![]() |
| Add caption |
![]() |
| Add caption |
ජවිපේ රතු තරුව යනු අපාදා අවස්තාවකදි විපතට පත්වු මිනිසුන්ට උපකාර කිරීම සදහා ගොඩනැගු සංවිධානයකි. මේම සංවිධානය ලංකාවට සුනාමි පැමිණි වේලාවේදි හා අනෙකුත් විපත්වලදි සැලකිය යුතු කාරයභාරයක් ඉටුකළේය. එය අනුර ජවිපේ නායකයා වු පසුවද ක්‍රියාත්මක වුවේය.
එහෙත් මේ වනවිට මෙම රතු තරුව සජිත් වෙතගොස් හමාරය. රතු තරුව ඉතිහාසයේ කළ සියලු කාර්‍ය භාරයේ නාමය සජිත්ට දන්දි හමාරය. ජවිපේ එඩි වැඩුවේ මෙවැනි සංවිධාන රාශියකිනි. එහෙත් ඒවා එකින් එක ධනපති විය ගහට ගැටගසෙමින් පවති. ඇත්තෙන්ම වෙළද පොළ ප්‍රාග්ධනයේ නොවිකෙන යම් දෙයක් තිබුණේනම් ඒ ජවිපේ තිබු මෙවැනි සංවිධානයන්ය. දැන් ඒවා කුණුකොල්ලයට පාදඩ ධනපතින්ගේ උවමනාවට භාවිතා වෙමින් තිබේ.
දැන් සමහරු අපට විචිකිච්චාවට කිව හැකි කාරණා දෙකකි. පළමු දෙයනම් ජවිපේ සින්නක්කරව ධනවාදයේ ගිලෙනකොට රතු තරුව ගැනමොන කතාද? යනුවෙන් ඇසිය හැකිය. දෙවෙනි විචිකිච්චාවෙන් අසන ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ ජවිපෙට පුන පුනා කීම ජවිපෙට ගසන මඩක් නේද යන්නයි.
මෙම නිසා මේ වැකි ජවිපේ උදෙසා නොවන්නේය. එය සමාජවාදය උදෙසාය. ඊට ජවිපේ උදාහරණයක් කරගැනීම පමණක් අප සිදු කරනු ලබන්නේය. මොකද ජවිපේ නැවත වමට එන්නේ නැත. දැන් අප නව ගිඩනැන්වීමට අවශ්‍ය කරුණු පෙළ ගැස්විය යුතුය.
රතු තරුව නිවි ගිය විට නැවත එසේ නොවීමට අප මේ කරුණු අවධාරණය කළ යුතුය. වාමාංශික නැත්නම් සමාජවාදය ගොඩනැගීම උදේසා වු ව්‍යාපාරයක් කිනම් හෝ අවස්ථාවක ධනවාදි පක්ෂයක් සමග පංති සහයෝගිතාවයට යන්නේනම් ඉන් සමාජවාදය ගොඩනැගීම කෙසේවෙතත් එම පක්ෂය ධනවාදයට ගොදුරුවිම වැලැක්විය නොහැක. එමනිසා හෙටදින සමාජවාදි පක්ෂ නායකයෝ කරන කියන දේ ගැන එහි සාමාජිකයෝ අවදියෙන් සිටිය යුතුය. බොහෝ පක්ෂවල සාමාජිකයින් බලගන්වා නැත සමහරු එය නාමිකව සිදුකර ඇත. එහි ප්‍රජාතන්ත්‍රවාදය නැත ඇත්තේ අවස්තාවාදය හා කල්ලීවාදය පමණි. ඔවුන් ද අවසානයේ මේ ගමන යනු ඇත. එමනිසා උවමනාව සමාජවාදය නම් ජවිපෙට මඩ පුදා තම්න්ද එකී ගමන යන්නේනම් එහි කිසි අර්ථයක් නැත.
දැන් රතු තරුව සජිත්ගේය. සජිත් එය ජනාධිපතිවරණයට භාවිතාකර විසිකළ විට ජවිපේ නැවත රතු තරුව හදනු ඇත. ඉන්පසු ඊලග මැතිවරණයේදි ඔවුන්ද අළෙවි වනු ඇත. එම නිසා වාමාංශිකයෝ නිර්ධන පන්තියට ගොඩනගන පක්ෂය එවැනි කඩතොලු වලින් තොර පක්ෂයක් විය යුතුය. එසේ නොවන්නට ලංකාවේ විප්ලවය කිරීම සිහිනයක් පමණක් වනු ඇත.


No comments:
Post a Comment