුරුය. මොකද වල්ගේ අරගෙන හැමතැනම පුළුසසා දැමුවොත් අප සියලු දෙන අළු ධුවිලි වනු ඇත. ප්‍රශ්නය තිබෙන්නේ අපරදකරුවන් නිර්මාණයකරන ක්‍රම වෙදයෙහිය. එනම් ධනවාදයේ ය. ඊට මෛත්‍රී අළුගගොසුවා වු පලියට විසදිය හැකිද? සිදුවන්නේ ගෝඨා හොරෙන් කරා කියන දේවල් නීතියට අනුව කිරීමය. මේ සියලු අවස්ථාන්හීදි සිදුවන්නේ එයයි. ඊට විකල්පයක් සිතන්නට සමාජය සුදානම් නැතිවනතාක් මෙවැනි විකට අළුගෝසුවෝ පිස්සු කෙළිති. ඔහු නියම ගැලවුම් කරුවා යැයි පවසති. එවිට අපි කොක් හඩලා සිනාසි කිව යුතුම දෙයක් ඇත. මේ සමාජයේ ගැලවුම් කරුවෙකු නැත. සිටින එකම ගැලවුම් කරුවා සමාජයම පමණි. ඒත් මේ සමාජය නොව නව සමාජයක් නිර්මාණය කළයුතු ය.
ආණ්ඩුව තෙල් ම්ලි වැඩි කරන ආකාරය ප්‍රසිද්ධ කරයි
ආණ්ඩුව අද රාත්‍රී සිට තෙල් මිල ඉහළ දැමීමට සුදානමින් සිටියි. පසුගිය දා තෙල් මිල ඉහළ දැමීමට යාමේදී ඊට ජනාධිපතිවරයා එරෙහි වූ බව සැලවිය. ජනාධිපති ඊට එරෙහි වී තිබෙන්නේ අද රාත්‍රි වනතෙක් පමණි. ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම මත තෙල් මිල පිළිබඳව සාකච්ඡව වෙනත් දෙසකට යොමුවිය.
මාධ්‍ය තුල විටින් විට ප්‍රකාශ වුයේ අද මෙන් මාස දෙකකට වරක් තෙල් මිල වැඩිවන බවයි. එය ආණ්ඩුවට අදාළ නොවන කාරණයක් ලෙස හුවා දැක්විමට ද ක්‍රියා කරනු ඇත. මින් ඉදිරියට අමිහිරි වු තෙල් මිලෙහි වැඩිවීම මාස දෙකකට වරක් සිදුවනුයේ ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති ආකාරයෙනි. මේ සැරසෙන්නේ කුමටද යන්න ජනතාවට හොදින් වැටහෙනු ඇතැයි අප සිතමු.
උපාධිධාරින් COOL වෙන්න, හිතවතුන්ට පත්විම් දෙනකන්
දැන් උද්ඝෝෂණ නැත. ආණ්ඩුවට එය කොතරම් මනරම් ආරන්චියක් ද? පළමු සම්මුඛ පරීක්ෂණය සිදු කළේ උපාධිධාරින් රැවටීමටය. එය කෙසේ රැවටිමක්ද යනු හරිහැටි නොදන්න උපාධිධාරින් පෝලිමේ සම්මුඛ පරීක්ෂණයට ගියේය. එයින් තොරා ගනු ලැබුයේ ආණ්ඩුවේ ඊලග ඡන්ද කැම්පෙන් එකේ පිරිසය. ඔවුන්ට නොවඩුව සමිති සමගම්වල සිටි බවට සහතික තිබිණි. දැන් ඔවුන් තෝරාගෙන අවසානය. එම පිරිස 5000කි. එක් එක් ඇමතිට.එක් එක් මන්ත්‍රී ට කැන්වසින් යැවීමට අවශ්‍ය පිරිස් තෝරාගෙන අවසන් ය. එහෙත් මුල්තැන හිමිව තිබුණේ යු.න්.පී පාක්ෂිකයන්ටය. ඊට ජනාධිපතිවරයාය උරණවිය. දැන් එය විසදාගෙන අවසන් ය. දැන් තිබෙන්නේ පත්වීම් ප්‍රධානයයි.
එහෙත් ඔවුන්ට කෙසේනම් පත්වීම් ලබාදෙන්නද? උරනවන උපාධිධාරියෝ අමාත්‍යාංශයට ජානාධිපති කාර්‍යාලයට කඩා වදින්නේය. එමනිසා නැවත සම්මුඛ පරීක්ෂණයක් අරඹණ ලදී. මේ කුමටද? කැන්වසින් යාමට යෝදාගන්නා පිරිස බදවාගන්නා තෙක් උපාධිධාරින්ට සිහින දකිමින් නිහඩ කරවීමටය. උපාධිධාරින් සිහිනෙන් අවදිවන විට ආණ්ඩුවේ ව්‍යාපෘතිය අවසන් ය.
එය එසේ නොවි සියලු දෙනාට රැකියා ලබාදෙන වැඩපිළිවෙළට ආණ්ඩුව පැමිණි සිටින බවට වු ප්‍රාර්ථනාවට අප පිවිසියෝත්, ඇසිමට ප්‍රශ්න දෙකක් ඉතිරිවේ. පළමු පරශ්නය-කලින් සම්මුඛ පරීක්ෂණය අසාර්ථක බව ආණ්ඩුව පිළිගන්නේ නම් එහි ප්‍රතිඵල පවා නොදන්වා පිරිසක් බදවාගන්නා පදනම කුමක්ද? දෙවන ප්‍රශ්නය - කලින් ප්‍රතිඵල ඇවලංගුකර සියලුදෙනාට එකවිට රැකියා ලබා නොදීමට හේතුව කුමක්ද ? එහෙත් ආණ්ඩුව ඒවාට පිළිතුරු දෙන්නේ නැත. දැන් ආණ්ඩුව උපාධිධාරින් නිහඩව සිටින්නාක්මෙන් නිහඩය. එක් කරදරයකින් බේරුණ ආණ්ඩුව ඊලග ණය වාරිකය ගෙවීමට දඩ කෙලියේ යමින් සිටියි. ඇත්තෙන්ම ආණ්ඩුව බංකොලොත් ය. රැකියාදම තියා අඩුම තරමේ තෙල් මිල මාස දෙකක් අල්ලාගෙන සිටිය නොහැක. ඒ වෙන කිසිවක් නිසා නොව අලුතෙන් රටට ගෙනෙන තෙල් බිදුවකින් හෝ රුපියලක් හෝ ගිලිහී නොයාම සදහාය. ඒ තරම් ආණ්ඩුව අහෙනියේය. එවන් ආණ්ඩුවකින් ඔහේ බලා සිට රැකියා ලබාගත නොහැක. කිසිවෙක් ක්‍රියාකාරී නැත. සියලුදෙනා නිවෙස්වලට වී හූල්ලමින් සිටියි. උපාධිධාරින් තාර්කික බුද්ධියට යටපත්කොට අසරණ මහලන් වී සිටියි. කතා කරන අය සමග උරනවිම හැර කිරීමට කිසිත් නොවනගානට සිටියි.
ගැහැණු උපාධිධාරිණියන් හූල්ල හුල්ලා නිවෙසේ බත් තම්බති. විවාහය පවා ඔවුන්ට විශාල උස කවුළුය. තිබෙන එකම දේ පාට් ටයිම් හෝ ගාමන්ට් යාම පමණක් යැයි සිතන මොවුන් මද සිහිගතියෙන් පෙළෙන්නියන් වී අවසන් ය.
මොවුන් මෙසේ සිටිමෙන් දුකට දුක්වී හිත හදාගැනීමට වෙහෙසෙන බව ආණ්ඩුව දනී. ඊට අවශ්‍ය හේතුවක් අවශ්‍ය ය. එය ආණ්ඩුව ලබා දී තිබේ. දැන් අරගල අවශ්‍ය නැත. අරගල කිරීමට කතාකරන උන්ට චුම්බන වෙනුවට බුම්මන් සිටින්නේ ඒ නිසාය. මේ ටික තේරී නැවත සටනකට පැමිණෙන්නට තව මාස 5ක් පමණ ගතවනු ඇත. දැන් ටොපිය කා Cool වෙලා සිටිය යුතුය. එවිට ආණ්ඩුවට තවකාලයකට උද්ඝෝෂණ වලින් තොරව සතුටින් සිටිය හැකිය.
Tuesday, July 10, 2018
රාජපක්ෂ ,මෛත්‍රී ,රනිල් පෙම්තිවතියෝ කාගෙද?
ලංකාව පළවෙන්ම අධිරාජ්‍යවාදී ග්‍රහණයට නතුවන්නේ 1505 දීය. ඉන් පසු ලංදේසි ඉංග්‍රීසින් ලංකාව ක්‍රමිකව සිය අධිපත්‍ය තහවුරු කර ගත්තේය. ඔවුන් ඒ සියල්ල සිදුක්ළේ තුවක්කුවේ බලයෙනි. ඉන් ලැබු වාසිය අපමණය. තමන්ට යටත් වු රටවලින් සිත්සේ අමු ද්‍රව්‍ය ගෙනගියේය. එසේම ඔවුන්ගේ නිෂ්පාදන අප රටට ගෙනවිත් විකුණා දැමුවේය. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ ක්‍රමය ඉතා වියදම් අදික ක්‍රමයක විය. බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුද වියදම ඉහළ ගියේය. එම නිසා ඔවුන් අප රට පමණක් නොව අනෙක් රටවලින් ද නික්ම ගියේය.
