උපාධිධාරීන් රැකියා ඉල්ලා හඩ නැගූවාර අනන්තය. අවසානයේ ආණ්ඩුව උපාධිධාරීන් කොටසක් පුහුණුවට බදවා ගනු ලැබිය. 2018 වර්ෂයේදී 3600 පමණ හා 2019 වර්ෂයේදී පළමුව 16800 ක් හා එම බදවා ගැනිමේ පුරප්පාඩු සදහා 6000ක ප්‍රමාණයක් පුහුණුවට බදවා ගනු ලැබීය. එහෙත් එම බදවා ගැනීම උපාධිධාරීන් ගේ ගැටළුවලට සහනයක් වනවා වෙනුවට වේදනාවක් අත්පත් කර දුන්නේය.
වේදනාවට පිළියම් සෙවු උපාධිධාරීන්
පුහුණුවට ගත් උපාධිධාරීන්ට නිශ්චිත පුහුණුවක් නොවීය. උපාධිධාරීන්ට සිදුවුයේ අනුයුක්ත කළ ආයතනවල කලක් සිට කරගැනීමට නොහැකිි වු වැඩ භාරදිමය. තවත් තැන්වල ලියුම් කැඩීම, ඇමිණීම, ඩේස්ටෑම් ගැසීම වැනි දේ බාර දී තිබිණි. මෙම පුහුණුව පුහුණුවක් නොව කඩේ යැවීමකි. පුහුණුවට අදාළව නිශ්චිත ක්‍රියාපටිපාටියක් නැත. කළ යුතු නොකළ යුතු කිසිත් නැත. පුහුණුවට අදාළව කිසිදු උපදේශයක් ආයතන ප්‍රධානින්ට ලැබි නැත. ආයතන ප්‍රධානින් කරනුයේ තමන්ගේ කටයුතු පහසුකර ගැනීමට පුහුණුවට ගත් උපාධිධාරීන් යොදවා ගැනීම පමණය.
මේ පිළිබදව ඇහුම්කං දීමට කිසිවෙක් සිටියේ නැත. සංවර්ධන නිලධාරි තනතුරට අදාළ වෘත්තීය සමිති ද මේ පිළිබදව කිසිදු වචනයක් පිට නොකරන්නේය. ඒවැනි අවස්ථාවක උපාධිධාරීන් එම වෘත්තීය සමිති සොයා ගොස් මෙම ගැටළුවලට කරන්නේ කුමක්දැයි අසා සිටියේය. ඔවුන් ඊට සිනා සුනා මිස පිළිතුරක් සේවීමට ඉදිරිපත් නොවීය.
සේවය ස්ථීර කර ගැනීම අර්බුදයක.
වසරක පුහුණු කාලයක් සදහා බදවාගත් උපාධිධාරීන් වසර අවසානයේ ස්ථීර කළ යුතුය. එහෙත් 2018 බදවාගත් උපාධිධාරීන් තවමත් ස්ථිර කොට නැත. ඊට ද වෘත්තීය සමිති කිසිත් නොකියා ඔහේ බලා සිටින්නේය. නමුත් කෙසේ හෝ මෙම ගැටළුවට පිළිතුරු සොයාගත යුතු නිසා උපාධිධාරීන් හැකි සෑම උත්සහයකම නිරත විය. ඒ අනුව
සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයට බදවා ගන්නා ඕනෑම අයෙක් දින 180ක් ගතවු පසු ස්ථීර කළ යුතුය යන්න අප දැන ගතිමු. මේ පිළිබදවත් වෘත්තීය සමිති දැනුවත් කළ ද පලක් වුයේ නැත.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය
අවසානයේ දි අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට ඇහුම්කම් දෙන වෘත්තීය සමිතියක් හමුවිය. එය උපාධිධාරීන්ට තමන්ගේ ගැටළු කතා කිරීමට කැබුණු මහගු අවස්ථාවක් විය. අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනෙක් හා ඒකාබද්ද සංවර්ධන නිලධාරින්ගේ සංගමය අතර පැවති සාකච්චාවට අනුව දැනට බදවා ගෙන සිටින උපාධිධාරීන් සමග සාකච්චා කිරීමට තීරණය වන්නේ ඒ අනුවය.
ආයතන කිහිපයක අභ්‍යාසලාභී උපාධිධාරීන් සමග කල සාකචාවේදි ඉතාම සෝචනීය තත්වයකට උපාධිධාරීන් පත්ව තිබෙන බව අනාවරණය විය. එය මීට පෙර රාජ්‍ය සේවයට බදවාගත් කිසිදු වෘත්තීයක් අත්නොවිදින අන්දමේ කේදනීය ඉරනමකට මුහුණ දෙමින් සිටින බව දැකගත හැකිවිය. ඒ අනුව ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය අභ්‍යාසලාභී උපාධිධාරීන් සමග අමාත්‍යාංශය සමග සාකච්චා කිරීමට තීරණය කෙරීණි.
අමාත්‍යාංශය සමග කළ සාකච්චාව
2019 සැප් 04 දින ආර්ථිකය කටයුතු අමාත්‍යාංශ්‍ය ලේකම් සමග එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය සාකච්චාවක් සිදු කළේය. ඊට එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ සහොදරයා හා අභ්‍යාසලාභී උපාධිධාරීන් හය දෙනෙක් ඊට සහභාගි විය.
