Sunday, July 8, 2018

ශිෂ්‍ය ව්‍යාපාරයට පෙසප අවශ්‍ය ද?


විශ්වවිද්‍යාල දේශපාලනය පිළිබඳව සාකච්ඡා කොතෙකුත් අසන්නට දකින්නට ලැබෙනවා. එහි ක්‍රියාකරීතවය පවතිනුයේ වාමාංශික දෙශපාලනය මතය. වාමාංශික දෙශපාලනයට රටේ කිසිම තැනක නොමැති සක්‍රියතාවයක් විශ්වවිද්‍යාල තුල පවතිනවා. ඊට මුලික හේතුව වන්නේ ප්‍රධාන පක්ෂ නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය විකිණිය යුතුය යන ස්ථාවරයේ සිටින නිසාත් වාමාංශික ව්‍යාපාර නිදහස් අධ්‍යාපනය දිනාගත යුතුය යන ස්ථාවරයේ සිටින නිසාය. මේවන විට රට තුල වාමාංශික රැඩිකල් කණ්ඩායමක් වන පෙසප ශිෂ්‍ය ව්‍යාපාරයට වැඩි බලපෑමක් කිරීමට හැකිව තිබේ.එසේම නැවත ජනතා විමුති පෙරමුණේ දෙශපාලනයද යම් ක්‍රියා කාරිත්වයක් දැකගත හැකිය. එසේම ජවිපේ දේශපාලනයද ශිෂ්‍ය ව්‍යාපාරයට බලපෑම් කරමින් සිටියි. එය එසේ සිදුවන්නේ ජවිපේ දෙශපාලනය, නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුය යන ස්ථාවරයෙන්  ඉවත්ව සිටින මොහොතක වීම විශේෂත්වයකි. ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය  දෙස බලන විට ජවිපෙට නිදහස් අධ්‍යාපනය සමග බොහෝ ලග සබදතාවයක් පැවතියේය. එහෙත් ජවිපේ නව වෙනස්කම් සහිතව කොතෙක් දුරට එය ශිෂ්‍ය ව්‍යාපාරය සමග බද්ධ විය හැකිදැයි සොයා බලමින් සිටියි.

ජවිපේ 70 දශකයේ අග සිට 2011 දක්වා කාලය තුල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙනු ලැබුවේ ජවිපේ විසිණි. එහෙත් ජවිපෙන් පෙසප වෙන්වයාමත් සමග ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ජවිපෙන් ගිලිහි ගියේය. එය සිදුවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය විසින්  ක්‍රියාකාරිව ජවිපේ දේශපාලනයට එරෙහි විමෙන් නොවේ. එය ජවිපේ අභ්‍යන්තරිකව සිදුව ගැටුමේ ප්‍රතිඵලයක් පමණි. සරලව කියතොත් ඉතිහාසය පුරාවට ජවිපෙට ශිෂ්‍ය ව්‍යාපාරය තුල තබා තිබු සුජාත භාවයට හානිපැමිණීමකින් තොරව බලය අහිමිවිමය. පෙසප හා අනෙකුත් දේශපාලන කණ්ඩායම් රැඩිකල් උවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමග ගනුදෙනුවේදි ජවිපේ නිර්මාණය කළ සංස්කෘතිය අභිබවා යාමට අපෝහොසත් විය. විශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පෙසප දෙශපාලනය යනු ජවිපේ අනුකොටසක් මිස එය ජවිපෙට වඩා ප්‍රබල සාධකයක් නොවේ. එය පෙරලා පෙසප  දෙශපාලන ක්‍රියාවලියට තදිම්ම බලපා තිබේ
.

ජවිපේ සිදුව තිබෙන වෙනස විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දෛනික දෙශපාලනයට සම්බදවිමේ ක්‍රමයක් පසුගිය කාලයේ පැවතියේ නැත. එය විශ්වවිද්‍යාල තුලට ශිෂ්‍ය නායකයින් ගෙන ඒමට උත්සහ කළත් ජවිපෙන් ඊට ඉඩ ලබාදුන්නේ නැත. විශ්වවිද්‍යාල තුල පැවති සෑම සංවාදයකට පාහේ ජවිපේ ද්ව්තීක නායකයින් පමණක් සම්බන්ධ කිරීමට වගබලා ගත්තේය. සංවාදයට පැමිණි ද්විතීයික නායකයින් ද අධ්‍යාපනය සම්බන්ධව තම ස්ථාවරය නිරවුල්ව ඉදිරිපත් කිරීමට සමත්වුවෝ නෝවීය. සමහරවිට ඔවුන්ට ද එම වෙනස පිළිබදව වැටහිමක් නොතිබුණා විය හැකිය. එවිට සංවාදය ගොඩනැගෙන්නේ ජවිපේ සාධකයකට වඩා අසාර්ථක කතිකයෙක් යන්න මුලික කරගනිමින්‍ ය. නමුත් ජවිපේ නායක අනුර දිසානායක හෝ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැමිණියේ නම් විශ්වවිද්‍යාල දෙශපාලනය යම් වෙනසක් අත්පත් කරගැනීමට හැකීය.

