රටේ ආර්ථිකයක යහපතක් නැත. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 2.4% දක්වා පහත වැටි ඇත. එසේම ලබන වසර තුල ගෙවීමට තිබෙන ණය වාරිකය මෙම වසරට වඩා වැඩිය. ණය ගෙවිමට තිබෙන ප්‍රමාණය ගිය වසරට සාපේක්ෂව 12%ක් වැඩිවිමකි.මේම තත්ත්වය නිසාත් පසුගිය කාලය පුරාවට පැවති වැඩවර්ජන වලට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කලහොත් රටේ තත්ත්වය තවත් භයානක වනු ඇත.
දැනටමත් ආණ්ඩුව රජ්‍ය ආයතනවල වියදම් 10%කින් කපාහරින ලෙසට නියෝග කොට තිබේ. මේ තත්වය ඇතුලේ ඉදිරියේදි සීග්‍රයෙන් භාණ්ඩ මිල ඉහල යාම වැලැක්විය නොහැක. සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන්වන මුදල්තව තවත් කපා දම්නු ඇත.
එසේම දැනටමත් ස්ථිර කළයුතු එහෙත් එය එසේ නොකොට කල්මරමින් සිටින ප්‍රශ්නක් ඇත. ඊට එහි වගකිව යුත්තෝ හා ගොදුරු වන්නෝද පෙනි නොසිටියි. ඒ පුහුණුවට බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රශ්නයයි. ඔවුන් ත්වමත් ඉථිර කර නැත. ආණ්ඩුව ඊට කල්මරමින් නොයෙක් හේතු ප්‍රකාශ කරයි. ඇත්තෙන්ම සත්‍ය හේතුව වන්නේ ඔවුන් අභ්‍යාසලාභීන් ලෙස තවදුරටත් ප්වත්වා ගැනීමේ උවමාවයි. අභ්‍යාසලාභහීන් ස්ථිර නොවන නිසා ඔවුන් උද්ඝොසණ වල නියැලෙන්නෙ නැති බව ආණ්ඩුව දනි. එසේම බොහො වෘත්තීය සමිති මේ ප්‍රශ්නයෙන් කර ඇර සිටින බව ද ආණ්ඩුව දනි. එම නිසාම 2018 බදවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට නොයේක් හේතු කියම්න් කල් අරිම විලාසිතාවන් කරගෙන තිබේ. මොකද ආණ්ඩුවට මේ වෙලාවේ ස්ථිර කිරීමට තිබෙන ලොකුම බදවා ලෙස දක්වන්නේ කාර්‍ය මණ්ඩල හිග කමය.එය බොරුවකි.මොකද ආණ්ඩුව ඊට වඩා දේවල් කරන ආකාරය අප දැක තිබේ. නමුත් උපාධිධාරීන් ගේ රැකියා ගැටළුවලට පමණක් ළමා කතා කියමින් තිබේ. 2019 අභ්‍යාසලාභීන් ස්තීර කාරනුයේ ඔවුන්ගේ පුහුණුකාලය වසර එකහමාරක් හෝ ඊට වැඩිකාලයක් ගිය පසුවය. මෙය 2019 බදවා ගත් පිරිස ස්තීර කිරීම හෝ නොකිරීම කෙසේ සිදුකරයිද යන්න ගැටළුවක්ව තිබේ.
ආණ්ඩුව ඡන්දෙට පෙර 16800ක් පුහුණුවට ගත්බව සැබෑය. ඒ ඡන්දයට පෙර උද්ඝොසණ අඩුකර ගැනිමටත් ඡන්ද වැඩිකර ගැනීම සදහාය. එහෙත් එය ලබන වසර වනවිට රැකියා ලබාදීම වෙනුවට පුහුණුවට ගත් පිරිසට එයද අහිමි කිරීමට ඉඩ තිබෙන බව කිව යුතුය. ආණ්ඩුවේ ගණන්බැලීම අනුව 2019 බදවාගත් පිරිස අවම වශයෙන් වසර දෙකක් හෝ ස්ථිර නොකොට තබාගත යුතුය. ඊට අවශ්‍ය මුලික වැඩ කටයුතු ආණ්ඩුව සිදුර තිබේ. එමනිසා තමන්ගේ රැකියාව ස්තීරකර ගැනීමට පුහුණුවේ සිටින උපාධිධාරීන් මහන්සි විය යුතුය.එසේ නොවනකල්හි උපාධිධාරීන්ට නැවත මහපාරේ සිටීමට සිදුවනු ඇත.ඒ නිසම කල්වෙලා ඇතුව සංවර්ධන නිලධාරි තනතුර ස්තීර කර ගැනමට වැර වෑයම් කළයුතුය.
දැන් ආණ්ඩුව ආර්ථික අර්බුදය පහත මාලයේ කම්කරුවන්ගේ ගොවියන්ගේ ධිවරයන්ගේ පිට පැටවීමට තිරණය කර ඇත. මෙම තිරණය අනුව උපාධිධාරීන් අභ්‍යාසලාභීන් පමණක් නොව පහත මාලයේ සෑම අයෙක්ම පිඩාවට පත්වනු ඇත. එහෙත් ඊට වෙනත් විකල්පයක්ද ඇත. ආර්ථිකයේ වැඩි පංගුවක් අත්පත් කරගෙන සිටින්නෝ මේ සදහා වගකිව යුතුය. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව කළ කී දෑ බොහෝය. ඒ නිර්ධනයන්ගේ බදු මුදලින්ය. ගත් ණය වැය කළේ ඔවුන් සදහාය. පෝට්සිටි,නෙළුම් කුළුණ,අධිවේගී මාර්ග තැනුවේ ඔවුන් සදහාය. එහෙත් ආණ්ඩුව බර දරන්නට කියන්නේ පහත මාලයේ පීඩිතයන්ටය. ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්තියට එරෙහිවි විමට අභ්‍යාසලාභීන් මෙන්ම අනෙකුත් බලවේගයෙන් මැදිහත් විය යුතුය. එසේ නොවුණොත් පහත මාලයේ සියලු බලවේගවල අධ්‍යාපන ,සෞඛ්‍ය ,ප්‍රවාහන හා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහිමිවීම කිරීමද කරනු ඇත. එම නිසා ඊට වහා මැදිහත්ව කඅරගලයට පණ පෙවිම අත්ත්‍යව්‍යවනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment