ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වු වහාම උණුසුම්ව තිබු දෙශපාලන පිටිය තවත් උණුසුම් විය. එක් පැත්තකින් ගෝඨාභය පොදුජන පෙරමුණ අපෙක්ෂකත්වය ලැබිණි. ඉන් මහින්ද සහ ඔහු වටා ගොඩනැගි සිටි පිරිසගේ අභිලාෂ තෘප්තිමත් කරවීය. අනුර ගෝල්ෆේස් ගොස් විශාල රැලියක් පවත්වා ඔවුන්ගේ අභිලාෂය එළි දැක්වීය. එහෙත් ඒ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ හා සජිත් ගේ කණ්ඩායම් වල අභිලාෂයන්ගේ ගැටුම වර්ධනය වී තිබිණි. එහෙත් එය නිමාවකට පැමිණ තිබුණේ නැත. එසේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට තම අභිලාෂයන් තිබුණද එවා සාකච්චා කිරීමට හෝ එවා රටට ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක් නොවුණු බැවින් ඔවුන්ගේ මීලග දේශපාලන අභිලාෂය අවසන්වීය.
අනුර ගේම්කාරයෙක් කියන්නේ නිකමට නොවන බව තවුරු කරමින් ගෝල්ෆේස් රැලිය පැවැත්වුයේ එජාප පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් ඊට එකතුකර ගනිමින්ය. එය රනිල්ගේ වෑයම හා සජිත් ගේ ප්‍රමාදය නිසා වර්ධනය විය. රනිල් තම අභිලාෂය ඉටුකර ගැනීමට වලිකද්දී එජාප හිතවාදී නායකයින් අනුර සමග සිටගත්තේ අනුරගේ ප්‍රතිපත්ති හොද නිසා හෝ එවා වැලදගනිමින් නොවේ. ඒ වනවිට අනුරගේ දොර සැලුං දොරක් වී තිබුණු නිසා ඕනෑම කසඩයෙක්ට ඊට රිංගාගත හැකිවිය. ඒ අනුව ලාල් විජේනායක හා ජයම්පති වික්‍රමරත්න රනිල් ,සජිත් අත්හැර අනුරගේ වේදිකාවට ගොඩවිය. එසේම එවැනි එජාපයේ තවත් පිරිසක් අන්නුරගේ කරට අත්දා ගතේය්ය අනුර ජනපති කරවීම සදහාය. එහෙත් අද එම තත්ත්වය වෙනස්ව ගොස් ඇත සමහරුන් අනුර අත්හැර නැවත සජිත් ලගට දුවමින් සිටියි.
රනිල්ගේ සජිත්ගේ අභිලාෂ අතර ගැටුම නිමා කරන්නේ ඔවුන්ගේ එකගතා මතය. එහිදි සජිත් ජනාධිපති වී රනිල් අගමැති විම එම එකගතාව වන්නට ඇත. එමනිසා සජිත්ගේ හා රනිල්ගේ අභිලාෂ වල එකගතාවය නැවත එජාප පාක්ෂිකයන් සටනට කැදවන ක්‍රියාවලියේ ඇරඹුම විය. දැන් එම ක්‍රියාවලිය ඉදිරියට ඇදෙමින් ඇත. එහිදි රනිල් සජිත් දමාගොස් අනුරට එක්වු පිරිස් නැවත සජිත් වෙත පැමිණෙමින් තිබේ.ඒ අනුව අනුර එජාපය මිතුරු කරන් යාමට හැදු ඔහුගේ අභිලාෂ දුර්වල වෙමින් පවති. එහෙත් අනුර ලබන ඡන්ද ප්‍රමාණය ඊට පෙර ජවිපේ ලැබු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි උවත් අනුරට ජයගැනීමට නොහැක. එසේම අනුරට ලැබෙන ඡන්ද ප්‍රමාණය තුල සජිත්ට දෙවැනි මනාපය ගසන ප්‍රමාණය ඉතා ඉහළ ම්ට්ටමක් ගනු ඇත. යම් හෙයකින් දෙවැනි මනාපය ගැනීමක් සිදුවුවහොත් අනුරගේ අභිලාෂය සජිත්ගේ අභිලාෂයට එක්කෝ යට විය යුතුය. නැත්නම් අනුරගේ අභිලාෂය සාමපාත විය යුතුය . ඒ කිසිවක් නැතත් අනුරගේ අභිලාෂය මහ මැතිවරණයකින් වැඩි ආසාන ප්‍රමාණයක් ජයගැනිම විය යුතුය.
දැන් ජයම්පති සජිත් දෙසට ආපසු හැරී ඇත. ජයම්පති යනු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදක වරයාය. ඔහු අනුරගෙන් ඉවත්ව සජිත් කරායාම දේශපාලන කරලියේ සිදුකළ කුඩා ක්‍රිඩාවක් වැන්න. මෙම ක්‍රිඩාව ජනතාව නොදැන සිටියත් අනුර සජිත් හා ජයම්පති හොදින්ම දැන සිටි ක්‍රිඩාවකි. එහි අවසානය රනිල්,සජිත් මෙන්ම අනුරගේ අභිලාෂය විය හැකිය. එය එසේ වීමට බොහෝ ඉඩකඩ තිබියදින් අප ඔවුන්ගේ ක්‍රිඩාව දෙස බලා සිටිමු.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment