මේ වනවිට උතුරේ එල්ටිටීයිය නිර්මණය වී වසර 5 පමණ ගතවී තිබිණි. එහෙත් එය කල්ලි කණ්ඩායමක් මිස ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් හෝ උතුරේ ජනතාවගේ සිත දිනාගත් දේශපාලන සංවිධානයක් නොවේ. ඔවුන් ඊපීඩීපී,ෆ්ලොට්,චෙලෝ වැනි සංවිධාන උතුරෙන් ඉවත්කර දැමිමේ කටයුතු ආරම්භකර තිබිණි. එළියට නොපෙනුණත් ඊට ආණ්ඩුව ද සහය විය. එකිනෙක තුවක්කු වැඩිවිය. මරණ ප්‍රමාණය ද වැඩිවිය. යාපනේ නගරාධිපති දොරේ අප්පාද ඊට ගොදුරුවිය. ඝතනයට ලක්වුවෝ යාපනයේ පදිංචි කරුවෝය. ඉන් අනතුරුව හමුදා සොල්දාදුවෝ 13 ක් මරා දමන් ලදි. එය උතුරට මිලිටරි බලයක් වුවද දකුණ එය හදුනා ගත්තේ කෙලෙසද? ඇත්තෙන්ම දකුණේ මිනිසුන් ට එය හදුන්වා දුන්නේ පාලකයන් විසිනි. එය ක්‍රියාවලියකි. මියගිය සෙබළුන්ගේ ජාතිකත්වය මේ සදහා යොදා ගත්තෙය. සෙබළුන්ගේ දේහ ප්‍රදශනයට තැබීය. එහිදී ඔවුන් පාලකයන්ගේ අවශ්‍යතා සදහා මියගිය පසුද ගොදුරු කරගත්තේය. එහි වු අර්ථකතනය වුයේ තවත් ජාතිකත්වයක් විසින් මහා ජාතිකත්වයට එල්ළ කළ මරු පහරක් ලෙසය. එය සජීවි උදාහරණකි. ලතෝනි මැද කඩා වැටුණු සිත් වෛරයේ ගිනි දැල්ලෙන් පුරවාලීය.
පොලිසියට නිවාඩුය. හමුදාව සංසුන් ය. බොරැල්ලට පැමිණි මන්ත්‍රවරයෙක්ගේ මැරයන් සතුරන්ගේ කඩසාප්පු ගිනි තැබීය. මැරීය. ගැහැණු දුෂණය කළෝය. කිරි දරුවන් පොළොවේ ගැසීය. පසුදින එය මුළු රටේම ව්‍යාප්ත විය. කොළඹ සිදුවූ දේ එහිද අඩුවක් නැතිව සිදුවිය.
දැන් එල්ටීටීඊය පණ ලැබුණා සේය. උතුරේ ගැලවුම් කරුවා එල්ටීටීඊය හැර වෙනකක් නොවීය. මරබිය ගෙනා පාලකයෝ තම දේශපාලන ගේම උතුරේ ජනයා එල්ටීටීඊය තුරුලට භාරකර මදකට නවතා දැමීය. ජේ.ආර්,ප්‍රෙමදාස,චන්ද්‍රිකා,රනිල්,මහින්ද මෙන්ම මෛත්‍රී ද මෙම ගේම වරින්වර රන් කරන්නේය. එහි නවතම මුහුණ ගලබඩඅත්තේ හාමුදුරුවෝ හරහා ක්‍රියාවට නගයි. ඊට නිර්ධනයින් දෙකට තුනට බෙදි ලේ රස සොයද්දී පාලකයෝ ඉන් තම අමාරුකම් පිරිමසා ගනිමින් සිටිති.
කළු ජුලියට වසර 33 ක් ඇවෑමෙන් අප ඉගෙනගත යුතු දෑ බොහෝය. යුද්ධය වසර 30කට වැඩිය. එය පාලකයන්ගේ කැමැත්ත හා උවමනාව මත ප්‍රධානය කළ බව සැබෑය. නමුත් නිර්ධනයින් ද තවත් එවැනිම නිර්ධනයින්ට එරෙහිවිමට අනුමැතිය පල කර ඇත. කිසීසේත්ම පාලකයන් මෙම ක්‍රීඩාව නවතා දමන්නේ නැත. එමනිසා ජාතිවාදයට එරෙහිව මහ ජාතිය පෙරමුණ ගත යුතුය. ඉන් සුළු ජාතින්ගේ බිද වැටුණු විස්වාසය ගොඩනැගීමට මාවතක් වනු ඇත.













No comments:
Post a Comment