අනෙක් කාරණය 2012 වනවිට ශිෂ්‍ය ව්‍යාපාරයේ මුලික සටන් පාඨය වෙනස් විය. ජවිපේ ප්‍රතිපත්තිය කුමක් උවද ඔවුන්ගේ මැයි දිනයට එය යොදා ගත්තේය. දැන් ශිෂ්‍යයින් ගේ ව්‍යවහාරයට ජවිපේ දෙශපාලනය නතුවිමට ඉඩක් නොමැත. එසේම මෑතකදී ශිෂ්‍ය ව්‍යාපාර ගෙන එන ලද සියලු සටන්පාඨ සමග ජවිපේ සිට ගත්තේය. ඊට අභියෝග කිරීමට ඉදිරිපත් නොවීය. සයිටම් සටනට ජවිපේ ඔළුව දමා ගැනීමට පෙර සටන්පාඨ පිළිබඳව මැසිවිලි නැගුවද ඒවා නිශ්චිතව කියු ඒවා නොවීය. එසේම ඊට සංවාදයක් ගැනිමට තිබු ඉඩද හමාරකරමින් කිසිදු විග්‍රහයකින් තොරව සයිටම් වේදිකාවට ගොඩවූවේය.

ජවිපේ හැකී සෑම අවස්ථාවකදීම සමාජවාදි ශිෂ්‍ය සංගමය කරලියට ගෙනාවේය. ඒ සියලු අවස්ථාවලදී අධ්‍යාපනය පිළිබද මතය සාකච්ඡා නොකිරීමට වගබලා ගත්තේය. පොත් රස වින්දන, චිත්‍ර පට රසවින්දන හා ශිෂ්‍ය වීර දිනය යන මාතෘකා වලින් බහුජන දේශපාලනයට ප්‍රවේෂ විය. පෙසපක්‍රියාක්කාරීන්ට එවැනි දෙශපාලනයක් තුල ජවිපෙට ගොඩනැගිය හැකි විවේඡනයක් නැත.එහෙත් ජවිපේ ඊලග ප්‍රවේෂය ලෙස නැවත විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනය වෙනුවට ශිෂ්‍ය දෙශපාලනය කළ යුතුය යන ගෝත්ත්‍රික සටන්පාඨ ඉදිරියට ගෙන ආවේය.
එහෙත් ඊට පෙසපට  එරෙහිවීමට තරම් මතවාදීමය ශක්තියක් නොවීය. එය සයිටම් සටන පුරාවටම හා සෑම සටනක් තුලම දැකගත හැකිවිය. සත්‍යය වන්නේ ජවිපෙට සමාන සංස්කෘතියක් සහිත ශිෂ්‍යයින්ට පෙසප නායකත්වය දීමට යාමත් ඉන් පෙසප විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් ඈතට විසිවයාමට ආරම්භ වීමත්ය. එය වර්ධනය වන්නේ කිසිදු විද්‍යානුකුල ගවේෂණයකින් තොරව නවකවදයට තිත තැබීමට යාමත් සමගය. ජවිපේ විශ්වවිද්‍යාල සංස්කෘතිය රැක ගැනීමේ දේවතාවා බවට පත්විය.පෙසපේ මෙම වැඩ පළිවෙළ සෑම විශ්වවිද්‍යාලයකම පාහේ හොද හැටි ඇණගත් වැඩ පිළිවෙළක් වුවේය. ඊට පක්ෂ වුයේ ශිෂ්‍යයින් සුළු ප්‍රමාණයක් පමණි. නවකවද විරෝධය , සංස්කෘතික විනාශයක් ලෙස අර්ථ ගැන්විණි. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට එවැනි හැරවුමක් අත්පත් නොකරගන්නේනම් ඉදිරි ගමන තිරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙනු ඇත. එහෙත් එය ජවිපේ අදාළ නැත.

ඉන් අනතුරුව එළඹියේ විප්ලවවාදි ශිෂ්‍ය සංගමය වටා රොක්වු පිරිසගේ දේශපාලන ආතතිය මුදා හැරීමේ ක්‍රියාවලියයි. ජවිපෙට සමාජයේ බහුජන බලවේගයක් තිබුණද පෙසපට එවැනි එකක් නැත. එමනිසාම විප්ලවවාදි ශිෂ්‍ය සංගමය හා ජවිපේ බහුජන ව්‍යාපාරය හුදකලා සටනකට ප්‍රවේෂවිය. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් දුරස් වූ නරි නාටයක් බවට පත්විය. මෙම පිරිස අඩු අද්දැකිම් ලද උවන් නිසාම ජවිපේ ඉන් මහර්ග ඵල අත්පත් කරගත්තේය. වාම ව්‍යාපාරයක පැවතිය යුතු සංවාද වෙනුවට කුණු බක්කි ඇවිස්සීම ආරම්භ විය. එය සංස්කෘතිය වු කල්හි පෙසපට තම නව අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට තිබෙන මාර්ගය ඇහැරී ගියේය. එසේවන කල්හි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට  දෙශපාලන පක්ෂ අප්‍රසන්න වීම වැලක්විය නොහැකිය. නමුත් පෙසපට වඩා එහි ජවිපෙට ක්‍රිඩා කළ හැකිය. ඒ ඔවුන් ඉදිරිපත් කරන ශිෂ්‍ය දෙශපාලනය හරහාය. එය නිශිචිතවම ජය ගැනීමට හැකි ක්‍රියාදාමයකි. දැන් පෙසප සියල්ල අන්තෝජටා බහීජටා වී පෙනෙන්නේය. එහෙත් සිදුවන්නේ ජවිපේ අයෙක් ජවිපේ නොවන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය තුල හැසිරීමයි. ඉන් අනෙකුත් සියලු මතයන්ට තිත තැබිය හැකිබව ජවිපේ දැනසිටියි. එහිදී අඩුම තරමින් දැනට තිබෙන් ජවිපේ පෙසප කුණු බකට් සංවාදය ද නවතිනු ඇත.

