Monday, July 9, 2018
හෝමාගම වැනසීමටත් ණයක්
ආණ්ඩුව තාක්ෂණික නගර නිර්මණය කිරීමේ නමින් ගෙනයන ව්‍යාපෘතිය පරිසරය අකාමකා දමා යන ඉඩම් මංකොල්ලයකි. මෙම ව්‍යාපෘතියේ අවසානය උස ගොඩනැගිලි හා මිනිසුන්ට ජීවත්විය නොහැකි වාස භුමි පමණක් ඉතිරිවේ. එසේම මෙම ඉඩම්වල දැනට ජීවත් වන්නන් පන්නා දමන අතර ඉදිවන ගොඩනැගිලි ධන කුවේරයන්ගේ සල්ලි ගරන තිප්පෙලවල් බවට පත්වේ.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටියි. එයද කරණුයේ අප තවදුරටත් ණය උගුලේ සිරකරමින් ය. මේ අනුව අගමැතිවරයා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යමින් තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන් 10ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතය. ඊට මේ වනවිට ආමත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමිව තිබේ. එය තාක්ෂණික සහය ණය ලෙස හැදින්වේ.මෙම මුදල හොමාගම අවට ප්‍රදේශයේ මොගා පොලිස් ව්‍යාපෘතියේ නගර 4ට සහ පළාත් පාලන හා ක්‍රිඩා අමාත්‍යාංශය යටතේ පවතින නගර 25ක් සදහා මෙම මුදල යෙදවීමට නියමිතය.
ආණ්ඩුවට පරිසරය අදාළ නැත. අවශ්‍ය වනනේ කුමන ක්‍රමයකින් හෝ මුදල් ය. ඊට උකස් තබන්නේ අපගේ ජිවීතය. හෙට දවසේ සිදුවන ස්වභාවික විපත් ප්‍රමණය වර්ධනය වේ. එහිදී අපට ජිවත්වීමට හැකිද යන්න තම තමන්ම කල්පනා කළ යුතුය. කිසිවක් අපට අදාළ නැතැයි යන සීමවේ සිටින අයට වුව මෙය අදාළවනු ඇත. එම නිසා මෙහි බරපාතල කම සමාජයට හෙලි කළ යුතුය. නොඑසේනම් අප වැලලෙන්නේ කොතනද යන්න පවා නොදැන වැලලී සිටිය හැක.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment