Wednesday, July 11, 2018

උපාධිධාරින් COOL වෙන්න, හිතවතුන්ට පත්විම් දෙනකන්



දැන් උද්ඝෝෂණ නැත. ආණ්ඩුවට එය කොතරම් මනරම් ආරන්චියක් ද?  පළමු සම්මුඛ පරීක්ෂණය සිදු කළේ උපාධිධාරින් රැවටීමටය. එය කෙසේ රැවටිමක්ද යනු හරිහැටි නොදන්න උපාධිධාරින් පෝලිමේ සම්මුඛ පරීක්ෂණයට ගියේය. එයින් තොරා ගනු ලැබුයේ ආණ්ඩුවේ ඊලග ඡන්ද කැම්පෙන් එකේ පිරිසය. ඔවුන්ට නොවඩුව සමිති සමගම්වල සිටි බවට සහතික තිබිණි. දැන් ඔවුන් තෝරාගෙන අවසානය. එම පිරිස 5000කි. එක් එක් ඇමතිට.එක් එක් මන්ත්‍රී ට කැන්වසින් යැවීමට අවශ්‍ය පිරිස් තෝරාගෙන අවසන්‍ ය. එහෙත් මුල්තැන හිමිව තිබුණේ යු.න්.පී පාක්ෂිකයන්ටය. ඊට ජනාධිපතිවරයාය උරණවිය. දැන් එය විසදාගෙන අවසන්‍ ය. දැන් තිබෙන්නේ පත්වීම් ප්‍රධානයයි.

එහෙත් ඔවුන්ට කෙසේනම් පත්වීම් ලබාදෙන්නද? උරනවන උපාධිධාරියෝ අමාත්‍යාංශයට ජානාධිපති කාර්‍යාලයට කඩා වදින්නේය. එමනිසා නැවත සම්මුඛ පරීක්ෂණයක් අරඹණ ලදී. මේ කුමටද? කැන්වසින් යාමට යෝදාගන්නා පිරිස බදවාගන්නා තෙක් උපාධිධාරින්ට සිහින දකිමින් නිහඩ කරවීමටය. උපාධිධාරින් සිහිනෙන් අවදිවන විට ආණ්ඩුවේ ව්‍යාපෘතිය අවසන්‍ ය.

එය එසේ නොවි සියලු දෙනාට රැකියා ලබාදෙන වැඩපිළිවෙළට ආණ්ඩුව පැමිණි සිටින බවට වු ප්‍රාර්ථනාවට අප පිවිසියෝත්, ඇසිමට ප්‍රශ්න දෙකක් ඉතිරිවේ. පළමු පරශ්නය-කලින් සම්මුඛ පරීක්ෂණය අසාර්ථක බව ආණ්ඩුව පිළිගන්නේ නම් එහි ප්‍රතිඵල පවා නොදන්වා පිරිසක් බදවාගන්නා පදනම කුමක්ද?  දෙවන ප්‍රශ්නය - කලින් ප්‍රතිඵල ඇවලංගුකර සියලුදෙනාට එකවිට රැකියා ලබා නොදීමට හේතුව කුමක්ද ? එහෙත් ආණ්ඩුව ඒවාට පිළිතුරු දෙන්නේ නැත. දැන් ආණ්ඩුව උපාධිධාරින් නිහඩව සිටින්නාක්මෙන් නිහඩය. එක් කරදරයකින් බේරුණ ආණ්ඩුව ඊලග ණය වාරිකය ගෙවීමට දඩ කෙලියේ යමින් සිටියි. ඇත්තෙන්ම ආණ්ඩුව බංකොලොත් ය. රැකියාදම තියා අඩුම තරමේ තෙල් මිල මාස දෙකක් අල්ලාගෙන සිටිය නොහැක. ඒ වෙන කිසිවක් නිසා නොව අලුතෙන් රටට ගෙනෙන තෙල් බිදුවකින් හෝ රුපියලක් හෝ ගිලිහී නොයාම සදහාය. ඒ තරම් ආණ්ඩුව අහෙනියේය. එවන් ආණ්ඩුවකින් ඔහේ බලා සිට රැකියා ලබාගත නොහැක. කිසිවෙක් ක්‍රියාකාරී නැත. සියලුදෙනා නිවෙස්වලට වී හූල්ලමින් සිටියි. උපාධිධාරින් තාර්කික බුද්ධියට යටපත්කොට අසරණ මහලන්‍ වී සිටියි. කතා කරන අය සමග උරනවිම හැර කිරීමට කිසිත් නොවනගානට සිටියි.

ගැහැණු උපාධිධාරිණියන් හූල්ල හුල්ලා නිවෙසේ බත් තම්බති. විවාහය පවා ඔවුන්ට විශාල උස කවුළුය. තිබෙන එකම දේ පාට් ටයිම් හෝ ගාමන්ට්‍ යාම පමණක් යැයි සිතන මොවුන් මද සිහිගතියෙන් පෙළෙන්නියන් වී අවසන්‍ ය.

මොවුන් මෙසේ සිටිමෙන් දුකට දුක්වී හිත හදාගැනීමට වෙහෙසෙන බව ආණ්ඩුව දනී. ඊට අවශ්‍ය හේතුවක් අවශ්‍ය ය. එය ආණ්ඩුව ලබා දී තිබේ. දැන් අරගල අවශ්‍ය නැත. අරගල කිරීමට කතාකරන උන්ට චුම්බන වෙනුවට බුම්මන් සිටින්නේ ඒ නිසාය. මේ ටික තේරී නැවත සටනකට පැමිණෙන්නට තව මාස 5ක් පමණ ගතවනු ඇත. දැන්  ටොපිය කා Cool වෙලා සිටිය යුතුය. එවිට ආණ්ඩුවට තවකාලයකට උද්ඝෝෂණ වලින් තොරව සතුටින් සිටිය හැකිය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...