එහෙත් අධිරාජ්‍යවාදය නැවති නැත. එය ඉදිරි පියවරක් තැබීය. ඔවුන් යුද වියදම් පරිපාලන වියදම් රහිත නව ක්‍රමයකට පිවිසීයේය. ඊට අවශ්‍ය වන්නේ ගිවිසුමක් පමණි. ලෝක ධනපතියන්ගේ ප්‍රාග්ධනයට රිසි සේ ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව එක්සත් ජාතින්ගේ සංවිධානය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා නිර්මාණය කළ හැකිවිය. ධනපතියන් අතලොස්සකට ලෝකයේ පාලනය හිමිවිය. එය ගෙවිගිය වසර 40ක පමණ කාලය පුරාවටම ඇමරිකානු රාජ්‍ය වටා කෙන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක විය. දැන් ආර්ථිකමය වගයෙන් චිනය ඉදිරියට ඒමත් සමග ලෝකයේ ධනපතියන් අතර වු බලය වෙනසකට භාජනය විය. දැන් ලෝකය නැවත බෙදා ගැනිමේ යුද්ධයකට සුදානම් වෙමින් සිටියි.
මේ පසු බිම තුල චීනය ලංකාවේ හම්බන්තොට වරාය අත්පත්කර ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ විය. ඊට රාජපක්ෂ රජය ඉතා අනගි සහයක් ලබාදෙන ලදි. ඔබ කුමක් සිතන් සිටියද මොහොතකට රාජපක්ෂ ආණ්ඩුව චීනයට අවශ්‍ය පරිදි රටේ සම්පත් යොදා ගැනීමට ඉඩහැරි බව කීවොත් කිසිවෙක් කැමති නොවනු ඇත. එහෙත් සත්‍ය එයයි. දැන් පාලන්පා රාජපක්ෂ හිටියද රනිල් මෛත්‍රී කළ දේ හැරුණාම වෙනත් යමක් කරන්නේ නැත. ඒ අනුව හම්බන්තොට වරාය චිනයට විකුණා ඇත. චිනයට එය පෘතුගීසින් ලන්දේසන් ඉංග්‍රීසින් ලකාව යටත් කරගත්තාට වඩා පහසුය. එසේම ලාභ සහිතය. ඉංග්‍රීසින්ට මෙන් ලකාවේ පාරවල් හැදීමට චීන්නුනට නැත. ඒ සදහා ලංකා රජය අවශ්‍ය වියදම් දරා ඇත. හයිවේ හදා දී තිබේ. හම්බම්තොට වරාය ඉදිකර දි තිබේ. ඒ සදහා ලාංකිය ජනයා මැරීගෙන බදු ගෙවිය යුතුය.
මේ ආකාරයෙන්ම මිහින් ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය කළේය. එයද චිනයට ලබාදීමට තිබුණත් ලෝක බලයන් සමබර කර ගැනීමට එය ඇමරිකානු හිතවාදි ඉන්දීයාවට ලබාදෙන ලදී.ඉන් 70% ක කොටස් ඉන්දියාවට හිමිවුවත් ලකාවට ලැබෙන්නේ 30% ක් පමණි.ලාභ බෙදීයාමද මෙම ප්‍රතිශතයන්ට අනුව සිදුවේ. එය අවුරුදු 40ක් දක්වා ඉන්දියාවට භුක්ති විදිය හැක. මත්තල ගොඩනැගීම සදහා ඇ.ඩො.මි 252 වැයව තිබේ. ඉන්දියානු සමාගම ඇ.ම.ඩො.මි 325 ආයෝනය කිරීමට සුදානම් ය. දැන් ඊට කැබිනට් අනුමැතියද ලබා දී අවසන් ය.
මොවුන් මෙන්න අධිරාජ්‍යවාදින් ,අධිරාජ්‍යවාදීන් යැයි කෑ මොරදෙමින් ලාංකික භූමිය කොටස්කර විකුණමින් සිටියි. මෙය දෙශප්‍රෙමය වන්නේ කෙසේද? මෙම ව්‍යාපෘතිය නිර්මාණය කළේ රජපකෂ ආණ්ඩුව සමයේදිය.රාජපක්ෂ ආණ්ඩුව දැන් නැත. සිටියානම් මීට පෙර විකුණාදමා හමාරය. එයින් නඩත්තුව සදහා වු පාඩුව බිලියන 20 මුදලක් ඉතිරිකර ගැනිමට ඉඩ තිබිණි.