මෙම සාකච්චාවේදී ඉල්ලු ඉල්ලීම් සමහර ආයතනවල ක්‍රියාත්මක විය. එසේම සමහර ආයතන වල අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය. සමහර ආයතන කිසිත් කිරීමට එකගව සිටියේ නැත. එවැනි වටපිටාවක බොහෝ ඉල්ලීම් සාකච්චාවට ගැනුනි. ඉන් කිහිපයක් දිනා ගැනීමටද හැකිවිය.
01. 2018 බදවාගත් හා දැනට ස්තීර නොකළ සියළුම අභ්‍යාසලාභීන් සැප් 01 දිනට ඉථිර කිරීමටත් ඊට අදාළ ලිපිය මාස දෙකක් යාමට පෙර ලබාදීමට එකග විය.
02. 2018 දි බදවාගත් උපාධිධාරීනියන්ට ප්‍රසූත නිවාඩු ලබා ගත හැකිවිය.
03. මාස 9ක් සේවය සිටි අයට දුම්රිය ගමන් ප්‍රවේශපත්‍ර හිමිකම ලබා ගැනීම.
04. කිරිපැය ලබාගත හැකිය.
05. අතිකාල දීමනා හිමිය.
06. දුම්රිය ප්‍රමාදන් හිමිය.
2019 බදවා ගනු ලැබුවන්ට අදාළව
01. මෙහිදි ප්‍රධාන වශයෙන් සාකච්චා කළේ මාස 06 නොහොත් දින 180න් ස්ථිර කිරීම සම්බන්ධවය. එහිදී එකාබද්ධ උපාධිධාරී සංගමය අවධාරණය කලේ, පළමු හා දෙවෙනි සංවර්ධන නිලධාරින් බදවා ගනු ලැබුවේ දින 180 කට උවත් දැන් එය වසරකට බදවා ගැනීම නිවරදි නොවන බවය. ඊට අමාත්‍යාංශය කියා සිටියේ විවිධ අවස්තාවල ආණ්ඩුව ප්‍රතිපත්තිමය ලෙස එවැනි තීරණ ගනු ලබන බවත් එහිදි මෙම ගැටළුව සාකච්චා කළ යුතුව තිබු බවය.
ඊට පිළිතුරු ලෙස එකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය ප්‍රකාශකර සිටියේ, ආණ්ඩුව එවැනි තීරණ ගත්තද එම අවස්ථාවේ දී සංවර්ධන නිලධාරින් නියෝජනය කළ වෘත්තීය සමිති ඒ ගැන කතා නොකලද සේවා ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය අංශයට බදවා ගනු ලැබුවන් දින 180කට පසු ස්ථීර කළ යුතු නිසා වසරක් ගතවන තෙක් නොසිට 2019 බදවා ගත් සියලු උපාධිධාරීන් ස්ථිර කරන ලෙසය.
ඊට අමාත්‍යාංශය කියා සිටියේ, එය ආණ්ඩුව ගත යුතු තිරණයක් වන නිසා ඊට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවය. කෙසේ වෙතත් එය ආණ්ඩුවේ අවධාරණයට යොමු කරන බවට පොරොන්දු විය.
02. බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ගේ නිවාඩු පිළිබදව සාකච්චා කළ විට බොහො ආයතන නිවාඩු නොදි සිටිමටත් සමහර ආයතන මෙඩිකල් ඉල්ලා සිටින බවත් එසේ නොමැතිව මාසයට ලබාදෙන නිවාඩු දෙක ලබාදිය යුතු බව අවධාරණය කළ පසු අමාත්‍යාංශය ඊට එකග විය.
සමහර වෘත්තීය සමිති මෙවැනි ගැටළු සදහා වෘත්තීය ක්‍රියාමාර්ග ගනි. එහෙත් සංවර්ධන නිලධාරින් වෙනිවෙන් පෙනි සිටින වෘත්තීය සමිති කිසිත් නොකරයි. නමුත් කිසිවෙක් මෙම ගැටළු වලට ඉදිරිපත් නොවන විට ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමය ඉදිරිපත්වීම ඉතා වැදගත්ය. දැන් සටනට මුල පිරීමේදි ඉල්ලිම් කිහිපයක් දිනා අවසන්ය. සමහර දේ නාමිකව තිබු හා ක්‍රියාත්මක නොවු ඒවාය. නමුත් එහි ජයග්‍රහණයක් ඇත. නමුත් අවශ්‍ය ජයග්‍රහණය එය නොවේය. යා යුතු තැන තවම එතැනය. අඩුම තරමින් දින 180 ක් ඇවෑමෙන් සේවය ස්ථිර කරවා ගත යුතුය. එමනිසා සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම ලැබීමට සිටින සියලුම දෙනා වහ වහා සක්‍රිය විය යුතුය. ඊට අවශ්‍ය සහය දැක්විය යුතුය. සෑම දෙනාම දැනුවත් විය යුතුවා සේම දැනුවත් කළ යුතුය.

No comments:
Post a Comment