ඒ කෙසේවෙතත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලට ආණ්ඩුවට පිළිතුරු දීම මගහරිමට හේතුවක් ඇත. එහිදී ආණ්ඩුව ලබන වසරේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණාය ගෙවීම සදහා උපාධිධාරීන්ගේ පුහුණුවට වෙන්කළ මුදල යොදාගැනීමට සුදානම්ක් පවති. ධන කුවේරයන්ට බදු ගැසීමට හෝ ජනාධිපති හෝ මංත්‍රි වැටුප් වලට අත නොතබන ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට වෙන්කළ මුදල ද ලබා ගැනීමට වෑයම් කරයි.
මෙම නිසා වහාම අරගලය උත්සන්න නොකළහොත් උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සිහිනයක් වනවා ඇත. එම නිසා රටට දැනෙන පාලකයන්ට මග නොහැරිය හැකි ගැටළුවක් බවට මෙය පත්කළ යුතුය. ඒ සමගම උපාධිධාරීන්ට මෙම සටනින් පසු රැකියා ලැබෙන්නේ නැත. ලැබෙන්නේ පුහුණුවට අනුයුක්ත විමකි. මෙම පුහුණුව පුහුණුවක් නොවන බව ද අවධාරණය කළ යුතුය. එය පුහුණුවට යොමුකරන ආයතන ප්‍රධානියා ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට උපාධිධාරීන් ලබාදිමකි. එය පුහුණුවක් නොව නවක වදයකි. රැකියාව ස්ථිර නොවන නිසා ඊට සම්බන්ධ වන සියලු දෙනා කටපුක වසා ගෙන සිටියි.
මෙම තත්ත්වය නැවත බදවාගන්නා උපාධිධාරීන්ට හිමිවිය යුතු නැත. එම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සටන ක්‍රියාත්මක විය යුත්තේ ස්තීර පත්විම ලබා ගැනීම සදහාය.




No comments:
Post a Comment