Iඅන්තරේ හිටපු කැදවුම්කරු ජනාධිපති අපේක්ෂක සජිත් සමග එකතු වී ඇත. මෙම පිම්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිදු දිනක නොවුණු කෙදවාචකයෙකි. ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සතුරන්ගේ ඔඩොක්කුවේ රංගනයේ යෙදෙනවා කිසිවෙක් සිතුවේ නැත. එමනිසා සතුරාගේ තුරුලට ගිය ඔහු ද්‍රොහියෙකි, පවාදෙන්නෙකි. නමුත් මේ මොහොතේ පාවාදෙන්නා බෙහෝ සේ ජනප්‍රිය කරවීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ බොහෝ දෙනා වෙහෙසෙති. මෙය පාවාදෙන්නාට අතිරේකව සපයන ඉන්ධනයකි. සමහරවිට මේ සිදුවන්නේ විශ්වවිද්‍යාලවල ඡන්ද ඉළක්කකරගත් කැම්පේන් එකෙම කොටසක් විය හැකිය. එය බෙහෙවින් ජනප්‍රිය වී ඇතිබවනම් කිව යුතුය. එහෙත් මේ ලිපිය අරමුණු කරන්නේ පාවාදෙන්නාගේ ඡන්ද ව්‍යායාමයේ සාර්ථකත්වය පිළිබදව කතා කිරීමට නොවේය. එහෙත් ඊට වඩා සැහැසී ව්‍යායාමයක් ඉදිරීයේදි සිදුවීමට නියමිතය. එම නිසා ඒ පිළිබදව කිසිවෙක් අවධානය යොමු නොකරන නිසාවෙන් අප ඒ පිළිබදව ශිෂ්‍ය ව්‍යාපාරයට අණතුරු හැගවීය යුතුය.
පාවාදෙන්නා ශිෂ්‍ය ව්‍යාපාරයේ සියලුම දේ දන්නෙකි. පාවාදෙන්නා වැඩිමනක් ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වලතා පිළිබදව හොදින් දන්නේය. දුර්වල පුද්ගලයන් ගැන දන්නේය. මේ නිසා දැන් ඒ සියල්ල ආණ්ඩුව හා බුද්ධි අංශ දන්නේය. මෙම තත්ත්වය මත සිදුවිය හැකි සිදුවීම් බෝහෝය. දැන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන එන්නේ මේ සියල්ල සමගය. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව ආණ්ඩුවේ ප්‍රධාන මෙවලම වන මර්දනය පමණක් හෙටදින වෙනස් තත්වයකට ගෙන එනු ඇත. බොහෝ විට ශිෂ්‍ය නායකයන්ගේ පුද්ගලික ජීවිත වලට ආණ්ඩුව කරන මැදිහත්විම වර්ධනය විය හෑකිය. සමහර නායකයින් ගෙඩි පිටින් ආණ්ඩුව අවශ්‍ය පරිදි හැසිරවීමට අවශ්‍ය මැදිහත්විම සිදුවුවහොත් පුදුමයක් නොවනු ඇත. බිය වැද්දවීම් පමණක් මර්දනයේ උපාය නොවී ඉතාම ලග යහළුකම් වලින් ශිෂ්‍ය ව්‍යාපාරය මේච්චල් කරනු ඇත. පාවාදෙන්නාගේ රංගනයේ ස්වභාවය අනුව දැනටමත් ඔවු එහි කප්ගසා ඇති ආකාරය දැකගත හැකිය.
අධ්‍යාපනය විකිණීමට එරෙහි සටන්ද ඉදිරියේ නිර්මාණය වනවා නොවනු මානය. නමුත් එවා හැසිරෙන්නේ අන්තරේට උවමානා පරිදිනම් එය ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් එහි හැසීමට පවාදෙන්නා මැදිහත් නොවී සිටින්නේ නැත. ඔහු විශ්වවිද්‍යාල පරිපාලනය,ආචාර්ය මහාචාර්ය වරු ,පොලිසි,බුද්ධි අංශ කැටුව බලපෑම් කිරීම අරඹනු ඇත. දැන් ඉදිරියේ දි ඉබාගාතේ හැසිරෙන බුද්ධි ආංශය වෙනුවට නිවරදි ඉළක්කයට යන බුද්ධි අංශයක් නිර්මාණය වනු ඇත. එහි අදහස සෑම පුද්ලයෙක් ම ලුහු බදිනවා වෙනුවට අවශ්‍ය පුද්ගලයාවෙත පහසුවෙන් ලගාවෙනු ඇත. මෙම නිසා පාවාදෙන්නා අධ්‍යාපනය විකිණිමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට බොහෝ සේ පහසුකම් සපයා දෙනු ඇත. එසේම ශිෂ්‍ය ව්‍යාපාරය සිටින දුෂ්කර තත්වයේ සිට හදුනාගැනීමටවත් නොහැකි නව දුෂ්කරතා ලැහිස්තුවකට හිමිකම් කියනු ඇත.
දැන් පවාදෙන්නා ගේ මෙහෙයුම අවසානයැයි සිතා සහනයක් පතා බුකියේ රගන්නේනම් එය තාවකාලික සහනයක් පමණක් බව සිහිපත් කරන්නෙමු. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරක්ෂාවට නව ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව එම වටිනා කලය වැයකරන්නේනම් ඉදිරියේ දි මතුවන අවධානම පිළිබදව කලින් දැන ගැනීමට හැකිය. ඊට සුදානම් විය හැකිය. අවම වශයෙන් ශිෂ්‍ය ක්‍රියාකාරින් ඊට ගොදුවීම නවතා දැමීමට හැකිය. එසේම මහා පවාදීමේ කෙළවර කළයුතුය. ඊට තව පිරිස් එකතු කිරීම එය වර්ධනය කිරීම නවතා දැමිය යුතුය.
මෙම තත්ත්වය හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරය නව තත්ත්වයකට පැමිණ ඇත. ඉන් ජයගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරයට ඕනෑවට වඩා ශක්තිය ඇත. නමුත් පවාදෙන්නාගේ අවශ්‍යතාව කුමක්ද යන්න වැටහෙන්නේ නම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය නිරාපරාදේ වැය නොකොට පවාදෙන්නාගේ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කළ යුතුය.

No comments:
Post a Comment