රටේ ආරක්ෂාවට යැයි පවසා පසුගිය දා හමුදාවට පොලිස් බලතල ප්‍රධානය කරන ලදි. ඉන් අදහස්වන්නේ රට අනාරක්ෂිත බව නොවේද? එය එසේ වන්නේ පාස්කු ප්‍රහාරයේ භිතිය නිසාවෙනි. එසේම ආරක්ෂාව සම්බන්ධව වෙනත් අනතුරක් දැකගත හැකිද යන්න සුතා බැලිය යුතුය. නමුත් වාම දේශපාලන පක්ෂ හමුදාවට ප්‍රධානය කළ බල තල ගැන ප්‍රකාශ කළේ එය මර්දනය සදහා වු ක්‍රියාවලියකට අවතීර්ණ විමක් ලෙසය. වම එසේ ප්‍රකාශ කළත් මර්දනයක් ක්‍රියාත්මක වීමටනම් ඊට අවශ්‍ය වටපිටාවක් තිබිය යුතුය. බොහෝ දෙනා මේ නිසාම වමට දෙස් පරෝස් නගමින් සිටුයි. සමහරු කියන්නේ අලුත පත්වු ආණ්ඩුවට වැඩකරන්න ඉඩ නොදෙන වම හමුදාව යොදාගෙන හෝ මට්ටු කළ යුතු බවය. මේ සියල්ල මෙසේ තිබියදි අමාත්‍ය මහින්ද අමරවීර අගුණුකොල පැලැස්සේදි වෙනස් අදහසක් ඉදිරිපත් කොට තිබේ. එම අදහස සමගින් හමුදාව කැදවුවේ කුමක් නිසාද යන්න පිළිබදව යම් වැටහිමක් ලබා ගත හැකිය.
උ
අමාත්‍ය අමරවීරට අනුව ජනාධිපති ගෝඨාභයට ඡන්දය දී තිබෙන්නේ සිංහල බෞද්ධයන් බහුතයක්ය. එසේම ඔවුන් කිසිවිටක ආර්ථිකයක ප්‍රතිලාභ, රැකියා,පඩි වැඩිවීම් හෝ බඩු මිල අඩු කිරීමක් බලා පොරොන්දු වී තැත. සිංහල බෞද්ධයෝ ඡන්දය දී තිබෙන්නේ වෙනත් අපේක්ෂාවකටය. එම තත්වයකදි ලබන වසරේ ගේවිමට තිබෙන ණය පොලි වාරිකය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි. එමනිසා ලබන වසර යනු ලාංකිකයන්ට පටි තදකර ගත යුතු කාලයක් බව ඔහු අවධාරණය කරයි. රැකියා ලබාදිම වෙනුවට රැකියා අපේක්ෂා කරන උදවියට ගෙදරට වී ගොවිතැන් කරන ලෙසට ඔහු ආරාධනා කරයි. කෙසේ වෙතත් එසේ නොවුනොත් ලාංකිකයන්ට බඩගින්නේ මියැදීමට සිදුවනු ඇතිබව ඔහු අනුමාන කරයි.
අමරවිර මෙසේ කියන විටත් මේ පිළිබදව අවමට හොද වැටහිමක් තිබෙන බව අප දනිමු. වමේ අදහස වන්නේ මෙම ණය උගුල රටේ ජනතාව නිර්මාණය කළ එකක් නොවන බවත් එය ධනේෂ්වරය රැක ගැනීමට පාලකයන් ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් බවය. වම මෙම මතවාදයේ සිටින නිසාවෙන් අමරවීර කියන ලෙසට පටිතද කර ගැනීමට වම්මු සුදානම් නොවන බව අප දනිමු. එහි ප්‍රථිඵලය වමාංශිකයන් කම්කරුවන් ගොවියන් අවදිකරමින් සටන් වැදීමට පැමිණිමය. පාලකයන්ගේ හැසීම අනුව එය ඉතා දරුණු තත්වයක් බවනම් පැහැදිලිය. එමනිසා අණතුරට පෙර කල් ඇතිව හමුදා සුදානම්කර තිබිම පහුසු යැයි පාලකයන් සිතනවා විය හැකිය. එමනිසා ලබන වසර යනු වම සක්‍රිය වන හා සටන් ඇවිලෙන වසරක් බව ගෝඨාභය ජනාධිපතිවරයා ගේ හමුදා කැදවිමෙන් හා අමාත්‍ය අමරවීර ගේ පුරෝකතනයෙන් පැහැදිළි වේ. එම නිසා ඊට වම ද සුදානම් විය යුතුය.


No comments:
Post a Comment