දැන් මත්තල ඉන්දියාවට කැමති පරිදි ක්‍රියා කරනු ඇත. චීනය හම්බන්තොට වරය මෙන්ම පෝට් සියද සිය ග්‍රහණයට නතුකරගෙන හමාරය. එහෙත් මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ඊට එරෙහිව කිසිත් නොකළේය. පොඩි පොඩි සංදර්ශන පමණක් ක්‍රියාත්මක විය. ඒවා ඡන්ද කැම්පේන් පමණි. රාජපක්ෂ තම දෙශප්‍රේමය පස්ස පැත්තසෝදා ගැනීමට ද යොදා ගැනේ,එහෙත් හම්බන්තොට වරාය. මත්තල විකිණීමේ දී ඡන්ද ගැරීමේ ව්‍යාපාරයට පමණක් යොදා ගත්තේය. මොවුන් රටේ නයකයින් නොවේ. ඔවුන් කරනුයේ රටට අවැසි දේ නොවේ. මොවුන් අධිරාජ්‍ය පතුරුවන්නන්ගේ උදව් කරුවන් ය. සුවච කීකරු පෙන්වතියන් ය. මහින්ද,මෛත්‍රී,රනිල් සැරින් සැරේ මොවුන් සමග යහන්ගතවෙමින් සිටියි. ඊට හුරේ දමමින් එකිනෙකා ගහමරා ගන්නා පාදඩයන් ගේ මට්ටමට ජනයාද වැටි ඇත. තම දෑත දිගුකර මොවුන්ට ආශිර්වාද කරන ජනයා තමන් කිසිත් නොකළ පරිදි වහාසි බස් දොඩති. ජනයා කිසි දිනෙක මින් ඔබ්බට නොයනු ඇත. එම නිසාම ජනයා කර පින්නාගෙන යා යුතුද නැත. එහෙත් බලන් සිටිය නොහැක. යුද විරාම අවශම නැත. ජනයා මුදවීමට ජනයා සමගම යුද්ධ කළ යුතුය. තුවක්කු බටමෙන් පෑන් තුඩ අමෝරා ගත යුතුය. මල්ටි බැරල් රොකට් ලොන්චර් නැත. එහෙත් අපිට මස් කට ඇත. ඉන් ප්‍රහාර දියත් කළ යුතුය. සම්මන්ත්‍රණ ජනහමු උන්ඩ මෙන් වැස්සක් වැසිය යුතුය. එය මේ මහා පොළොව නුහුලන අපරාධ පෙනිපෙනි නොදැක්කා සේ සිටින ඔළුගෙඩි කුළු ගෙඩි බවට පෙරලා මහා කළුගල් පර්වත අකාමකා දමන සටන ආරම්භ කළ යුතුය.

Monday, July 9, 2018
හෝමාගම වැනසීමටත් ණයක්
ආණ්ඩුව තාක්ෂණික නගර නිර්මණය කිරීමේ නමින් ගෙනයන ව්‍යාපෘතිය පරිසරය අකාමකා දමා යන ඉඩම් මංකොල්ලයකි. මෙම ව්‍යාපෘතියේ අවසානය උස ගොඩනැගිලි හා මිනිසුන්ට ජීවත්විය නොහැකි වාස භුමි පමණක් ඉතිරිවේ. එසේම මෙම ඉඩම්වල දැනට ජීවත් වන්නන් පන්නා දමන අතර ඉදිවන ගොඩනැගිලි ධන කුවේරයන්ගේ සල්ලි ගරන තිප්පෙලවල් බවට පත්වේ.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටියි. එයද කරණුයේ අප තවදුරටත් ණය උගුලේ සිරකරමින් ය. මේ අනුව අගමැතිවරයා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යමින් තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන් 10ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතය. ඊට මේ වනවිට ආමත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමිව තිබේ. එය තාක්ෂණික සහය ණය ලෙස හැදින්වේ.මෙම මුදල හොමාගම අවට ප්‍රදේශයේ මොගා පොලිස් ව්‍යාපෘතියේ නගර 4ට සහ පළාත් පාලන හා ක්‍රිඩා අමාත්‍යාංශය යටතේ පවතින නගර 25ක් සදහා මෙම මුදල යෙදවීමට නියමිතය.
ආණ්ඩුවට පරිසරය අදාළ නැත. අවශ්‍ය වනනේ කුමන ක්‍රමයකින් හෝ මුදල් ය. ඊට උකස් තබන්නේ අපගේ ජිවීතය. හෙට දවසේ සිදුවන ස්වභාවික විපත් ප්‍රමණය වර්ධනය වේ. එහිදී අපට ජිවත්වීමට හැකිද යන්න තම තමන්ම කල්පනා කළ යුතුය. කිසිවක් අපට අදාළ නැතැයි යන සීමවේ සිටින අයට වුව මෙය අදාළවනු ඇත. එම නිසා මෙහි බරපාතල කම සමාජයට හෙලි කළ යුතුය. නොඑසේනම් අප වැලලෙන්නේ කොතනද යන්න පවා නොදැන වැලලී සිටිය හැක.
Sunday, July 8, 2018
රැකියා විරහිතයින් ගේ ගැටළුවට තිත තැබීමට නම්.
...
