Monday, July 16, 2018

වාම දේශපාලනයේ කොටුවට නිර්ධනයින් කොටු කිරීම

ධනවාදය අතිශයෙන් අසාර්ථකය.මේ වනවිට ලෝකයේ සෑම රාජ්‍යයක්ම පාහේ ආර්ථික අර්බුදයකින් වෙලී පවති. එහේත් එය මෙතෙක් සමනය කිරීමට ධනවාදය ද අසමත්ව ඇත. ඊට විකල්පයක් ලෙස සමාජවාදය ද ගොඩනැගෙන ආකාරයක් දැකගත නොහැක. මේ වෙද්දී ජාතික රාජ්‍ය සංකල්පය ප්‍රායෝගික වශයෙන් ඉන් ඔබ්බට ගොස් ඇත. ජාතික රාජ්‍යයන් තුල පමණක් පවතින ආර්ථික ක්‍රියාවලියක් නැත. ආර්ථිකය ක්‍රියාවට නැගෙන්නේ ජාත්‍යන්තර දේශපාලනයට අනුවය. ලංකාවේ ආර්ථිකය හැසිරෙන්නේ ලාංකිය සමාජයේ අවශ්‍යතාවයට අනුව පමණක් නොවේ. ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව, චිනය මෙන්ම ඉන්දියාව,ඇමරිකාව ද ඊට බලපෑම් කරයි. ජාතික රාජ්‍ය තුල පවතින ආර්ථිකය එහිම වූ ක්‍රියාවලියක් නොවේ. දැන් ඊට තනිව කළ හැක්කක් නැත.

මේවැනි වටපිටාවක එහි පවතින දේශපාලනයද ජාතික රාජ්‍ය තුල පවතින්නක් නොවේ. ජාතික රාජ්‍ය පවතින්නේ එහි වූ නිර්ධන පාන්තිකයන් ගේ චින්තනය තුලය. නිර්ධන පන්තිය සිරවී සිටින උගුලද එයයි. නිර්ධනයන්ගේ චින්තනය තවමත් ජාතික රාජ්‍ය මට්ටමට හෝ වර්ධනය වී නැත.ඊට හේතුව  ධනේෂ්වර දේශපාලනය ජාතිවාදය දක්වා පසු බැස තිබීමය. නිර්ධනයින් ඊට කොටුවී ඇත. නිර්ධනයින් තමන්ගේ දේශපාලනය වෙනුවට අනෙකක් කරමින් සිටියි. ඔවුන්ගේ ස්ථානය ජාතික රාජ්‍ය තුල නොව ජාත්‍යන්තරය තුල පවති. එම නිසම නිර්ධනයින් තම දේශපාලනය ජාත්‍යන්තරය දක්වා අත්පත් කර ගත යුතුමය. ජාතික රාජ්‍ය තුල පමණක් වු දේශපාලනයට කළ හැකි කාර්යන් අතිශ්‍යයෙන්ම සීමා සහිතය. එහි හැසීරීම පවා තේරුම් ගැනිමට නොහැකිය. වාමාංශික දේශපාලන ප්‍රකාශයන් ජාතික රාජ්‍යට කොටුවනවිට නිර්ධනයින්ට කෙසේනම් නිර්ධන පාන්තික දේශපාලනය හදුනාගත හැකිද?

ධනපති දේශපාලනය විසින් නිර්ධනපන්තිය ජාතිවාදය සමග පැටලවා ඇත. නිර්ධන පන්තියට එම පැටලිල්ල ලිහා දීමට සිටින වාමාංශිකයෝ එය ජාතික රාජ්‍යට කොටුකර දමයි. එය ධනපතින් විසින් නිර්මාණය කරන ජාතිවාදයෙන් හෝ  වාමාංශය නිර්මාණය කරන ජාතික චින්තනයේ සීමාව අතික්ක්‍රමණය කිරිමට නිර්ධනයිට නොහැක. මෙය නිර්ධන පන්තිය ඇදවැටුණු උගුලකි. සමාජවාදය විස්වාස කරන දේශපාලනය ව්‍යාපාර බොහෝමයක් කරනුයේ ජාතික චින්තනය පොෂණය කිරීම මිස සමාජවාදයට පාර කැපීම නොවේ. එමනිසා නිර්ධන පාන්තික දේශපාලන ක්‍රියාවලියට බලයක් අත්පත් කර ගැනීමට නම් ජාතික රාජ්‍යට සිමාවේ වු දේශපාලනයෙන් අත්මිදිය යුතුය.

එසේ කිරීම සරල නොවන බව සැබෑය. ලංකාවේ පවතින වාම  දෙශපාලනට එසේ හැකියාවක් තිබේද? කවුරුත් හෝ එසේ කළොත් ලෝකයේ අනෙකුත් වාමවාදින් කුමන ප්‍රතිචාරයක් දක්වාවිද? අනෙක් ප්‍රශ්නය එසේ ගනුදෙනු කරන්නේ කුමන ව්‍යාපාරයක් සමගද යන්නයි. එහෙත් එකී දේශපාලනය නොකර යා හැකි වෙනත් මාවතක්ද නැත.

මෙය අනිවාර්ය ලෙස මුල පිරිය යුතු දේශපාලනයකි. එය මාක්ස් ආරම්භ කළ පළවෙනි ජාත්‍යන්තර , එංගල් හෝ ලෙනින් විසින් ගොඩනැගු දෙවන තෙවන ජාත්‍යන්තර නොවිය යුතුය. එසේම ඊට මග පෑදූ න්‍යායික ස්ථාවරන් ද වර්ධනය කළ යුතුය. ආරම්භය කිසීසෙත්ම ක්‍රියාකාරි මට්ටමට ගෙන ආ නොහැක. නමුත් එහි මුලික ආරම්භය න්‍යායික වර්ධනයන් ගොඩනගා ගැනීමට භාවිතා කළ හැකිය. මේ වනවිට බොහෝ පුද්ගලයින් සංවිධාන ජාතික  මට්ටමින් හුදකලාව මෙය සිදුකරමින් පවති. බොහෝ අයට වර්තමාන නව ලිබරල් ආර්ථික සැකැස්ම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබද හොද වැටහීමක් ඇත. නමුත් ඊට ප්‍රතිප්‍රහාර දියත්වන්නේ ජතික රාජ්‍ය සීමාව තුල පමණක් නිසාවෙන් පෙරලා එම දේශපාලනය අක්‍රිය මට්ටමට පත්වේ. නව ලිබරල් ආර්ථිකය ලංකාවේ සේම ලෝකයේ බොහෝ රටවලද සමාන ලක්ෂණ පෙන්නුන් කරයි. යම් යම් අසමාන තා පැවතියද පංතියක් ලෙස මුහුණ දෙන්නේ එකම ගැටළු වලට ය. එම නිසා ආරම්භයක් ලෙස අනෙක් රටවල වාමාංශික දේශපාලන පක්ෂ සමග සංවාදයක් ආරම්භ කළ යුතුය.

අධ්‍යාපනය ,සෞක්‍ය , පරිසරය , සංස්කෘතිය ,ආර්ථිකය හා දේශපාලනය පකෂවල සංවිධාන කර්යේ සීමාවන් පිළිබඳව වු ගැඹුරු සංවාදයක් අවශ්‍යව තිබේ. එවැනි සංවාදයක් ලෝක වාම ව්‍යාපාරය නව ගුණයක් අත්පත් කරනු නොවනු මානය. එයින් නව දේශපාලන මාවතක් විවර වනු ඇත. එය පවතින සාම්ප්‍රධායික දෙශපාලන පක්ෂ වලට පවා නව අරුතක් ලගාවනු ඇත. එයින් ජාතික රාජ්‍යයට හුදකලා නොවු සංවිධනය වීමේ නව හා වඩා දියුණු ක්‍රමයක් අත්පත් කර ගැනීමට හැකිය.

මේවා එක්සත් ක්‍රියාමාර්ගයන් බව අමතක නොකළ යුතුය.එසේම ඉන් ජාතික රාජ්‍ය සීමාවේ වාම දේශපාලන පක්ෂයකට පවතින කාර්ය අවතක්සේරු කිරීමක් හෝ එවායේ කාර්ය අහෝසි වී ඇතැයි ප්‍රකාශ කරනවා නොව. මේම අවධාරණය විප්ලවය සදහා එය ප්‍රමාණවත් නොවන බව පමණි. දැනට තිබෙන සංවිධාන ආකෘති ඉක්මවා ගිය සංවිධාන ව්‍යුහකට අප ඇතුල්විය යුතුය. එහි පක්ෂ මෙන්ම සංවිධාන රාශියක් අන්තර්ගතවිය හැකිය. එමනිසා එය එක්සත් ක්‍රියාමාර්ගයක් වනු ඇත. එසේම ඊට ස්වාධින පැවැත්මක් හා විප්ලවීය මාවතක් ගොඩනැගිය යුතුය.

මෙය අද දවසේ  විප්ලවය සදහා වන වාමාංශික ව්‍යාපාරයන් හි කාර්ය භාරය වනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...