Monday, July 16, 2018

අග්නිදිග වදකාගාරය සරසවියක් කරනු



බොහෝ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින්  දේශපාලනය කරනවා යැයි බැනවදිම හැකිය. නමුත් ඔවුන් ශිෂ්‍යයින් වුවාට වයස අවුරුදු 18 සම්පුර්ණ ව් ඇති බව අමතක කරති. දේශපාලනය කිරීම අයිතියක් වන්නේ සියලු මිනිසුන් ගේ සමස්ත ක්‍රියා එහි අන්තර්ගත වන නිසාය. දේශපාලනය අහිමි වු කළ පාලකයන්ගේ පාවහන් වලට පෑගෙන වහලුන් වන්නේ ඉබේටමය. අග්නිදිග විශ්වවිද්‍යාලය කාලයක් සිට පැවතියේ එසේය. එය පාලන අධිකාරියේ දැඩි නීතී රීතිවලට යටත්‍ ය. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. එසේ ප්‍රශ්න කරන්නන් ආයුධ පෙන්විමට රැගෙන යනවා වැනි හැගීමක් නිරායාසයෙන් ජනිත වන්නේය. ඇයි එහෙම කරන්නේ යනුවෙන් කිසිවෙකු ප්‍රශ්න කළ විට කණ හරහා ගැසීමේ ක්‍රිඩාවට පුහුණු පරිපාලන නිලධාරින්ට ඊට කදිම අවස්ථාවක් උදාකර දෙනු ඇත.

එහෙත් මෙම රිද්මය බිද වැටෙන්නේ අග්නිදිග තාක්ෂණ පීඨය ස්ථාපිත කිරමෙන් අනතුරුව ය. මෙහි පීඨාධිපතිතුමා පත්කරන්නේද සැලසුමකට අනුවය. ඔහු කිසි සුදුසුකමක් නොමැති තැරැව්කරුවෙකි. ඔහු තාක්ෂණ විෂය පිළිබදව හෝ විශ්වවිද්‍යාලයක් පිළිබඳවවත් මෙලෝ හසරක් නැති අයෙකි. ඔහු හොද දඩයක් කරුවෙකි. එය ඔහුට නම්බුවකි. අහිංසක මුවපොවුවන් පසු පස පන්නන්නාක් සේ ශිෂ්‍යයින් පසු පස ලුහු බදින්නට විය. පීඨය තුල අවශ්‍ය ආචාර්යවරු නැත. පහසුකම් නැත්තටම නැතිතරම්‍ ය. ප්‍රායෝගික පරීක්ෂණ වලට අවශ්‍ය ඉඩ නැත. ඒ පිළිබඳව ශිෂ්‍යයින් ප්‍රශ්න කළ විට

තෝ කව්ද එහෙම අහන්න.

"ඒක අපේ වැඩක් දෙන දවසක ඒවා අපි දෙන්නම් තොපි කටවහගෙන ඉදපියව්"

මෙවන් සැර සර් කෙනෙක් කාට මට්ටු කළ හැකිද? අපොයි දෙයියනේ ශිෂ්‍යයෝ මොකද කරන්නේ, දැන් උත්තර නෑ. කීවට වැඩක් නෑ මිනිසුන්ගේ සිතිමේ නිදහස විශ්වවිද්‍යාලයට අදාළ නැත. ප්‍රජාතන්ත්‍රවාදය විශ්ව විද්‍යාලයට අදාළ දෙයක් නොවන බව කියති. ඒවා මිනිසුන් ලෙස නාමිකව හෝ දිනාගෙන ඇති දේවල්‍ ය. එහෙත් මෙහි එයද නැත. එය රජෙකුගේ වෙනම පාලනයකි. ශිෂ්‍යයෝ යටත් වැසියන්‍ ය.

මෙම තත්වය යටතේ ශිෂ්‍යයින් 50 දෙනෙක් දෙශපාලනයට අවතීර්ණ වන්නේය. ඒ අනුව මීට දින 250 පෙර මොවුන් සත්‍යග්‍රහයකට ඉදගන්නේය. ඒ පනවා ඇති පන්ති තහනම් ඉවත්කරන ලෙස ඉල්ලාය. පිරිස අඩුය. එම නිසා ඔවුන් මට්ටු කිරීමට හැකියැයි ආණ්ඩුව සිතති. එමනිසා පිළිතුරු නැත. මර්දනය ඇත. එහෙත් සටන නිමා නැත.

ඒ සමගම අග්නිදිග පරිපාලනය පොලු මුගුරුගෙන පිරිමි නේවාසිකාගාරයෙහි දඩයම ආරම්භ කළේය. එහි යම් ත්‍රස්තවාදී කල්ලියක් සිටින්නා සේ නේවාසිකාගාරයට ඇතුල්වේ. නම් ලකුණු කරයි. බැන වදියි. තර්ජනය කරයි. එකිනෙකා වෙන වෙනම විඩීයෝ ගතකරයි. වෙන වෙනම අධ්‍යනය කර සිටි නොසන්ඩාල ශිෂ්‍යයින්ගේ නම් සටහන්කර ගනියි. ඔවුන් 21 දෙනෙකි. ඔවුන් පන්ති තහනමට ලක්වුවෝය. මේ කරන්නේ කුමක්ද? වියරුව ශිෂ්‍යයින් ගේ ජීවිත බිලිගනිමින් සිටියි. ඔවුන් ගේ හෙට දවස කාලකණ්ණිකර ඔවුන්ගෙන් පළිගත යුතුය. කළ වරද වාද කිරීමය. ප්‍රශ්න කිරීමය.මේවා නොහික්මුණු ක්‍රියාය. නමුත් ඊට ඉඩදී බලා සිටිමට සමාජයට හැකිද?  කිසිවෙකුගේ උදව් නොමැතිව 50 දෙනෙක් සටනක නියැලී සිටියි. ඔවුන් සටන් කරන්නේ නිදහස උදේසාය. බියෙන් තොරව ජීවත් විමට අධ්‍යයන කටයුතු කිරීමට අවශ්‍ය නිදහසය. ඊට අප සහය විය යුතුද නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරවාසම් දොඩන්නෝ මෙයට කතා නොකලත් අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඊට සහය දිය යුතුය. එසේ නොමැතිනම් අග්නිදිග වදගාරයක් මිස සරස්වියක් නොවනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...