Sunday, July 8, 2018

රැකියා විරහිතයින් ගේ ගැටළුවට තිත තැබීමට නම්.

... 

.
උපාධිධාරින්ට රැකියා ලබා ගැනිම සදහා සිදුකළ අරගලය හේතුවෙන් ආණ්ඩුව රැකියා දෙන බවට පොරොන්දු වී ඇත. එහෙත් එය රැකියා විරහිතයන්ගේ උද්ඝෝෂණ තාවකාලිකව නවතා දැමීමට ආණ්ඩුව කරන උපක්‍රමයක්ද යන්න පැහැදිළි නැත.තවත් විටෙක ආණ්ඩුව බාහිර උපාධිධාරින් හා අභ්‍යන්තර උපාධිධාරින්ට කෙටවිමෙන් උද්ඝෝෂණ නවතා දැමීමට කල්පනා කරයි.

උද්ඝෝෂණ ක්‍රියාවලිය අතරමග නැවතිමට ආණ්ඩුව ගෙන ආ පළමු සම්මුඛ පරීක්ෂණය අසමත්විය. එයින් ආණඩුව ඇති පදම් ඇණගත්තද නැවත සම්මුඛ පරීක්ෂණ කැදවන්නේ කුමටද? කැදවු සම්මුඛ පරීක්ෂණයෙන් රැකියා ලබාදිය නොහැකිද? උපාධි සහතිකයට මුකික සුදුසු කම වන්නේ උසස් පෙළ අසමත් නිසා නොව උසස් පෙළ සමත් වු නිසාය. එහෙත් කිරි ඇල්ල ඇමති තුමාට රැකියා දීමේදී මේ කිසිවක් අදාළවුයේ නැත. ඔහු තම හිතවතුන්ට ඇති පදම් සැලකුවේය. එහෙත් රැකියා විරහිතයින් ලක්ෂ ගණන් අතරමන් කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. විටෙක කිසිදු හිරිකිතයක් නැතිවම උපාධිධාරින් රස්තියාදු කරන්නේය. තවත් විටෙක ආණ්ඩුවේ ඇමතිවරු කුණු කතා කියති. මේ දස වදය ලබාදෙන්නේ වසරක පුහුණු කාලයකට බදවා ගැනිමටය. එය රැකියාවක් නොව රැකියාවට සුදුසුකම් පිරීමේ වසරයි.ඇත්තෙම්ම මේ සියල්ල අප්‍රසන්න විහිළු ය. ආණ්ඩුව සෙල්ලම් කරනුයේ මිනිස් ජීවත සමගද යන්න පිළිබඳව වගේ වගක් නැත. ඔවුන් උපාධිධාරින්ගේ ප්‍රශ්න තම දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගැනිමට මාන බලති.

උපාධිධාරින්ගේ කොදුකඩා මෛත්‍රී ගේ ලිස්ට් එකෙන් රැකියා කිහිපයක් දීමට ආණ්ඩුවේ අෂාව  වේ. ඊට රැකියා විරහිත උපාධිධාරි සංගමය හරස් කපමින් සිටියි. සියලු දෙනාට රැකියා ලබාදිමට ආණ්ඩුව කෙසේවත් සිතන්නේ නැත. එම නිසා එම සිතුවිල්ල ජනිත කරවීමටද රැකියා විරහිතයන්ට සිදුව ඇත.

තිබු දහසක් අර්බුද එලෙසින්ම නැතත් අර්බුද සියල්ල විසදී නැත. ඊට පිළිතුරු දියයුත්තේ ආණ්ඩුවයි. එමනිසා අරගලය තවත් මුහහත් නොකොට අවසාන ඉළක්කය වෙත ලගාවිය නොහැක. ආණ්ඩුව රැකියා විරහිතයින් දුර්වන වන ඕනෑම අවස්ථාවක ප්‍රශ්නෙන් පැන යනු ඇත. එමනිසා සිටියාට වඩා දහස් ගුණයකින් ශක්ති සම්පන්න විය යුතුය. එසේ නොවුනොත් ආණ්ඩුව පැලැස්තර විසදුම් ලබා දෙනු ඇත. නැත්නම් කල්මැරීමට තවත් උපක්‍රම සොයා ගනු ඇත. එම නිසා රැකියා අපේක්ෂිත සියල්ලන්ම එකට ගොනු කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වනු ඇත. එය උතුරට නැගෙනහිරට දකුණට සීමා විය යුතු නැත. ඊට එකදු පුද්ගලයෙකු නෑර සංවිධානය කිරීම වැදගත් ය. එය කවුරුත් හෝ සිදුකරනවාට වඩා තමන්ගේ වගකිමක් කර ගන්නේ නම් සාර්ථක වනු ඇත.

එහෙත් රැකියා විරහිත උපාධිධාරි සංගමය ප්‍රාදේශීය මට්ටම්න් තම සංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එය මේම අර්බුදයට ප්‍රමාණවත් නොවුවත් එසේ සිදුකිරීමට ගන්නා උත්සහයට සහය විය යුතුය. උපාධිධාරින්ට  සියල්ලම දහසක් ප්‍රශ්න ගොඩ ගැසී ඇත. ඊට පිළිතුරු අවශ්‍ය ය. ඒ සදහා රැකියා විරහිත උපාධිධාරි සංගමය හමුවීම හොදය. නමුත් මේ වනවිට විවිධ සංවිධන පුදගලයන්ගේ මැදිහත් වීම මත අර්බුදය පළල් වන නිසාම අර්බුදය උත්සන්න වන නිසාම මිට වඩා ජවයක් අත්පත් කරගැනීමට සිතිය යුතුය. එය ජයග්‍රානයේ මාවත වනු ඇත. නැත්නම් සියලු දෙනාට හුදකලාවේ නිවසට ගාල්විය හැක.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...