උද්ඝෝෂණ ක්‍රියාවලිය අතරමග නැවතිමට ආණ්ඩුව ගෙන ආ පළමු සම්මුඛ පරීක්ෂණය අසමත්විය. එයින් ආණඩුව ඇති පදම් ඇණගත්තද නැවත සම්මුඛ පරීක්ෂණ කැදවන්නේ කුමටද? කැදවු සම්මුඛ පරීක්ෂණයෙන් රැකියා ලබාදිය නොහැකිද? උපාධි සහතිකයට මුකික සුදුසු කම වන්නේ උසස් පෙළ අසමත් නිසා නොව උසස් පෙළ සමත් වු නිසාය. එහෙත් කිරි ඇල්ල ඇමති තුමාට රැකියා දීමේදී මේ කිසිවක් අදාළවුයේ නැත. ඔහු තම හිතවතුන්ට ඇති පදම් සැලකුවේය. එහෙත් රැකියා විරහිතයින් ලක්ෂ ගණන් අතරමන් කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. විටෙක කිසිදු හිරිකිතයක් නැතිවම උපාධිධාරින් රස්තියාදු කරන්නේය. තවත් විටෙක ආණ්ඩුවේ ඇමතිවරු කුණු කතා කියති. මේ දස වදය ලබාදෙන්නේ වසරක පුහුණු කාලයකට බදවා ගැනිමටය. එය රැකියාවක් නොව රැකියාවට සුදුසුකම් පිරීමේ වසරයි.ඇත්තෙම්ම මේ සියල්ල අප්‍රසන්න විහිළු ය. ආණ්ඩුව සෙල්ලම් කරනුයේ මිනිස් ජීවත සමගද යන්න පිළිබඳව වගේ වගක් නැත. ඔවුන් උපාධිධාරින්ගේ ප්‍රශ්න තම දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගැනිමට මාන බලති.
උපාධිධාරින්ගේ කොදුකඩා මෛත්‍රී ගේ ලිස්ට් එකෙන් රැකියා කිහිපයක් දීමට ආණ්ඩුවේ අෂාව වේ. ඊට රැකියා විරහිත උපාධිධාරි සංගමය හරස් කපමින් සිටියි. සියලු දෙනාට රැකියා ලබාදිමට ආණ්ඩුව කෙසේවත් සිතන්නේ නැත. එම නිසා එම සිතුවිල්ල ජනිත කරවීමටද රැකියා විරහිතයන්ට සිදුව ඇත.
තිබු දහසක් අර්බුද එලෙසින්ම නැතත් අර්බුද සියල්ල විසදී නැත. ඊට පිළිතුරු දියයුත්තේ ආණ්ඩුවයි. එමනිසා අරගලය තවත් මුහහත් නොකොට අවසාන ඉළක්කය වෙත ලගාවිය නොහැක. ආණ්ඩුව රැකියා විරහිතයින් දුර්වන වන ඕනෑම අවස්ථාවක ප්‍රශ්නෙන් පැන යනු ඇත. එමනිසා සිටියාට වඩා දහස් ගුණයකින් ශක්ති සම්පන්න විය යුතුය. එසේ නොවුනොත් ආණ්ඩුව පැලැස්තර විසදුම් ලබා දෙනු ඇත. නැත්නම් කල්මැරීමට තවත් උපක්‍රම සොයා ගනු ඇත. එම නිසා රැකියා අපේක්ෂිත සියල්ලන්ම එකට ගොනු කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වනු ඇත. එය උතුරට නැගෙනහිරට දකුණට සීමා විය යුතු නැත. ඊට එකදු පුද්ගලයෙකු නෑර සංවිධානය කිරීම වැදගත් ය. එය කවුරුත් හෝ සිදුකරනවාට වඩා තමන්ගේ වගකිමක් කර ගන්නේ නම් සාර්ථක වනු ඇත.
එහෙත් රැකියා විරහිත උපාධිධාරි සංගමය ප්‍රාදේශීය මට්ටම්න් තම සංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එය මේම අර්බුදයට ප්‍රමාණවත් නොවුවත් එසේ සිදුකිරීමට ගන්නා උත්සහයට සහය විය යුතුය. උපාධිධාරින්ට සියල්ලම දහසක් ප්‍රශ්න ගොඩ ගැසී ඇත. ඊට පිළිතුරු අවශ්‍ය ය. ඒ සදහා රැකියා විරහිත උපාධිධාරි සංගමය හමුවීම හොදය. නමුත් මේ වනවිට විවිධ සංවිධන පුදගලයන්ගේ මැදිහත් වීම මත අර්බුදය පළල් වන නිසාම අර්බුදය උත්සන්න වන නිසාම මිට වඩා ජවයක් අත්පත් කරගැනීමට සිතිය යුතුය. එය ජයග්‍රානයේ මාවත වනු ඇත. නැත්නම් සියලු දෙනාට හුදකලාවේ නිවසට ගාල්විය හැක.
ශිෂ්‍ය ව්‍යාපාරයට පෙසප අවශ්‍ය ද?
