මේ වනවිට රටේ ගෑස් හිගයක් නිර්මාණය වි තිබේ. ඒ ලකාවේ පරිබෝජනවාදයට අදාළ ගෙන්විය යුතු ප්‍රමාණය ප්‍රමාදවීම හේතුවෙනි. මේ වනවිට ලංකාවට පැමිණිය යුතු ගෑස් පිරවු නවුකාව ප්‍රමාද වී ඇතිබව අදාළ සමාගම් ප්‍රකාශ කරයි. ලාෆ් හා ලිට්රෝ ගෑස් මේ වනවිට වෙලදපොළේ මිලට ගැනීමට නොතිබෙන බව ජනතාව මැසිවිලි නගති. එඅය කොතරම් ද කියතොත් සමහර ප්‍රදේශවල ගෑස් ගැනීමට පොලිමේ සිටිමට සිදුව තිබේ. අද හැටන් නගරය වෙත ගිය ගෑස් පටවා ගත් ලොරියේ ගෑස් බැරල් 300ක් පමණ තිබි ඇත. එය ව්‍යාපාරික ස්ථාන වෙත ලබාදීමට ප්‍රථම ලොරිය තුලදීම අළෙවි කිරීමට සිදුව තිබේ.
මෙම ගෑස් හිගය ඉදිරි සති දෙක තුල ලංකීය සමාජයට දරුණු තත්වයක් උදා කරණු ඇත. එසේම මෙම තත්වය තුල ගෑස් මිල 170%කින් මිල ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ. මෙම තත්ත්වය දෙස බලන විට ලංකාව පාලනය කරනුයේ සමාගම් විසින් බව තහවුරු වේ. මීට ආණ්ඩුවට කිසිදු මැදිහත් විමක් කළ නොහැක. කළ හැකි එකම දේ සමාගම් කෙදිනක හෝ ගෑස් ගෙනවිත් දෙනතෙක් බලා සිටීමය.
සියල්ල පුද්ගලික අංශයට පැවරීමට සිතන ආණ්ඩුව පුද්ගලික අංශයට ලබා දී තිබෙන මෙම අත්‍යාවශ්‍ය සේවාව හරිහැටි ඉටු නොකරන ආකාරය දැක බලා ගත හැක. කොතරම් ධනය ඉපැවුවත් ආණ්ඩුව කොතරම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් හා නීති රෙගුලාසි අණ පනත් සම්මත කර දුන්නද පෞද්ගලික අංශය එය නිවැරදිව සිදු කරන්නේ නැත. පුද්ගලික අංස්ශයට සේවාව සපයනවාට වඩා තම ලාභය වැදගත්‍ය. එම නිසා රටක් පිඩාවට පත්වුවද ඔවුන් ඔවුන්ගේ කාර්‍ය කරනුයේ ලාභ සදහ පමණය. මීට පෙර ඛනිජ තෙල් සදහාද මෙම අර්බුදය මෙලෙම ජනතාවට දරාගැනීමට සිදුවිය. එමනිසා මෙම පීඩාව පාලකයන්ට දැනෙන්නේ නැත. එමනිසා ඉදිරි දින කිහිපය තුල ජනතාව තවත් මෙම ගැටළු විදදරා ගත යුතුය.
ම්
කෙසේවෙතත් නැවත වරක් මෙවැනිම පාලනයක් අත්කර දීමට සමහරු වෙහෙසෙති. එවැනි පාලනයක් ලබා ගැනීම ඉතා අසීරු එකක් යැයි සිතා බොහෝ අය වෙහෙසී වැඩ කරති. එමනිසා නැවත වරක් මෙම පාලනයම පැමිණෙනු ඇත. එම නිසා අපි හරි බරි ගැසී මෙවැනිම පාලනයකට සුදානම් වෙමු.


No comments:
Post a Comment