Tuesday, July 10, 2018

රාජපක්ෂ ,මෛත්‍රී ,රනිල් පෙම්තිවතියෝ කාගෙද?

 ලංකාව පළවෙන්ම අධිරාජ්‍යවාදී ග්‍රහණයට නතුවන්නේ 1505 දීය. ඉන් පසු ලංදේසි ඉංග්‍රීසින් ලංකාව ක්‍රමිකව සිය අධිපත්‍ය තහවුරු කර ගත්තේය. ඔවුන් ඒ සියල්ල සිදුක්ළේ තුවක්කුවේ බලයෙනි. ඉන් ලැබු වාසිය අපමණය. තමන්ට යටත් වු රටවලින් සිත්සේ අමු ද්‍රව්‍ය ගෙනගියේය. එසේම ඔවුන්ගේ නිෂ්පාදන අප රටට ගෙනවිත් විකුණා දැමුවේය. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ ක්‍රමය ඉතා වියදම් අදික ක්‍රමයක විය. බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුද වියදම ඉහළ ගියේය. එම නිසා ඔවුන් අප රට පමණක් නොව අනෙක් රටවලින් ද නික්ම ගියේය.

එහෙත් අධිරාජ්‍යවාදය නැවති නැත. එය ඉදිරි පියවරක් තැබීය. ඔවුන් යුද වියදම් පරිපාලන වියදම් රහිත නව ක්‍රමයකට පිවිසීයේය. ඊට අවශ්‍ය වන්නේ ගිවිසුමක් පමණි. ලෝක ධනපතියන්ගේ ප්‍රාග්ධනයට රිසි සේ ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව එක්සත් ජාතින්ගේ සංවිධානය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා නිර්මාණය කළ හැකිවිය. ධනපතියන් අතලොස්සකට ලෝකයේ පාලනය හිමිවිය. එය ගෙවිගිය වසර 40ක පමණ කාලය පුරාවටම ඇමරිකානු රාජ්‍ය වටා කෙන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක විය. දැන් ආර්ථිකමය වගයෙන් චිනය ඉදිරියට ඒමත් සමග ලෝකයේ ධනපතියන් අතර වු බලය වෙනසකට භාජනය විය. දැන් ලෝකය නැවත බෙදා ගැනිමේ යුද්ධයකට සුදානම් වෙමින් සිටියි.

මේ පසු බිම තුල චීනය ලංකාවේ හම්බන්තොට වරාය අත්පත්කර ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ විය. ඊට රාජපක්ෂ රජය  ඉතා අනගි සහයක් ලබාදෙන ලදි. ඔබ කුමක් සිතන් සිටියද මොහොතකට රාජපක්ෂ ආණ්ඩුව චීනයට අවශ්‍ය පරිදි රටේ සම්පත් යොදා ගැනීමට ඉඩහැරි බව කීවොත් කිසිවෙක් කැමති නොවනු ඇත. එහෙත් සත්‍ය එයයි. දැන් පාලන්පා රාජපක්ෂ  හිටියද රනිල් මෛත්‍රී කළ දේ හැරුණාම වෙනත් යමක් කරන්නේ නැත. ඒ අනුව හම්බන්තොට වරාය චිනයට විකුණා ඇත. චිනයට එය පෘතුගීසින් ලන්දේසන් ඉංග්‍රීසින් ලකාව යටත් කරගත්තාට වඩා පහසුය. එසේම ලාභ සහිතය. ඉංග්‍රීසින්ට මෙන් ලකාවේ පාරවල් හැදීමට චීන්නුනට නැත. ඒ සදහා ලංකා රජය අවශ්‍ය වියදම් දරා ඇත. හයිවේ හදා දී තිබේ. හම්බම්තොට වරාය ඉදිකර දි තිබේ. ඒ සදහා ලාංකිය ජනයා මැරීගෙන බදු ගෙවිය යුතුය.