විශ්වවිද්‍යාල දේශපාලනය පිළිබඳව සාකච්ඡා කොතෙකුත් අසන්නට දකින්නට ලැබෙනවා. එහි ක්‍රියාකරීතවය පවතිනුයේ වාමාංශික දෙශපාලනය මතය. වාමාංශික දෙශපාලනයට රටේ කිසිම තැනක නොමැති සක්‍රියතාවයක් විශ්වවිද්‍යාල තුල පවතිනවා. ඊට මුලික හේතුව වන්නේ ප්‍රධාන පක්ෂ නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය විකිණිය යුතුය යන ස්ථාවරයේ සිටින නිසාත් වාමාංශික ව්‍යාපාර නිදහස් අධ්‍යාපනය දිනාගත යුතුය යන ස්ථාවරයේ සිටින නිසාය. මේවන විට රට තුල වාමාංශික රැඩිකල් කණ්ඩායමක් වන පෙසප ශිෂ්‍ය ව්‍යාපාරයට වැඩි බලපෑමක් කිරීමට හැකිව තිබේ.එසේම නැවත ජනතා විමුති පෙරමුණේ දෙශපාලනයද යම් ක්‍රියා කාරිත්වයක් දැකගත හැකිය. එසේම ජවිපේ දේශපාලනයද ශිෂ්‍ය ව්‍යාපාරයට බලපෑම් කරමින් සිටියි. එය එසේ සිදුවන්නේ ජවිපේ දෙශපාලනය, නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුය යන ස්ථාවරයෙන් ඉවත්ව සිටින මොහොතක වීම විශේෂත්වයකි. ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය දෙස බලන විට ජවිපෙට නිදහස් අධ්‍යාපනය සමග බොහෝ ලග සබදතාවයක් පැවතියේය. එහෙත් ජවිපේ නව වෙනස්කම් සහිතව කොතෙක් දුරට එය ශිෂ්‍ය ව්‍යාපාරය සමග බද්ධ විය හැකිදැයි සොයා බලමින් සිටියි.
ජවිපේ 70 දශකයේ අග සිට 2011 දක්වා කාලය තුල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙනු ලැබුවේ ජවිපේ විසිණි. එහෙත් ජවිපෙන් පෙසප වෙන්වයාමත් සමග ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ජවිපෙන් ගිලිහි ගියේය. එය සිදුවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය විසින් ක්‍රියාකාරිව ජවිපේ දේශපාලනයට එරෙහි විමෙන් නොවේ. එය ජවිපේ අභ්‍යන්තරිකව සිදුව ගැටුමේ ප්‍රතිඵලයක් පමණි. සරලව කියතොත් ඉතිහාසය පුරාවට ජවිපෙට ශිෂ්‍ය ව්‍යාපාරය තුල තබා තිබු සුජාත භාවයට හානිපැමිණීමකින් තොරව බලය අහිමිවිමය. පෙසප හා අනෙකුත් දේශපාලන කණ්ඩායම් රැඩිකල් උවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමග ගනුදෙනුවේදි ජවිපේ නිර්මාණය කළ සංස්කෘතිය අභිබවා යාමට අපෝහොසත් විය. විශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පෙසප දෙශපාලනය යනු ජවිපේ අනුකොටසක් මිස එය ජවිපෙට වඩා ප්‍රබල සාධකයක් නොවේ. එය පෙරලා පෙසප දෙශපාලන ක්‍රියාවලියට තදිම්ම බලපා තිබේ
.
ජවිපේ සිදුව තිබෙන වෙනස විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දෛනික දෙශපාලනයට සම්බදවිමේ ක්‍රමයක් පසුගිය කාලයේ පැවතියේ නැත. එය විශ්වවිද්‍යාල තුලට ශිෂ්‍ය නායකයින් ගෙන ඒමට උත්සහ කළත් ජවිපෙන් ඊට ඉඩ ලබාදුන්නේ නැත. විශ්වවිද්‍යාල තුල පැවති සෑම සංවාදයකට පාහේ ජවිපේ ද්ව්තීක නායකයින් පමණක් සම්බන්ධ කිරීමට වගබලා ගත්තේය. සංවාදයට පැමිණි ද්විතීයික නායකයින් ද අධ්‍යාපනය සම්බන්ධව තම ස්ථාවරය නිරවුල්ව ඉදිරිපත් කිරීමට සමත්වුවෝ නෝවීය. සමහරවිට ඔවුන්ට ද එම වෙනස පිළිබදව වැටහිමක් නොතිබුණා විය හැකිය. එවිට සංවාදය ගොඩනැගෙන්නේ ජවිපේ සාධකයකට වඩා අසාර්ථක කතිකයෙක් යන්න මුලික කරගනිමින් ය. නමුත් ජවිපේ නායක අනුර දිසානායක හෝ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැමිණියේ නම් විශ්වවිද්‍යාල දෙශපාලනය යම් වෙනසක් අත්පත් කරගැනීමට හැකීය.
අනෙක් කාරණය 2012 වනවිට ශිෂ්‍ය ව්‍යාපාරයේ මුලික සටන් පාඨය වෙනස් විය. ජවිපේ ප්‍රතිපත්තිය කුමක් උවද ඔවුන්ගේ මැයි දිනයට එය යොදා ගත්තේය. දැන් ශිෂ්‍යයින් ගේ ව්‍යවහාරයට ජවිපේ දෙශපාලනය නතුවිමට ඉඩක් නොමැත. එසේම මෑතකදී ශිෂ්‍ය ව්‍යාපාර ගෙන එන ලද සියලු සටන්පාඨ සමග ජවිපේ සිට ගත්තේය. ඊට අභියෝග කිරීමට ඉදිරිපත් නොවීය. සයිටම් සටනට ජවිපේ ඔළුව දමා ගැනීමට පෙර සටන්පාඨ පිළිබඳව මැසිවිලි නැගුවද ඒවා නිශ්චිතව කියු ඒවා නොවීය. එසේම ඊට සංවාදයක් ගැනිමට තිබු ඉඩද හමාරකරමින් කිසිදු විග්‍රහයකින් තොරව සයිටම් වේදිකාවට ගොඩවූවේය.
ජවිපේ හැකී සෑම අවස්ථාවකදීම සමාජවාදි ශිෂ්‍ය සංගමය කරලියට ගෙනාවේය. ඒ සියලු අවස්ථාවලදී අධ්‍යාපනය පිළිබද මතය සාකච්ඡා නොකිරීමට වගබලා ගත්තේය. පොත් රස වින්දන, චිත්‍ර පට රසවින්දන හා ශිෂ්‍ය වීර දිනය යන මාතෘකා වලින් බහුජන දේශපාලනයට ප්‍රවේෂ විය. පෙසපක්‍රියාක්කාරීන්ට එවැනි දෙශපාලනයක් තුල ජවිපෙට ගොඩනැගිය හැකි විවේඡනයක් නැත.එහෙත් ජවිපේ ඊලග ප්‍රවේෂය ලෙස නැවත විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනය වෙනුවට ශිෂ්‍ය දෙශපාලනය කළ යුතුය යන ගෝත්ත්‍රික සටන්පාඨ ඉදිරියට ගෙන ආවේය.
එහෙත් ඊට පෙසපට එරෙහිවීමට තරම් මතවාදීමය ශක්තියක් නොවීය. එය සයිටම් සටන පුරාවටම හා සෑම සටනක් තුලම දැකගත හැකිවිය. සත්‍යය වන්නේ ජවිපෙට සමාන සංස්කෘතියක් සහිත ශිෂ්‍යයින්ට පෙසප නායකත්වය දීමට යාමත් ඉන් පෙසප විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් ඈතට විසිවයාමට ආරම්භ වීමත්ය. එය වර්ධනය වන්නේ කිසිදු විද්‍යානුකුල ගවේෂණයකින් තොරව නවකවදයට තිත තැබීමට යාමත් සමගය. ජවිපේ විශ්වවිද්‍යාල සංස්කෘතිය රැක ගැනීමේ දේවතාවා බවට පත්විය.පෙසපේ මෙම වැඩ පළිවෙළ සෑම විශ්වවිද්‍යාලයකම පාහේ හොද හැටි ඇණගත් වැඩ පිළිවෙළක් වුවේය. ඊට පක්ෂ වුයේ ශිෂ්‍යයින් සුළු ප්‍රමාණයක් පමණි. නවකවද විරෝධය , සංස්කෘතික විනාශයක් ලෙස අර්ථ ගැන්විණි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට එවැනි හැරවුමක් අත්පත් නොකරගන්නේනම් ඉදිරි ගමන තිරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙනු ඇත. එහෙත් එය ජවිපේ අදාළ නැත.
ඉන් අනතුරුව එළඹියේ විප්ලවවාදි ශිෂ්‍ය සංගමය වටා රොක්වු පිරිසගේ දේශපාලන ආතතිය මුදා හැරීමේ ක්‍රියාවලියයි. ජවිපෙට සමාජයේ බහුජන බලවේගයක් තිබුණද පෙසපට එවැනි එකක් නැත. එමනිසාම විප්ලවවාදි ශිෂ්‍ය සංගමය හා ජවිපේ බහුජන ව්‍යාපාරය හුදකලා සටනකට ප්‍රවේෂවිය. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් දුරස් වූ නරි නාටයක් බවට පත්විය. මෙම පිරිස අඩු අද්දැකිම් ලද උවන් නිසාම ජවිපේ ඉන් මහර්ග ඵල අත්පත් කරගත්තේය. වාම ව්‍යාපාරයක පැවතිය යුතු සංවාද වෙනුවට කුණු බක්කි ඇවිස්සීම ආරම්භ විය. එය සංස්කෘතිය වු කල්හි පෙසපට තම නව අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට තිබෙන මාර්ගය ඇහැරී ගියේය. එසේවන කල්හි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දෙශපාලන පක්ෂ අප්‍රසන්න වීම වැලක්විය නොහැකිය. නමුත් පෙසපට වඩා එහි ජවිපෙට ක්‍රිඩා කළ හැකිය. ඒ ඔවුන් ඉදිරිපත් කරන ශිෂ්‍ය දෙශපාලනය හරහාය. එය නිශිචිතවම ජය ගැනීමට හැකි ක්‍රියාදාමයකි. දැන් පෙසප සියල්ල අන්තෝජටා බහීජටා වී පෙනෙන්නේය. එහෙත් සිදුවන්නේ ජවිපේ අයෙක් ජවිපේ නොවන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය තුල හැසිරීමයි. ඉන් අනෙකුත් සියලු මතයන්ට තිත තැබිය හැකිබව ජවිපේ දැනසිටියි. එහිදී අඩුම තරමින් දැනට තිබෙන් ජවිපේ පෙසප කුණු බකට් සංවාදය ද නවතිනු ඇත.