එහෙත් ජවිපේ සිහිනය පවතින්නේ ඔවුන්ගේ දේශපාලනය හෙලිවන තෙක්ය යනුවෙන් සිතා නිදහස්ව සිටිමට පෙසපට නොහැක. ජවිපේ  එය කිසිදා හෙලි නොකරනු ඇත.පාර්ලිමේන්තුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමේ අවස්ථාවක් උදාවුවේ නම් ,ජවිපේ  ඡන්දය ලබා දී නැත්නම්   දැවැන්ත සටනක් මෙන් ව්‍යාජ සටනක් නිර්මාණය කොට පර්ලිමේන්තුවේ දී ඊට එරෙහිව ඡන්දය නොදි සිටිය හැකිය. ඒ සියල්ල කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉදිරියේ නිදහස් අධ්‍යාපනය දිනේවා. ශිෂ්‍ය විරුවෝ දිනේවා ලෙස ප්‍රකාශ කළ හැකිය. එම නිසා මෙම ව්‍යාපෘතිය පරාජය කරනවාද නැද්ද යන්න පෙසප තීරණය කළ හැකිය. ජවිපේ ශිෂ්‍ය ව්‍යාපරයේ බලය අත්පත්විමෙන් පෙසපට වාසි සහගත වන්නේ එක් කරුණකදී පමණි. එනම් මේ සියල්ල කළේ ජවිපේ යන්න ප්‍රකාශ කර බේරීයාම සදහා පමණි.

දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ට මෙන්ම සමාජයට  නිදහස් අධ්‍යාපනයේ අවසන් ගමන සිදුවන වේගය කොපමණද යන්න බලා සිටීමට හැකිය. එය  කෙටිකලකදී සිදුවිය හැකිය. එවිට ශිෂ්‍ය ව්‍යාපාරයට අත්විය යුතු ඉරණම පිළිබදව අමුතුවෙන් කිවයුතු නැත. නිදහස් අධ්‍යාපනයට වඩා යම් ආකාරයකින් පුද්ගලික අංශයටද ඉඩ ලබා දෙමින් යා යුතුය යන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ මතය වීමට ඉඩ ඇත. එවිට ශිෂ්‍ය ව්‍යාපාරය පවතින්නේ ජාතික තලයේ දෙශපාලනයේ නොව විශ්වවිද්‍යාල අභ්‍යන්තර දෙශපාලනය තුලය. එය නිකම් අර්ධ මරණයකට ඇද වැටි  ජවිපේ තවත් වහලෙකුගේ මට්ටමට පත්වනු ඇත.

ශිෂ්‍ය ව්‍යාපාරය මෙතනට නොවැටි බේරා ගැනීමට පහසුම මාර්ගය  පෙසප ය. ඒ ඔවුන් නිවැරදි නිසා නොව නිදහස් අධ්‍යාපනය දිනාගැනීම වෙුවෙන් පෙනිසිටින නිසාවෙනි. ශිෂ්‍ය ව්‍යාපාරය තුල සිදුවිය යුතු තවත් බොහෝ වෙනස්කම් ඇතත් ඒ කිසිවෙක් මින් මතු අත්කර ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා ඉන් ශිෂ්‍ය ව්‍යාපාරය ගලවා ගැනීමට නම් පෙසපේ ශිෂ්‍ය අංශය වන විප්ලවවාදි ශිෂ්‍ය සංගමය ප්‍රරසිද්ධ දෙශපාලනයට පැමිණිය යුතුය. අභියෝගය කොපමණ විශාල උවද විශ්වවිද්‍යාල තුල විප්ලවාදි ශිෂ්‍ය සංගමය තම මතය ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් නව දියුණු සංස්කෘතික හැඩයක් අත්පත් කරගත යුතුය. එය එසේ වන්නේ නම් පමණක් නිදහස් අධ්‍යාපනය රැකෙනු ඇත. එසේම ජවිපෙට විශ්වවිද්‍යාල තුල සිටිය හැක. නැත්නම් අධ්‍යාපනයේ මලගම සමගම පෙසප විශ්වවිද්‍යාලයෙන් එළියට ඇද වැටෙනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...