මේ ආකාරයෙන්ම මිහින් ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය කළේය. එයද චිනයට ලබාදීමට තිබුණත් ලෝක බලයන් සමබර කර ගැනීමට එය ඇමරිකානු හිතවාදි ඉන්දීයාවට ලබාදෙන ලදී.ඉන් 70% ක කොටස් ඉන්දියාවට හිමිවුවත් ලකාවට ලැබෙන්නේ 30% ක් පමණි.ලාභ බෙදීයාමද මෙම ප්‍රතිශතයන්ට අනුව සිදුවේ. එය අවුරුදු 40ක් දක්වා ඉන්දියාවට භුක්ති විදිය හැක. මත්තල ගොඩනැගීම සදහා ඇ.ඩො.මි 252 වැයව තිබේ. ඉන්දියානු සමාගම ඇ.ම.ඩො.මි 325 ආයෝනය කිරීමට සුදානම්‍ ය. දැන් ඊට කැබිනට් අනුමැතියද ලබා දී අවසන්‍ ය.

මොවුන් මෙන්න අධිරාජ්‍යවාදින් ,අධිරාජ්‍යවාදීන් යැයි කෑ මොරදෙමින් ලාංකික භූමිය කොටස්කර විකුණමින් සිටියි. මෙය දෙශප්‍රෙමය වන්නේ කෙසේද? මෙම ව්‍යාපෘතිය නිර්මාණය කළේ රජපකෂ ආණ්ඩුව සමයේදිය.රාජපක්ෂ ආණ්ඩුව දැන් නැත. සිටියානම් මීට පෙර විකුණාදමා හමාරය. එයින් නඩත්තුව සදහා වු පාඩුව බිලියන 20 මුදලක් ඉතිරිකර ගැනිමට ඉඩ තිබිණි.

දැන් මත්තල ඉන්දියාවට කැමති පරිදි ක්‍රියා කරනු ඇත. චීනය හම්බන්තොට වරය මෙන්ම පෝට් සියද සිය ග්‍රහණයට නතුකරගෙන හමාරය. එහෙත් මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ඊට එරෙහිව කිසිත් නොකළේය. පොඩි පොඩි සංදර්ශන පමණක් ක්‍රියාත්මක විය. ඒවා ඡන්ද කැම්පේන් පමණි. රාජපක්ෂ තම දෙශප්‍රේමය පස්ස පැත්තසෝදා ගැනීමට ද යොදා ගැනේ,එහෙත් හම්බන්තොට වරාය. මත්තල විකිණීමේ දී ඡන්ද ගැරීමේ ව්‍යාපාරයට පමණක් යොදා ගත්තේය. මොවුන් රටේ නයකයින් නොවේ. ඔවුන් කරනුයේ රටට අවැසි දේ නොවේ. මොවුන් අධිරාජ්‍ය පතුරුවන්නන්ගේ උදව් කරුවන්‍ ය. සුවච කීකරු පෙන්වතියන්‍ ය. මහින්ද,මෛත්‍රී,රනිල් සැරින් සැරේ මොවුන් සමග යහන්ගතවෙමින් සිටියි. ඊට හුරේ දමමින් එකිනෙකා ගහමරා ගන්නා පාදඩයන් ගේ මට්ටමට ජනයාද වැටි ඇත. තම දෑත දිගුකර මොවුන්ට ආශිර්වාද කරන ජනයා තමන් කිසිත් නොකළ පරිදි වහාසි බස් දොඩති. ජනයා කිසි දිනෙක මින් ඔබ්බට නොයනු ඇත. එම නිසාම ජනයා කර පින්නාගෙන යා යුතුද නැත. එහෙත් බලන් සිටිය නොහැක. යුද විරාම අවශම නැත. ජනයා මුදවීමට ජනයා සමගම යුද්ධ කළ යුතුය. තුවක්කු බටමෙන් පෑන් තුඩ අමෝරා ගත යුතුය. මල්ටි බැරල් රොකට් ලොන්චර් නැත. එහෙත් අපිට මස් කට ඇත. ඉන් ප්‍රහාර දියත් කළ යුතුය. සම්මන්ත්‍රණ ජනහමු උන්ඩ මෙන් වැස්සක් වැසිය යුතුය. එය මේ මහා පොළොව නුහුලන අපරාධ පෙනිපෙනි නොදැක්කා සේ සිටින ඔළුගෙඩි කුළු ගෙඩි බවට පෙරලා මහා කළුගල් පර්වත අකාමකා දමන සටන ආරම්භ කළ යුතුය.



No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...