එහෙත් ජවිපේ සිහිනය පවතින්නේ ඔවුන්ගේ දේශපාලනය හෙලිවන තෙක්ය යනුවෙන් සිතා නිදහස්ව සිටිමට පෙසපට නොහැක. ජවිපේ එය කිසිදා හෙලි නොකරනු ඇත.පාර්ලිමේන්තුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමේ අවස්ථාවක් උදාවුවේ නම් ,ජවිපේ ඡන්දය ලබා දී නැත්නම් දැවැන්ත සටනක් මෙන් ව්‍යාජ සටනක් නිර්මාණය කොට පර්ලිමේන්තුවේ දී ඊට එරෙහිව ඡන්දය නොදි සිටිය හැකිය. ඒ සියල්ල කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉදිරියේ නිදහස් අධ්‍යාපනය දිනේවා. ශිෂ්‍ය විරුවෝ දිනේවා ලෙස ප්‍රකාශ කළ හැකිය. එම නිසා මෙම ව්‍යාපෘතිය පරාජය කරනවාද නැද්ද යන්න පෙසප තීරණය කළ හැකිය. ජවිපේ ශිෂ්‍ය ව්‍යාපරයේ බලය අත්පත්විමෙන් පෙසපට වාසි සහගත වන්නේ එක් කරුණකදී පමණි. එනම් මේ සියල්ල කළේ ජවිපේ යන්න ප්‍රකාශ කර බේරීයාම සදහා පමණි.
දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ට මෙන්ම සමාජයට නිදහස් අධ්‍යාපනයේ අවසන් ගමන සිදුවන වේගය කොපමණද යන්න බලා සිටීමට හැකිය. එය කෙටිකලකදී සිදුවිය හැකිය. එවිට ශිෂ්‍ය ව්‍යාපාරයට අත්විය යුතු ඉරණම පිළිබදව අමුතුවෙන් කිවයුතු නැත. නිදහස් අධ්‍යාපනයට වඩා යම් ආකාරයකින් පුද්ගලික අංශයටද ඉඩ ලබා දෙමින් යා යුතුය යන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ මතය වීමට ඉඩ ඇත. එවිට ශිෂ්‍ය ව්‍යාපාරය පවතින්නේ ජාතික තලයේ දෙශපාලනයේ නොව විශ්වවිද්‍යාල අභ්‍යන්තර දෙශපාලනය තුලය. එය නිකම් අර්ධ මරණයකට ඇද වැටි ජවිපේ තවත් වහලෙකුගේ මට්ටමට පත්වනු ඇත.
ශිෂ්‍ය ව්‍යාපාරය මෙතනට නොවැටි බේරා ගැනීමට පහසුම මාර්ගය පෙසප ය. ඒ ඔවුන් නිවැරදි නිසා නොව නිදහස් අධ්‍යාපනය දිනාගැනීම වෙුවෙන් පෙනිසිටින නිසාවෙනි. ශිෂ්‍ය ව්‍යාපාරය තුල සිදුවිය යුතු තවත් බොහෝ වෙනස්කම් ඇතත් ඒ කිසිවෙක් මින් මතු අත්කර ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා ඉන් ශිෂ්‍ය ව්‍යාපාරය ගලවා ගැනීමට නම් පෙසපේ ශිෂ්‍ය අංශය වන විප්ලවවාදි ශිෂ්‍ය සංගමය ප්‍රරසිද්ධ දෙශපාලනයට පැමිණිය යුතුය. අභියෝගය කොපමණ විශාල උවද විශ්වවිද්‍යාල තුල විප්ලවාදි ශිෂ්‍ය සංගමය තම මතය ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් නව දියුණු සංස්කෘතික හැඩයක් අත්පත් කරගත යුතුය. එය එසේ වන්නේ නම් පමණක් නිදහස් අධ්‍යාපනය රැකෙනු ඇත. එසේම ජවිපෙට විශ්වවිද්‍යාල තුල සිටිය හැක. නැත්නම් අධ්‍යාපනයේ මලගම සමගම පෙසප විශ්වවිද්‍යාලයෙන් එළියට ඇද වැටෙනු ඇත.
Subscribe to:
Posts (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...